Monday, April 9, 2012

නිමල් පුංචි - ගොනාට අඳියි.



මානව හිමිකම් කොමිෂන් සභා පනතට සම්පූර්ණයෙන් පටහැනිව, අතිරේක ලේකම් ධූරය දරමින් වධකයින් රැුකීමේ කාර්යයේ නියැලෙන -   නිමල් පුංචිහේවා  Night Raid  පටන් ගන්න යනවා යයි මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශය තමාම ගොනාට අන්දවා ගැනීමක් බව වගකීමෙන් ප‍්‍රකාශ කරමු.

පොලිස් වධහිංසා වැඩියෙන් සිදුවන්නේ රාත‍්‍රී කාලයේ බැවින් -  ඉතා රහසිගතව, ?ට පොලීසි වලට කඩා පනින්න නිලධාරීන් යොදවන බවයි ඔහු කියන්නෙ.

සිර කූඩුවේ දමාගෙන, මිනිස්සුන්ට වධ දෙන්න තරම් අපේ පොලිස්කාරයෝ මෝඩ නැත. මොකද මේ වන විට, බොහෝමයක් පොලිස්කාරයින්ට මානව හිමිකම් ගැන දැනුමක් ලබා දී තිබෙන නිසාය.
සෑම පොලීසියක්ම මිනිස්සුන්ට වධ දෙන්නේ බැරැුක්ක තුළය. එසේ නැත්තම් පොලීසි තුළ කාමර වලය. සිර මැදිරි තුළ නොවේ.

මා.හි.කො. නිලධාරීන්ට පොලිස් බැරැුක්ක වලට යෑම තහනම්ය. එම තහනම කළේ නීතිපතිගේ අනුමැතිය ඇතිව -   පොලිස්පතිය. එම නීති විරෝධී නියෝගය අද දක්වාම අභියෙයා්ග කරන්නට, වැරදි බව පවසන්නට නිමල් ‘පුංචිහේවා’ ට හෝ කොමසාරිස් වරුන්ට හයියක් නොවීය. Night Raid    -    තවත් පට්ටපල් බොරුවකි. මෙවැනි බොරු කියන්නේ තමාම ගොනාට ඇඳගෙනය.
දීර්ඝ කිරීම තද කර ගන්න.

No comments:

Post a Comment