Friday, August 16, 2013

හොරුන්, දූෂිතයින්, අපරාධකරුවන් රැකීමේ උත්තරීතර චින්තනය යටතේ වැජඹෙන හොරණ ශ්‍රී මේධංකරයේ විදුහල්පති සේනාරත්න

කමනී මානෙල් මහත්මිය සිය නිවුන් දරුවන් දෙන්නා,  ශ්‍රී මේධංකර මහා විදුහලට ඇතුලත් කර ගැනීම සහා අයදුම් කළේය. ඇය ප්‍රකාශ කරන පරිදි  සියලු සුදුසුකම් තිබිණ. එහෙත් එම දරුවන් දෙන්නාව තෝරා නොගැණින. සම සුදුසුකම්, අඩු සුදුසුකම්, සුදුසුකම් නොමැති දරුවන් මේ වන විට ඇතුලත් කරගෙන හමාරය.
ඇය ප්‍රකාශ කරන්නේ විදුහල්පති ඉල්ලූ  මුදල ගෙවීමට ඇයට නොහැකි වීම තම දරුවන් දෙන්නාට, අදටත් අධ්‍යාපනය අහිමිවීමට හේතුව බවයි.
රුපියල් 10,000/=   සිට, ඉහළට අල්ලස් ලබාගන්නා මේ විදුහල්පති කේ.ඒ. සේනාරත්න ඒ සහා හොරණ මහජන බැංකුවේ පවත්වාගෙන යන සංවර්ධන ගිණුම හා ආරියරත්න වෙළසැල උපයෝගී කර ගන්නා බව ඇය කියා සිටී.
ඇය දන්නා නිවැරදි තොරතුරැ රැසක් වගකිවයුතු ආයතන වලට දැනුම් දී තිබේ. නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්ෂාවන් ඇය කල ගෙවයි.
ළමුන් ප්‍රාණ ඇපයට අරගෙන, සියලු දූෂිත ක්‍රියාකාරකම්, අක්‍රමිකතාවන්, හොරකම් ප්‍රසිද්ධියේ කරන ශ්‍රී මේධංකර මහ විදුහලේ, කේ.එම්. සේනාරත්න, තවමත් නිදැල්ලේ හැසිරෙමින් දැහැමෙන් සෙමෙන් වැජෙෙඹන්නේ චින්තනයේ මහිමයෙන්ය.
ළමුන් ඇතුළත් කර ගැනීමේ සිට සීල ව්‍යාපාරය දක්වාවූ සියලු කාරණා වලින් මුදල් ගරා ගනිමින්, අපචාරයන්හි නියැලෙමින්, අල්ලස් ලබා ගනිමින්, ළමුන් අපයෝජනයට ලක් කරමින් වසර නවයකට ආසන්න කාලයක් නිරුපද්‍රිතව රැී සිටින්නේ කෙසේද යන්න වටහා ගන්නට බැරි දෙගුරුන්, තම දරුවාගේ ආරක්ෂාවට මූලිකත්වය දෙමින් මුණිවත රකිති.
උත්තරීතර චින්තනය මනාව වටහා ගත්තවුන්, මෙම දූෂිතයා හා එක්ව, තම අභිප්‍රායන් මුදුන් පමුණුවා ගනී. ඒ පිරිස ඔහු වෙනුවෙන් පිකට් කරන්න, පෙත්සම් අත්සන් කරන්න, කුණු බාල්දි කර ගසන්න සැදී පැහැදී සිටිති.
මේ දූෂිතයා තරම් හො එකෙක් බස්නාහිර පළාත් මහ ඇමතිට නැති තරම් යයි කියති. ඒ නිසාම පළාත් අධ්‍යාපන කේෂත්‍රෙයේ දූෂිතයින්ද මොහු වටා රොක් වී සිටිති. සෙස්සෝ හූල්ලති.
මීට පෙර අවස්ථා ගණනාවකදී,  මොහුට එල්ලවූ බරපතල නීති විරෝධී විනය විරෝධී ක්‍රියාවන් පිළිබ චෝදනා සියල්ලම යට ගැසුවේ ඉහත සහන් පිරිසය.

No comments:

Post a Comment