Saturday, October 31, 2015

බොරු කියන මාධ්‍ය ප‍්‍රකාශක ට හා පොලිස් වධකයන්ට එරෙහිව නීතිමය හා විනය පියවර ගෙන ‘‘පොලීසිය’’ සුද්ද කරන්න පටන් ගන්න.

NPC Chairman Sir Hettige

පොලිස් කොමිසම, පොලීසිය සුද්ධ කරන බවත්, පොලීසියට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට පසු ගියදා මාධ්‍ය මගින් කරන ලද ප‍්‍රකාශය, හුදෙක් ”මාධ්‍ය ප‍්‍රකාශයක්” නොවන බව පැහැදිළි වන්නේ ගන්නා ක‍්‍රියා මාර්ග, වලින් බව පෙන්වා දෙන ජනසංසදය, මේ වන විට කොළඹ රිමාන්ඞ් න්ධනාගාරයේ, වැලිකඩ බන්ධනාගාරයේ හා මැගසින් බන්ධනාගාරයේ පොලීසියේ මෘෘග වධ දීම්වලට භාජනය වූ රැුඳවියන් සය දෙනෙකු සිටීන බව ප‍්‍රකාශ කරයි.
 ඔවුන් හය දෙනා නම්, 01. වේල්ලවීදිය පොලීසිය වධදි වැලිකඩ බන්ධනාගාරයේ සිටින, ෂේක් ෆරීඞ් මොහොමඞ් ෆාසී, 02. අවිස්සාවේල්ල පොලීසිය වධදි කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය :ක්‍ඍඡු* සිටින කලූදුරගේ ශිරාන් බුද්ධික, 03. මරදාන පොලීසිය වධදි මැගසින් බන්ධනාගාරයේ සිටින මොහොනීර් මෙහොමඞ් සලීම් හෙවත් නිහාල්, 04. වැල්ලම්පිටිය පොලීසිය වධදි කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය :ක්‍ඍඡු* සිටින පුංචි බංඩා හේරත්ලාගේ විශ්ව වර්ණක, 05. බොරැුල්ල පොලීසිය වධදි මැගසින් බන්ධනාගාරයේ සිටින නූපේ හේවාගේ චමින්ද ප‍්‍රදීප් කුමාර, 06. වරාය පොලීසිය වධදි වැලිකඩ බන්ධනාගාරයේ සිටින දේවසුන්දරම් චන්ද්‍රසේකරම් ය. පොලිස් කොමිසම කළ යුත්තේ  මෙම වින්දිතයන් හය දෙනා හමු වී, තොරතුරු ලබා ගැනීම සහ  අදාල නඩු වාර්තා, වෛද්‍ය වාර්තා ලබා ගැනීම මගින් එම කරුණු සනාථ කර ගැනීමයි.
පොලිස් වධයට භාජනයවු මේ හය දෙනාට වඩා බෙහෙවින් වැඩි රැුඳවියන් රට පුරා රිමාන්ඞ් බන්ධනාගාරවල සිටින බව අවධාරණය කරන ජනසංසදය මේ වන විට, හියුමන් රයිට්ස් වොච් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ පොලිස් වධහිංසාව පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබේන බවද පෙනවා දෙයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මෙම වාර්ථාව පිළිබඳ ව බොරු කීම වැළැක්වීමද පොලිස් කොමිසමේ වගකීම වේ. ඔහු කියා සිටියේ පසුගිය කාල පරිච්ෙඡ්දයේ, පොලීසියට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් නඩු ප‍්‍රමාණය අඩු වී තිබෙන බවයි. එ් කථාව නම් ඇත්ත බව බවසන ජනසංසදය, පසුගිය කාල පරිච්ෙඡ්දයේ ශ්‍රේෂ්ඨාධිකරණය ද පොලීසිය හා නීතිපති වාගේම ¥ෂණයෙන් පිරුණු එකක් බවත් ඔවුන් සේවය කළේ අපරාධකරුවන්ට බව දැන දැන අති විශාල මුදල් ප‍්‍රමාණයක් වියදම් කරමින් නඩු පවරන්නට වින්දිතයන් සූදානම් වූයේ නැති බවත්, එමෙන්ම අවංක නීතිඥවරුන් එවන් නඩු බාර ගැනීමෙන් වැළකී සිටි බවත් පෙන්වා දෙයි. 
එම නිසා ජනතාව රැුවටීමේ කාර්යයේ නියුතු වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ට එරෙහිව පියවර ගැනීම ඔබ කොමිෂමේ වගකීම වේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට එරෙහිව, පෞද්ගලිකව මේ වන විට බරපතල චෝදනා එල්ලවී තිබෙන බව ඔබ කොමිෂමට තවමත් වාර්තා වී නැතිවා වෙන්නට පු`ඵවන. ඉදිරියේදී එ් පිළිබඳව පොලිස්පතිට, හා පොලීසිය බාර නීතිය සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිවරයාට කර තිබෙන පැමිණිලි මගින් සනාථ කර ගත හැකිවනු ඇති බවද වැඩි දුරටත් පෙන්වා ජනසංසදය, 
නොපමාව ඉහත නම් කළ පොලිස් වධහිංසාවට පාත‍්‍ර වූ වින්දිතයන් 06 දෙනා පිළිබඳව පරීක්ෂණ පවත්වා අදාල පොලිස්ථානවල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා
ලෙසටත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජනතාවට බොරු කීම වහාම නවත්වන ලෙසටත් පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටි. 

Friday, October 23, 2015

අධ්‍යාපන වේසියෝ හා පිම්පියෝ ජිවිතයක් විනාශ කරයි ! ! ! !

බුදුන් දවස අඞ්ඨකාසි, පදුමවතී, විමලා, අම්බපාලි ගණිකාවන්ය. පසුව පැවිදිව බුදු බණ අසා රහත් වූ තෙරණියන් ය. මේ ගණිකාවන් ගැන නොව අද වේසියන් හා පිම්පියෝ පිළිබඳ සත්‍ය කථාවකි. ගණිකාවන් හා වේසියෝ අතර වෙනස හැඳින ගැනීමට මෙය හොඳ උදාහරණයකිි.

ඇය දාහතර විය ඉක්ම වූ පාසල් ශිෂ්‍යාවකි. ඇයව මින් ඉදිරියට නටාෂා නමින් ද ඇයගේ මව සුජීවා නමින් ද හඳුන්වමු. 

නටාෂා හෝඩියේ සිටම ගියේ, ගා/සංඝමිත්තා බාලිකා පාසලටය. 2015 මාර්තු සිට ඇගේ ඉගෙනීම විනාශ කර දමා ඇත. එසේ කර ඇත්තේ ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එන්. චාන්දනී උඩුකුඹුර හා උප විදුහල්පතිනිය මියුරියල් යන දෙදෙනා විසින්ය. 

එයට ගාල්ල පොලීසියේ කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරිණියන් ද හවුල්ය. මෙම නීති විරෝධී ක‍්‍රියාවට හවුල් තවත් බොහෝ දෙනෙක් ඇත. එහි ප‍්‍රධාන තැන ගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හා ජාතික පාසල් අධ්‍යක්ෂකය.

ළමා අයිතීන් රකින්නට මහජන මුදලින් නඩත්තු වන සියලූ ආයතන ද සිදු කළේද නීති විරෝධී අපරාධ කරන ලද එවුන් ආරක්ෂා කිරීමය.

මෙම දැරිය වේසියක් ලෙසට හැඳින්වූ ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එන්. චාන්දනී උඩුකුඹුර හා උප විදුහල්පතිනිය මියුරියල් යන දෙදෙනා තරම් වේසියන් තවත් නැත.

මෙම දැරියව වේසියක් ලෙස හඳුන්වමින් පහර දුන් ගාල්ල පොලීසියේ කාන්තා හා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිණියන් තරම් වේසියෝ තවත් මෙරට සිටිත් ද? 

මෙම වේසියන්ව ආරක්ෂා කරමින් මාස 09ක් පුරා ඇයට පාසලට යෑමට නොදී සිටින ඉහත වේසියන්ව රකින අධ්‍යාපන බලධාරීන් කරන්නේ පිම්පියන්ගේ රාජකාරියයි.

14 වයස ඉක්ම වූ දැරියකගේ ඉගෙනීමට තිබෙන අයිතිය වනසන මේ වේසියන් හා පිම්පියන් ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට බලධාරින් ට අවශ්‍ය නැත. 

නටාෂාගේ මව සුජීවා විසින් අධ්‍යාපන ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂක ට, ළමා ආරක්ෂක අධිකාරිය ට, මානව හිමිකම් කොමිෂම ට 2015.10.10 දාතමින් කරන ලද පැමිණිලි මගින් සියල්ල පැහැදිළි වේ.

අවු: 14 මාස 8ක් වන පාසල් සිසුවියක ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝණය කිරිම හා වධහිංසාවට  පත් කිරීම යටතේ ඇය කරන ලද පැමිණිල්ලෙන් ඉල්ලා ස්ටින්නේ තවදුරටත් ප‍්‍රමාද නොකර,

‘‘(1* නීති විරෝධීව බලහත්කාරයෙන් ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් නෙරපා හරින ලද, මාගේ   දියණියට, එම විද්‍යාලයේ බාධාවකින් තොරව ඉගෙන ගැනීමට අවස්ථාව දෙන ලෙසට,
(2* මාගේ දියණියව වධහිංසාවට හා අපයෝජනයට ලක් කරන ලද ගාල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ අදාල කාන්තා පොලිස් නිලධාරිණියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ය. එම සිද්ධිය සැකෙවින් ඇය විස්තර කර දක්වා ඇත්තේ මෙසේය.
01. නටාෂා මාගේ දියණිය වේ.
02. ඇගේ උපන් දිනය : 2000.06.07 වේ.
03. පාසල : ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලය.
04. ඉගෙනුම ලබන ශ්‍රේණිය : 10 සී.
05. 2015.03.04 දින, පෙරවරු 8.00 ට පමණ, මාගේ දියණිය, දඩැල්ල මුහුදු වෙරළේ ඇගේ 
    පෙම්වතා සමග සිටින විට, එතැනට පැමිණි සිවිල් ඇඳුමින් සිටි දෙන්නෙක්, පොලිසියෙන් 
    කියා, හැඳුනුම්පත් ඉල්ලා ඇත.
06. එ් වන විට ඇගේ පෙම්වතා වූ සේකර හැදුනුම්පත් ලබාදී තිබේ. නමුත් දියණියට හැදුනුම්පත 
    තිබුනේ නැත.
07. එම පොලිස් කොස්තාපල්වරු දෙන්නා දියණියගේ බෑගය පරික්ෂා කර තිබේ.
08. එයින් පසුව, එම පොලිස් කොස්තාපල්වරු දෙන්නා, මාගේ දියණියව හා ඇගේ පෙම්වතාව, 
     ගාල්ල පොලිසියට ගෙන ගොස් තිබේ.
09. ඔවුන් දෙන්නාව ”සර්” එනකම් ඉන්න කියා, ස්ථානාධිපති කාමරයේ වාඩි වී ඉන්න කියා තිබේ.
10. පැයකට පමණ පසු එම නිලධාරියා පැමිණි විට, අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරු, 
    එම නිලධාරියාට කියා තිබෙනවා, වෙරළේ කතා කර කර ඉන්නකොට අත්අඩංගුවට ගත් බව.
11. එවිට නීති විරෝධී වැඩක්, රිමාන්ඞ් කරන්න  ඕනි යයි කියා තිබේ.
12. එවිට, මැයගේ පෙම්වතාට මාංචු දමා, ගෙන ගොස්, කූඩුවට දමා තිබේ.
13. දියණියව, කූඩුව අසල වාඩි කරවා තිබේ.
14. පැය බාගයකට පසුව, කාන්තා හා ළමා කාර්යාංශයේ ප‍්‍රධානියා කියන කාන්තා නිලධාරිණිය 
    පැමිණ දෙන්නාව, එම කාර්යාංශයට ගෙන ගොස් තිබේ.
15. එම ප‍්‍රධාන පොලිස් කාන්තාව කියන තැනැත්තිය, මගේ දුවට, ‘‘වේස කෙල්ල, ආයෙත් 
    ඉස්කෝලේ යවන්න තියන්න එපා, මම ගිය ඉස්කෝලේ’’ කියා ඇත. ඇය කියා ඇත්තේ, තමාද 
    සංඝමිත්තා බාලිකා පාසලේ ඉගෙනුම ලැබූ බවයි.
16. එයින් අනතුරුව, ඔවුන්ව එම කාර්යාලයේ තබාගෙන, මට උදේ 10.30 ට විතර, දුරකතන 
    පණිවුඩයකින් පොලිසියට එන ලෙසට දැනුම් දී තිබුනා.
17. එම දුරකතන පණිවුඩය මත, මා දහවල් 11.30 ට පමණ, පොලිසියට පැමිණියා.
18. මාව, ළමා හා කාන්තා කාර්යංශයේ සායක් හා හැට්ටයක් ඇඳ සිටි, ප‍්‍රකාශ සටහන් කරගන්න 
    තැනැත්තිය මගෙන් ඇහැව්වා දුව අද ඉස්කෝලේ ගියාද කියා. මම ඔව් කිව්වාම, ඇය මට 
    කිව්වා දන්නවද මේ ‘‘වේස කෙල්ල කරලා තියන දේවල්’’ කියා.
19. එ් සමගම, ප‍්‍රධාන නිලධාරිණිය මට, ඇගේ කාමරයට කතා කළා.
20. මම කාමරයට ගියා, එම කාමරයේ දියණියගේ පෙම්වතා ට මාංචු දාලා හිටියා. ප‍්‍රධාන 
    නිලධාරිණිය මට ඔහුව පෙන්වා, මෙයාව අඳුරනවාද කියා ඇහුව්වා. මම දන්නවා කිව්වා.
21. එම තැනැත්තිය ‘‘තමුසෙලා පුදුම අම්මලා, හමුදාවේ එවුන්ව විශ්වාස කරනවාද, මුං කෙල්ලෝ 
    අනාථ කරන එවුන්’’ කිව්වා.
22. තවත් නොයෙක් දේ කියා, මේ ඉස්කෝලෙට තමයි මමත් ගියේ, මම ආයිත් මේකිට ඉස්කෝලේ 
    යන්න ඉඩ තියෙන්නේ නෑ’’ කිව්වා.
23. මම කාමරයේ ඉන්න කොට ප‍්‍රකාශ සටහන් කරන, සාය හැට්ටය ඇඳලා හිටිය තැනැත්තිය, 
     මගේ දියණිය ළඟට ගිහිල්ලා ඇගේ කොන්ඩෙන් ඇද අල්ලා, කම්මුල දෙපැත්තට ගහගෙන 
     ගහගෙන ගියා.
24. එසේ පහර දීමෙන් පසුව, දියණියව හා මාව ප‍්‍රධාන නිලධාරිණිය හා තවත් පොලිස් 
    නිලධාරිණියක් ඇඳුම් මාරු කරන කාමරයට ගෙන ගියා. පරීක්ෂා කරන්න  ඕනි කිව්වා.
25. දියණියගේ, බෑගය මුලින් පරික්ෂා කළා. එ් පරීක්ෂා කරන ගමන්ද නින්දා කළා. බැන්නා.
26. ඉන්පසු, වෙනත් කාන්තා පොලිස් නිලධාරිණියක් ළඟට දියණියව ගෙන ගොස් ප‍්‍රකාශයක් 
     ගත්තා.
27. එසේ ප‍්‍රකාශය ගන්න අතර, සාය හැට්ටය ඇඳ සිටි තැනැත්තිය නැවත, දියණියට පහර 
     දෙන්න ආවා, නමුත් එතැන සිටි නිලධාරීන් එයට ඉඩ දුන්නේ නැහැ.
28. ප‍්‍රකාශය ලියා ඉවර වුනාම, දියණියව, ප‍්‍රධාන නිලධාරිණී හා තවත් පොලිස් කාන්තා 
     නිලධාරිණියක් ‘‘තැන බලන්න කියා’’, ත‍්‍රී රෝද රථයකින් ගෙන ගියා.
29. ඔවුන්, දියණිය හා ඇගේ පෙම්වතා දඩැල්ල වෙරළේ සිටිය තැනට ගොස්, සටහනක් 
     ඇඳගෙන තියෙනවා.
30. ඊට පස්සේ, ඇයව සංඝමිත්තා බාලිකා විදුහල අසලට ගෙන ගොස්, පෙම්වතාව හමුවූ තැනද, 
    සටහන් කරගෙන ඇත.
31. ආපසු, දියණියව පොලිසියට ගෙනවිත් පස්වරු 4.00 ට පමණ, පොලිස් කාන්තා නිලධාරිණියක් 
     දියණියව හා මාව, කරාපිටිය මහා රෝහලට ගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරි 
     වෙත ඉදිරිපත් කරණු ලැබුවා.
32. එ් සමග දියණියගේ පෙම්වතාව ද, වෙනත් ත‍්‍රී රෝද රථයකින් කරාපිටිය රෝහලේ, අධිකරණ 
    වෛද්‍ය නිලධාරී වෙත රැුගෙන ආවා.
33. දෙදෙනාවම, අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කර, වාර්තා පොලිසියට බාර දුන්නා.
34. රාත‍්‍රී 9.30 ට විතර, දියණිව පොලිස් ඇප මත බාර දුන්නා. පසුදින උදේ 8.00 ට (2015.03.05* 
     පොලිසියට පැමිණෙ ලෙසට දැනුම් දුන්නා.
35. එ් අනුව, 2015.03.05 දින, පොලිසියට ගියා.
36. එතැනින් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. ගෙන ගිය ත‍්‍රී රෝද රථයේ ගාස්තුව 
    ගෙවන්න අපට නියම කලා.
37. අධිකරණය, මීලඟ නඩු දිනය 2015.10.07 බව ප‍්‍රකාශ කළා. එම නඩුවේ මාගේ දියණියව
     ‘‘වින්දිතයා’’ ලෙසට නම් කර ඇත.
38. අධිකරණයෙන්, මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට පෙර, දියණියව පරිවාස කාර්යාලයට 
     ඉදිරිපත් කළා.
39. පරිවාස නිලධාරී මහත්මියද විස්තර අසා ලියා ගත්තා.
40. 2015.03.06 දින, දියණිය පාසලට ගියා. එදින ඇය පාසලේ ඉගෙනීම් කටයුතුවල නිරත වූවා. 
     එදින පංතිභාර ගුරුතුමිය මාගේ දුරකථන අංකය ලබාගෙන තිබුනා.
41. 2015.03.09 දින පාසලට ගියා. පංති භාර ගුරුතුමිය මට දුරකථනයෙන් කිව්වා පාසලට එන්න 
    කියා.
42. එ් අනුව, මම විදුහල්පතිනිය මුණ ගැසුනා. ඇය මගෙන් ඇහුව්වා ”තමුසේ ලැජ්ජා නැතුව 
     ළමයාව ඉස්කෝලේ එව්වා, මගෙන් අවසර අරගෙනද එව්වේ’’  කියා. 
43. ඇය මට තර්ජනය කර, නම්බුකාර පිට ළමයාව අස්කරගෙන යන්න කියා මට තර්ජනය කළා.
44. එ් අවස්ථාවේ විදුහල්පතිනිය පංතිභාර ගුරුතුමියට, ‘‘එ් කෙල්ලව ගේන්න, මගේ ඇස් දෙකට 
    පේන්න ගේන්න එපා’’ කියා කිව්වා.
45. පංතිභාර ගුරුතුමිය ළමයකු අත පණිවුඩයක් යැව්වා. බෑග් එකද අරගෙන, දියණියට එන්න 
     කියන්න කිව්වා.
46. දියණිය පැමිණි පසුව, ඇයව උප විදුහල්පතිනිය මියුරියල් මිය ගේ කාමරයට ගෙන ගියා.
47. එම උප විදුහල්පිතනිය මියුරියල් මිය, මට කිව්වා ‘‘ලියුමක් ලියන්න කියා. ඇය කිව්වා 
    ඉස්කෝලෙට බාරගන්නේ නෑ කියා’’. මම ලිව්වේ නැහැ. එවිට ඇය ලියාපු ලියුමකට මගෙන් 
    බලෙන් අත්සන් ගත්තා. එයට ඇ`ගිලි අත්සනද ගත්තා. 
48. ඇය මට ‘‘ වේස කෙල්ලෝ හදලා, දඩාවතේ ගිය එවුන්ව ඉස්කෝලේ එවනවා’’ කියමින් මට 
     බැණ තර්ජනය කළා.
49. දියණියට කියා සිටියා ඇය, මියුරියල් මිය කියන විදියට ලියුමක් ලියන ලෙසට. ඇය කියන 
    ආකාරයට දියණිය ලිපිය දුන්නා. 
50. එයින් පසුව විදුහල්පතිනිය මට කිව්වා අස්වීමේ සහතිකය අරගන්න කියා. මම බැහැ කිව්වා. 
     ඇය මට කපටි ගෑණි කියා කියමින් නැවත අපහාස කළා. 
51. එයින් පසුව බලෙන් පාසලෙන් එළියට දැම්මා.
52. 2015.03.18 වන දින, අධ්‍යාපන අමාත්‍යංශයට ගොස් සිද්ධිය පිළිබඳව ලිපියක් ඉදිරිපත් කළා.
53. එදිනම, ජාතික පාසල් අධ්‍යක්ෂ දියණියව පාසලට ඇතුළත් කර ගන්නා ලෙසට ඉල්ලා ලිපියක් 
     විදුහල්පතිනියට නිකුත් කළා. එහි පිටපත අපට ලබා දුන්නා. 
54. 2015.03.19, එම ලිපියේ පිටපතද අරගෙන, මා දියණියව පංතියට යවා, ලිපිය ගැන 
     විදුහල්පතිනියට දැනුම් දුන්නා.
55. විදුහල්පතිනිය මට බැන, මට ලියුම් වලින් වැඩක් නෑ කියා, නැවත දියණියව ගෙන්වා 
    පාසලින් එළියට දැම්මා.
56. සතියක් බලාගෙන සිට, මාගේ සැමියා, 2015.03.28 ඉසුරුපායට ගොස්, ජාතික පාසල් 
     අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකරව හමුවුනා. 
57. ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර කියා සිටියා, ‘‘අපිට කරන්න දෙයක් නෑ’’ කියා.
58. නමුත්, සංඝමිත්තා විදුහලේ විදුහල්පතිනිය ගේ නීති විරෝධී ක‍්‍රියාව පිලිබඳව, කිසිදු පියවරක් 
     ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හෝ ජාතික පාසල් අධ්‍යක්ෂක ට බැරි විය.
59. මේ අතර, කරාපිටිය, විශේෂඥ මානසික වෛද්‍යවරයා, දියණියගේ අධ්‍යාපන කටයුතු 
     පිළිබඳව පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටියා.
60. 2015.04.06 දාතමින්, දිස්ත‍්‍රික් ළමාරක්ෂක නිලධාරී, ළමා රක්ෂක නිලධාරී වෙත ලිපි ඉදිරිපත් 
     කළා. නමුත්, එම නිලධාරීන් දෙන්නාම විදුහල්පතිනිය හා පොලිසිය නිවැරදි කරමින්, ඔවුන් 
     ආරක්ෂා කළ බව ප‍්‍රකාශ කර සිටිමි.
61. එම නිලධාරින් කියන්නේ, දියණිය පාසලට ගන්න නියම කළොත්, ඇය විදුහල්පතිනිය 
    විදුහල්පති කමෙන් අස්වී යන බවය. එ් නිසා නීති විරෝධී ක‍්‍රියා කළ ද, තවත් කිසිවක් කළ 
    නොහැකි බවයි.’’

මේ සියලූ කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කර සිටින ඇය මෙසේද සඳහන් කර තිබේ .

‘‘ මෙම පසුබිම යටතේ ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය විසින් දියණිය හා අදාල සිද්ධිය ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට දන්වා තිබේ.

එම දැණුම් දීම මත, පෙර ස`දහන් කරන ලද ආකාරයට, විදුහල්පතිනිය හා උප විදුහල්පතිනිය දියණිය හ මාව දැඩි ලෙස වධහිංසාවට පත් කරණු ලැබීය. 

දියණිය, මෙම තත්ත්වය තුළ දිවි නසා ගන්නා බවට කිහිප වරක් ප‍්‍රකාශ කරන ලදි. ඇයව ගාල්ල කරාපිටිය මහ රෝහලේ මානසික වෛද්‍යවරයාට ද ඉදිරිපත් කරන ලදි.

මා, ලියන්නට කියවන්නට දන්නේ නැත. මා වැඩ කරන්නේ, .......තේ කර්මාණ්ත ශාලාවේ කම්කරුවකු වශයෙන්ය. එ් රු. 580/-වක දෛනික වැටුප මතය.

මාගේ සැමියා ......... කම්කරුවෙකි.

මාගේ දියණිය ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ආරම්භ කළේ පළමු වසරේ       සිටය.

ඇය ඉගෙනීමට විශේෂ දක්ෂ කමක් නැත. අදක්ෂද නැත. දුප්පත්කම නිසා උපකාරක පංතිවලට යැවීමට ද අපට හැකියාවක් තිබුනේ නැත.

අප දෙදෙනා ගේ දුප්පත්කම, අසරණකම, නොදන්නාකම උපයෝගී කරගෙන ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතතිනිය උඩුකුඹුර මාගේ දියණියව නීති විරෝධිව පාසලෙන් අස්කර ගන්නා ලෙසට බල කරන ලදි.

මාස 04කට ආසන්න කාලයක් ගතවන තෙක් විදුහල්පතිනිය හා අධ්‍යාපන බලධාරින් ගෙන් සහනයක් වේ යයි බලාපොරොත්තු විය.

විදුහල්පතිනිය, මාගේ දියණියට පාසලට පැමිණීමට ඉඩ නොදෙන බව දිගින් දිගටම ප‍්‍රකාශ කරන ලදි. දියණියගේ අනාගතය විනාශ කර දමන බවට තර්ජනය කරන ලදි. එ් ඇයගේ ශිෂ්‍යය කාර්ය සටහන්/අස්වීම් සහතිකයේ ‘‘සිද්ධිය’’ ලියන බවට කරන තර්ජනය කරන ලදි. රතු ඉරි ගසා අස්වීමේ සහතිකය තැපෑලේන් එවන බවට තර්ජනය කරන ලදිි.

එය අප නොමග යැවීමට හිතාමතාම කරන ලද නීතිවිරෝධි ප‍්‍රකාශ බව දැන ගත්තේ පසුවය.

මේ ආකාරයට ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහලිපතිනිය හැසුරුනේ ඇය දරන තත්ත්වය මත යුක්තිය ඉටු කරගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට අපට දැනුම, ශක්තිය නැති බව ඉතා හොඳින් දැනගෙනය.

මෙම පසුබිම තුළ මාගේ සැමියාව 2015. 07. 16 දින පාසලට කැඳවා, බලහත්කාරයෙන් ලිපියක් ලියවා ගෙන, කැමැත්තේන් දියණියව පාසැලෙන් අස්කරගත් හැටියට, වංචනික සටහනක් අස්වීමේ සහතිකයේ යොදා, දියණිව පාසලෙන් නෙරපන ලදි.

මේ ආකාරයට උගත් යැයි බුද්ධිමත් බව ප‍්‍රකාශ කරන ඉතා වැදගත් තනතුරක් දරන මෙම විදුහල්පතිනියගේ හා උප විදුහල්පතිනිය ගේ වචනයෙන් සහ ක‍්‍රියාවෙන් හැසිරීම කෙතරම් පහත් ද යන්න පිළිබඳව විස්තර කළ යුතු නැතැයි සිතමි.

නැවත වරක් ඉල්ලා සිටින්නේ,

1. නොපමාව, මාගේ දියණියට සංඝමිත්තා බාලිකා විදුහලේ ඉගෙන ගැනීමට, අවස්ථාව ලබාදෙන ලෙසට.

2. නීති විරෝධිව ක‍්‍රියා කළ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන උඩකුඹුර මිය හා උප විදුහල්පතිනි මියුරියල් මියට එරෙහිව විනයානුකූල හා නීතිමය පියවර ගන්නා ලෙසට ය.

3. නීති විරෝධිව ක‍්‍රියා කළ ගාල්ල පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය හා
   එම කාර්යාංශයේ කුමුදු නැමැත්තියට එහෙිව විනයානුකූල හා නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,

අ.ක/සුජිවා (මව*’’


2015.10.10 දින සුජිවා මිය ලේකම් අධ්‍යාපන අමාත්‍යංශයට යවන ලිපිය

ඔබගේ අංකය: ෑෘරැු1රැු6රැු8රැු1රැු2රැුභී 09 හා දිනය: 2015.03.18

සුජීවා මිය
ගාල්ල
2015.10.10

ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය
බත්තරමුල්ල

මහත්මයාණනි

ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ, විදුහල්පතිනිය නීති විරෝධීව, 
කූඨ ක‍්‍රියා මාර්ගවලින් අධ්‍යාපන අයිතිය උල්ලංඝණය කිරීම.

ඔබගේ 2015.03.18 හා ෑෘරැු1රැු6රැු8රැු1රැු2රැුභී 09 ලිපිය හා බැඳේ.

මාස 08 ක් ගතව ඇතත් මේ දක්වාම මාගේ දියණියට, ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දී නැත. 

ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එන්. චාන්දනී උඩකුඹුර මිය හා උප විදුහල්පතිනිය මියුරියල් මිය විසින් අපයෝජනයට ලක් කර, නීති විරෝධීව කූඨ ලෙස මාගේ දියණිය පාසලින් ඉවත් කර ඇත.

මේ හා අදාලව සම්පූර්ණ සිද්ධිය අමුණා ඇත. එයට අවධානය යොමු කරන්න.

නොපමාව, මාගේ දියණියට, පළමුවන වසරේ සිට ඉගෙනීම කළ ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඉගෙනීමට තිබෙන අයිතිය ලබාදෙන ලෙසට ඉල්ලමි.

අ.ක/සුජීවා මිය.

පිටපත:- 

අධ්‍යක්ෂ, ජාතික පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ’’
   
සටහන:-  
මෙවන් අපරාධ නොදන්නා ලෙසට අඟවමින්, ඉඳහිට මාධ්‍යය මගින් හුවා දක්වන සිද්ධි මුල් කරගෙන ‘‘බණ’’ දෙසන ඊනියා ආරක්ෂකයන් ‘‘ පිම්පියෝ’’ මිස වෙන කවුරුන්ද. 

පොලිසීය ගව ඝාතකයින් එක්ව තරුණයෙකු පැහැරගෙන වධ දී මෙන් පසුව බොරු නඩු දමයි.


කුන්ජතම්බී” නමින් ප‍්‍රකට ගව ඝාතකයා සමග පැමිණි සිංහල පොලිස් කාරයෙක් තමාව අල්ලා මාංචු දමා පැහැර ගෙන ගොස් වධදී පළමුව මිල්ලනිය පොලිසියටද ඊට පසුව බණ්ඩාරගම පොලීසියට බාර දීමෙන් පසුව බොරු නඩු දැමීම පිළිබඳ පුවතකි මේ. 

බණ්ඩාරගම, අට`ඵගම පදිංචි සෙරෙප්පු සෑදීම වෘතිය කරගත් 20 හැවරදි  මොහොමඞ් මුකර්රම් නම් වු මොහු පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන තිබෙන පැමිනිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘ 2015.10.13 වන දින උදේ 9.30 ට පමණ, නිවස අසල සෙරෙප්පු සාදන ස්ථානයේ වැඩ කරමින් සිටියදී, අට`ඵගම, මහරාව පදිංචි ”කුන්ජතම්බී” නමින් හඳුන්වන හරක් මරණ පුද්ගලයා, රාජා නානා නමින් හඳුන්වන තැනැත්තාද, තවත් නම නොදන්නා නමුත් දුටුවොත් අඳුනා ගන්න පු`ඵවන් සිංහල පුද්ගලයකුද පැමිණ මා අල්ලා පහරදී, මාංචු දමන ලදි. මාංචු දමන ලද්දේ සිංහල පුද්ගලයාය. 

අත්පිටුපසට කොට මාංචු දැමීමෙන් පසුව, රාජානානා මාව බදා අල්ලා ගත්තා. කුණ්ජතම්බී පොල්ලක් අරගෙන පහර දුන්නා. එසේ පහරදීමෙන් පසුව, ත‍්‍රී රෝද රථයේ දමාගෙන, කුන්ජතම්බීගේ ගෙදරට ගෙන ගියා. එම ගෙදරදී මාංචු ගලවා, ලණුවක් අරගෙන අත්පිටුපසට කර බැන්දා. ඊට පස්සේ පෙර පරිදිම මට කුන්ජතම්බී හා රාජානානා පොලූවලින් පහර දුන්නා. විටින් විට බෙල්ල මිරිකුවා.

පැය බායක් පමණ එතැනදී පහර දීමෙන් පසුව, අත් ලිහලා ත‍්‍රී රෝද රථයේ දමාගෙන මිල්ලනිය පොලිසියට ගෙනවිත් එහි නිලධාරියෙකුට බාරදී කුන්ජතම්බී ත්, රාජානානා ත් යන්න ගියා. 
මාව ගෙනිච්ච ත‍්‍රී රෝද රථයේ අංකය QJ 1464 වේ. 



ටික වේලාවක් පොලිසියේ ඉන්නකොට, මාව ගෙනාවේ කව්ද යයි අසමින් කුණ්ජතම්බී ව හෙව්වා. ඔහු මාව පොලිසියට ගෙනවිත් දමා පිටව ගොස් තිබුනා. මිල්ලනිය පොලිසිය මගින් ප‍්‍රකාශයක් ලියාගෙන බණ්ඩාරගම පොලිසියට ගෙන ආවා. එහිදී මාව කූඩුවට දැම්මා. පැයක් පමණ එසේ කූඩුවේ තැබූ අතර, පසුව කූඩුවෙන් එළියට ගෙන, බණ්ඩාරගම පොලිසියද මගෙන් නම ලිපිනය අසා, මොනවදෝ ලියන ලද ප‍්‍රකාශයකට මාගෙන් අත්සන් ගත්තා. එහි මොනවා තිබුනාදැයි මා දන්නේ නැහැ. පසුව මාව  බණ්ඩාරගම රජයේ රෝහලට ගෙන ගියා.

මාව බණ්ඩාරගම රෝහලේ පිරිමි වාටටුවේ නවත්වා ගත්තා. මගේ ළඟ පොලිස් නිලධාරියෙක් සිටියා. පසුදින (14 දින* උදේ ටිකට් කප්පවාගෙන මාව හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. මහේස්ත‍්‍රාත් අධිකරණයේදී මම දැනගත්තා හරක් හොරකම් කලා යයි කියා බොරු නඩුවක් දාලා තියෙන බව. මාව ඇප මත මුදාහැරියා. නඩු අංකය 10634 වේ. මීළඟ නඩු දිනය 2015.12.01 වේ.

2015.10.16 දින රාත‍්‍රියේ මට හොඳටම අමාරු වුනා. මම 2015.10.17 දින පානදුර මූලික රෝහලට ප‍්‍රතිකාර ගන්න ආවා. මාව එහි නවත්වා ගත්තා. මා පානදුර මූලික රෝහලේ 01 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලැබුවා. මාව 2015.10.19 දින අධිකරණ වෛද්‍ය නිලධාරී බැලූවා. මා සම්පූර්ණ සිද්ධිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත පවසා සිටියා. ඔහු මා පරීක්ෂා කර, සටහන් කරගත්තා.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කිරීමෙන් පසුව, 2015.10.19 දින මාගේ ටිකට් කැපුවා.

කුණ්ජතම්බි හා රාජානානා සමග එක්ව, මට මාංචු දැමූ පුද්ගලයා, පොලිස් නිලධාරියෙක් බව මට විශ්වාසයි.  ඔහු මිල්ලනිය හෝ බණ්ඩාරගම පොලිසියේ අයෙක් විය යුතුයි. මාව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී මිල්ලනිය පොලිසියට බාරදී, එයින් පසුව බණ්ඩාරගම පොලිසියට බාරදීම, මට පසුව බොරු නඩු දැමීම, පොලිසිය හා එක්ව සිදුකරන ලද ක‍්‍රියාවකි.

මාව පැහැරගෙන යාම පිළිබඳව පොලිසිය කිසිම පියවරක් ගෙන නැත්තේ එ් නිසයි.

පෙර සඳහන් කල පරිදි, බණ්ඩාරගම, අට`ඵගම, මහරාව කුණ්ජම්බි හරක් මරණ අයෙක්. ඔහු හරක් හොරෙන් ගෙනවිත් මරණ බව ප‍්‍රසිද්ධ කාරණයක්. ඔහු පොලිසිය සමග සම්බන්ධයි.’’

Tuesday, October 13, 2015

කෝට් එක ගලවලා යනවා - OIC හබරාදුව.

නීති විරෝධී මිනිස් ජාවාරමකට ඉඩ දෙන්න බැරිවෙලා. මිනිසුන් නොවන මිනිසුන් ඉන්න රටක පොලීසිය !! ළමා අධිකාරිය අහෝ !!

මේ සියල්ල හෙළිවන්නේ හබරාදුව පොලිස් වසමේ, අවුරුදු 03 ක දැරියක් ඇතුලූ දරු පවුලක් හිරකරගෙන සිටි ඉඩම් හිමියකුට එරෙහිව පොලීසියට ගිය මවකගේ කථාවෙනි.

හබරාදුව පොලීසියේ ස්ථානාධිපති මෙම අසරණවූ කාන්තාවට සහය වීමට පැමිණි පුද්ගලයට බැන තර්ජනය කර එලවාගෙන තිබෙන බවද, ආණ්ඩුවේ ප‍්‍රබලයකු සතුටු කරන්න මෙම නීති විරෝධී ක‍්‍රියාවට ස්ථානාධිපති සම්බන්ධ වු බව ද වාර්තා වේ.

එක් පැත්තකින් ආණ්ඩුවේ ප‍්‍රබලයාගේ දුරකතන ඇමතුම්වලට ද අනෙක් පැත්තෙන් මානව හිමිකම් කොමිෂමේ විමසීම්වලට ද මැදි වූ මොහු කෝට් ගලවා ගෙදර යන බවට ප‍්‍රකාශ කරන්නට තරම් නිවට වී තිබෙන බවට ද වාර්තා වේ.  

මේ රටේ සිදුවන මිනිස් ජාවාරම හා කිසිදු හැඳුනුම්පතක් නොමැතිව සිටින මිනිසුන්, වහල්කමේ යොදවාගෙන සිටින අයුරු හෙළි දරව් වූ කථාවකි මේ.

කන්දයියා ඉන්ද්‍රානි, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ පිටපත් ළමා අධිකාරියට ද, ජනාධිපති හා අගමැති ලේකම්වරුන්ට ද යවා තිබේ.

කන්දයියා ඉන්ද්‍රානි ගේ (අවු: 49යි, විවාහක, දරුවන් 05යි, කුලී වැඩ) 
2015.10.12 දාතමින් යුත් සම්පූර්ණ පැමිණිල්ල පහත දැක්වේ.


හබරාදුව පොලීසය, මිනිස් ජාවරම්කරුවකු හා වහල් හිමියෙකු ආරක්ෂා කිරිමට පියවර ගැනීම හා අයුතු සහ නීති විරොධි බලපෑම් සිදුකිරිම, පිඩාවට පත්කිරිම

1. පිටබැද්දර, දැරංගල, තැපැල්වත්තේ සේවය කරමින් සිටින විට, එහි අයිතිකරු විසින්, මා ඇතු`ඵව, පහත නම් සඳහන් පවුලේ සියලූ දෙනාව, හබරාදුව, පොලිස් වසමට අයත්, දිව්ලාන, කලහේ, වංචාවල පිහිටි UGK වත්ත නමින් හඳුන්වන වත්තට බාරදෙන ලදි.

2. එහි අයිතිකරු U.K.G සම්පත් නැමත්තාය.

3. දැනගන්නට ලැබී ඇති පරිදි, අප පවුල U.K.G සම්පත් නැමත්තා විසින් ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ එකහමාරකටය.

4. මෙම UKG වත්තේ, අපට පදිංචියට කුඩා නිවසක කනි කාමරයක ලබාදුන්නා.

එහි - 
1. මාගේ සැමියා  - එම් රාජේන්ද්‍ර, අවු: 52යි
2. මාගේ වැඩිමහල් පුතා - තම්බිරාජා, අවු: 21යි
3. මාගේ දෙවන පුතා - සසී, අවු: 19යි
4. මාගේ තෙවන පුතා - ගනේෂන්,  අවු: 15යි
5. මාගේ සිව්වන පුතා - සෙල්වකුමාර, අවු: 12 යි
6. මාගේ පස්වන පුතා - සිවකුමාර, අවු: 07යි
7. මාගේ මිණිපිරිය (තම්බිරාජා ගේ දියණිය) නදීශා,  අවු: 03යි 

5. අප සිවි දෙනා ( 1 සිට 4 දක්වා) UKG වත්තේ 2015.09.15 දින වැඩ ආරම්භ කලා. පෙ:ව: 7.00 සිට ප:ව:5.30 දක්වා වැඩ කලවිට දිනකට රු: 500/= බැගින් ගෙවන බවට පොරොන්දු වුනා.

6. 2015.09.26 දින, දෙවන පුතා වන සසී, කොටපල පිහිටි, ගැටබරු දේවාලයේ උත්සවයට ගොස් සිටින විට, අසනීප වී, 2015.09.28 දින දෙනියාය රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

7. මා, පුතාව බලන්න යන්න නිවාඩු ඉල්ලූවා. නමුත් දුන්නේ නැහැ.

8. 2015.09.04 දින උදේ පඩි සල්ලි අරන්, එදින රාත‍්‍රී 2.00ට පමණ මම, ලොකු පුතා තම්බිරාජා සමග වත්තෙන් පිටව, දෙනියායට ගොස්, ටිකට් කපා සිටි පුතාව නැවත වත්තට රැගෙන එන්න සූදානම් වුනා.

9. සවස 4.30 පමණ, වත්ත බලා ගන්නා ”චූටි මහත්තයා” කෝල් කරලා කිව්වා, උඹලා වරෙල්ලා, හොඳ පාඩමක් උගන්වනවා කියමින් බැණ තර්ජණය කලා. 

10. එම තර්ජනය කිරීම නිසා, මමත් තම්බිරාජාත්, සසීත් වත්තට යාමෙන් වැළකුනා. ගියොත් පහර දෙන බව දැනගෙන හිටියා.

11. එම නිසා, මමත් හා පුතාලා දෙන්නා වත්තට ගියේ නැහැ.

12. මම ඔවුන් දෙන්නා සමග ඥතීන්ගේ ගෙවල්වල රැඳී සිටිමින්, අවුරුදු 03 දැරියව හා අනෙක් දරුවන්ව එවන්න කියා මම වත්ත බලන චූටි මහත්තයාට දැනුම් දුන්නා. 

13. ”චූටි මහත්තයා” මගේ සැමියාව හා දරුවන්ව, ඉන්න ගෙයින් බංගලාවේ ‘වී වේලන’ කාමරයට ගෙන ගොස් හිරකරගෙන තිබෙනවා. අඩුම වශයෙන් ඔවුන්ට ඇඳුම් මාරු කර ගන්න ඉඩ දීලා නැහැ. නිදාගන්න පැදුරක්වත් දීලා නැහැ.

14. දින තුනක් බලා සිට, 2015.10.07 වන දින මම හබරාදුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීමට ගියා.

15. මම පොලිසියට යන විට, මාගේ සැමියා - රාජේන්ද්‍රව පොලිසියට ගෙනවිත් සිටියා. ඔහුගෙන් ප‍්‍රකාශයක් ලියවා ගත්තා. මට සැමියා සමග කතාකරන්න ඉඩ දුන්නේ නැහැ. ඔහුව ගෙනවිත් තිබුනේ මෝටර් රථයකින්.

16. ඔහු ව රැගෙන ගිය පසුව මම පැමිණිල්ල ලියන්න යයි ඉල්ලා සිටියා. නමුත් ලියා ගත්තේ නැහැ. මට බැණ පන්නා ගත්තා.

17. නමුත් මම එතැන හිටියා. එවිට මාව ස්ථානාධිපතිවරයා ලඟට කැඳෙව්වා. මට ඔහු දෙමලූන්ගේ හැටි මම දන්නවා, කියමින් නින්දා අපහාස කරමින් මට බැන්නා. පැමිණිල් ලියා ගත්තේ නැහැ.

18. ඉන්පසු මා, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට, දකුණූ පළාත් නියෝජ්‍ය පොලිස්පති, ගාල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීට ලිඛිතව ෆැක්ස් මගින් පැමිණිලි කලා. 

19. පසු දින, 2015.10.08 දින, ජංගම දුරකථනයකින් හබරාදුව පොලිසියට එන ලෙසට යමෙක් දැනුම් දුන්නා. නමුත් අවිශ්වාස නිසා ගියේ නැහැ.

20. 2015.10.10 දින , පැමිණෙන ලෙසට පොලිසියෙන් දුරකථනය මගින් දැනුම් දුන්නා. එ් අනුව පොලිසියට ගියා. 

21. හබරාදුව පොලිසියට යෑමට පෙර, මා, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් පැමිණිලි කලා.

22. 2015.10.10 දින, හබරාදුව පොලිසියේදී, මාගෙන් ප‍්‍රකාශයක් ගෙන, ළමයින්ව බාරදෙන් සූදානම් වුනා. නමුත් සැමියාව නැවත වත්තට ගෙනයන්න සූදානම් වුනා.

23. රාත‍්‍රී 7.30 පමණ සැමියාව හා ළමයින්ව මට බාර දුන්නා.

24. එසේ බාරදීමට පෙර, අපගේ උදව්වට පැමිණ සිටි ගමගේ මහතා සමග සිටි තරුණ මහතෙකු ගෙන් ප‍්‍රකාශ්‍යක් ගත්තා. ඔහුගෙ නම දන්නේ නැහැ. අඳුරන්නේ නැහැ.

25. අපව බාර දුන්නේ ඔහුට. ඔහු කිව්වා අප දවස් තුනකින් සල්ලි දුන්නේ නැතිනම්, ඔහු වගකියන්න  ඕනි කියා. 

26. මාගේ පුතුන්ව, ගෙනත් කූඩු කරන බවට, පොලිස් ස්ථානාධිපති හා කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරිණිය තර්ජණය කලා.

27. මා පසුව දැනගත්තා, අපගේ ඉල්ලීම මත ජනසංසදය, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද දැනුම්දීම මත විමර්ශණ නිලධාරීන්ගේ දැඩිව මැදිහත්වී, මාගේ සැමියාව හා දරුවන්ව නිදහස් කල බව. 

28. මේ පිලිබඳව ළමා ආරක්ෂක අධිකාරියට කතා කලද, කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.

මා ප‍්‍රකාශ කරන්නේ,

1. මේ රටේ ඉංදීය සම්භවයකින් පැවත එන, වතු දෙමළ වශයෙන් හඳුන්වන අපට මේ දක්වා ජාතික හැඳුනුම්පතක්, ඡන්ද අයිතියක්, ස්ථිර පදිංචියක් නැති බව.

2. අප පවුලම, එක් වත්තක අයිතිකරුවකු විසින් තවත් වත්තක අයිතිකරුවකුට විකුණමින් මිනිස් ජාවාරම් කර ඇති බව බව. අප වහලූන් බව.

3. අප ජීවිත කාලය තුල කිසිම කම්කරු අයිතියක් අපට හිමි නැත. වැඩ කරන වේලාවක් නැත. නියමිත පඩියක් නැත. අර්ථසාධක අරමුදලක් නැත.

4. පොලිසිය අපට සැලකුවේ මිනිසුන් වශයෙන් නොවේ.

5. මෙරටේ තවමත් වහල් සේවය පවතිනවා. එය ආරක්ෂා කරන්නේ පොලිසිය ඇතුලූ අනෙකුත් අදාල ආයතන.

මා ඉල්ලා සිටින්නේ,

නොපමා, මිනිස් ජාවාරම් කරුවකුගේ අවශ්‍යතාවයට, නීති විරෝධිව ක‍්‍රියාකල හබරාදුව පොලිසියේ ස්ථානාධිපති ට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට,

අවු: 03 දැරියක් ඇතුලූව පස්දෙනෙකුව දින 07ක් පුරා නීති විරෝධිව ර`දවාගෙන සිටි වත්තේ අයිතිනරු වන යු.කේ.ජි. සම්පත් නැමැත්තාට එහෙිව නීතිමය පියවර ගන්නා ලෙසට,

අපට හිමි කම්කරු අයිතීන් ලබා දෙන ලෙසට
අපට ආරක්ෂාව සලසන ලෙසට
මෙයට,
කන්දයියා ඉන්ද්‍රානි

පිටපත්,
1. ලේකම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය
2 . සභාපතිනි, ළමා ආරක්ෂක අධිකාරිය                
 දැ.ගැ. පි. හා අවශ්‍ය කටයුතු සඳහා

Saturday, October 10, 2015

අපේ මැති ඇමතිලා එල්ලූම් ගහේ එල්ලෙන විට දළයි ලාම හා පප් වහන්සේ මෙසේ කියයි!


සේයා දුෂණය කර මරා දැමීමත් සමග, එල්ලූම් ගහේ එල්ලී, බෙරිහන් දෙන්නට සමහර මැති ඇමතිලා ද, ඊනියා ස්ත‍්‍රී සංවිධාන ද, ජනමාධ්‍ය ද, පෙරට විත් තිබේ. එ් පිළිබඳව මාධ්‍ය හරහා වාද විවාද, සංවාද පවත්වති.

පසුගියදා පාර්ලිමේන්තුව රැස් වූ විට, තමන් මේ රටේ ඉන්න බව පෙන්වීමට, හිරුණිකා, රංජන් රාමනායක මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට ප‍්‍රකාශ කළෝය.

පසුගිය දින ස්වාධීන රූපවාහනියේ සාකච්ඡුාවකට එක්වූ සුජීව සේනාසිංහ ගෙන් මරණ දඬුවම ගැන තම පුද්ගලික මතය ප‍්‍රකාශ කරන්න යයි මාධ්‍යවේදියා ඉල්ලා සිටි විට, එයට සෘජු පිළිතුරක් නොදී අනං මනං කියන්නට පටන් ගත්තේය. මීට පෙර ජෝන් අමරතුංග ද මරණ දඬුවම ගැන කථා කළා පමණක් නොව, දින 100 ආණ්ඩුවේ පොලිසිය හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති වශයෙන් වැලිකඩ හිර ගෙදරට ගොස් එල්ලූම් ගස නරඹමින් තම ම්ලේච්ඡුත්වය ප‍්‍රදර්ශනය කළේය.

ගෝත‍්‍රික සමාජ ලක්ෂණ තවමත්, අප සමාජයේ පවතින බවට පිළිගැනීමක් තිබේ. එය නිවැරදි බව, රංජන් රාමනායකලා, හිරුණිකාලා, සේනාසිංහලා හා ජෝන් අමරතුංග යලිත් වරක් ඔප්පු කර සිටියේය.

අනූ නවයක් මැරූ අංගුලිමාලට මරණ දඬුවම දුන්නෙ නම්, අපේ ගැහැණුන්ට දරු ප‍්‍රසූතියට පෙර කියන්නට, පිරිතක් ද නැති වන්නේය. අඩුම වශයෙන් එ්කවත් සිහියට නොඑන තවමත් මේ එල්ලූම් ගහේ එල්ලෙන හිරුණිකාලා වැනි ගැහැණු මංත‍්‍රීකම්වලට පත්කළ ඡුන්ද දායකයින්ට වැඩි දවසක් නොගොස් එල්ලෙන්ට සිදු වුවහොත් පුදුම විය යුතු නැත.

රංජන් රාමනායක එල්ලූම් ගහට විරුද්ධ වන අය උපන්නේ අම්මලාගේ බඩින්ද යයි අසති. 99 මැරූ අංගුලිමාලට බණ කියා රහත් වන්නට මග පෑදු බුදුන්වහන්සේ, රංජන් රාමනායක ට අනුව උපන්නේ මව් කුසෙන් නම් විය නොහැක.

ප‍්‍රශ්නය ඇත්තේ එල්ලූම් ගහේ නොව රටේ පවතින අධිකරණය, නීතිපති, පොලිසිය හා අපරාධ යුක්ති විනිශ්චය හා අදාල ආයතන  අන්ත දුෂිත, පිරිහුණු එ්වා බවට පත්ව තිබීම බව තේරුම් ගැනීම ප‍්‍රතික්ෂේප කරන එල්ලූම් ගහේ එල්ලූන මේ මැති ඇමතිවරු යහපාලනය ඇති කරන්නේ යයි ප‍්‍රකාශ කිරිම අශිෂ්ඨකම ප‍්‍රදර්ශනය කිරීමකි.

මොවුන් කවරක් කීවත් අධිකරණය, පොලිසිය, නීතිපති ඇතුලූ අදාල ආයතන අපරාධ කරුවන් රකින අයුරු, නිර්දෝෂී පුද්ගලයන්ට දඬුවම් කරන අයුරු, රජයේ අදායම වැඩි කරන්න සහ එ් හා අදාල ආයතනවලට සම්බන්ධ සියලූම තරාතිරම්වල පුද්ගලයන් ගේ බඩගෝස්තරය සඳහා ක‍්‍රියා කරන්න ක‍්‍රියා කරන බව ජනතාව හොඳාකාර දන්නා කරුණකි.

මෙයට අමතරව, අප රටේ මානව හිමිකම්, ළමා අයිතීන්, ස්ත‍්‍රී අයිතීන් සුරැුකීමට පිහිටුවා ඇති කොමිෂන් සභා හා අධිකාරී රටේ අදාල ප‍්‍රශ්න විකුණාගෙන කෑම කරන අතරවිවිධ ව්‍යාපෘති හරහා ඉහත සඳහන් කළ ආකාරයටත්, දේශීය හා විදේශ මුදල් සොරකම් කරන බව, ජනතාව මුලා කරන බව ප‍්‍රසිද්ධ රහසක් වුවත්, මෙවන් පුද්ගලයන් හා එක්වන මාධ්‍යය ද මෙම ආයතනවල දුෂණ, වංචා, අක‍්‍රමිකතා යටපත් කිරිමට උදව් වෙති.

මේ සඳහා කතා කිරිමට, ජනයා පෙළඹිය යුතුයි. මෙම ආයතනවල වංචා දුෂණ අක‍්‍රමිකතා, නීති විරෝධී ක‍්‍රියා, සදාචාර විරෝධී ක‍්‍රියා නොබියව හෙළි කළ යුතුයි.

මේ සියලූ තත්ත්වයන් තුළ, අධිකරණය ද, නීතිපති, පොලිසිය හා එ්වාට පිටින් පිහිටුවා ඇති කොමිෂන් සභා හා අධිකාරී, පූර්ණ වෙනස්කම්වලට භාජනය කරවීමේ අරගලය තීව්ර කළ යුතුයි.

අවසාන වශයෙන්, පසුගිය කාලයේ අපරාධ කළ බවට සැකකරන ලද පුද්ගලයන් රැුසක් අත්අඩංගුවට ගෙන අමු අමුවේ මරා දමන ලද බව අමතක නොකළ යුතුය. එ් ඝාතන සියල්ලම මාධ්‍යය ද උදව් කරගෙන සාධාරණය කර, යුක්ති සහගත කරන ලදි.

වාසනාවට, ඞී.එන්.එ්. තාක්ෂණය හඳුන්වා දීම සමග, සේයා දැරියගේ ඝාතනයට, ආදේශකයකු යොදවා, මහා ප‍්‍රචාරයක් ලබාදී, තවත් ඝාතනයක් සිදුවන තෙක් අමතක කරවන්නට තිබූ අවස්ථාව පොලිසියට අහිමිවීම ගැන පොලිසියේ ලොක්කන් දැඩිසේ කම්පා වන බව නම් සහතිකය.

යහපාලනය යනු සටන් පාඨයක් නොව නියමිත ක‍්‍රියාමාර්ග ඇතුළත් ප‍්‍රායෝගික කාර්යයකි. එහි ප‍්‍රථිඵලයකි, ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම අහෝසි කිරීමේ සම්මුතියට අත්සන් කිරිමට  දරන ප‍්‍රයත්නය. එය කඩිනම් කර, අපේ නීති පොත්වලින් මරණ දඬුවම ඉවත් කළ යුතුව තිබේ.

ටිබෙට් ජාතික බෞද්ධ නායක දලයි ලාමා 1999 දී මරණ දඬුවම අහෝසි කිරිම සඳහා ලෝකවාසීන් ගෙන් ඉල්ලීමක් කරමින් නිකුත් කළ ප‍්‍රකාශය මේ රටේ එල්ලූම් ගහට පක්ෂ සියලූ ඊනියා බෞද්ධයන් ගේ අවධානයට පහත දක්වමු.

Message Supporting a Global Moratorium on the Death Penalty- by the Dalai Lama

In general, death is something none of us wants, in fact it is something we don't even like to think about. When death takes place naturally, it is a process beyond our control to stop, but where death is willfully and deliberately brought about, it is very unfortunate.

Of course, within our legal systems there are said to be certain reasons and purposes for employing the death penalty. It is used to punish offenders, to prevent them ever repeating their misdeed and to deter others. However, if we examine the situation more carefully, we will find that these are not the real solutions.

Harmful actions and their tragic consequences all have their origin in disturbing emotions and negative thoughts, and these are a state of mind, whose potential we find within all human beings. From this point of view, every one of us has the potential to commit crimes, because we are all subject to negative disturbing emotions and negative mental qualities. And we will not overcome these by executing other people.

What is deemed criminal can vary greatly from country to country. In some countries, for example, speaking out for human rights is considered criminal, whereas in other countries preventing free speech is a crime. The punishments for crimes are also very different, but usually include various forms of imprisonment or hardship, financial penalties and, in a number of countries, physical pain. In some countries, crimes that the government considers very serious are punished by executing the person who committed the crime.
The death penalty fulfills a preventive function, but it is also very clearly a form of revenge. It is an especially severe form of punishment because it is so final. The human life is ended and the executed person is deprived of the opportunity to change, to restore the harm done or compensate for it.
Before advocating execution we should consider whether criminals are intrinsically negative and harmful people or whether they will remain perpetually in the same state of mind in which they committed their crime or not. The answer, I believe, is definitely not.
However horrible the act they have committed, I believe that everyone has the potential to improve and correct themselves. Therefore, I am optimistic that it remains possible to deter criminal activity, and prevent such harmful consequences of such acts in society, without having to resort to the death penalty.
My overriding belief is that it is always possible for criminals to improve and that by its very finality the death penalty contradicts this.
Therefore, I support those organizations and individuals who are trying to bring an end to the use of the death penalty.
Today, in many societies very little importance is placed on education or the development of human values through social programs and entertainment. In fact, if we take television programming as an example, violence, including killing, is regarded as having a high entertainment value. This is indicative of how misguided we have become.
I believe human beings are not violent by nature. Unlike lions and tigers, we are not naturally equipped to kill with sharp teeth and claws.
From a Buddhist viewpoint, I believe that the basic nature of every sentient being is pure, that the deeper nature of mind is something pure. Human beings become violent because of negative thoughts which arise as a result of their environment and circumstances.  August 29, 1999
මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන ලෙසට තප්පුලන රංජන් රාමනායක, ජෝන් අමරතුංග වැනි අය කොතරම් ම්ලේච්ඡු ද යන්න පැහැදිළි කරන්නේ පාප් වහන්සේ මරණ දඬුවම ඉවත ලන ලෙසට ජත්‍යන්තරයෙන් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගැනීමෙන්ය.

Pope Francis Calls Death Penalty Inappropriate "No Matter How Serious the Crime"
In a letter to the President of the International Commission Against the Death Penalty, Pope Francis expressed the Catholic Church's opposition to the death penalty, calling it "inadmissible, no matter how serious the crime committed." He continued, "It is an offence against the inviolability of life and the dignity of the human person, which contradicts God's plan for man and society, and his merciful justice, and impedes the penalty from fulfilling any just objective. It does not render justice to the victims, but rather fosters vengeance." He acknowledged society's need to protect itself from aggressors, but said, "When the death penalty is applied, it is not for a current act of aggression, but rather for an act committed in the past. It is also applied to persons whose current ability to cause harm is not current, as it has been neutralized -- they are already deprived of their liberty." He also addressed questions of methods of execution, saying, “There is discussion in some quarters about the method of killing, as if it were possible to find ways of 'getting it right'. … But there is no humane way of killing another person.”
(The pope had previously offered remarks in opposition to the death penalty when he spoke to the International Association on Penal Law in October 2014.)

ජේ.ආර්. ජයවර්ධන මෙන් මහින්ද රාජපක්ෂ සිය ධූර කාලයේදී, ජනාධිපති බලතල උපයෝගී කරගනිමින් අධිකරණය විසින් අපරාධකරුවන් බවට නිගමනය කරන ලද පුද්ගලයන්ව නිදහස් කර හැරියේය.


නොපමාව කළයුතු දෙයක් ඇත. අධිකරණය මගින් වරදකරුවන් කළ පුද්ගලයන්ට සිය අභිමතය පරිදි නිදහස් කර හැරීමට ජනාධිපතිවරයාට තිබෙන වරම ඉවත් කිරීම.

Friday, October 9, 2015

පාරාදීසිය ෙසායා 
ධර්මසිරි බණ්ඩාරනායක ෙග් වාර්ථාමය චිත්‍රපටය ෙමම මස 20 දින, ප.ව. 2.30 හා 6.30ට පානදුර පුරහෙල්දි තිරගත ෙව්.
අය කිරීමක් ෙනාමැත.

පරිසර ආරක්ෂකයෝ පගාව අරන් යනවා.


අවුරුදු තුනක් පුරා, කුරුවිට කොළඹ - රත්නපුර පාරේ ”පැරඩයිස්” ප‍්‍රදේශයේ ආපන ශාලාවක් සහ ඉන්ධන පිරවුම් හලක් කරන ව්‍යාපාරිකයාගේ මුදල්වලට පරිසර ආරක්ෂකයෝ යටවෙලා.

මේ බව 2012 වසරේ සිට ලිඛිතව මධ්‍යම පරිසර අධිකාරියට, පරිසර අමාත්‍යංශයට, ජනාධිපති ලේකම් ඇතුලූව ප‍්‍රාදේශීය සියලූ බලධාරීන්ට පැමිණිලි කරන්නේ, එම පරිසර විනාශයෙන් පීඩා විඳින - එච්.එ්.පේ‍්‍රමරත්න මහතාය.

ඔහු ප‍්‍රකාශ කරන පරිදි, මෙම පරිසර විනාශය සිදුකරන්නේ ”ෙෆ්‍රන්ච්” හෝටලය හා එයට යාබද ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කරන පරිසර හානි කරන අපද්‍රව්‍ය මගින්ය.

මෙම හෝටලය හා ඉන්ධන පිරිවුම්හලේ හිමිකරුවන් පොලිසියට සම්බන්ධ බවද, ඔවුන් පරිසරය ආරක්ෂා කරන නිලධාරීන් සියලූ දෙනා මුදලට අරන් තිබෙන බවටද චෝදනා කරයි.

සාමාන්‍යයෙන් ඉහලයින් මහා පරිමානයේ දුෂණවල යෙදෙන බවත්, පහළ රාජ්‍ය නිලධාරීන් ඔවුන් අනුව යමින් අල්ලස් ගන්නා බව - මෑතකදී ජනාධිපති සිරිසේන ප‍්‍රකාශ කලේ කළමණාකාර සහායකයින්ට පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවයේදීය.

යහපාලනය යටතේත් මහා පරිමාණ පරිසර දුෂණ මෙන්ම, ඉහත දැක්වූ සු`ඵ පරිමාණ ව්‍යාපාරිකයින් සිදු කරන පරිසර දුෂණ වැළැක්වීමට තවමත් අපොහොසත්ව තිබේ.

අවුරුදු 3ක් පුරා සිදු කරන මෙම පරිසර දුෂණය වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ඔහු ඉල්ලා සිටී.

Thursday, October 8, 2015

සමලිංගික දේවධර්මාර්යාව වතිකානුවෙන් නෙරපයි.



2000 වසරේ සිට, වතිකානුවේ විශ්වාසය පිලිබඳ දම් සභාවේ දේවධර්මාචාර්යකු වශයෙන් ක‍්‍රියාකල - පෝලන්ත ජාතික පූජකවරයෙකු වන 43 හැවිරිදි මෙන්සිංෙඤර් ක‍්‍රිස්ටොෆ් ධර්මසභාව, වතිකානුවෙන් නෙරපා ලැබීමට පියවර ගෙන තිබේ.

තමා සමලිංගිකයෙකු බවත්, සහකරුවකු සිටින බවටත් ප‍්‍රසිද්ධියේ කරන ලද ප‍්‍රකාශය - නෙරපා හැරීමට මූලික වී තිබේ.

කතෝලික පල්ලිය සමලිංගිකයින් කෙරෙහි දක්වන ආකල්පයන් අභීයෝගයට ලක් කරමින්, ප‍්‍රසිද්ධියේ තමා සමලිංගිකයකු බව ප‍්‍රකාශ කල බවද, තම අරමුණ, සභාවේ සමලිංගික විරෝධී උමතුව වෙනස් කිරීම බවද, වැඩි දුරටත් ප‍්‍රකාශ කර තිබේ.

දික්දසාදය ඇතුලූ සමාජ සාකච්ඡා කිරිමට නියමිත කතෝලික සභාවේ ප‍්‍රධානීන් ගේ රැුස්වීමක් අභියස දී මෙම නෙරපා හැරිම සිදුකර තිබේ.

මාධ්‍ය ප‍්‍රකාශ කරන අතර, මෙම දේවධර්මාචාර්ය වරයා, කතෝලික සභාවේ සිටන සමලිංගික පූජකවරුන් මුහුණපාන පීඩාවෙන් මුදවා ගැනීමට ප‍්‍රයත්න දැරූ - විමුක්ති කාමියෙකි.




හරක් මස් කාපු බවට සැක කළ මුස්ලිම් ජාතිකයාව ෙපාලුවලින් ගසා මරයි.


මෝඩි පාලනය යටතේ උත්සන්නවන හින්දු අන්තවාදීන් විසින්, මධ්‍ය ප‍්‍රදේශයේ බීසාරා නම් ගමේ, 50 හැවිරිදි මොහොමඞ් අක්හලක් නැමැති පුද්ගලයාව, හින්දු අන්තවාදීන් පිරිසක් විසින් නිවසට කඩා වැදී පොලූවලින් ගසා මරා දැමීම සාධාරණය කිරිමට, මෝඩි ආණ්ඩුව සංස්කෘති ඇමතිවරයා පියවර ගෙන තිබේ.

ෙමම මරා දැමීම කර අැත්ෙත් සැකය පදනම් කර ෙගනය. 

ඉන්දියාවේ සු`ඵ ජාතිකයින් මෝඩි පාලනය යටතේ දැඩි අපහසුතාවයට පත්වන බව වාර්තා වේ.

මෙම සිද්ධිය හදිසි අනතුරක් ලෙසට හඳුන්වන මෝඩි පාක්ෂිකයින්, මෙම මිනීමැරුම සිදුකල පුද්ගලයින්ට එරෙහිව අපරාධ චෝදනා නැගුවහොත් යලිත් රටතුල හින්දු - මුස්ලිම් කෝලාහල ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබේ.

මනුෂ්‍ය ජීවිතවලට වඩා හරකුන්ගේ ජීවිත අගය කරන හින්දු අන්තවාදීන් අනුගමනය කරන -සිංහලයින්ද බිහිවෙමින් පවතින බව කිවයුතුය.

මනුෂ්‍යයින් මරා දැමීම ගැන කෙළ පිඩක් නොහලන මේ ඊනියා ගව ආරක්ෂකයින්, අනෙක් සතුන් මරා මස් කෑම අනුමත කිරිම ප‍්‍රාණඝාතණ අකුසලයට යට අයත් නැති බව ක‍්‍රියාවෙන් පෙන්වමින් සිටී.



Tuesday, October 6, 2015

ගල්කිස්ස පොලිස් කූඩුවේ වැසිකිලිය තුළට ඇද පොලිස්කාරයෝ තුන්දොනක් පහර දුන්නා. බෙල්ල මිරිකුවාම ඇඟිල්ල විකුවා. පහර දුන්නේ හිටපු බිරිඳ ගේ කොන්ත‍්‍රාත්තුවකට.



මාගේ හිටපු බිරිඳගේ නංගි වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු ගේ කණිටු පුත් එක්ක ඉන්නේ. එම කාරණය මුල් කරගෙන මෙම පවුල, මැතිවරණ සමයේ ජනමාධ්‍ය උපයෝගී කරගෙන, එම ඇමතිවරයාට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ගෙන යන ලදි. මෙම පවුල දේශපාලකයන් හා පොලීසියේ සමහර උසස් නිලධාරීන් සමග දැඩි සම්බන්ධතාවයක් පවතිනවා.

ගල්කිස්ස පොලිස්ථානය සහ බොරලැස්ගමුව පෙලිස්ථානය විසින් නීති විරෝධීව අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා බොරු චොදනා නගා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන්  පොලිස්පති, ලේකම්- නීතිය සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,  මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ළමාරක්ෂක අධිකාරිය වෙත මොහු  කර ඇති  ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.  
   ‘‘ 2015 අගෝස්තු 21 වන දින උදේ 10.00 ට බොරලැස්ගමුව පොලිස්ථානයට පැමිණෙන ලෙසට, මා වෙත ලියාපදිංචි තැපෑලෙන් දැණුම් දීමක් කරණු ලැබීය. එ් අනුව, නීතිඥ මහතා සමග පොලිස්ථානයට ගියා.

එ් අවස්ථාවේ, මට විරුද්ධව ව්‍යාජ පැමිණිල්ලක් කර තිබූ, හිටපු බිරි`දගේ ඥති සොහොයුරියක් වූ නවෝද්‍යා ද නීතිඥවරයකු සමග පැමිණ සිටියා. ඇගේ පියා ද පැමිණ සිටියා. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. සිල්වා, විභාග කිරීම ස`දහා ස්ථානාධිපති පැමිණෙනකම් ඉන්න යැයි අපට කියා සිටියා.

පැයකට පමණ පසුවද ස්ථානාධිපති නොපැමිණීම නිසා, පො.ප. සිල්වා නීතිඥවරුන්ට දැණුම් දුන්නා, වෙනත් දිනයක පැමිණෙන ලෙසට. තවද, ඔහු එම නීතිඥවරුන්ට දුරකතන මගින් දිනය දැණුම් දෙන බවද ප‍්‍රකාශ කළා. පො.ප. සිල්වා ඔහුගේ දුරකතන අංකය ද නීතිඥවරුන්ට ලබාදුන්නා.

එ් අනුව නීතිඥවරුන් පොලීසියෙන් පිටව ගිය අතර, මම ද පොලීසියෙන් පිටව ගියා. මා පොලීසියේ සිට මීටර් 200 ක් පමණ දුරින් නවතා තිබූ මාගේ රථයට යමින් සිටියදී පිටුපසින් පැමිණි පො.ප. සිල්වා හා තවත් ගිනි අවියක් ගත් නිලධාරියෙක් මා අත්අඩංගුවට ගත්තා.

මා කාරණය විමසා සිටි විට පො.ප. සිල්වා කියා සිටියේ, ස්ථානාධිපති හැරිසන් දුරකතනයෙන් ලබාදුන් උපදෙස් අනුව මාව අත්අඩංගුවට ගත් බවයි. මා, පොලීසියට රැුගෙනවිත්, පොලීසියේ සවස 4.00 වන තුරු රඳවාගෙන සිටියා. සවස 4.00 ට පමණ, මා, මාගේ දරුවා පැහැරගෙන යෑම යන ව්‍යාජ චෝදනාවට ප‍්‍රකාශයක් ලබා ගත්තා. 

මාව පොලිස් ඇප මත මුදාහැරියා. නමුත් මට උසාවි එන දිනයක් හෝ චෝදනාව හෝ දැණුම් දුන්නේ නැහැ. මෙයට අමතරව බොරලැස්ගමුව පොලීසියට මා කරන ලද පැමිණිලි දෙකට පරීක්ෂණ පවත්වා නොමැත.

2015 ජූලි 29 දින, CIB(01)/334රැ/357 යටතේ, මාගේ දරුවා උසාවි නියෝග කඩ කරමින්, දින 06 ක් සඟවා සිටීම පිළිබඳව බොරලැස්ගමුව පොලීසියේ පැමිණිල්ලක් කරණු ලැබුවා. එ් හා අදාලව 2015.07.27 දින ගල්කිස්ස පොලීසියේ පැමිණිලි කළා. එහි අංකය: WCIB398/314 

2015.07.28 වන කොම්පඤ්ඤවීදිය පොලීසියට 119 අමතමින් දැණුම් දීමක් කරණු ලැබුවා. MOIB/53/233. 2015.07.28 දින, දෙහිවල පොලීසිය මාගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තා. CIB2/323/336. එයට අමතරව 2015 අගොස්තු 06 ළමා ආරක්ෂක අධිකාරියට ද, CIB25/95/55, 2015 අගොස්තු 07 නුගේගොඩ, ළමා හා කාන්තා කාර්යංශයට ද පැමිණිලි කරණු ලැබුවා. CIB1/169/32. 2015 අගෝස්තු 10 වන දින, දරුවා තමාට සිදු වූ අපයෝජනයන් පිළිබඳව පැමිණිලි කරණු ලැබුවා. CIB25/128/410. 

මෙම පැමිණිලි පිළිිබඳව මේ දක්වාම කිසිදු පරීක්ෂණයක් සිදු කර නැහැ.

2015 සැප්තැම්බර් 17 වන දින, සවස 5.00 ට පමණ, ගල්කිස්ස පොලීසියේ හතර දෙනකු මාගේ නිවසට පැමිණ වරෙන්තුවක් ඇති බව ප‍්‍රකාශ කළා. නමුත් වරෙන්තුව පෙන්නුවේ නැහැ.

මා ඔවුන්ගේ කීමට ඔවුන් සමග ගියා. මාව ගෙන ගොස් ගල්කිස්ස පොලීසියේ විශේෂ අපරාධ එ්කකයේ ස්ථානාධිපතිවරයා හමුවට පත් කළා. ඔහු මට ප‍්‍රකාශ කළා මට විරුද්ධව බහු විවාහ චෝදනාව යටතේ නඩුවක් තියෙනවා, එහි අංකය බී/321/13 බව. එම නඩුවට 2015 මාර්තු 06, ජුනි 23 හා සැප්තැම්බර් 15 මා පැමිණ නැති බවත් මට වරෙන්තු බව දැණුම් දුන්නා. නමුත් වරෙන්තුව පෙන්නුවේ නැහැ.

එයින් පසුව මාව කූඩුවට දැම්මා. පැයකට පමණ පසුව, සෙ....... කියන්නේ කව්ද කියමින් නිලධාරියෙක් පැමිණියා. දැක්කොත් අඳුරන්න පු`ඵවන්. ඔහු මට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් කූඩුව ඇරගෙන ඇතුළට ඇවිත් පහර දෙන්න පටන් ගත්තා. එ් අවස්ථාවේ 10 කට වැඩි පිරිසක් කූඩුවේ සිටියා. මට පහර දුන්නේ වැසිකිලිය තුළට ඇද. ඔහු මගේ බෙල්ල හරහා අත යවා මිරිකුවා. මට හුස්ම ගන්න බැරි වුණා. මම ඔහුගේ ඇඟිල්ල විකුවා. ඔහු එවිට තවත් සිවිල් ඇඳුමින් සිටි දෙදෙනෙක්ව කැඳවා මට පහර දුන්නා. 

ඔවුන් තුන්දෙනා මට අතින් පයින් ගැහැව්වා. මගේ ඔලූවට පහර දුන්නා. ඔලූව බිත්තියේ සහ කූඩුවේ කිහිප විටක්ම හැප්පුවා. පැය දෙකකට පමණ පසුව නීතිඥ මහතා පැමිණ මාව රෝහල්ගත කරන ලෙසට ඉල්ලා සිටියා.

රාත‍්‍රී 11.00 ට පමණ, මාව ජීප් රථයෙන් ක`ඵබෝවිල ශික්ෂණ මහා රෝහලට ගෙන ගියා. නමුත් මාව රෝහල තුළට ගෙන ගියේ නැහැ. ඉන්පසුව මාව වැල්ලවත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරී  මහතා වෙත ගෙන ගියා. වෛද්‍යවරයාට මා ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා මට තර්ජනය කළා මා බීලා බව කියන්න කියා. වෛද්‍යවරයා මට කිව්වා බීලාද කියා බලන්න ගෙනත් තියෙන බව. මම ඔහුට කිව්වා මාව පරීක්ෂා කරන්න කියා. නමුත් පරීක්ෂා කළේ නැහැ. මා ඔහුට කිව්වා මට හොඳටම අමාරුයි, පොලීසියෙන් පහර දුන්නා කියා. එවිට වෛද්‍යවරයා නියම කළා මාව කොළඹ ජාතික රෝහලට ගෙන යන ලෙසට.

මාව ජාතික රෝහලට ගෙන ගියා. මාව හදිස්සි අනතුරු එ්කකයට ගෙන ගියා. එහිදී මාව පරීක්ෂාවට ලක් කළා. එවිට 2015 අගෝස්තු 18 වන දින අ`ඵයම 3.00 ට පමණ ඇති. එහිදී මාව 72 වාට්ටුවට ගෙන ගියා. 72 වාට්ටුවේ මාව ෑභඔ සායනයට ගෙන ගියා. එහිදී මගේ කන් බෙරය පුපුරා ඇති බව ප‍්‍රකාශ කළා. සවස 4.30 ට පමණ වාට්ටුවට මාරු කළා. 

මෙදින සවස 5.00 ට පමණ, මහේස්ත‍්‍රාත්තුමිය පැමිණියා. එ් අංක 04 මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්තුමිය බව ප‍්‍රකාශ වුණා. නමුත් ඇය මාගෙන් කිසිවක් ඇසුවේ නැහැ. මා හට පහර දීම ගැන කිසිවක් විමසුවේ නැහැ. තුවාල පරීක්ෂා කළේ නැහැ. එතැන සිටි පොලිස් නිලධාරීන් සමග කතා කර මාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කර යන්නට ගියා.

මාව රෝහල්ගත කර තිබුණේ පොලිස් පහර දීම මතය.

මහේස්ත‍්‍රාත්තුමිය ගිය පසුව, ගල්කිස්ස පොලීසියේ නිලධාරීවරයෙක් මාගෙන් විස්තර අසා, ඔහු විසින් ලියා ගන්නා ලද ප‍්‍රකාශයට මට අත්සන් කරන්න කිව්වා. මා එය කියවා දෙන ලෙසට ඉල්ලූ විට ඔහු එය කියෙව්වා. මා විසින් සඳහන් නොකළ කරුණු එහි අන්තර්ගතව තිබුණා. මා එ්වා පෙන්වා දුන් පසුවත් ඔහු කියා සිටියේ එ්වායින් ප‍්‍රශ්නයක් නැහැ දැන් කපන්න බැහැ කියා. මා සිටි තත්ත්වය මත, මා එම ප‍්‍රකාශයට අත්සන් කළා.   

සවස 7.00 ට පමණ, බන්ධනාගාරයෙන් පැමිණ මාව බාර ගත්තා. 2015 අගෝස්තු 19 වන දින සවස 3.00 ට පමණ මාව බන්ධනාගාරයට ගෙන ගියා. මාව බන්ධනාගාර රෝහලට බාර දුන්නා. බන්ධනාගාර රෝහලේ දින 07 ක් ප‍්‍රතිකාර ගත්තා. එයින් පසුව මාව මැගසින් බන්ධනාගාරයට මාරු කළා.

2015.09.28 වන දින, ගල්කිස්ස උසාවියේ මට විරුද්ධව දමා තිබූ නඩු දෙකකටම ඇප ලබා දුන්නා. එයින් පසුව, 2015.09.29 දින, මාව කොළඹ අංක 01 :්ඍ6284* මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එතැනින් මාව නිදහස් කළා. 

මට විරුද්ධව ගල්කිස්ස පොලීසියේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ බොරු නඩුවක් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබේ. එහි අංකය බී 2910/15 වේ. මීළඟ නඩු දිනය :- 2015.11.23 වේ.

මෙයට අමතරව, බොරලැස්ගමුව පොලීසිය, නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2985/15 යටතේ නඩුවක් පවරා ඇති බවට ප‍්‍රකාශ වුණා. නමුත් නඩු දිනය දැණුම් දුන්නේ නෑ.

මෙම පසුබිම යටතේ මට ප‍්‍රකාශ කරන්නට ඇත්තේ,

මාගේ හිටපු බිරිඳ හා ඇගේ පියා එක්ව, පුද්ගලික ජීවිතයේ ප‍්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා ”පොලීසිය” උපයෝගී කර ගැනීම ඉහත සිද්ධීන්වලට මූලික වූ බවයි.

මා ඉල්ලා සිටන්නේ, පුද්ගලික අවශ්‍යතාවයට, අල්ලසට මට විරුද්ධව, ගල්කිස්ස පොලීසිය බොරු නඩු දැමීම, නීති විරෝධිව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීම, බොරලැස්ගමුව පොලීසිය මාගේ පැමිණිල්ල විභාග නොකර, යුක්තිය ඉටු නොකර, මට වධහිංසා පැමිණවීමට බොරු නඩු දැමීම, ළමාරක්ෂක අධිකාරිය පක්ෂව ක‍්‍රියා කරමින් ළමයින්ව අපයෝජනයට රුකුල් දීම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට හා බොරලැස්ගමුව පොලීසිය මට පවරන ලද අංක 2985/15  නඞ්වට අදාල ව මීළඟ දිනය දැණුම් දීමට පියවර ගන්නා ලෙසටය.’’ 

32 හැවරිදි එක් දරු පියෙක් වන තමා ව්‍යාපාරික කටයුතු වල නියැලෙන බවත්, අනන්‍යතාවය හෙළි කිරිමෙන් වළකින ලෙසට ඉල්ලා සිටි බවද සඳහන් කරමින් ප‍්‍රකාශ කරන්නේ රටේ නිතයේ ආධිපත්‍ය ය බිඳවැටි ප‍්‍රමාණය මෙම සිද්ධියෙන් ද පැහැදිලි වන 

Monday, October 5, 2015

කුඩ්ඩෙක් ගේ පාපොච්චාරණය.


රු. 80,000/= ක් දඩ මුදල් ගෙවලා. පොලීසිය වැඩ කරන්නේ චන්දන නැමැති ‘‘කුඩු“ කොන්ත‍්‍රාත්කරුවාගේ අවශ්‍යතාවයට.
ජනාධිපති ලේකම් ට, අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ට පිටපත් සහිතව පොලිස්පති අමතන රංජිත් මෙසේ කියා සිටී.
‘‘වයස අවු: 52යි, රැකියාව : තැඹිලි කැපීම/පොල් කැඞීම. මාගේ බිරිඳ අසනීපයෙන් පසුවන අතර, මා නිවසේ සිටින ඥති සොයුරිය මානසික රෝගයකින් පෙළෙන්නෙකි.
මෙම වාතාවරණය යටතේ, මා හෙරොයින් වලට ඇබ්බැහි වී සිටින්නෙකි. මා එක්වතාවක් හෙරොයින් සමග අසුවී වරද පිළිගෙන දඩ ගෙව්වෙමි. ඉන් අනතුරුව, විටින් විට මා අල්ලා නඩු දමන අතර, පොලිසියේ ඉල්ලීම පිට වරද පිළිගෙන දඩ ගෙවා නිදහස් වී ඇත. මේ වන විට මා ගෙවා ඇති දඩ මුදල රුපියල් අසූදහසකට වැඩිය.
දැනට සතියක පමණ සිට, පානදුර වෙරළ පොලිසිය ලෙසට හඳුන්වන විශේෂ ඒකකයේ සම්පත් නැමැති නිලධාරියා මා වෙත පැමිණ, හිරණ මාමානැමැති හෙරොයින් විකුණන පුද්ගලයාව අල්ලා දෙන ලෙසට ඉල්ලා සිටියේය. 2015.10.04 දින සවස 4.30 ට පමණ ඔහු, නිවස අසලදී අල්ලාගෙන, මාමාව අල්ලා දෙන්න, එවිට මාව මුදාහරින බව ප‍්‍රකාශ කලා.
මම ඔහුට කියා සිටියා, හිරණ මාමා දැන් හෙරොයින් විකුණන්නේ නැහැ, මම හෙරොයින් අරගන්නේ රත්මලානෙන් කියා. ඔහු එය පිළිගන්නේ නැහැ. මාමා යන අයව අල්ලා නොදුන්නොත් මට විරුද්ධව නඩු දාන බවට තර්ජණය කර යන්න ගියා. මා දන්නා පරිදි, මෙසේ මාමා”  යන අයව අල්ලන්නට සූදානම් වන්නේ, අප නිවස අසල සිටින චන්දන නැමැති කොන්ත‍්‍රාත්කරුවාගේ අවශ්‍යතාවයටය. මෙම චන්දන නැමැති කොන්ත‍්‍රාත්කරු, ඔහු යටතේ, සේවය කරන 15කු පමණ වන, අත් උදව් දෙන්නන්ට හෙරොයින් දිනපතාම ගෙවිත් දෙති.
මේ බව පොලිසිය හොඳින් දන්නා බව ප‍්‍රකාශ කරමි. මෙම චන්දන සමග පවතින සම්බන්ධය උඩ, ඔහුගේ අවශ්‍යතාවයට වෙනත් පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිසිය ක‍්‍රියා කරයි. චන්දනනැමැති අය මා සමග හිත හොඳ නැත.
මෙම කොත්ත‍්‍රාත්කරු සමග ඉහළ අයද සම්බන්ධකම් පවත්වනු ලබයි. ඔහු රජයේ කොන්ත‍්‍රාත්තුද ලබා ගනී.
මා හෙරොයින් වලට ඇබ්බැහිවූවත්, මා ජවජරම් කරන්නේ නැහැ. මට හිරේ යෑමට සිදුවූවොත්, මාගේ පවුල, මානසික රෝගී ඥති සොයුරිය අනාථ වීම සහතිකය.
මට ලියන්නට කියන්නට බැරිය. මාගේ පියා කබොක් ගල් කැපූ අයෙකි. අවුරුදු 7 දී මාගේ පියා මිය ගියා. පවුලේ ගණන 5කි. කිසිවකුටවත් ඉගෙන ගැනීමට හැකියාව තිබුනේ නැහැ. පානදුර ජුබිලි විද්‍යාලයේ 1 වසරට විතරයි යන්න ලැබුනේ.
මා ඉල්ලා සිටින්නේ, මහා පරිමානයේ හොරොයින් ජාවාරම් කරුවන් සමග සම්බන්ධකම් පවත්වන චන්දන නැමැත්තාගේ අවශ්‍යතාවයට මා බිල්ලට ගැනීමට පොලිසිය දරන උත්සාහය වලක්වන ලෙසටයි.
මෙම ලිපිය පානදුර පොලිසියට හෝ පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත යොමු කරනු ලැබුවහොත්, පොලිසියෙන් හා චන්දන නැමැත්තාගෙන් මගේ ජීවිතයට තර්ජණයක් එල්ල විය හැකි බව මා දන්නා කරුණකි.
වශයෙන් සිය ලිපියේ සහන් කරන ඔහු තමා වසර 13ක් පුරා හෙරෝයින් භාවිතා කරන බවද, දිනකට රු: 3000/= පමණ උපයන බවද, රත්මලානට ගොස් රු1500/ක පමණ කුඩු අරගෙන බොන බවද කියා සිටි. තමා පුනරැත්තාපනය වීමට කැමති බවද ප්‍රකාශ කරයි.