Wednesday, July 4, 2018

එදා මහින්ද ගේ පුත්තලම් හුරතලාෟ අද මෛත‍්‍රි නළවනවා !!!



මේ වෙන අයෙකු නොව වර්ථමාන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ පදවියෙන් පිදුම් ලබා තිබෙන බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

මහින්ද රාජපක්ෂ රෙජිමයේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාා ලෙසට පිදුම් ලබා සිටියදි විදේශ රැුකියා සපයන බවට පුද්ගලයින් රවටා ලක්ෂ ගණන් මුදල් වංචා කළාය. එම මුදල් වංචා ගැන පොලිසිවල පැමිණිලි කළ ද අඩුම වශයෙන් මොහුගෙන් ප‍්‍රකාශයක් වත් ලබා ගැනිමට රාජපක්ෂ ඉඩ තැබුවේ නැත. 

වික්ටර් පෙරේරාගේ වංචාවන්ට ගොදුරුව වින්දිතයින් වු බහුතරය රාපක්ෂ ගැත්තන් ගේ භිෂණය හමුවේ නිහඬ විය. එහෙත් වික්ටර් පෙරේරාගේ මුදල් වංචාවන්ට ගොදුරුව වින්දිතයෙකුවු වීරරත්න මහතා, වික්ටර් පෙරේරා ව හා පොලීසිය අභියෝග ලක් කිරිම නතර කළෙ නැත. 

එම තත්වය තුල වික්ටර් පෙරේරාව අධිකරණය ඉදිරියට ගෙන එ්මට පොලිසියට සිදුවිය. 

ඇප මත මුදාහැර තිබෙන මොහු තවමත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ වරයාය. 

දුෂණයට එරෙහිව කථා කරන ජනපති සිරිසේන හමුවට විරරත්න යන්නේ වික්ටර් පෙරේරා ගැන කියන්නටය. එහිදි ඔහුව යොමු කරන්නේ ජනපති මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ   ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය ලඟටය. 

ඇය විරරත්න ට සියල්ල ලියා දෙන ලෙසට කියයි. එ් අනුව වීරරත්න මහතා ජනපති අමතන ලද ලිපිය පහත දක්වමු. 
  
‘ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක හා දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ නිලතල උපයෝගී කරගෙන මුදල් වංචාකරුවෙකු නීතියෙන් මිදීමට ගන්නා උත්සාහය.

දැනට හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අංක 97965 දරන නඩුවේ චූදිත වන්නේ, හලාවත ජයබිම, පුත්තලම් පාර, අංක 152 හි පදිංචි බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

02. මොහු මාගේ රුපියල් ලක්ෂ 03 ක් 2014 ජනවාරි 30 ලබාගන්නා ලදි. එ් මා හට විදේශ රැුකියාවක් ලබාදෙන පොරොන්දු මතය.

03. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාය.

04. මොහු සිදු කළ මෙම වංචා ගැන 2015 නොවැම්බර් මස පැමිණිලි කරන ලදි.

05. එහෙත් මොහුගේ දේශපාලන බලය උපයෝගී කරගෙන අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම වළක්වාලන ලදි.

06. මා දිගින් දිගටම කරන ලද කරුණු දැක්වීම්වල ප‍්‍රතිඵලය වශයෙන් මොහුට විරුද්ධව 2017.09.18 වන දින, නාමිකව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඇප මත මුදාහරිණ ලදි.

07. 2017.12.12 වන දින ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 409 හා 3 වන වගන්තිය යටතේ චෝදනා නගනු ලැබීය.

08. ඔහු චෝදනාවලට නිවරුදිකරු බව ප‍්‍රකාශ කරන ලදි.

09. මෙම පසුබිම යටතේ මෙම මුදල් වංචාකරුව, ඔබතුමා විසින් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ පුත්තලම ආසන සංවිධායක ලෙසත්, පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබේ.

10. මෙම අධ්‍යක්ෂ තනතුරු මත ඔහුට රජයේ දීමනාවක් හා නිල රථයක් ලබා දී ඇත.

11. මේ ආකාරයට මොහු දරන දේශපාලන තනතුරු නිසා මොහු පොලීසියට බලපෑම් කිරීම දිගටම සිදුකරණු ලබයි.

12. එමගින් යුක්තිය ඉටුකර ගැනීම සිහිනයක් වන බව ඔබතුමාට අමුතුවෙන් කිවයුතු නැත.

13. මෙම කාරණය අදාලව, 2018 ජුනි මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක ඔබ මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයට ගොස් ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය මුණ ගැසුනා.

14. එ් අවස්ථාවේ ඇය මාගෙන් කරන ලද ඉල්ලීම මත මෙම ලිපිය ඉදිරිපත් කරමි.

මා ඉල්ලා සිටින්නේ, 

ඔහු දරන දේශපාලන පත්වීම් අයුතු ලෙස උපයෝගී කර ගනිමින් මාගේ වංචා කරන ලද රුපියල් ලක්ෂ තුන හා වසර 4 1/2 ක් පුරා, සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් මට සිදුකළ පාඩුව වෙනුවෙන් එයට එකතු කළ පොලිය සමග ලබාදීමට මැදිහත්වන ලෙසටය.’’

අන් බොහෝ දෙනා මෙන් වීරරත්න මහතා විදේශගතවන්නට උත්සහා ගන්තේ වැඩිපුර යමක් හම්බකරගෙන දරුවන්ට දැනට වඩා හොඳ තත්වයක් උදාකර දෙන්නටය. එ්් සඳහා ණය වි සොයා දුන් මුදල හොරකම් කරපු වික්ටර් පෙරේරා ට තනතුරු සම්මාන ලබාදි නීතියට උඩින් ඔසවා තබා ඇත. 

මේ රටේ ආගම සොරකමයි!. සදාාචාරය සොරකමයි!!. සංස්කෘතිය සොරකමයි!!!. පවසන වීරරත්න මේ රට හදන්න බෑ යන තීරණයට එලඹ සිටි. 
  
බලා සිටිමු දින 14ක්. පිළිතුර ජනපතිගේ කුමක්ද කියා.  


No comments:

Post a Comment