Wednesday, August 21, 2013

“ග්‍රේස් කුමරි” - තරුණයින්ගේ ඡන්ද අයිතියටත් කෙළී

කළුතර කලමුල්ලේ, “ග්‍රේස් කුමරි”  ළමා නිවාසයේ උපන්දා සිට හැදී වැඩුනු දහඅටට වැඩි තරුණයින් විස්සකට අධික පිරිසකගේ නම්, 2013 ඡන්ද නාම ලේඛණය සංශෝධනය කිරීමේ ලේඛන වලට ඇතුලත් කර නොමැතිලු.
මේ වන විට කතෝලික සභාව මෙම තරුණයින් පන්නා දැමීමේ දැඩි උත්සාහයක නිරතව ඇත.
මෙම නිවසේ විදුලිය විසන්ධි කිරීම, පයාගල පොලිස් ස්ථානය හා එක්ව බොරු නඩු පැවරීම මේ වන විටත් සිදු කර තිබේ.
අනවසරයෙන් පදිංචි වී සිටින -   “සක්කිලි”  පිරිසක් ලෙසට හඳුන්වමින්, මෙම තරුණයින් පන්නා දැමීමේ කුමන්ත්‍රණයේ එක් පියවරක් ලෙසට, දහඅටට වැඩි පිරිසකගේ නම්, සැලසුම් සහගතව ඡන්ද නාම ලේඛන සංශෝධනය කිරීමේ ලේඛන වලට ඇතුලත් කිරිම වළක්වා ඇති බව මෙම තරුණයින් කියා සිටි.
මේ පිළිබඳව දැඩි කණස්සල්ලට   පත්ව සිටින මෙම තරුණ පිරිස “අසල්වැසියන්ට ප්‍රේම කිරීමට ” දෙසන  සභාවේ නියම ස්වරූපය මෙයින් පැහැදිලි වන්නේ යැයි කියති.

No comments:

Post a Comment