Thursday, December 7, 2017

පොලිස් කොමිෂම යහපාලනයේ රෙදි ගලවයි.


කඹුරුපිටිය පොලිසිය, නීතිය හා සාමය බාර ඇමති සාගල රත්නායකගේ බල ප‍්‍රදේශයට අයත් එකකි.

පතිනායක පවුලට අයත් ඉඩමකට කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ වී, බලහත්කාරකම් කිරීම ගැන පැමිණිල්ලක් පොලිස්පතිට කර, එහි පිටපතක් පොලිස් කොමිෂමට යොමු කිරීමට පතිනායක මහතා පියවර ගත්තේ, 2017.08.23 වන දින දීය.

එම පැමිණිල්ල විමර්ශනය කළ බවත්, පොලීසියට, අන් අයගේ ඉඩම්වල බෝඞ් ගැසීමට හැකි බවත්, බෙදුම් නඩුවක් තිබෙන නිසා මැදිහත්වීමට නොහැකි බව ප‍්‍රකාශ කරන පොලිස් කොමිෂම යලිත් වරක් තමන් ‘‘යහපාලනය’’ යටතේ විගඩමක් බවට පත්ව තිබෙන බව ඔප්පු කර ඇත.

පතිනායක මහතා 2017.12.06 දාතමින් පොලිස් කොමිෂම අමතන ලද ලිපිය සියලූ කරුණු පැහැදිළි කරයි.

පී.එම්. තිලකා කල්‍යාණි මිය
පළාත් අධ්‍යක්ෂ (දකුණු පළාත)
ජාතික පොලිස් කොමිෂන් සභාව
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය
පළමුවන මහල
ගාල්ල

මහත්මියණි

කඹුරුපිටිය ස්ථානාධිපතිවරයාගෙන් සිදුවී ඇති අසාධාරණය සම්බන්ධව

උක්ත කාරණය අදාලව ඔබගේ NPC/PCID/SOU/MT45/17 හා 2017.11.23 දාතමින් යුත් ලිපිය හා බැඳේ.

මාගේ පැමිණිල්ල අදාලව ඔබ, පිළිතුර ප‍්‍රතික්ෂේප කරන බව ප‍්‍රථමයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

(1* ඔබ විමර්ශනයක් කළ බව සඳහන්ව ඇතත්, එය කා සමග කරන ලද විමර්ශනයක් ද කියා, මා දන්නේ නැත.

මා දන්නා පරිදි විමර්ශනයක් කිරීමේදී, පැමිණිලිකරුගෙන් පැහැදිළි කර ගැනීමක් කරගත යුතුය. 

(2* ඔබගේ ඊනියා පිළිතුර පැහැදිළි කරන්නේ, ඔබ පොලීසිය සුද්ධ කිරීමට පොලිස් නීති විරෝධී කි‍්‍රියා ආරක්ෂා කිරීමට කරන ලද්දක් බවය.

(3* ඉඩම් නඩුව ඇත්තේ පොලිස් ස්ථානාධිපති සමග නොවේ. පොලිස් ස්ථානාධිපති සමග ඉඩම් නඩුවක් තිබුණත්, පොලිස් බලතල යොදාගෙන ඉඩම් මංකොල්ලා කෑමට නොහැකි බව නොදන්නවා විය හැක.

(4* මෙම ඉඩම අදාල ඉඩම් නඩුව, ”බෙදුම් නඩුවකි” එහි පාර්ශවකරුවන් මාගේ ඥතීන්ය. එ් නිසා ස්ථානාධපතිට, ඉඩමට අයිතිවාසිකම් කිව නොහැකිය.

(5* මෙම ස්ථානාධිපතිවරයා ක‍්‍රියා කරන්නේ නීතියට අනුව නොවන බවද, වෙනත් ”බලවතුන්ගේ” අවශ්‍යතාවය මත බව වගකීමේන ප‍්‍රකාශ කරමි.

(6)”පොලීසිවල නාම පුවරුව” පුද්ගලික ඉඩම්වල අනවසරයෙන් ප‍්‍රදර්ශනය කිරීමට තිබෙන්නේ කුමන නීතියක්, කුමන රෙගුලාසියක් යටතේද, යනන් නොපමාව මා වෙත දැණුම් දෙන්න.

(7)වත්මන් යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝජනය කරන, මාතර දිස්ත‍්‍රික්කයට අයත් කඹුරුපිටිය ආසනයේ, කඹුරුපිටිය පොලීසියේ පොලිස් ස්ථානාධිපතිගේ ”නීති විරෝධී” ක‍්‍රියාවන්, සිද්ධියට අදාල නැති ”නඩුවක්” බව හුවා දක්වා, යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන නීතියට සියල්ල යටත් බව වන ප‍්‍රධාන කරුණ, ඔබ කොමිෂම හෑල්ලූවට ලක් කිරීම ගැන මාගේ අප‍්‍රසාදය පළ කරමි.

මා පෙර සඳහන් කරන ලද පරිදි ඔබගේ පිළිතුර ප‍්‍රතික්ෂේප කරන අතර, නොපමාව මෙම ස්ථානාධිපතිට එරෙහිව විනය පියවර ගෙන නාම පුවරුව ඉවත් කරන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලමි.    

මෙයට,
අ.ක/ එම්.ඩබ්. පතිනායක 

පිටපත:- ජ.පො.කො




No comments:

Post a Comment