Friday, August 9, 2013

පොලිස් කණේ පාරට, රු: 5000/= ක් ගෙවන්න නියම වෙයි.

මානව හිමිකම් කොමිෂන් සභාව මෙම නියමය කරන්නේ,බුලත්සිංහල, අමරගෙදර, ඒ. නිමල් මහතා විසින් කරන ලද පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුවය.

බුලත්සිංහල පොලීසියේ,පො.සැ. 377005, එස්.එස්.පී. සිරිකුමාර, 2012.01.14 වන දින, පොලිස් ස්ථානය තුළදී, ඒ නිමල් ට පහර දුන්නේ ඔහුට අයත් නොවන, නීති විරෝධී මත් පැන් ළ තබා ගත් බවට වන පොලිස් පොතේ තබන ලද සටහනට අත්සන් තැබීම ප්‍රතික්‍ෙෂ්ප කිරීම නිසාය.

මානව හිමිකම් කොමිෂන් සභාව කරන ලද විමර්ශනයේදී, ‍ෛවද්‍ය වාර්තාව පදනම් කරගෙන රු: 5000/=  ක් නිමල් මයාට ගෙවන ලෙසට, නියම කළේය. ඔහුට මතුගම සහකාර පොලිස් අධිකාරීවරයා ඒ නිමල් මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදීම පිළිබව සටහන් කරන කොමිෂම කියා සිටින්නේ  බැන්න බව සනාථ කරන්නට ” නොහැකි වූ බවයි.

මෙම සිද්ධිය අදාලව බුලත්සිංහල පොලීසිය පවරන ලද බොරු නඩුවේදී, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතඥවරිය, ඒ නිමල් මහතාගේ උපෙදෙස් වලට පටහැනිව යමින්, වැරදිකරු බව පිළිගන්නා බවට කරන ලද ප්‍රකාශය නිසා ඔහුට ප්‍රජාසේවය නියම විය. මේ පිළිබව ඔහු, මෝසමක් මගින් අධිකරණයට කරුණු දැක්වීමට ගත් උත්සාහයට ද ඉඩ ලැබුනේ නැත.

පොලීසිය සිදුකරන බොරු නඩු දැමීම වැලැක්වීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නැත. ඒ බව මෙම සිද්ධියෙන්ද පැහැදිළි වේ.

No comments:

Post a Comment