Thursday, August 6, 2020

රු: 7500/- න් කුඩු ග‍්‍රෑම් 3 ක් ගන්න පුළුවන්ද? බිරිඳ ප‍්‍රශ්න කරයි.


 


තම සැමියා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක්. ඔහු කරන්නේ ජංගම ලී බඩු වෙළඳාම.

පානදුර සම්පත් බැංකුවෙන්, කළුතර රිමාන්ඞ් එකේ ඉන්න, මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවෙකුට රු: 7500/- ක් යවන විට පානදුර විශේෂ ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අවස්ථාවේ අමානුෂික ලෙස පහරදී හෙරොයින් ග‍්‍රෑම් 3 ක්, ළඟ තබාගත් බවට බොරු චෝදනා නගා රිමාන්ඞ් කරවා ඇත.

අත්අඩංගුවට පත්වන විට, මොනවාවත් නොතිබූ සැමියාට, බොරු චෝදනා නැගීම අපරාධයක් බව පවසන ඇය, ඒ සම්බන්ධයෙන් පොලිස්පති ඇතුළු වගකිව යුත්තන්ට, සියලූ විස්තර සහිත ලියා පදිංචි තැපෑලෙන් පැමිණිලි කර ඇත. එය පහත දක්වමු.


අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධ දී, හෙරොයින් ග‍්‍රෑම් 3 ක්,
ළඟ තබාගත් බවට ව්‍යාජ චෝදනා නැගීම.

**** අවු 35 යි, ජා.හැ.අ. **** විවාහක, දරුවන් 03 යි. ලිපිනය: **** පානදුර.**** 2020.07.31 වන දින දීය.
**** පෙරේරා, අවු: 37 යි, ජා.හැ.අ. **** රැකියාව: ලී බඩු වෙළඳාම, මාගේ සැමියා වේ.

2020.07.24 වන දින, රාත‍්‍රී 8.00 - 9.00 අතර, පානදුර, සම්පත් බැංකුව අසලදී, මාගේ සැමියාට, සිවිල් ඇඳුමින් සිටි හතර දෙනෙක් අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇත.

එසේ පහරදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, විශේෂ එ්කකයේ, නිශාන්ත කුමාර යන අයගේ කණ්ඩායමේ නිලධාරීන්ය.

ඉන්පසු පොලිස් අධිකාරී කාර්යාලයට යාබද පැරණි ගොඩනැගිල්ලේ රඳවා තබා ගෙන සිට,  පසු දින 2020.07.25 දින, සවස පානදුර උතුර පොලීසියට ඉදරිපත් කරන ලදි.

එදින (2020.07.25) උදේ 7.30 ට පමණ, මා, සැමියා බලන්න ගියද, එහි සිටි පොලිස් නිලධාරින් මට අසභ්‍ය වචනයෙන් බැන පන්නා දමන ලදි. සැමියාව බලන්න ඉඩ දුන්නේ නැත.

ඉන්පසු මා නීතිඥ පේ‍්‍රමරත්න ජයසිංහ හමුවී, ඔහුට ගාස්තු වශයෙන් රු: 10,000/- ක් ලබාදී, ඔහුව පොලිස් අධිකාරී කාර්යාලය වෙත යවන ලදි.

ඊට පසුව, මට සැමියාව, බැලීමට ඉඩ ලබාදෙනු ලැබීය.

සැමියාගේ, කකුල් දෙක දම්වැල් වලින් බැඳ තිබූ අතර, එක් අතකට මාංචු දමා, මාංචුවේ අනෙක් කෙළවර, ඇඳකට තබා, සවිකර තිබින. බිම දිගා කර දමා තිබුනේ, මඩවූ පොළව මතය.

සවස 6.00 ට පමණ. පානදුර උතුර පොලීසියට බාර දෙන ලදි. එ් අවස්ථාවේ ඔහුට කථා කරගන්නවත් හැකියාවක් තිබුනේ නැත.

පසු දින උදේ (2020.07.26) මා බැලීමට ගිය විට, අතින් පයින්, පොලූවලින්, හෝස් බටවලින් පහර දුන්න බවද, රාත‍්‍රියේ පහර දුන්නේ, අත් පිටුපසට කර මාංචු දමා බවද කියා සිටින ලදි.

එදින දහවල් 1.00 ට පමණ, පානදුර උතුර පොලීසියෙන්, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, 2020.07.31 දක්වා, රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබීය.

මාගේ සැමියා, හෙරොයින් භාවිතා කරනු ලබයි. 2020.07.24 වන දින, ඊසි කෑෂ් ක‍්‍රමයට, හෙරොයින් ලබා ගැනීමට රු: 7500/- ක් පානදුර සම්පත් බැංකුවේ ්ඔඵ යන්ත‍්‍රය මගින්, ක`ඵතර බන්ධනාගාරයේ සිටින රැුඳවියකුට බැංකු ගත කර, එලියට එන අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. 

ඔහු ළඟ හෙරොයින් ග‍්‍රෑම් 03ක් තිබුනා නම් ඊසි කෑෂ් ක‍්‍රමයට, හෙරොයින් ලබා ගැනීමට රු: 7500/- ක් ජාවාම් කරුවාට යැවීමට  ඕනෑකමක් නැත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ, සැමියා අත කිසිදු දෙයක් තිබී නැත. නමුත් ඔහු සන්තකයේ, හෙරොයින් ග‍්‍රෑම් 03 ක් තිබූ බවට, ගරු අධිකරණයට වාර්තා කර ඇත. මෙය අපරාධයකි. මේ මගින් පොලිසිය සිදුකරන්නේ ජාවාරම් කරුවා බේරිමට, ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගෙන නිහඬ කිරීමය. 

නඩු අංකය: **** වේ.

මා ඉල්ලා සිටින්නේ, 

01. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැමියාට, නොපමාව වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන ලෙසටත්,

02. ඔහුව, අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදරිපත් කරවන ලෙසටත්,

03. වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා නැගූ, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, විශේෂ ඒකකයේ නිශාන්ත        කුමාර ඇතුළු නිලධාරීන්ට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසටත්,

04. කඩිනමින්, සැමියා ළඟ තිබූ බව කියන හෙරොයින්, රස පරීක්ෂක වෙත යවා, වාර්තා ගෙන්වා ගැනීමට        
      පියවර  ගන්නා ලෙසටත්ය.

05. මාගේ සැමියා මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවු රෝගියෙකි. ඔහු දැනට එයින් මිදිමට ප‍්‍රතිකාර ලබා ගනී. මේ        
      පිළිබඳව රජයේ අවධානය යොමු කර, පොලිසිය ජාවාරම් කරුවන් වෙනුවට මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවු     
     රෝගින්ව අත්අඩංගුවට ගෙන, වධ දී, අධිකරණය යොදාගෙන, රක්ෂිත බන්ධාගාර ගතකොට, සිදුකරන 
     අපරාධ නිසා:-

(අ)  දරුපවුල් දැඩිව පීඩාවට පත්වන බවද,
(ආ)  ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍යය ජාවාරම අවම කිරිමක් සිදුනොවන බවද,
(ඇ) මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවු රෝගීන්ව රක්ෂිත බන්ධනාගාර වලට ගාල් කිරිමෙන් 
                සිදුවන රජයේ මුදල් නාස්ති වන බවද,
        (ඈ) මෙම ජාවාරම ශක්තිමත් වන බවද, ප‍්‍රකාශ කරමි.

07. පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, විශේෂ ඒකකයේ, නිශාන්ත කුමාර යන අයගේ කණ්ඩායමේ  
      නිලධාරීන් විසින් මාගේ සැමියාගේ මුලික අයිතිවාසිකම් කඩ කිරිම පිළිබඳව විමර්ශන කරන ලෙසට මානව  
      හිමිකම් කොමිෂමෙන් විශේයෙන් ඉල්ලා සිටිමි.

මෙයට,
****


No comments:

Post a Comment