Friday, August 2, 2013

නිදහස් දවසේ හොරෙන් පොල් කැඩු බවට චෝදනා ලැබ ප‍්‍රසිද්ධියට පත් දැරියගේ අප‍්‍රකට කථාව


හොරණ මේධංකර මහා විදුහලේ විදුහල්පති සුපුරුදු පරිදි සියලූ බලධරයින්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලබමින් ළමා අපයෝජනයේ යෙදෙති. 

මේ වසරේ පෙබරවාරි මස මහත් ආන්ෙදාලනයක් ඇති කළ, මාධ්‍යය සිරස් තලවලට එක්වු දැරිය මේවන විට ඉන්නවාද නැද්ද කියාවත් අසන්නට කෙනෙකු නැති තරම්ය. සිදුධියට මුල්වු හොරණ මේධංකර මහා විදුහලේ විදුහල්පති සුපුරුදු පරිදි සියලූ බලධාරයින්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබ ළමා අපයෝජනයේ යෙදෙති. ඇගේ මව 40 හැවරිදි කුකුළ කංකානම්ගේ චන්ද්‍රලතා පස් දරු මවකි. බරපතල ශෛල්‍ය කර්මයකට භාජනය වී සිටින ඇයට කුලි වැඩක් වත් කරන්නට ශක්තියක් නැත. සැමියා ක්ෂය රෝගයෙන් පෙළුනද ක`ථ ගල් කඩා පවුළ රකි.දැනට දැරිය 8වන වසරේ ඉගෙනුම ලබන්නේ පරිවාසය ඉදිරිපත්ව සොයා දුන්න පාසැලේය. මව ඈ ගැන කියන්නේ කුමක්ද.

අතීත කථාව පළමු ශ්‍රේණියේ සිට 2012 මැයි 19 දින දක්වා මාගේ දියණිය පාසල් ගියේ ක/ශ‍්‍රී මේධංකර මහා විද්‍යාලයටයි. එහි 08 වසර දක්වා ඉගෙනුම ලබමින් සිටියා. 2012 දෙසැම්බර් මසදී, පංති භාර ගුරුවරිය පවසා තිබෙනවා පංතියේ තීන්ත ගාන්න රු: 800-ක් ගේන්න කියා. මුදල් නොමැති නිසා දුව දෙසැම්බර් මස පාසල් ගියේ නැහැ. ජනවාරි මස දින 3ක් පාසල් ගියා. එ් දිනවල මුදල් අහලා තියෙන නිසා අපිටවත් එ් ගැන නොකියා දුව පාසල් නොගිහින් හිටියා. මුදල් එකතු කිරීම බාරව සිටි මවක හා පියෙකු දිගටම දුවට බලපෑම් කරමින් මුදල් ලබාදෙන ලෙස දිගින් දිගටම බල කර තිබෙනවා.

ඇය තම පියාගෙන් (මාගේ සැමියාගෙන්) මුදල් ඉල්ලූ විට සැමියා පැවසුවා මුදල් සොයා දෙන්නම් පාසල් යන්න කියා.එ් අතරදී එම පාසලේ පැළඳිය යුතු සපත්තු වෙනස් කළ නිසා, සපත්තු කුට්ටමක් ගැනීමට මුදල් නැති වුනා. ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව ඇගේ පුතාගේ සපත්තු කුට්ටමක් ලබා දුන්නද, එය ලොකු නිසාත්්, තීන්ත ගාන්න මුදල් දීමට නොහැකි නිසාත් දුව පාසල් යාම ප‍්‍රතික්ෂේප කලා.

එසේ සිටියදී 2013-02-04 දින මාගේ දියණීය  ඕවිටේ තිබී වේලිච්ච පොල්ගෙඩි 02ක් ගෙනවිත් තිබුනා. 2013-02-05 දින හොරණ පොලිසිය අප නිවසට පැමිණියා. ඔවුන් සමග අප ප‍්‍රදේශයේම පදිංචිකරුවකු වන කරන්නාගොඩගේ චන්ද්‍රසේන යන අයද පැමිණ සිටියා. ඔහු විසින් ඔහුගේ ඕවිටක තිබුනු පොල්ගෙඩි 08ක් මාගේ දුව ගසකට නැග කඩාගෙන ඇති බවට පැමිණිල්ලක් කර ඇති බැවින් එදින (05 දින) සවස 3-00ට පොලිසියට පැමිණෙන ලෙසට පැවසුවා. එ් අනුව එදින සවස 3-00ට පොලිසියට මා හා දියණිය ගියා.

පැමිණිල්ල විභාග කරන අතරදී පොල් අයිතිකරු කියන පුද්ගලයා සමථ වීමට අකමැතිවූ අතර පොල්වල අලාභය රු: 320 ක් වන බව පැවසුවා. මා අලාභය ගෙවීමට සූදානම්වූ විටඅලාභය එපා උසාවි දාන්න කිව්වා. මාව හා දියණියව සවස 5-00 වන තෙක් පොලිසියේ රඳවා තබා ගත්තා. පසුව සවස 5-00ට පමණ පැවසුවා 2013-02-06 දින උදේ පොලිසියට පැමිණෙන ලෙසට. මා හා දියණිය 2013-02-06 දින උදේ 8-00ට පොලිසියට ගියා. උසාවි දාන්න වාර්තා ටයිප් කරනවා කියා අපට වාඩිවී ඉන්න කිව්වා. පොල් අයිතිකරු සාක්ෂි සඳහා ඔහුගේ මස්සිනා වන ගලබඩගේ සිරිපාලව පොලිසියට ගෙනවිත් තිබුනා. පොල් අයිතිකරු ත‍්‍රී රෝද රථ 2ක් ගෙනවිත් තිබුනා. මා හා දියණිය සමග සාක්ෂිකරුත් පොලිස් නිලධාරියෙකුත් එක් ත‍්‍රී රෝද රථයකිනුත් අනෙක් ත‍්‍රී රෝද රථයේ පොල් අයිතිකරු කියන පුද්ගලයාත් හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගියා.

අධිකරණයේදී මහේස්ත‍්‍රාත්වරයා මාගෙන් ඇසුවා වරද පිළිගන්නවාද කියා. මා වරද පිළිගත්තා. එවිට නඩුකාරතුමා දරුවාව පරිවාසයට දැමිය යුතු බව පැවසුවා. මට හා දියණියට පොලිස් කාන්තාවක සමග ගොස් පරිවාස වාර්තාව ගෙන එන ලෙස පැවසුවා. මා හා දුව පොලිස් කාන්තාවක සමග හොරණ පරිවාස කාර්යාලයට ගොස් එම වාර්තාවද සමග පරිවාස නිලධාරී පුෂ්ප කුමාර මහතාද සමග නැවත අධිකරණයට පැමිණියා.

පසුව දරුවා වෙනුවෙන් නීතිඥ රොෂාන් දෙහිවල මහතා හා තුෂාර ගුණරත්න මහතා නොමිළේ පෙනී සිටියා. රු: 50"000 වටිනා ශරීර ඇපයක් මත දියණියව මුදාහැරියා. නැවත නඩුව 2013'02'22 බව දැනුම් දුන්නා. 2013'02'10 දින අප දැනගත්තා පොල් අයිතිකරු විසින් නඩුව ඉවත්කරගෙන තිබෙන බව.


අප‍්‍රකට කථාව
2013 මාර්තු 09 දින මාගේ දියණිය වැඩිවිය පැමිණුනා. ප‍්‍රාදේශීය ලේකම්වරයා එය දැනගත් පසු ප‍්‍රා.ලේ.කාර්යාලයේ සේවය කරන අයගේද සහයෝගයෙන් දුවගේ කටයුතු කර දුන්නා. එ් දිනවල මා සැත්කමකට භාජනය වීමට නියමිතව තිබූ හෙයින් දියණියව අනාරක්ෂිතව නිවසේ තැබිය නොහැකි බව පවසා, ප‍්‍රා.ලේ.වරයා මැදිහත්ව 2012'03'22 දින හුරුගල ළමා නිවාසයට දියණියව ඇතුලත් කලා. මා දියණිය බැලීමට 2013 අප්‍රේල් මස දිනකදී එම නිවාසයට ගිය විටදී එහි සිටීමට නොහැකි බවත්, ළමුන් බලන ආච්චී පහර දෙන බවත් පවසා දියණිය නැවත මා සමග නිවසට පැමිණියා. 

නිවාසය පාලනය කරන්නේ ක‍්‍රිස්තියානි පල්ලයකිනි. මාගේ දියණියට ආගමට හැරෙන්න කියා බලකර තිබුනා. ඇය එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඇයට වේවැලකින් පහරදී තිබුනා. නැවතත් සති දෙකකින් පමණ ප‍්‍රා.ලේ.කාර්යාලයේ තුෂාරි මිස් ඇවිත් දියණියව ළමා නිවාසයට රැුගෙන ගියා. අපට බලන්න යන්න එපා කියා ඇය පැවසුවා. අපට හොඳට ඇඳලා යන්න එපා නැතිබැරිකම් කියලයි නිවාසෙට දැම්මේ ආයිත් යන්න එපා කියා ඇය තර්ජණාත්මකව පැවසුවා. ඇය සමග ග‍්‍රාම නිලධාරීවරයාද සිටියා.අප 2013 ජූලි 10 දින දරුවා බලන්න ගියා. එදිනත් ඇය ඉන්න බැහැ කියා අප සමග නිවසට පැමිණියා.

නැවතත් ප‍්‍රා.ලේ.කාර්යාලයේ තුෂාරි මිස් හා අතුරුලියා මිස් නිවසට පැමිණ මට බැණ වැදුනා ආපහු ළමයාව ගෙනාවා කියා.  දෙන ආධාරවත් දෙන්නෑ ගේවත් හදලා දෙන්නෑ කියා බැණ වැදුනා.පසුව ග‍්‍රාම නිලධාරී හා ප‍්‍රා.ලේකාර්යාලයේ තුෂාරි නැමැත්තිය බලහත්කාරයෙන් ළමයාව නැවත නිවාසයට ගෙන යාමට සූදානම්ව නිවසට පැමිණ තිබුනා. මා ගෙදර සිටියේ නැහැ. මාගේ දියණිය අසල නැටුම් පුරුදු කරන නිවසකට දුවගොස් තිබුනා. ඔවුන් දියණිය පසුපස පන්නා තිබෙන අතරරබර් වත්තක් දිගේද එලවා ගොස් තිබෙනවා. අනතුරුව නැටුම් උගන්වන්න නිවසට ගොස් ඔවුන්ටද බැණවැදී තිබෙනවා මාගේ දරුවාව තබා නොගන්නා ලෙසට.

පසුව මා පරිවාස කාර්යාලයට ගොස් සිද්ධිය පවසා සිටියා. ඔවුන් ළමයා සමග සාකච්ජා කලා. ළමයා නැවත නිවාසයට යාම ප‍්‍රතික්ෂේප කලා. එම නිලධාරීන් පැවසුවා ළමයාව බලෙන් යවන්න බැහැ එහෙම ගෙනියන්න අයිතියක් නැහැ කියා. පරිවාස නිලධාරීන් මැදිහත්ව දරුවාව ............ විද්‍යාලයට ඇතුලත් කර දුන්නා.

No comments:

Post a Comment