Friday, August 2, 2013

නීතිපතිට SIU වාර්තාව යවා වසර 04 යි. තවමත් නඩු නෑ.


මීටියා‍ගොඩ ‍පොලීසිය, එවකට 14 වියැති බුද්ධිකට. වධ දු‍න්නේ 2008.03.07 වන දාය. ඉන් පසු ‍සොරකම් කිරී‍මේ චෝදනා මත බලපිටිය ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. දැනට එම නඩුව බලපිටිය ම‍‍හේස්ත්‍රාත් අධිකරණ‍යේ පැවැත්වේ.

මෙම වධහිංසා පැමිණවීම සිදුක‍ළේ එවකට මීටියා‍ගොඩ ‍පොලිස්ථානයේ ‍සේවය කළ, උප ‍පොලිස් පරීක්ෂක අතු‍කෝරල, ස්ථානාධිපති නිශ්ශංක හා ග්‍රාමාරක්ෂක ‍සොයිසාය.

මේ පිළිබඳව ‍පොලිස් වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් කරන ලදි. එම වාර්ථාව 2009.06.23 දින නීතිපති වරයාට බාරදී ති‍‍බේ.

එ‍හෙත් ‍මේ දක්වාම , එම වාර්තාව සම්බන්ධ‍යෙන් නීතිපති නීතිමය පියවරක් ‍ගෙන ‍‍නොමැත.

මේ සම්බන්ධ‍යෙන් බුද්ධික‍ගේ පියා වන, ජයන්ත ගුනසේකර, 2013.08.01 දාතමින්, නීතිපති පාලිත ප්‍රනාන්දුට ලිපියක් ලියමින් ඉල්ලා සිටින්නේ, 2009.06.23 දාතමින්, වි‍ශේෂ විමර්ශන ඒකක‍යේ වාර්තාව පදනම් කර‍ගෙන ඉහත සඳහන් ‍පොලිස් නිලධාරීන්ට එ‍රෙහිව නඩු පවරන ‍ලෙසටයි.

මේ අතර, ජයන්ත ගුණ‍සේකර මහතා තම පුතා වන බුද්ධිකට වධහිංසා පැමිණවීම සම්බන්ධ‍යෙන් ‍‍‍‍ෙශ‍‍්‍ර්ෂ්ඨාධිකරණ‍ෙය් ‍ෙොනනු කර ති‍‍බෙන පෙත්සම අදාල විභාගය මෙ‍‍‍‍තෙක් අවසන් කර ‍නොමැත.

එස්.සී.එප්.ආර්. 126/08 යට‍ෙේ පවරන ලද ‍මෙම මූලික අයිතිවාසිකම්  ‍පෙත්සම විභාගව‍න්නේ හතරවන අගවිනිසුරුවරයා යට‍තේ බවද,  ඔහු තවදුරටත් ‍පෙන්වා ‍දෙයි.

No comments:

Post a Comment