Friday, August 9, 2013

දෙවියන් වහන්සේගේ පුතුන් විසිතුන් දෙනෙකු මහමගට ඇද දාන්ට කතෝලික පූජකවරෙයක් පොලීසිය සමග අත්වැල් බැඳගනි.

කළුතර,කලමුල්ලේ පිහිටි ගේ‍්‍රස් කුමරි ළමා නිවාසය දෙස් විදෙස් ආධාර ඇතිව ගොඩනගා පවත්වා ගෙන එනු ලැබුවකි. ජාති ආගම් කුල භේදයෙන් තොරව උපන් හැටියේම දරුවන් ලබාගෙන රැගෙන විත් බව්තීස්ම කර හදා වඩා ලොකු මහත් කර සමාජ ගත කරන ලබන බව ප‍්‍රකාශවේ. දැනට මෙම නිවාසයේ ඉතිරිව සිටින්නේ එවන් තරුණයින් විසිතුන් දෙනෙකි.

මෙම තරුණ පිරිස  සමාජ ගතවන තෙක් ජිවත්වීමට සිදුව ඇත්තේ ඔවුන් සඳහාම වෙන්වු,  ගේ‍්‍රස් කුමරි ළමා නිවාස භූමියේ පිහිටි විලා හවුස්නිවාසයේය.  ඔවුන් පවසන්නේ, එම ළමා නිවාසයට කතෝලික සභාවෙන් මෑතක පත්කර එවන ලද ලෙස්ටර් විජේසේකර නම් ‍පූජකවරයා,  තමන්ව විලා හවුස් වලින් ඉවත් කර මහ පාරට දාන්ට කටයුතු කරන බවයි.‍ තවද, මේ වනවිට ඒ  සඳහා පයාගල පොලීසිය බලල් අතක් කරගෙන තිබෙන බව ප්‍රකාශ වේ.

මෙම තරුණයින් කියා සිටින්නේ තම උප්පැන්න සහතිකවල පියාගේ නමට ඉදිරියෙන් ඉරක් ගසා ඇති බවයි. දෙතුන් දෙනෙකු හැරෙන්නට මව කව් දැයි කියන්නට දන්නේ නැත. මවගෙන් වෙන්කල දින සිටි එක් වීමට ඉඩක් ලබාදි නැත. ඥාතියෙක් නැත. ගමක් නැත. යන්නට තැනක් නැත. එසේ අපව හුදාකලා කොට සමාජ ගතකරන තෙක් රැක බලා ගන්නා බවට පොරොන්දුදී බලාපොරොත්තු ඇති කර මහමගට ඇද දාන්නට දරන නීච උත්සහය පිළිබඳ දැඩි ක්‍රොධයකින් පසුවන අතර බලාපොරොත්තු බිඳවැටුණු අනාථයින් බවට පත්ව සිටින බව ප‍්‍රකාශ කරයි.

අපිව මේ ගොල්ලෝ අරන් ආවේ නැත් නම් අපි මැරිලා යයි. නැති නම් කොහේ හරි හැදෙයි. මෙහෙම වෙන්නේ නෑ. දැන් ආගමත් එපා වෙලා.මේ එම පිරිසේ පොදු ප‍්‍රකාශනයයි.   
උපන්දා සිට හැදී වැඩුන ග්‍රෙස් කුමරි ළමා නිවාසයේ විලා හවුස්එකෙන් පළවා හැරිමේ වැඩ සටහන ක‍්‍රියාත්මක වුනේ එම නිවසේ විදුලිය විසංධි කිරීමෙනි. ඉන් පසු ජල මෝටරය ගලවා දැමීමට උත්සහ ගැනින.
මේ වනවිට ව්‍යාජ චෝදනා නගා පොලීසිය උපයෝගි කරගෙන මොවුන්ව මහ මගට ඇද දාන්නට සුදානම් වේ. 

මෙම වැඩ පිළිවෙල පිළිබඳව පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද තරුණයින් සිව් දෙනා වන, කන්ද දුරගේ ජූඞ් චතුර (අවු: 21 )මොහොමඞ් මොහිදීන් ජනිත් පෝල් (අවු: 19) අජිත් කුමාර ද සිල්වා (අවු: 21) මග්ගොනගේ අරුණ කුමාර
(අවු: 21 ) විසින් පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කර තිබෙන ලිඛිත පැමිණිල්ල බොහෝ කරුණු පැහැදිලි කරයි.

අපි උපන්දා සිටම ගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ හැදී වැඩුනු අතර, 2012අගොස්තු මස සිට විලාහවුස් හී පිදංචියට ගියෙමු. එය විදේශ ආධාර ඇතිව අප වෙනුවෙන්ම ඉදි කරන ලද්දකි. අප සිය`ඵ දෙනා ඉපදුන දවසේ සිටම දෙමාපියන්ගෙන් වෙන්කොට කතෝලික සභාවෙන් පාලනය වන මෙම නිවාසයේ හැදී වැඩුණි.

අප සිය`ඵ දෙනාම කතෝලික භක්තිකයින් වශයෙන් කල් ගෙවනු ලබයි. අප පාසල් ගියේද මෙම ළමා නිවාසයේ සිටය.

අපි 18 ට වැඩිවූ පසුව මෙම විලා හවුස් වෙත පදිංචි කරවන ලදි.

මෙම ළමා නිවාසයේ මීට පෙර සිටි සිය`ඵ දෙනාම තමන් ස්ථාවර පදිංචි ස්ථානයක් සොයාගෙන යන තෙක් වයස් ප‍්‍රශ්ණයකින් තොරව සිටි බව ප‍්‍රකාශ කරමු.

මෙම විලාහවුස් නිවස අප වෙනුවෙන්ම වෙන්කර තිබුණු අතර වසර10ක පමණ කාලයකට වැඩි කාලයක සිට ළමා නිවාසයේ හැදී වැඞී වයස අවුරුදු
16 ,17 වන විට මාරුකර පදිංචි කරවන ස්ථානයයි.

මෙම ස්ථානය අප ස්වාධීනව පිටව යනතෙක් අපට පදිංචිව සිටිය හැකි බවට අප තුල විශ්වාසය ගොඩ නගා තිබේ.

එසේ තිබියදීත් 2013.06.27 දින සවස 4.00ට පමණ පයාගල පොලීසියේ ජීප් රථ 2 ක් පැමිණ, එම අවස්ථාවේ සිටි අප සිය`ඵ දෙනා අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන යන ලදි.

අපව පොලීසියට ගෙන ගියේ කටඋත්තරයක් ගන්නා බවට ප‍්‍රකාශ කරයි. අප සිව් දෙනාම පොලිස් කූඩුවට දමන ලදි.

පසුදින උදේ (28දා, අප සිව් දෙනාගේ ප‍්‍රකාශ සටහන් කරගන්නා ලදි. එහිදී පොලීසිය අපගෙන් ඇසුවේ ලෙස්ටර් විජේසූරිය පියතුමාට බැන්නාද, ගැහුවාද, ඔහුගේ වාහනයට අලාභ හානි සිදුකලාද යන්නය. අප ඒ පිළිබඳ නොදන්නා බව ප‍්‍රකාශ කළා. එහිදී අප කියා සිටියේ අප ඔහුට බැණ තර්ජනය කිරීමක් හෝ පහරදීමක් සිදු නොකළ බවත්, අපගේ කපා හරින ලද විදුලිය අපට ලබාදෙන ලෙසටයි.

එදින (28 දින සවස 2.00ට පමණ අපව ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ගෙන ගියා. එහිදී මහේස්ත‍්‍රාත්තුමාට පොලීසිය ප‍්‍රකාශ කළේ අප බලහත්කාරයෙන් විලා හවුස් හී සිටින බවයි. තවද පොලීසිය ප‍්‍රකාශ කළ අපට නිවාස 2ක් ලබාදී තිබෙනවා කියා. අප එසේ නිවාස අපට ලබා නොදුන් බවත්, අප විලාහවුස්හී බලහත්කාරයෙන් පදිංචි වී නොසිටින බවත් ප‍්‍රකාශ කළා.

එයින් පසු අප සිය`ඵ දෙනාට 2013.08.06 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා මුදා හැරියා.

2013.08.03 සෙනසුරාදා සවස 3.00 පමණ පයාගල පොලීසියේ නිලධාරීන් 5 දෙනෙකු පමණ ග්‍රේස් කුමරි ළමා නිවාසයේ ගැහැණූ ළමුන් නේවාසිකව සිටි පැරණි ගොඩනැගිල්ල පරීක්ෂා කළ. එයින් පසු අපගෙන් ඇසුවා මෙම ගොඩනැගිල්ලට අලාභ හානි කර තිබෙන්නේ කවුරුන්ද කියා. අප ඔවුන්ට පැහැදිළි කලා මෙම ගොඩනැගිල්ලට කිසිම ආරක්ෂාවක් නැති බවත්, අසල්වැසියන් විසින් හානිකර ඇති බවත්, ඒ ගැන අපට වගකීමක් නැති බවත්.

එයින් පසු පොලීසිය අපට දැනුම් දුන්නා - 2013.08.04 ඉරිදා උදේ 9.00පොලීසියට පැමිණෙන ලෙසට. ඒ අනුව අප 15කු පොලීසියට ගොස් ප‍්‍රකාශ ලබා දුන්නා. ඒ අවස්ථාවේදීත් අපගෙන් ඇසුවේ පැරණි ගැහැණූ ළමයින්ගේ නිවසට අලාභ හානි කලේ කවුද කියලයි. පොලීසිය මොනවද සටහන් කොට අපට අත්සන් කරන්න කිව්වා. මොනවා ලිව්වාදැයි අපි දන්නේ නැහැ. කියවා තේරුම් කර දුන්නේද නැහැ. මේ දක්වාම අප 4 දෙනාට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන චෝදනාව කුමක්ද කියාවත් අප දන්නේ නැහැ.

අප ඉල්ලා සිටින්නේ පයාගල පොලීසිය - ලෙස්ටර් විජේසූරිය පියතුමා සමග එක්ව බොරු චෝදනා නගා අපට හිමි විලා හවුස් වෙතින් නෙරපා දැමීමට උත්සාහ දරන බැවින් එම උත්සාහය වලක්වාලන ලෙසටත්පොලීසිය නීති විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් එම අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායානුකූල පියවර ගන්නා ලෙසටත්ය.

No comments:

Post a Comment