Sunday, August 4, 2013

නැති ජාතිවාදයක් අවුලවන්න බදුරලිය OIC‍ ගෙදර හිටිය ‘‘දෙක පහ හා පෙරියාව’’ උසාවියට දායි.

ගෙදර ඉන්න විට,  ඕ.අයි.සී උයද කුමාර ජීප් රථයෙන් පැමිණ, ඉන් බැස, දෙක පහ මෙහෙ වරෙන් කියා නිවස තුලට පැමිණ, එක පාරටම මගේ කමිසයෙන් ඇද අල්ලා, මාව එළියට ඇදගෙන ගොස්, ඔලූව පහත් කොට පිටට ගැහැව්වා. එ් සමග දණ හිසෙන් මගේ යටි බඩට ගැහැව්වා. එ් අතර, එතැනට  පැමිණි රථ වාහන අංශයේ පො.කො.සමන්, ග‍්‍රාමආරක්ෂක නිශාන්තද මට අතින් පහර දුන්නා.
මෝල්කාව, අස්කෙළිය හංදියේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සොමචන්ද්‍ර (අවු:50) මහතාට අමානුශික ලෙසට පහරදි බොරු චොදනා නගා රිමාන්ඞ් භාරයට පත්කළේ බදුරලිය පොලීසියේ OIC‍ උයද කුමාර තමා නැති වේලාවේ නිවසට පැමිණ බිරි`දට තිත්ත කුණුහරපයෙන් බැන්නේ මොකද යයි ඇසු නිසාය.

ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී - කළුතර වෙත යවා තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහණි.‘‘ 2013.07.25 වන දින, අස්කෙළිය දෙමළ විද්‍යාලය අසල දෙපිරිසික් අතර, පුද්ගලික ප‍්‍රශ්ණයකට ආරවුලක් ඇතිව තිබේ. එවිට රාත‍්‍රී 9.30ට පමණ ඇත. එහිදී සුළු තුවාල ලැබූ ඉසුරු (අවු:20යි) අප නිවසට පැමිණ ඇත. එ් අවස්ථාවේ නිවසේ සිටිය මාගේ පුතෙකු වන තරිඳු, තවත් අයෙක් සමග ඔහුව බදුරලිය රජයේ රෝහලට ගෙන ගොස් තිබුනා.

මේ අවස්ථාවේ, මා සිටියේ කිලෝමීටර් 1 1/2ක් පමණ ඈතින් පිහිටි, සුදුවැලිමානාන ප‍්‍රදේශයේ පිහිටි මාගේ නිවසේය. ආරංචියට මා රාත‍්‍රී 10.30ට පමණ, අස්ක්වැලියේ නිවසට පැමිණියා. නිවසේ අය මට කිව්වා, බදුරිලිය පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර, නිවසට පැමිණ විනාඩි 15ක් පමණ අසභ්‍ය වචන කියමින් බැණ බැණ ඉඳ ගිය බව. එ් වන විටත්, අස්ක්කෙළිය හංදියේ පොලිස් නිලධාරීන් 04කු හිටියා. මම එතැනට ගියා. එතන රථවාහන අංශයේ පො.කො.සමන්, ග‍්‍රාමආරක්ෂක නිශාන්ත සහ තවත් දෙන්නෙක් හිටියා.
මම ඔවුන්ගෙන් ඇහුව්වා - ඇයි අපේ ගෙදරට ගිහිල්ලා කුණු හරප කියමින් බැන්නේ කියා. මම ඇහුව්වා කෝ  ඕ.අයි.සී මහත්තයා කියා. ඔවුන්  ඕ.අයි.සී. උදය කුමාරට දුරකථනයෙන් කතාකර, මෙන්න දෙක- පහ ඇවිල්ලා ඉන්නවා කිව්වා. මම ගෙදරට ගියා. 

ගෙදර ඉන්න විට,  ඕ.අයි.සී උයද කුමාර ජීප් රථයෙන් පැමිණ, ඉන් බැස, දෙක පහ මෙහෙ වරෙන් කියා නිවස තුලට පැමිණ, එක පාරටම මගේ කමිසයෙන් ඇද අල්ලා, මාව එළියට ඇදගෙන ගොස්, ඔලූව පහත් කොට පිටට ගැහැව්වා. එ් සමග දණ හිසෙන් මගේ යටි බඩට ගැහැව්වා. එ් අතර, එතැනට  පැමිණි රථ වාහන අංශයේ පො.කො.සමන්, ග‍්‍රාමආරක්ෂක නිශාන්තද මට අතින් පහර දුන්නා. ඔවුන් වැඩියෙන්ම ගැහුව්වේ ඔලූව පහත් කරලා පිටට. පහර දීමෙන් පසුව මාව ඇදගෙන ගොස් ජීප් රථයට දැම්මා. ඊලඟට අස්ක්වැලිය මඩසාමි කෝවිළ ළඟ ජීප් එක නවත්වා, ජීප් එකේ හිටිය පොලිස් නිලධාරීන්ට කිව්වා, ලයිමට ගිහිල්ලා පෙරියාවත් අරගෙන එන්න කියා. ඔවුන් ගොස් පෙරියව අරගෙන ආවා.

ඉන් පසු පොලිසියට ගෙන ගියා. කූඩුවට දැම්මා. පහුවදා දවල් 2.00ට පමණ මාවත්, පෙරියාවත්, කූඩුවේ හිටපු තවත් අයෙක්වත්, බදුරලිය රජයේ රෝහලට ගෙන ගියා. මාව වෛද්‍යවරිය ලඟට ඉදිරිපත් කලවිට, මා කිව්වා මට පොලිසියෙන් පහරදුන්න බව. වෛද්‍යවරියා කිව්වා තුවාල නැති නිසා ලියන්න බැහැ කියා. මට තැලූම් තියෙනවා කිව්වා. නමුත් පරික්ෂා කළේ නැහැ. පොලිසිය දීපු පෝරමය පුරවා ඔවුන් අතටම දුන්නා.
ඊට පසුව මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, ස්ථානාධිපති උයද කුමාර ගරු මහේස්ත‍්‍රාත්තුමියට ප‍්‍රකාශ කලා මම, පෙරියා, දිනේශ සහ තවත් අයෙකු ඇතුලූ පිරිසක් කඩුවක් අරන් එනකොට - අත්අඩංගුවට ගත්තා කියා. නමුත් කඩුව ඉදිරිපත් කළේ නැහැ. ස්ථානාධිපති කිව්වා, ඇප ලබා දුන්නොත් දෙමළ - සිංහල කෝලහලයක් ඇතිවෙයි කියලා. මාව 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලා. බන්ධනාගාරයේදී මට ගහපු බව ප‍්‍රකාශ කලා. එය ලියා ගත්තා. 2013.07.30 ඇප ලබා දුන්නා. දින 04ක් රක්ෂිත බන්ධනාගාර ගත කලා.’’

No comments:

Post a Comment