මාර/පුහුල්වැල්ල මධ්‍ය මහා විදුහලේ ක‍්‍රීඩා ගුරුවරයා වූ කුමාර සිරිවර්න නැමති ගුරුවරයා, 15 හැවිරිදි සිසුවෙකුගේ කණ පැලීමට වන්දි වශයෙන් රු: ලක්ෂ 1 1/2 ක් හා රාජ්‍යය වගකීම පැහැර හැරීම නිසා රු: ලක්ෂ 5 ක් වශයෙන් රු: ලක්ෂ 6 1/2 ක වන්දියක් එම දරුවාට පිරිනමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
කුමර සිරිවර්ධන ගුරුවරයා සිය පුද්ගලික ධනයෙන් රු: ලක්ෂ 1 1/2 ගෙවිය යුතු අතර, රජය වෙනුවෙන්, අධය්‍යාපන අමාත්‍යාංශය රු: ලක්ෂ 5 ගෙවිය යුතුව තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය එම මුදල ගෙවන්නේ මහජන බදු මුදලින්ය.
එමගින් ප‍්‍රකාශ වන්නේ රටේ නීතිය ආරක්ෂා කිරීමේ වගකීම මහජනතාවට ද ඇති බවයි.
2021 පෙබරවාරි 12 වන දින, ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුවට අනුව,
මාර/පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ක‍්‍රීඩා මෙන්ම, විනය බාර ගුරුවරයා ජයන්ත පේ‍්‍රම කුමාර සිරිවර්ධනය.
2017 පෙබරවාරි 13 වන දින, මොහු දරුවාට කථා කොට ”කොහේද උඹ වාඩි වෙලා හිටියේ” යයි අසමින් කණට ගසා ඇත.
දැඩි වේදනාවට පත්වූ දරුවා, සිය වේදනාව, පංති භාර ගුරුවරියට කියා සිටියද ඇය ගණන් ගෙන නැත.
ඇය දරුවාට කියා ඇත්තේ, " ඕක ඇරිලා යයි ගෙදර ගිහින් එක දෙක කරලා අම්මලාට කියන්න එපා" කියාය.
කණේ පහර ගැසූ, සිරිවර්ධන ගුරුවරයා, තවත් ගුරුවරයෙකු සමග, 'කණෙන් ලේ ආවොත් කියන්න' කියා කැන්ටිමෙන් තේ එකක් අරන් දී ඇත.
මෙ විදුහලේ කිසිම ගුරුවරයෙක්, දරුවාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දෙන්නට හෝ ගෙදර යෑමට හෝ ඉඩ දී නැත.
වේදනාව දරාගත නොහැකි දරුවා කැන්ටිමෙන් පැනඩෝල 02 ක් ගෙන බී ඇත.
ගෙදර ගිය පසුව, ආච්චි, දරුවාව, කිරින්ද - පුහුල්වැල්ල ග‍්‍රාමීය රෝහලට ගෙන ගොස් තිබේ. එහි වෛද්‍යවරයා, දරුවාගේ කණ පැලී ඇති හෙයින්, මාතර මහ රෝහලට ගෙන යන ලෙසට නියම කර තිබේ. මෙම දරුවා එ් වන විටත්, දැඩි වේදනාවෙන් පෙලූනද, මාතර රෝහලට මාරු කිරීමට පියවර ගෙන නොතිබින.
මෙම දරුවාව මාතර රෝහලට ගෙන යන විට, ඔවුන් එනතුරු, විදුහල්පතිනිය, එන්. ලීලාවතී හා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්, ආර්. වීරකෝන් බලාගෙන සිට ඇත.
මාතර මහ රෝහල, දරුවාව කරාපිටිය ශීක්ෂණ රෝහලට මාරු කළද, එදාම ආපසු, මාතර මහා රෝහලට එවා තිබින.
පොලීසිය, දරුවාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබින.
නිසි ප‍්‍රතිකාර නොලැබුන බව වටහා ගත් දෙමාපියන්, දරුවාව කොළඹ ජාතික රෝහලට ගෙන එනු ලැබීය.
ජාතික රෝහල, දරුවාගේ කණ් අඩිය, පහරදීම නිසා සිදුරු වී ඇති බව, ඇසීම දුරවලව තිබෙන බව නිගමනය කර, ප‍්‍රතිකර්ම නියම කර, ඊට අමතරව, මානසික උපදේශනය නිර්දේශ කර තිබින.
මෙම පසුබිම තුළ, දරුවාගේ පියා හා මව, බාල වයස්කාර තම දරුවාට සිදුකරන ලද අපරාධය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට පියවර ගනු ලැබීය.
මෙම නඩුව, ඉදිරියට ගෙන යෑමට, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව, රජයේ සේවකයන් වුවද, කණ පැලූ ජයන්ත පේ‍්‍රම කුමාර සිරිවර්ධන හා විදුහල්පතිනිය වූ එන්. ලීලාවතී වෙනුවෙන් පෙනී නොසිටින බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදි.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයෙන්, මෙම නඩුවේ, තෙවන වගඋත්තරකරු වශයෙන් නම් කර තිබූ හක්මන කළාප අධ්‍යක්ෂ, ඩබ්.ආර්. වීරකෝන්, සිද්ධිය අදාළව පවත්වන ලද මූලික පරීක්ෂණයේ වාර්තාව, දිව්රුම් ප‍්‍රකාශයක් මගින් ඉදිරිපත් කරනු ලැබ තිබින.
එහි මෙම ගුරුවරයා, දරුවාට පහර දී ඇත්තේ, ද්වේශ සහගතව තුවාලයක් සිදුකිරීමේ චේතනාවෙන් නොවන බව කියා තිබේ. තවද ගුරුවරයාව විනය කමිටුවෙන් ඉවත් කිරිමට උපදෙස් දුන් බවද, අවවාද කළ බවද, සඳහන් කර ඇත. මෙම කළාප අධ්‍යක්ෂ, ඩබ්.ආර්. වීරකෝන්, ශ්‍රේෂ්ඨාධිකරණයට දිව්රුම් ප‍්‍රකාශයකින් දී ඇති කරුණු සාවද්‍ය බවද හෙළිවී තිබින.
විද්‍යාලයේ විනය පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා වූ පී.එ්.කේ.එස්. අබේවික‍්‍රම නැමති ගුරුවරයාගේ ප‍්‍රකාශයට අනුව, මෙම ක‍්‍රීඩා ගුරුවරයා මෙන්ම විනය මණ්ඩලයේ, සාමාජිකයා, දරුවෙකු ගෙන්වා පහර දිම සත්‍යයක් වුවද දරුවාගේ තුවාලය සු`ඵ එකක් නිසා, එය විදුහල්පතිනියට දැන්වීමට තරම් වූ කාරණයක් නොවේ යයි ඔහු සිතූ බවය.
තවද මෙම අපරාධය සිදුකළ ගුරුවරයා, ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ කියා තිබූ තවත් එක් කාරණයක් නම්, පහර කෑමට ලක් වූ බව කියන දරුවා, පහර දිම ගැන එ් අවස්ථාවේදී, විදුහල්පතිනියට හෝ වෛද්‍ය එ්කකයට කියා නොමැති බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ ලෙස, කරුණු දක්වමින්, නීතිමය කරුණුවලට අමතරව, ජාත්‍යන්තර සම්මුතීන් ගැන පමණක් නොව ධම්මපදයේ ගාථාව ද උපුටා දක්වා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය, ක‍්‍රීඩා ගුරුවරයා හා විනය මණ්ඩල සාමාජික ජයන්ත පේ‍්‍රම කුමාර සිරිවර්ධන නැමති ගුරුවරයා, ආණ්්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය උල්ලංඝණය කර ඇති බවට නිගමනය කර,
(1) මෙම ගුරුවරයා, සිය පුද්ගලික ධනයෙන්, හය මසක් ඇතුළත වන්දි වශයෙන්, රුපියල් ලක්ෂ 1 1/2 ක් ගෙවිය යුතු බවට හා
(2) රජය, අධ්‍යාපන අමාත්‍යාංශය, රුපියල් ලක්ෂ 5ක් වන්දි වශයෙන්, හය මසක් ඇතුළත ගෙවිය යුතු බවට නියම කර තිබේ.
ශාරිරික වධ හිංසා පැමිණවීම අදාළව මෙම නඩුවේ වගඋත්තරකරුවන් වූ, ක‍්‍රීඩා ගුරුවරයා හා විනය මණ්ඩල සාමාජික ජයන්ත පේ‍්‍රම කුමාර සිරිවර්ධන මෙම අපරාධය පිළිබඳව විදුහල්පතිනිය ව දැන්වත් නොකළා මෙන්ම අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමට පියවර නොගත් කෲරත්වය අනුබල දුන්න ගුරුවරුන්ට, මෙම අපරාධය සු`ඵ කොට හඳුන්වමින්, පහරදීම ”ද්වේශ සහගත” නොවන බවටවන මිත්‍යා මතයක් වපුරන ලද පමණක් නොව එ් මගින් අපරාධකරුවාට නිදැල්ලේ සිටීමට පියවර, කළාප අධ්‍යක්ෂ, ඩබ්.ආර්. වීරකෝන් මෙන්ම, ආයතන ප‍්‍රධානියාට පැවරෙන වගකීම ඉටු නොකරන ලද විදුහල්පතිනිය එන්. ලීලාවතී ට එරෙහිව, අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් ගත් පියවර කවරේද යන්න ප‍්‍රශ්න කළ යුතුය.
රටේ නීතියට ඉහළින් කිසිවෙකු නැති බව අනාගත පරපුරට ආදර්ශයෙන් ලබාදිය යුතු තැන විදුහලය.
එහෙත් මෙම විදුහලේ විදුහග්පතිනිය ඇතුලූ, ගුරුවරු බහුතරය කර ඇත්තේ අපරාධකරුවෙකු බේරා ගැනීමට, දූෂිත පොලීසිය පමණක් නොව, දුෂිත වෛද්‍යවරුන්ද හවුල් කර ගැනීමය.
මේ දක්වා, මෙම ගුරුවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ, වධ හිංසා පනත යටතේ නීතිමය පියවර ගෙන නැත. නීතිපති මෙයට වගකිව යුතුය.
අපරාධයකට ගොදුරු වූ, දරුවෙකුට නිසි ප‍්‍රතිකාර ලබා නොදීම පමණක් නොව වාර්තා සැඟවීමට පියවර ගත්, සියලූ වෛද්‍යවරුන්ට එරෙහිවද නීතිමය පියවර ගත යුතුයි.
මූලික අයිතිවාසිකම් ගැන නිතර කතා කරන, ගුරු සංගම්වල කාර්ය භාරය විය යුත්තේ දරුවන්ගේ ආරක්ෂාව ගැන දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමය.
මෙම ගුරුවරයාට නිදැල්ලේ ඉඩ හැරීමට බලපෑම් කළේ කව්රුන්ද? හෙළිදරව් කර ගත යුතුය.
SC/FR 97/2017 නඩු තීන්දුව ජනගත කරමු.