Monday, December 23, 2019

කාන්තාවන්ට ඇති, ගෑනුන්ට නැති, අයිතිවාසිකම් කිතුල් හකුරට දියවෙන ජීවනී


තිස් හැවිරිදි ජීවනී, තනි මවක්. දරු තිදෙනා සමග දිවි ගැට ගසා ගන්නේ රම්බොඩ ඇල්ලේ සිරිය නරඹන්න එන අයට කිතුල් හකුරු විකිණීමෙන් හා මසකට සමෘද්ධියෙන් ලැබෙන රු: 3500/- න්.

වයස අවු: 15 දී, අවු: 20 බවට රෙ ජිස්ට‍්‍රාර්ට පවසා විවාහ වුනේ යෝගසීලි සමග. එ් 2004 දී.

වැඩිමහල් පිරිමි දරුවාට අවු: 15 යි. දෙවෙනි පිරිමි දරුවාට අවු: 11 යි. බාල ගැහැනු දරුවාට අවු: 09 යි.

2014 දී සැමියා ඇය අතහැර ගියා. ඔහු කළේ කුලී වැඩ.

දරුවන්ට උප්පැන්න හැදුවේ 2018 දි. උප්පැන්න සහතික වල පියාගේ නම දාලා නෑ.

පුත්තු දෙන්නා පිරිවෙනට යනවා. දියණිය ගමේ ඉස්කෝලෙට යනවා.

දැනට ඉන්නේ මල්ලිට අයත් නිවසේ. එ්කේ අම්මයි (අවු:57* තාත්තයි (අවු: 72* ඣිව්ත වෙනවා.

මල්ලී විවාහ වුන දාට එළියට බහින්න වෙනවා. ගෙයක් හදාගන්න කියා මල්ලීගේ ගේ උගසට තබා රුපියල් ලක්ෂ පහක ණයක් ගත්තා. පොලිය වාරිකය ගෙවා ගන්න බෑ. ගේ බැංකුවට සින්න වෙන්න යනවා.

ජීවත් වෙන්න ක‍්‍රමයක් නැතිව රට ගියා. බොරු තොරතුරු දීලා ගියේ. ඒ නිසා නැවත රට යන්න බෑ. ග‍්‍රාම සේවක, ප‍්‍රාදේශීය ලේකම් අනුමත කරන්නේ නෑ. එ් ළමයි තුන් දෙනාගේ රැුකවරණය බාර දෙන්න කෙනෙක් නැති නිසා. අම්මටයි තාත්තටයි වගකීම බාර දෙන්න බැරිලූ. වයස වැඩි නිසා.

සැමියාගෙන් නඩත්තු ඉල්ලා නඩු දැම්මා. හෙළබොඩ සංචාරක උසාවියේ. නඩුවට සැමියා එන්නේ නෑ. එ් 2018 දී. මේ නොවැම්බර් මස 18 වෙනිදා නඩුවටද සැමියා ආවේ නෑ. වරෙන්තුවක් නිකුත් කරලා එ්කෙ පිටපත මට දුන්නා. සැමියාව හොයාගෙන එන්නලූ. ඊට පස්සෙ නඩුව ගන්නවා කිව්වා. නඩුව බහා තැබුවාලූ.

මට අවශ්‍යය රට ගිහිල්ලා ණය බේරලා ගෙයක් හදා ගන්න. එ්කට ඉඩක් නෑ. මට රැුකියාවක් තියෙනවා නම් රට යන්න  ඕන නෑ. දවසකට හකුරු මුල් තුන හතරක් විකුණලා රුපියල් පන්සීයක් විතර හොයා ගන්නවා. එ් රම්බොඩ ඇල්ල බලන්න සංචාරකයො ආවොත්.

කාන්තාවන්ට අයිතිවාසිකම් ඇත. නඩුත්තු පනතකුත් ඇත. ජාත්‍යන්තර සම්මුතිවලට අත්සන් කරලාද ඇත.

කාන්තාවන්ට තියෙන අයිතිවාසිකම් ගෑණුන්ට නැත.


No comments:

Post a Comment