Friday, August 2, 2013

මල්කුමාරි ටීචර්ට ගොම බාල්දියක්!! වක්කල අය සොයන්න OIC ‍ පුෂ්පකුමාර විලි ලයි.



ජනතා විමුක්ති පෙරමුණෙන් කළුතර ප‍්‍රාදේශිය සභාවට තරඟ කර පරාජයට පත්වු කළුතර විද්‍යාලය ජාතික පාසැලේ ගූරුවරියක් වන මල්කුමාරි නැමැත්තිය පසුගිය මස 06 වෙනිදා සිය යතුරු පැදියෙන් නිවෙස බලා යන අතර, තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් ඇය ෙග් හිසට ගොම බාල්දියක් වක්කර පළා ගොස් තිබේ.
තමාට ගොම බාල්දිය පුද්ගලයා කව්ද යයි හඳුනාගෙන නැත. එහෙත් තමාගෙන් පුරවැසි අධ්‍යාපනය ඉගෙන ගන්නා 11 එ් ශ්‍රේණියේ මිලාන්ව මැවිලා පේන බව ඇය පොලීසයට පවසා ඇත. එ් අනුව කළුතර දකූණ පොලීසියේ සුළු පැමිණීලි අංශයේ ස්ථානාධිපති පුෂ්පකුමාර, මිලාන්ව පොලීසියට ගෙන්වා සිද්ධියට ඔහු සම්බන්ධ බවට පිළිගන්නා ලෙසට බලකරමින් ඔහුව වධහිංසාවට පත්කිරිම සම්බන්ධයේන මව මනොජි මහත්මිය, පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සහ ළමාරක්ෂක අධිකාරිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් තම පුතාට කිසිදු පදනමකින් තොරව, මල්කුමාරි ගුරුවරිය කළුතර දකුණ පොලීසිය හා එක්ව සිදුකරන පීඩාවට පත්කිරීම නතර කරන ලෙසට ඉල්ලා සිටි. එම පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.

රශ්මික මිලාන්, අවු: 16 යි, පළමු වසරේ සිටම කළුතර විද්‍යාලය, ජාතික පාසලේ, ඉගෙනුම ලබයි.
දැනට ඔහු 11 ් ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, මෙම වසරේ දෙසැම්බර් මස අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත බව. 2013.06.17 වන දින, දවල් 11.00 ට පමණ, කළුතර දකුණ පොලීසියේ, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිගෙන්, තුණ්ඩුවක් ලැබුන බව සහ MCR 1968- 352/181 හා MCR1972 (13/06/16) දරන පැමිණිලි වලට අදාලව කටඋත්තරයක් ලබා ගැනීමට 2013.06.18 සවස තුනට පැමිණෙන ලෙසට දන්වා තිබ බව.

එ් අනුව මම, පුතා සමග කඵතර දකුණ පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පුෂ්ප කුමාර නිලධාරියා හමු වුනු අතර එහිදී, ඇයට එළියට වී සිටින ලෙසට ඔහු දැනුම් දුන්න ඉය.  රශ්මික මිලාන් පුතාගෙන් ස්ථානාධිපති පුෂ්ප කුමාර පුතා ගෙන් අසා තිබෙනවා ‘‘මිස්ට ගොම ගැහැව්වේ ඇයි කියා’’. පුතා ගැහැව්වේ නෑ කිව්වාම ‘‘උඹ තමයි කළේ, කරපු බවට සාක්ෂි තියෙනවා.” කියමින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින්, ‘‘කව්ද උඹට කරන්න කිව්වේ කියා අසමින් , කුණු හරපයෙන් බැනින කොට මල්කුමාරි නැමැති, පැමිණිල්ල දමන ලද ගුරුවරිය එතැනට ඇවිත් තිබෙනවා.’’  ඇය එතැනට ආපු ගමන්, මාගේ මල්ලිව පෙන්නා, ‘‘මෙයා මට තර්ජනය කළා යයි කියා තිබෙනවා.’’  ස්ථානාධිපති, පුෂ්පකුමාර, ”උඹ පරයා” යැයි කියමින් මල්ලීට ළඟට කතා කොට, ඔහුගේ කොළරයෙන් අල්ලා ඇද බඩට ගැසුවා. එ් සමගම, මටද බැන්නා. ඔහු කිව්වා ”ගහනවා බැල්ලී තෝව උස්සසලා පොළොවේ” කියා. ඔහු තවදුරටත් කියා සිටියා, ”උඹව ගොම ගැහැව්වා කියා, කූඩුවට දානවා” කියා මල්ලීටද තර්ජනය කළා. ඊට පස්සේ ඔහු පුතාට කිව්වා, තුණ්ඩුව දීපු පුෂ්පවෙල රාළහාමි වෙත ගොස් ‘‘කට උත්තරයක් දීපන් කිව්වා.’’ ඵුතා ඔහු ළඟට ගියා. මල්කුමාරි ගුරුවරිය, ස්ථානාධිපති එක්ක කතා කර කර හිටියා.

නැවත පුතාව ස්ථානාධිපති පුෂ්පකුමාරගේ ළඟට කැඳෙව්වා. එ් වෙලාවේත් එතැන මල්කුමාරි ගුරුවරිය හිටියා. ඔහු පුතාට කිව්වා ‘‘තෝ ගැන, A 2 Z හොයනවා. හිතට ගන්න එපා. මෙතනින් ඉවරයි කියලා.’’ එයින් පසුව, 2013.07.02 දින නැවත, තුණ්ඩුවක් දුන්නා, 2013.07.03 වන දින සවස 2.30 ට, පැමිණ, මූලස්ථාන පොලිස් පරීක්ෂකව මුණගැහෙන්න කියා. එ් අනුව, 03 වන දින, මම දරුවා රැුගෙන පොලීසියට ගියා. මූලස්ථාන පොලිස් පරීක්ෂක ප.ව. 3.30 ට පමණ ආවා. ඔහු මගේ පුතා සමග ඔහුගේ කාමරයට ඇතුලූ වුනා. පුතා එළියට ඇවිත් කිව්වා, මූලස්ථාන පොලිස් පරීක්ෂක කිව්වා කියා, ”තමුසේ ඔහොම හරියන්නේ නැහැ, වෙන කිට් එකකින් වරෙන්, උඹෙන් ප‍්‍රශ්ණ කරන්න තියෙනවා” කියා. පසුවෙනිදා (2013.07.05)සවස 4.00 ට එන්න කිව්වා කියා.
මම පුතා සමග, එ් වේලාවේම කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට ගියා.  එහිදී, මාව නිලධාරියෙක් ළඟට යොමු කළා. ඔහුට මා විස්තරය කිව්වා. එවිට, ඔහු කළුතර දකුණ පොලීසියට කතා කොට, විස්තර අසා, ”ප‍්‍රශ්ණ කරන්න එන්න කියන්නේ, දරුවා එක්ක යන්න” කිව්වා. ඔහුත් මගෙන් ප‍්‍රකාශයක් ගත්තේ නැහැ.
2013.07.05 පස්වරු 4.00 ට මා, නීතිඥ මහතෙකු සමග කළුතර දකුණ පොලීසියට ගියා.

එහි යන විට, මූලස්ථාන පොලිස් පරීක්ෂක, හිටියේ නැහැ. මා රැගෙන ගිය නීතිඥ හිමාෂ මහතා, දැනුම් දුන්නා ”තුණ්ඩුවක්” දීලා තිබුනේ නැහැ, එ්ත් ආවා. එ් බව මූලස්ථාන පොලිස් පරීක්ෂකට දන්වන්න කියා.
2013.07.30 වන දින, දවල් 12.00 ට, පමණ දුරකතනයෙන්, උ.පො.ප. හරේන්ද්‍ර කියා කතා කොට, කිව්වා, සවස 2.30 ට, පැමිණෙන ලෙස. 2013.07.30 මාත්, සැමියාත් කළුතර දකුණ පොලීසියට ගොස් එන්න කියන්නේ කුමකටදැයි විමසා සිටියා. එවිට මල්කුමාරි ගුරුවරිය, පස්වරු 5.30 ට, එනවා, පස්වරු 5.30 ට, අපටත් එන්න කියා දැනුම් දී තිබුනා. එ් අනුව මමත්, දරුවාත්, මාගේ සැමියාත්, පස්වරු 5.30 ට කළුතර දකුණ පොලීසියට ගියා. එ් අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර, පුතාව ඇතුළට රැුගෙන ගියා. එ් වන විට, මල්කුමාරි ගුරුවරිය, මූලස්ථාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාරගේ කාමරයේ හිටියා. පුතා කිව්වා ”උප පොලිස් පරීක්ෂක මගෙන් සිද්ධිය ගැන ප‍්‍රශ්ණ කළා. ටික වෙලාවකට පසුව මගෙන් ඇහුවා, ”මිස්ට” එන්න කියන්නද කියා.” මම කමක් නෑ කිව්වා. මිස්ව එතැනට එක්කගෙන ආවා. උ.පො.ප. හරේන්ද්‍ර, මිස්ට කොළයක් දීලා කිව්වා අහන්න  ඕන ප‍්‍රශ්ණ ලියලා දෙන්න කියලා. ”මිස්” ප‍්‍රශ්ණ 48 ක් ලියා දුන්නා. ඇය ලියා දුන්න ප‍්‍රශ්ණ, උ.පො.ප. හරේන්ද්‍ර, මගෙන් ඇහැව්වා. එ් සියල්ල  ”මල්කුමාරි ගුරුවරිය” ඇගේ ජංගම දුරකතනයෙන් පටිගත කළා. එ් සමගම  උ.පො.ප. හරේන්ද්‍ර, එ් සියල්ල පොතක සටහන් කර ගත්තා. එ් අතර මූලස්ථාන පොලිස් පරීක්ෂක, පුෂ්පකුමාර පැමිණ, මාව අත්අඩංගුවට ගන්න යයි කිව්වා’’ යයි කියා සිටියා.

ඊට පස්සෙ උප පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර, මටත් සැමියාටත් එන්න කිව්වා. අපෙන් මල්කුමාරි ගුරුවරිය එක එක දේවල් අහන්න පටන් ගත් බවද එවිට ඇය පුතා වරදක් කරලා තියනවානම්, උසාවි දාන්න කියා ඉල්ලා ඇත. එවිට මල්කුමාරි ගුරුවරිය ‘‘ තමාට ගොම ගැහැව්වේ පුතා බව මැවිලා පේනවා’’ යයි කියා ඇත. ක`ඵතර ජාතික පාසලේ ගුරුවරියක් වන මල්කුමාරි නැමැත්තිය, 2013.06.03 වන දින, යම් පිරිසක් විසින්, ඇය සිය යතුරු පැදියේ යමින් සිටියදී, ගොම බාල්දියක් ඇඟට වැක්කිරීම මුල්කරගෙන, මෙසේ, මගේ පුතාට කළුතර දකුණ පොලීසිය මගින් හිරිහැර කරන බව ප‍්‍රකාශ කරන ඇය මෙම මල්කුමාරි නැමැති ගුරුවරිය, ජනතා විමුක්ති පෙමුණෙන් කළුතර ප‍්‍රාදේශීය සභාවට තරඟ කළ තැනැත්තියක් බවත් ඇය දැනට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ඇති බව දැනගන්නට අැතැයිද කියා සිටි.

තවද මල්කුමාරි ගුරුවරිය ඇයට මෙසේ පවසා තිබේ. ‘‘2013.06.03 දින මට(මල්කුමාරිට) විරුද්ධව කැලෑ පත්තරයක් ගහලා තිබුනා. මම එ් ගැන, විදුහල්පතිවරයාට ලියුමක් දුන්නා. එය බාර ගත්තේ නැහැ. එ් නිසා දවල් 10.00 ට විතර, කළුතර දකුණ පොලීසියට පැමිණ පැමිණිල්ලක් දැම්මා. එ් බව ඉස්කෝලෙ අය දන්නවා. එ් නිසා තමයි මට, ගොම ගස්සලා තියෙන්නේ, කියා.’’ මේ සියලූ කරුණු වලින් පෙනී යන්නේ පාසල තුල තිබෙන යම් අර්බුදයක ප‍්‍රතිඵලයකින් ඇයට ගොම ගැසීම සම්බන්ධයෙන්, තම පුතාව කිසිදු පදනමකින් තොරව, පොලීසිය හා එක්ව පීඩාවට පත්කිරීමට පියවර ගෙන තිබෙන බවයි.

 මේ සම්බන්ධයෙන්, කළුතර ජාතික පාසලේ මල්කුමාරි ගුරුවරිය හා එක්ව මාගේ පුතාව පීඩාවට පත් කළ, කළුතර දකුණ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පුෂ්පකුමාරට එරෙහිව නීතිමය හා විනයානුකූල පිවර ගන්නා ලෙසටද ් පුතාට ආරක්ෂාව සලසා දෙන ලෙසටද ඉල්ලා සිටි.

No comments:

Post a Comment