Saturday, January 16, 2021

සාක්ෂිකරුවන්ට හා අපරාධ වින්දිතයින්ට බලපෑම් කරන්නන්ට එරෙහි නීතිය ලිහිල් වෙයි.

 

පසුගියදා අභියාචනා අධිකරණය ලබාදුන් තීන්දුවකින් සහා ආණ්ඩුව ගෙන ඒමට අපේක්ෂා කරන සංශෝධන මගින්, සාක්ෂිකරුවන් හා අපරාධ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ චෝදනා එල්ලවූවන්ට එරෙහි නීතිය, ඉදිරියේදී ලිහිල් වනු ඇත.

2015 අංක 4 දරණ අපරාධ වින්දිතයින්ව හා සාක්ෂිකරුවන්හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ -

8 අ (1):- අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට එරෙහිව වන වැරදි

8. (1) යම් තැනැත්තකු විසින් ”

(අ) අපරාධයක වින්දිතයකු හෝ සාක්ෂිකරුවකු තැති ගැන්වීමේ හෝ අපරාධයක වින්දිතයකු හෝ සාක්ෂිකරුවකු විසින් නීතිය බලාත්මක කිරීමේ අධිකාරියක ඒ තැනැත්තාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් හෝ යම් අධිකරණ හෝ අර්ධ අධිකරණ කටයුත්තක දී සාක්ෂි දීමෙන් වැළැක්වීමේ හෝ ඒ තැනැත්තාට එරෙහිව කරනු ලැබූ පැමිණිල්ලක් හෝ පවරනු ලැබූ නඩු කටයුත්තක් ඉල්ලා අස්කර ගැනීමට බල කිරීමේ අරමුණින්, අපරාධයක වින්දිතයකුගේ හෝ සාක්ෂිකරුවකුගේ ශරීරියට, කීර්තිනාමයට හෝ දේපලවලට නැතහොත් එම වින්දිතයාට හෝ සාක්ෂිකරුට සම්බන්ධයක් ඇති වෙනත් යම් තැනැත්තකුගේ ශරීරයට, කීර්තිනාමයට හෝ දේපලවලට හානියක් සිදු කර තර්ජනය කිරීමෙන් ත 

හෝ 

(ආ) නීතිය බලාත්මක කිරීමේ අධිකාරියක ඒ තැනැත්තාට එරෙහිව අපරාධයක වින්දිතයකු හෝ සාක්ෂිකරුවකු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් හෝ යම් අධිකරණ හෝ අර්ධ අධිකරණ නඩු කටයුත්තක දී සාක්ෂි දීමෙන් වැළැක්වීමේ හෝ ඒ තැනැත්තාට එරෙහිව පවරනු ලැබූ අයිතිවාසිකම් සහ

හිමිකම්වලට ගරුකිරීම් ආදිය, රජයේ සහ අධිකරණ නිලධරයන්ගේ කාර්යක් බව. වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට එරෙහිව වන වැරදි.

නඩු කටයුත්තක් හෝ කරනු ලැබූ පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගැනීමේ අරමුණින් හෝ ඒ තැනැත්තාට එරෙහිව යම් අධිකරණයක හෝ කොමිෂන් සභාවක් ඉදිරිපිට එම අපරාධයක වින්දිතයා හෝ සාක්ෂිකරුවකු විසින් දෙන ලද කටඋත්තරයක් හෝ සපයන ලද සාක්ෂිකයක් සඳහා ප‍්‍රතිහිංසා කිරීමක් වශයෙන් අපරාධයක වින්දිතයකුට හෝ සාක්ෂිකරුවකුට ස්වේච්ඡුාවෙන් ම තුවාල සිදු කිරීමෙන්, ඒ තැනැත්තා වරදක් සිදුකරන ලබන අතර, මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට, අවුරුදු දහයකට නොවැඩි බන්ධනාගාරගත කිරීමේ දඬුවමකට සහ රුපියල් විසිදහසක දඩයකට හෝ ඔහු යටත් විය යුතු ය.

(2) යම් තැනැත්තකු විසින් නීතිය බලාත්මක කිරීමේ අධිකාරියක ඒ තැනැත්තාට එරෙහිව අපරාධයක වින්දිතයකු හෝ සාක්ෂිකරුවකු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් වැළැක්වීමේ හෝ යම් අධිරකරණ හෝ අර්ධ අධිකරණ නඩු කටයුත්තක දී ඒ තැනැත්තාට එරෙහිව සාක්ෂි දීමෙන් වැළැක්වීමේ හෝ ඒ තැනැත්තාට එරෙහිව පවරනු ලැබූ නඩු කටයුත්තක් හෝ කරනු ලැබූ පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගැනීමට බලකිරීමේ අරමුණින් හෝ ඒ තැනැත්තාට එරෙහිව යම් අධිකරණයක් හෝ කොමිෂන් සභාවක් ඉදිරිපිට ඒ අපරාධයකවින්දිතයා හෝ සාක්ෂිකරු විසින් දෙන ලද කටඋත්තරයක් හෝ සපයන ලද සාක්ෂියක් සඳහා ප‍්‍රතිහිංසා කිරීමක් වශයෙන්, 

(අ) අපරාධයක වින්දිතයාට හෝ සාක්ෂිකරුට ස්වේච්ඡුාවෙන් බරපතල තුවාල සිදු කිරීමෙන් ත 

හෝ

(ආ) අපරාධයක වින්දිතයාට හෝ සාක්ෂිකරුට අයුතු ලෙස අවහිර කිරීමෙන්, ඒ තැනැත්තා, වරදක් සිදුකරන ලබන අතර. මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට, අවුරුදු දොළහකට නොවැඩි බන්ධනාගාරගත කිරීමේ දඬුවමකට සහ රුපියල් තිස්දහසක දඩයකට ඔහු යටත්විය යුතු ය.

10.(1) (අ) 8 වන වගන්තිය යටතේ වරදක් සිදුකිරීමට තැත්කිරීම හෝ පෙළඹවීම වරදක් බව. 8 වන සහ 9 වන වගන්ති යටතේ වූ වරදක් සංඥය සහ ඇපදිය නොහැකි වරදක් බව.

8 වන වගන්තිය සහ 9 වන වගන්තිය යටතේ වූ වරදක් සංඥය සහ ඇප දියනොහැකි වරදක් විය යුතු අතර, අභියාචනාධිකරණය මගින් දෙන ලද ව්‍යතිරේකීය අවස්ථානුගත කරුණු යටතේ හැර, එවැනි වරදක් සඳහා සැක කරනු ලැබ සිටින, චෝදනා ලද හෝ වරදකරුවකු වූ කිසිදු තැනැත්තකු ඇප පිට මුදා හැරීම නොකළ යුතු යත 

(ආ) යම් තැනැත්තකු ඇප පිට මුදා හැරීමේ දී, සැකකරු විසින් වරද සිදු කරනු ලැබ ඇත්තේ යම් ැනැත්තකුට එරෙහිව ද, එම තැනැත්තා සමග සහ ඒ ඇප ප‍්‍රදානය කරන නියමයේ නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි වෙනත් යම් තැනැත්තන් සමග සන්නිවේදන පවත්වාගෙන යාම හෝ සමිපයට පැමිණීම තහනම් කිරීමේ කොන්දේසියක් පැනවීමට, අභියාචනාධිකරණයට බලතල තිබිය යුතු ය.

(2) 8 වන වගන්තිය හෝ 9 වන වගන්තිය යටතේ යම් වරදක් සිදුකර ඇතැයි චෝදනා ලැබූ තැනැත්තකුට එරෙහිව පවත්වන නඩු විභාගයක්, ඒ අධිකරණයේ වෙනත් නඩු කටයුත්තක් ඇසීමට පෙරාතුව විභාගයට ගත යුතු අතර, වාර්තා ගත කළ හැකි නොවැළැක්විය හැකි හේතු මත මිස, දිනපතා පැවැත්වෙන නඩු විභාගයක් ලෙස පවත්වාගෙන යා යුතු අතර, එම නඩු විභාගය අතරතුර දී කල් දැමීම ද නොකළ යුතු ය.

(3) යම් උද්දේශිත වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇපමත සිටින යම් තැනැත්තකු, 8 වන වගන්තිය හෝ 9 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට නිගමනය කිරීම සඳහා බැලූ බැල්මට පෙනෙන කරුණු ඇති බවට විමර්ෂණයක් කිරීමෙන් පසුව අධිකරණය විසින් අනාවරණය කරගනු ලබන අවස්ථාවක දී, එම විමර්ෂණය පවත්වනු ලැබූ අධිකරණය විසින්, එකී තැනැත්තාට ප‍්‍රදානය කරනු ලැබූ ඇප අවලංගු කළ යුතු අතර, ඇප මත මුදා හරිනු ලැබ ඇත්තා වූ එම තැනැත්තාගේ වරද සම්න්ධයෙන් වූ නඩු විභාගය අවසන්වන තෙක් එම තැනැත්තාව, රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය යුතු ය.

යෝජිත සංශෝධනය මගින්, මෙම වරදවලට ඇප ලබාදීමේ බලය මහාධිකරණයට පැවරෙනු ඇත.

අභියාචනා අධිකරණය, ඇප ලබාදීම සදහා, වසර දෙකක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීම, සුවිශේෂ හේතුවක් වශයෙන් සැලිකිය යුතු බවට, තීරණය කර තිබේ.

මෙ මගින්, ඉදිරියේදී මෙම පනත යටතේ, චෝදනා ලැබූවන්ට ඇප ලබා ගැනීමේ ඉඩ ප‍්‍රස්ථාවන් පහසු හා කඩිනම් වනු ඇත.


No comments:

Post a Comment