Tuesday, October 13, 2015

කෝට් එක ගලවලා යනවා - OIC හබරාදුව.

නීති විරෝධී මිනිස් ජාවාරමකට ඉඩ දෙන්න බැරිවෙලා. මිනිසුන් නොවන මිනිසුන් ඉන්න රටක පොලීසිය !! ළමා අධිකාරිය අහෝ !!

මේ සියල්ල හෙළිවන්නේ හබරාදුව පොලිස් වසමේ, අවුරුදු 03 ක දැරියක් ඇතුලූ දරු පවුලක් හිරකරගෙන සිටි ඉඩම් හිමියකුට එරෙහිව පොලීසියට ගිය මවකගේ කථාවෙනි.

හබරාදුව පොලීසියේ ස්ථානාධිපති මෙම අසරණවූ කාන්තාවට සහය වීමට පැමිණි පුද්ගලයට බැන තර්ජනය කර එලවාගෙන තිබෙන බවද, ආණ්ඩුවේ ප‍්‍රබලයකු සතුටු කරන්න මෙම නීති විරෝධී ක‍්‍රියාවට ස්ථානාධිපති සම්බන්ධ වු බව ද වාර්තා වේ.

එක් පැත්තකින් ආණ්ඩුවේ ප‍්‍රබලයාගේ දුරකතන ඇමතුම්වලට ද අනෙක් පැත්තෙන් මානව හිමිකම් කොමිෂමේ විමසීම්වලට ද මැදි වූ මොහු කෝට් ගලවා ගෙදර යන බවට ප‍්‍රකාශ කරන්නට තරම් නිවට වී තිබෙන බවට ද වාර්තා වේ.  

මේ රටේ සිදුවන මිනිස් ජාවාරම හා කිසිදු හැඳුනුම්පතක් නොමැතිව සිටින මිනිසුන්, වහල්කමේ යොදවාගෙන සිටින අයුරු හෙළි දරව් වූ කථාවකි මේ.

කන්දයියා ඉන්ද්‍රානි, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ පිටපත් ළමා අධිකාරියට ද, ජනාධිපති හා අගමැති ලේකම්වරුන්ට ද යවා තිබේ.

කන්දයියා ඉන්ද්‍රානි ගේ (අවු: 49යි, විවාහක, දරුවන් 05යි, කුලී වැඩ) 
2015.10.12 දාතමින් යුත් සම්පූර්ණ පැමිණිල්ල පහත දැක්වේ.


හබරාදුව පොලීසය, මිනිස් ජාවරම්කරුවකු හා වහල් හිමියෙකු ආරක්ෂා කිරිමට පියවර ගැනීම හා අයුතු සහ නීති විරොධි බලපෑම් සිදුකිරිම, පිඩාවට පත්කිරිම

1. පිටබැද්දර, දැරංගල, තැපැල්වත්තේ සේවය කරමින් සිටින විට, එහි අයිතිකරු විසින්, මා ඇතු`ඵව, පහත නම් සඳහන් පවුලේ සියලූ දෙනාව, හබරාදුව, පොලිස් වසමට අයත්, දිව්ලාන, කලහේ, වංචාවල පිහිටි UGK වත්ත නමින් හඳුන්වන වත්තට බාරදෙන ලදි.

2. එහි අයිතිකරු U.K.G සම්පත් නැමත්තාය.

3. දැනගන්නට ලැබී ඇති පරිදි, අප පවුල U.K.G සම්පත් නැමත්තා විසින් ලබාගෙන ඇත්තේ රුපියල් ලක්ෂ එකහමාරකටය.

4. මෙම UKG වත්තේ, අපට පදිංචියට කුඩා නිවසක කනි කාමරයක ලබාදුන්නා.

එහි - 
1. මාගේ සැමියා  - එම් රාජේන්ද්‍ර, අවු: 52යි
2. මාගේ වැඩිමහල් පුතා - තම්බිරාජා, අවු: 21යි
3. මාගේ දෙවන පුතා - සසී, අවු: 19යි
4. මාගේ තෙවන පුතා - ගනේෂන්,  අවු: 15යි
5. මාගේ සිව්වන පුතා - සෙල්වකුමාර, අවු: 12 යි
6. මාගේ පස්වන පුතා - සිවකුමාර, අවු: 07යි
7. මාගේ මිණිපිරිය (තම්බිරාජා ගේ දියණිය) නදීශා,  අවු: 03යි 

5. අප සිවි දෙනා ( 1 සිට 4 දක්වා) UKG වත්තේ 2015.09.15 දින වැඩ ආරම්භ කලා. පෙ:ව: 7.00 සිට ප:ව:5.30 දක්වා වැඩ කලවිට දිනකට රු: 500/= බැගින් ගෙවන බවට පොරොන්දු වුනා.

6. 2015.09.26 දින, දෙවන පුතා වන සසී, කොටපල පිහිටි, ගැටබරු දේවාලයේ උත්සවයට ගොස් සිටින විට, අසනීප වී, 2015.09.28 දින දෙනියාය රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

7. මා, පුතාව බලන්න යන්න නිවාඩු ඉල්ලූවා. නමුත් දුන්නේ නැහැ.

8. 2015.09.04 දින උදේ පඩි සල්ලි අරන්, එදින රාත‍්‍රී 2.00ට පමණ මම, ලොකු පුතා තම්බිරාජා සමග වත්තෙන් පිටව, දෙනියායට ගොස්, ටිකට් කපා සිටි පුතාව නැවත වත්තට රැගෙන එන්න සූදානම් වුනා.

9. සවස 4.30 පමණ, වත්ත බලා ගන්නා ”චූටි මහත්තයා” කෝල් කරලා කිව්වා, උඹලා වරෙල්ලා, හොඳ පාඩමක් උගන්වනවා කියමින් බැණ තර්ජණය කලා. 

10. එම තර්ජනය කිරීම නිසා, මමත් තම්බිරාජාත්, සසීත් වත්තට යාමෙන් වැළකුනා. ගියොත් පහර දෙන බව දැනගෙන හිටියා.

11. එම නිසා, මමත් හා පුතාලා දෙන්නා වත්තට ගියේ නැහැ.

12. මම ඔවුන් දෙන්නා සමග ඥතීන්ගේ ගෙවල්වල රැඳී සිටිමින්, අවුරුදු 03 දැරියව හා අනෙක් දරුවන්ව එවන්න කියා මම වත්ත බලන චූටි මහත්තයාට දැනුම් දුන්නා. 

13. ”චූටි මහත්තයා” මගේ සැමියාව හා දරුවන්ව, ඉන්න ගෙයින් බංගලාවේ ‘වී වේලන’ කාමරයට ගෙන ගොස් හිරකරගෙන තිබෙනවා. අඩුම වශයෙන් ඔවුන්ට ඇඳුම් මාරු කර ගන්න ඉඩ දීලා නැහැ. නිදාගන්න පැදුරක්වත් දීලා නැහැ.

14. දින තුනක් බලා සිට, 2015.10.07 වන දින මම හබරාදුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීමට ගියා.

15. මම පොලිසියට යන විට, මාගේ සැමියා - රාජේන්ද්‍රව පොලිසියට ගෙනවිත් සිටියා. ඔහුගෙන් ප‍්‍රකාශයක් ලියවා ගත්තා. මට සැමියා සමග කතාකරන්න ඉඩ දුන්නේ නැහැ. ඔහුව ගෙනවිත් තිබුනේ මෝටර් රථයකින්.

16. ඔහු ව රැගෙන ගිය පසුව මම පැමිණිල්ල ලියන්න යයි ඉල්ලා සිටියා. නමුත් ලියා ගත්තේ නැහැ. මට බැණ පන්නා ගත්තා.

17. නමුත් මම එතැන හිටියා. එවිට මාව ස්ථානාධිපතිවරයා ලඟට කැඳෙව්වා. මට ඔහු දෙමලූන්ගේ හැටි මම දන්නවා, කියමින් නින්දා අපහාස කරමින් මට බැන්නා. පැමිණිල් ලියා ගත්තේ නැහැ.

18. ඉන්පසු මා, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට, දකුණූ පළාත් නියෝජ්‍ය පොලිස්පති, ගාල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීට ලිඛිතව ෆැක්ස් මගින් පැමිණිලි කලා. 

19. පසු දින, 2015.10.08 දින, ජංගම දුරකථනයකින් හබරාදුව පොලිසියට එන ලෙසට යමෙක් දැනුම් දුන්නා. නමුත් අවිශ්වාස නිසා ගියේ නැහැ.

20. 2015.10.10 දින , පැමිණෙන ලෙසට පොලිසියෙන් දුරකථනය මගින් දැනුම් දුන්නා. එ් අනුව පොලිසියට ගියා. 

21. හබරාදුව පොලිසියට යෑමට පෙර, මා, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් පැමිණිලි කලා.

22. 2015.10.10 දින, හබරාදුව පොලිසියේදී, මාගෙන් ප‍්‍රකාශයක් ගෙන, ළමයින්ව බාරදෙන් සූදානම් වුනා. නමුත් සැමියාව නැවත වත්තට ගෙනයන්න සූදානම් වුනා.

23. රාත‍්‍රී 7.30 පමණ සැමියාව හා ළමයින්ව මට බාර දුන්නා.

24. එසේ බාරදීමට පෙර, අපගේ උදව්වට පැමිණ සිටි ගමගේ මහතා සමග සිටි තරුණ මහතෙකු ගෙන් ප‍්‍රකාශ්‍යක් ගත්තා. ඔහුගෙ නම දන්නේ නැහැ. අඳුරන්නේ නැහැ.

25. අපව බාර දුන්නේ ඔහුට. ඔහු කිව්වා අප දවස් තුනකින් සල්ලි දුන්නේ නැතිනම්, ඔහු වගකියන්න  ඕනි කියා. 

26. මාගේ පුතුන්ව, ගෙනත් කූඩු කරන බවට, පොලිස් ස්ථානාධිපති හා කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරිණිය තර්ජණය කලා.

27. මා පසුව දැනගත්තා, අපගේ ඉල්ලීම මත ජනසංසදය, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද දැනුම්දීම මත විමර්ශණ නිලධාරීන්ගේ දැඩිව මැදිහත්වී, මාගේ සැමියාව හා දරුවන්ව නිදහස් කල බව. 

28. මේ පිලිබඳව ළමා ආරක්ෂක අධිකාරියට කතා කලද, කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.

මා ප‍්‍රකාශ කරන්නේ,

1. මේ රටේ ඉංදීය සම්භවයකින් පැවත එන, වතු දෙමළ වශයෙන් හඳුන්වන අපට මේ දක්වා ජාතික හැඳුනුම්පතක්, ඡන්ද අයිතියක්, ස්ථිර පදිංචියක් නැති බව.

2. අප පවුලම, එක් වත්තක අයිතිකරුවකු විසින් තවත් වත්තක අයිතිකරුවකුට විකුණමින් මිනිස් ජාවාරම් කර ඇති බව බව. අප වහලූන් බව.

3. අප ජීවිත කාලය තුල කිසිම කම්කරු අයිතියක් අපට හිමි නැත. වැඩ කරන වේලාවක් නැත. නියමිත පඩියක් නැත. අර්ථසාධක අරමුදලක් නැත.

4. පොලිසිය අපට සැලකුවේ මිනිසුන් වශයෙන් නොවේ.

5. මෙරටේ තවමත් වහල් සේවය පවතිනවා. එය ආරක්ෂා කරන්නේ පොලිසිය ඇතුලූ අනෙකුත් අදාල ආයතන.

මා ඉල්ලා සිටින්නේ,

නොපමා, මිනිස් ජාවාරම් කරුවකුගේ අවශ්‍යතාවයට, නීති විරෝධිව ක‍්‍රියාකල හබරාදුව පොලිසියේ ස්ථානාධිපති ට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට,

අවු: 03 දැරියක් ඇතුලූව පස්දෙනෙකුව දින 07ක් පුරා නීති විරෝධිව ර`දවාගෙන සිටි වත්තේ අයිතිනරු වන යු.කේ.ජි. සම්පත් නැමැත්තාට එහෙිව නීතිමය පියවර ගන්නා ලෙසට,

අපට හිමි කම්කරු අයිතීන් ලබා දෙන ලෙසට
අපට ආරක්ෂාව සලසන ලෙසට
මෙයට,
කන්දයියා ඉන්ද්‍රානි

පිටපත්,
1. ලේකම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය
2 . සභාපතිනි, ළමා ආරක්ෂක අධිකාරිය                
 දැ.ගැ. පි. හා අවශ්‍ය කටයුතු සඳහා

Saturday, October 10, 2015

අපේ මැති ඇමතිලා එල්ලූම් ගහේ එල්ලෙන විට දළයි ලාම හා පප් වහන්සේ මෙසේ කියයි!


සේයා දුෂණය කර මරා දැමීමත් සමග, එල්ලූම් ගහේ එල්ලී, බෙරිහන් දෙන්නට සමහර මැති ඇමතිලා ද, ඊනියා ස්ත‍්‍රී සංවිධාන ද, ජනමාධ්‍ය ද, පෙරට විත් තිබේ. එ් පිළිබඳව මාධ්‍ය හරහා වාද විවාද, සංවාද පවත්වති.

පසුගියදා පාර්ලිමේන්තුව රැස් වූ විට, තමන් මේ රටේ ඉන්න බව පෙන්වීමට, හිරුණිකා, රංජන් රාමනායක මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට ප‍්‍රකාශ කළෝය.

පසුගිය දින ස්වාධීන රූපවාහනියේ සාකච්ඡුාවකට එක්වූ සුජීව සේනාසිංහ ගෙන් මරණ දඬුවම ගැන තම පුද්ගලික මතය ප‍්‍රකාශ කරන්න යයි මාධ්‍යවේදියා ඉල්ලා සිටි විට, එයට සෘජු පිළිතුරක් නොදී අනං මනං කියන්නට පටන් ගත්තේය. මීට පෙර ජෝන් අමරතුංග ද මරණ දඬුවම ගැන කථා කළා පමණක් නොව, දින 100 ආණ්ඩුවේ පොලිසිය හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති වශයෙන් වැලිකඩ හිර ගෙදරට ගොස් එල්ලූම් ගස නරඹමින් තම ම්ලේච්ඡුත්වය ප‍්‍රදර්ශනය කළේය.

ගෝත‍්‍රික සමාජ ලක්ෂණ තවමත්, අප සමාජයේ පවතින බවට පිළිගැනීමක් තිබේ. එය නිවැරදි බව, රංජන් රාමනායකලා, හිරුණිකාලා, සේනාසිංහලා හා ජෝන් අමරතුංග යලිත් වරක් ඔප්පු කර සිටියේය.

අනූ නවයක් මැරූ අංගුලිමාලට මරණ දඬුවම දුන්නෙ නම්, අපේ ගැහැණුන්ට දරු ප‍්‍රසූතියට පෙර කියන්නට, පිරිතක් ද නැති වන්නේය. අඩුම වශයෙන් එ්කවත් සිහියට නොඑන තවමත් මේ එල්ලූම් ගහේ එල්ලෙන හිරුණිකාලා වැනි ගැහැණු මංත‍්‍රීකම්වලට පත්කළ ඡුන්ද දායකයින්ට වැඩි දවසක් නොගොස් එල්ලෙන්ට සිදු වුවහොත් පුදුම විය යුතු නැත.

රංජන් රාමනායක එල්ලූම් ගහට විරුද්ධ වන අය උපන්නේ අම්මලාගේ බඩින්ද යයි අසති. 99 මැරූ අංගුලිමාලට බණ කියා රහත් වන්නට මග පෑදු බුදුන්වහන්සේ, රංජන් රාමනායක ට අනුව උපන්නේ මව් කුසෙන් නම් විය නොහැක.

ප‍්‍රශ්නය ඇත්තේ එල්ලූම් ගහේ නොව රටේ පවතින අධිකරණය, නීතිපති, පොලිසිය හා අපරාධ යුක්ති විනිශ්චය හා අදාල ආයතන  අන්ත දුෂිත, පිරිහුණු එ්වා බවට පත්ව තිබීම බව තේරුම් ගැනීම ප‍්‍රතික්ෂේප කරන එල්ලූම් ගහේ එල්ලූන මේ මැති ඇමතිවරු යහපාලනය ඇති කරන්නේ යයි ප‍්‍රකාශ කිරිම අශිෂ්ඨකම ප‍්‍රදර්ශනය කිරීමකි.

මොවුන් කවරක් කීවත් අධිකරණය, පොලිසිය, නීතිපති ඇතුලූ අදාල ආයතන අපරාධ කරුවන් රකින අයුරු, නිර්දෝෂී පුද්ගලයන්ට දඬුවම් කරන අයුරු, රජයේ අදායම වැඩි කරන්න සහ එ් හා අදාල ආයතනවලට සම්බන්ධ සියලූම තරාතිරම්වල පුද්ගලයන් ගේ බඩගෝස්තරය සඳහා ක‍්‍රියා කරන්න ක‍්‍රියා කරන බව ජනතාව හොඳාකාර දන්නා කරුණකි.

මෙයට අමතරව, අප රටේ මානව හිමිකම්, ළමා අයිතීන්, ස්ත‍්‍රී අයිතීන් සුරැුකීමට පිහිටුවා ඇති කොමිෂන් සභා හා අධිකාරී රටේ අදාල ප‍්‍රශ්න විකුණාගෙන කෑම කරන අතරවිවිධ ව්‍යාපෘති හරහා ඉහත සඳහන් කළ ආකාරයටත්, දේශීය හා විදේශ මුදල් සොරකම් කරන බව, ජනතාව මුලා කරන බව ප‍්‍රසිද්ධ රහසක් වුවත්, මෙවන් පුද්ගලයන් හා එක්වන මාධ්‍යය ද මෙම ආයතනවල දුෂණ, වංචා, අක‍්‍රමිකතා යටපත් කිරිමට උදව් වෙති.

මේ සඳහා කතා කිරිමට, ජනයා පෙළඹිය යුතුයි. මෙම ආයතනවල වංචා දුෂණ අක‍්‍රමිකතා, නීති විරෝධී ක‍්‍රියා, සදාචාර විරෝධී ක‍්‍රියා නොබියව හෙළි කළ යුතුයි.

මේ සියලූ තත්ත්වයන් තුළ, අධිකරණය ද, නීතිපති, පොලිසිය හා එ්වාට පිටින් පිහිටුවා ඇති කොමිෂන් සභා හා අධිකාරී, පූර්ණ වෙනස්කම්වලට භාජනය කරවීමේ අරගලය තීව්ර කළ යුතුයි.

අවසාන වශයෙන්, පසුගිය කාලයේ අපරාධ කළ බවට සැකකරන ලද පුද්ගලයන් රැුසක් අත්අඩංගුවට ගෙන අමු අමුවේ මරා දමන ලද බව අමතක නොකළ යුතුය. එ් ඝාතන සියල්ලම මාධ්‍යය ද උදව් කරගෙන සාධාරණය කර, යුක්ති සහගත කරන ලදි.

වාසනාවට, ඞී.එන්.එ්. තාක්ෂණය හඳුන්වා දීම සමග, සේයා දැරියගේ ඝාතනයට, ආදේශකයකු යොදවා, මහා ප‍්‍රචාරයක් ලබාදී, තවත් ඝාතනයක් සිදුවන තෙක් අමතක කරවන්නට තිබූ අවස්ථාව පොලිසියට අහිමිවීම ගැන පොලිසියේ ලොක්කන් දැඩිසේ කම්පා වන බව නම් සහතිකය.

යහපාලනය යනු සටන් පාඨයක් නොව නියමිත ක‍්‍රියාමාර්ග ඇතුළත් ප‍්‍රායෝගික කාර්යයකි. එහි ප‍්‍රථිඵලයකි, ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම අහෝසි කිරීමේ සම්මුතියට අත්සන් කිරිමට  දරන ප‍්‍රයත්නය. එය කඩිනම් කර, අපේ නීති පොත්වලින් මරණ දඬුවම ඉවත් කළ යුතුව තිබේ.

ටිබෙට් ජාතික බෞද්ධ නායක දලයි ලාමා 1999 දී මරණ දඬුවම අහෝසි කිරිම සඳහා ලෝකවාසීන් ගෙන් ඉල්ලීමක් කරමින් නිකුත් කළ ප‍්‍රකාශය මේ රටේ එල්ලූම් ගහට පක්ෂ සියලූ ඊනියා බෞද්ධයන් ගේ අවධානයට පහත දක්වමු.

Message Supporting a Global Moratorium on the Death Penalty- by the Dalai Lama

In general, death is something none of us wants, in fact it is something we don't even like to think about. When death takes place naturally, it is a process beyond our control to stop, but where death is willfully and deliberately brought about, it is very unfortunate.

Of course, within our legal systems there are said to be certain reasons and purposes for employing the death penalty. It is used to punish offenders, to prevent them ever repeating their misdeed and to deter others. However, if we examine the situation more carefully, we will find that these are not the real solutions.

Harmful actions and their tragic consequences all have their origin in disturbing emotions and negative thoughts, and these are a state of mind, whose potential we find within all human beings. From this point of view, every one of us has the potential to commit crimes, because we are all subject to negative disturbing emotions and negative mental qualities. And we will not overcome these by executing other people.

What is deemed criminal can vary greatly from country to country. In some countries, for example, speaking out for human rights is considered criminal, whereas in other countries preventing free speech is a crime. The punishments for crimes are also very different, but usually include various forms of imprisonment or hardship, financial penalties and, in a number of countries, physical pain. In some countries, crimes that the government considers very serious are punished by executing the person who committed the crime.
The death penalty fulfills a preventive function, but it is also very clearly a form of revenge. It is an especially severe form of punishment because it is so final. The human life is ended and the executed person is deprived of the opportunity to change, to restore the harm done or compensate for it.
Before advocating execution we should consider whether criminals are intrinsically negative and harmful people or whether they will remain perpetually in the same state of mind in which they committed their crime or not. The answer, I believe, is definitely not.
However horrible the act they have committed, I believe that everyone has the potential to improve and correct themselves. Therefore, I am optimistic that it remains possible to deter criminal activity, and prevent such harmful consequences of such acts in society, without having to resort to the death penalty.
My overriding belief is that it is always possible for criminals to improve and that by its very finality the death penalty contradicts this.
Therefore, I support those organizations and individuals who are trying to bring an end to the use of the death penalty.
Today, in many societies very little importance is placed on education or the development of human values through social programs and entertainment. In fact, if we take television programming as an example, violence, including killing, is regarded as having a high entertainment value. This is indicative of how misguided we have become.
I believe human beings are not violent by nature. Unlike lions and tigers, we are not naturally equipped to kill with sharp teeth and claws.
From a Buddhist viewpoint, I believe that the basic nature of every sentient being is pure, that the deeper nature of mind is something pure. Human beings become violent because of negative thoughts which arise as a result of their environment and circumstances.  August 29, 1999
මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන ලෙසට තප්පුලන රංජන් රාමනායක, ජෝන් අමරතුංග වැනි අය කොතරම් ම්ලේච්ඡු ද යන්න පැහැදිළි කරන්නේ පාප් වහන්සේ මරණ දඬුවම ඉවත ලන ලෙසට ජත්‍යන්තරයෙන් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගැනීමෙන්ය.

Pope Francis Calls Death Penalty Inappropriate "No Matter How Serious the Crime"
In a letter to the President of the International Commission Against the Death Penalty, Pope Francis expressed the Catholic Church's opposition to the death penalty, calling it "inadmissible, no matter how serious the crime committed." He continued, "It is an offence against the inviolability of life and the dignity of the human person, which contradicts God's plan for man and society, and his merciful justice, and impedes the penalty from fulfilling any just objective. It does not render justice to the victims, but rather fosters vengeance." He acknowledged society's need to protect itself from aggressors, but said, "When the death penalty is applied, it is not for a current act of aggression, but rather for an act committed in the past. It is also applied to persons whose current ability to cause harm is not current, as it has been neutralized -- they are already deprived of their liberty." He also addressed questions of methods of execution, saying, “There is discussion in some quarters about the method of killing, as if it were possible to find ways of 'getting it right'. … But there is no humane way of killing another person.”
(The pope had previously offered remarks in opposition to the death penalty when he spoke to the International Association on Penal Law in October 2014.)

ජේ.ආර්. ජයවර්ධන මෙන් මහින්ද රාජපක්ෂ සිය ධූර කාලයේදී, ජනාධිපති බලතල උපයෝගී කරගනිමින් අධිකරණය විසින් අපරාධකරුවන් බවට නිගමනය කරන ලද පුද්ගලයන්ව නිදහස් කර හැරියේය.


නොපමාව කළයුතු දෙයක් ඇත. අධිකරණය මගින් වරදකරුවන් කළ පුද්ගලයන්ට සිය අභිමතය පරිදි නිදහස් කර හැරීමට ජනාධිපතිවරයාට තිබෙන වරම ඉවත් කිරීම.

Friday, October 9, 2015

පාරාදීසිය ෙසායා 
ධර්මසිරි බණ්ඩාරනායක ෙග් වාර්ථාමය චිත්‍රපටය ෙමම මස 20 දින, ප.ව. 2.30 හා 6.30ට පානදුර පුරහෙල්දි තිරගත ෙව්.
අය කිරීමක් ෙනාමැත.

පරිසර ආරක්ෂකයෝ පගාව අරන් යනවා.


අවුරුදු තුනක් පුරා, කුරුවිට කොළඹ - රත්නපුර පාරේ ”පැරඩයිස්” ප‍්‍රදේශයේ ආපන ශාලාවක් සහ ඉන්ධන පිරවුම් හලක් කරන ව්‍යාපාරිකයාගේ මුදල්වලට පරිසර ආරක්ෂකයෝ යටවෙලා.

මේ බව 2012 වසරේ සිට ලිඛිතව මධ්‍යම පරිසර අධිකාරියට, පරිසර අමාත්‍යංශයට, ජනාධිපති ලේකම් ඇතුලූව ප‍්‍රාදේශීය සියලූ බලධාරීන්ට පැමිණිලි කරන්නේ, එම පරිසර විනාශයෙන් පීඩා විඳින - එච්.එ්.පේ‍්‍රමරත්න මහතාය.

ඔහු ප‍්‍රකාශ කරන පරිදි, මෙම පරිසර විනාශය සිදුකරන්නේ ”ෙෆ්‍රන්ච්” හෝටලය හා එයට යාබද ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කරන පරිසර හානි කරන අපද්‍රව්‍ය මගින්ය.

මෙම හෝටලය හා ඉන්ධන පිරිවුම්හලේ හිමිකරුවන් පොලිසියට සම්බන්ධ බවද, ඔවුන් පරිසරය ආරක්ෂා කරන නිලධාරීන් සියලූ දෙනා මුදලට අරන් තිබෙන බවටද චෝදනා කරයි.

සාමාන්‍යයෙන් ඉහලයින් මහා පරිමානයේ දුෂණවල යෙදෙන බවත්, පහළ රාජ්‍ය නිලධාරීන් ඔවුන් අනුව යමින් අල්ලස් ගන්නා බව - මෑතකදී ජනාධිපති සිරිසේන ප‍්‍රකාශ කලේ කළමණාකාර සහායකයින්ට පත්වීම් ලිපි පිරිනැමීමේ උත්සවයේදීය.

යහපාලනය යටතේත් මහා පරිමාණ පරිසර දුෂණ මෙන්ම, ඉහත දැක්වූ සු`ඵ පරිමාණ ව්‍යාපාරිකයින් සිදු කරන පරිසර දුෂණ වැළැක්වීමට තවමත් අපොහොසත්ව තිබේ.

අවුරුදු 3ක් පුරා සිදු කරන මෙම පරිසර දුෂණය වැළැක්වීමට පියවර ගන්නා ලෙසට ඔහු ඉල්ලා සිටී.

Thursday, October 8, 2015

සමලිංගික දේවධර්මාර්යාව වතිකානුවෙන් නෙරපයි.



2000 වසරේ සිට, වතිකානුවේ විශ්වාසය පිලිබඳ දම් සභාවේ දේවධර්මාචාර්යකු වශයෙන් ක‍්‍රියාකල - පෝලන්ත ජාතික පූජකවරයෙකු වන 43 හැවිරිදි මෙන්සිංෙඤර් ක‍්‍රිස්ටොෆ් ධර්මසභාව, වතිකානුවෙන් නෙරපා ලැබීමට පියවර ගෙන තිබේ.

තමා සමලිංගිකයෙකු බවත්, සහකරුවකු සිටින බවටත් ප‍්‍රසිද්ධියේ කරන ලද ප‍්‍රකාශය - නෙරපා හැරීමට මූලික වී තිබේ.

කතෝලික පල්ලිය සමලිංගිකයින් කෙරෙහි දක්වන ආකල්පයන් අභීයෝගයට ලක් කරමින්, ප‍්‍රසිද්ධියේ තමා සමලිංගිකයකු බව ප‍්‍රකාශ කල බවද, තම අරමුණ, සභාවේ සමලිංගික විරෝධී උමතුව වෙනස් කිරීම බවද, වැඩි දුරටත් ප‍්‍රකාශ කර තිබේ.

දික්දසාදය ඇතුලූ සමාජ සාකච්ඡා කිරිමට නියමිත කතෝලික සභාවේ ප‍්‍රධානීන් ගේ රැුස්වීමක් අභියස දී මෙම නෙරපා හැරිම සිදුකර තිබේ.

මාධ්‍ය ප‍්‍රකාශ කරන අතර, මෙම දේවධර්මාචාර්ය වරයා, කතෝලික සභාවේ සිටන සමලිංගික පූජකවරුන් මුහුණපාන පීඩාවෙන් මුදවා ගැනීමට ප‍්‍රයත්න දැරූ - විමුක්ති කාමියෙකි.




හරක් මස් කාපු බවට සැක කළ මුස්ලිම් ජාතිකයාව ෙපාලුවලින් ගසා මරයි.


මෝඩි පාලනය යටතේ උත්සන්නවන හින්දු අන්තවාදීන් විසින්, මධ්‍ය ප‍්‍රදේශයේ බීසාරා නම් ගමේ, 50 හැවිරිදි මොහොමඞ් අක්හලක් නැමැති පුද්ගලයාව, හින්දු අන්තවාදීන් පිරිසක් විසින් නිවසට කඩා වැදී පොලූවලින් ගසා මරා දැමීම සාධාරණය කිරිමට, මෝඩි ආණ්ඩුව සංස්කෘති ඇමතිවරයා පියවර ගෙන තිබේ.

ෙමම මරා දැමීම කර අැත්ෙත් සැකය පදනම් කර ෙගනය. 

ඉන්දියාවේ සු`ඵ ජාතිකයින් මෝඩි පාලනය යටතේ දැඩි අපහසුතාවයට පත්වන බව වාර්තා වේ.

මෙම සිද්ධිය හදිසි අනතුරක් ලෙසට හඳුන්වන මෝඩි පාක්ෂිකයින්, මෙම මිනීමැරුම සිදුකල පුද්ගලයින්ට එරෙහිව අපරාධ චෝදනා නැගුවහොත් යලිත් රටතුල හින්දු - මුස්ලිම් කෝලාහල ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබේ.

මනුෂ්‍ය ජීවිතවලට වඩා හරකුන්ගේ ජීවිත අගය කරන හින්දු අන්තවාදීන් අනුගමනය කරන -සිංහලයින්ද බිහිවෙමින් පවතින බව කිවයුතුය.

මනුෂ්‍යයින් මරා දැමීම ගැන කෙළ පිඩක් නොහලන මේ ඊනියා ගව ආරක්ෂකයින්, අනෙක් සතුන් මරා මස් කෑම අනුමත කිරිම ප‍්‍රාණඝාතණ අකුසලයට යට අයත් නැති බව ක‍්‍රියාවෙන් පෙන්වමින් සිටී.



Tuesday, October 6, 2015

ගල්කිස්ස පොලිස් කූඩුවේ වැසිකිලිය තුළට ඇද පොලිස්කාරයෝ තුන්දොනක් පහර දුන්නා. බෙල්ල මිරිකුවාම ඇඟිල්ල විකුවා. පහර දුන්නේ හිටපු බිරිඳ ගේ කොන්ත‍්‍රාත්තුවකට.



මාගේ හිටපු බිරිඳගේ නංගි වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු ගේ කණිටු පුත් එක්ක ඉන්නේ. එම කාරණය මුල් කරගෙන මෙම පවුල, මැතිවරණ සමයේ ජනමාධ්‍ය උපයෝගී කරගෙන, එම ඇමතිවරයාට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ගෙන යන ලදි. මෙම පවුල දේශපාලකයන් හා පොලීසියේ සමහර උසස් නිලධාරීන් සමග දැඩි සම්බන්ධතාවයක් පවතිනවා.

ගල්කිස්ස පොලිස්ථානය සහ බොරලැස්ගමුව පෙලිස්ථානය විසින් නීති විරෝධීව අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා බොරු චොදනා නගා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන්  පොලිස්පති, ලේකම්- නීතිය සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,  මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ළමාරක්ෂක අධිකාරිය වෙත මොහු  කර ඇති  ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.  
   ‘‘ 2015 අගෝස්තු 21 වන දින උදේ 10.00 ට බොරලැස්ගමුව පොලිස්ථානයට පැමිණෙන ලෙසට, මා වෙත ලියාපදිංචි තැපෑලෙන් දැණුම් දීමක් කරණු ලැබීය. එ් අනුව, නීතිඥ මහතා සමග පොලිස්ථානයට ගියා.

එ් අවස්ථාවේ, මට විරුද්ධව ව්‍යාජ පැමිණිල්ලක් කර තිබූ, හිටපු බිරි`දගේ ඥති සොහොයුරියක් වූ නවෝද්‍යා ද නීතිඥවරයකු සමග පැමිණ සිටියා. ඇගේ පියා ද පැමිණ සිටියා. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. සිල්වා, විභාග කිරීම ස`දහා ස්ථානාධිපති පැමිණෙනකම් ඉන්න යැයි අපට කියා සිටියා.

පැයකට පමණ පසුවද ස්ථානාධිපති නොපැමිණීම නිසා, පො.ප. සිල්වා නීතිඥවරුන්ට දැණුම් දුන්නා, වෙනත් දිනයක පැමිණෙන ලෙසට. තවද, ඔහු එම නීතිඥවරුන්ට දුරකතන මගින් දිනය දැණුම් දෙන බවද ප‍්‍රකාශ කළා. පො.ප. සිල්වා ඔහුගේ දුරකතන අංකය ද නීතිඥවරුන්ට ලබාදුන්නා.

එ් අනුව නීතිඥවරුන් පොලීසියෙන් පිටව ගිය අතර, මම ද පොලීසියෙන් පිටව ගියා. මා පොලීසියේ සිට මීටර් 200 ක් පමණ දුරින් නවතා තිබූ මාගේ රථයට යමින් සිටියදී පිටුපසින් පැමිණි පො.ප. සිල්වා හා තවත් ගිනි අවියක් ගත් නිලධාරියෙක් මා අත්අඩංගුවට ගත්තා.

මා කාරණය විමසා සිටි විට පො.ප. සිල්වා කියා සිටියේ, ස්ථානාධිපති හැරිසන් දුරකතනයෙන් ලබාදුන් උපදෙස් අනුව මාව අත්අඩංගුවට ගත් බවයි. මා, පොලීසියට රැුගෙනවිත්, පොලීසියේ සවස 4.00 වන තුරු රඳවාගෙන සිටියා. සවස 4.00 ට පමණ, මා, මාගේ දරුවා පැහැරගෙන යෑම යන ව්‍යාජ චෝදනාවට ප‍්‍රකාශයක් ලබා ගත්තා. 

මාව පොලිස් ඇප මත මුදාහැරියා. නමුත් මට උසාවි එන දිනයක් හෝ චෝදනාව හෝ දැණුම් දුන්නේ නැහැ. මෙයට අමතරව බොරලැස්ගමුව පොලීසියට මා කරන ලද පැමිණිලි දෙකට පරීක්ෂණ පවත්වා නොමැත.

2015 ජූලි 29 දින, CIB(01)/334රැ/357 යටතේ, මාගේ දරුවා උසාවි නියෝග කඩ කරමින්, දින 06 ක් සඟවා සිටීම පිළිබඳව බොරලැස්ගමුව පොලීසියේ පැමිණිල්ලක් කරණු ලැබුවා. එ් හා අදාලව 2015.07.27 දින ගල්කිස්ස පොලීසියේ පැමිණිලි කළා. එහි අංකය: WCIB398/314 

2015.07.28 වන කොම්පඤ්ඤවීදිය පොලීසියට 119 අමතමින් දැණුම් දීමක් කරණු ලැබුවා. MOIB/53/233. 2015.07.28 දින, දෙහිවල පොලීසිය මාගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තා. CIB2/323/336. එයට අමතරව 2015 අගොස්තු 06 ළමා ආරක්ෂක අධිකාරියට ද, CIB25/95/55, 2015 අගොස්තු 07 නුගේගොඩ, ළමා හා කාන්තා කාර්යංශයට ද පැමිණිලි කරණු ලැබුවා. CIB1/169/32. 2015 අගෝස්තු 10 වන දින, දරුවා තමාට සිදු වූ අපයෝජනයන් පිළිබඳව පැමිණිලි කරණු ලැබුවා. CIB25/128/410. 

මෙම පැමිණිලි පිළිිබඳව මේ දක්වාම කිසිදු පරීක්ෂණයක් සිදු කර නැහැ.

2015 සැප්තැම්බර් 17 වන දින, සවස 5.00 ට පමණ, ගල්කිස්ස පොලීසියේ හතර දෙනකු මාගේ නිවසට පැමිණ වරෙන්තුවක් ඇති බව ප‍්‍රකාශ කළා. නමුත් වරෙන්තුව පෙන්නුවේ නැහැ.

මා ඔවුන්ගේ කීමට ඔවුන් සමග ගියා. මාව ගෙන ගොස් ගල්කිස්ස පොලීසියේ විශේෂ අපරාධ එ්කකයේ ස්ථානාධිපතිවරයා හමුවට පත් කළා. ඔහු මට ප‍්‍රකාශ කළා මට විරුද්ධව බහු විවාහ චෝදනාව යටතේ නඩුවක් තියෙනවා, එහි අංකය බී/321/13 බව. එම නඩුවට 2015 මාර්තු 06, ජුනි 23 හා සැප්තැම්බර් 15 මා පැමිණ නැති බවත් මට වරෙන්තු බව දැණුම් දුන්නා. නමුත් වරෙන්තුව පෙන්නුවේ නැහැ.

එයින් පසුව මාව කූඩුවට දැම්මා. පැයකට පමණ පසුව, සෙ....... කියන්නේ කව්ද කියමින් නිලධාරියෙක් පැමිණියා. දැක්කොත් අඳුරන්න පු`ඵවන්. ඔහු මට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් කූඩුව ඇරගෙන ඇතුළට ඇවිත් පහර දෙන්න පටන් ගත්තා. එ් අවස්ථාවේ 10 කට වැඩි පිරිසක් කූඩුවේ සිටියා. මට පහර දුන්නේ වැසිකිලිය තුළට ඇද. ඔහු මගේ බෙල්ල හරහා අත යවා මිරිකුවා. මට හුස්ම ගන්න බැරි වුණා. මම ඔහුගේ ඇඟිල්ල විකුවා. ඔහු එවිට තවත් සිවිල් ඇඳුමින් සිටි දෙදෙනෙක්ව කැඳවා මට පහර දුන්නා. 

ඔවුන් තුන්දෙනා මට අතින් පයින් ගැහැව්වා. මගේ ඔලූවට පහර දුන්නා. ඔලූව බිත්තියේ සහ කූඩුවේ කිහිප විටක්ම හැප්පුවා. පැය දෙකකට පමණ පසුව නීතිඥ මහතා පැමිණ මාව රෝහල්ගත කරන ලෙසට ඉල්ලා සිටියා.

රාත‍්‍රී 11.00 ට පමණ, මාව ජීප් රථයෙන් ක`ඵබෝවිල ශික්ෂණ මහා රෝහලට ගෙන ගියා. නමුත් මාව රෝහල තුළට ගෙන ගියේ නැහැ. ඉන්පසුව මාව වැල්ලවත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරී  මහතා වෙත ගෙන ගියා. වෛද්‍යවරයාට මා ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා මට තර්ජනය කළා මා බීලා බව කියන්න කියා. වෛද්‍යවරයා මට කිව්වා බීලාද කියා බලන්න ගෙනත් තියෙන බව. මම ඔහුට කිව්වා මාව පරීක්ෂා කරන්න කියා. නමුත් පරීක්ෂා කළේ නැහැ. මා ඔහුට කිව්වා මට හොඳටම අමාරුයි, පොලීසියෙන් පහර දුන්නා කියා. එවිට වෛද්‍යවරයා නියම කළා මාව කොළඹ ජාතික රෝහලට ගෙන යන ලෙසට.

මාව ජාතික රෝහලට ගෙන ගියා. මාව හදිස්සි අනතුරු එ්කකයට ගෙන ගියා. එහිදී මාව පරීක්ෂාවට ලක් කළා. එවිට 2015 අගෝස්තු 18 වන දින අ`ඵයම 3.00 ට පමණ ඇති. එහිදී මාව 72 වාට්ටුවට ගෙන ගියා. 72 වාට්ටුවේ මාව ෑභඔ සායනයට ගෙන ගියා. එහිදී මගේ කන් බෙරය පුපුරා ඇති බව ප‍්‍රකාශ කළා. සවස 4.30 ට පමණ වාට්ටුවට මාරු කළා. 

මෙදින සවස 5.00 ට පමණ, මහේස්ත‍්‍රාත්තුමිය පැමිණියා. එ් අංක 04 මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්තුමිය බව ප‍්‍රකාශ වුණා. නමුත් ඇය මාගෙන් කිසිවක් ඇසුවේ නැහැ. මා හට පහර දීම ගැන කිසිවක් විමසුවේ නැහැ. තුවාල පරීක්ෂා කළේ නැහැ. එතැන සිටි පොලිස් නිලධාරීන් සමග කතා කර මාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියම කර යන්නට ගියා.

මාව රෝහල්ගත කර තිබුණේ පොලිස් පහර දීම මතය.

මහේස්ත‍්‍රාත්තුමිය ගිය පසුව, ගල්කිස්ස පොලීසියේ නිලධාරීවරයෙක් මාගෙන් විස්තර අසා, ඔහු විසින් ලියා ගන්නා ලද ප‍්‍රකාශයට මට අත්සන් කරන්න කිව්වා. මා එය කියවා දෙන ලෙසට ඉල්ලූ විට ඔහු එය කියෙව්වා. මා විසින් සඳහන් නොකළ කරුණු එහි අන්තර්ගතව තිබුණා. මා එ්වා පෙන්වා දුන් පසුවත් ඔහු කියා සිටියේ එ්වායින් ප‍්‍රශ්නයක් නැහැ දැන් කපන්න බැහැ කියා. මා සිටි තත්ත්වය මත, මා එම ප‍්‍රකාශයට අත්සන් කළා.   

සවස 7.00 ට පමණ, බන්ධනාගාරයෙන් පැමිණ මාව බාර ගත්තා. 2015 අගෝස්තු 19 වන දින සවස 3.00 ට පමණ මාව බන්ධනාගාරයට ගෙන ගියා. මාව බන්ධනාගාර රෝහලට බාර දුන්නා. බන්ධනාගාර රෝහලේ දින 07 ක් ප‍්‍රතිකාර ගත්තා. එයින් පසුව මාව මැගසින් බන්ධනාගාරයට මාරු කළා.

2015.09.28 වන දින, ගල්කිස්ස උසාවියේ මට විරුද්ධව දමා තිබූ නඩු දෙකකටම ඇප ලබා දුන්නා. එයින් පසුව, 2015.09.29 දින, මාව කොළඹ අංක 01 :්ඍ6284* මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එතැනින් මාව නිදහස් කළා. 

මට විරුද්ධව ගල්කිස්ස පොලීසියේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ බොරු නඩුවක් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබේ. එහි අංකය බී 2910/15 වේ. මීළඟ නඩු දිනය :- 2015.11.23 වේ.

මෙයට අමතරව, බොරලැස්ගමුව පොලීසිය, නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2985/15 යටතේ නඩුවක් පවරා ඇති බවට ප‍්‍රකාශ වුණා. නමුත් නඩු දිනය දැණුම් දුන්නේ නෑ.

මෙම පසුබිම යටතේ මට ප‍්‍රකාශ කරන්නට ඇත්තේ,

මාගේ හිටපු බිරිඳ හා ඇගේ පියා එක්ව, පුද්ගලික ජීවිතයේ ප‍්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා ”පොලීසිය” උපයෝගී කර ගැනීම ඉහත සිද්ධීන්වලට මූලික වූ බවයි.

මා ඉල්ලා සිටන්නේ, පුද්ගලික අවශ්‍යතාවයට, අල්ලසට මට විරුද්ධව, ගල්කිස්ස පොලීසිය බොරු නඩු දැමීම, නීති විරෝධිව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීම, බොරලැස්ගමුව පොලීසිය මාගේ පැමිණිල්ල විභාග නොකර, යුක්තිය ඉටු නොකර, මට වධහිංසා පැමිණවීමට බොරු නඩු දැමීම, ළමාරක්ෂක අධිකාරිය පක්ෂව ක‍්‍රියා කරමින් ළමයින්ව අපයෝජනයට රුකුල් දීම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට හා බොරලැස්ගමුව පොලීසිය මට පවරන ලද අංක 2985/15  නඞ්වට අදාල ව මීළඟ දිනය දැණුම් දීමට පියවර ගන්නා ලෙසටය.’’ 

32 හැවරිදි එක් දරු පියෙක් වන තමා ව්‍යාපාරික කටයුතු වල නියැලෙන බවත්, අනන්‍යතාවය හෙළි කිරිමෙන් වළකින ලෙසට ඉල්ලා සිටි බවද සඳහන් කරමින් ප‍්‍රකාශ කරන්නේ රටේ නිතයේ ආධිපත්‍ය ය බිඳවැටි ප‍්‍රමාණය මෙම සිද්ධියෙන් ද පැහැදිලි වන 

Monday, October 5, 2015

කුඩ්ඩෙක් ගේ පාපොච්චාරණය.


රු. 80,000/= ක් දඩ මුදල් ගෙවලා. පොලීසිය වැඩ කරන්නේ චන්දන නැමැති ‘‘කුඩු“ කොන්ත‍්‍රාත්කරුවාගේ අවශ්‍යතාවයට.
ජනාධිපති ලේකම් ට, අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ට පිටපත් සහිතව පොලිස්පති අමතන රංජිත් මෙසේ කියා සිටී.
‘‘වයස අවු: 52යි, රැකියාව : තැඹිලි කැපීම/පොල් කැඞීම. මාගේ බිරිඳ අසනීපයෙන් පසුවන අතර, මා නිවසේ සිටින ඥති සොයුරිය මානසික රෝගයකින් පෙළෙන්නෙකි.
මෙම වාතාවරණය යටතේ, මා හෙරොයින් වලට ඇබ්බැහි වී සිටින්නෙකි. මා එක්වතාවක් හෙරොයින් සමග අසුවී වරද පිළිගෙන දඩ ගෙව්වෙමි. ඉන් අනතුරුව, විටින් විට මා අල්ලා නඩු දමන අතර, පොලිසියේ ඉල්ලීම පිට වරද පිළිගෙන දඩ ගෙවා නිදහස් වී ඇත. මේ වන විට මා ගෙවා ඇති දඩ මුදල රුපියල් අසූදහසකට වැඩිය.
දැනට සතියක පමණ සිට, පානදුර වෙරළ පොලිසිය ලෙසට හඳුන්වන විශේෂ ඒකකයේ සම්පත් නැමැති නිලධාරියා මා වෙත පැමිණ, හිරණ මාමානැමැති හෙරොයින් විකුණන පුද්ගලයාව අල්ලා දෙන ලෙසට ඉල්ලා සිටියේය. 2015.10.04 දින සවස 4.30 ට පමණ ඔහු, නිවස අසලදී අල්ලාගෙන, මාමාව අල්ලා දෙන්න, එවිට මාව මුදාහරින බව ප‍්‍රකාශ කලා.
මම ඔහුට කියා සිටියා, හිරණ මාමා දැන් හෙරොයින් විකුණන්නේ නැහැ, මම හෙරොයින් අරගන්නේ රත්මලානෙන් කියා. ඔහු එය පිළිගන්නේ නැහැ. මාමා යන අයව අල්ලා නොදුන්නොත් මට විරුද්ධව නඩු දාන බවට තර්ජණය කර යන්න ගියා. මා දන්නා පරිදි, මෙසේ මාමා”  යන අයව අල්ලන්නට සූදානම් වන්නේ, අප නිවස අසල සිටින චන්දන නැමැති කොන්ත‍්‍රාත්කරුවාගේ අවශ්‍යතාවයටය. මෙම චන්දන නැමැති කොන්ත‍්‍රාත්කරු, ඔහු යටතේ, සේවය කරන 15කු පමණ වන, අත් උදව් දෙන්නන්ට හෙරොයින් දිනපතාම ගෙවිත් දෙති.
මේ බව පොලිසිය හොඳින් දන්නා බව ප‍්‍රකාශ කරමි. මෙම චන්දන සමග පවතින සම්බන්ධය උඩ, ඔහුගේ අවශ්‍යතාවයට වෙනත් පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිසිය ක‍්‍රියා කරයි. චන්දනනැමැති අය මා සමග හිත හොඳ නැත.
මෙම කොත්ත‍්‍රාත්කරු සමග ඉහළ අයද සම්බන්ධකම් පවත්වනු ලබයි. ඔහු රජයේ කොන්ත‍්‍රාත්තුද ලබා ගනී.
මා හෙරොයින් වලට ඇබ්බැහිවූවත්, මා ජවජරම් කරන්නේ නැහැ. මට හිරේ යෑමට සිදුවූවොත්, මාගේ පවුල, මානසික රෝගී ඥති සොයුරිය අනාථ වීම සහතිකය.
මට ලියන්නට කියන්නට බැරිය. මාගේ පියා කබොක් ගල් කැපූ අයෙකි. අවුරුදු 7 දී මාගේ පියා මිය ගියා. පවුලේ ගණන 5කි. කිසිවකුටවත් ඉගෙන ගැනීමට හැකියාව තිබුනේ නැහැ. පානදුර ජුබිලි විද්‍යාලයේ 1 වසරට විතරයි යන්න ලැබුනේ.
මා ඉල්ලා සිටින්නේ, මහා පරිමානයේ හොරොයින් ජාවාරම් කරුවන් සමග සම්බන්ධකම් පවත්වන චන්දන නැමැත්තාගේ අවශ්‍යතාවයට මා බිල්ලට ගැනීමට පොලිසිය දරන උත්සාහය වලක්වන ලෙසටයි.
මෙම ලිපිය පානදුර පොලිසියට හෝ පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත යොමු කරනු ලැබුවහොත්, පොලිසියෙන් හා චන්දන නැමැත්තාගෙන් මගේ ජීවිතයට තර්ජණයක් එල්ල විය හැකි බව මා දන්නා කරුණකි.
වශයෙන් සිය ලිපියේ සහන් කරන ඔහු තමා වසර 13ක් පුරා හෙරෝයින් භාවිතා කරන බවද, දිනකට රු: 3000/= පමණ උපයන බවද, රත්මලානට ගොස් රු1500/ක පමණ කුඩු අරගෙන බොන බවද කියා සිටි. තමා පුනරැත්තාපනය වීමට කැමති බවද ප්‍රකාශ කරයි.




Sunday, October 4, 2015

මානව හිමිලම් වලට මම කැමති නැ.


17වන ෙකාළඹ ජාත්‍යන්තර ෙපාත් ප්‍රදර්ශණයට ඒක්වු ජංසංසදයට හා අාසියානු මානව හිමිකම් ෙකාමිසෙම් ප්‍රකාශන වලට ඉහළ ඉල්ලුමක් පැවැති අතර මානව හිමිකම් උල්ලංඝණය ගැන කථා කිරිමට ද අවස්ථාව ලැබින.
ෙමහිදි ජනසංසදය "මානව හිමිකම් යනු" ෙත්මාව යටෙත් ෙබදාහරින ලද පත්‍රිකාව ලබා ගැනීම ප්‍රතික්ෙෂ්ප කළ ඒකම පුද්ගලයා තියා සිටිෙය් තමන් මානව හිමිකම් වලට අකමැති බවයි.
සහභාගිතවය සහපත් විය. ඡයාරුප සාක්ෂි දරියි.



















Wednesday, September 16, 2015

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ, ෂණ, අක‍්‍රමිකතා, වංචා, පිළිබඳ සොයා බැලීම ට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු.



ජනසංසදය, 2015.09.15 දාතමින්  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍යය රනිල් වික‍්‍රමසිංහ මහතා,  කථානායක කරූ ජයසූරිය මහතා සහ ව්‍යවස්ථාදායක සභාවේ සියලූම  සභිකයන් වෙත ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ, ¥ෂණ, අක‍්‍රමිකතා, වංචා, පිළිබඳ සොයා බැලීම ස`දහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසට හා හිටපු සහ දැනට සිටින අය නිලතල සඳහා පත් නොකරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරන ලද පෙත්සම මගින්, 
ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ භාරධූර කාර්යයේ නියැලෙන මේ මොහොතේ, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුලූ කොමසාරිස්වරු පත් කිරීමේදී,
(1* මෙම කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරුන්, නිලධාරීන් කිසිවකු සභාපති සහ කොමසාරිස් වර ලෙසට පත් කිරීමෙන් වැළකී සිටින ලෙසට ද,
(2* විශ‍්‍රාමික පොලිස් නිලධාරීන් ප‍්‍රමුඛ රජයේ නිලධාරීන් කොමසාරිස්වරුන්, පත් කිරීමෙන් වැළකී සිටින ලෙසට ද,
(3* වගකීමක් ඇති, වගවීමට හැකි, පරිපාලන දක්ෂතා ඇති කොමසාරිස්වරුන් පත් කිරීම ඉතා වැදගත් බවද,
(4* කොමිෂන් සභාවේ මූල්‍ය කටයුතු විගණනය කිරීමට පියවර ගන්නා ලෙසට සහ ඉදිරියේ දි විගණයට යටත් කරන ලෙසටද
(5* සියලූ පිරිපාලන කටයුතු පිළිගත් ආයතන නීති රීති වලට යටත් කරන ලෙසටද,
(7* කොමිසමේ අක‍්‍රමිකතා හා මුල්‍ය වංචා සොයා බලා වාර්ථා කිරිම සහ කාර්යක්ෂම සහ ථලදායි කොමිසමක් සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසටද,        ඉල්ලා සිටිු.
එම පෙත්සමේ පෙන්වා දී ඇත්තේ, 
1996 අංක 21 දරණ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත මගින්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්ථාපිත කරන ලද දිනයේ සිට ශ‍්‍රී ලාංකික ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සඳහා කොමිෂන් සභාව සමග ඉතා සමීපව ක‍්‍රියාකරන ලද සංවිධානයක් වශයෙන් මෙම ඉල්ලීම ඉදිරපත් කරණු ලබන බවයි. 

18 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය යටතේ පත්කරණු ලැබූ, මේ දක්වාම ක‍්‍රියාත්මක වන     ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ, සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරුන් ද, එකී කාල පරිච්ෙඡ්දයේ එම කොමිෂන් සභාවේ පහත නම් වශයෙන් සඳහන් කරණු ලබන ප‍්‍රධාන නිල තල දරන්නන් විසින් සිදු කර තිබෙන ඉතා බරපතල ¥ෂණ, අක‍්‍රමිකතා සහ වංචා මගින් සිදු කර ඇත්තේ මූලික අයිතීන් උල්ලංඝණයන් ප‍්‍රවර්ධනය කිරීමත්, පීඩකයන් අරක්ෂා කිරීමත්, වින්දිතයන් ප‍්‍රපාතයට ඇද හෙළීම  සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳව සැමට සාධාරණය ඉටු කර ගත හැකි වන්නේ පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිෂන් සභාවක්  මගින් පවත් වන පරික්ෂණයකින් පමණක් වන බවයි.


සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මයා, කොමසාරිස්වරුන් වන  ජෙෂීමා ඉස්මයිල් මිය, ආන්නද රාජා මයා, ආචාර්ය ප‍්‍රතිභා මහානාම. (ඉවත්ව තිබේ.*, වෛද්‍ය බර්නාඞ් ද සොයිසා මයා, වත්මන් සභාපතිගේ උපදේශක/හිටපු අතිරේඛ ලේකම් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, ලේකම්, නීතිඥ සමන්ති ජයමහ මිය, වැඩබලන පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මහතා ඇතුලූ වැඩබලන අධ්‍යක්ෂවරු සියලූ දෙනා දුෂණ, වංචා, අක‍්‍රමිකතා වන්ට වගකිව යුතු බවයි.
එම පෙත්සමේ අන්තර්ගත කරුණු:-
‘‘ 01. නීති විරෝධී හා සදාචාර විරෝධී පත්වීම්.
ආනන්ද රාජා මහතා හිටපු පොලිස්පති වරයෙකි. තම සේවා කාලය තුළ මූලික අයිතීන් උල්ලංඝණය දිරිමත් කළ අයෙකි. පීඩකයන්ව ආරක්ෂා කරන ලදි. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනාවලට ලක් වූවෙකි.

ආචාර්ය ප‍්‍රතිභා මහානාම මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ දරන ආචාර්ය පදවියට අමතරව සර් ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයේ ද තනතුරක් හොබවයි. කොමිෂමේ මාධ්‍ය ප‍්‍රකාශක වශයෙන් එකල සියලූ මූලික අයිතීන් උල්ලංඝණයන් වසන් කිරීමට සහ ජනතාව නොමග යැවීමට පියවර ගන්නා ලදි.

සභාපති ප‍්‍රමුඛ සෙසු කොමසාරිස්වරු අක‍්‍රීය පුද්ගලයන්ය. පනතේ පැහැදිළි කරන නිර්නායකයන්ට පටහැනිව පත් කරන ලද අය වෙති.

නීතිඥ නිමල් පුංචිහේවා මහතා, වර්තමානයේ ”සභාපතිගේ උපදේශක” ලෙසට පත් කරගෙන සිටිති. හිටපු අතිරේක ලේකම්ය. කොන්ත‍්‍රාත් පදනම යටතේ දිගු කාලයක් සේවය කරන ඔහු පසුගිය කැබිනට් මණ්ඩලයේ හා හිටපු ජනාධිපති ලේකම් ගේ නිර්දේශයෙන් කටයුතු කරණු ලැබීය. මේ නිල තල දරණ අතරම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති පදවිය ද දරණ ලදි.

ජනාධිපතිවරණය සමයේ මොහු වැඩ බලන පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් සමග එක්ව, මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයට එරෙහි වූවන්ට තර්ජනය කරන ලදි. බලපෑම් කරන ලදි.

නීතිඥ නිමල් පුංචිහේවා මහතාව කොමිසමේ රඳවා ගැනීම ස`දහා සභාපති - හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මහතා ප‍්‍රමුඛ ව, සේවකයන් සිය කාර්යාලයට බලහත්කාරයෙන් ගෙන්වා අත්සන් ලබා ගැනීම සිදු කරන ලද්දේ වැඩ බලන පරිපාලන හා මුල්‍ය අධ්‍යක්ෂ පදවියට පත්ව සිටින විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මයාය.

නීතිඥ නිමල් පුංචිහේවා මහතාව සංවිධානාත්මකව විවිධාකාර ලෙස කොමිසමේ මුදල් අයථා ලෙසට පරිහරණය කර තිබෙන අතර, අදටත් එ් සඳහා පිඹුරු පත් සකස් කරමින් සිටි. 

එයට අමතර කොමිෂම තුළ නුසුදුස්සන්ට තනතුරු ලබාදෙමින් තම අවශ්‍යතාවයන් ඉටු කර ගන්නා අතර, එම දුෂිත පිළිවෙත් වලට හිස නොනමන කාර්ය මණ්ඩල සමාජිකයින් ව හිංසාවට පත් කරනු ලබයි.

ඔහු සිය උප්පැන්න සහතිකය පවා වෙනස් කර ඇති බවට ප‍්‍රකාශ වන අතර, එ් බව තහවුරු වන්නේ, ඔහු විසින් ලබාගෙන ඇති විදේශ ගමන් බලපත‍්‍ර මගින් හා විවිධ අවස්ථාවල රාජකාරිමය වශයේන ලබා දී ඇති ප‍්‍රකාශ වලින්ය.

ලේකම් නීතිඥ සමන්ති ජයමහ මියට, ලේකම් තනතුර දැරීම සඳහා අත්‍යවශ්‍ය මූලික සුදුසුකම් නොමැති බව ප‍්‍රකාශ වේ. 2012.04.30 සිට කොන්ත‍්‍රාත් පදනමේ සිටින අතර, ඇයගේ සේවය අකාර්යක්ෂම බව ප‍්‍රකාශ වී ඇතත්, ඇයව තනතුරේ ස්ථිර කිරීමට කඩිමුඩියේ පියවර ගෙන ඇත්තේ ආණ්ඩු වෙනස් වීම සමගය. මැය එවැනි තනතුරුවලට නුසුදුසු තවත් එක් හේතුවක් වන්නේ ඇයගේ සැමියා යුධ හමුදාවේ නිලයක් දැරීම.

පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීමට පත් කරණු ලැබ සිටින විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මයාට එම තනතුරට අදාල අවම සුදුසුකම් නොමැති බව ප‍්‍රකාශ වන අතරම, ඔහු මෙම තනතුරේ සිටිය දී නීතිඥ වෘත්තියේ නියැලෙන බව ප‍්‍රකාශ වේ. මෙය බරපතල නීති විරෝධී ක‍්‍රියාවකි. මොහු 2009 වසරේ සිදු වූ ටයර් සොරකමට අදාලව, වගකිව යුත්තෙක් බව ප‍්‍රකාශ වේ. එ් අවස්ථාවේ මොහු වැඩ බලන ප‍්‍රවාහන නිලධාරී වශයෙන් ක‍්‍රියා කර තිබේ.

2008 වසරේ කොමිෂන් සභාව, කොමිෂන් සභාවේ සේවකයන් පිරිසක් පිටස්තරයකු ද සම්බන්ධ කරගෙන ගිනි තබන ලදි. මෙම පිරිසට අදාල නඩු විභාගයට බලපෑම් කර, අවසන් කිරීමට ද, ඉන් අනතුරුව වසර 8ක් හිඟ වැටුප, වැටුප් වර්ධක සමග යළි සේවයේ පිහිටු වීමට ද සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා, සභාපති උපදේශක (හිටපු අතිරේක ලේකම්* නීතිඥ නිමල් පුංචිහේවා, පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ (වැ.බ* නීතිඥ ප‍්‍රසන්න අරම්පත් පෙරමුණ ගෙන තිබේ. 

හිටපු විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න මහතා සමග අයථා ලෙස සම්බන්ධකම් පවත්වාගෙන කොමිෂන් සභාවේ සේවකයන් ට නීති විරෝධීව රජයේ විශ‍්‍රාම වැටුප් ලබන සේවකයන් බවට ප‍්‍රකාශයට පත් කරවීමට පියවර ගැනීමට මූලික වූයේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා, සභාපති උපදේශක (හිටපු අතිරේක ලේකම්* නීතිඥ නිමල් පුංචිහේවා, පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ (වැ.බ* නීතිඤ ප‍්‍රසන්න අරම්පත් යන අය බව පැවසේ.

පසුගිය ආණ්ඩුව සමයේ පොලීසිය, හමුදාව, බන්ධනාගාරවල සිදු කරණු ලැබූ ඝාතන හා වධහිංසා පිළිබඳව විමර්ශනය කරන බවට ප‍්‍රකාශ කළ ද එ්වායේ වාර්තා ප‍්‍රසිද්ධ කළේ නැත. එසේ නැතිනම් එ්වා සාධාරණීකරණය කරමින් වාර්තා නිකුත් කරණු  ලැබීය. මේ හැම කරුණකදී ම පෙරමුණ ගෙන ක‍්‍රියා කළේ, සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා සභාපති උපදේශක (හිටපු අතිරේක ලේකම්* නීතිඤ නිමල් පුංචිහේවා, පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ (වැ.බ* ප‍්‍රසන්න අරම්පත් ප‍්‍රමුඛ කොමසාරිස් වරුන් ය.

මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශාල මුදලක් වැය කර පවත්වාගෙන යනු ලබන ප‍්‍රාදේශීය කාර්යාලය ”සුදු අලියන්” පමණක් නොව පීඩාවට පත්වන පුද්ගලයන් (වින්දිතයන්* තව තවත් පීඩාවට පත්කරණු ලබන, පීඩකයන් සමග එක්ව ක‍්‍රියාකරන ¥ෂිත මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබේි.

පෙර ස`දහන් කළ පරිදි, අවම සුදුසුකම් නොමැති, විෂමාචාර ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට පදවි පිරිනමා නඩත්තු කරන අතරම, ¥ෂණ අක‍්‍රමිකතා නොකරන, ¥ෂණවලට එරෙහිව ක‍්‍රියා කරන නිලධාරීන්ගෙන්, සේවකයන්ගෙන් පළි ගැනීම සඳහා ක‍්‍රියා කරන්නේ අති විශාල මුදල් වියදම් කරමින්ය. ඊනියා පරීක්ෂණ මගින් අවංක දක්ෂ නිලධාරීන්ට දඬුවම් කිරීම, හිතවතුන්ට මාරු වීම්, වරප‍්‍රසාද ලබා දීම, හිතවතුන්ගේ විනය විරෝධී ක‍්‍රියාවන් යට ගැසීම, වංචාවලට අනුබල දීම සිදු කර තිබේ.

පෙර සඳහන් කළ පරිදි මානව හිමිකම් කොමිෂමේ අතිරේක ලේකම් පදවියේ (කොන්ත‍්‍රාත් පදනමින්* ක‍්‍රියා කරන අතරම, එයට සමගාමීව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ධූරය දරමින් ක‍්‍රියා කළ නීතිඥ නිමල් ජී පුංචිහේවා, කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු, වැඩ බලන අධ්‍යක්ෂවරුන්ට සෘජුව හෝ වක‍්‍රව ඉඩම් ලබා දී ඇති බවට වාර්තා වේ.

විමර්ශන ලිපි ගොනු ගොඩ ගැසීමට ඉඩ හැර, එම ලිපි ගොනු වැඩ අවසන් කිරීම යන ප්‍රෝඩාකාරී යෝජනාව යටතේ, සහකාර උපදේශක (අතිරේක ලේකම්ව සිටි* නීතිඥ නිමල් පුංචිහේවාට එක් ලිපි ගොනුවකට රු: 5000/- බැගින් ගෙවීම යටතේ ඔහුට අනියම් ලෙසට මුදල් උපයා තැනීමට අවස්ථාවක් ලබා දීමට සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා හා ලේකම් සමන්ති ජයමහ මිය ප‍්‍රමුඛත්වයෙන් අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ගෙන තිබෙන බවද වාර්තා වේ.

අඛණ්ඩව පසුගිය කාල පරිච්ෙඡ්දයේ, මානව හිමිකම් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට, දේශක ගාස්තු වශයෙන් රු: 10,000/- ක් ද, ප‍්‍රවාහන ගාස්තු හා නවාතැන් පහසුකම් සලස්වා විශාල මුදල් වංචාවක් සිදු කර ඇති බව වාර්තා වේ.

”පොලිස් ස්ථාන පරීක්ෂාව” යටතේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාලවලට අනුබද්ධ විමර්ශන නිලධාරීන් මුදල් වංචා කර තිබේන බව හා එම කාර්යයේ කිසිදු ඵලදායි තත්වයක් නොමැත.

කොමිෂමට පැමිණෙන වින්දිතයන් දැඩි අපහසුතාවයට පත් කරණු ලබන අතර පීඩකයන් සමග එක්ව, ඔවුන් සමථ කිරීමේ කාර්යයේ නිරත වී සිටින වත්මන් සභාපති ප‍්‍රමුඛ කොමසාරිස්වරු, සභාපති උපදේශක නීතිඥ නිමල් පුංචිහේවා මයා, වැඩ බලන පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ, විමර්ශන නිලධාරී නීතිඥ ප‍්‍රසන්න අරම්පත් මයා, සමහර විමර්ශන නිලධාරීන්, වින්දිතයන් නින්දාවට, අපහාසයට පාත‍්‍ර කිරීම.

පීඩකයන් ආරක්ෂා කාරීම සඳහා විමර්ශන ලිපි ගොනු අතුරුදහන් කරවීම. විමර්ශන වාර්තා නිකුත් නොකිරීම.

වින්දිතයන්ගේ ආරක්ෂාව සඳහා ඇතිකර තිබෙන හදිසි ඇමතුම් අංකය බාරව ක‍්‍රියා කරන සමහර විමර්ශන නිලධාරීන් පීඩකයන් වෙනුවෙන් පෙනී සිටී.

පරිපාලනයේ ¥ෂණ හා අක‍්‍රමිකතා පවත්වාගෙන යෑම සඳහා, කොමිෂමේ නිලධාරීන්/ කාර්ය මණ්ඩලය අනන්‍යයතාවය හෙළි නොකිරීමට පියවර ගෙන තිබීම.

කලාපීය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වන එ්ෂියා පැසිපික් මානව හිමිකම් සංවිධානය :්ඡුෑ* විසින්ල  ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පූර්ණ සාමාජිකත්වයෙන් ඉවත් කොට, තත්ත්වයෙන් පහත හෙලා ඇති බව ඔබ දන්නා කරුණකි. මෙම සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාව හා නිර්දේශ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා මයා විසින් සඟවා තබාගෙන තිබේ.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ¥ෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව අප විසින් කරන ලද හෙළිදරව් කිරීම් නිසා බොහෝ සේ කුපිත වූ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්්ත පෙරේරා මයා ප‍්‍රමුඛ ඉහත සඳහන් කළ  කණ්ඩායම එ් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ලේකම් නීතිඥ සමන්ති ජයමහ මිය මගින් පැමිණිලි කරන ලදි. එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ කුමක්දැයි නොදනිමු. එහෙත් එ් පිළිබඳව අපගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ විශේෂ විමර්ශන එ්කකය ෂෂෂ මගින් ප‍්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය. විශේෂ විමර්ශන එ්කකය ෂෂෂ ප‍්‍රකාශ කර සිටියේ නීතිපති උපදෙස් මත පරීක්ෂණ කරන බවයි. අප හෙළිදරව් කළ කරුණු ඔප්පු කිරීමට හැකි බව අවධාරණය කරමු.

ඉහත සඳහන් කරුණු ඔප්පු කිරීම සඳහා ලිඛිත සාක්ෂි තිබෙන අතර පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිෂමක් පත්කිරීම (සාක්ෂිකරුවන් ආරක්ෂා කරන* මගින්, වාචික සාක්ෂි දීමට සේවක මණ්ඩලයේ සේවකයන් සූදානමින් සිටින බව ද අවධාරණය කරමු.’’
තවද, මේ කරුණු ඇතුළත් දීර්ඝ විස්තර ජනසංසදය හා කාර්ය මණ්ඩලය නිර්නාමිකව ගරු ජනාධිපති හා අග‍්‍රාමාත්‍යවරයා වෙත වරින් වර දැණුම් දීම් කර තිබෙන බව ද සඳහන් කරයි.