Sunday, August 18, 2013

වයස 95ක කාන්තාවක් දූෂණයට වුරුද්ධවූ ගම්වාසීන්ව පොලීසිය වීඩියෝ තිබුණා.

මීට දින 6කට පමණ පෙර මහව රිදී බැඳි ඇල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 95ක කාන්තාවක් දූෂණය කර තිබුනා.

ඒ ආයුධ සන්නද්ධව පැමිණි ප්‍රදේශයේ වැලි ලොරි වලින් කප්පම් ගන්නා පුද්ගලයෙක් විසිනි.

පැමිණිල්ල සිදු කර දින 6ක් ගතවූවත් පොලීසිය ඔහුව අත් අඩංගුවට නොගත් නිසා මහව රිදී බැඳි ඇල්ල ප්‍රදේශවාසීන් අද (17) උදෑසන විරෝධතාවයක් පැවැත්වුවා.


ඒ පාදෙනිය සිට අනුරාධපුරය දක්වා ඇල්ල හරහා දිවෙන මාර්ගය අවහිර කරමින්.

එතැනට පැමිණි මහව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් තම නිළධාරියෙකුට ගම්වාසීන්ව වීඩියෝගත කරන්නැයි උපදෙස් දී තිබු අතර කොස්තාපල්වරයෙකු විසින් තම ජංගම දුරකථනයෙන් ගම්වාසීන්ව වීඩියෝ කර තිබුණා.

එහිදී පොලීසිය පැවසුවෙ සැකකරු සිටිනා ස්ථානය දන්වන්නේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි බවයි.

ගම්වාසීන් විසින් පොලීසියට චෝදනා කළේ "පොලීසිය ඇවිල්ලා හොඳට කාලා බීලා යනවා. අරක්කු බෝතලේටයි සිගරට් එකටයි තමා ඒ ගොල්ලෝ වැඩ කරන්නේ. අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මූට දඬුවම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා." යනුවෙනි


 


BY- 33000.lk

No comments:

Post a Comment