Wednesday, December 10, 2014

තුරුදහන් කිරිම්, මරා දැමින්, වධදීම්, ස්ත‍්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය පිටු දැකිය හැක්කේ පොලීසිය, නීතිපති, අධිකරණ යන ආයතන වල ප‍්‍රතිසංසිකරණ මගින් පමණි.- බැසිල් ප‍්‍රනාන්දු ජගත් මානව හිමිකම් දින සමරු වැඩසටහන ජායාරුප හා වීඩියෝ බලන්න. ජගත් මානව හිමිකම් සමරු වැඩසටහන සංවිධාන ගණනාවක දායකත්වය ඇතිව කොළඹ 07. ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ප‍්‍රධාන ශ‍්‍රවනාගාරයෙදි පවත්වනු ලැබින. ප‍්‍රාදේශීය වශයෙන් ගත්කල මෙම වැඩසටහනට ගාල්ල, ක`ඵතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල, මඩකලපුව, මාතලේ, මහනුවර, රත්නපුර, නුවරඑළිය, පුත්තලම, හලාවත, බදුල්ල දිස්ත‍්‍රික්ක - නියෝජනය කරමින් වින්දිතයින්, මාධ්‍යවේදීන්. සිවිල් සමාජ ක‍්‍රියාකාරින් සහ ජනසංසදයේ ක‍්‍රියාකාරීන් රැුසක ගේ සහභාගිත්වයෙන් පැවැත්වනු මෙම වැඩසටහනේ තේමාව ‘‘වධහිංසාව හා යුක්තිය’’ විය. අධිකරණයේ පිඩාවට පත්වීම් හා අක‍්‍රමිකතා හා දුෂණ පිළිබඳ සිද්ධි ඇසුර කරගෙන ජනතාව බල ගැන්වීමේ අවශ්‍යතාවය පැහැදිලි කෙරින. මහනුවර පුරවැසි හවුල් නියෝජනය කරමින්, අධ්‍යාපන පර්යේෂකයකු හා කාර්මික විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන ඩබ්. එම්.වීරසේකර මයා ‘‘ අවධි ස්කන්ධය’’ සංකල්පය පිළිබඳ ඉදිරිපත් කිරිමක් කරනු ලැබීය. ආසියානු මානව හිමිකම් කොමිෂමේ, අධ්‍යක්ෂ බැසිල් ප‍්‍රනාන්දු මහතා, 2014.12.03 වන දින, ස්වීඞීන පාර්ලිමේන්තුව, විකල්ප නොබෙල් ත්‍යාගය ලෙසට පිළිගන්වනු ලබන ”ද රයිට් ටු ලයිව් හුඞ්” සම්මානය පිරිනැමිම අගයමින් කරුණ දැක්විමක් හා අදාල විඩියෝය ප‍්‍රදර්ශණය කරනු ලැබීය. සම්මානය පිළි ගනිමින් අතුරුදහන් කිරිම්, මරා දැමින්, වධදීම්, ස්ත‍්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය පිටු දැකිය හැක්කේ පොලීසිය, නීතිපති, අධිකරණ යන ආයතන වල ප‍්‍රතිසංසිකරණ මගින් පමණක් බව බැසිල් ප‍්‍රනාන්දු මයා ප‍්‍රකාශ කළේය. ‘‘පොලීසියේ දුෂණයට හා අක‍්‍රමිකතාවන්ට එරෙහි නොනිමි ගමක්’’ ප‍්‍රකාෂණය හැරිසන් හා ශාන්ත දෙපලට පිරිනැමිම සිදුකරනු ලැබීය. යූ.එල්.එ්.ජෝෂප් - ගම්පහ මානව හිමිකම් පුරවැසි කමිටුව, ඞී.එම්.එ්. දිසානායක - ගැබිණි මව්වරුන්ගේ සංවිධානය, මනොහරන් -ජාතික සාම මණ්ඩලය, බන්දුල ගුණතිලක - ජනතා අයිතීන් සුරැුකීමේ සංවිධානය - මහියංගනය, ගාමිණි - පුරවැසි හවුල - මහනුවර, ශ‍්‍රීමා බෝපිටිය - සාරතී කාන්තා සංවිධානය - බලංගොඩ, එස්.ලියනගේ- ජාතික උරුමය යන සංවිධාන නියෝජතයින් කරුණු දැක්වීම් සිදුකරනු ලැබීය.


අතුරුදහන් කිරිම්, මරා දැමින්, වධදීම්, ස්ත‍්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය පිටු දැකිය හැක්කේ පොලීසිය, නීතිපති, අධිකරණ යන ආයතන වල ප‍්‍රතිසංසිකරණ මගින් පමණි.- බැසිල් ප‍්‍රනාන්දු

ජගත් මානව හිමිකම් දින සමරු වැඩසටහන ජායාරුප හා වීඩියෝ බලන්න.

ජගත් මානව හිමිකම් සමරු වැඩසටහන සංවිධාන ගණනාවක දායකත්වය ඇතිව කොළඹ 07. ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ප‍්‍රධාන ශ‍්‍රවනාගාරයෙදි පවත්වනු ලැබින. ප‍්‍රාදේශීය වශයෙන් ගත්කල මෙම වැඩසටහනට ගාල්ල, ක`ඵතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල, මඩකලපුව, මාතලේ, මහනුවර, රත්නපුර, නුවරඑළිය, පුත්තලම, හලාවත, බදුල්ල දිස්ත‍්‍රික්ක - නියෝජනය කරමින් වින්දිතයින්, මාධ්‍යවේදීන්. සිවිල් සමාජ ක‍්‍රියාකාරින් සහ ජනසංසදයේ ක‍්‍රියාකාරීන් රැුසක ගේ සහභාගිත්වයෙන් පැවැත්වනු මෙම වැඩසටහනේ තේමාව ‘‘වධහිංසාව හා යුක්තිය’’ විය.

අධිකරණයේ පිඩාවට පත්වීම් හා අක‍්‍රමිකතා හා දුෂණ පිළිබඳ සිද්ධි ඇසුර කරගෙන ජනතාව බල ගැන්වීමේ අවශ්‍යතාවය පැහැදිලි කෙරින.
මහනුවර පුරවැසි හවුල් නියෝජනය කරමින්, අධ්‍යාපන පර්යේෂකයකු හා කාර්මික විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන ඩබ්. එම්.වීරසේකර මයා ‘‘ අවධි ස්කන්ධය’’ සංකල්පය පිළිබඳ ඉදිරිපත් කිරිමක් කරනු ලැබීය.

ආසියානු මානව හිමිකම් කොමිෂමේ, අධ්‍යක්ෂ බැසිල් ප‍්‍රනාන්දු මහතා, 2014.12.03 වන දින, ස්වීඞීන පාර්ලිමේන්තුව, විකල්ප නොබෙල් ත්‍යාගය ලෙසට පිළිගන්වනු ලබන ”ද රයිට් ටු ලයිව් හුඞ්” සම්මානය පිරිනැමිම අගයමින් කරුණ දැක්විමක් හා අදාල විඩියෝය ප‍්‍රදර්ශණය කරනු ලැබීය. සම්මානය පිළි ගනිමින්  අතුරුදහන් කිරිම්, මරා දැමින්, වධදීම්, ස්ත‍්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය පිටු දැකිය හැක්කේ පොලීසිය, නීතිපති, අධිකරණ යන ආයතන වල ප‍්‍රතිසංසිකරණ මගින් පමණක් බව බැසිල් ප‍්‍රනාන්දු මයා ප‍්‍රකාශ කළේය.

‘‘පොලීසියේ දුෂණයට හා අක‍්‍රමිකතාවන්ට එරෙහි නොනිමි ගමක්’’ ප‍්‍රකාෂණය හැරිසන් හා ශාන්ත දෙපලට  පිරිනැමිම සිදුකරනු ලැබීය.

යූ.එල්.එ්.ජෝෂප් - ගම්පහ මානව හිමිකම් පුරවැසි කමිටුව, ඞී.එම්.එ්. දිසානායක - ගැබිණි මව්වරුන්ගේ සංවිධානය, මනොහරන් -ජාතික සාම මණ්ඩලය, බන්දුල ගුණතිලක - ජනතා අයිතීන් සුරැුකීමේ සංවිධානය - මහියංගනය, ගාමිණි - පුරවැසි හවුල - මහනුවර, ශ‍්‍රීමා බෝපිටිය - සාරතී කාන්තා සංවිධානය - බලංගොඩ, එස්.ලියනගේ- ජාතික උරුමය යන සංවිධාන නියෝජතයින් කරුණු දැක්වීම් සිදුකරනු ලැබීය.












Monday, December 8, 2014

ලක්ෂ මාල 2 ක මාල මුදු උසාවි ‍සේප්පු‍‍වෙන් ‍ සොරාගත් නිලධාරියාට රාජපක්ෂ පිහිටයි.

මතුගම ම‍හේස්ත්‍රාත් අධිකරණ‍යේ නඩු භාණ්ඩ වශ‍යෙන් තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 2 කට වැඩි වටිනාකමින් ලක්ෂ ‍දෙකකට වැඩි විටිනාකමින් යුත් රන් භාණ්ඩ ‍සොරා‍ගෙන ඇත.
එම රන් භාණ්ඩ බාර උසාවි නිලධාරියා සුමන‍සේකර නැමැත්‍තෙකි. සහය නිලධාරිණිය සඳමාලි නැමැත්තියයි.
බුලත්සිංහල ‍පොලීසිය විසින් ‍සොයාගත් ‍මෙම රන් භාණ්ඩ උසාවිය බාරයට ගෙන ඇත්‍තේ සඳමාලි නැමැත්තියයි.
2012 වස‍රේදී ‍පොලීසිය සැකකරුවන් හා රන් භාණ්ඩ ‍සොයා ගැනී‍මෙන් අනතුරුව, සැකරුවන් හා ‍සොරකම් කරන ලද රන් භාණ්ඩ උසාවියට ඉදිරිපත් කර ති‍බේ. ඒ බවට ලිඛිත සාක්ෂි ඇත.
නමුත්, ‍මේ වන විට එම භාණ්ඩ උසාවි සේප්පු‍වෙන් ‍සොරාගෙන ඇත. උසාවි ‍සේප්පුව තුළ වූ ‍මේ භාණ්ඩ ‍සොරාගෙන ඇත්තේ ‍වෙන කව්රුත් ‍නොව, උසාවි‍යේම අය විය යුතුයි.
එයට සුමන‍සේකර හා සඳමාලි වගකිව යුතුයි. නමුත් ‍මේ දක්වාම, එම ‍සොරකම පිළිබඳ පරීක්ෂණයක් පවා නැත. එයට ‍හේතුව  බුලත්සිංහල පොලිස් වස‍මේ පදිංචි ධර්මදාස නැමැත්‍තෙකු ට අයත් ‍මෙම රන් භාණ්ඩ මංකොල්ල කා ඇත්‍තේ රාජපක්ෂ‍ගේ දූෂිත පාලනයයි.  සඳමාලි ළඟමාලි පත්වීම් ලබාගත් අ‍යෙකි. සුමන‍සේකර පැරැන්නෙකි.
නීතිය ය‍ට‍තේ ‍මේ ‍දෙ‍දෙනාට නිදැල්‍ලේ සිටිය නොහැක. නමුත් රාජපක්ෂ‍ගේ පිහි‍ටෙන්, බ‍ලෙන්, ‍මේ ‍දෙන්නා තවමත් නිදැල්‍ලේය.
අඩුම වශ‍යෙන් ධර්මදාස අධිකරණ සේවා ‍කොමිෂමට කරන ලද පැමිණිල්ලටවත් පිළිතුරක්වත් ‍දෙන්‍නේ නැත. ඒ තරමටම ‍හොරුන් රැකීමට රාජපක්ෂ පාලනය පියවර ‍ගෙන ති‍බෙන බව කිව යුතුය.


Sunday, December 7, 2014

පොලීසියට ඩිස්කවරි යතුරුපැදි රාජපක්ෂ - ගානේලු රාජපක්ෂ දීපු පිස්තෝලය ඉනේ ගහගෙන ඩිස්කවරියේ එනකොට ‘තෙල්’ ගහන්න ලැස්තිවෙලා ඉන්න.



  
පානදුර දකුණ පොලීසියට ලැබුන ඩිස්කවරි වර්ගයේ යතුරුපැදි 40 ක්, 2014.12.05 සිකුරාදා සවස ඩේවිඩ් පීර්ස් සමාගමේ යතුරුපැදි ප්‍රවාහනය කරන ලොරි දෙකකින්, ගෙනවිත් බෑවේය.

රුපියල් 2ලක්ෂ 11දහසක් ලෙසට මිළ ගණන් නියම කර තිබෙන මෙම යතුරුපැදි, රුපියල් 50,000/- කට පොලිස් කොස්තාපල් ඇතුලු නිලධාරීන් අතර බෙදා දීමට නියමිතය.

මේ වන විට, ශ්‍රි ලංකා පොලීසියට පමණක් මේ ආකාරයට බෙදාදීමට යතුරුපැදි දහස් ගණනක් ගෙන්වා තිබේ.


දූෂිත පාලනයක් පවත්වන්නට, දූෂිත අපරාධකරුවන්ට නිදහසේ ඉන්නට ඉඩ දීමට,  පොලිස් නිලධාරීන්ව ද තෘප්තිමත් කළ යුතු බව රාජපක්ෂ අන් කවරෙකුටත් වඩා හොඳින් දනී.

Saturday, December 6, 2014

මහින්ද රාජපක්ෂ අපේ වැසිකිලි පෙළට උඩින් ! අදාල ඡායාරූප පහත දැක්වේ




පානදුර නගර මධයයේ පිහිටි ප්‍රධාන ලංගම බස් නැවතුම්පලේ ප්‍රසිද්ධ වැසිකිලි පෙල අවට පරිසරය දූෂණය කරන අතර, රාජපක්ෂ ගැත්තන් ගේ ගුබ්බෑයමක් බව අසල්වැසියන් ප්‍රකාශ කර සිටී.

මෙම වැසිකිලියේ, අසූචි මිශ්‍ර ජලය පිටාර ගලා යමින් යාබද නිවෙස් වල වැසියන්ට ජීවත් වීම පවා අහිතකර වී තිබේ.

ලංගම බලධාරීන්ට, සෞඛ්‍ය බලධාරීන්ට, සෞඛ්‍ය බලධාරීන්ට, නගර සභාවට හා පොලීසියට ඒ පිළිබඳ පැමිණිලි කළද වැඩක් වී නොමැත.

මෙම බස් නැවතුම යාබද ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කාර්යාලය ලෙස හඳුන්වාගෙන තිබේ. එහි වහලයේ සිට පොළොව දක්වා ගසා තිබෙන, මහින්ද රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ හා රෙජිනොල්ඩ් කුරේ ගේ කටවුට් වලට ඒ ගඳ දැනෙන්නේ නැත.

මෙම බස් නැවතුම්පල, දැනට පුද්ගිලක බස් නැවතුම්පල තිබෙන තැනට ගෙන යැම සඳහා මිලියන ගණන් වැය කර, ගොඩනැගිලි සාදා තිබුණද, එතැනට ලංගම බස් නැවතුම ගෙනියන්නේ නැත්තේ, ලංගම බස් නැවතුම්පල මගින් අයථා ලෙසට හම්බ කරන පුද්ගලයින් ගේ අවශ්‍යතාවයට බව ප්‍රකාශ වේ.
පානදුර සෞඛයය වෙවද්‍ය නිලධාරී, පානදුර දකුණ පොලීසියට, කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
පානදුර ගාලූ පාර, ජනප‍්‍රිය මාවත (ඞී.එස්.සේනානායක මාවත* අතර පිහිටි, ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් පාලනය කරන පානදුර ලංගම/පුද්ගලික බස් නැවතුම්පොල පොදු වැසිකිලි වල උතුරා එහි අපවිත‍්‍ර ජලය ගලා එ්ම නිසා, බරපතල සෞඛ්‍යය තර්ජනයකට, ඉහත ලිපිනයේ පදිංචි අප භාජනය වී තිබේ.

මෙම කාරණය වසර කිහිපයක සිට මා විසින් ලිඛිතව හා වාචිකව පානදුර නගර සභාවේ සභාපතිට හා එහි සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීවරයාට ද, ලංකා ගමනා ගමන මණ්ඩලයේ පානදුර ඩිපෝ අධිකාරී, ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයට ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට ද දැනුම් දුන්න ද එයින් කිසිදු ප‍්‍රයෝජනයක් වී නොමැත.



මිනීමරු පොලිස්කාරයා නිදහස් කිරීමට විරුද්ධව ඇමෙරිකානුවෝ වීථි බසිති. (වීඩියෝව නරඹන්න)




නිව්යෝර්ක් නුවර, ගමනාගමනය අඩපණ කරමින් දහස් ගණන් ඇමෙරිකානුවෝ එරික් ගාර්නර් නැමති නිරායුධ කළු ජාතිකයා මරා දැමූ පොලිස් කාරයාව නිදහස් කිරීමට එරට අධිකරණය ගත් තීරණයට එරෙහිවබ වීදි බැස්සේය.

2014 අප්‍රෙල් 17 වන දින, නිව්යෝර්ක් නුවරදී, නිරායුධ එරික් ගාර්නර්ව, ජස්ටික් ඩැමිකෝ නැමති පොලිස් නිලධාරියා විසින්, ගෙල හිරකර මරා දැම්මේය.

මෙම ගෙල හිර කිරීම, අසල පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර  ප්‍රසිද්ධ කිරීමත් සමග ඇමරිකාව පුරා පොලීසියට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ විය.

 ජස්ටික් ඩැමිකෝ ට විරුද්ධව, නඩු පැවරීමට එරට අධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් සමග, විශේෂයෙන් කළු ජාතිකයින් වීථි බැස්සේය.





ඉස්ලාම් ආගමික පොලීසිය ජනයා පීඩාවට පත් කරනු ලබන හැටි. (පිංතූර)

ඉහත රූපයෙන් පෙන්නුම් කරන්ටනේ ඉස්ලාමීය අන්තවාදී, ඇඳුම් නොඇඳීම නිසා, ආගමික පොලීසියේ පීඩාවට පත්වන මුස්ලිම් පවුලක්.dd caption

ඉන්දුනීසියාවේ ආවේ ප්‍රාන්තයේ ඉස්ලාම් ආගමික පොලීසිය, එරට ඉස්ලාම් අන්තවාදී නියමයන්ට එරෙහි වන පිරිස් වලට, ඉස්ලාමීය නොවන පිරිස් වලට එල්ල කරන පීඩාවන් උග්‍ර වෙමින් පවතී.

ඉස්ලාම් අන්තවාදී නීති, ඉස්ලාම් නොවන ජනයාද, පිළිපැදිය යුතු බවට නියම කර තිබේ. මෙම නීති නිසා වඩාත් පීඩාවට පත්වන්නේ එරට කාන්තාවන්ය.




විවාහ වී නොමැති බවට සැක කරන ලද යුවලක් ප්‍රශ්ණ කිරීමට භාජනය කර ඇති අයුරු.
      


කොට කලිසමක් ඇඳ සිටි නිසා, තරුණයෙකුව ...... ගස්සවා දඬුවම් කරන හැටි.


 අත්අඩංගුවට ගෙන තිබෙන ඉස්ලාමීය නොවන භාණ්ඩ

 ඉස්ලාමීය ආගමික පොලීසියෙන් සැඟවී පෙම් කරන යුවලක්.



          මේ යුවතියන්ට කලිසම් ඇඳීම තහනම් කර ඇත

2004 සුනාමියට පෙර, ආවේ හි සුප්‍රකට මුහුදු වෙරළේ දර්ශයක්.


 සිකුරාදාට පල්ලි යෑම අනිවාර්යයි.








චීන ආරක්ෂක ලොක්කා අත්අඩංගුවට.රාජපක්ෂ ඔබටයි මේ පණිවුඩය.



රාජ්‍යය මුදල් ගසා කෑම, ඥාති සංග්‍රහය, අල්ලස් ගැනීම, ඥාති හිතවතුන්ට අල්ලස් ගැනීමට, ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදව් කිරීම, දූෂිත ආකාරයේ මුදල් හා දේපළ රැස් කිරීම, අපරාධ වලින් බේරා ගැනීම යන චෝදනා යටතේ, චීනයේ අති ප්‍රබල ආරක්ෂක ප්‍රදානියා වූ ෂෝ යොංකුන් අත්අඩංගුවට ගෙන තිබේ.

චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ, දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් නව දෙනාගෙන් එක් අයෙකු වූ ඔහුට විරුද්ධව ඉහත චෝදනා ඇතුලු චෝදනා රැසක් එල්ලවී තිබෙන බව, චීන ප්‍රවෘති සේවා වාර්තාවල සඳහන් වේ.

චීනයේ නව ජනාධිපතිගේ දූෂණ හා අක්‍රමිකතා පිටු දැකීමේ වැඩ පිළිවෙල යටතේ, හිටපු ජනාධිපති ඇතුලු, රාජ්‍යය හා ආයතන ප්‍රධානීන් රැසක්ම අත්අඩංගුවට ගෙන, සිරගත කර හෝ ජීවිතක්ෂයට පත් කර තිබේ.

ආරක්ෂක ලොක්කන්, තමන් සතු බලය යොදා, ව්‍යාපාරිකයින් බිය වද්දා මුදල් ගරා ගැනීම, දේපළ අත්කර ගැනීම සිදු කරන විට, ඔවුන් නීතියට ඉහළින් සිටින පුද්ගලයින් නොවන බවට සිහනෙන්වත් සිතන්නට පෙළඹෙන්නේ නැත. රාජපක්ෂ ඔබටයි මේ පණිවුඩය.


Friday, December 5, 2014

පිරිමි ඇගට, ඇස්වලට කොච්චි ඉස්ම දැම්මේ නිරුවත් කර ධර්ම චක‍්‍ර ක‍්‍රමයට එල්ලලා.


මහින්ද රාජපක්ෂ පාලනය කරන  පොලීසිය අජිත් කුමාර ව, අවු: 29 යි, පානදුර දකුණ පොලීසිය නීතිවිරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන වධ දීම පිළිබදව පොලිස්පති එන්.කේ ඉලංගකොන් ට 2014.12.04 වන දින කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

“2014.12.18 වන දින, දහවල් 11.00 ට පමණ මා, කිරිබේරිය හංදිය, ත‍්‍රීරෝද රථ ගාලේ, ත‍්‍රීරෝද රථයේ සිටින විට, ඩිෆෙන්ඩර් රථයකින්, පානදුර දකුණ පොලීසියේ බුද්ධි අංශයේ නිශාන්ත කුමාර හා අමිල යන පොලිස් නිලධාරීන් දෙන්නා පැමිණ, මගේ නම අසා උඹව තමයි  ඕනි කියා, මගේ අතින් අල්ලා ඩිෆෙන්ඩර් රථයට දමා ගත්තා.

ඩිෆෙන්ඩර් රථයේ තවත් නිලධාරීන් තුන් දෙනෙක් හිටියා. සියලූ දෙනාම හිටියේ සිවිල් ඇඳුමින්. මාව, ඔවුන් පානදුර දකුණ පොලීසියේ අපරාධ අංශයට ගෙන ආවා.
එහිදී, අමිල නැමති නිලධාරියා මට කිව්වා, ගුටි කන්නේ නැතිව, ටයර් එක දියන් කියා.
මම, ටයර් එකක් ගත්තේ නැති බව ප‍්‍රකාශ කළාම, කිසිවක් සටහන් නොකර මාව, කූඩුවට ගෙනත් දැම්මා.

එදින, දවල්,  මාව බලන්න මාගේ බිරිඳ, මව, පියා හා ඥතීන් පැමිණියා. මට ඔවුන් සමග කතා කරන්න දුන්නා.

පසුදින, එනම් 2014.11.19 වන දින, උේ 8.30 ට පමණ අමිල නැමති නිලධාරියා පැමිණ, කූඩුවෙන් මාව අරගෙන උඩ තට්ටුවට ගෙන ගියා.
මාව පොලීසියේ තුන්වන තට්ටුවේ කෙළවරේ පිහිටි, නිලධාරීන් වාසය කරන කාමරයට ගෙන ගියා.
එම කාමරයේ ඇඳන් 10 ක් විතර තිබුණා. මේස 02 ක් තිබුණා. ටී.වී. එකක් තිබුණා. ලොකු බංකුවක් තිබුණා.

එහිදී, අමිල නැමති නිලධාරියා, මට ගලවපන් පකෝ, ඇඳුම් කියා කම්මුලට ගැහැව්වා.
මම ඇඳුම් ගැලෙව්වා. ඊට පස්සෙ අත්දෙක එක්කර බැනියමක් අඹරා ගැට ගැහුවා. ඊට පසු වාඩි කරවා, කකුල් දෙක හා අත් දෙක අතරින් යකඩ පොල්ලක් දමා, අමිල හා තවත් නිලධාරියෙක් මේසය හා බංකුව අතරින් තබා මාව එල්ලූවා. එය ධර්ම චක‍්‍රය යැයි කිව්වා.  

එසේ එල්ලා, කොච්චි කොටා, පොට්ටනියක් කර, එහි ඉස්ම, මගේ ඇස්වලට හා පුරුෂ ලිංගයට මිරිකුවා.
ඊට පස්සේ මුලූ ඇෙඟ්ම එ් පොට්ටනිය ඇතිල්ලූවා. කොච්චි මට කැවෙව්වා. ඊට පස්සෙ යටි පතුල් වලට විකට් කූරක් අරන් ගැහැව්වා. තට්ටම් වලට ගැහැව්වා.

පැයක් විතර මාව එල්ලලා තියලා බිමට බෑවා. මම වතුර ඉල්ලූවා දුන්නේ නැහැ.
මේ සියලූම වධ දුන්නේ අමිල කියන නිලධාරියා. බිම ටික වේලාවක් තබා දෙන්නෙක් ඇවිත් අත් ලිහා, ඔවුන්ගේ නාන කාමරයට මාව අල්ලාගෙන ගෙන ගිහින් නාන්න කිව්වා.

නෑවට පස්සේ ඇඳුම් ඇඳ ගනින් කියා, මාව අපරාධ අංශයේ බංකුවේ වාඩි කරවා තිබ්බා.
එසේ ඉන්න විට, සවස 3.00 ට විතර, අමිල නිලධාරියා ඇවිත් කිව්වා ‘අපි උඹව එළියට දාන්න හිටියේ, උඹේ අම්මලා මානව හිමිකම් ගිහින්, එ්ක හින්දා උඹව අපි ආමි ඇබ්සන්ට් හින්දා හමුදාවට බාර දෙනවා’ කියා.

පස්සේ මාව කූඩුවට දැම්මා. පසුදින, එනම්, 2014.11.20 දින, අලූයම 4.30 ට පමණ, මිලිටරි පොලීසියෙන් පැමිණ මාව, නාරාහෙන්පිටට ගෙන ගියා. නාරාහෙන්පිට, පොල්හේන්ගොඩ, මිලිටරි පොලීසියේ මාව දින 02 ක් රඳවා ගෙන හිටියා. 2014.11.22 දින, මාව, මා අයත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ, කොබෙයිගනේ කඳවුරට ගෙන ගියා. එම කඳවුරේ, මා දින 04 ක් හිටියා. 2014.11.26 උදේ 10.00 ට පමණ, රෙජිමේන්තුවේ මූලස්ථානයට ගෙන ගියා. එහි දින 02 ක් හිටියා. 2014.11.27 දින, සවස මන්නාරම, කරායි, රෙජිමේන්තු මූලස්ථානයට නෙ ගියා.
එහි සිටින විට, 2014.11.30 වන දින, මාව හමුදාවෙන් අස් කිරීමට නියමිත බවට ලිපියක් නිකුත් කර ගෙදර එව්වා.

මෙසේ මාව, පානදුර දකුණ පොලීසිය, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන වධ දුන්නේ, මාලමුල්ල දෙල්ගස් හංදියේ, වාහන හිමියාගේ අවශ්‍යතාවයට බව ප‍්‍රකාශ කරමි.
මේ ආකාරයට නීති විරෝධීව මට වධ දී, අපරාධයක් සිදු කළ පානදුර දකුණ පොලීසියේ අමිල හා නිශාන්ත කුමාර යන නිලධාරීන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටමි. -  අජිත් කුමාර”