Tuesday, August 27, 2013

ජාඩියට මූඩිය - එක වල්ලේ පොල් රාජපක්ෂ හා බෙලෝරුසියා ඇලෙක්සැන්ඩර් හමුව.


එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් පිලිබ විශේෂ නියෝජිත  පිල්ලේ මහත්මිය  මෙරටට එන විට, ජනාධිපති රාජපක්ෂ  බෙලෝරුසියාවට  ගියේය.

ශ්‍රී ලාංකිකයින් අතර බහුතරය බෙලෝරුසියාවක් ගැන ඇහුවාමය. මේ රට ගැන  දැනගෙන හිටියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පැරැන්නන් පමණක්ය. ඒ සෝවියට් සමූහාණ්ඩුවේ රටක්ව පැවති නිසාය.

සෝවියට් සමූහාණ්ඩුව රටක්ව බි වැටීමෙන් පසුව බිහිවූ පැවති බෙලෝරුසියාව රාජ්‍යයේ ප්‍රථම ජනාධිපති වුනේ ඇලෙක්සැන්ඩර් ලුකසෙන්කෝය.

සියලු ආයතන බලය තමා යටතට ගත් මොහු නිදහස් අදහස් ප්‍රකාශනය, මාධ‍‍ය නිදහස, සාමකාමී රැස්වීම්, ආගම ඇදහීම පවා දැඩිව සීමා කරමින්, ඒකාධිපති පාලනයක් රටතුල දියත් කළේය.

තව නට්සිවාදියෙකු වන මොහු, එරට පාලනය කරන්නේ, මරා දැමීම්, පැහැර ගැනීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, බොරු චෝදනා නැගීම් හා වධහිංසා කරමින් එරට අධිකරණය රූකඩයක් බවට පත්කරමින්ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුව, යුරෝපයේ මානව හිමිකම් කඩ කරන රටවල් අතරින් පළමු තැන ගෙන සිටින බෙලෝරුසියාව, ඇමරිකාවේ හා යුරෝපා සංවිධානයේ සම්භාධක රැසකට යටත්වූ රටකි.

ශ්‍රී ලංකාව රාජපක්ෂ පාලනය සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නේ මානව හිමිකම් උල්ලංඝණය කරන දුෂිත රාජ්‍යය නායකයින් සමගය.

මෙම සම්බන්ධය ජාඩියට මූඩිය හා එකවල්ලේ පොල්  යන ජන කියමන සනාථ කරයි.

No comments:

Post a Comment