Tuesday, August 13, 2013

පොලීසියේ අයට පොලීසියම බොරු නඩු දායි. පොලිස් සැරයන්ට විරුද්ධව බොරු නඩුවක් දමයි. 119 ලොක්කෙකුගේ අවශ්‍යතාවයටලු.

පොලිස් සේවයේ වසර විසි පහක රාජකාරිය නිම කොට තිබෙන 52 හැවිරිදි පොලිස් සැරයන් නිමල් කීර්තිරත්න ට, විරුද්ධව රගහ පොලීසිය බොරු නඩුවක් පැවරුවේ 119 හදිසි ඇමතුම් මූලස්ථානයේ ලොක්කෙකුගේ අවශ්‍යතාවයටලු.
2013.08.05 දින, සිවිල් ඇුමින් පැමිණි රගහ පොලීසියේ තිදෙනෙක්, පොලිස් සැරයන් නිමල් කීර්තිරත්නව අත්අඩංගුවට ‍ෙගන රැෙෙන ගියේ ප්‍රකාශයක් සටහන් කරවා ගන්නට තියනවා කියමින්ය.
රගහ පොලීසියේ, අසල්වැසි කාන්තාවකට ෙොරව මිටකින් පහරදුන් බවට බොරු චෝදනාවක් නගා ඇල්පිටිය ම‍හ්ස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ක‍ෙළ්ය.
කලක සිට, මෙම පොලිස් නිලධාරියාත් සමග ඉඩම් ආරවුලකට පැටලැවී සිටින නයනා ගුණවර්ධන නැමැති කාන්තාවගේ අවශ්‍යතාවයට සැළසුම් සහගතව, කුමන්ත්‍රණකාරීව තමන්ව අත්අඩංගුවට  ගෙන බොරු නඩුවක් දැමූ බව ඔහු ප්‍රකාශ කරයි.
මැය විසින් කර තිබෙන පැමිණිල්ල නිසි අයුරින් පරීක්ෂණ කළේ නම් එය බොරු පැමිණිල්ලක් බව  මනාව ඔප්පු වන බව පෙන්වා  ‍ෙදන සැරයන් නිමල් කීර්තිරත්න, එසේ නොකොට, අධිකරණයට ඉදිරිපත්  ‍ෙකාට රක්ෂිත බන්ධනාගාර ගත කරන්න උත්සාහ කළේ 119 මූලස්ථානයේ  ප්‍රධාන පරීක්ෂක වරුන්ගේ ඕනෑ නමට යැයිද කියා සිටී.
බොරු නඩු දැමීමට සීමා මායිම් නැත. පොලීසියේ අය පොලීසියේ අයටම බොරු නඩු දමන තත්වයට අද පත් කරලා.

No comments:

Post a Comment