Saturday, August 11, 2018

පිරිමි ළමයෙකු, ලිංගික අපයෝජනයට ලක් කළ අයෙකු වෙනුවට අසරණයෙකු උසාවියට දමයි.


අපරාධකරුවකු අල්ලා ගන්න බැරි වූ විට හෝ අපරාධකරු පොලිස් සගයෙකු වූ විට, එ් වෙනුවට අසරණයෙකු අල්ලා උසාවියට ඉදිරිපත් කිරීම ශ‍්‍රී ලංකා පොලීසියට ආයතනගත වූවකි.

වධහිංසා පැමිණවීම හා අතින් අත ගත් බොරු නඩු නඩු දැමීම මගින් තෘප්තිමත් වන පාර්ශව බොහෝ ය. ඒ නිසාම ඒ ගැන මුනිවත රකිති.

කුමාර, පෝට් සිටියට, ක`ඵ ගල් ප‍්‍රවාහනය කරන සමාගමක ටිපර් රියදුරෙකි.

ඔහු ක`ඵ ගල් අදින්නේ තෙබුවන පිහිටි ගල්වලකිනි. මෙම සමාගමේ සියලූම ටිපර්, ඨීඡු  තාක්ෂණයට අනුව ජාලගත කර ඇත. වාහනය පණ ගැන්වූ වේලාවේ සිට නවත්වන තෙක් සියලූ තොරතුරු පරිඝණක ගත වේ.

ජූලි මස 04 වන දින, තම රාජකාරිය ආරම්භ කරන්න සූදානම් වනවාත් සමග තෙබුවන පොලීසියේ පො.ප. මල්ලවආරච්චි, ඔහුව අත්අඩංගුවට ගන්නේ මසකට පමණ පෙර ටිපර් රථය තුළ පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කරන ලද බවට චෝදනා කරමින්ය.

ළමයාගේ පැමිණිල්ලට හා පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව ට, අනුව සිද්ධිය වූ ස්ථානාය හා වෙලාවේ, කුමාරගේ ටිපර් රථය ගමන් විස්තර වලට සම්පුර්ණයෙන්ම පටහැනිය.

එ් බව, ටිපර් රථය අයත් සමාගම, සිය පරිඝණක දත්ත උපයෝගී කරගෙන අධිකරණයට දැණුම් දෙනු ලැබීය. කුමාරගේ නීතිඥවරයාද එම කරුණ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

නමුත් පොලිසිය ඉල්ලා ඇත්තේ පෙරෙට්ටුවක් පැවැත්වීමට කුමාරව රිමාන්ඞ් කරන ලෙසටය.

පොලිසියේ ස්ථානාධිපති කාමරයේදී, පැමිණිල්ල කළ පිරිමි ළමයාට, කුමාර දැක බලා ගන්නට ස්ථානාධිපති පියවර ගෙන තිබිණ. 

මෙය ද පොලීසිය නිරන්තරයෙන් සිදු කරන්නකි.

සිද්ධිය වූ ස්ථානයට ආසන්න, අදාල වෙලාවේ අවට ක්‍ක්‍ඔඪ කැමරා පරීක්ෂා කර ඇති පොලීසිය, එ්වායේ අයිතිකරුවන්ට, එම දර්ශන කිසිවෙකුට නොපෙන්වන ලෙසට තර්ජනය කර ඇත.

කුමාර මෙම සිද්ධියට සම්බන්ධ නැති බවට සියලූ සාධක තිබියදීත් උසාවියට සත්‍ය වසන් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දින 12 ක්, කුමාර ව රිමාන්ඞ් බාරයේ තබා, ඔහුටත්, ඔහුගේ බිරිඳටත් දරුවන් දෙදෙනාටත් වධ දී ඇත.

දින 12 කට පසුව, කුමාරව ඇප මත මුදා හැර ඇත්තේ රුපියල් 10,000/- මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මතය. එයට අමතරව, සැම මසකම අන්තිම ඉරිදා තෙබුවන පොලිසියට ගොස් අත්සන් කිරීමට නියම කර ඇත.

එ් අනුව පසුගිය 29 ඉදිරිදා, ඔහු පොලසීයට ගිය විට, වෙලාව ඉවරයි කියා අත්සන් කිරීමට ඉඩ දී නැත. උසාවිය තමාට වෙලාවක් නියම කර නැති බව ප‍්‍රකාශ කළ විට පොලීසිය ඔහුට කියා ඇත්තේ නඩුකාරයාගෙන් වෙලාව දැනගන්නා ලෙසට ය.

බොරු නඩු දැමීමෙන් පසුව, චෝදනා අභියෝග කරන සැකකරුවන් පෙළීමට පොලීසිය යොදාගන්නේ, උසාවියේ නියෝගය අනුව අත්සන් කිරීමට පොලීසියට ගිය විටය.

මෙයද ඉතා සුලබය. නමුත් ප‍්‍රතිකර්ම නැත.

කුමාරගේ නිදහස අහිමි කිරීම, වධහිංසා පැමිණවීම මගින් බිරිඳ හා දරුවන් විඳින ලද පීඩාව විස්තර කළ නොහැක. 

”දවස් 12 ක මම හැමදාම බාල දරුවාත් එල්ලාගෙන, ෙදාඩංගොඩ සිට ක`ඵතර බන්ධනාගාරයට ගියා” යන ප‍්‍රකාශය එයට හොඳම නිදසුනය.

කාන්තා අයිතීන් ගැන කතා කරන නෝනාවරුනි, මෙය ගැහැණුන්ගේ දක හා වේදනාවයි. හඬයි.  

කුමාර පොලිසිය සිදුකරන ලද අපරාධය ගැන අදාල බලධාරින්ට පැමිණලි කර ඇත. නඩුවක් තියෙන නිසා කරන්නට දෙවක් නැති බව එම බලධාරින් කියනු ඇත. පොලිස් අපරාධ වගට රුකුලක් වන මෙම තත්වය වෙනස් කිරිම සිවිල් සමාජයේ වගකීමයි.

No comments:

Post a Comment