Thursday, October 31, 2019

පරිසර හිතකාමි සංචාරක ව්‍යාපාරිකයාව උසාවිය යොදාගෙන රිමාන්ඞ් කරයි.

පරිසරය විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සිදුකරන ගැහැනියකගේ හා සීනිගම දේවාලයේ අරක් ගත්තෙකු ගේ අවශ්‍යතාවයට මෙසේ රිමාන්ඞ් බාරයට පත්කර ඇත්තේ දොඩංදුවේ 58 හැවිරිදි විමලසිරි නැමැත්තෙකුවය.

හික්කඩුව පොලීසිය සිදුකරන ලද මෙම අපරාධය පිළිබඳව ඔහු බලධාරීන්ට ලිඛිතව කර ඇති පැමිණිල්ලෙන් පැහැදිලි වේ.

සහමුලින්ම නීතිය කඩා වැටුනු රටක බලය බෙදන්න කථා කරන්නෙ සොරකම් මැරකම් ජඩකම් බෙදාගෙන හදාගෙන ක‍්‍රියාත්මක කරන්න.

ඔහු මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

01. සභාපතිනිය,  මානව හිමිකම් කොමිෂන් සභාව, හා  2. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.

පළිගැනීමේ චේතනාවෙන් හා අල්ලසට යට වී, නීති විරෝධී ක‍්‍රියාවන්හී නිරත පුද්ගලයින් ආරක්ෂා කිරීමට, අභූත චෝදනා නගා බන්ධනාගාර ගත කර, අධීකරණය උපයෝගී කරගෙන, නිදහස අහිමිකර, මූලික අයිතිවාසිකම් කඩ කිරීම

විමලසිරි යසරත්න, අවු: 58 යි, විවාහක,  සංචාරක ව්‍යාපාරික.
ලිපිනය :  ෙදාඩංදුව.

2019.10.28 දිනදීය.

2019.10.02 වන දින, හික්කඩුව පොලිසියෙන් පණීවුඩයක් දුන්නා, මට හා පුතාට පසුදින එනම් 2019.10.03 දින, උදේ 10.00 ට පොලිසියට පැමිණෙන ලෙසට.

පණිවුඩය ලබාදුන් නිලධාරියා කිව්වේ, අප නිවස අසල රත්ගම කලපුවට යාබදව අනවසර ඉදිකිරීමක් කරගෙන යනු ලබන එච්.එල්.නිශාන්ති පුෂ්පරාණි යන අයගේ පැමිණිල්ලකට බව.

ඔහු තවදුරටත් කියා සිටියේ, මාගෙන් එම කාන්තාවගේ පැමිණිල්ලට කටඋත්තරයක් ගන්න තියෙන නිසා එන ලෙසට.

එම පණිවුඩයට මා හික්කඩුව පොලිසියට ගියා. මා සමග මාගේ බිරිඳ හා අක්කා ද එකතු වුනා.

මා පොලිසියට යන විට, එච්.එල්. නිශාන්ති පුෂ්පරාණි, ඇගේ සැමියා ප්‍රේමලාල් හා සීනිගම තුමුලේ යන අයද සිටියා.

පොලිසියේදී, මාගෙන් විස්තර අසා ලියා ගත්තා. නිශාන්ති පුෂ්පරාණි හා සීනිගම තුමුලේ මට විරුද්ධව අභූත චෝදනා ඉදිරිපත් කලා.

මාගෙන් ප‍්‍රකාශය ගත් පසුව මාව කූඩුවට දැම්මා. මා කූඩුවේ සිටින විට ලක්මිණි නැමැති පොලිස් නිලධාරිණිය කූඩුව ළඟට ඇවිත්, ”උඹ එළියේ හිටියා ඇති නේද, ඔහොම හිටපන් කියා මට තර්ජණය කර යන්න ගියා.
‍ෙ

 සීනිගම ප‍්‍රදේශයේ පුද්ගලයා කූඩුව ලඟට ඇවිත් උඹ ගැන බලා ගන්නම් කියා යන්න ගියා.

එදිනම සවස 3.00 ට පමණ, පොලිස් ඇපයක් මත මුදා හැරියා.

2019.10.07 දින මට උසාවියේ  පෙනී සිටින ලෙසට නියම කලා.

2019.10.06 වන දින මා, පටුවත සීලක්කන්ද විහාරස්ථානයේ විහාරාධිපති සමග, හික්කඩුව පොලිසියට ගොස් ස්ථානාධිපති හමුවුනා. උන්වහන්සේ අපගේ පවුල පිිළිබඳව විස්තර ප‍්‍රකාශය, පැමිණිලි පොතේ සටහන්කර, අත්සන් තැබුවා.

පසුදින, 2019.10.07 දින, මා උසාවියේ පෙනී සිටියා. නඩු අංකය 19361 වේ.

මට විරුද්ව නගා තිබූ චෝදනාව වූයේ - ලිංගික අවයව පෙන්නා අතවර කිරීම ය.

හික්කඩුව පොලිසිය මාහට ඇප ලබා දීමට විරුද්ධ වුනා. ඒ අනුව මාව 2019.10.14 දින දක්වා, රිමාන්ඞ් බාරයට පත් කලා.

2019.10.14 වන දින, මා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරියා.

මීළඟ නඩු දිනය 2019.12.02 දින වේ.

මේ ආකාරයට මා අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා ඉදිරිපත් කර, අධිකරණය උපයෝගී කරගෙන පීඩාවට පත් කරනු ලබන්නේ,

1. දැනට අප පදිංචි ඉඩමට, ඉදිරිපිට, රත්ගම කලපුවට මායිම්ව, මෑතකදී මිළයට ගත්, ඉඩමේ අයිතිකාරිය එල්.එල්.නිශාන්ති පුෂ්පරාණි විසින් සිදු කරන පරිසර හානිය හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කරන්නේ මා යන, නිගමනයේ පිහිටා පොලිසිය හා එක්වය.

2. 2018.10.16 දින හෝ ආසන්න දිනයක, විමර්ශනය කරන ලද පැමිණිල්ලක් සඳහා - අයුතු හා නීති විරෝධී ලෙස පැමිණිලිකාර පාර්ශවය සමග හික්කඩුව පොලිසියේ ලක්මිණි නැමැති කාන්තා පොලිස් නිලධාරිණිය පැමිණ, අපට හිරිහැර කිරීම පිළිබඳව කරන ලද පැමිණිල්ල හා එම අවස්ථාව වීඩියෝ කිරීමය.

මා ඉල්ලා සිටින්නේ,

හික්කඩුව පොලිසිය පළිගැනීමේ චේතනාවෙන් හා අල්ලසට යට වී, නීති විරෝධී ක‍්‍රියාවන්හී නිරත පුද්ගලයින් ආරක්ෂා කිරීමට, මට විරුද්ධව අභූත චෝදනා නගා බන්ධනාගාර ගත කර, අධීකරණය උපයෝගී කරගෙන මාගේ නිදහස අහිමිකර, මාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව - විධීමත් පරීක්ෂණ පවත්වන ලෙසට හා මට විරුද්ධව ඇති බොරු චෝදනා නගා පවරා ඇති නඩුව ඉවත් කරන ලෙසටය.

මෙයට,

 විමලසිරි 






No comments:

Post a Comment