Saturday, May 19, 2018

පොන්නයෙක් නොවන චීවරධාරයෙක් සිල් නොගන්නේ කොණ කපපු එවුන්ලූ !


ක/වල්ගම ශ‍්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලයේ විදුහල්පතියා, චීවරධාරීන් දෙදෙනෙක් හා ගුරුවරු පිරිසක් වෙසක් පෝය වෙනුවෙන් සිල් නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වධයට ලක්කොට එක් සිසුවෙකුට රෝහල්ගත වන්නටම පහර දී තිබේ.

වෙසක් පෝයට පෙර දින, පවත්වන ලද ”හාෆ් ඬේ” (දින 1/2 ) සිල් ගැන්වීමට එක් නොවූ, සියයකට වැඩි සිසුන් පිරිසකට දඬුවමක් වශයෙන් ”සක්මන් භාවනාව කරමින්” විදුහලේ පිට්ටනිය වටා, වට සියයක්, ඇවිද්දවා තිබේ.

මෙම මෘග ක‍්‍රියාව සිදුකර ඇත්තේ, 2018.05.17 දිනය.

සක්මන් භාවනාවේ යෙදෙන විට, අත් දෙක එකතැන හෙලවෙන්නේ නැතිව, තියාගන්න  ඕන හින්දා එක් සිසුවෙක් අත් දෙක සාක්කු දෙකට දමාගෙන තිබේ.

එ් දුටු චින්තක නැමති හීරලූ විදුහල්පතියා මේ සිසුවාව වේදිකාවට කැඳවා අතින් පයින් පහර දී තිබේ. මේ මෘග පහරදීමට  ප‍්‍රියන්ත, චින්තක, කැටපොල හාමුරුවෝ, සුගතානන්ද හාමුදුරුවෝ, තුෂර, සුමිත් යන ගුරුවරුන් එක්ව තිබේ.

දින 1/2 යේ, ”හාෆ් ඬේ” සිල් නොගත්තේ ඇයිද යන ප‍්‍රශ්නයට සිසුවා පිළිතුරු දී ඇත්තේ තමාට පියා සිල් නොගන්නා ලෙසට දුන්න උපදෙස් අනුව බවයි.

සිසුවාගේ පියා හොඳ බෞද්ධයෙකි. එ් නිසාම පන්සිල් පද පහවත් පිළි නොපදින එවුන්ගෙන්, අට සිල් ගන්න යැවීම බුදු දහමට කරන නිගාවක් බව ඔහුගේ හෘදය සාක්ෂියට අනුව ප‍්‍රශ්න කරන්නට විය.

එමෙන්ම අටසිල් සමාදන් වී, 24 පැයක් භාවනාවේ යෙදිය යුතුයි. පෝලිම් ගස්සවා තක්කඩි ¥ෂිත චීවරධාරියෙකු ඉදිරිපිට ගාථා කිහිපයක් උච්ඡුාරණය කර, වලපල් ෙදාඩවමින්, කා බී සවස 2.00 ට ගෙදර එ්මෙන් සිදුකර ගන්නේ පවකි. ආත්ම වංචාවකි.

එ් නිසා ”බයිෆෝස්” සිල් ගැන්වීමට එක්වී සහතික ගන්නවාට වඩා නිකන් සිටීම වැදගත්ය.

සිසුවාට පහර දෙන විට කැටපොල නැමති චීවරධාරියා තමා පොන්නයෙක් නොවන බවත්, සිල් නොගන්නේ කොණ කපපු එවුන් බවත් කියා ඇත.

විදුහල්පති චමින්ද, සිසුවාට කියා ඇත්තේ ඔහුගේ පියාට ඇවිත් විදුහල්පතිකම බාරගන්නා ලෙසටය.

මේ සිද්ධිය හුදකලා එකක් නොවේ.

අධිකරණය ඇතුලූ, රාජ්‍ය පාලකයින් හා ආණ්ඩුව මෙම ¥ෂණය, වධ දීම පවත්වාගෙන යයි.

නීති ඇත. එ්වා විකුණාගෙන කති. සමහර සිවිල් සංවිධාන යැයි කියා ගන්නා සංවිධාන, චීවරධාරීන් ද, පූජකයන්, පොලිස් කාරයින්, දේශපාලකයන් ද එක්ව පහන් දල්වා වධහිංසාවට, ¥ෂණයට එරෙහිව කථා කරති.







No comments:

Post a Comment