Wednesday, August 7, 2013

දූෂණයට, අපයෝජනයට ලක්වූ කත පොලීසියෙන් යලි යලිත් දූෂණය කරයි !!

පැමිණිලි වලට පොලීසියට ගියාම කොල්ලෝ ඔහොම තමයිලු, අපිත් එහෙමලු, යයි පවසන පොලීසිය -   ඇගේ ජංගම දුරකතනය පොලොවේ ගසන්න යයි පුන පුනා කියන්ෙන්, ආස්මී හදන්න ‍ ‍‍ෙෆා්‍න් මොකටද යයි අසමින්ය.
මතුගම පොලිස් වසමේ පදිංචිකාරියක් වන තිස් අට හැවිරිදි වසන්තා එක් දරු මවකි.
පොලීස් නිලධාරියකු සමග කිට්ටු හිතවත් කම් දක්වන පිරිසක් ඇයව දූෂණය කර, ඉන් අනතුරුව අඛණ්ඩව ලිංගික පීඩාවන්ට පත්කරනු ලැබේ.
මේ පිළිබඳ සියලු පැමිණිලි ප්‍රතික්ෂේප කරන මතුගම පොලීසිය, ඇය විසින් පීඩාකාරී දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් කරන ලද එක් පැමිණිල්ලකට  මාස 06 කට පසුව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාවක් ඉදිරිපත් කර, දුරකතන ඇමතුම් පිළිබඳව විස්තර වාර්තා ලබාගැනීම නියෝගයක් පතයි. නඩුවේ අංකය 88713/12ෙව්. දිනය 2012.08.23.  වාර්තාව ඉදිරිපත් කරන්නේ මතුගම පොලීසියේ මූ.පො.ප. ලුඩ්වයික්ය.
මේ දක්වාම අැමතුම් පිළිබඳව ‍වාර්තා ඉදිරිපත් කිරීමට හෝ සැකකරු ඉදිරිපත් කිරීමට හෝ පියවර ගෙන නැත. මීළ නඩු දිනය 2013.08.08 වේ.
ඇය මේ පිළිබව මානව හිමිකම් කොමිෂම, නීතිපති, පොලිස්පති හා කලුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලිඛිතව පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටින්නේ, තමාව ලිංගික හිංසාවන්ට ලක්කළ සහ පීඩාකාරී ඇමතුම් දෙන පුද්ගලයින්ට එරෙහිවද, මෙම අපරාධකරුවන්ට රැකවරණය දෙන මතුගම පොලීසියේ නිලධාරීන්ටද එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසයි.

No comments:

Post a Comment