Tuesday, March 20, 2012

“පොලිසිය” මොකක්ද? තේරුම් ගන්න - ගුටි කනකං ඉන්න එපා



පොලිසිය මොකක්ද?  තේරුම් ගන්න - ගුටි කනකං ඉන්න එපා
කුරුදුවත්ත පොලිස් කාරයෝ 21 හැවිරිදි තරුණයෙකුට වටකර පොලු මුගුරුවලින් පහර දීලා.
ගෘහ නිර්මාණ ශිල්පය හදාරන ශිෂ්‍යෙයක්. නාවික හමුදාවේ දිය පන්දු කණ්ඩායමේ සාමාජිකයෙක්.
2012 පෙබරවාරි 26, ගෘහ නිර්මාණ ශිල්පය අදාල ප්‍රදර්ශනයේ අවසාන දිනය. සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මණ ප්‍රදර්ශණ ශාලාවේ පාලකයෝ - එදින රාත්‍රී 12 ට පෙර, ප්‍රදර්ශණ භාණ්ඩ ඉවත් කරගන්නා ලෙසට - ප්‍රදර්ශකයින්ට නියම කළේය.
මයුර තම කුටියේ ප්‍රදර්ශන භාණ්ඩ වලින් කොටසක් ඉවතට ගෙනගොස්, නැවත පැමිණීයේ ඉතිරි භාණ්ඩ ගෙන යාමටය.
බ.ජ.ස.ශෘලාවේ 3 වන ගේට්ටුව ප්‍රදර්ශකයින් සදහා වෙන්වූ ගේට්ටුවයි. එහෙත් ඒ අවස්තාවේ ගේට්ටු රැකවලා වූ සැරයන් නිමල් සේනාධීර 24141 ට, අවසර පත පෙන්වා සිටියද, ඇතුලුවීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේය.
මයුර රැකවලාට කරුණු පැහැදිලි කර දෙන්නට ඉදිරිපත් විය. එහෙත් රැකවලා වූ සැරයන් නිමල් සේනාධීර 24141ථ ඔහුට කථා කළේ, පහත් නින්දා සහගත වචන වලින්ය.
ඒ අතර මයුර සිද්ධිය තම ආයතන ප්‍රධානීන්ට දැන්වීමට ක්‍රියා කළේය. එය නොරිස්සූ රැකවලා මයුරට බැනවැදී, ඔහුගේ කම්මුලට පහර දුන්නේය.
එයින් අනතුරුව, බ.ජ.ස.ශාලාවේ තෙවන ගේට්ටුව අසල බැරැක්කවල සිටි පොලිස් නිලධාරීන් පැමිණ, මයුරව වටකරගෙන පහර දුන්නේය.
බිම දිගේ මුරකුටියට ඇදගෙන ගියේය. පොලුවලින් අතින් පයින් පහර දුන්නේය.
ටික වේලවකට පසුව එතැනට ස්ථානභාර නිලධාරී පො.ප.අත්තරගම මයුරගෙන් කාරණය විමසා, පහර දුන්නේය.
කුරුදුවත්ත පොලිසියට ගෙනගොස්, බිම දමා, පාගා, වෙඩි තබා මරණ බවට තර්ජණය කළේය.
එයින් අනතුරුව ඔහුව රැගෙන ගියේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරන වෛද්‍ය රොෂාන් සුෆ්යාන් ගේ නිවසටය.
මයුරගේ පියා ඒ අවස්තාවේ ඉදිරිපත්ව, තම පුතාට පොලිසියෙන් පහරදුන් බව පැවසීමෙන් පසුව, එම වෛද්‍යවරයා ඔහුව කොළඹ මහා රෝහලට යොමු කළේය.පොලිස් කාරයෝ මයුරව අරන් ගියේ කොළඹ මහා රෝහලේ බාහිර රෝගී අංශයටය. ඒ අවස්තාවේදීද පියා ඉදිරිපත්ව පොලිසියෙන් පහරදුන් බව ප්‍රකාශ කලවිට, ඔහුව හදිසි අනතුරු ඒකකයට යොමු කළේය.
2012.03.05 දින දක්වා ඔහුට ප්‍රතිකාර ගන්නට සිදුවිය.පොලිසිය සුපුරුදු පරිදි මයුරට එරෙහිව රාජකාරියට බාධා කිරිම, පොලිස් නිලධාරියෙකුට පහරදීම යටතේ චෝදනා ගොනු කළේය.
පොලිස්  කාරයින්ට කතාකරන්න උගන්වන්න යයි - මීට පෙර අවස්තාවක නියම කළේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
නමුත් එය කරන්නට පොලිස්පතිට හෝ නි.පොලිස්පතිවරුන්ට හෝ බැරිය. පහල නිලධාරීන්ට නියම ආකාරයට උසස්වීමක් දී ගන්න බැරි පොලිස්පති, නි.පොලිස්පතිවරුන්ට - පුලුවන්ද පහල නිලධාරීන්ට කතාකරන්න උගන්වන්න.
අද පොලිසිය ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට පත්වෙලා ඉවරයි.
තමන්ට මෙහෙම දෙයක් වෙයි කියලා කොළඹ රාජකීයේ ආදි සිසුවෙකු, නාවික හමුදාවේ දියපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වන, ව්‍යාපාරික පුතකු වූ මයුර කවරාදකවත් සිතුවේ නැත.
පොලිසිය මොකක්ද කියලා තේරුම් ගන්න ගුටිකනකං ඉන්න එපා.

No comments:

Post a Comment