Sunday, April 29, 2012

වධහිංසා පැමිණවීම රු. 40,000/= කට සමථ කරයි.

වධහිංසා පැමිණවීම රු. 40,000/= කට සමථ කරයි.
මීගලාව පොලිසියේ නිලධාරින් සම්පත් සුරංගට වධහිංසා පැමිණව්‍ය් 2011 අගොස්තු 11 වන දිනය. ඔහු ඒ පිළිබදව මානව හිමිකම් කොමිෂමට පැමිණීලි කළේය.
සිද්ධීය පිළිබදව විමර්ශනය සිදු කලා. විමර්ශනය හෙබවූ, පොලිස් නිලධාරින්ගෙන් රු. 40,000/= සම්පත් සුරංගට අරගෙන දී, පැමිණිල්ල සුන්‍ය කර දැම්මේය.
වධහිංසා පැමිණවීම සමථ කල නොහැකි අපරාධයකි. ශ්‍රී ලංකා පොලිසියට ආයතනගතව ඇති වධහිංසාව අද වසංගතය තත්වයට වර්ධනය වී තිබේ.
එම තත්වය වෙනස් කිරීමට කිසිම අවශ්‍යතාවයක් ආණ්ඩුවට නැත. මානව හිමිකම් කොමිෂම ඉටු කරන්නේ එම ආණ්ඩුවේ ඕනෑ එපා කමයි.
රැ. 40,000/= වන්දිය ගෙවූ මිගලාව පොලිසියේ නිලධාරීන් 05 දෙනා වනුයේ - චමල්, සුනිල්, පුෂ්ප කුමාර, නිහාල් හා පියදාස යන අයයි.
රු. 40,000/= මුදල් සම්පත් සුරංගට ලබාදීමෙන් ඔවුන් ඔහුව වධහිංසාවට පත්කල බව පිළිගෙන ඇත.
ශ්‍රී ලංකා පොලිසිය නීත්‍යානුකූල පොලිසියක් බවට පත් කරන්නට, ආණ්ඩුවට, පොලිස්පති ඇතුලු ඉහළ නිලධාරීන්ට අවශ්‍යතාවයක් තිබේ නම් - මෙම නිලධාරීන්ට විනයානුකූලව දඩුවම් කල යුතුය. ඒ සදහා විනය පරීක්ෂණ අවශ්‍ය නැත. එමගින් ආදර්ශයක් අනෙක් වධක පොලිස් කාරයින්ට ලබාදීමට හැකිවන්නේය.

No comments:

Post a Comment