Friday, August 9, 2013

රතුපස්වලදී පොලිසිය විසින් ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ සිදුකොට ඇතැයි වාර්තා වේ.

පසුගියදා රතුපස්වල ප්‍රදේශයේ පොලිසිය හා ජනතාව අතර ඇතිවූ උණුසුම් වචන හුවමරුද්වේදී පොලිසිය විසින් ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ සිදුකොට ඇතැයි වාර්තා වේ. පොලිසිය විසින් හුදෙක් මෙවන් ප්‍රකාශ සිදුකොට තිබුනේ පොලිසිය විසින් සෘජුව මැදිහත් වී මෙම ගැටලුව විසඳීමට උත්සාහ ගෙන ඇති බව පෙන්වීමටය.

ඒ අනුව පසුගිය 28 වනදා පොලිසිය විසින් රතුපස්වල පාර අවහිර කරගනිමින් උද්ඝෝෂණයේ යෙදුනු ජනතාවට පොලිසිය විසින් මෙසේ ප්‍රකාශයක් සිදුකොට තිබුණි.

"ඔයෝගොල්ලෝ දන්නේ නැහැ..ඊයේ රෑ නිදන්න නැහැ අපිට..අද මේ හෙට රැස්වීම සංවිධානය කළා..රෑ අටයි මහේස්ත්‍රාත් තුමත් එක්ක ආගියු කළා ඔය ෆැක්ටරිය තහනම් කරන්න..අපිට දුන්නේ නැහැ .."
//පසුබිමින් තවත් පොලිස් නිලධාරියෙක් : ඕව කියන්න ඕන නැහැ// 

පොලිස් නිලධාරීන්ගේ මෙම වචන හරඹය රතුපස්වල ප්‍රදේශවාසියෙකු විසින් වීඩියෝ ගතකොට යුටියුබ් වෙත මුදාහැර තිබුනා.

එම වීඩියෝව නෙත ගැටුන ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා විසින් අධිකරණයේදී නියෝග කලේ මේ සිද්ධිය මීට කළින් තමා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එවැනි කිසිදු ඉල්ලිමක් ඉදිරිපත් නොවු බවත් තමා සමග එවැනි කිසිම සාකච්චාවක් නොපැවැත්වූ බවත්ය.


තවද මෙම සිදුවීම මගින් තමා මේ සිද්ධියේ පරීක්ෂණ පැවැත්වීම ගැන මහජනයා අතර සැකයක් ඇතිවිය හැකි බවද යු ටියුබ් වීඩියෝවේ අදහස්වලට සමාන අදහස් ඇතැම් මුද්‍රිත මාධ්‍යවලද පළ වී ඇතැයිද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියේය. 


ඒ අනුව යු ට්යුබ් වීඩීයෝව හා පුවත්පත්ද බලා මේ කරුණු ගැන අධිකරණයට වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත් කොළඹ අපරාධ කොට්ඨාසයටදන්වා ඇත.

එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින් බලන්න 




By -  33000.lk

No comments:

Post a Comment