Wednesday, August 21, 2013

ගිහිල්ලා ප්ලාස්ටික් සැත්කමක් කරගන්න. ඔවදන! ස්ථානාධිපති - උතුරු කළුතර පොලීසිය.

ඇය විසි අට හැවිරිදි, ආබාධිත තරුණියකි.පදිංචිය-කඵතර උතුර, මාදංවත්ත, වස්කඩුව.  සුජිත් ප්‍රියන්ත නැමැත්තා, ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු වෙමින්, දූෂණය කර, පලා යන ලදි.

මේ පිළිබදව, ඇය 2013.08.02 දින, කඵතර උතුර පොලිසියට පැමිණිල්ලක් කරන්නේය.මැයගේ පැමිණිල්ල බාරගැනීම ප්‍රතික්ෂේප කල ස්ථානාධිපතිවරයා ගිහිල්ලා ප්ලාස්ටික් සැත්කමක් කරගන්නැයි උපදෙස් දුන්නේය.

මේ ආකාරයට පොලිස් ස්ථානාධිපති ක්‍රියාකර ඇත්තේ, තමාව දූෂණය කල බවට නම් කරනු ලබන සුජිත් ප්‍රියන්ත යන අය, රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රාදේශීය සභ මංත්‍රීවරයෙකුගේ කිට්ටු හිතවෙතකු නිසා බව - ඇගේ පවුලේ උදවිය කියා සිටී.

මේ පිළිබඳව ලිඛිත පැමිණිලි කිරිමෙන් පසුව ඇය ගේ ප්‍රකාශය සටහන කරගෙන රෝහල් ගත කිරිමට පියවර ගත් ස්ථානාධිපති ‘‘ප්ලාස්ටික් සැත්තමක් ” සැත්කමක් කර ගන්න යයි කිව්වේ විහිලුවට බවද කියා සිටි.

No comments:

Post a Comment