Friday, December 30, 2016

පුරුෂ ආධිපත්‍යයට විරුද්ධ වූවාට අවුරුද්දක සිර දඬුවමක්


සවුදි අරාබියේ පවත්වාගෙන යන පුරුෂ ආධිපත්‍යය අවසන් කරන්න යැයි එරට රජයෙන් ඉල්ලා සිටි පුද්ගලයෙකුට වසරක සිර දඬුවමක් හා ඩොලර් 8000 ක දඩයක් ගසා ඇත.

මෙම පුද්ගලයා සවුදි අරාබියේ පිරිමින්ට, ස්තී‍්‍රන් පාලනය කිරීම සඳහා පනවා ඇති ආගමික නීති වෙනස් කරන ලෙසට ඉල්ලමින් දමාන් නුවර මුස්ලිම් දේවස්ථාන කිහිපයකම, පෝස්ටර් අලවා තිබිණ.

තමා එම පෝස්ටර් ඇලවූයේ තම ඥතී කාන්තාවන් කිහිප දෙනෙකුම පිරිමින් අතින් පීඩාවට පත්ව ඇති නිසා බව අධකරණය හමුවේ පවසා තිබේ.

සවුදි අරාබියේ මුස්ලිම් ආගමික නීති යටතේ, ගැහැනියකට ඉගෙන ගැනීමට, විදේශ ගතවීමට, නිවසක් බදු ගැනිමට, ප‍්‍රතිකාර ගැනීමට, විවාහ වීමට හා රැකියාවක් කිරීමට පවුලේ පිරිමියෙකුගේ අවසරය ගත යුතුය.

සිරගතව සිටින ස්ත‍්‍රියක් දඬුවම් කාලය අවසන් වුවද පවුලේ පිරිමියෙකු බාර නොගන්නේ නම් ඇයට නිදහස ලැබෙන්නේ නැත.

එරට ස්ත‍්‍රීන්ට වාහන පැදවිය නොහැක. තමා කැමති ඇඳුමක් ඇඳීමට ද නිදහසක් නැත.

මෙම තත්ත්වයට එරෙහිව අන්තර්ජාලය හරහා ආරම්භ කර ඇති අත්සන් ව්‍යාපාරයට සවුදි ජාතිකයින් දහස් ගණනක් එක්ව ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment