Tuesday, March 27, 2012

ආධුනික උප ලූතිනන්ට වධ දුන්න කපිතාන්වරු දෙන්නාට සිර ද`ඩුවම්


ඩිංගිරි බංඩා


ඩිංගිරි බංඩාගේ තුවාල කැලැල්

ආධදුනික උප ලූතිනන් වරයාට නවක වධය දුන්න -  හමුදා නිලධාරීන් දෙන්නාට සිර දඩුවම්. රුපියල් දෙලක්ෂයක වන්දි.

2000 වසරේදී - උප ලූතිනන් තනතුරට උසස්වීමක් ලැබූ, ඩිංගිරි බංඩා මහතාව නවක වදය දීමේ ප‍්‍රතිඵලයෙන් ඔහු ස්ථිර ආබාධිත තත්වයට පත් විය.

ඔහුට නවක වදය දෙන ලද්දේ සාලියපුර, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ රොහාන් පරාක‍්‍රම රාජපක්ෂ සහ ජානක සජිත් චන්ද්‍රසේන යන කපිතාන් වරු දෙන්නාය. 

මෙම කපිතාන්වරු දෙන්නාට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති නඩු විභාගයේදී, ඔවුන් වරද පිළිගෙන ඇත. 

කපිතාන්වරු දෙන්නාට මාස 18 බැගින් සිර ද`ඩුවම් නියම කොට වසර හතකට අත් සිටවූ  මහාධිකරණය, රපියල් ලක්ෂය බැගින්, රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ඩිංගිරි බංඩාට ගෙවීමටද, ඊට අමතරව රුපියල් 75,000/- ක, රජයේ ගාස්තුවක් ගෙවීමටද -   ඔවුන් දෙදෙනාට නියම කළේය.

මෙම සිද්ධිය අදාල, ඩිංගිරි බංඩා මහතා මූලික අයිතිවාසිකම් නඩුවක්ද, ගොනු කළේය. ීක්‍රැුත්‍ඍ /24/2001 දරන එම නඩුවට ලංකා නීතිඥ සංගමයේ – මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නීතිඥ එ්.එස්.එච්. පෙරේරා ඉදිරිපත් කර තිබිණ. එම නීතිඥවරයා -   වග උත්තර කරුවන්ගෙන් රුපියල් ලක්ෂයක් ගෙන සමථ වන ලෙසට බලපෑම් කළේය. 

එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා, මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කර ගැනීමට නීතිඥවරයා කටයුතු කළේය.

මෙම ක‍්‍රියාව පිළිබ`දව ඩිංගිරි බංඩා මහතා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිලි කළා. 

මේ අතර මෙම කපිතාන් වරුන් දෙන්නාගෙන් ඩිංගිරි බංඩඩා මහතාට විවිධ බලපෑම් එල්ල වී ඇත.

ඩිංගිරි බංඩා මහතා අදට ආබාධිතයෙකි. 
මෙම තීන්දුව ස`දහා වසර 11 ක් ගත විය. 

No comments:

Post a Comment