Monday, September 9, 2019

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකිරීම අපහාසයක් නොවේද?



ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, මූලික අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ලබාදී තිබෙන තීන්දු ක‍්‍රියාත්මක කිරීම මග හරින්නට තරම්, ශ‍්‍රී ලංකා පොලීසිය හා බන්ධනාගාරය බලවත්ව තිබේ? එසේ නැතිනම්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකළාට කිසිදු ප‍්‍රශ්නයක් නොවන බව නිලධාරීන්ට, සහතිකයක් ”දෙවියෝ” ලබා දී තිබේ? දන්නේ දෙයියෝ විතරයි.

පහළ උසාවි වල නියෝග පොලීසි හා බන්ධනාගාර ක‍්‍රියාත්මක නොකරන්නේ අද ඊයේ සිට නම් නොවේ. එවන් අවස්ථා බලධාරීන්ගේ අවධානයට යොමු කළ ද කිසිදු ඵල ප‍්‍රයෝජනයක් නොවූ බව ඊනියා සිවිල් සමාජය නම් දන්නේ නැත.

අපට වාර්තා වී තිබෙන නඩු තීන්දු හතරෙන් එකක් බන්ධනාගාරයට විරුද්ධවය. අනෙක් තුන පොලිස් දෙපාර්තමේන්තුවට විරුද්ධවය. තමන්ට, ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ක‍්‍රියාත්මක කර නැති බවට, නීතිපතිගේ අවධානය ද කැඳවා ඇති බව එක් වින්දිතයෙක් ප‍්‍රකාශ කර සිටි. එ් පිළිබඳව නීතිපතිගේ විමසීමටවත් බන්ධනාගාරය ක‍්‍රියාත්මක වී නැත.

ජනසංසදය මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂමට ලියා ඇත. මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ බොහෝ දෙපාර්තමේන්තු ක‍්‍රියාත්මක කරන්නේ නැත. එහි ප‍්‍රථම ස්ථානය, අපගේ තොතරතුරුවලට අනුව හිමිවන්නේ පොලීසියට ය. 

මේ පිළිබඳව අප, මනව හිමිකම් කොමිෂම දැනුවත් කළේ මේ කාරණය ගැන ජාත්‍යන්තරය ඉදිරියට යන විට, දැනුවත්ව යෑමටය.

   

No comments:

Post a Comment