Saturday, December 24, 2016

අමනපති, දෙයියෝ හා කැලෑ පත්තරය



කැලෑ පත්තර සංස්කෘතියේ කොටසක්ද? 

එදා ගමේ ගස්වල එල්ලූ කැලෑ පත්තර අද ”මොඩන්” වී ගෙදරට ම, කාර්යාලයට ම එති.

මෙය නිර්නාමික පෙත්සමක් හැටියට ද සලකනන්ට පු`ඵවන. එය ”අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා අමතන ලද්දකි.” නමුත් එය ඔහු අතට පත්වූ එකක් දැයි නොදනිමු.

අතිගරු හා තුමා පද, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති නමට ඒකතු කිරිම අවධානය වැඩි කරගන්නට විය හැක.

හමුදාවේ පවතින තත්ත්වය පිළිබඳව ලියැවුණු මෙම  කැලෑ පත්තරය හමුදාවට කිට්ටු සම්බන්ධයක් ඇති අය විසින් ලියැවුණු බවට අපට සිතෙන්නේ එහි වදන් සිවිල් අපිට නුහුරු නිසා. 

හමුදා අමනපති හා පන්නිපිටියේ දේවාලය, සෙකියුරිටි නිල ඇඳුම හා ප‍්‍රතාපවත් තනපට, ගණිකා නිල ඇඳුම් හෙවත් 6 බී, අං ඇමතිගෙ යහපාලන ප‍්‍රකාශය, විනිසොරු බි‍්‍රගේඩියර්, රේෂන් කප්පාදුව ආදී අනු මාතෘකා කිහිපයක් යටෙත් ටයිප්සෙට් පිටු 4 කින් සමන්විත මෙම නිර්නාමික පෙත්සම බොහෝ සංවිධාන අතට පත්ව ඇති බවට නිගමනය කිරීමට හැක්කේ, එය ලබන්නාගේ ලිපිනය ටයිප් සෙටින් කර, ලිපි කවරවල අලවා තිබීමෙන්ය.

මෙම කැලෑ පත්තරයේ තිබෙන කරුණු සත්‍ය නම් එ් පිළිබඳ යහපාලනයේ අවධානය යොමු විය යුතුයි.

71 කැරැුල්ලෙන් පසුව ක‍්‍රමානුකූලව වර්ධනය වූ හමුදාව, මේ වන විට සෑම අතින්ම ප‍්‍රබල හමුදාවක් බවටපත්ව, 30  අවුරුදු කොටි යුද්ධය මගින් ප‍්‍රකට කළේ යුද්ධයෙන් ඔබ්බට යන්නක් සළකුණු පහළ කරමින්ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් ගැන සැබෑ  ඕනෑකමක් ඇති සිවිල් සමාජයේ අවධානයෙන් මෙය බැහැර කළ නොහැකිය. 

No comments:

Post a Comment