මාස 03 ක් ගතවෙලා තවම යන්නේ කිහිලිකරුවල පිහිටෙන්. දේශපාලකයෝ, පූජකයෝ, පොලීසිය විවේචනය කරන්නේ තමන්ගේ එකෙක්ව බේරා ගන්න ඕනෑ වුනාම.
යුක්තිය පසිඳලීමේ සමස්ථ පද්ධතිය තුළ, දුෂණ, අක‍්‍රමිකතාව, හොර මැරකම් වලින් පොලීසිය අංක 01 ද, 02 ද, 03 ද කියන්න නම් අපි දන්නේ නෑ.
ජනතාව තුළ නම් නිගමනයක් තියෙනවා. නමුත් ප‍්‍රකාශ වෙන්නේ නෑ.
සිසිර තනිකඩයෙක්. ජීවත් වෙන්නේ අත්වැඩ දීලා. අකුරු බෑ. ගංජා බොනවා.
පසුගිය වසරේ අගෝස්තු 29 වන දින, රාත‍්‍රියේ, මොහු ආරවුලක් ඇතිකර ගත්තේ, ගෙදර අය සමග. 119 ට කනර ලද දැනුම් දීමක් මත, පයියාගල පොලීසියේ රතවාහන අංශයේ චමින්ද නැමති කොස්තාපල් තවත් නිලධාරියෙක් සමග පැමිණියාලූ.
එ වන විටත්, ආරවුල පැවතුනා. පො.කො. චමින්ද, සිසිරට අතින් පයින් පහර දුන්නා. එක් පා පහරකින්, සිසිර බිම ඇද වැටුනා. නැගිටන්න බැරිව.
වේදනාවෙන් කෑ ගසමින් සිටි සිසිරව බැලීමට පසුදින පැමිණි, පො.කො. චමින්ද, පොලිස් ත‍්‍රී රෝද රථයෙන්, දොඩංගොඩ ”කබර වෙද මහතා” ළඟට ගෙන ගියා. එ් අතර සිසිරට පොරොන්දු වුනා, බෙහෙත් කරනවා පමණක් නොව, කකුල නිට්ටාවටම හොඳ වෙනකම් සලකන බවට. අතට රු: 1000.00 ක් ද දුන්නා.
වෙද මහතා පො.කො. චමින්දට උපදෙස් දුන්නා, ප‍්‍රතිකාර කරන්න ඞ – ඍ්හ එකක් අවශ්‍යය බව.
පො.කො. චමින්ද, සිසිර, නාගොඩ මහ රෝහලට ගෙන ගියා. පො.කො. චමින්ද, සමිති නායකයෙක් සොයා ගත්තා. ඔහු සාත්තු සේවකයෙක්. කාරණය විමසා දැනගත් ගර සාත්තු සේවක මහතා, වහාම බාහිර රෝගී අංශයේ, වෛද්‍යවරයෙකුගෙන්, ඞ – ඍ්හ ගැනීමට අවශ්‍යය නියමය අරගෙන, සිසිරට ඞ – ඍ්හ අරගත්තා.
පො.කො. චමින්ද, ඞ – X-Ray එක රැගෙන, සිසිරව ගෙදරට ගෙනවිත්, බස්සවා යන්න ගියා.
අද වනතුරු මෙම අපරාධය ගැන මොනයම් හෝ පරීක්ෂණයක් කරලා නෑ.
සිසිර, සියලූ විස්තර අඩංගු ලිඛිත පැමිණිල්ලක් පසුගියදා කළා.
බලා සිටිමු. වධ හිංසාව නතර කරන්න අධිකරණ ඇමතිට, පනත් සංශෝධනය කරලා පු`ඵවන් වෙයිද කියලා.