Friday, August 16, 2013

මතුගම පොලීසිය බලාගෙන ඉන්නේ ජීවිතයක් නැති වෙනකන්ද?

දෙදහස් හයේ සිදු කළ අපරාධයකට මේ දක්වාම මතුගම පොලීසිය නඩු දමා නැහැ. පොලීසි ගිහිල්ලා උඹ මගේ පු ..... ඇරියද” අපරාධ සැකකරු ප්‍රසිද්ධියේ පැමිණිලිකාරියා‍ෙගන් අසනනවාලු.

තම නිවසට ගල් ගසා හානි කළ පුද්ගලයකු  වූ තෙබුලන්දගේ ජයසිරි ට විරුද්ධව මතුගම පොලීසියට නිලූකා කුමාරි  මහත්මිය පැමිණිලි කළේ 2006 වසරේදීය.

පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන ලදි. සමථයක් නොවීය. ඒ බව සමථ මණ්ඩලය මතුගම පොලීසිය දැනුවත් කරන ලදි. එහෙත් වසර හතක් ගතවීඇතත් නඩු දමා නැත.

එයින් අනතුරුව නිරන්තරයෙන් මෙම පුද්ගලයා බීමත්ව පැමිණ අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මරණීය තර්ජන කරනු ලබයි. එම අවස්ථාවල පෛාලීසියට පැමිණිලි කලද ප්‍රෙයා්ජනයක් වී නොමැත. 2013.08.14 දින මෙම පුද්ගලයා බීමත්ව පැමිණ අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මරණීය තර්ජන කරනු ලබන විට හදිසි ඇමතුම් අංකයට 119 ට, කතා කළද පැමිණ නැත.    

තෙබුලන්දගේ ජයසිරි ට විරුද්ධව මතුගම  පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඔහුගේ ඥාතියකු මතුගම පොලීසියේ සේවය කරන නිසාද යන සැකය ඇය මතු කරයි.

මතුගම පොලීසිය මෙසේ අපරාධකරුවකුට ලබාදෙන ආරක්ෂාව නිසා ඉදිරියේදී ඔහු තම සැමියාට අනතුරක් කරාවිය යන සැකය, බිය ඇයට ඇත.

සතිඅන්ත පොලවල වෙළඳාම් කරමින් දිවි ගැට ගහගන්නා ඇය, තම දුක් ගැනවිල්ල මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කරමින් යුක්තිය ඉටු කරන ලෙසට ඉල්ලා සිටී.

No comments:

Post a Comment