Monday, July 31, 2017

මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති යතුරු පැදියක් මංකොල්ල කයි


තම යතුරු පැදිය නිති විරෝධිව පොලිසියට රැුගෙන ගොස් චැසි අංකය හා එන්ජින් අංකය ග‍්‍රයින්ඩරයකින් කපා දමා දින හතක් පොලිසියේ තබාගෙන සිටින බවට පොලිස්පති, මානව හිමිකම් කොමිෂණ් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව හා පානදුර. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලිඛිතව පැමිණිලි කරන 34 හැවරිදි, සිව් දරු පියෙක් වන උපුල් මහතා, මිල්ලනිය පොලිසිය බාර සහකාර පොලිස් අධිකාරි වරයාට කරන්නට දෙයක් නැතැයි පැවසු බවද කියා සිටි. 
ඔහු ගේ ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.  
උපුල් ප‍්‍රියදර්ශණ, අවු: 34යි, විවාහක, දරුවන් 04යි, රැුකියාව: කුලී වැඩ,  පරගස්තොට. 2017.07.31 දිනදී මෙසේ ප‍්‍රකාශ කර සිටිමි. 2017 ජූලි 23 වන දින රාත‍්‍රී 7.30 ට පමණ මා බිරිඳ සමග යතුරු පැදියෙන්, තේප්පුව හංදියට කෑම ගෙන එ්මට ගියා. එසේ යන අතර, ලියනගොඩ පාලම අසලදී යතුරු පැදිය නවත්වන ලදි. එසේ නවත්වන ලද්දේ මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති එන්.පී.ලිහිනියකුල ය. එතැන බංඩාර, දීප ශාන්ත, කසුන් යන නිලධාරීන් සමග තවත් කිහිප දෙනෙක් හිටියා. මගෙන් බලපත‍්‍ර, ඉන්ෂුවරන්ස් ඉල්ලා සිටියා. මා කියා සිටියා, නිවස තියෙන්නේ මීටර් 200ක් දුරින්, අරගෙන එන්නම් කියා. මට ගේන්න කිව්වා. මම නිවසට ගොස් එම ලියකියවිලි අරගෙන එනකොට, එතැන සිටි මාගේ බිරිඳව පන්නා දමා, යතුරු පැදිය පොලිසියට රැුගෙන ගොස් තිබුනා. මා හා බිරිඳ පොලිසියට ගොස් ලියකියවිලි පෙන්නා යතුරු පැදිය ඉල්ලා සිටියා. එ්වායේ අඩුපාඩු පෙන්නා හරිගස්සගෙන එන ලෙස දැනුම් දුන්නා. එම අඩුපාඩු සියල්ල හරිගස්සාගෙන 2017 ජූලි 27 දින පොලිසියට ගියවිට, විවිධ බොරු කියමින් මග අරින්න පටන් ගත්තා. අප දිගින් දිගටම කරුණු කියනකොට, පොලිසියේ රථවාහන අංශයේ දයාපාල නිලධාරියා චැසි අංක හා එන්ජින් අංක වෙනස් කිව්වා. එය විය නොහැකි බව කී විට, බලන්න ගියා. මා හා බිරිඳ සමග නිලධාරී දයාපාල, දෙවෙනි මහත්තයා කියන ප‍්‍රියන්ත, නිලධාරී දීප ශාන්ත යන අයද පරීක්ෂා කිරීමට ගියා. එවිට අප සියලූම දෙනා දුටුවා, චැසි අංකයේ හා එන්ජින් අංකය ග‍්‍රයින්ඩරයකින් කපා දමා ඇති බව. පසුව පොලිසියෙන්ම දැන ගත්තා ස්ථනාධිපතිගේ නියෝගයට කසුන් හා බංඩාර යන නිලධාරීන් දෙන්නා, කැටගොඩ පාසල අසල ටිංකරින් සුසන්ත යන අයගේ ගරාජයේදී ග‍්‍රයින්ඩරයකින් කපා වෙනස් කර ඇති බව. මා මෙය 2017.07.28 දින පානදුර සහකාර පොලිස් අධිකාරී 11 හමුවී පැමිණිලි කලා. එය යතුරු ලියන කර අත්සන් ගත්තා. මට මෙයට මැදිහත්වන්න බැරි බව ඔහු කියා පොලිස්පතිට දන්වන ලෙසට උපදෙස් දුන්නා. මාගේ යතුරු පැදිය තවමත් තියෙන්නේ මිල්ලනිය පොලිසියේ මා අතින් සිදුවූ එකම වරද වන්නේ, අදාල ලේඛණ රැුගෙන නොපැමිණීමත්, මට යතුරු පැදිය පැදවීමට බලපත‍්‍රයක් නොතිබීමත්ය. එම වරදවලට මාගේ යතුරු පැදිය පොලිසිය තබාගෙන, චැසි අංක, එන්ජින් අංක මකා දමා විනාශ කර දැමීම, අපරාධයකි. පොලිසිය සිදුකර ඇති මෙම අපරාධයට වගකිවයුතු ස්ථානාධීපති එන්.පී.ලිහිනියක ඇතුලූ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා නොපමාව මාගේ යතුරු පැදිය මුදාහැරීමට පියවර ගන්නා ලෙසට හා විශේෂ විමර්ශණ එ්කකය මගින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටය. ඉහත කරුණු සත්‍යය හා නිවරැුදි බව ප‍්‍රකාශ කරමි. 
අ.ක./ උපුල් ප‍්‍රියදර්ශණ

Friday, July 28, 2017

31 ලක්ෂයේ MDK මංකොල්ලය ලක්ෂ 3 ක් අරන් නඩු භාණ්ඩවලට දාලා


තමාව පානදුර වැල්ලේ පොලීසියේ යුනිට් එකට ගෙන්වා, අත්අඩංගුවේ හිටිය පුතාව පෙන්නා, ලක්ෂ පහක් ඉල්ලා සිටියා. මා, මාගේ ඉඩම ඇපයට තියා ලක්ෂ තුනක් දුන්නා. එ් ලක්ෂ තුන නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කරලා. පුතා දැන් රිමාන්ඞ්. 
තම පුතා සමග හිටපු රණවිරුවෙක් ද MDK කොම්පැනියේ ගණකාධිවරයෙක්ද රිමාන්ඞ් බාරයේ  පසුවන බව පවසන මව, එ් හා අදාල සියලූ විස්තර පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ගක් වශයෙන් ඉදිරිපත් කර තිබේ. එම ලිඛි’ත පැමිණිල්ලෙන් ”පොලීසිය” අපරාධ විමර්ශනය පසෙක තබා ”නඩු හදන” අයුරු පැහැදිළි වේ.
 ඔම ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.                 

’‘ නීති විරෝධී රඳවා තබා ගැනීම, කප්පම් මුදල් ලබාගෙන ව්‍යාජ චෝදනා නැගීම ----
2017.07.28 වන දින දීය. එල්. ප‍්‍රනාන්දු, අවු: 58 යි, විවාහක, දරුවන් 04 යි, 
ලිපිනය : ----, හොරණ. 
චන්ද්‍රලාල්, අවු: 36 යි, විවාහක, රැුකියාව: ව්‍යාපාරික, මාගේ පුතා වේ.
2017 ජූලි 17 වන දින, දහවල් 10.00 ට පමණ මාගේ පුතාගේ ජංගම දුරකතනයෙන් මා අමතා, කියා සිටියා, "මම දැන් ඉන්නේ පානදුර වැල්ලෙ පොලීසියේ, අත්අඩංගුවට අරන් ඉන්නේ, ඉක්මනට එන්න කිව්වා.” 

මම එවෙලේම පිටත් වුණා. මා පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ආවා. එහි ගේට්ටුවේ සිටි නිලධාරියාට මම කාරණය කිව්වාම, මට යුනිට් එකට යන්න කියා පාර පෙන්නුවා. මම එතැනට ගියා. මට ටිකක් එළියෙන් ඉන්න කියා, පසුව ඇතුළට අරන් ගියා. මාගේ පුතා පුටුවක වාඩිවෙලා හිටියා. එතැන හිටිය සියලූ දෙනාම හිටියේ සිවිල් පිට. එ් අතර හොරණ පොලීසියේ හිටපු අසංක කියන මහතාද සිටියා. එතන සිටිය එක් අයෙක් මගෙන් ඇහුවා, පුතා මංකොල්ලයක් කාලා තියෙන්නේ පිළිගන්නවාද කියා. මම නැහැ කිව්වා. එවිට නිලධාරියෙක් පුතාට කිව්වා, මංකොල්ලා කාපු බව අම්මාට කියපන් කියලා. පුතා කිව්වා ලක්ෂ පහක් ගෙනත් දෙන්න කියා කිව්ව බව. අසංක කියල නිලධාරියා කිව්වා එ් සල්ලි නඩු භාණ්ඩවලට දාන්න  ඕන කියලා.මම අසංක කියන නිලධාරියාට කිව්වා, මහත්තයා රෝහලේ එ් නිසා, රුපියල් ලක්ෂ පහක් දැන්ම හොයන්න විදියක් නෑ කියලා. එවිට එතන හිටිය නිලධාරීන්, හෙට උදේ (2017.07.18 වන දින* උදේ 8.00 වන විට මුදල් ගේන්න යයි කිව්වා. මම එතනින් පිටවී රෝහලේ සිටින මගේ ස්වාමියාව දැණුවත් කර දැනට අප පදිංචි නිවස හා ඉඩමේ, ජන කිරුල ඉන්වෙස්ට්මන් ආයතනයේ එල්.එස්.පී. පෙරේරා මහතාට ඔප්පුව බාරදී රුපියල් ලක්ෂ පහක් ලබා ගත්තා. මා පසුදින, එනම් 2017.07.18 වන දින එයින් රුපියල් ලක්ෂ තුනක් රැුගෙන පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටි, යුනිට් එකට ගොස් මාගෙන් මුදල් ඉල්ලූ නිලධාරියාට රුපියල් ලක්ෂ තුන ලබාදුන්නා. එම නිලධාරියාව දුටුවොත් මට අඳුරන්න පු`ඵවන්. එදින සිට මාගේ පුතාව හැමදාම රාත‍්‍රියට හොරණ පොලීසියට ගෙන ගොස් කූඩුවට දමනවා. පසුදින උදේ නැවත, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකට ගෙන එනවා. මේ ආකාරයට 2017 ජූලි 21 දක්වාම පුතාව තියාගෙන හිටියා. 2017 ජූලි 22 හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබුවා.මාගේ පුතාව, 2017 ජූලි 16 වන දින අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වන, හොරණ කුඩා උඩුව, රෙස්ට්ටුරන්ට් එකේ සිටියදීය. දැනගන්නට ලැබුණ පරිදි මාගේ පුතාට, කුඩු, ගිනි අවි හා මංකොල්ල චෝදනා දමා ඇත. මේ ආකාරයට බොරු චෝදනා දැමීමට හා මුදල් ලබාගෙන, නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර සිදුකර තිබුණේ අපරාධයකි. පොලීසිය සිදුකර තිබෙන අපරාධය පිළිබඳව නිසි පරීක්ෂණ කරන මෙන් ඉල්ලමි. මෙයට, මව, එල් ප‍්‍රනාන්දු    


2008 වසරේදී බාල වයස්කාර පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක්කරන ලද බවට චෝදනා එල්ලවූ ක`ඵතර උතුර ස්ථානාධිපතිව සිටි හැරල්ඞ් රෙක්ස් ජෑන්ස්්්ට බරපතල වැඩ සහිත 16 වසරක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවීමට නියම කරන ලදි.

මෙම චෝදනාවලට වැඩ තහනමට ලක්ව සිටි මෙම පොලිස් කාරයා මෑතක් වනතුරුම ASB ව්‍යාපාරයේ කළමනාකරුවෙකු වශයෙන් සේවයේ යොදවාගෙන සිටින ලදි.

එම වකවානුවේ මෙම ළමා අපයෝජන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකළේ ළමා අධිකාරියයි. 2008 වසරේ සිදුවූ මෙම සිදුවීමට 2017 තීන්දුව දෙන විට වසර 09 ක් ගතව අවසන්ය. එම කාලයේ මෙම ”පොලිස් නිලධාරියා” ප‍්‍රකට ව්‍යාපාරයක් වන ASB ව්‍යාපාරයේ ”ඉතා වැදගත්” තනතුරක් හොබවමින් සිය තේජස පෙන්වා සිටියේ පොලීසියේද අනුග‍්‍රහය ඇතිවය. 

අපරාධකරුවන්ට හා අපරාධ සැකකරුවන්ට ඉහළ තනතුරු ලැබෙන ඉහළ සැළකිලි ලැබෙන මහා සංස්කෘයක් ඇති බුදුන්ගේ දේශයේ කොන්ද පණ තියෙන, ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සිටින්නේ කී දෙනෙක් ද යන්න පැහැදිළි වන්නේ අධිකරණයේ වරදකරු වී ඇති,  දැරියක් දුෂණය කළ බවට චෝදනා ලැබූ පුද්ගලයන්ව නඩත්තු කරන්න තරම් "ව්‍යාපාරිකයින්” ඉදිරිපත් වීමෙන් කියවෙන්නේ මෙම ව්‍යාපාර වල නියම තත්ත්වයයි. 

 

කාපු ජරාව වමාරන්න බෑ!! හිරණ OIC



තමන්ට උදේ හවා කන්න දෙන හෝටලයට විරුද්ධව නඩු දාන්නේ කොහොමද? යයි ප‍්‍රශ්ණ කරන හිරණ පොලීසිය සුදානම් වන්නේ පැමිණිලිකරුට විරුද්ධව නඩු දාන්නටය.

එම සිද්ධිය අදාලව පොලිස්පති, පානදුර පොලිස් අධිකාරීටද පිටපතක් සහිතව හිරණ පොලීසියේ ස්ථානාධිපතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ල මගින් සියල්ල හෙළි දරව් කර තිබේ. එම ලිඛිත පැමි’ල්ල පහත දැක්වේ.

සීඝ‍්‍රගාමී

ස්ථානාධිපති
පොලිස් ස්ථානය
හිරණ

නඩු පැවරීමට අදාල තොරතුරු ලබාදෙන 
ලෙසට කරණු ලබන ඉල්ලීම.

සමන්, අවු: 45 යි, විවාහක, දරුවන් 02 යි, රැුකියාව: රියදුරු. ලිපිනය: හිරණ, පානදුර.
2017.07.28 වන දින දීය.

2017 අපේ‍්‍රල් මස 02 වන දින, උදේ 9.30 ට පමණ, උදේ ආහාරය ස`දහා මාගේ බිරිඳ වන ඩිලානි කාංචනා ප‍්‍රනාන්දු, හිරණ ගල්තුඬේ, ”තේනුවර හෝටලයෙන්” පරාටා 10 ක් හා පරිප්පු හොද්දක් රු: 175/- ක් ගෙවා ලබා ගන්නා ලදි. 

ගෙදර ගෙනවිත් බලන විට ලබාදුන්, හොද්ද ආහාරයට සුදුසු තත්ත්වයේ නොතිබිණ. මම බිරිඳ හා පොඩි දරුවාද සමග එම හොද්ද හෝටලයට ගෙන ගොස් හෝටලයේ අයිතිකරුගේ බිරිඳට එම හොද්ද පෙන්වා සිටියෙමි. ඇය වැරැුද්දක් වී ඇති බව පිළිගෙන එ් සඳහා, වෙනත් ”හොද්දක්” ලබාදෙන්න සූදානම් වන විට, එතැනට පැමිණි ඇයගේ පුතාවන ශාන් තේනුවර, අපට බැන වැදී, හොද්ද තිබූ භාජනයම අපගේ ඇඟට විසි කරන ලදි.

එ් අවස්ථාවේදීම අප හිරණ පොලීසියට ගොස් පැමිණිලි කළෙමු.

තොරතුරු පොතේ ගොනුව : ක්‍ෂඊ 346රැු09ල සටහන් කරන ලද නිලධාරීණී පො.කො. 215385  රොෂාන්, දිනය: 2017.04.02

ඉන්පසු විභාගය සඳහා 2017.04.04 වන දින සවස 4.00 ට පැමිණෙන ලෙසට දැණුම් දුන්නා. අප ගියද, අනෙක් පාර්ශවය පැමිණියේ නෑ. පැයකට පමණ පසුව ස්ථානාධිපති රණවීර අපව කැඳවා, මම තුන් වේලටම කන හෝටලය, මුන්ට විරුද්ධව මට මුකුත් කරන්න අමාරුයි කියා පැවසුවා. 

දුරකතනයෙන් ශාන් තේනුවරට කථා කර, නුඹලට එන්න පුඵවන් වෙලාව කියන්න යයි කිව්වා. එවිට පසුදින සවස 3.00 ට එන්නම් කිව්වා. එ් අනුව අප පසුදින, 2017.04.05 සවස 3.00 ට ගියා. නමුත් ඔවුන් ආවේ නැහැ. ස්ථානාධිපති රණවීර නැවත ශාන් තේනුවරට කථා කර, එන්න පු`ඵවන් කවදාද කියන්න යයි ඉල්ලා සිටියා. ස්ථානාධිපති රණවීර පසුදින එනම් 2017.04.06 දින රාත‍්‍රී 7.00 ට එන්න යයි අපට කිව්වා.

අපි කියන වෙලාවට ගියා. නමුත් අනෙක් පාර්ශවය ආවේ නැහැ. එදා සමථ මණ්ඩලයට දානවා කියා අපට යන්න කිව්වා. ඉන්පසු මම පිනදුර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් කාරණය කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. සමථ මණ්ඩලය තුන් වරක් අපව කැෙ`ව්වා. එක පාරක්වත් ඔවුන් ආවේ නෑ. සමථ නොවීම පිළිබඳව හිරණ පොලීසියට දැණුම් දෙන ලදි. එම දැණුම් දීම කරන ලද්දේ 2017.06.03 වන දිනය.

අප දන්නා තරමින් හිරණ පොලීසිය නඩු පවරා නැත. එපමණක් නොව තමන්ට විරුද්ධව හිරණ පොලීසිය නඩු දාන්නේ නැති බව ශාන් තේනුවර ඇතුලූ පිරිස ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් අපට නින්දා අපහාස කරන බව ප‍්‍රකාශ කර සිටිමි.

එ් නිසා ඉල්ලා සිටින්නේ, සමථ නොවීමේ පදනම මත නඩු පවරා ඇත්නම් නඩු අංකය, නඩු දිනය, ඉදිරි නඩු දිනය අදාල තොරතුරු ලබාදෙන ලෙසටයි. 

සමථ නොවීමේ සමථ මණ්ඩල දැණුම් දීමේ ඡුායා පිටපත අමුණා ඇත.

මෙයට,

සමන් 

පිටපත්: 

01. ජේෂ්ඨ පොලිස් අධිකාරී
     ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
     පානදුර

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01
















   


Thursday, July 27, 2017

සුමාණයක් ඇතුලත ‘හයිකොට්’ එකක් දානවා



උඹට විරුද්ධව දාපු ගැහැණු දුෂණ පැමිණිල්ල අයින් කළේ මම තමයි කියමින් කැ ගැසු පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්ම කුමාර නැමැති නිලධාරියා වත්තේ තිබු පරණ බොතල් ද එකතු කරගෙන ගියේ සුමානයක් ඇතුලත හයිකොට් නඩුවක් දානබව කියමින්ය. 

පානදුර පොලිස් අධිකාර්යාලයේ පවත්වාගෙන යන විශේෂ එකකයට අයත් නිලධාරින් ගේ මෙම ක‍්‍රියාව විඩියෝ ගත කර ඇත. එ් නිසා සිවිල් ඇදුමින් පැමිණ සිදුකරන අපරාධයකට වෙනත් සාක්ෂියක් අවශ්‍යය නොවනු ඇත. 

අජිත් පිරිස් 47 හැවරිදි විවාහක. දරුවන් 06කි. රැුකියාව:- වෙළදාම, මෙම සිද්ධිය අදාලව ඔහු 
ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට හා පොලිස්පති වරයාට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු. 
පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්ම කුමාර නැමැති නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරන්ගේ නීති විරෝධිව කඩා පැන තර්ජනය කිරිම, අපහස කිරිම හා බිය වැද්දීම.

2017 ජුලි 26 දින උදේ 11.00 ට පමණ මා දැන ගත්තා අප වෙළඳ සැල සොරු කඩා ඇති බව. එ් බව දැන ගත් අසල්වැසියන් 10ක් පමණ එතැනට එක්වුනා. අප නිවැසියන් ඔවුන් හා කථා කරමින් සිටින විට එතැනට යතුරු පැදියකින් සිවිලි ඇඳුමින් සිටි පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ දෙන්නෙක් ආවා. එක් අයෙක් එතැන සිටි පුද්ගලයෙකුගේ බෙල්ල මිරිකා උඹ අරක්කු බිව්වා නේද කියා ප‍්‍රශ්ණ කලා. මම ඉදිරිපත් එසේ නොකරන ලෙසට ඔහුට කිව්වා. මේ ඉන්න පිරිස කඬේ හොරු කඩපු එක ගැන ආරංචිවෙලා බලන්න ආපු අය කියා. ඔවුන් දෙන්නා මට බැන වඳිමින් පිටත්ව ගියා. 
සවස තුනට පමණ පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්මකුමාර නිලධාරියා එක්ක පස්දෙනෙක් එක්ක ජිප් රථයෙන් ආවා. සියලූම දෙනා හිටියේ සිවිල් පිට. පද්මකුමාර කියන නිලධාරියා මට උඹ බන් බොලන් කියමින් තර්ජනය කරමින් මට ‘‘හයිකොට්’’ එකක් දාන බවට තර්ජනය කලා. එ්සේ තර්ජනය කරමින් වත්ත පුරා ඇවිද සොදිසි කලා. එ් වේලාව් නිවසේ හිටියේ පවුලේ උදවිය හා දාන්නා අඳුනන දෙන්නෙක් විතර. වත්ත පුරා ඇවිද ඩෙංගු පරික්ෂකයින් විසින් දෙන ලද උපදෙස් දි තිබු පරිදි පොර උරයකට දමා විනාශ කිරිමට අයින් කර තිබු පරණ බොතල් ටික අරන් ගියා.   
මේ අතර කිහිප වතාවක් මට හා දියණියට පහර දෙන්න උත්සහ ගත්තා. ඇගේ ජංගම දුරකථනය උදුරාගෙන බැලූවා. පද්මකුමාර මට කිව්වා ‘‘ උඹට විරුද්ධව දාපු ගැහැණු දුෂණ පැමිණිල්ල අයින් කළේ මම තමයි කියමින් කැ ගැසුවා’’. එ් අවස්ථාවේ මම ඔහුට අභායා්ග කළා බොරු කියා පවුල් කඩන්න හදන්න එපා. 
එවිට ඔහු සුමාණයක් ඇතුලත ‘හයිකොට්’ එකක් දානවා කියමින් යන්න ගියා. මම වසර හතරකට පමන පෙර නීති විරෝධි මත්පැන් සම්බන්ධ වැරදි කර දඬුවම් විඳලා තියෙනවා. නමුත් මම දැන් කිසිම නිති විරෝධි ක‍්‍රියාවක් කරන්නේ නෑ.
මා ඉල්ලා සිටින්නේ පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්ම කුමාර නැමැති නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරන්ගේ නීති විරෝධි ක‍්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මට විරුද්ධව බොරු නඩු දැමිම වළක්වන ලෙසටය.
මෙයට, 
අජිත් පිරිස්

Tuesday, July 25, 2017

රාජ්‍යය යාන්ත‍්‍රණය බිඳ වැටිලා. වහා ප‍්‍රතිසංස්කරණය කළ යුතුයි.


දේශපාලකයින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න අප සුදානම්. නමුත් රාජ්‍යය යාන්ත‍්‍රණයේ, රාජ්‍ය ආයතන වල වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න සිවිල් සමාජය සුදානම් නෑ. මෙය ඛේදවාචකයක්. අද උසාවි, පොලිසිය, නිතිපති, බන්ධනාගාර ඇතුලූ රාජ්‍ය ආයතන පමණක් නොව මහා බැංකුවද වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලින් පිරිලා. එම වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලට වග කිවයුතු කිසිම නිලධාරියෙකුට දඬුවම් නැහැ. දෙශපාලකයින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලට කථා කරන සිවිල් සමාජය රාජ්‍ය නිලධාරින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න හෙළි කරන්න සුදානමක් නැ. 
මෙම තත්වය වෙනස් කිරිම තුල පමණකි වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලින් අවම රාජ්‍යය සංවිධාන/ආයතන ඇති කිරිමට, නිතිය මත පාලනය ස්ථාපිත කර සංවර්ධිත රටක් ගෙඩ නැගිමට හැකි වන්නේ. එ් ජන පාසැල් ක‍්‍රමවේදය හඳුන්වාදිමේ වැදගත්කම සාකච්ඡුාවට බඳුන්වු සිවිල් සමාජ ක‍්‍රියාකරින්ගේ එකතුවකදි, ආරම්භයක් වශයෙන් උසාවි වල පවතින වංචා, දුෂණ හා අක‍්‍රමිකතා පිටු දැකිම සඳහා ඉල්ලීම් මාලාවක් සකස් කර ජනගත කිරිමට තිරණය කරගන්නා ලදි. ආසියානු මාකව හිමිකම් කොමාසම - හොංකොං අනුග‍්‍රහකත්වයෙන් හා නිතිඥ බැසිල් ප‍්‍රනාන්දු යන්ගේ මෙහෙය විමෙන් මෙම සාකච්ඡුාව කොළඹ පැවැත්වින.








Monday, July 24, 2017

සමෘද්ධි වංචා වලට විරුද්ධ වුනොත් ණය නෑ



බුද්න්ගේ දේශය ලෙසට බොඞ් ගසාගෙන සිටින ශි‍්‍ර ලංකාවේ හොරකම දුෂණය වංචාව නැති තැනක් තිබේද? මේ පැනය අසන්නේ දිනපතාම ඇසෙන්නට දකින්නට අතිවිඳන්නට සිදුවන දේ නිසාය. අහංගම හැට දෙහැවරිදි සුනිතා රජයේ ඉඩමක ආවාසයක් හදාගෙන හිටිය චිවර ධාරියෙකු සමග තම පැල බේරාගන්නට නඩු කියන්නට සිදුවිය. බෞද්ධ පොලිස් කාරයෝ ඇගේ පුතුන්ව හිරේ විලංගුවේ දැම්මේ තක්කඩි චිවරධාරියා හා එක්වය.

ඇය වංචාවට හිස නමන්නේ නැත. එ් නිසා සමෘද්ධි නියාමකගේ වංචාවන් අභියෝගයට ලක්කළේය. එ් නිසාම ඇයට හිමි ණය අහිමි විය. පහත දැක්වෙන්නේ ඇය සමෘද්ධි නියාමකට ලියන ලද ලිපියයි. එය ආදර්ශයට ගනිමු.  

ලි.ප.තැ.

එල්. සිරිල් ගීගනගේ මයා
සමෘද්ධි නියාමක
164, නැගෙනහිර ග‍්‍රාමසේවා වසම
කත`ඵව
අහංගම

මහත්මයාණනි

සමෘද්ධි කුඩා කණ්ඩායම විසින් සිදුකරන ලද කූඨ වංචාවක් පිළිබඳව තොරතුරු ලබා ගැනීම හා මාගේ තැම්පත් මුදල් ආපසු ලබා දී, වගකීම් වලින් නිදහස් කරන ලෙස කරණු ලබන ඉල්ලීම.

නම :- ගල්බොක්ක හේවාගේ සුනීතා, අවු: 62 යි.
ලිපිනය :- නො: 42, මිරිහාන වත්ත, (කබලාන* කත`ඵව, අහංගම.
දු.අ. :- 077 6032785

2017.07.24 වන දින දීය.

මා, හබරා¥ව දිවිනැගුම ප‍්‍රජාමූල බැංකුවේ සාමාජිකාවකි. කොටස් ගිණුම් අංකය : 09/1973
මම 2006 සිට, සාමාජිකත්වය දරමි.මා සමෘද්ධි ලාභියෙකු නොවේ. එහෙත් මා, 9  - ෘ කුඩා කණ්ඩායමේ සමාජිකාවක් වශයෙන් 2006 සිටම ක‍්‍රියා කරමි. 
එහි අනෙකුත් සාමාජිකාවන් වන්නේ, 1. ජී.එච්. ධම්මිකා (නායිකාව) 2. එල්.එච්. සෝමවතී 3. එම්.බී. නයනා කාන්තා 4. එම්.බී. ගර්ටි  යන අය වේ.
2012.05.31 දින, මෙම කණ්ඩායමේ ගාස්තු වශයෙන් (සාමාජික මුදල්) රු: 4400/- ක් බැංකුව ලබාගන්නා ලදි. එ් හිඟ මුදල් වශයෙන් සඳහන් කරය. එයින් අනතුරුව මා, 2012.06.14 දින, රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාගත්තා. එම ණය මුදල මා, 2015.03.17 දින ගෙවා අවසන් කර තිබෙනවා.
එසේ තිබියදී, 2016 නොවැම්බර් මස මා, කණ්ඩායම් සාමාජිකයෙකු වශයෙන්, එම්.බී. ගර්ටි සාමාජිකාවට රුපියල් ලක්ෂයක ණය ලබාගැනීම සඳහා ඇපකාරිය වශයෙන් අත්සන් කළෙමි. එම අත්සන් කිරීම පිළිගෙන බැංකුව එම්.බී. ගර්ටි මියට, රුපියල් ලක්ෂයක් ලබාදෙන ලදි.
පසුව මා දැනගත්තා, එම්.බී. ගර්ටි විසින්, මෙම රුපියල් ලක්ෂයක ණය මුදල ලබාගෙන තිබෙන්නේ, සිය බෑනා, (දියණිය උදානි ගේ සැමියාට), ඇප මුදල් වශයෙන් තැන්පත් කිරීමටය. මොහු අපරාධ චෝදනාවකට සම්බන්ධ අයෙකි.
එයින් අනතුරුව, 2017 මැයි මස සු`ඵ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් ඉල්ලා සිටියෙමි. එවිට, ඔබ මා හට ප‍්‍රකාශ කර සිටියේ, මාව කණ්ඩායමේ අක‍්‍රිය සාමාජිකයෙකු කර ඇති හෙයින් ණය මුදල ලබාදිය නොහැකි බවයි.
මෙය ද්වේශසහගතව කරන ලද්දකි. මන්ද ඔබට මා, සාමාජික මුදල් ලබා නොදී, සෘජුව බැංකුවට දැමීම නිසාය. මා සෘජුව බැංකුවට මුදල් තැන්පත් කළේ ඔබ කරන වංචාවන් නිසාය. එය මා ඔබට ප‍්‍රකාශ කර ඇත.
මේ අසාධාරණය මා, දිවිනැගුම ප‍්‍රජා මූල බැංකුවේ කළමනාකාරිණියට හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශ ප‍්‍රධාන මොහාන් මහතාට ද ප‍්‍රකාශ කර සිටියෙමි. 
ඔහු මාගෙන් 2017.06.30 දින, ලිඛිතව මාගේ ඉල්ලීම ලබාගත්තා. එය ලබාගෙන 2017.07.05, 2017.07.12 හා 2017.07.14 ගෙන්වා ගත්තා. 2017.07.14 වන දින, මා අයත් කුඩා කණ්ඩායමේ (9  - D)සෙසු සාමාජිකාවන් අත්සන් නොකරන නිසා ඔහුට කරන්නට දෙයක් නැති බව පිළිතුර විය.
මෙම සාමාජිකාවන්ට බලපෑම් කරන්නේ, ඔබ හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන ඔබගේ බිරිඳ බව මා ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ, 
(1) 9  - D කුඩා කණ්ඩායමේ එම්.බී. ගර්ටි ට, රුපියල් ලක්ෂයේ ණය මුදල ලබාගැනීමට අක‍්‍රීය සාමාජිකයෙකු වූ මාගේ අත්සන පිළිගන්නේ කෙෙසේද යන්න පිළිබඳව පැහැදිළි කරන ලෙසට,
(2) ඔබ විසින් කූඨ ලෙස, අක‍්‍රීය සාමාජිකයෙකු බව දැන දැන මා, ඇපකාරියක් ලෙසට පිළිගෙන, එම්.බී. ගර්ටි මියට, දිවි නැගුම ප‍්‍රතිපත්ති උල්ලංඝණය කරමින්, ණය මුදල අනුමත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එම ඇපකාරීත්වයෙන්, අත්සන් කළ ගිවිසුමෙන් නොපමාව මා ඉවත් කරන ලෙසට,
(3) මාගේ තැන්පත් මුදල වන රු: 10,000/- හා ගෙවා ඇති සාමාජික මුදල් ආපසු ලබාදීමට පියවර ගන්නා ලෙසටය.
මෙයට,
ගල්බොක්ක හේවාගේ සුනීතා
පිටපත්:
(1)කළමනාකාරිණිය, දිවි නැගුම ප‍්‍රජාමූල බැංකුව, හබරාදු
(2) මොහාන් මයා, සමෘද්ධි අංශය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හබරාව
(3) ප‍්‍රාදේශීය ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හබරාදු

Saturday, July 15, 2017

අනතුරට අවුරුද්දයි මාස තුනයි, පරික්ෂණ නැ. සමන්දෙවි පිහිටත් නෑ



ලීලාවතී හැට අට වියේ පසුවේ. දරුවන් සිව් දෙනෙකුගේ මවකි. ඇය වැඩිමහල් පුතාගේ පුතා මුණුපුරා වත්, මුණුපුරාගේ දුවත් හදාවඩා ගනී.

එ් වැඩිමහල් පුතාගේ බිරිඳ කුලූ`ුල් දරුවා අතහැර ගිය දා සිට මුණුබුරාට ද. මුණුබුරාගේ බිරිඳ මුණුපුරාව  අතහැර ගිය දා සිට ඔහු ගේ දියණිය ටද මව වුයේ ඇයයි. දැන් ඇගේ වයස අවුරුදු 10 කි. 

ඇය 2016 මාර්තු 01 දින රත්නපුර - ඇහැළියගොඩ බස් රථයට ගොඩ වීමට සූදානම් වූයේ මාර ගහ ළඟ නැවතුම්පොලෙනි. මෙය පුද්ගලික බස් රථයකි. සුපුරුදු පරිදි බස් රථය පිටත් වූයේ ඇය බසයට ගොඩවනවාත් සමගය. විසි වී බිම වැටුණු ඇයව අතහැර බසය යන ලදි. අසල තී‍්‍ර රෝද රථයකින් ඇහැළියගොඩ පොලිසියට ගිය ඇයව රෝහලට යැවිමට පොලීසිය කාරුණික විය.

මේ දක්වාම රිය අනතුරට අදාල රියදුරුට හෝ කොන්ෙදාස්තරට හෝ එරෙහිව නඩු නැත. එයට හේතුව ඇය බසයේ නොම්මරය දන්නේ නැති නිසාලූ!

2017 මාර්තු 01 සිට මේ දක්වා ඇය ඇහැළියගොඩ ොපලීසියට, වටින් විට ෙගොස් දන්නා විදියට තම දුක කියයි. එ්ත් නඩු නැත. හැමදාමත් ඇහැළියගොඩ ොපලීසිය කියන්නේ තමන්ට බස් රථයේ නොම්මරය සොයා දුන්නොත් නඩු දාන්න පු`ඵවන් බවයි. 

බස් රථය රත්නපුරයෙන් පිටත් වූ වේලාව, අනතුර සිදු වූ වේලාව, ගමනාන්තය, බස් රථයට ගොඩ වෙන්න හැදු තැන නම් ඇය දනී. බැරිවු එකම දෙය බිම ඇද වැටුනු ඇයට බස් නොම්මරය ලියා ගැනීමය.

පොලීසිය පරීක්ෂණ කරන්නේ නැත. මන්ද ලීලාවතීගෙන් වැඩක් පොලීසියට නැත. ඇය සමන් දෙවියන්ට අයත් නැත. දෙවියන් ඉන්නේ බස් රථ අයිතිකරුවන් බේරා ගැනීමටයි. ලීලාවතීගේ ශරීරයේ කොහෙවත් සමන් දෙවි පිහිටයි කියා කොටා නැත. නමුත් බස් රථයේ ඉදිරිපසද පසුපසද සමන් දෙවි පිහිට ඉල්ලා බෝඞ් ගසාගෙන ඇත. පොලීසියට ද, බස් මුදලාලිලාට ද සමන් දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි. ලීලාවතීට නැත.

රථවාහන අනතුරු ගැන හැමදාම කථා කරයි. එත් අනතුරට පත්වන දුප්පතුන්ට නීතියක් නැත. දෙවියෝත් නැත.

කෙසේවෙත්ත ඇය සිද්ධිය පිළිබඳව පොලිස්පති පුජිත ජයසුන්දර ට, මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව ට පැමිණිලි කර තිබේ. එමෙන්ම පොලිසිය නිසි පරික්ෂණ නොකිරම මගින් තම අයිතින් උල්ලංණය කර තිබෙන බවට මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර තිබේ.

Wednesday, July 12, 2017

කලූතර උතුර ‘‘පැනෝරාමා’’ අනවසර ඉදිකිරීම් රකින්නේ කවුද ?



රටේ පවතින සියලූම නීති රීති රෙගුලාසි උල්ලංඝණය කරමින් ඉදිකර තිබෙන හා ඉදිකරගෙන යමින් පවතින, දැවැන්ත පරිසර විනාශයකට හේතු වූ ක`ථතර උතුර, පැනෝරාමා හෝටලයේ අයිතිකරුවන්, රකින්නේ කව්ද ?

මේ ප‍්‍රශ්ණය අසන්නේ, කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් අනවසර නීති විරෝධී ඉදිකිරීම් සිදු කරන මෙම පැනෝරාමා හෝටලය - සියලූම දේශපාලන පක්ෂවල ප‍්‍රාදේශීය නායකයින් හා උසස් පොලිස් නිලධාරීන් විසින් තම සුඛ විහරණ සඳහා විලිලැජ්ජා නැතිව - භාවිතා කරන නිසාය.

ක`ඵතර නගර සභාව, ප‍්‍රාදේශිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විසින් - මෙම පැනෝරාමා හෝටලයේ අනවසර ඉදිකිරීම්, නීති විරෝධී ක‍්‍රියාවන් රැුසක් ලිඛිතව පෙන්වාදී, එ්වා වහාම ඉවත් කරන ලෙසට දැනුම් දී , අදාල පියවර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධීකාරියට යොමු කර ඇත. එහෙත් - මේ දක්වාම ගන්නා ලද නීතිමය පියවරක් නැත. අනවසර ඉදිකිරිම් අඛන්ඩව සිදුකර ගෙන යන අසල් විසියන් බලධාරින්ට පෙන්වා දි තිබේ.

දුප්පතුන්ගේ ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට නොපසුබට වන නාගරික සංවර්ධන අධිකාරිය, මේ ඉදිකිරීම් වලට අත තියන්නේ නැත්තේ ඇයි ? එ් පිලිබඳව එහි අයිතිකරුවන් වූ ආර්.ඉන්දික ප්‍රේමලාල් හා ඔහුගේ බිරිඳ ඉහළ ගමගේ අමාලි ඉනෝකා ගයාත‍්‍රි දෙදෙනාට එරෙහිව නීතිමය පියවර නොගන්නේ ඇයි?


Wednesday, July 5, 2017

ගුද මාර්ගයේ එස් ලොන් බට යවා වධ දීමට වරදකරුවන් වූ පොලිස් කාරයින් පහකට ලක්ෂය බැගින් වන්දි ගෙවන්නත් වෙයි.

ගොකරැල්ල පොලිසියේ සේවය කල අපරාධ අංශයේ OIC – පො.ප. තිරියාදෙණිය, උ.පො.ප නයනානන්ද, උ.පො.ප. ඇල්ලේපොල, සැරයන් හේමචන්ද්‍ර හා කොස්තාපල් අජිත් යන පස්දෙනා තනි තනිව රුපියල් ල්කෂය බැගින් වන්දි මුදලක් ඉබ්බාගමුවේ ව්‍යාපාරකයකු වූ මනෝජ් තෑලිස් ට ගෙවන ලෙසට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට නියම කළේය.

ඉබ්බාගමුවේ ලෙස්ලි අයන්වර්ක්ස් හි මනෝජ් තෑලිස් මහතාට - 2005.09.24 දින අත්අඩංගුවට ගත් ඉහත පොලිස් කාරයින් ඔහුට වධ දෙන ලදි. ඒ ගුද මාර්ගයේ එස් ලොන් බට යවමින්ය.

ඔහු මෙම වධ දීමට එරෙහිව, පොලිස්පති හා නීතිපති වෙත පැමිණිලි කළ අතර, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව, 2017.06.02 වන දින විභාගයට ගෙන, එදිනම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

නඩුව විභාගයට ගන්නා අවස්ථාව වන විට, විශේෂ පොලිස් විමර්ශණ එ්කය (SIU) විසින් මෙම පස්දෙනාට විරුද්ධව, වධහිංසා පනත යටතේ කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරන ලද අතර, ඔවුන් වැරදිකරුවන් කර තිබින.

එ් අනුව රු: 1500/= බැගින් රජයේ ගාස්තුවක් ගෙවීමට සිදුවිය. වසර 5කට අත්හිටුවන ලද, වසර 2 බන්දනාගාරගත කිරීමකටද යටත් විය. එයට අමතරව රු: 15,000/= කට වන්දියක් ගෙවීමටද සිදු විය.

මෙම පසුබිම යටතේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවේ, මෙම පොලිස් කාරයින් වෙනුවෙන් කරුණු නොදක්වන බවට ඔවුන්ගේ නීතිඥවරයා අධීකරණයට දැනුම් දීමද විශේෂයකි. 


IN THE SUPREME COURT OF THE DEMOCRATIC SOCIALIST 
REPUBLIC OF SRI LANKA 
In the matter of an Application under and in terms of Article 17 and 126 of the Constitution of the emocratic Socialist Republic of Sri Lanka. 


 
SC(FR) No. 430/2005 


H.A. Manoj Talis,  
Lesley Iron Works,  
Udawela,  
Ibbagamuwa. 
 
Petitioner 

Vs

1) Inspector Hiriyadeniya,  
Officer in Charge,  
Crimes Branch,  
Police Station,  
Gokarella. 
 
2) Sub-Inspector Nayanananda,  
Police Station,  
Gokarella. 
 
3) Sub  Inspector Ellepola,  
Police Station, Gokarella. 
 
4) Sergeant Hemachandra  
Police Station,  
Gokarella. 
 
5) Police Constable Ratnasiri,  
Police Station,  
Gokarella. 

6) Reserve Police Constable Ajith, 
Police Station, 
Gokarella. 

7) Officer-in Charge,  
Police Station,  
Gokarella. 
 
8) Inspector General of Police, 
Police Headquarters, 
Colombo 01. 

9) Hon. Attorney General, 
Attorney General's Department,  
Colombo 12.  
Respondents 


Before: 
Sisira J. de Abrew, J  
Upaly Abeyrathne, J &  
Nalin Perera, J 

Counsel: 
Shyamal A. Collure with 
A.P.Jayaweera for the Petitioner. 
 
Uditha Egalahewa PC with Vishwa Vimukthi for the 
1 st ,2nd,3rd,5th and 6th 
Respondents. 

Ms. Nayomi Wickramasekera SSC for the 7th to 9th 
Respondents. 


  Argued &  
Decided on: 
02.06.2017 

Sisira J.de Abrew, J 
 
Heard counsel for both parties in support of their respective cases. The Petitioner complains that the 1
st to 6th Respondents came to his house on 24.09.2005 around 9.15. p.m. and arrested the Petitioner. Thereafter the Petitioner was taken to Gokarella Police Station. The Petitioner complains that the 3rd 
Respondent slapped him, the 2nd Respondent gave a blow to his ear and 
the 1st Respondent hit him on his face inside the Police Station. This assault according to the Petitioner has taken place in a room of the Police Station. After the said assault, the Petitioner was removed from the said room to another room. In the 2nd room the 1st to 6th Respondents have asked him to kneel down. His hands were tied by some of the Respondents. When the Petitioner was squatting, the 1st, 2nd and 3rd Respondents brought an iron bar and passed the said iron bar 
between his hands and legs. This has been done according to the Petitioner by the 1st to 3rd 
Respondents. While the said act was being performed by the 1st to 3rd Respondents, the 5th 
and 6th Respondents too were inside this room. Thereafter a S Lon pipe was sent through the Petitioner’s rectum and the Respondents assaulted the Petitioner. The Petitioner complains that when he was arrested, the Police Officers did not give him any reason for his arrest. The Respondents have 
filed objections to this application . When we peruse the objections, and the petition of the Petitioner, we are unable to conclude that the Respondents have given sufficient reasons for the arrest of the Petitioner. The Petitioner was later examined by the Judicial Medical Officer and the report of the Judicial Medical Officer dated 30.11.2009 supports the allegations levelled by the Petitioner 
against the Respondents. According to the Consultant Judicial Medical Officer, the history of torture was present in the body of the Petitioner. 
When we examine the medical reports marked as P1, P2 and P10, there is evidence to suggest that the Petitioner has suffered a rupture in his ear drum. On a complaint made by the Petitioner to the OIC Gokarella ( the 7th Respondent), against the Police Officers, Police conducted investigation against the 1st to 6th Respondents. After investigation, the Hon. A.G filed an indictment against the 1st, 
2nd,3rd, 5th and 6th Respondents for offences alleged to have been committed under Act No. 22 of 1994. The learned High Court Judge after trial convicted the 1st, 2nd, 3rd, 5th and 6th Respondents and sentenced them to pay a crown costs amounting to Rs.1500/- and 02 years Rigorous Imprisonment suspended for 05 years. In addition to the said punishment each Respondent was ordered to pay Rs.1000/- as compensation to the Petitioner.  
Learned President's Counsel appearing for the 1st to 6th Respondents submits that he does not resist the application of the Petitioner as the Respondents have been convicted by the High Court. However we note that there is no sufficient evidence against the 4th Respondent to find him guilty for the alle
ged violation of Articles 11,12(1),13(1) and 13(2) of the Constitution. Learned counsel appearing 
for the Petitioner too does not press the case against the 4th Respondent. As I pointed out earlier, the Police Officers who arrested the Petitioner have failed to give reasons for his arrest. Considering the aforementioned matters, we hold that the 1st,2nd,3rd,5th and 6th Respondents have violated the fundamental rights of the Petitioner guaranteed by Article 13(1) of the Constitution and further hold that the arrest of the Petitioner was illegal. If the arrest of the Petitioner was illegal, the detention of the Petitioner by the Police Officers inside the Police Station too becomes illegal. Considering all the above matters, we hold that the 1st, 2nd ,3rd,5th and 6th Respondents have violated the fundamental rights of the Petitioner guaranteed by Articles 11, 12(1),13(1) and 13(2) of the Constitution.  
We therefore order each of the above Respondent ( 1st, 2nd,3rd,5th and 6th Respondents) to pay a sum of Rs. 100,000/- to the Petitioner as compensation. For the purpose of clarity, we state here that each Respondent abovenamed ( 1st, 2nd ,3rd,5th and 6th) should pay Rs. 100,000/- to the Petitioner as compensation. 
When we consider the facts of this case we are unable to find the 4th Respondent guilty of violation of the fundamental rights of the Petitioner guaranteed by the Constitution. The 1st,2nd,3th,5th and 6
th Respondents are directed to pay the said compensation to the Petitioner within 03 months from today. 
 
The Registrar of this Court is directed to send a copy of this order to the 8th and 9th Respondents. We do not make any order against the State to pay compensation. 
 
JUDGE OF THE SUPREME COURT  
Upaly Abeyrathne, J 
 
I agree.  
JUDGE OF THE SUPREME COURT 
Nalin Perera, J  
I agree.  
JUDGE OF THE SUPREME COURT 





Saturday, July 1, 2017

සර්ව බලධාරි දෙවියන්ගේ නාමයේන් නීති විරෝධී ඉදිකිරිම් කරන්න ගොස් වැඩ වරද්දා ගනි!



සියලූ ආගම් වලට, ඇදහිලිවලට අයත් බොහොමයක් පැවිද්දෝ නීති විරෝධී වැඩ කරන්නේ දෙවියන්ගේ පිහිට ලැබෙන බවට සිතා ගෙන සිටින, මුග්ධ අනුගාමිකයින්ගේ පිහිට තමන්ට ලැබෙන බවට තිබෙන දැඩි විශ්වාසය මත පිහිටා ය.

නීතිය උත්තරීතරය. රටක යහපාලනය රඳා පවතින්නේ නීතිය මතය. දෙවියන් මත නොවේ.
”සාමය” ගැන දෙසමින් ”ආගම්” එදා කළෙත්, අද කරමි සිටින්නේත් විනාශයන්ය.

2016/92, අංක දරන මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව, 2016 ජූනි 28 ප‍්‍රකාශයට පත්කරන ලදි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුනේ, එනම් පෙත්සම්කරුවන්, පානදුර, එ`ඵවිල, වෑකඩ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති එම්.ජේ.එම්.ෆාරිල් හා අනාස් ඉන්නු මලික්හිෆුල් කුරාන් මඞ්රාසා (දහම් පාසල) - විදුහල්පති එම්.එ්.එම්.හරිස් මව්ලවි තැන විසිනි.
එ් දහම් පාසැලක් ඉදිකරන මුවාවෙන් පල්ලියක් ඉදිරිකරිමට ගත් උත්සහය වැළැක්වීමට එරෙහිවය. නීතිපති, බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාව, ප‍්‍රාදේශීය ලේකම්, නාගරික සංවර්ධන අධිකාරිය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා පානදුර, පින්නවල, පාඨලීරුක්ඛාරාමයේ බොල්ගොඩ සීලරතන හිමි, නඩුවේ වගඋත්තරකරුවන් විය.

පාසලක් ඉදිකිරීමේ මුවාවෙන්, දේවස්ථානයක් ඉදිකිරීමට පෙත්සම්කරුවන්ගේ අරමුණ වු බව, එයට ජනතා විරෝධය එල්ල වු බව, නීති විරෝධී ඉදිකිරීමට ප‍්‍රාදේශීය සභාව හා ප‍්‍රාදේශීය ලේකම් විරුද්ධ වු බවද, සාමය කඩවීමේ තර්ජණ ප‍්‍රදර්ශණය විම නිසා, පොලිසිය ද මැදිහත් වු බවද නඩුවේදී, හෙළිදරව් වින. 

පෙත්සම්කරුවන් දෙදෙනා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රකාශ කළේ, පාසලක් ඉදිකිරීමේ මුවාවෙන්, දේවස්ථානයක් ඉදිකිරීමට තමන් ගත් උත්සහය වැළැක්වීම මගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ, දහවන ව්‍යවස්ථාව හා දාහතර (11)(ඉ) ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් දෙක, එනම් ආගමික නිදහස හා ආගම් පිළිපැදීම ප‍්‍රගුණ කිරීම හා ඉගැන්වීම යන මූලික අයිතීන්, පෙත්සමේ නම්කර තිබූ වගඋත්තරකරුවන් විසින් උල්ලංඝණය කර තිබෙන බවයි.

මෙම නඩුව සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුන් තට්ටුව විසින් පෙත්සම්කරුවන්ගේ සියලූ කරුණු දැක්වීම්, ගාස්තුවට යටත් කර, නිෂ්ප‍්‍රභා කරනු ලැබීය.

සමහර භික්ෂූන් ඇතුලූ පූජකයින්ද, සමහර ගිහියන්ද තම පටු ලාභ ප‍්‍රයෝජන සඳහා, ආගමේ නාමයෙන්, ”නීතිය” ට පටහැනිව සිදුකරන්නාවු ක‍්‍රියාවන් - අනන්තය අප‍්‍රමාණය. නමුත්, එවන් ක‍්‍රියාවන් අභියෝගයට ලක්කිරීමට, නීතිගරුක රටවැසියන් ඉදිරිපත් වන අවස්ථා දුබලය.

රාජ්‍ය ආයතනවල පවතින දුෂිත තත්වය එයට ප‍්‍රධාන හේතුවයි.

භික්ෂූන් ප‍්‍රමුඛ සියලූම ආගම් වලට අයත් පූජකයින් නීතියට යටත්ය. නීතිය උත්තරීතර ය. දුෂණයෙන් අක‍්‍රමිකතාවයන්ගෙන් තොර සමාජයක් පවතින්නේ – නීතිය මත මිස ආගම මත නොවේ. 

පවතින සියලුම ඉදිකිරිම් අදාල නීති, රෙගුලාසි හා චක‍්‍රලේඛ මායිම් නොකර ‘දහම් පාසැලක්’ ඉදිකිරිම ටත්, එයින් අනතුරුව එය පල්ලියක් බවට පත් කිරිමේ සැලසුම එලිදර්ව් වු පසු, එල්ලවු ජනතා විරෝධය හමුවේ ඉදිකිරිම් වැළැක්වීමට බණ්ඩාරගම ප‍්‍රාදේශිය සභාව හා ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය යුහුසු`ථ විය. එම තහම මුලික අයිතිවාසිකම් කඩ කිරිමක් ලෙසට පෙන්වා දෙමින්, තහනම ඉවත් කරවා ගැනිමට පානදුර, එ`ඵවිල, වෑකඩ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති එම්.ජේ.එම්.ෆාරිල් හා අනාස් ඉන්නු මලික්හිෆුල් කුරාන් මඞ්රාසා (දහම් පාසල)- විදුහල්පති එම්.එ්.එම්.හරිස් මව්ලවි උක්ත මුලික අයිතිවාසිකම් නඩුව පවරනු ලැබිය. 

Rev. Pinewala Ganatathane Vharadipathi
නඩුව පවතින අතරවාරයේ වගඋත්තර කරවකු ලෙසට නම් කර තිබු, මෙම නීති විරෝධි ඉදිකිරිමට එරෙහිව නායකත්වය ලබාදුන් බොල්ගොඩ ශිලරතන හිමි අපවත්විමෙන් අනතුරුව වාර්තමාන විහාරාධ්පති පින්වල ඥනරතන හිමි නඩුවේ පාර්ශවකරුවකු බවට පත්විය. උන්වහන්සේ ප‍්‍රකාශ කළේ දහම්පාසලක් ඉදිකිරිමට හෝ ඇති කිරිමට අවසර දිමට ප‍්‍රාදේශිය සභාවට බලයක් නැති බවයි. 

2017.06.28 දින ප‍්‍රකාශයට පත්කල - SC/FR 92/2016 නඩු තීන්දුව පහත දක්වමු.

IN THE SUPREME COURT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
S.C (FR) Application No.92/2016
In the matter of an Application under and in terms of Article 126 of the Constitution of the Republic
1. M. J. M. Faril
President of the Board of Trustees
Wekada Jumma Mosque,
Horana Road, Eluwila,
Panadura.
2. Moulavi M.B.M. Haris
Principal
Anas Ibnu Malik Hiflul Quran
Madrasa (Dhamma School)
147, Wella Road, Pinwala,
Eluwila, Panadura.
PETITIONERS
Vs.
1. Bandaragama Pradeshiya Sabha
Panadura Raod,
Bandaragama.
2. N.D.I. Swarna K. Perera
Secretary,
Bandaragama Pradeshiya Sabha
Panadura Road,
Bandaragama.
3. Menaka Priyantha Abeyratne
Divisional Secretary,
Bandaragama.
Divisional Secretariat,
Bandaragamna.
2
4. Urban Development Authority
6th & 7th Floor,
Sethsiripaya, Battaramulla.
5. The Director,
Department of Muslim Religious and Cultural Affairs,
No. 180, T. B. Jaya Mawatha,
Colombo 10.
6. Ven. Bolgoda Seelarathana Thero
Patalirukkaramaya,
Pinwala, Panadura.
7. The Hon. Attorney General
Attorney General’s Department
Colombo 12.
RESPONDENTS
AND NOW BETWEEN
Ven. Pinwala Chandarathana Thero
Patalirukkaramaya Pinwala,
Panadura.
PARTY SEEKING SUBSTITUTION IN THE ROOM OF THE DECEASED 6TH RESPONDENT
Vs.
3. M. J. M. Faril
President of the Board of Trustees
Wekada Jumma Mosque,
Horana Road, Eluwila,
Panadura.
3
4. Moulavi M.B.M. Haris
Principal
Anas Ibnu Malik Hiflul Quran
Madrasa (Dhamma School)
147, Wella Road, Pinwala,
Eluwila, Panadura.
1ST & 2ND PETITIONERS-RESPONDENTS
AND
Vs.
1. Bandaragama Pradeshiya Sabha
Panadura Raod,
Bandaragama.
2. N.D.I. Swarna K. Perera
Secretary,
Bandaragama Pradeshiya Sabha
Panadura Raod,
Bandaragama.
3. Menaka Priyantha Aebyratne
Divisional Secretary,
Bandaragama.
Divisional Secretariat,
Bandaragamna .
4. Urban Development Authority
6th & 7th Floor,
Sethsiripaya, Battaramulla.
5. The Director,
Department of Muslim Religious and Cultural Affairs,
No. 180, T. B. Jaya Mawatha,
Colombo 10.
6. Ven. Bolgoda Seelarathana Thero
Patalirukkaramaya,
Pinwala, Panadura.
4
7. The Hon. Attorney General
Attorney General’s Department
Colombo 12.
1ST TO 7TH RESPONDENT-RESPONDENTS
BEFORE: Sisira J. de. Abrew J.
Anil Gooneratne J. &
Vijith K. Malalgoda P.C. J
COUNSEL: Faiz Musthapha P.C. for Petitioners
Upul Kumarapperuma for 1st & 2nd Respondents
Manohara de Silva P.C. with Rajitha Hettiarachchi for 6A Respondent
Rajitha Perera S.S.C for 3rd to 5th & 7th Respondents
ARGUED ON: 31.05.2017
DECIDED ON: 28.06.2017
WRITTEN SUBMISSIONS OF THE 3A, 4th, 5th & 7th RESPONDENTS FILED ON:
15.06.2017
WRITTEN SUBMISSIONS OF THE PETITIONERS FILED ON:
23.06.2017
WRITTEN SUBMISSIONS OF THE 1st & 2nd RESPONDENTS FILED ON:
27.06.2017
GOONERATNE J.
The two Petitioners to this Fundamental Rights Application are the President of the Board of Trustees of the Wekada, Jumma Mosque and the Principal of a Dhamma School respectively, as described in paragraph 2 of the Petition. The Petitioners state that by a deed of gift, (P1) became the owner of the land depicted as Lot B2 in plan 3084 of 01.11.2002. Thereafter an application
5
was made to the 1st Respondent, Pradheshiya Sabhawa for a development plan to put up a two storeyed school building on the said land on 21.01.2008. The 1st Respondent approved the said application to construct a two storeyed building for a school and issued a development permit dated 21.04.2008 (P2 & P3). Only the ground floor was completed and the construction work of the 1st floor was delayed due to financial constraints. On completion of the ground floor, the Petitioner commenced the school and 30 students were enrolled who are boarded. Name of the school is “Anas Bin Malih Quaran Madrasa” (P4).
The Petitioners aver in their petition that on or about 2015 Petitioners commenced the construction of the 1st floor. Thereafter the 2nd Respondent by her letter of 01.06.2015 (P5) informed the 1st Petitioner that development permit given earlier had lapsed and as such a fresh permit should be obtained. Letter marked P5 also refer to the fact that the Petitioners are constructing a slab instead of a roof, which is objectionable, and contrary to the building plan. The Petitioners plead by letter P6 of 18.09.2015 sent by the 2nd Respondent, that complaints were received from residents in the area. As such 2nd Respondent requested the Petitioners to attend a meeting at 2.30 p.m on 25.09.2015. On the said day of the meeting residents in the area were not present and as such the meeting was postponed for 14.10.2015. On that date Petitioners and a few other participants of the Jumma Mosque participated at
6
the discussion and two Priests were also present as stated in paragraphs 15 and 16 of the petition.
The main concern of the residents and the Priest was that the Petitioners were constructing a Mosque, instead of a school to be used as a Dhamma School. Petitioner’s position was that the building would be used only for the school and not for a Mosque. The 2nd Respondent based on the discussion requested the Petitioner to address a letter to 2nd Respondent signed, stating that the purpose of construction was for the school only and to obtain approval for same. Petitioner’s position was that the Petitioners had no alternative but to sign the said letter (P7). Petitioners as pleaded complain that the purported undertaking written letter also included certain clauses and thus take away the Petitioner’s fundamental rights guaranteed under Articles 10 and 14(1)(e) of the constitution. The minutes of the meeting on 14.10.2015 was recorded by letters of 14.10.2015 (P8) & (P9). On 25.01.2016 amended plan (P16) was submitted to the 1st Respondent and on 25.01.2016 same was approved by 1st & 2nd Respondents (development plan).
On or about 12.02.2016 the concrete slab was to be laid, and the 2nd Respondent through Senior Police Officer served letter of 12.02.2016 on the 1st Petitioner directing the Petitioner to suspend the construction as the residents and Buddhists monks protested (P13). Thereafter on the request of
7
Petitioners a discussion was held at the office of the Headquarter Inspector of Police, Panadura, where the Petitioner and few others represented the Moseque and Buddhist Monks also participated at the discussion. The Senior Superintendent of Police of the area informed the participants that facts would have to be reported to the Magistrate to prevent a breach of peace.
In these circumstances proceedings in the Magistrate’s Court, however, was not instituted as the residents were not present. The police on 12.02.2016 handed over to the 1st Petitioner letter P14 of 12.02.2016 to the effect that the construction was for the purpose of a place of worship and not for a school and it cannot be done without proper approval, and requested the Petitioner to stop construction works. (vide P14). Attempts were made by the Petitioners to go ahead with the construction works by having discussions with the authorities concerned but without success. The effect of P14 is considered in this Judgment at a subsequent point.
The learned President’s Counsel argued inter alia that
(1) In the above circumstances the direction to stop construction work is a violation of articles 10, 12(1) & 12(2), 14(1) (e) of the Constitution, and the decision to stop work is arbitrary, unreasonable or contrary to law.
(2) Irreparable loss and damage caused to the Petitioners in view of stoppage of construction work.
8
(3) Notwithstanding P14, as aforesaid the Petitioners had a permit, to continue the construction works for a Dhamma School for Muslims in the Panadura area.
(4) There was no proper reasons adduced by those concerned Respondents to stop work.
(5) Learned President’s Counsel also submitted that necessary approvals were obtained from 1st - 2nd Respondents and that it was a matter for the 1st – 3rd Respondents to obtain necessary approval from the 4th Respondent UDA. As such clear violation of Article 12 had been established, and he would rely on pursuing the case to obtain relief.
(6) That the Respondents failed to act or acted contrary to any law recognised by the Constitution and the direction to stop construction is contrary to law. No hearing given to Petitioner.
(7) Further there is no law to prevent the construction works by the police party, since the Petitioners have obtained necessary approvals from the 1st and 2nd Respondents.
On 16.05.2016 the Supreme Court granted Leave under Article
12(1) of the Constitution for an alleged violation of Article 12(1) of the Constitution.
The learned counsel for the 1st and 2nd Respondents submitted to court.
(a) Although approval was granted to construct a school, there were protests from the residents in the area and from Buddhist Monks. As such several
9
meetings had to be held with both parties. Vide 2R6 (a) to 2R6 (e), 2R 7(a) to 2R7 (f) and letter P13 had to be served on the Petitioners due to massive protests.
(b) That the 1st and 2nd Respondents had to take steps directing the Petitioners to stop the construction works due to massive protest as aforesaid and to avoid a breach of peace. Even the villagers had participated in the protest.
(c) All attempts made to avoid a breach of peace and bring about peace and harmony between the parties, If not in a way it could spread to other areas.
(d) As such encouraged discussions between parties to ultimately resolve the dispute.
(e) 1st and 2nd Respondents acted in terms of the relevant regulations prevalent at that point of time.
The learned President’s Counsel for the intervenient party inter alia
Submitted that:
1. There is ample provisions in the law to take the steps taken by the Respondents.
2. Even during the colonial era laws were enacted with a view of maintaining peace in the community as even during that period the British Government enacted laws to maintain peace, being aware of tension between communities in the country, this being a pluralistic society.
3. Laws enacted then still prevails and steps were not taken by successive Governments to repeal same.
10
4. Our Constitution more particularly caters to the dispute in hand and the definition to the term ‘law’ as contemplated under Article 170 of the Constitution is wide enough and does not contemplate to repeal laws enacted in the yester years more particularly the colonial era as the then Government had to consider recurrent tension, dissensions etc. between communities.
5. He submitted to court the interpretation Article 170, which reads thus :
“law” means any Act of Parliament, and any law enacted by any legislature at any time prior to the commencement of the Constitution and includes an Order in Council;
The definition to ‘law’ does not cause any confusion and it could be easily understood. It is very simple and clear. The main question is whether the Respondents are responsible and liable as pleaded to deprive the Petitioners equal protection of the law. Facts presented by either party does not cause any confusion. Petitioners attempt to demonstrate their right to continue with the construction had been violated. Initially the Petitioners were given a permit to construct for a purpose. The material placed before court indicate that the real purpose of the Petitioners, seems to be to have a Mosque, instead of a school.
This seems to be the starting point for the dispute. The villagers, residents and Buddhist Monks vehemently protested for any further construction for a
11
different purpose. Our country had suffered over the years as a result of communal violence. History repeats and if one were to analyse as to what happened in the 1915 riots, though it was meaningless for the two communities to clash, lessons have not been learnt by a certain section of the community. Riots at that point of time resulted in loss of valuable life and property. Time and again incidents of such nature took place in our country. As such the official respondents had to take steps to avoid and avert any breach of peace.
In the context of the case in hand I cannot conclude that the Petitioners were denied equal protection of the law. Certainly I cannot fathom as to whether there was a violation of the Petitioner’s fundamental rights. What is necessary should be done to avoid a crisis situation which could spread to other arears of our country. No further reasons need to be adduced in the circumstances of the case in hand by the Respondents.
The guarantee of equal protection of the law must mean protection of equal laws. Judicial decisions must of necessity depend on the facts and circumstances of each particular case, and what may superficially appear to be an unequal application of the law may not necessarily amount to a denial of equal protection of law unless there is shown to be present in it an element of intentional and purposeful discrimination.
12
Budhan Chowdhary V. State of Bihar 1955 AIR (SC) 191 per Das, CJ referring to American decisions.
I wish also to emphasise the fact that the Respondents acts do not suggest any form of discrimination based on race. On an examination of the material before court, I observe that Respondents have not violated Article 12(1) of the Constitution.
I have considered the documents 1R5 to 1R9 and the Agreement 1R10 between both parties whereby they agreed to have only a Dhamma School for Muslim children and not to have a place of worship. 1R13 confirms the contents of 1R10. The other important document 1R19(b) relates to setting up of place of worship. Material as aforesaid indicates a continuous protest, which the authorities considered and gave due consideration in arriving at a decision to suspend the construction works. Petitioners’ party seems to have deliberately violated the agreement to put up a school. The prayer to the petition does not call upon the Buddha Sasana Ministry to quash the relevant circulars issued by the Ministry. Therefore I cannot conclude that the Respondents acted contrary to circulars.
One of the prayers of the Petition is to declare document marked P14 null and void.
13
The 3rd Respondent, by letter marked P14, directed the 1st Petitioner to stop constructions of the new building as he has not obtained approval of the Religious Affairs Ministry. The 3rd Respondent had, in the letter marked P14, referred to the Circular No. MBRA/2-SAD/10/Con.Gen/2013. The 3rd Respondent has produced this Circular as 3A R4 (e). According to this Circular (3A R4 (e) any person who constructs a Dharmma School has to obtain the approval of the Ministry of Religious Affairs. The Petitioners had not obtained the approval of the Ministry of Religious Affairs. Learned President’s Counsel for the Petitioner tried to contend that this Circular does not come within the interpretation of law. I now advert to this contention. In Wickrematunga Vs. Anuruddha Ratwatte (1998) 1 SLR 201
“Law” in Article 12 of the Constitution includes regulations, rules, directions, principles, guidelines and schemes that are designed to regulate public authorities in their conduct. In the context, whilst Article 12 erects no shield against merely private conduct, public authorities must conform to constitutional requirements, in particular to those set out in Article 12 even in the sphere of contract; and where there is a breach of contract and a violation of the provisions of Article 12 brought about by the same set of facts and circumstances, the aggrieved party cannot be confined to his remedy under the law of contract.
When I consider the above judicial decision I cannot agree with the above contention. I therefore reject it.
As the Petitioners have not obtained the approval of the Ministry of Religious Affairs to construct the proposed Dhamma School, the stand taken
14
by the 3rd Respondent in P14 is correct. Therefore the application to declare P14 null and void should be rejected.
In all the above circumstances I hold that there is no merit in the application of the petitioners. This application stands dismissed with costs.
Application dismissed.
JUDGE OF THE SUPREME COURT
Sisira J. de Abrew J.
I agree.
JUDGE OF THE SUPREME COURT
Vijith K. Malalgoda P.C., J.
I agree.

JUDGE OF THE SUPREME COURT


නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු පොලිසියේ පහකට මරණ දඬුවම


මෙසේ මරණ දඬුවම හිමිවුයේ  මැලව්ව තන්තිරිගේ සමන් පත්මකුමාර(49) මොරටුමුල්ල උප පොලිස් පරීක්ෂක, නාගහවත්ත මුදියන්සේලාගේ පේ‍්‍රමරත්න(53),  ලූනුගල පොලිසිය, බෝල කනහැන්නලාගේ ප්‍රේමකීර්ති උදයකුමාර(52), මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාසය, කොඩිතුවක්කුගේ සරත් කොඩිතුවක්කු(49), දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සහ හික්කඩුව කාරියවසම් නාමල් ප‍්‍රියංග ලියනගේ(49) නිවිතිගල පොලිසිය යන අය වලූන්ටය. 
මෙයට අවුරුදු 23කට පෙර,  1990 ජුනි 1 දින කොල්ලකෑමේ චෝදනාව මත බණ්ඩාරගම අටළුගම පදිංචි මොහොමඞ් මුනාජ් නමැත්තා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් විමර්ශනය සිදු කරන අතර මෙම ඝාතණය කර තිබින.  
පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පරික්ෂණ සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරියකුගේ ගින අවියක් පත්තුවීමෙන් සැකකරු මරණයට පත්වු බව පොලිසියේ නිදහසට කරුණ විය. 
නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පුවී ඇතැයි ප්රකාශ කළ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් වූ දඩ නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා මරණ දණ්ඩනය නියම කළාය.
මෙම නඩුවේ තින්දුව ප‍්‍රකාශවුයේ සිද්ධියෙන් වසර 23 කට පසුවය. 

මරණ දඬුවම ක‍්‍රියාත්මක නොවේ. එ් නිසා මෙම දඬුවම නාමිකය. සමාජයට බලපැමක් නැත. අප මරණ දඬුවමට විරුද්ධය. කථිකාවට ලක් කළ යුත්තේ දඬුවම නොව ප‍්‍රමාදය ගැනය. මේ වසර 23පුරා මෙම අපරාධකාර පොලිස්කාරයින් අතින් තව කොපමණ අපරාධ සිදුවන්නට ඇද්ද යන්න හා ඔවුන් ට මහජන මුදලින් පඩි ගෙව්වේ කෙසේද යන්න ගැනය.