Tuesday, April 3, 2012

ආචාර්ය උපාධි නිබන්ධනය කොපි කරලා හංගේරියානු ජනාධිපති ඉවතට!!


 
තමා විසින් ඉදිරිපත් කරන ලද ආචාර්ය උපාධි නිබන්ධනය, වෙනත් අයෙකු විසින් ලියන ලද එකකින් කොපි කරන ලද්දක් බවට ඔප්පු වීම නිසා - හංගේරියානු ජනාධිපතිවරයාට තනතුරෙන් ඉවත්වීමට සිදු විය.
එරට ජනාධිපති පාල් ස්මිත්ට මෙසේ ඉල්ලා අස්වීමට සිදු වූයේ, ඔහු එරට අගමැතිවරයාගේ ප‍්‍රබල ආධාරකරුවකු වී සිටියදීය. මේ සිද්ධිය අදාල පාර්ලිමේන්තු යෝජනාවට කිසිවෙකු විරුද්ධව ඡුන්දය දී නොමැත.
ශිෂ්ඨසම්පන්න බව, සදාචාරය, වචන නොවේ. උදේ හවස පිරිත් ප‍්‍රචාරය කළාට, බණ කිව්වාට, බුදු පිළිම සිටෙව්වාට, කොපි කරලා වංචා කරලා විභාග පාස්වෙන එවුන්ට පුදන රටක් කිසි දිනෙක සදාචාර සම්පන්න වන්නේ නැත. ගුණ දම් වඩන්නේ නැත. එ්වා හුදු වචන පමණි.
හරයක් නැති.     

3 comments:

  1. මෝඩ පොරවල්.
    ඕවත් වැඩද මල්ලී?

    ReplyDelete
  2. මේකට ලංකාවේ කැම්පස් එකකට එන්න තිබුනා ඔය පස්තාච්චිය ගන්න

    ReplyDelete
  3. උම්බලට කොහේ මොනවා වුනත් අපේ රටේ පිරිත් ටික යන එකයි වැරුද්ද.

    ReplyDelete