Thursday, August 15, 2013

පො.ප. ජයනාත් 16 හැවිරිදි සිසුවෙකුට පහර දුන්නේ නොතාරිස් වරිය් සංසිඳවන්නලු!

පැමිණිලි විභාගයක් සහා 16 හැවිරිදි අවිු පසුගිය 10 වන දින කහතුඩුව පොලීසියට සිය මවගේ තනියටය.
පැමිණිල්ල පවුල් ආරවුලක් සම්බන්ධ වූවකි. එක් පැමිණිල්ලක් අවිුගේ මවට එරෙහිව පියාගේ නැගණිය විසින් කර තිබුණ එකකි. අනෙක මව විසින් පියාටත් තවත් කාන්තාවන් දෙදෙනෙකුටත් එරෙහිව දමා තිබුණ එකකි.
පැමිණිලි විභාගය කහතුඩුව පොලීසිසයේ පොලිස් ස්ථානාධිපති පො.ප. ජයනාත් විසින් පවරාගෙන තිබිණ. මවගේ පැමිණිල්ලේ නම් කර තිබූ කතුන් දෙදෙනාගෙන් එක් අයෙක් නොතාරිස්වරියකි.
පො.ප. ජයනාත් විභාගය ආරම්භ කළ විට මව, පැමිණිල්ලට අදාල දෙපාර්ශවයක් පැමිණ නැති බව ප්‍රකාශ කොට, ඔවුන්ව ගෙන්වා විභාගය පවත්වන ලෙසට ඉල්ලා සිටියේය.
ස්ථානාධිපති පො.ප. ජයනාත් ඇයට කන්දුන්නේ නැත. එයින් අනතුරුව ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගන්නා ලෙසට නියම කළේය.
අවිු, මව සමග තම වාරය එනතෙක් පොලීසිය තුළ සිටින විට  ආ ප ..... ” තෝ කව්ද අසමින්, ඔහුගේ බෙල්ලෙන් අල්ලා මිරිකා මුහුණට, ඔලුවට පහර දෙන්නට විය.
පහර දීමෙන් කලාන්තවූ අවිඳුව, ඔහුගේ මව ඉදිරිපත්ව කළුබෝවිල ශීක්ෂණ මහා රෝහලට ගෙන යනු ලැබීය. දින හතරක් නේවාසිකව ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව, ඔහුව රෝහලින් පිට කළේ ඉදිරියට සායන ගණනාවකට පෙනී සිටින ලෙසට නියම කරමින්ය.
විනාඩි කිහිපයකඩ වඩා හිස කෙලින් තබාගෙන සිටීමට නොහැකි, රෝගාතුර තත්වයකට ඔහු පත්ව තිබේ.
මෙම දෙසැම්බරයේ අ.පො.ස. (සා.පෙල) විභාගයට පෙනී සිටීමට නියමිත අවිඳුව කහතුඩුව පොලීසියේ ස්ථානාධිපති පො.ප. ජයනාත් පහර දුන්නේ, මවගේ පැමිණිල්ලෙන් නම් කර තිබූ තම පියා සමග අඹු සැමියන් ලෙසට ජීවත් වන බව කියන, පැමිණිලි විභාගයට පෙරත් පසුවත්, ස්ථානාධිපති කාමරයේ කුළුපගුව දොඩමින් සිටින නොතාරිස්වරියගේ අවශ්‍යතාවයට යැයි, අවිඳුගේ මව වන මොරටුමුල්ලේ සංජීවනී කළුආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටී.

No comments:

Post a Comment