Friday, August 24, 2018

පුරුෂ ලිඟුව හා වෘෂණ කෝෂ දෙක ලාච්චුවට දමා වසා, මඩු වලිගයෙන් ගැහුව්වා. නීතිඥයා වචනයක් කතා කළේ නෑ, අවු: 10 කට හිරේ දැම්මා.


මේ මඩකලපුවේ පස්දරු පියෙකුගේ කථාව. ඔහු රියදුරෙක්. කළේ වැලි අදින එක. සල්ලි ඉතුරු කරලා, සීට්ටු දමා ලොරියක් ගත්තා. දියුණු වෙන්න. 

බ්‍රොක්ර් ගාස්තුව රු: 20,000/= න් ගෙවන්න පුලූවන් වුනේ රු: 10,000/= යි. ඉතිරි මුදල ගෙවීම ප‍්‍රමාද වුන නිසා, බ්‍රොකර් ”බෝතල් රාජා”අමනාප වුනා.

බ්‍රොකර් ”බෝතල් රාජා”, තවත් කිහිප දෙනෙක් එක්ක නුවර ආවාම, ඔහුව පොලිසියෙන් කොටුකර ගන්නවා. 

එ් 1992 දී. ගහනකොට ”බෝතල් රාජා”,  LTTE සම්බන්ධ අය කියලා නම් 10 ක් 11 ක් පොලිසියට දෙනවා. එ් අතර, මොහුගේ නමත් දීලා තිබුනා. 

අත්අඩංගුවට ගත්තේ නුවර, සී.අයි.ඞී. එකෙන් කියලා තමයි කියලා තියෙන්නේ. මඩකලපුවේදී අත්අඩංගුවට ගත් මොහුව ඇස් බැඳ ගෙන එන්නේ නුවරට. කොච්චි පාරේ අයිනේ තැනක්.

එහිදී, නිරුවත් කර, අත්පිටුපසට තබා, මාංචු දානවා. පුරුෂ ලිඟුව හා වෘෂභ කෝෂ ලාච්චුවකට දාලා වහලා මඩු වලිගයකින් ගහනවා. ඇත්ත කියපන් කියලා තමයි ගහලා තියෙන්නේ. 

දවස් දෙකක් වධදීලා, නුවර දොස්තර කෙනෙක් ළඟට දාලා, තෙල්දෙණියේ පොලිසියට බාර දෙනවා. 

මාස තුනක් ඔහු තෙල්දෙණිය පොලිසියේ තියාගෙන ඉන්නවා. ඔහුව එහෙම තියාගෙන හිටියේ ත‍්‍රස්තවාදී පනත යටතේ කියලාවත් දැනගෙන හිටියේ නැහැ.

උදේට නුවර CID එකට ගේන්න ඔහුව, හවසට තෙල්දෙණිය පොලිසියට ගෙනහින් දානවා.

දවසක්, හිස් කොල පහකට ද අත්සන් අරන්, උසාවියට ගෙනහිල්ලා, බෝගම්බර රිමාන්ඞ් එකට ගෙනගොස් බාර දෙනවා. එ් 1997.12.02 වන දින.

1998 මැයි 24, ඔහු ඇතුලූ ද්‍රවිඩ ජාතික සිරකරුවන්ව, ක`ඵතර බන්ධණාගාරයට මාරු කරනවා. 

1998 ජූනි මස 30 දින, කලූතර බන්ධනාගාරයේ LTTE සැකකරුවන් බැහැ දකින්නට යන, ඩග්ලස් දේවානන්දට, එම සැකකරුවන් විසින් මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරනවා. 

එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා LTTE සැකකරුවන් 16 අතරට, මොහුව ද ඇතුලත් කරනවා.

නුවර CID එකෙන් මොහුට එක් නඩුවක් පවරා තිබුන අතර, ඩග්ලස් දේවානන්ද මරා දැමීමට තැත් කිරීම් චෝදනා යටතේ දැන් තවත් නඩුවක් ඔහුට වැටෙනවා.

නුවර නඩුවෙන් 2002 සැප්තැම්බර් 01 වන දින, මොහුව මුදා හරිනවා. 

වසර 10 ක් පුරා, කොළඹ මහාධිකරණයේ ඇදෙමින් තිබුන, ඩග්ලස් දේවානන්ද ඝාතන තැත නඩුවේ තීන්දුව, 2017 ඔක්: 30 වන දින ප‍්‍රකාශයට පත් කරනවා. 

එම තීන්දුවෙන්, සැකකරුවන් 10 කු නිෙදාස් කොට නිදහස් කරන අතර, ඉතිරි 6 දෙනා වසර 10 1/2 බැගින් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරනු ලබනවා.

මොහු මොනම අයුරකින්වත් LTTE යට සම්බන්ධ නැති බව තරයේ කියා සිටිනවා. එ් නිසා දෝ මොහු වෙනුවෙන් නීතිඥයකු පෙනී සිටියේ නැත. 

ඔහු ප‍්‍රකාශ කරන පරිදි, රජයෙන් පත් කළ නීතිඥයා, වචනයක්වත් ඔහු වෙනුවෙන් කතාකර නැත.

ඔහු වසර 10 1/2 සිරදඬුවම් නියම වූ 06 දෙනා අතරින් එක් අයෙකි මොහු. අද බොහෝ කතා බහට ලක්ව සිටින එමිල් කාන්තන් නිදහස් වු අය අතර කෙනෙක්. 

මේ වන විට දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටින රෝගියෙකි. මොහුගේ පුරුෂ ලිගුව ස්ථිර ආබාධිත තත්වයට පත්ව ඇත. 

පොලිසිය, බන්ධනාගාරය, නිර්දේෂී පුද්ගලයින්ට වධ දීම, බොරු නඩු දැමීම, උරුම කරගත් දෙයකි. මෙය, ආයතනගත වූවකි. පවතින ක‍්‍රමයේ කොටසකි.

දැනට 60 වන වියේ පසුවන මොහු ගැන කතා කරන්නට - ‘‘ඊනියා’’ සිවිල් සමාජය ඉදිරිපත් නොවන්නේ, මොහු LTTE යට කිසිසේත් සම්බන්ධ නැති ‘‘දෙමළෙක්’’ නිසා විය යුතුය.

මොහුගේ දරු පවුල, ගේ ගේ දොර උගස්කර, මහාධිකරණ තීන්දුව වෙනස් කරගන්නට අභියාචනයක් ඉදිරිපත් කර ඇත. නීතිඥ ගාස්තුව පමණක් ලක්ෂ තුනකි.

පෙර සඳහන් කල පරිදි, ප‍්‍රමාද නොකර, මෙම පුද්ගලයා පිළිබඳ, ගැඹුරු විමර්ශණයක් කර, ජනාධිපති සමාව හෝ ලබා දීමට බල කිරීම හා මෙය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානයට කැඳවීම -මානව හිමිකම් කොමිෂමේ වගකීමකි.

No comments:

Post a Comment