Saturday, September 30, 2017
මොරොන්තුඩුව පොලිසිය උයාගෙන කන්න තිබු මන්නා පිහිය හා පොල් ලෙලි ගැසිමට තිබු යකඩ ඉන්න සොරාගෙන.
අයිරින් සිල්වා, අවු:- 65යි, වැන්දඹු, සනිපාරක්ෂක කම්කරු. වස්කඩුවේ පදිංචි ඇය කලූතර උතුර පොලිස් ස්ථානයට කර තිබෙන ලිඛිත පැමිණිල්ලට අනුව, 2017.09.29 වන දින ඇය රැුකියවට ගොස් සිටි අවස්ථාවේ, දහවල් 12.00ට පමණ, මොරෙන්තුඩුව පොලිසියේ සේකර නැමැති නිලධාරියා, තවත් අයෙක් සමග සිවිල් පිට යතුරු පැදියකින් පැමිණ, අඳෙන් නැගි ගන්නට බැරි ආබාධිත ඇගේ මල්ලි චන්ද්‍රසේන සිල්වා ගෙන් නිවසේ යතුර ඉල්ලා ඇත. ඔහු සතුව යතුර නැති බව කිවිට, එම දෙන්නා ඇගේ නිවසට ගොස් ෙදාර කඩා ඇතුලව නිවස තුල තිබු සියලූ දේ ඇද විසුරුවා, උයාගෙන කන ගැස් ලිප කඩා දමා, උයාගෙන කන්න තිබු මන්නා පිහිය හා පොල් ලෙලි ගැසිමට තිබු යකඩ ඉන්න සොරාගෙන ගොස් තිබේ. ඇයට සිදුව ඇති අලාභය රුපියල් විසිදහසකට අධිකය
මොරොන්තුඩුව පොලිසියේ සේකර හා ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද සිදුකල අලාභය අය කරවා දෙන ලෙසටද ඇය ඉල්ලා සිටි.
ඇය පැමිණිල්ලේ පිට පතක් පොලිස්පතිට යවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.
Friday, September 22, 2017
ක`ඵතර වනසන ‘‘පැනෝරාමා’’ වට බෝ සමිදු පිහිටයි. බුදු සරණයි.
ක`ඵතර බෝ සමිදුගේ පිහිට පතන බැතිමතුන් ගේ පිහිටෙන් - ව්‍යාපාර ගොඩනැගුණු බව නොදන්නා කෙනෙක් නැත. මේ එ් ගැන නොවෙයි. බෝ සමිදු ගේ පිහිටෙන්, ක`ඵතර විනාශ කරන්නන් අතරින් එක් යුවලක් පිළිබඳවය.
ක`ඵ ගඟ තම බඩගෝස්තරය සඳහා විනාශ කරන මහා ව්‍යාපාරිකයින් කොපමණදැයි කියන්න අප නොදනිමු. එ් අතර ප‍්‍රසිද්ධියේම කලු ගංග රක්ෂිතය විනාශ කරන්නවුන්, එ්වා කරන්නේ ඔවුන් නීතියට යටත් නැති බව පෙන්වාදෙමින්ය. ඔවුන්ට අදාළ නිලධාරීන්ගේ රැකවරණය පූර්ණව ලැබේ. ලැබෙන දේශපාලන අනුග‍්‍රහය ඊට නොදෙවෙනිය.
‘‘සංවර්ධනය” යන යෙදුමට මුවා වී, ක`ඵතර උතුර, ‘‘පැනෝරාම’’නමින් ක`ථ ගඟට මායිම්ව ඉදිකර තිබෙන හා ඉදිකරමින් යන හෝටල් සංකීර්ණය මු`ඵමනින්ම නීති විරෝධී බව කාලයක් මු`ඵල්ලේ කරන ලද පර්යේෂණ හා එකතු කරගෙන තිබෙන රාජ්‍ය ලේඛන මගින් ඔප්පු කර සිටින්නේ, වීරක්කොඩි මහත්මියයි.
ඇය, මුදලට යටනොවන ඉතාමත් අල්පයින් අතර කෙනෙකි. මැය ගේ සත් ක‍්‍රියාව, විශේෂයෙන් ක`ඵතර නගර සභාවට, උතර හා දකුණ පොලිසි වලට, පරිසර අධිකාරියට, නාගරික සංවර්ධන අධිකාරියට, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුලූ අදාල ආයතන වල නිලධාරින්ට මහත් හිසරදයකි. එමෙන්ම ප‍්‍රදේශයේ චිවරධාරින්ට හා දේශපාලකයන්ටද අගුණය.
මෙම පැනෝරාමා හෝටල් සංකීර්ණය අඹු සැමි යුවලකට අයත් එකකි.
ඇය විසින් කර තිබෙන හෙළිදරව්වල ආසන්නම හෙළිදරව්ව සම්බන්ධයෙන් ලියන ලද ලිපි 02ක පහත දැක්වේ. එම ලිපි වලට අවධානය යොමු කරන්න. විමර්ශණ කරන්න. විරෝධය පළකරන්න.
01. වීරක්කොඩි මහත්මිය ක`ඵතර දකුණ, නාගරික සංවර්ධන අධිකාරියේ උප කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එස්. හේමන්ති මහත්මිය අමතන ලද ලිපිය.
ක`ඵතර උතුර, පරණ තොටුපල පාරේ අංක 47/14 ස්ථානයේ ඇළ හා
ප‍්‍රවේශ මාර්ගය අවහිර කර, ගේට්ටු හා තාප්ප ඉදිකිරීම හා
ගොවිජන සේවා රක්ෂිත මාර්ගය අත්පත් කර ගැනීම.
ක`ඵතර උතුර, කොස්පනාවත්ත පාර, පැනෝරමා හෝටලයේ අයිතිකරුවන් වන ඉන්දික පේ‍්‍රමලාල් හා අමාලි ඉනෝකා ඉහළගම යන අඹු සැමි දෙපළ විසින්,
ක`ඵතර උතුර, තොටුපල පාරෙන් ආරම්භ වන කොස්පනාවත්ත පාර, කෙළවරින් ආරම්භ වන ක`ඵගඟට පිවිසෙන ගොවිජන සේවා රක්ෂිත මාර්ගය
(අ) ප‍්‍රවේශවන ස්ථානය සම්පූර්ණයෙන්ම අවහිර වන පරිදි ගේට්ටුවක් දමා අවහිර කර ඇත.
(ආ) එතැන් සිට ක`ඵගඟ දක්වා, ප‍්‍රවේශ මාර්ගය (රක්ෂිතයකි) අත්පත් කරගෙන තිබේ. මෙම කෙළවර ඉදිරිපිට කිරලගහ තොටුපල පිහිටි ස්ථානය මේ නීති විරෝධී ක‍්‍රියාවන් නිසා,
(1) ඵෙතිහාසික වැදගත්කමකින් යුතු කිරලගහ තෙටුපල පිහිටි ස්ථානයට යන රක්ෂිත පාර මහජනතාවට භාවිතය බලහත්කාරයෙන් වළක්වා තිබේ.
(2) මෙම ප‍්‍රවේශ මාර්ග අවහිරය නිසා කොස්පනාවත්ත පාරේ ගමන් කරන, වාහන හැරවීමට නොහැකිව පුද්ගලික වතුවලට ඇතුලූ කිරීම මගින් දෙපස නිවැසියන් බලවත් දුෂ්කරතාවන්ට මෙන්ම අනාරක්ෂිත තාවයන්ට මුහුණපෑමට සිදුව තිබේ.
මා ඉල්ලා සිටින්නේ,
නොපමාව, අනවසර ඉදිකිරීම් හා අනවසර අත්පත් කරගැනීම් ඉවත් කරවීමට පියවර ගන්නා ලෙසටය.
සැ.යු. මේ සම්බන්ධයෙන්, 2016.11.11 දාතමින් හා අංක: ක`ඵ/නස/03/01/අන.ඉ/78/2016 දරන ක`ඵතර නගර සභාවේ දැණුම් දීම මේ දක්වාම ක‍්‍රියාත්මක කර නොමැති බව ප‍්‍රකාශ කරමි. එම දැන්වීමේ ඡුායාස්ථ පිටපත මේ සමග අමුණා ඇත.
මෙයට,
අ.ක/එම්.එ්.ආර්. වීරක්කොඩි
පිටපත්: 01. ලේකම්, මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය
02. අධ්‍යක්ෂ ජනරාල්, නාගරික සංවර්ධන අධිකාරිය
03. කොමසාරිස් ජනරාල්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
04. ලේකම්, ක`ඵතර නගර සභාව, ක`ඵතර
02. වීරක්කොඩි මහත්මිය ක`ඵතර දිස්ත‍්‍රික් පාරිසරික කමිටුවේ සියලූම සාමාජිකයන්ගේ අවධානය සඳහා ලියන ලද ලිපිය.
ක`ඵතර උතුර පරණ තොටුපල පාරේ සිට අලූත් ඇල (කැපූ ඇල)
දක්වා රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් ඉවත් නොකිරීම.
2017 අගෝස්තු මස 20 වන දින පැවති ක`ඵතර දිස්ත‍්‍රික් පාරිසරික කමිටුව මගින්, පසුගිය මහා ගංවතුර නිසා, සිදු වූ හා සිදුවන්නට ගිය හානියට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ ක`ඵගඟ ආශ‍්‍රිතව කර තිබෙන නීති විරෝධී අනවසර ඉදිකිරීම් බව නිගමනය විය.
එ් අනුව එම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළ යුතුව තිබේ.
ක`ඵතර උතුර පරණ තොටුපල පාරේ සිට අලූත් ඇල හෙවත් කැපූ ඇල දක්වා වූ රක්ෂිතයේ,
(1* ඉන්දික පේ‍්‍රමලාල් හා ඉනෝකා ඉහළගම යන අය විසින් ඉදි කර තිබෙන පැනෝරාමා හෝටල් සංකීරණයේ බැමි හා තාප්ප,
(2* ජේ. කරුණාරත්න යන අය පදිංචි නිවස,
මේ දක්වාම ඉවත් කිරීමට පියවර ගෙන නොමැත.
මෙම කමිටු රැුස්වීමෙන් පසුව, රජයේ මිනින්දෝරුවරයා විසින් ගඟ රක්ෂිතයට අදාල කොටසක් පමණක් මැන තිබේ.
එනම්, කොස්පනාවත්ත පාවුල වෙල්කැටිය යන වත්තේ සිට, ගොවිජන සේවා ඇල දක්වා පමණි. නියමිත පරිදි පරණ තොටුපල දක්වාම මිණුම් කටයුතු කළයුතුව තිබේ.
මේ කරුණු පිළිබඳව විධිමත් සොයා බැලීමක් කර සියලූ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලමි.
විධිමත් පරීක්ෂණයකදී සියලූ තොරතුරු ලබා දීමට මා සූදානම් බවද ප‍්‍රකාශ කරමි.
මෙයට,
අ.ක/ එම්.එ්.ආර්. වීරක්කොඩි
පූජීත ගේ භාවනාවේ අනුහසින් අත් පා කඩයි..කුඩු හයිකෝට් දමයි..
බේරුවල බෝට්ටු හිමයෙකුගේ අනුහසින් ධීවර තරුණයෙකුව, ගෙදර දී අත්අඩංගුවට ගෙන, වධ දී, කුඩු මිළීග‍්‍රෑම් 2040 ක් ලඟ තබාගත් බවට - ව්‍යාජ චෝදනා දමා රක්ෂිත බන්ධණාගාරගත කරවා ඇත.
දැනට ක`ඵතර බන්ධනාගාරයේ සිටින, චමීර නැමැති 27 හැවිරිදි මෙම ධීවර තරුණයාව ශෛල්‍යකර්මයකට භාජනය කලයුතු බව වෛද්‍යවරු පවසා ඇත. එහෙත් වෛද්‍ය උපදෙස් නොසලකා හරිමින් බන්ධනාගාරය මේ දක්වා ඔහුව රොහල් ගත කර නොමැත.
මොහුගේ මව මංගලිකා මහත්මිය, තම පුතාට බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රමුඛ නිලධාරින් විසින් සිදුකල අපරාධය පිළීබඳව මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කර තිබේ. මානව හිමිකම් කොමිසමේ හදිසි ඇතුම් අංකයට දැනුම් දිමට ගත් උත්සහයද ව්‍යාර්තව තිබේ. ඇමතුම ගත් නිලධාරියා නමක්න නැති එකෙකි.
”යහපාලනය” යනු නීතිය මත පාලනයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කරන පොලිසිය බාර ඇමති හා අගමැතිට පොලිසිය පාලනය කිරීමට නොහැකිවීමට හේතුව, ඔවුන්ද දුෂණයේ කොටස් කරුවන් නිසා බව මනාව පැහැදිලි
මව මංගලිකා මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාව හා පාලිස්පති වෙත ලිඛිත පැමිණිලි දෙකක් කර ඇත.
Monday, September 18, 2017
පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය, සිල් රෙදි හා චිවරධාරින්
වසර 46 කට පෙර යුද්ධ හමුදාවේ නිලධාරීන් දෙන්නෙක් මූලිකව පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය කළේ, ¥ෂණය කර, නිරුවත් කර, මහ පාරේ ඇවිද්දවා ය. එ් කතරගමදීය.
ඇයට එ් ඉරණම අත්වූයේ 1971 කැරැුල්ලේ ප‍්‍රතිඵලයක් ලෙසටය. නීතිඥ ප‍්‍රින්ස් ගුණසේකරයන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය මැද්හත් කරවාගෙන ගෙන ගිය බලපෑම්වල ප‍්‍රතිඵලයෙන් එම ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරීය. චූදිත හමුදා නිලධාරීන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ උගත් නීතිඥවරුන්ගේ එකම තර්කය වූයේ ”උසස්” නිලධාරීන්ගේ අණට කීකරුව එම ඝාතනය සිදුකළ බවයි.
මෙම හමුදා නිලධාරීන් දෙදනොට එරෙහිව මහාධිකරණයේ පැවති නඩුවේ ජූරි සභාව දෙන ලද තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද අභියාචනා නඩුවේ තීන්දුව ඓතිහාසික එකකි. එය අදටත් වලංගුය. කාලෝචිතය. එහෙත් එ් පිළිබඳව කථිකාවක් නැත. පේ‍්‍රමවතී මනම්පේරි ගැන කථා කළ යුතුය. නිරන්තරයෙන් සිහිපත් කළ යුතුය. ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් ප‍්‍රමුඛ ඔවුන්ගේ කැඞී බිඳී වෙන්ව ගිය පිරිස් මුනිවත රකී. ඔවුන්ගේ වත්මන් අනුගාමිකයන් ඇය ගැන අසාවත් ඇද්දැයි සැකයකි.
අභියාචනය ඇසූ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනාගේ තීන්දුව, අද අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනකෙුට බලා කියවා ගත හැකිය. එම තීන්දු නීතිඥවරුන්ට සීමා විය යුතු නැත. අනාගතය කෙසේ විය යුතු ද, රට යන්නේ කොයිබටද යන්න වටහා ගැනීමට සංවාදයට ලක් කළ හැකි එකකි.
මෙම නඩුවේ විනිසුරුවරුන් තිදෙනාම සිය මතය ප‍්‍රකාශයට පත් කර ඇත. තිදෙනාම, ඝාතනය සිදු කළ හමුදා නිලධාරීන් දෙදෙනාවම වරදකරු කරමින් ලබාදුන් තීන්දුව සනාථ කළ ද එ් වෙන් වෙන් වශයෙනි. මෙම අභියාචනයේදී රජය වෙනුවෙන්, නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටි අතර, විත්තිකාර හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේ අදටත් සමකළ නොහැකි කීර්තිමත් නීතිඥවරුන් පිරිසකි.
වර්තමාන පරපුරේ දැන ගැනීම සඳහා එම නම් සඳහන් කිරීම වැදගත්ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු වූ විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තමෝදරන් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විමලරත්න යන මහත්වරුන්ය.
විත්තිකරුවන් වූ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලූතිනන් විජේසූරිය හා සෙබල රත්නායක වෙනුවෙන්, එකල ප‍්‍රවීණ නීතිඥවරුන් වන ජී.ආර්.චිට්ටි, අර්ඞ්ලි පෙරේරා, ඊ.ආර්.එස්.ආර්. කුමාරස්වාමි ප‍්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින ලදි. රජය වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ කෙනෙත් සෙනෙවිරත්න ප‍්‍රමුඛ රජයේ නීතිඥවරුන් කණ්ඩායමක් ඉදිරිපත් විය. මෙම නඩුවේදී දෙපාර්ශවයේම නීතිඥවරුන් දේශීය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල රටවල හා ජාත්‍යන්තර නීතිය, නඩු තීන්දු ඉදිරිපත් කරමින් තර්ක කළහ.
පෙර සඳහන් කළ පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනාම වෙන් වෙන් වශයෙන් තීන්දු ලියා මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව සනාථ කළේය.
1971 කැරැුල්ලේදී හමුදාව, පොලීසිය සිදුකළ ඝාතන පිළිබඳව එකම නඩුව මෙය විය. එම නඩුවේදී හදිසි නීතිය යටතේ හෝ යුද්ධ නීතිය යටතේ හෝ යුද්ධමය තත්ත්වයක් තුළ හෝ නීතියට පරිභාහිරව මිනිස් ඝාතන කර, එය සාධාරණීකරණය කිරීමට ඉහළින් දුන් අණට කීකරුව සිදුකළා යන්න වලංගු විත්ති වාචිකය නොවන බව තහවුරු කරණු ලැබූවකි.
මෙය අදටත් වලංගු වන්නේ, 1988 - 90 ජ.වි.පෙ. භීෂණ සමය තුළ හා තිස් වසරක් පුරා පැවති ජනවාර්ගික ගැටුම තුළ පොලීසිය, විශේෂයෙන් ත‍්‍රිවිඩ හමුදාව සිදුකළ අතුරුදහන් කිරීම්, පැහැරගෙන ගොස් මරා දැමීම්, පිළිබඳව හා බාරවූවන් මරා දැමීම් පිළිබඳව ඊනියා උගතුන්, ජාතිවාදී දේශපාලකයන්, චීවරධාරීන් නගන මෙලේච්ඡු හඬ සමග සැසඳීමෙන් රටේ නීතිය පිළිබඳව ජනතාවගේ මතය විමසීමට තිබෙන හොඳම සිද්ධිය නිසාය.
ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගෙන් කැඞී ගිය පෙරටුගාමී සමාජවාදීන් ට, විමල් වීරවංශලාගේ ජාතික නිදහස් පෙරමුණට පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනය හා එම නඩු තීන්දුව ගැන වගතුවක් නැති මෙම පිරිස උතුරු නැගෙනහිර ජනවාර්ගික යුද්ධයේදී නිරායුධ සමාන්‍ය ජනතාව මරා දැමීම, අතුරුදහන් කිරීම, අත්අඩංගුවට ගත් අය මරා දැමීම, පැහැරගෙන යෑම හා මරා දැමීම, බාර වූවන් මරා දැමීම සියල්ලම අනුමත කළා පමණක් නොව එම ක‍්‍රියාවන්හි නිරත වූවන් වීරයින් ලෙසට සැමරීමට තරම් මෙලේච්ඡුයින් පිරිසක් බවට පත්විය.
අදටත් එසේම අපාරධකරුවන්ට දඬුවම් දීමට ඔවුන් විරුද්ධය. අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම දේශ ද්‍රෝහී ක‍්‍රියාවකි. මෙම ඊනියා දේශපේ‍්‍රමීන්, ඇත්ත වශයෙන්ම දේශද්‍රෝහීන්ය. රණවිරු නාමය ඉදිරයට දමා උඩුබුරලන්නේ තමන් කරන ලද අපරාධවලින් ගැලවීමටය.
මහින්ද රාජපක්ෂ දේශපාලනයට පිවිසි දා සිටම, සිදුකරන ලද ක‍්‍රියාවන් දන්නා බොහෝ දෙනෙකු සිටිති. ඔවුන් එම අපරාධ වංචා, වංචා, ¥ෂණ, ඝාතකයින්, ස්ත‍්‍රී ¥ෂකයින් ආරක්ෂා කිරීම මේ පිරිස් කියන්නට ඉදිරිපත් වන්නේ නැත. මේ නිහඬ පිරිස උගතුන්ය, වෘතිකයින්ය.
එදා මනම්පේරි ඝාතනය කළ හමුදා නිලධාරීන් බේරා ගැනීමට උගත් නීතිඥවරුන්ගේ එකම නීතිමය තර්කය වූයේ ඔවුන් එසේ කළේ උසස් නිලධාරීන්ගේ අණට කීකරුව බවය. අද කෝටි ගණනක් මුදල් හොරකම් කර, රටේ නීතිය උල්ලංඝණය කරන ලද ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට ගේ ”නිදහසට” කරුණද එයමය.
ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට ට එරෙහි තීන්දුවට පක්ෂ බව හඟවමින් ඔවුන් ”මහත්වරු” බව කියාපාන තවත් ”හොරු” පිරිසක් ද අද පෙරට විත් තිබේ. මේ හෙළි වී ඇත්තේ එක් හොරකමකි. එක් නීති විරෝධී වැඩකි. මොවුන් සිය ධූර කාල වලදී තවත් නීති විරෝධී වැඩ මෙන්ම රාජපක්ෂ රෙජිමය රැුකීමට කර තිබෙන පක්කලි වැඩ අනන්තය.
මොවුන් අනෙකුත් රජයේ නිලධාරීන් යටපත් කරගෙන සිටියේය. වැරදි ”කුපාඩි වැඩ” බව දැන දැනත් එළිපිට විරෝධය දැක්වීමට ඉදිරිපත් නොවීය. එවැනි අයව නොමරා මැරුවේය. එ් වාගේම මොවුන් තම හිතේෂීන්ට ද නීති විරෝධී වැඩ කිරීමට අනුග‍්‍රහය දෙන ලදි. ලාභ ප‍්‍රයෝජන ලබා ගැනීමට ඉඩ සලස්වන ලදි. එසේ ලාභ ප‍්‍රයෝජන ගත් වූවන්, පිල් මාරු කරන ලද අධිකරණ තින්දුව හරි බව ප‍්‍රකාශ කළ ද එය නිෂේධ කිරීමට මේ තක්කඩියන් දෙපොල ”මහත්වරු” ලෙසට හඳුන්වති.
එදා මෙන්ම අදටත් ‘‘යහපාලනය යටගේ’’ ඉහළ නිලධාරින් ‘‘නිති විරෝධික‍්‍රියාවන්හි’’ නිරත වෙති. ඔවුන් නිතිය නමයි. කිසිදු වෙනසක් නැත. මහා පරිමාන දුෂණ ගැන හෙළි කරනු ලැබුවද ප‍්‍රාදේශිය වශයෙන් සිදුකරන දුෂණ හෙළි කරන්නේ නැත.
මේ වනවිට හොරුන්, තක්කඩියන් බේරා ගැනිමට චිවරධාරින් පිරිසක් එක්ව ඇත. මොවුන් දුප්පත් කමින් මිදෙන්නට පන්සලට බාරදුන්න නොදරුවන්ට සිවුරු අන්දවා පාත්තරය අතට දි සිඟමේ යවමින් අපයෝජනයට ලක්කරති.
මේ පසුබිම යටතේ සාමාන්‍ය ජනතාවට ”නීතිය” යුක්තිය” ”සදාචාරය” යනු කුමක්ද යන්න පැහැදිළි කර ගැනීමට හැකිවන පරිදි කථිකාවකට, සංවාදයකට ”පේ‍්‍රමවතී මනම්පේරි” තීන්දුව පාදක කර ගත යුතුය. මෙය විශේෂයෙන් ස්ත‍්‍රී අයිතිය ගැන කථා කරන සැමගේ අවධානයට ලක්විය යුතු කරුණකි.
Friday, September 8, 2017
පානදුර දකුණ පොලිසිය බිනර පෝයට බණ අහලා - තරුණයෙකුට දස වධ දෙයි.
බුදු පිළිමයක් පොලිසිය ඉදිරිපිට අටවාගෙන, පෝයට බණ අහලා, ගෑණියෙකුගේ කීමට අල්ලාගෙන ගොස් දස වධ දීම පූරුවේ කරුමය පලදීමක්ද ? මෙසේ අසන්නේ, බිනර පෝයට පසුවදා සවස අසල නිවසක මුදල් නැතවූ බවට, ගැහැණීයක් කල පැමිණිල්ලකට අත්අඩංගුවට පත් තරුණයෙකි.
පොලිසිය කෙතරම් උනන්දු වූයේද යත්, පැමිණිල්ල කර විනාඩි 15 ක් යන්නට පෙර, පැමිණ, අත්අඩංගුවට ගෙන වධ දී, පසුදින මුදාහැර ඇත. මෙම වධකයින් , පසුදින පැමිණ, මෙම තරුණයාට මානව හිමිකම් යන්න එපා යයි ඉල්ලා ඇත.
පොලිස්පතියා තම යටත් සේවකයින්ට කුණූ හරප කියමින් බැණ තර්ජණය කර, පහර දී, බෙල්ල ලඟින් ඇල්ලූ බව පමණක් ටීවී එකට ඇවිත් පිළීගන්නා ගමන් තමන් කළේ වරදක් නොවන බව කියන්නට තරම් නිවට පොලිස්පතියෙකු ඉන්න රටක, පහළ ශ්‍රේණීවල පොලිස් කාරයින්ගෙන් මීට වඩා තවත් බලාපොරොත්තු විය හැකිද ?
මෙම තරුණයා, තමාට වධදුන්න පොලිස්කාරයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත. ඔහුගේ ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
‘‘ ජීවන්ති යන අය අප නිවසට පැමිණ මගේ මවට කීවා අක්කේ ඔයාගේ පුතා පර්ස් එක අරන් තියෙනවා, කාමරයේ බලන්න ඕනා කියා. තවද ඇය සඳහන් කලා පර්ස් එකේ රුපියල් 15,000/=ක් තිබූ බව. මා එයට ඇයට ඉඩ දුන්නා. ඇය කාමරයේ සෝදිසි කලා. පර්ස් එක තිබුනේ නැහැ. ඉන්පසුව ජීවන්ති මගේ මවට කිව්වා අක්කේ මම පොලිසි යනවා කියා යන්න ගියා.
ඊට පැය කාලකට පමණ පසුව, පානදුර දකුණ පොලිසියේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් පැමිණියා. ඔවුන් සිවිල් පිට සිටියේ. ජීවන්ති යන අය අපේ ගෙදර පෙන්නුවා. කුමාර නැමැති නිලධාරියා ෆෝන් ටෝච් එක මගේ මුහුණට අල්ලා යමන් යමන් කිව්වා. ඔහු කිව්වා පර්ස් එක උඹයි ගත්තේ කියා. කුණුහරපයකුත් කිව්වා. මාව ජීප් එකට තල්ලූකර දැම්මා. එ් කුමාර නැමැති අයයි. කුමාර යන අය ජීප් රථය අසල සිටියදී, අනෙක් අය ජීවන්තිලාගේ නිවසට ගොස් ටික වේලාවකට පසුව ආවා.
පසුව මාව පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. එසේ එන අතරමග, ජීප් රථය තුලදී සොයිසා නැමැති නිලධාරියා මගේ වම් කණට අතින් පහරවල් දෙකක් ගැහුව්වා. එසේ යන විට උඹ තමයි ගත්තේ කියමින් කොච්චි දානවා, එල්ලා ගහනවා යනුවෙන් ඔවුන් මට තර්ජණය කලා. පොලිසියට ගොස් මාව අපරාධ අංශයට අරන් ගියා. කුමාර යන අය බංකුවෙන් වාඩි වෙන්න කිව්වා. ඊට විනාඩි 5කට පමණ පසුව අපරාධ අංශයේ ලොක්කා කුමාරට කිව්වා හෑන්ඞ් කප් දමා ගහන්න කියා. එක නිලධාරියෙක් (දුටුවොතේ අ`ඳුනාගත හැකි* ෂර්ට් එක ගලවා, දකුණු අත උරහිසින් ගෙන, වම් අත ශරීරයේ පිටුපසට කර, කුමාර හෑන්ඞ් කප් දැම්මා. වෙනත් නිලධාරියෙක් හෑන්ඞ් කප් දැමූ අත්දෙක අතරින් යකඩ පොල්ලක් දමා කැරකෙව්වා. හතර පාරක් පමණ කැරකෙව්වා. කුමාර ඇහුව්වා ගත්තාද කියා. මම නැහැ කිව්වා. එවිට කුමාර ඉතා වේගයෙන් මගේ වම් කණට එක පාරක් ගැහුව්වා. මගේ මව සහ පියා බාගෙට ඇරුණු ෙදාරෙන් මම දැක්කා. අපරාධ අංශයේ ලොක්කා කුමාරට කිව්වා අරූගේ අම්මයි තාත්තයි ඇවිල්ලා දකීවි ගහන්න එපා කිව්වා. එවිට කුමාර පලයන් පලයන් කියා අම්මාවයි තාත්වයි එළෙව්වා. ඉන්පසුව කුමාර ඇතුලට ආවා. කුමාර සහ අපරාධ අංශයේ දෙදෙනෙකු මාව තුන්වන තට්ටුවට අරන් ගියා. මාව බිත්තියට හේත්තුකර, අපරාධ අංශයේ ලොක්කා වම් කණට හතර පාරක් පමණ ගහගෙන ගහගෙන ගියා. ආයේ ඇහුව්වා ගත්තා ද කියා. මම නැහැ කිව්වා. අපරාධ අංශයේ ලොක්කා කිව්වා අපි ගාව කුඩු තියෙනවා ඕනතරම් හයිකෝට් එකක් දානවා බෝම්බයකුත් දමනවා ආයි එළියට යන්න බැරිවෙන්න කියා තර්ජණය කලා.
පසුව අපරාධ අංශයේ ස්ථානාධිපති එළියට ගියා. කුමාර මාව එම තට්ටුවේම ඇතුලට එක්ක ගෙන ගියා. පොලිසියේ සිවිල් ඇඳපු අය අටක් පමණ සිටියා. ඔවුන් බලාගෙන සිටියා. කුමාර සහ තවත් දෙන්නෙක් මට නැවතත් පහර දුන්නා. යකඩ පොල්ලෙන් උරහිස් දෙකට ගැහුව්වා. හතර පාරක් විතර ගැහුව්වා. එවිටත් මුල් ආකාරයටම මාංචු දමා තිබුනා. කුමාර නැවතත් කණට ගැහුව්වා. මගේ ඇස් දෙක අන්ධකාර වී මාව බිම වැටුනා. වැටුන ගමන් කුමාර කොන්දට පයින් ගැහුව්වා. අනෙක් සිවිල් අය කැරම් ගසමින් සිටියා. කුමාරත් එතනට ගොස් කැරම් ගැහුව්වා. එසේ සෙල්ලම් කර විනාඩි 6කට 7කට පමණ පසුව නැවත පැමිණ නැවතත් ගැහුව්වා. එ් අත මිට මොලවා ඔලූවට හා පිටට ය. ඉන් පසුව මා බිම වැටී සිටියා. මම කිව්වා අත කැපිලා හෑන්ඞ් කප් ගලවන්න කියා. එවිට කුමාර කිව්වා ගලවන්නේ නැහැ, කොච්චි දමා අපි උඹට ඊලඟ කෝස් එක දෙනවා කිව්වා. මගෙන් ඇහුව්වා උඹට කොච්චි දමා ගුටි කන්න පුලූවන්ද කියා. සර් ට ගහන්න පුලූවන්නම් මට ගුටි කන්න පුලූවන්, මට නොකරපු වරදකට ගුටිකන්න බැහැ කියා මම කිව්වා. තවද මා කිව්වා මා කියන්නේ කොයිතරම් ගැහුව්වත් මම කරේ නැහැ කියලයි කියා. එවිට කුමාරට කෝල් එකක් ආවා. ඔහු කෝල් එකට කතා කරමින් පහලට යන විට, මම කිව්වා මට අමාරුයි හෑන්ඞ් කප් ගලවන්න කියා. ඔහු මම පහලට ගිහින් එන්නම් කියා ගියා.
ඔහු විනාඩ 10කට පමණ පසුව උඩට ආවා. එක පාරටම හෑන්ඞ් කප් ගැලෙව්වා. ඊට පසුව ඇහුව්වා අමාරු නැහැ නේද කව්ද ගැහුව්වේ ඇහුව්වා. මම කිව්වා සර් නේ ගැහුව්වේ කියා. මාව නැගිට්ටෙව්වා. එම තුන්වෙනි තට්ටුවේම වොෂ්රූම් එකට එක්කගෙන ගියා. මම ඇහුව්වා ඇයි කියා. උඹව උදේට ගෙදර යවනවා කිව්වා. මගේ බැනියම ඉරී තිබුනා. ඔහු ඇහුව්වා මෙහෙදිද ඉරුනේ කියා. මම කිව්වා ඔව් සර් ඇද ඇද ගහපු නිසා ඉරුනා කියා. මට කිව්වා බැනියම ගලවා ඩස්පින් එකට දාන්න කියා. හොඳට දාඩිය යන්න මූණ හෝදගන්න කිව්වා. මගේ තොල තුවාල වී තිබුනා. ඔහු කිව්වා අම්මා ඇහුව්වොත් තොල ගෙදර බිත්තියේ වැදී තුවාල වුනා කියන්න කියා. ? වෙලා කඩවල් වහලා තෙල් බෙහෙත් නැහැ කිව්වා.
ඉන් පසුව මාව තුන්වෙනි තට්ටුවේ ඇතුලට එක්ක ආවා. බත් ඕනද ඇහුව්වා. මම කිව්වා ඔව් බඩගිනියි කියලා. මට බත් එක ලිහාගෙන කන්න බැරි වුනා. මම කුමාරට කිව්වා මගේ අත්දෙක හිරිවැටිලා මේක හැන්දකින් අනලා දෙන්න කියලා. එවිට කුමාර කිව්වා බත් එක බිම තියලා දණ ගහගෙන කටින් කාපන් කියලා. මම අමාරුවෙන් අතින් කෑවා. පසුව ඉතිරි කෑම ඩස්පින් එකට දමා අත හෝදගත්තා. එවිට කුමාරත් ලඟ හිටියා.
මාව නැවතත් කුමාර ඇතුලට එක්කගෙන ආවා. අපිත් එක්ක තරහා නෑනේ අවුලක් නැහැනේ කියා ඇහුව්වා. මම කිව්වා නිකරුනේ ගහපු එකට මට කොහොමත් අවුල් කියලා. ඔහු සිය පර්ස් එක ඇර කුඩු කෑල්ලක් අරගෙන මේක බීපන් උඹ අපිත් එක්ක ෆිට්නේ, තව තියෙනවා, ඉල්ලන්න දෙන්නම් කිව්වා. මම කිව්වා මම කුඩු බොන්නේ නැහැ, මට ඕවා එපා කියා. මාව දෙවන තට්ටුවට එක්කගෙන ගියා. එ් කුමාර සහ තවත් තුන්දෙනෙක්. අපරාධ අංශයේ බංකුවෙන් වාඩි කෙරෙව්වා. කුමාර සහ තව දෙන්නෙකුයි එළියට යනවා කියා ගියා. එවිට මගේ හෑන්ඞ් කප් ගලවා තිබුනා. වෙනත් නිලධාරියෙකුට මම කිව්වා මට ආමරුයි මම ඇලවෙන්නද කියා. ඔහු කිව්වා පැනලා යන්න එපා අපි උඹට හෑන්ඞ් කප් දමලා නැහැ කියා. මම හොඳටම නිදා ගත්තා.
මට පාන්දර දෙකට පමණ මා ඇහැරුණා. එ් සොයිසා කියන නිලධාරියා තව කොල්ලෙක්ව අරන් ආපු නිසා. ඔහු මට කිව්වා අපිට නඩු ඕනා නිසා මෙහෙම නිකන් ඉන්න අයව අල්ලගෙන නඩු දානවා කියා. පසුව ඔවුන් මොනවාද පොතක ලියමින් සිට මාව සහ ගෙනාපු අයව පල්ලෙහාට ගෙනගොස් කූඩුවට දැම්මා. රිසව් නිලධාරියා නිල ඇඳුමින් සිටියා. ඔහුට සොයිසා කියන නිලධාරියා මාව පෙන්වා කිව්වා මූට කුඩු දාලා තියෙනවා, උසාවි දමා හයිකෝට් දාන්න ඔක්කොම කරලා තියෙන්නේ කියා. ඊට පසුව සොයිසා ගියා. මම නිදා ගත්තා.
උදේ නැගිටලා ඉන්නකොට අම්මලා පොලිසියට ආවා. එවිට වේලාව උදේ 7.30 පමණ විය. ඔවුන් කූඩුව ලඟට ඇවිත් කිව්වා හොරා අහුවුනා කියා. මගේ බය නැති වුනා. අමල් නැමැති නිලධාරියා ඇවිත් බලලා මා සමග කතාකරලා ගියා. උදේ 10ට පමණ කුමාර ඇවිත් කටඋත්තරයක් ගන්න ඕනා කියා මාව උඩට එක්ක ගියා. මම එයට අත්සන් කරා. මොනවා තිබුනාදැයි මම දන්නේ නැහැ. අමල් නැමැති නිලධාරියා ඇවිත් මගේ ඇගිලි සලකුණු ගත්තා. ඉන්පසුව මාව පහලට ගෙන ගොස් පහල රිසව් නිලධාරියාට ඇප දී යවන්න කියා කුමාර කිව්වා. පොලිස් ඇප ලැබුනා. අම්මා අත්සන් කලා. මාව පානදුර මූලික රෝහලට ගෙන ගියා. පොලිසියෙන් පහරදුන් බව ප‍්‍රකාශ කලා. මාව රෝහලේ 1 බී වාට්ටුවට ඇතුලත් කලා. රෝහල් පොලිසියෙන් කටඋත්තර ගත්තා. 2017.09.07 දින අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මාව පරීක්ෂා කලා. මා පොලිසියෙන් පහර දුන් බව පැවසුවා.
ඊයේ එනම් 2017.09.07 දින පෙරවරුවේ, පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හා අමල් නමැති නිලධාරියා රෝහලට පැමිණ, උඹට ඕන සපෝට් එකක් දෙන්නම්, ඉල්ලන දෙයක් දෙන්නම්, මානව හිමිකම් යන්න එපා, අපේ ජොබ් වලටත් අවුල් වෙයි, කාටකාටත් ඉස්සරහට අවුල්වෙයි කියා මට පවසා සිටියා.
එම නිලධාරීන් මාගේ නිවසට ගොස් මාගේ පියාටද, මානව හිමිකම් නොයන ලෙසත්, වන්දියක් දෙන්නම් කියාත් පවසා තිබෙනවා.’’
Thursday, September 7, 2017
කූ(පු)ජිත හිටගෙන! ගොලයෝ දුව!! දුව!!!
පිංතුර වලින් දැක්වෙන්නේ මාකිරි ඇල්ල පොලිස් මුර පොලේ ධෂක් හා නිලධාධාරියෙක් කාන්තාවකට ගහන්න පොලු හොයන හැටි, කුණුහරප කියමින් ගහන්න හදන හැටි හා රාජකාරිය නිමවි යන්න හදන හැටිය.
මෝල්කාවේ පදිංචි 37 හැවරිදි සමන් කුමාරි තිදරු මවකි. 2017 මැයි මස සිදු වූ ගංවතුරට හසුවී 2017.09.05 දින, අපගේ කැඩුනු නිවස සාදා ගැනීමට ක‍්‍රියා කරමින් සිටියදි තම දරුවන්ට බැන තර්ජනය කරනු ඇසි එ් ගැන විමසිලි කිරිමේදි බිමිතින් සිටි මාකිරි ඇල්ල පොලිස් මුර පොලේ ධෂක්‍ල ඇයට කුණුහරප කියමින් බැන වැදි පොල්ලක් සොයාගෙන අවිති පහර දිමට උත්සහ කර තිබේ.
ඇය මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කර ඇත. සිදුවිම විඩියෝ ගත කර තිබේ.
භාවනා කරන නිරතුරුව බණ අහන පොලිස්කාරයින් අනුගමනය කරන්නේ පොලිස්පති කුප‍්‍රකට පුජිත ජයසුන්දරව බව මේ සිද්ධියෙන්ද පැහැදිලි කරයි.
Subscribe to:
Posts (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
මොරටුව පොලීසීය විසින් නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රජයට ගෙවීමට නියම ...
-
වරෙන්තු පිට සැ`වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර - වහාම ත්අඩංගුවට ගන්නා ලෙසට - පුරවැසි බලය මාධ්‍ය සාකච්ජා පවත්වමින් - පොලිසියට කියයි. වරෙ...