Thursday, September 26, 2019

මහින්ද ගේ මඩ පෝස්ටර් හා අරක්කු අත්තඩංගුවට ගත්තු පොලිස් නිලධාරීන් ට රු: 20 ලක්ෂයක වන්දි‍යක්,උසස් වීම් සමග හිඟ වැටුප්.



 පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් සමග, 2010 ජනාධිපතිවරණයේ දී, නාවික හමුදාව යොදවාගෙන, එවර ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට එරෙහිව මුද්‍රණය කරන ලද මඩ පෝස්ටර් තොගයක් සමග අරක්කු තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යළිත් කරලියට පැමිණියේ ය.



      වසර 09 කට පෙර සිදු වූ මෙම නීති විරෝධී සිද්ධියේ දී, වර්තමානයේ අපරාධ රැුසකට මුල්වූ, බන්ධනාගාරගතව සිටින වාස් ගුණවර්ධන එදා කළ කී දේ යළි සිහි කැඳවීමට අවස්ථාව උදා විය.

සරත් ෆොන්සේකාට විරුද්ධව මඩ පෝස්ටර් හා අරක්කු පුරවා ගත් නාවික හමුදා ලොරිය, නාවික සෙබලූන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත්තේ එවකට කුරුණෑගල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වික‍්‍රමනායක හා පරිපාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිංහ විසින්ය.

මෙම අත්අඩංගුවට ගැනීම එදින මහත් ආන්දෝලනයට ලක්වූ අතර, පක්ෂ විපක්ෂ දේශපාලඥයින් හා ආධාරකරුවන් පොලිසිය වට කරනු ලැබීය.

උසස් පොලිස් නිලධාරීන් ද පැමිණි අතර, එම නිලධාරීන් අතර, වර්තමානයේ අපරාධ රැුසකට හවුල්වූ, එවක කුරුණෑගල ජේ්‍යෂ්ට පොලිස් අධිකාරී ලෙසට කි‍්‍රියා කළ වාස් ගුණවර්ධන ද විය.

වාස් ගුණවර්ධන, නාවික භටයින් සමග, ලොරිය හා මඩ පෝස්ටර් මුදාහරින ලෙසට, මූලස්ථාන පොලිස් පරීක්ෂකට හා පරිපාලන ස්ථානාධිපතිට නියෝග කළේය.

ඔවුන් එම නියෝගයට අවනත නොවූ විට, මෙම වාස් ගුණවර්ධන ලොරියේ, යතුර නාවික භටයින් අතට පත් කර, ඔවුන්ට පෝස්ටර් ද රැුගෙන යෑමට ඉඩ සලස්වන ලදි.

මැතිවරණයන් මහින්ද රාජපක්ෂ බලයට පත්විය. නීතිය ක‍්‍රියාත්මක කළ කුරුණැගල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හා පරිපාලන ස්ථානාධිපතිවරයා දංගෙඩියට යැවීමට එවක පොලිස්පති මහින්ද බාලසූරිය හා වාස් ගුණවර්ධන ක‍්‍රියා කළේය.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා තමන්ට ලබාදුන්න ස්ථාන මාරු, කප්පාදු කළ උසස්වීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද මූලික අයිතීන් උල්ලංඝණය කිරීමක් ලෙසට ප‍්‍රකාශයක් නිකුත් කර, සහන ලබාදෙන ලෙසට ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවට ගියේය.

2010 දී, පවරන ලද නඩුව, විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව 2019 අගොස්තු මස ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

එම නඩු විභාගයේදී, හිටපු පොලිස්පති මහිනද් බාලසූරිය, සිරගතව සිටින වාස් ගුණවර්ධන ඇතු`ඵ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි, නීතිපති නියෝජිතගේ තර්කය වී තිබුණේ, උසස් නිලධාරීන්ගේ නියෝග වලට ‘‘අවනත නොවීමේ’’ වරද, කුරුණෑගල පොලීසියේ එවක මුලස්ථාන පොලිස් පරීක්ෂක හා පරිපාලන නිලධාරී විසින් සිදුකර ඇති බවයි.

මෙම තර්කය ප‍්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය වැරදි නියෝග පිළිපැදීමට, පහළ නිලධාරීන් බැඳී නැති බවට වන පිළිගත් නීතිය, යළිත් සනාථ කළේය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය උදාහරණයට ගෙන දැක්වූයේ 71 කැරැුල්ල කතරගම ජ.වි.පෙ. නායිකා මනම්පේරි ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුව හා සමෘද්ධි නිලධාරී දේශප‍්‍රිය ගේ නඩු තීන්දුය.

මෙම පොලිස් නිලධාරීන්ව මාරු කර තිබුනේ ”සේවා අවශ්‍යතාවය” යන පදය උපයෝගී කරගෙන ය. පදනම් රහිතව රාජ්‍ය නිලධාරීන්ව මාර කිරීමට, දෙපාර්තමේන්තු ලොක්කන් උපයෝගී කරගන්නා කුප‍්‍රකට වචනයකි සේවා අවශ්‍යතාවය යන පදය. මෙම ”පදය ද” මෙම නඩු තීන්දුවේදී විවේචනයට ලක් කර ඇත.

ලොකු කුඩා සියලූම රාජ්‍ය නිලධාරීන් මෙම තීන්දුව පාඩමට ගත යුතුය.

හිටපු පොලිස්පති, මහින්ද බාලසූරිය හා සිර ගෙදර සිටින වාස් ගුණවර්ධන, රුපියල් ලක්ෂ 5 බැගින් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට වන්දි වශයෙන් ගොවිය යුතුය. එ් අනුව මොවුන් දෙදෙනාට ගෙවන්නට සිදුව ඇති මු`ඵ වන්දි මුදල රුපියල් ලක්ෂ 10 කි.

එයට අමතරව, මෙම නිලධාරීන් දෙදෙනාට සිය`ඵම උසස්වීම් හිඟ වැටුප් සමග ගෙවීමට පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිෂමට නියෝග කර ඇත.

මෙම තීන්දුවේ, නියෝග ක‍්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාල වකවානුවක් අධකරණය නියම කර නොමැත. එම නිසා වන්දිය මෙන්ම, උසස්වීම් හා හිඟ වැටුප් ලබාදීමට කොපමණ කාලයක් ගතවේද යන්න ප‍්‍රශ්නයකි.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේ, පුලස්ථි හේවාමාන හා නිලානි විදානගමගේ යන නීතිඥවරුන්ගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාය.

Thursday, September 19, 2019

20 හැවිරිදි DJ-පමත් ට දස වධදෙයි. මෙන්න වධකයෝ

DJ පමත්ව, පානදුර, දකුණ පොලිස්ස්ථානයේ තුන්වෙනි තට්ටුවේ පවත්වාගෙන යන ක`ඵතර දිසා අපරාධ ඒකකයට රැගෙන විත් වධ දී, බොරුචෝදනා නගා, අධිකරණය යොදාගෙන රිමාන්ඞ්බාරයට පත්කර තිබේ.

පපුව වටා දම්වැලකින් ගැට ගසා. එල්ලාපහර දී, ඇත්තේ නිරුවත්කරය. මේ නවතම වධ දීමේ ක්‍රමයකි. පාදයේ මෑතකදී ඇතිවු තුවාලයක් නිසා, මාපටඇඟිල්ල ඉවත්කර තිබී ඇත. එම තුවාලයට ද මෙම පොලිස් අපරාධකරුවන් පහර දී ඇත.

බරපතල තුවාල සහිතව අධිකරණය හමුවට පත්කර ඇත්තේ බෝම්බයක කෑල්ලක් සමග බව වාර්තාවේ. 

ඒ අනුව ඔහු රිමාන්ඞ්කර ඇත. බන්ධනාගාරයට ප‍්‍රතිකාර ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කර ඇතත් එය ඉටුකර නොමැත.

DJ-පමත්ව, ඔහුගේනිවසේදී, සිවිල්පිට පැමිණි නිලධාරීන්, අත්අඩංගුවටගෙන ඇත්තේ මොරොන්තුඩුව පොලීසයේ නිලධාරීන් සිව්දෙනෙකු ඉදිරිපිටය.

ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්තිවල මෙමසිද්ධිය වාර්තා කරඇත්තේ, ක`ඵතර දිසාඅපරාධ ඒකයේ පොලිස්කාරයින් එකතු කර බෝම්බයක් වැනිදෙයක් තබාගත් ‘‘මගුල්” ෆොටෝ එකක් සමගය. එය ඉහත දැක්වේ.

මෙම ඒකයේ නිලධාරීන් ඉන්නේ, රාජකාරිවලට යන්නේ සිවිල් පිටය. ෆොටෝ එකට නම් ඉන්නේ යුනිෆෝම් ගසාගෙනය.

DJ පමත්ව, මෙම ඒකයේ තබාගෙන ඇත්තේ එහි තිබූ ඇඳකට තබා මාංචුදමාය.

පොලිස්කාරයින්ගේ වුවමනාවට, ප‍්‍රවෘත්ති පල කරන කාලකණ්නි මාධ්‍යය කාරයෝ නිදහස් ගැන කථා කරන්නේ, තම පේ‍්‍රක්ෂකයින් මෝඩයින් කර බඩ ගොස්තරය සඳහාය. නමුත් මෙවන්, අග මුලක්, නමක් ගමක් නැතිව පල කරන ලද මෙම ප‍්‍රවෘතියෙන් පොලිස් අපරාධකාරයා් කව්ද යයි හෙළි කිරීමෙන් කරන ලද්දේ ඔවුන්ට විරුද්ධව ගන්නා ඉදිරි නිතිමය පියවර වලට මහඟු සේවයකි.  

DJ පමත් ගේ පියා ප‍්‍රකට සමාගමක කළමනාකරුවෙකි. ඔහු සියල්ල දනිති. නීතිය හැර. 

ඔහුවිශ්වාසය තබා තිබුනේලොක්කන් ගේ පසු පස යෑම පිළිබඳවය. 

අදටත් 20 හැවිරිදි පුතා දිවි නසා ගන්නා බව ප‍්‍රකාශකරමින් රිමාන්ඞ් බාරයේ සිටී. 

Monday, September 9, 2019

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකිරීම අපහාසයක් නොවේද?



ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, මූලික අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ලබාදී තිබෙන තීන්දු ක‍්‍රියාත්මක කිරීම මග හරින්නට තරම්, ශ‍්‍රී ලංකා පොලීසිය හා බන්ධනාගාරය බලවත්ව තිබේ? එසේ නැතිනම්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකළාට කිසිදු ප‍්‍රශ්නයක් නොවන බව නිලධාරීන්ට, සහතිකයක් ”දෙවියෝ” ලබා දී තිබේ? දන්නේ දෙයියෝ විතරයි.

පහළ උසාවි වල නියෝග පොලීසි හා බන්ධනාගාර ක‍්‍රියාත්මක නොකරන්නේ අද ඊයේ සිට නම් නොවේ. එවන් අවස්ථා බලධාරීන්ගේ අවධානයට යොමු කළ ද කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නොවූ බව ඊනියා සිවිල් සමාජය නම් දන්නේ නැත.

අපට වාර්තා වී තිබෙන නඩු තීන්දු හතරෙන් එකක් බන්ධනාගාරයට විරුද්ධවය. අනෙක් තුන පොලිස් දෙපාර්තමේන්තුවට විරුද්ධවය. තමන්ට, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ක‍්‍රියාත්මක කර නැති බවට, නීතිපතිගේ අවධානය ද කැඳවා ඇති බව එක් වින්දිතයෙක් ප‍්‍රකාශ කර සිටි. එ් පිළිබඳව නීතිපතිගේ විමසීමටවත් බන්ධනාගාරය ක‍්‍රියාත්මක වී නැත.

ජනසංසදය මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂමට ලියා ඇත. මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ බොහෝ දෙපාර්තමේන්තු ක‍්‍රියාත්මක කරන්නේ නැත. එහි ප‍්‍රථම ස්ථානය, අපගේ තොතරතුරුවලට අනුව හිමිවන්නේ පොලීසියට ය. 

මේ පිළිබඳව අප, මනව හිමිකම් කොමිෂම දැනුවත් කළේ මේ කාරණය ගැන ජාත්‍යන්තරය ඉදිරියට යන විට, දැනුවත්ව යෑමටය.