Friday, December 16, 2016

මෝල්ගහෙන් ගහපු එකාව නලවමින්, ගුටිකාපු එවුන්ව පැය 8ක් පොලිසියේ තියාගෙන.


මාගේ මවට මෝල්ගසකින් ගසා බරපතල තුවාල සිදු කළ රාමයියා සෙල්වකුමාර්ව, මව රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටියදීම අධිකරණයට ඉදිරිපත් නොකර, මුදාහැරීම මගින් ද, ඔහුට දුරකතනයෙන් කථා කර පොලීසියට ගෙන්වා ගැනීමට දැරූ උත්සාහයෙන් ද, පෙනී යන්නේ, මේ අපරාධ සැකකරු හා බදුරලිය පොලීසිය අතර පවතින අයථා සම්බන්ධයයි.

බදුරලිය පොලිස් වසමේ පදිංචි තම 56 හැවරිදි තම මවට මෝල් ගසකින් ගසා බරපතල තුවාල සිදුකළ  රාමයියා සෙල්වකුමාර් නැමැති අයව අධිකරණය හමුවට ඉදිරිපත් නොකරම පොලිස් ඇප මත මුදාහැර, පවුලේ උදවිය පොලිසියට ගෙන්වා පිඩාවට පත්කිරිම සම්බන්ධයෙන්, දියණිය රේවති පොලිස්පති හා අපරාධ වින්දිතයන්ගේ සහ සාක්ෂිනරුවන්ගේ ආරක්ෂක කොට්ඨාශය වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
     
‘‘ 2016.12.16 දින දීය.  - කරුපන් පාප්පා, අවු: 56 යි, මාගේ මව වේ. ඇය පදිංචිව සිටින්නේ බදුරලිය, ඩෙල්කි වත්තේ, ප‍්‍රින්ස් ලෑන්ඞ් ඩිවිෂන් හි ය. 2016.12.11 වන ඉරිදා රාත‍්‍රී 7.00 ට පමණ, එම වත්තේ පදිංචි රාමයියා සෙල්වකුමාර් යන අය විසින් මාගේ මවට මෝල් ගසකින් ගසා බරපතල තුවාල සිදුකර තිබේ. ඇය එදිනම බදුරලිය රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර 2016.12.14 දින ටිකට් කපන ලදි. අමාරුවීම නිසා පසුදින නැවත රෝහල්ගත කරන ලදි. මේ දක්වාම එම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනී.

අපරාධ සැකකරු රාමයියා සෙල්වකුමාර්ව, බදුරලිය පොලීසිය 2016.12.12 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර, පසුදින 2016.12.13 දින මුදාහරිණු ලැබීය. 2016.12.15 දින උදේ 9.00 ට බදුරලිය පොලීසියට එන ලෙසට අපට දන්වන ලදි. එ් අනුව බදුරලිය පොලීසියට ගිය අපව සවස 3.00 වන තෙක්ම, රඳවාගෙන සිටින ලදි.

එසේ රඳවාගෙන සිටියේ අපරාධ සැකකරු පොලීසියට එන තෙක්ය. පො.ප. විජේසිංහ කිහිප වරක්ම, අපරාධ සැකකරු රාමයියා සෙල්වකුමාර්ට දුරකතනයෙන් කථා කර පොලීසියට එන ලෙස දැණුම් දෙන ලදි. නමුත් ඔහු පැමිණියේ නැත. පොලීසිය තුළ පැය 06 ක් අපව රඳවාගෙන සිටි, පො.ප. විජේසිංහ, අපට ෙදාස් කියා, ඔහුට ගෙදර වැඩ තියෙනවා කියා යන්න ගියා.

මෙම අපරාධ සැකකරුට, එරෙහිව මීට පෙර, බීමත්ව අසල්වැසියන්ට තර්ජනය කරමින්, පොලීසියට බය නැති බව ප‍්‍රකාශ කරමින් සිදුකරන ලද ක‍්‍රියාවන් ගැන පැමිණිලි කර ඇතත් බදුරලිය පොලීසිය කිසිම පියවරක් ගෙන නැති බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමි.’’

No comments:

Post a Comment