Sunday, October 16, 2016

එස්. මහින්ද හිමි හඬා වැළපෙයි. සිසුවකුට කොස්ස කැඩෙනකන් පහර දුන්න චීවරධාරියාව රකින්නේ පොලීසිය..

Add caption


සුපුරුදු පරිදි අධ්‍යාපන බාරව සිටින නීච නිලධාරින්, විදුහල්පති හා අපරාධ වලට හවුල් ගුරුවරු හා දෙමාපියන්ද මෙම බුදු සසුන කෙලෙසන චීවරධාරියා රැුකීමේ ප‍්‍රබල උත්සහයක යෙදි සිටී.

පානදුර දකුණ පොලිස් බල ප‍්‍රදේශයට අයත් අ`ඵබෝමුල්ල එස්. මහින්ද විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලැබූ අවු: 15 යි මාස 08 ක් වූ,  සිසුවකුට, 2016.10.06 දින එම විදුහලේ උගන්වනු ලබන කහවත්තේ ඥනසීල නැමති චීවරධාරි ගුරුවරයා විසින් අමානුෂික ලෙසට පහර දී කෘරත්වයට පත් කරන ලදි.

මෙම පහරකෑමේ ප‍්‍රතිඵලයෙන් ඔහු පානදුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබාගත් අතර රෝහල් පොලීසිය ප‍්‍රකාශයක් සටහන්කරගෙන තිබිණ. ඔහුගේ පියා, මේ පිළිබඳව පානදුර දකුණ පොලීසියේ පැමිණිල්ලක් කර ඇත.

මෙම අපරාධය පිළිබඳ පානදුර දකුණ පොලීසියේ නිලධාරියෙක් 2016.10.10 වන දින, එම විද්‍යාලයට ගොස් අපරාධ සැකකාර චීවරධාරි ගුරුවරයා හා විදුහල්පති සමග බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිට පසුදින (2016.10.11 දින* පොලිස් පැමිණෙන ලෙසට තුණ්ඩුවක් ලබා දී තිබින. 

මෙදින මෙම අපරාධය සිදුකරණු බලා සිටි සිසුන් කිසිවෙකුගෙන් ප‍්‍රකාශයක්, සාක්ෂි සටහනක් ලබා  නොගැනීමට මෙම පොලිස් නිලධාරියා වගබලාගෙන ඇත.

පසුදින එනම්, 2016.10.12 වන දින මෙම සිසුවා, සිය මව හා පියා සමග පොලීසියට ගිය අවස්ථාවේ, ‘‘මම මේක විභාග කරනවා කියමින්’’ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පහරකෑමට ලක්වූ සිසුවා, මව හා පියාද, පහර දුන් භික්ෂුවද, විදුහල්පතිද, තවත් ගුරුවරයකු ද නිල කාමරයට කැඳවා ‘‘බණ’’ කියා සමථ වන ලෙසට සිසුවාගේ මව හා පියාගෙන් ඉල්ලා ඇත.

එයට අකමැති වූ විට, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරියකු කැඳවා ‘මම’ (මූලස්ථාන පොලිස් පරීක්ෂක* කිව්වා කියා, ලියා සමථ මණ්ඩලයට දාන්න යැයි නියම කර ඇත. මෙය අපරාධකරුවා බේරා ගැනීමට, කරණ ලද ක‍්‍රියාවකි. මෙය සමථ මණ්ඩලයට දාන්න බැරි අපරාධයකි.

මෙයින් පැහැදිළිවම පෙන්නුම් කරන්නේ අපරාධ සැකකරු ‘චීවරධාරී ගුරුවරයකු’ වීම හා විශේෂයෙන් මෙම අපරාධය වසන් කිරීමට පෙරමුණ ගෙන සිටින විදුහල්පති ප‍්‍රමුඛ පිරිසකගෙන් අල්ලස් ලබාගෙන ‘‘අපරාධකරුවන්ට’’ නිදැල්ලේ සිටීමට ඉඩ හැරීම මගින් ‘‘අපරාධකරුවන්’’ බිහි කිරීමද,  ඕනෑම අපරාධයක් කර බේරීමට හැකිය යන ‘‘මහඟු ආදර්ශය’’ අනාගත පරපුරට ලබා දීමට ද, පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක‍්‍රියා කර ඇත.

පෙර සඳහන් කළ පරිදි මෙම අපරාධය වසන් කිරීමට මේ වන විට විදුහල්පතිවරයා පෙරමුණ ගෙන ඇත. ගුරු මණ්ඩලය කැඳවා චීවරධාරී අපරාධ සැකකරුවා බේරා ගැනීම වෙනුවෙන් එකා මෙන් පෙනී සිටින ලෙසටද අණ කර ඇත. එ් සාක්ෂි වසන් කිරීම සඳහාය.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නැත. 

තවද මෙම අපරාධය මේ දක්වාම අධිකරණයට වාර්තා කිරීමට පානදුර දකුණ පොලීසිය පියවර ගෙන නොමැත. චීවරධාරියෙක් වුවත් නීතියට යටත්ය. නීතියට ඉහළින් කිසිවෙකු සිටිය නොහැක. 

මෙවන් සිදුවිම් වලදි, සිවිල් සමාජයේ වගකීම, මුනිවත රැුකීම නොවේ.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් අද සිටියා නම්, එදා ලිව්ව කවි සංශෝධනය කරනු නිසැකය.

නීති විරෝධි වැඩ වලට එරෙහි වන්න. නිදහස හිමි වන්නේ නීතිය මත පාලනයක් ඇති රටක් බිහිවු දිනයකය. අනාගත පරපුර එහි වගකිම බාර ගන්න. නිවට වැඩි හිටියන්ට හිස නොනමන්න.

මොන කරුමය ද තව ඇහැරුණු බවක්       නැහැ
පැන පැන බියව මුළු වැදුමෙන් පලක්         නැහැ
දිනුමත් පැරදුමත් කෝකත් කමක්             නැහැ
එනු ඉදිරියට පැන ගොස් නිදහසක්             නැහැ --- 
                                                                එස්. මහින්ද හිමි





Saturday, October 15, 2016

දවස් 4 තිස්සේ කොච්චි ඉස්ස කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් වධ දෙනවා.

මෙසේ පහර දෙමින් වධ දි ඇත්තේ, බේරුවල පොලිසියේ උ.පො.ප. ෆොන්සේකා හා සැරයන් කාරියවසම් යන දෙන්නා.

20 හැවිරිදි බේරුවල.ෆාතිමා ෆස්ලා, තම සැමියාට වධ දීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම් සභාව ට, පොලිස්පති ට පැමිණිලි කරමින් මෙසේ කියා සිටි.

‘‘ රහ්මාන්, අවු: 24යි. කම්කරු. මා ගේ සැමියා වේ.
2016.10.12 වන දින බේරුවල, එගොඩවත්ත පාරේදි, පිරිසක් මා ගේ සැමියාව අල්ලා, බේරුවල පොලීසියට කථා කර ගෙන්වා බාර දි තිබේ.

එදින ප.ව. 4.00ට පමණ මා, මාගේ අයියා ෆස්ලාන් සමග පොලීසියට ගියා. ඔහුව හොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසියෙන් කිව්වා. සැමියා කුඩුවේ සිටියා. කථා කරන්න දුන්නේ නැ. අපිට ඉන්න එපා කියා කිවිවා. මා ගෙදර ගොස් රාත‍්‍රි 8.00ට පමණ කෑම අරන් ආවා. එ් අවස්ථාවේ වරෙන්තුවක් තියෙනවා කිව්වා. හෙට උසාවි දානවා කිව්වා. නමුත් උසාවි දැම්මේ නැ, ? සැමියාට පහර දි තිබුනා. එ් ආකාරයටම, 13 හා 14 වෙනිදා උසාවි දාන බව කිව්වා. නමුත් දැම්මේ නැ. එ් දවස් දෙකේ දිත් ? ගහලා තිබුනා. අද 15දා උදේ බලන්න ගියා. සැමියාට ? හොඳටම ගහලා තිබුනා. ඔහු කිව්වා කොච්චි මිරිස් කොටලා කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් ගැහැව්වා කියලා. කකුල් වලට ගහලා. ඇවිද ගන්න බෑ.
එ් අතර ඊයේ (14දා* දවල් 2.00ට පමණ මා අයියා ෆසිල් ව හා සැමියා ගේ අයියා මිල්හාන් ව  අත් අඩංගුවට ගෙන රඳවා ගෙන පහර දෙනවා. ඔවුන් හොඳමට ගහලා. කොච්චි මිරිස් කොටලා කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරලා. 

මෙසේ පහර දෙමින් වධ දි ඇත්තේ, බේරුවල පොලිසායේ උ.පො.ප. ෆොන්සේකා හා සැරයන් කාරියවසම් යන දෙන්නා.’’

ඇය ඉල්ලා සිටින්නේ, නීති විරෝධව වධ දෙමින් රඳවා ගෙන සිටින මා ගේ සැමියා  වන බි.ආර්.එම්. රහ්මාන්, අයියා වන ෆසිල් ව හා මස්සිනා වන මිල්හාන්ව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

Friday, October 14, 2016

පොලිස් වධකයෝ රු:- ලක්ෂ 1 1/2, දෙන බවට පොරොන්දුවී, රු:-75000ක් දි සමථයකට අත්සන් ගෙන.



උ.පො.ප. වික‍්‍රමාරච්චි, පො.සැ. 53070 සේනාධීර, පො.කො.1090 රූපසිංහ, පො.කො. 94903 ඉසුරු හා පො.කො. 80660 මධුරංග, මානව හමිකම් කොමිසම් සභාවේ විමර්ශණය වන අංක :- HRC/ 1600/16/ i -25 වු පැමිණිල්ලේ වගඋත්තර කරුවන්ය. පැමිණිලිකාරිය වස්කඩුවේ අනෝෂා ප‍්‍රියංගි ද සිල්වාට හා වධහිංසාවට පත්වු ඇගේ සොහොයුරා විදුරංදගය. මෙම දෙදෙනාට, ඉහත නිලධාරින් අයුතු බලපෑම් කිරිමට පටන්ගන්නා ලද්දේ, විමර්ශණය ආරම්භයේ සිටමය. එ් මුදලක් අරගෙන පැමිණිල්ල සමථ කර ගත් බවට දිව්රුම් ප‍්‍රකාශයක් ලබදෙන ලෙසට ඉල්ලමින්ය.                  

රු:5000/- සිට රු:- ලක්ෂ 1 1/2, දක්වා සමථ මදල වැඩි කිරිමට වගඋත්තර කරුවන් පියවර ගත්තහ. එම මුදලට වධහිංසාවට පත්වු, විදුරංග එකඟ විය. එ් අනුව, පොරොන්දුවෙන් 1/2 ක්, රු:- 75000/- ක් ලබා ගෙන සමථවිමට එකඟත්වය පළකරන ලියවිල්ලකට නිතිඥයකු ඉදිරිපිට අත්සන් ගත් බව ට සොහොයුරිය චෝදනා කර සිටි.

මෙම කරුණ සම්බන්ධයෙන් ජනසංදය මානව හිමිකම් කොමිසම් සභාවට දන්වා සිටියේ වධහිංසාව සමාදාන කළ නොහැකි අපරාධයක් බවයි. වින්දිතයා, වගඋත්තරකරුවන්ගේ බලපෑම්වලට යටත්ව විමර්ශනයෙන් ඉවත් වුවද, වධහිංසා පැමිණවීමේ, චොදනා වට අදාල විමර්ශන නතර නොකළ යුතුය.  සමථ නොකළ යුතුය. එ් අදාල නීතිමය තත්ත්වය පැහැදිළි කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ අංක ීක්‍රැු්චචකසජ්එසදබ 270රැු93 නඩුවේ තීන්දුව කොමිසම් සභාවට ඉදිරිපත් කිරිමටද පියවර ගෙන තිබේ. එමෙන්ම, පෙත්සම්කාරිය හා වින්දිතයා විශාල මුදලක්ට, අල්ලසකට, යටපත් කිරීමට පොලීසිය දරන උත්සාහයට ඉඩ නොතබන ලෙසට ජනසංසදය වැඩි දුරටත් ඉල්ලා සිටි.   

මෙම පොලිස් අපරාධකරුවන් ගේ උත්සහය, වින්දිතයින්ට අල්ලස් දි හෝ පැමිණිලි ඉල්ලා අස්කරවාගෙන, එ් මගින් තමන් අපරාධකරුවන් නොවන බවට හුවා දකවා උසස්විම් ලබා ගැනීමටය. මෙම දුෂිත තත්වය තුරන් කිරිම, පොලිස් කොමිසමේද වගකීමකි.





Saturday, October 8, 2016

චිවරධාරි ගුරෙක් ගේ කොසු පහරින් සිසුවා රෝහලේ.


මේ ජනාධිපති සිරිසේන ලෝක ගුරු දිනයේ දුන්න පණිවුඩයේ ප‍්‍රතිඵලයක් ද ?
මෙම අමානුෂික පහර කෑමට ලක්ව ඇත්තේ මෙවර අ.පො.ස.පෙළ විභාගයට පෙනීසිටිමට නියමිත සිසුවෙකි. අලූබෝමුල්ල, බප/ක/ එස්. මහින්ද විද්‍යාලයේ බුද්ධාගම උගන්වන එ් වාගේම විනය බාර ගුරා ලෙසට අංතට්ටුවකක් තට්ටය උඩ තියාගෙන සිටින, කහවත්තේ ඥනශිල නැමැති චිවරධාරියාය.
කොස්සක් කැඩෙනතුරු පහර දීමෙන් පසුව, ශිෂ්‍යයින් කිහිප දෙනෙක් කොස්සේ කැලි ඇහිඳනවා දුටු මෙම චිවරධාරියා, තොපි මොවා එකතු කරන්නෙ මාව අමාරුවේ දාන්න ද කියමින්, එවා ඇහිඳගෙන ගොස් හංගා ඇත.

මෙම චිවරධාරියා, පාණදුර, කුරස හංදියේ පොඩි පන්සල නමින් හඳුන්වන ස්ථානයේ ජිවත්වෙති.

ඔක්: 05, ජාතික ගුරු දින සමරුව ට එක්වෙමින් ජනාධිපති සිරිසේන ගුරුවරු ළමුන්ට ගැහැව්වාම දෙමාපියන් මානව හිමිකම් යන බව කියමින්,  අධ්‍යාපනය කඩා වැටීම වසා ගැනිමේ අසාර්ථක උත්සහයක නිරත වෙයි.

තවද තමාට විදුහල්පති වරද නොකළ ද වේවැල් මිටියක් ගෙන, වේවැලක් කැඩෙනකන් පහර දුන්න බවත් එහෙත් තමා ඉවසාගෙන සිටිය බවත් එ් බව ගෙදරට නොකිව්වේ ගෙදරින්ද ගුටි කන්නට වෙන නිසා බවත් කියන්නට තරම් නිවට තත්වයට පත්ව තිබින.

සිසුන්ට පහර දීම නීති විරෝධි බව එදා මොහුවත් මොහුගේ දෙමාපියන්වත් නොදැන සිටි බවයි මෙයින් ප‍්‍රකාශ වන්නේ. එසේම තම දරුවාට වේවැල් මිටියකින් පහර දුන්න විට එයට සංවේදිවන්නට නොහැකියාවක් දෙමාපියන්ට තියෙන්නට ඇත.

පසුගිය ජුනි 26 වධහිංසාවට එරෙහිව මානව හිමිකම් කොමිසන් සභාව සිසුන් පෙර දැරි කරගෙන කොළඹ පැවැත්වු පා ගමනට සිරිසෙන් ජනාධිපති එක්වුයේ, වංචිනික චේතනාවෙන් දේශිය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂකයින් නොමග යැවීමට නොවේ නම්, මෙවන් ප‍්‍රකාශයක් ජාතික ගුරු දිනයේ නොකළ යුතුව තිබින.

ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන් අමතා, එහි උණුසුම වත් මැකි යන්නට ප‍්‍රථම, ලෝක ගුරු දිනය සැමරිමේ ජාතික උළෙල අමතා මානව හිමිකම් අවතක්සේරුවට ලක්කරමින් කරන ලද කථාවෙන් පෙර ආණුඩුමෙන්ම මානව හමිකම් උල්ලිඝණයන් ට ආණ්ඩුවේ මුද්‍රාව තැබිමේ උත්සහයක් ඇති බව පැහැදිලියි. මේ පිළිබඳව මානව හිමිකම් ආරක්ෂකයින් ගේ, සිවිල් සමාජයේ මෙන්ම මානව හිමිකම් කොමිසම් සභවේ දැඩි අවධානයට ලක්විය යුතුය.

කෙසේවෙත් ජාතික ලෝක ගුරු දිනය ට පසුදින, කහවත්තේ ඥනශිල නැමැති චිවරධාරියා තම පාසලේ සිසුවකුට කොස්සක් කැඩෙනකම් පහර දිමට ඉදිරිපත් වීම, ජනාධිපති සිරිසේනගේ කථාවට දැක්වු හොඳම ප‍්‍රතිචාරය වේ.

මෙම මස 06 පහර කෑමට ලක්වු සිසුවාව විද්‍යාගාරය තුල තබා, ගාගන්නට බාමි දි, පොලිසි යන්න එපායි ඔවදන් දී, පාසැල ඇරුනු විගස විදුහල්පති ඇතුලූ ගුරුවරු පාසලින් පිටව ගොස් ඇත.

මවට දැනගන්නට ලැබි සිසුවාව රොහල් ගතකරන විට දහවල් 3.00 පමණවි ඇත.

පසු දින 07, දෙමාපියන් විදුහලට ගෙන්වා ගත් විදුහල්පති අයි. ඩි. ලක්ෂ්මන් චිවරධාරියාගේ ක‍්‍රියාව කිසිසෙත් අනුමත නොකරන බවත්, බෙහෙත් හෙත් ගැනීමට උදව් කිරිමට සුදානම් බවත් පවසා ඇත. තවද මෙම චිවරධාරියාගෙන් තමාට බොහෝ උපකාර තිබෙන බවද කියන්නට ද අමතක කර නැත.

මොහු චිවරයක් දමාගෙන සිටියත් බෞද්ධයෙකු නොවන නිසා මොහුට බුදුදහම ඉගැන්වීමට ඉඩ නොදිමට වග බලා ගැනීම මෙම විද්‍යාලයේ සිසුන්, දෙගුරුන් ගේ වගකීමකි.  

එස්. මහින්ද හිමියන්ගේ ශ‍්‍රි නාමයට ගෞරවයක් වශයේන් උන්වහන්සේ ගේ නමින් පවත්වාගෙන මෙම පාසැලේ චිවරධාරියෙකුගේ මෙම නිච ක‍්‍රියාව මහිනිද හිමියන්ට ද නිගාවකි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ රෙජිමය කලා මෙන් මානව හිමිකම් පිළිබඳව ලොකෙට එකක් කියමින්, රට තුල ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කරන්නට සුදාම් බවට වන ඉඟියකි, ජනාධිපති සිරිසේනගේ ලෝක ගුරු දින කථාව.
සමාජය වෙනස් කිරිමේ වැඩි බලය ගුරුවරයටයි යන හිසින් 2016 ඔක්: 07 දිණමිණ පළ කළ  ඔහුගේ කථාවට යොමුව:-



Thursday, October 6, 2016

වැඩියෙන්ම වධ දුන්නේ ගුරුවරියන්, මහානාම ගුරු මහත්මිය කියයි.



විදුහල්පති පේ‍්‍රමලාල් කුමාරසිරි හා මලගොඩ ගුරුවරයාගේ ලිංගික අතවරවලට විරුද්ධ වන විට තමාට එරෙහිව, වනචරයින්, රැුකීමට ඉදිරිපත් වුණේ මහනාම විදුහලේ ගුරුවරියන් බව ඇය කියා සිටී.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්, තොරතුරු හෙළි කරන්න බයද? යන තේමාව යටතේ පවත්වන ලද සංවාදයට එක්වෙමින් ඇය ඉහත කරුණු හෙළි කරන ලදි.




මෙම සංවාදය පවත්වන ලද්දේ ලෝක ගුරු දිනය නිමිති කරගෙනය. මෙම සංවාදයට පාදක කරගන්නා ලද්දේ මනෝහාරි පෙලකැටිය ගුරු මහත්මිය විසින්, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂම, කොළඹ මහානාම විදුහලේ හිටපු විදහල්පති පේ‍්‍රමලාල් කුමාරසිරි හා මලගොඩ ගුරුවරයා වගඋත්තරකරුවන් කරමින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවයි.

තමාව, එවක මහානාම වදුහලේ විදුහල්පති, පේ‍්‍රමලාල් කුමාරසිරි හා මලගොඩ ගුුරුවරයා ලිංගික හිංසනයට පාත‍්‍ර කිරීමට එරෙහිව නැගී සිටීමේදී, තමාට ආපන ශාලාව පවා තහනම් කළ බවත්, තමාව වැඩියෙන් පීඩාවට පත්කළේ විද්‍යාලයේ ගැහැණු ගුරුවරුන් බවත් ප‍්‍රකාශ කළේය.

මෙම සංවාදයට එක්වෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සභාපතිනිය සීතා රංජනී කියා සිටියේ, ලිංගික හිංසාවන්ට පත්වන කාන්තාවන් නිහඬව සිටින රටක, මනොහාරී පෙලකැටියගේ ඉදිරිපත් වීම ඉහළින් අගය කළ යුතු බවයි.

තීන්දුවෙන් රාජ්‍ය සේවකයන්ට, ලැබී තිබෙන ප‍්‍රකාශන අයිතිය පිළිබඳව ද ඇය සටහනක් තැබුවේය.

තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වීමෙන් පසුව එම පනත ක‍්‍රියාත්මක කිරීම සඳහා පත්කරන ලද කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා අදහස් දක්වමින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව විස්තරයක් කරමින්, ගුරුවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සැකසීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. 

මෙම සංවාදයට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා ද එක්විය.

සංවාදයට එක්වූ ජනසංසයේ ලේකම්, චිත‍්‍රාල් පෙරේරා කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, වගඋත්තරකරුවන් දෙන්නා වන්දි නොගෙවා සිටියොත් පුදුම නොවන ලෙසටයි.

අදවන විට පොලිස්පති පවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ක‍්‍රියාත්මක නොකරන තත්ත්වයට පත්ව තිබෙන සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීම බව ද, එ් අනුව රජයේ සේවකයෙක්, යමෙකුගේ මුලික අයින් උල්ලංඝණය කළ විට, අදාල අමාත්‍යාංශයේ  හා දෙපාර්තමේන්තුවේ එයට ප‍්‍රධානීන් වගකිව යුතු බවද පෙන්වාදෙන ලදි.

  

Monday, October 3, 2016

ප‍්‍රධාන සාක්ෂිකරුට බොරු නඩු දමා, මිනී මරුවා බේරීමට පොලීසිය වළිකන හැටි.


පානදුර මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින මිනිස් ඝාතන නඩුවක ප‍්‍රධාන සාක්ෂිකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත්කර, දෙවෙනි සාක්ෂිකැ ලවා බොරු සාක්ෂි ලබාදී, මිනීමරු සැකකරුවා බේරීමට කරන ලද කුමන්ත‍්‍රනයක් පිළිබඳව කථා පුවතකි මේ.

මේ වන විට අපරාධ රැුසකටම සම්බන්ධ ‘සැකකරුවන්’ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව හා ඇප මත මුදාහැර තිබෙන පොලිස් කාරයින් ගාන සු`ඵ පටු නොවේ. මෙම පොලිස් කාරයින් අතර නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු, පොලිස් පරීක්ෂකවරු, සරයන්වරු හා පී.සී. ලා වෙති.

අපරාධවලට සම්බන්ධ තවත් බොහෝ පිරිසක් පොලීසිවල තවමත් නිරුපද්‍රිතව සේවය කරමින් සිටී. එ් අතර අධිකරණ මගින් වරදකරුවන් බවට පත්කර තිබෙන අයද වෙති.

අමිල දුමින්ද සිල්වා, ඉහත ස`දහන්, පානදුර මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින මිනිස් ඝාතන නඩුවේ පළමු සාක්ෂිකරු වේ. ඔහු ගේ සාක්ෂිය නිම කර ඇත. දෙවෙනි සාක්ෂිකරු ගේ සාක්ෂි විමසීමට නියමිත වූයේ සැපිතැම්බර් 07 වන දිනටය.

සැප්තැම්බර් 05 වන දින ක`ඵතර පොලීසියේ ස්ථානාධිපති පො.ප. ආනන්ද විසින් පළමු සාක්ෂිකරු දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන ‘‘කේරළ ගංජා’’ තොගයක් සමග අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත්කරවයි.

ඇප මත නිදහස්වන අමිල දුමින්ද සිල්වා විසින්, නීතිපති, පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව ප‍්‍රමුඛ බලධාරීන්ට ලියන ලද ලිපිය/පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත දක්වන්නේ අප රටේ අපරාධකරුවන්, පොලිස්කාරයින් හා නීතිඥයින් අතර පවතින සම්බන්ධය මනා ලෙසට පැහැදිළි කරන බැවින්ය.

‘‘ අපරාධ සැකකරුවෙකු මුදා ගැනීම සඳහා ව්‍යාජ නඩු දමා රිමාන්ඞ්භාරයට පත්කර, 
මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම.

01. දැනට පානදුර මහාධිකරණයේ පවතින අංක: 2580/09 දරන නඩුවේ පළමු සාක්ෂිකරු මම වෙමි.

02. මෙම නඩුවේ දෙවෙනි සාක්ෂිකරු පානදුර, හිරණ, 1 වන පටුමග අංක 21 හි පදිංචි සුරගේ චමින්ද පීරිස් වේ.

03. මෙම නඩුවට අදාලව මාගේ සාක්ෂිය 2016.06.08 වන දින අවසන් විය.

04. දෙවෙනි සාක්ෂිකරු සුරගේ චමින්ද පීරිස්ට සාක්ෂි දීමට නියමිතව තිබුණේ 2016.09.07 වන දිනය.

05. 2016.09.05 වන දින මා, රාත‍්‍රී 07.10 ට පමණ, හිරණ පොලිස් මුරපොළ අසල ත‍්‍රී රෝද රථ ගාලේ සිටින විට, සුරගේ චමින්ද පීරිස් ගේ පියාවන මා හොඳින් දන්නා හඳුනන සුරගේ චන්ද්‍රසිරි පීරිස්, තවත් අයෙකු සමග මා අසලට පැමිණියා. 

එම පුද්ගලයාට අවු: 30 ක් 35 ක් පමණ ඇත. සුදු ෂර්ට් එකක් හා ක`ඵ කලිසමක් හැඳ සපත්තු දමා සිටියා. ඔහු අත රු: 10/- ක`ඵ ටියුලිප් බෑග් එකක් තිබුණා.

06. සුරගේ චන්ද්‍රසිරි පීරිස් මාගෙන් විමසා සිටියා මෙයා මම හොඳට දන්න හඳුනන කෙනෙක් මෙයත් එක්ක වාද්¥වේ පන්සලට හයර් එකක් යන්න පු`ඵවන් ද කියා. මා කැමැත්ත පළ කළා.

07. මා ඔහු නංවාගෙන වාද්¥ව පසු කළ විට, මම ඇහැව්වා මොන පන්සලටද කියා. 
ඔහු ප‍්‍රකාශ කළා මට සුරයක් දාගන්න තියෙනවා, වස්කඩුවේ තාලරුක්ඛාරාමයට තමයි යන්න  ඕන කිව්වා.

08. ඉන්පසු ඔහු ළඟ තිබූ දුරකථන දෙකකින් කාටද කථා කළා. එකකින් කථා කළේ අම්මා කියලා. අනෙකෙන් කථා කළේ ලොකු හාමුදුරුවො කියලා.

09. ක`ඵතර ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල පසුකරනවාත් සමගම මම ඔහුට කිව්වා, දැන් අපි ක`ඵතරටම ඇවිල්ලා වාද්¥ව පහුකරලා කියා.

10. මම ඔහුට මල්ලී රුපියල් 500/- ට නම් බෑ කිව්වා, මා එසේ කිව්වේ ඔහු වාද්¥වට යන්න ගාන කීයද කියා හිරණ දී ඇසූ විට රු: 500/- ක් දෙන්න යය කියූ නිසා.

11. එ් අවස්ථාවේ, තාලරුක්ඛාරාමය කොහේද කියා, නොදන්න බව පැවසූ නිසා මා අසල කඩයකින් තාලරුක්ඛාරාමයට යන්නේ කොහොමද කියා අසා, පාර අසාගෙන එම පන්සලට ඔහු රැුගෙන ගියා.

12. එ් පන්සල පිහිටියේ වස්කඩුවේ කොස්ගස් හංදියේ සිට ගොඩ පැත්තට තාල රුක්ඛාරාමය පාරේ.

13. පන්සල ඉදිරිපිට පඩිපෙළ ඉදිරියේ මා ත‍්‍රී රෝද රථය නැවැත්වූවා. ඔහු ‘මම ඉක්මනට එනවා කියා’ බැස පන්සලේ පඩිපෙළ නගිමින් පන්සලට ගියා.

14. ටික වේලාවකට පසු මමද පඩිපෙළ නැග පන්සලට ගියා. හාමුදුරුවෝ බෝ ම`ඵවේ සිටි අතර, එහි සිට අයට පන්සිල් දෙමින් සිටියා.

15. මා විපරම් කළද මා සමග ආ පුද්ගලයා පේන්නට සිටියේ නැහැ. මා තවදුරටත් විපරම් කරන විට අසල සිටි, රතු පාට ටී ෂර්ට් එකක් ඇඳගත් පුද්ගලයකු මාගෙන් විමසා සිටියා කාවද බලන්නේ කියා.

16. මා ඔහුට ප‍්‍රකාශ කළා මා එක්ක හයර් එක ආපු සුදු පාට ෂර්ට් එකක් හා ක`ඵ කලිසම ඇඳගත් අය සුරයක් දාගන්න ආ බව.

17. එ් සමගම එතනට ආපු දෙන්නෙක් අපි පොලීසියෙන් කියා මාගේ කලිසමෙන් අල්ලා ගත්තා.

18. මම කාරණය ඇහැව්වා. කිව්වේ නැහැ. යමං ත‍්‍රීවිල් එකට කියමින් පන්සල අසල සිට මාව ත‍්‍රීවිල් එකට ගෙන ආවා.

19. ත‍්‍රීවිල් එක ළ`ගට ගෙන එනවාත් සමගම තවත් අයෙක් එතැනට පැමිණියා.

20. ත‍්‍රීවිල් එක අසලදී එක් අයෙක් ටෝර්ච් එක ගසා පසුපස අසුනේ තිබූ ක`ඵපාට ටියුලිප් බෑගය අතට ගනිමින් මේ තියෙන්නේ යයි අනෙක් අයට එය පෙන්නුවා.

21. ඊට පසු මට, එතැන සිටි එක් අයෙක් පයින් පහරවල් කීපයක් ගසා, මගේ ත‍්‍රීවිල් එකටම දමාගෙන ක`ඵතර උතුර පොලීසියට ගෙන ආවා.

22. එවිට රාතී‍්‍ර 9.30 පමණ ඇත. මාව කූඩුවට දැම්මා.

23. රාත‍්‍රී 10.00 ට පමණ ස්ථානාධිපති ආනන්ද පොලීසියට ආවා. ඔහු ආවේ ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක් ඇඳගෙන.

24. ඔහු පැමිණි පසුව, මාව කූඩුවෙන් එළියට අරගෙන ස්ථානාධිපතිගේ කාර්යාලයට ගෙන ගියා.

25. ස්ථානාධිපති රිසව් එකේ නිලධාරියාට කථා කොට, වැටලීම් කළ අයට බෑග් එක අරන් එන්න කියන්න යයි කිව්වා.

26. මා අත්අඩංගුවට ගත් නිලධාරීන් තුන්දෙනා පැමිණියා. සියලූ දෙනා ඉදිරියේ, ක`ඵ පාට ටියුලිප් බෑගය තුළ වූ දේ මේසය මතට දැම්මා.

එහි කුඩා සුදු පාට පොලිතීන් බෑග් හතරක් පහක් තිබුණා. එම බෑග්වල ග‍්‍රෑම් 110, ග‍්‍රෑම් 160 ආදී වශයෙන් ලකුණු කර තිබුණා. එකක ‘කලූවා’ කියා ලියා තිබුණා. බෑග්වල තිබෙන්නේ ‘කේරළ ගංජා’ බව ස්ථානාධිපති කියා සිටියා.

27. නැවත මාව කූඩුවට ගිහින් දැම්මා. 

28. රාත‍්‍රී 12.00 ට පමණ මා අත්අඩංගුවට ගත් එක් පොලිස් නිලධාරියෙක් මාගේ දුරකථනය ලබා දී ගෙදරට කථා කරන්න යැයි කියා සිටියා. මා අත්අඩංගුවට ගෙන සිටින බව ගෙදරට දැණුම් දුන්නා.

29. පසුදින 2016.09.06  වන දින උදේ 7.00 ට පමණ මා අත්අඩංගුවට ගත්, මට රාත‍්‍රී දුරකතනය දුන් නිලධාරියා, මා ළඟට ඇවිත් බිරිඳට කියන්න මේ නීතිඥ මහත්මියට කථා කරන්න කියා නීතිඥ කසුනි මදාරා නැමති නීතිඥවරියගේ නම හා ඇයගේ දුරකතන අංකය වන 077 3320108 මට දුන්නා.

මා එම විස්තරය මාගේ බිරිඳට ලබාදුන්නා.

30. මාගේ බිරිඳ නීතිඥ කසුනි මදාරා ට කථා කර ඇයව හමු වී මා බලන්නට පැමිණියා. 

31. මට ඇප ලබා දෙන්නම් කියා ඇය මගේ බිරිඳගෙන් රු: 5000/- ක් ලබාගෙන තිබුණා.

32. උදේ 9.00 ට පමණ මාව කූඩුවෙන් එළියට ගෙන මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මාගෙන් විස්තර අසමින් ලියා එයට මාගෙන් අත්සන් ගත්තා. කියවා තේරුම්කර දුන්නේ නැහැ.

33. ඉට පසුව මාව ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා.

34. ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, නඩුව කථා කිරීමට පෙර නීතිඥ කසුනි මදාරා කියා තිබුණා පොලීසිය එක්ක කථා කළා අදම නිදහස් වෙන්න පු`ඵවන්, රු: 10,000/- ක දඩයක් ගහවි වැරදිකාරයා කියා පිළිගන්න කියා, මාගේ බිරිඳ එයට විරුද්ධ වී තිබුණා. 

35. නඩුව කැඳවූ විට,  නීතිඥ කසුනි මදාරා නැගිට ඇප ඉල්ලූවා, නමුත් ඇප දුන්නේ නෑ, මාව 2016.09.20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

36. 2016.09.08 වන දින මගේ බිරිඳ නීතිඥ කසුනි මදාරා මගින් මෝෂමක් ඉදිරිපත් කර මා සමග අත්අඩංගුවට ගත් ත‍්‍රී රෝද රථය මුදා ගැනීම සඳහා ඉල්ලීමක් කර තිබුණා.

මෝෂම ඉදිරිපත් කර තිබුනේ නීතිඥ සුමිත් රූපසිංහ මගින්ය. 

37. මෙදින, (2016.09.08* නඩුව අවසානයේ එළියට පැමිණි නීතිඥ කසුනි මදාරා මාගේ බිරිඳට කියා තිබුණා වරද පිළිගන්න කියන්න නැතිනම් අවුරුද්දක්වත් හිරේ ඉන්න වෙයි කියා. 

38. මාගේ බිරිඳ වැරදි නොකර, වැරැුද්ද පිළිගැනීමට සූදානම් නැති බව තරයේ ප‍්‍රකාශ කර ඇත. 

39. ඉන්පසු මාගේ බිරිඳ 2016.09.13 වන දින නීතිඥ ඉමල්කා විජේවීර මගින් ඇප ලබාගැනීම ස`දහා මෝෂමක් මගින් නඩුව කැඳවා කරුණු දක්වා තිබිණ.

40. 2016.09.20 වන දින නඩු වාරයේදී නීතිඥ ඉමල්කා විජේවීර ඉදිරිපත් වූ අතර මා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරිණු ලැබුවා.

41. මීළඟ නඩු දිනය 2016.10.25 දින වේ.

42. මේ අතර, පානදුර මහාධිකරණයේ පවතින 2580/09 මිනීමැරම් නඩුවේ දෙවන සාක්ෂිකරු වූ සුරගේ චමින්ද පීරිස් (සුරගේ චන්ද්‍රසිරි පීරිස්ගේ පුතා* ගෙන් සාක්ෂි විමසා ඇත.

එ් 2016.09.07 වන දිනය. එදින ඔහු සාක්ෂියේදී, පෙරදුන් සාක්ෂි බොරු බවත් එසේ බොරු සාක්ෂි දුන්නේ මාගේ බලපෑම් මත බවත් ප‍්‍රකාශ කර, දැනට මා ගංජා නඩුවකට සැකකරු වශයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ප‍්‍රකාශ කර තිබේ.

මේ සාක්ෂිය බොරු සාක්ෂියක් බව පිළිගත් මහාධිකරණය ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කොට, බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීය.

එම නඩුවේදී සුරගේ චමින්ද පීරිස්, තමන් බොරු සාක්ෂි දුන් බවට පිළිගෙන ඇත. එ් අනුව ඔහුට මාස 03 ක සිර දඬුවමක් පමුණුවා ඇත.

මේ සියලූ කරුණු ඔබ ඉදිරියේ ප‍්‍රකාශ කර සිටින්නේ,

අපරාධකරුවන් බේරා ගැනීම ස`දහා එම නඩුවේ දෙවන සාක්ෂිකරුව මිලයට ගෙන, මට විරුද්ධව බොරු නඩුවක් ගොනු කරවා, මා රක්ෂිත බන්ධනාගාරගත කරවා, එමගින් අපරාධකරුවන් නිදහස් වීමටය. 

මේ සඳහා අපරාධකරුවන් හා එක්ව ක‍්‍රියා කළේ ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්දය.

ඔහු මීට පෙර පානදුර වලාන ¥ෂණ මර්ධන එ්කකයේ සේවය කර ඇත. 

මේ ආකාරයට, ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද මූලිකව, මා නොකළ වරදකට, අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීම මූලික කරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරවීම, මා නොමග යවා, නීතිඥවරියක හවුල් කරගෙන මා වැරදිකරුවකු බවට පත්කිරීමට උත්සාහ දැරීම මගින් මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි.’’

ඔහු ඉල්ලා සිටින්නේ,

ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද, ක`ඵතර උතුර පොලීසියේ පො.සැ. 53070 සේනාධීර, හා අත්අඩංගුවට ගත් අනිත් පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්.

අපරාධකරුවකු බේරා ගැනීම සඳහා සිදු කළ අපරාධය පිළිබඳව විශේෂ විමර්ෂණයක් ආරම්භ කර, ගංජා කරුවන් හා එක්ව, කේරල ගංජා ජාවාරමට හවුල් පො.ප. ආනන්ද ප‍්‍රමුඛ නිලධාරින් නීතිය ඉදිරියට ගෙනෙන ලෙසටත්,

ක`ඵතර ම.උ. හි ඔහුට විරුද්ධව පවරා ඇති නඩුව ඉවත් කිරිමට පියවර ගන්නා ලෙසටත් ය. 

පොලීසිය අපරාධකරුවන් හා නීති විරෝධිව රිමාන්ඞ් භාරයට පත්කළ මොහුගේ නිදහස උදෙසා ක‍්‍රියා කළ  බිරිඳ ව රැකියාවෙන් ඉවත් කර ඇති අතර, එයට හේතුවු ‘‘වරද’’ වුයේ සැමියාගෙි ‘‘නිදහස’’ සඳහා ක‍්‍රියා කිරීමට ’’නිවාඩු’’  ලබා ගැනිමය.  



















මේ විදියට නඩු දාන්න ගියොත් තමුන්ටත් මටත් විතරක් නෙවෙයි මු`ඵ පොලිස් දෙපාර්තමේන්තුවටම හෙන ගහනවා.


මෙම ප‍්‍රකාශය කළේ මතුගම සහකාර පොලිස් අධකාරීවරයා විසින් බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට ය.

මුන් දාන බොරු නඩුවල ප‍්‍රමාණයට හෙන ගහනවනම් මේ රටේ එකම පොලීසියක් ඉතුරුවන්නේ නැත. මිනිසුන් ගොනාට අන්දවන්නට කරන මේ ප‍්‍රකාශවලින් තවමත් මුලාවේ වැටෙන පිරිසක් සිටින බව නොරහසකි. 

ඉඩම් නඩුවකින් පැරදුනු කසිප්පු ජාවාරම් කරුවෙකු බදුරලිය පොලීසිය හා එක්ව, ෙදාන් ජයතිලක (අවු: 62 ට* බොරු නඩුවක් පැවරූවේ බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිය.

මාධ්‍ය මගින් කරන ප‍්‍රචාරවලට අනුව ඔහු ඒ ගැන පැමිණිලි කරන්න මතුගම සහකා රපොලිස් අධිකාරී හමුවන්නනට ගියේ ක`ඵතර සහකාර පොලිස් අධිකාරී ෂ ගේ ලිපියක් රැුගෙනය. ඉන්පසු මතුගම සහකාර පොලිස් අධිකාරී ජයතිලකව බුරලිය පොලිස් ස්ථානාධිපති ළඟට යැවීය. දැන් පොලිස්පති ආවත් මුකුත් කරන්න බෑ යැයි, බදුලිය පොලිස් ස්ථානාධිපති ඔහුට කියා සිටියේය.

සහකාර පොලිස් අධිකාරීවරයාගේ ගනන් නොගත් බදුරලිය පොලීසියේ ස්ථානාධිපති ජයතිලකට එරෙහිව විරුද්ධව බොරු නඩුව පැවරීය. අධිකරණයේදි ඔහු නිවැරදිකරු බව ප‍්‍රකාශ කළ විට, ඇප මත මුදාහැරියේය.

මීට පෙරද, බදුරලිය පොලීසිය මොහුට විරුද්ධව නඩු පවරා ඇත. එ් අවස්ථාවේ නීතිඥවරියගේ බලපෑමට යටත්වු ඔහු වරද පිළිගෙන තිබිණ.

මේ සියලූ විස්තර ඇතුළත් කොට, මොහු මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතට හා ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත කරන ලද පැමිණිලි පහත දක්වන්නේ සාමාන්‍ය මිනුසුන්ට වධදෙන්න, පළිගන්න අපරාධ කරුවන් පොලීසිය යොදා ගන්නා අයුරු පැහැදිලි කිරිමටය.

ජයතිලක පොලීසියට හෙණ ගහන කං බලා ඉන්නේ නැතිව, පොලිසියේ දුෂණ අභියෝග කිරිමට පියවර ගැනීම අගය කළ යුතුය. මෙවන් 


 01. සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, අංක 165, කිංසි පාර, කොළඹ 08      

02. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01     
    
03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය,  ක`ඵතර
     
ලිඛිත පැමිණිල්ල.

පතිරගේ ෙදාන් ජයතිලක, වයස අවු: 62 යි, අවිවාහක, රැුකියාව: ගොවිතැන, 
ලිපිනය: හින්දකාරමුල්ල, මෝල්කාව.

2016.09.29 වන දින දීය.

2016.09.16 වන දින උදේ මා මාගේ වත්තේ රබර් කපා නිවසට පැමිණියා. එවිට වේලාව උදේ 11.00 ට 11.30 පමණ ඇති. බදුරලිය පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් සැරසි මාගේ නිවසට පැමිණියා. එයින් එක් අයෙක් බදුරලිය පොලීසියේ සුමිත් නැමති නිලධාරියා බව හඳුනා ගත්තා.

අනිත් දෙන්නා දැක්කොත් මට හ`දුනා ගත හැකියි. මා ඔවුන්ගෙන් පැමිණිමට හේතුව විමසා සිටියා. 

එවිට ඔවුන් මා කසිප්පු වඩියක් පෙරන බවට ආරංචි වූ බව ප‍්‍රකාශ කළා. මම කිව්වා තියන තැනකින් හොයලා ගන්න කියා. එක් නිලධාරියෙක් මාගේ ගේ සෝදිසි කළා. අනිත් දෙන්නා වත්ත පරීක්ෂා කළා. පැය භාගයක් පමණ පරීක්ෂා කර පැමිණ වැඩක් නෑ යමුයි කියා, ටික දුරක් ගොස් නැවත පැමිණියා. මම ඇයිදැයි විමසා සිටියා. 

මෙන්න මේ කැලෑවක මුට්ටියක් තියෙනවා කියලා ආරංචියි. යමු බලන්න කියා මාවත් එකක ගියා. 

ලයනල් ගුණතිලක යන අයට අයිති මාගේ ඉඩමට යාබද ඉඩමේ වෙල අයිනේ තිබුණ කැලෑවේ මුට්ටියක් තිබිලා හොයා ගත්තා. මට කිව්වා මේක අරගන්න කියලා. මම කිව්වා මුට්ටියත් මගේ නෙවෙයි ඉඩමත් මගේ නෙවෙයි, මම මාස තුනක ඉඳලා අංශභාගය හැදී ප‍්‍රතිකාර ලබමින් ඉන්නේ, මට ගන්න බෑ කියලා.

එවිට සුමිත් නැමති නිලධාරියා, ආ මම ගන්නම් කියා මුට්ටිය ඔහු ඔලූව උඩ තියාගෙන ගියා. මට යමු කිව්වා පොලීසියට. මම කිව්වා මේක පුදුම කරදරයක්නේ, මේ සුනිල් කියන මිනිහා අවුරුදු ගාණක ඉඳලා ඉඩම් නඩුවක් කියනවා. හැමදාම මොනවා හරි කරලා මට කරදර කරනවා. 

එවිට නිලධාරියෙක් අපිට  ඕවා වැඩක් නෑ, මහේස්ත‍්‍රාත්ට කියලා බේර ගන්න කිව්වා. 

මෙයා අසනීපෙන් ඉන්න නිසා ගෙදර කව්රු හරි පොලීසියට එන්න, ඉක්මණින් ඇපයක් දෙන්නම් කිව්වා. 

මාව පොලීසියට අරගෙන යනකොට මම කිව්වා රසිකයි සුනිලූයි එකතු වෙලා මේවා කරන්නේ, නිකම් ඉන්න මට කරදර කරන්නේ, මහත්තයලා හොයලා බලන්නෙ නෑනේ, එවිට එම නිලධාරීන් රසික කොහෙද ඉන්නේ, ඌට වරෙන්තුවක් තියෙනවා, මම කිව්වා ඔතන ඉඩමේ වැඩ ඇති කියලා. 

එසේ යන විට සුනිල්ගේ අයියා සෝමදාසත් රසිකත් සිටියා. මා ඔවුන්ට රසිකව පෙන්නුවා. උඹට වරෙන්තුවක් තියෙනවා පොලීසියට එන්න කිව්වා. එවිට රසික දැන් එන්න බෑ සවස 4.00 ට එන්නම් කිව්වා. සුනිල්ගේ අයියා හවසට එක්ක එන්නම් කිව්වා. එවිට සුනිල් ඇවිල්ලා රසිකට කිව්වා ගෙදර බීම බෝතලයක් ඇති මහත්තයලට දෙන්න අරන් එන්න කිව්වා. රසික එය ගෙන ආවා. ඔවුන් එ්ක බීලා මටත් බොන්න කිව්වා. මම ප‍්‍රතික්ෂේප කළා.

මාව පොලීසියට ගෙන ගියා. එ් වෙලාවේම මගේ අක්කගේ දුවයි බෑනයි ආවා. මගෙන් නම ගම ලිපිනය ලියාගෙන අත්සනක් ගත්තා. මගෙන් ඇහුවා, මේ භාජනත් එක්ක දැම්මොත් දඩය වැඩියි, මේවා දාන්නද කසිප්පු බෝතලයක් දාන්නද? මම කිව්වා  ඕවා මගේ නෙවෙයි, ඇයි මට නඩු දාන්නේ කියා. එවිට එම නිලධාරියා කිව්වා එ්ක උසාවියෙන් බලාගන්න 2016 සැප්තැම්බර් 23 උසාවි එන්න කසිප්පු බෝතලයක් දැම්මා කියලා.

මම 2016.09.17 වන දිනම ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගියා. එම අවස්ථාවේ එම නිලධාරියා නොසිටි බැවින් මාව සහකාර පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස මහතා වෙත යොමු කළා. එ් මහතා මගේ විස්තරය අසා මතුගම එ්.එස්.පී. මහත්තයට දෙන්න කියලා ලියුමක් දුන්නා. පසුව මම එ් ලිපිය මතුගම එ්.එස්.පී. මහත්තයට දුන්නා. 

මතුගම එ්.එස්.පී. මහත්තයා සිද්ධිය විමසා බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ගෙන, මේ මනුස්සයට අසාධාරණයක් වෙලා තියෙන්නේ, මේ කියන කතා අනුව මෙයාගේ නොවෙයි මේවා, මේ විදියට නඩු දැම්මොත් තමුන්ටත් මටත් විතරක් නෙවෙයි මුලූ පොලිස් දෙපාර්තමේන්තුවටම හෙන ගහනවා, යනුවෙන ප‍්‍රකාශ කළා.

මට ගිහින් ස්ථානාධිපති බදුරලිය හමුවන ලෙසට දැණමු දුන්නා. මම බදුරලිය පොලිස් ස්ථානයට ගියා. ස්ථානාධිපතිවරයා හිටියේ නැහැ. 

පසුදින එනම් 2016.09.18 දින ස්ථානාධිපතිවරයා හමුවුණා. දැන් මුකුත් කරන්න බැහැ. නඩුව ලියලා තියෙන්නේ, මට තියා පොලිස්පතිතුමා ආවත් දැන් නඩුව අයින් කරන්න බැහැ.  ඕන නම් වෙනත් දිනයක් දෙන්නම්. 2016.09.22 වන දින ඇවිත් බලනවා. මම හිටියේ නැත්නම් යුරේනිකා මිස්ව හමුවන්න කිව්වා.

එ් අනුව මා 2016.09.22 සවස බදුරලිය පොලීසියට ඇවිත් යුරේනිකා මිස්ව හමුවුණා. ඇය කිව්වා නඩුව දාලා තියෙන්නේ, පෙර වැරැුද්දකුත් තියෙනවා. මම කිව්වා එ්කත් මේ විදියටම දාපු බොරු නඩුවක්. මම එ්කට නිවැරදිකාරයා කියන්න කිව්වම නීතිඥ ගීතානි මිස්නෙ කිව්වේ මට වාර 4 කට ගෙවන සල්ලි වලින් දඩය ගෙවලා නිදහස් වෙන්න කියලා.

එ් අනුව මා පසුදින එනම් 2016.09.23 වන දින අධිකරණයට ගියා. එහිදී මට විරුද්ධව නඩු අංක 33149/16 යටතේ නීති විරෝධී මත්පැන් බෝතලයක් තබාගත් බවට ව්‍යාජ චෝදන නගා තිබුණා. මම නිවැරදිකරු කිව්වා. මට රු: 7000/- මුදල් ඇපයක්ද රු: 50,000/- ක ශරීර ඇයක්ද නියම කළා. නැවත නඩුව 2016.10.14 වන දිනය.

මා තවදුරටත් ප‍්‍රකාශ කර සිටින්නේ, මේ ආකාරයට පොලීසිය මට විරුද්ධව ව්‍යාජ නඩු පවරණු ලබන්නේ මාගේ නිවස අසල ඉඩමේ පදිංචි සුනිල් යන අය ඉඩම් නඩුවක් දැනට අවුරුදු 10 කට වැඩි කාලයක සිට කියන බවත් එම නඩුවට තීන්දුව මට වාසිවන ආකාරයට ලැබුණ බවත්, මේ වන විට එම නඩුව නැවත ඔහු විසින් ඇපිල් කර ඇති බවත් සුනිල් යන අය පොලීසිය සමග කිට්ටු සම්බ්නධයක් පවත්වන බවත් මට පීඩාවන ආකාරයට වරින් වර පොලීසිය ලවා ව්‍යාජ නඩු පවරා පීඩාවට පත්කරන බවය.

මා ඉල්ලා සිටින්නේ,

නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීමට කටයුතු කළ බදුරලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුලූ අනිකුත් නලිධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, මා හට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙසත්ය.

පතිරගේ ෙදාන් ජයතිලක







Sunday, October 2, 2016

වධ දිලා ඉවරවෙලා, මල්ලිගේ නමින් අයියාව උසාවි දාලා.....


උඩුගම්පල පදිංචි කරුවකුවන සිසිර කුමාරට, වධදි උසාවි දමා, රිමින්ඞ් කරවා ඇත්තේ මල්ලීගේ නමින්. ඔහුගේ පියා විමල්(අවු:62) ප‍්‍රකාශ කරන අන්දමට තම පුතා, සිසිර කුමාර වසර 12කට වැඩි කාලයක සිට ප‍්‍රතිකාර ලබන මානසික ආබාධයකින් පෙළෙන රෝගියෙකි.

අවු: 36 ක්වන ඔහුට, විදේශගතව සිටින මව ඔහුට එවන මුදල්  කලක සිටි ත‍්‍රිරෝද රථ රියදුරෙක්වන ජයන්ත, ඔහුගේ මානසික දුබල තාවය උපයෝගි කරගෙන, වංචා කරන බවද කියා සිටි. 

ත‍්‍රිරෝද රථ රියදුරු ජයන්තගේ යොමු කිරිම මත අසල මළ ගෙදරකට ගොස් තිබෙන තම පුතාව, එම නිවසියන් විසින් ගම්පහ පොලිසියට බාර දි තිබේ.

පොලිසියෙිදි ඔහුට නිරුවත් කොට පහරදි, සිසිර කුමාරගේ, මල්ලිගේ නමින් ගම්පහ අධිකරණයට, ඉදිරිපත් කර රිමාන්ඞ් භාරයට පත්කර තිබේ. දැනට ඔහු ජාතික මානසික විද්‍යායතනයේ, බන්ධනාගාරය බාරේ, ප‍්‍රතිකාර ගන්නා බවද පියා වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටි.

මෙසේ සිසිර කුමාරව ඔහුගේ මල්ලීගේ නමින් උසාවියට ඉදිරිපත් කළේ දැන දැනම බව අවධාරනය කරන, පියා මෙම නිති විරෝධි ක‍්‍රියාව හා වධ දිම සම්බන්ධයේන් නීතිමය පියවර ගන්නා ලෙසට මානව හිමිකම් කොමිසම් සභාවෙන් ඉල්ලා තිබේ.

ඔහු පවසන අන්දමට ගම්පහ පොලීසිය සිසර කුමාරට පමණක් නොව, ඔහුගේ සොහොයුරාට ද බලවත් අසාධාරණයක් සිදුකර තිබේ. එමෙන්ම ගම්පහ පොලිසිය දැන දැනම වෙනත් පුද්ගතයෙකුගේ නමින්, පුදගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරම මගින් කර ඇත්තේ අධිකරණය නොමග යැවිමකි. අධිකරණය තම දුෂිත ක‍්‍රියා සඳහා රබර් මුද්‍රාවක් කර ගැනීමය. 

Saturday, October 1, 2016

දේශපාලූවෙකු OL පාස්වු හැටි.


ඉහත දැක්වෙන්නේ ඉමදුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපති වරයෙකු වන, ධිවර සංස්ථාවෙන් වැටුප් ලබන්නෙකු වන බව කියන, උදාන කුසුම්සිරි නැමැති අයගේ 1990 වේ තැපැල් හැඳුම් පතයි. 
මෙම තැපැල් හැඳුනුම් පතේ ඡයාරුපය ඔහුගේ නොවේ. එම ගමේ සිටින  ඉගෙනීමට දක්ෂ, එහෙත් අසරණයෙකුගේ ඡයාරුප යයි.
මෙම අසරණයා පවසන්නේ තමා පත්ව සිටින මානසික තත්වය තුල, මෙම ව්‍යාජ තැපැල් හැඳුනුම් පත උපයෝගි කරගෙන, උදාන කුසුම්සිරි වෙනුවෙන් අ.පො.ස(සා.පෙ) විභාගයට පෙනීසිටිමට සිදුවු බවයි.
මෙම සිද්ධිය හෙළිදරව් වන්නේ, මෙම අසරණයාට එරෙහිව විරුද්ධව අහංගම පොලීසිය හා ඉමදුව ප‍්‍රාදේශිය සභාව් හිටපු විපක්ෂ නායක තිලකවංශ අමරදිවාකර විසින් පවරන ලද බොරු නඩු වෙන් පසුවය.  
වංචාකාරිව විභාග සමත්ව සිටින තවත් බොහෝ දේශපාලකයින් සිටිති. ප‍්‍රශ්නය මොවුන් ව වන්දනා කරමින්, ආරක්ෂා කරමින් විභාග නියමාකාරයට සමත්වුවන් සිදුකරන විනාශයයි.   

Friday, September 30, 2016

පරපීඩක කාමුකයන් රකින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොක්කන් ............

2012 වසරේ කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියක් වූ මනෝහාරි පැලකෙටිය මහත්මියව, ලිංගික අපයෝජනයට ලක් කළ එම විදුහලේ එවක විදුහල්පති පේ‍්‍රමලාල් කුමාරසිරිට හා මලගොඩ නැමති ගුරුවරයාට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, විදුහල්පති කුමාරසිරිව හා මලගොඩ ගුරුවරයාට, රුපියල් ලක්ෂය බැගින් ගුරු මහත්මියට ගෙවන ලෙසටත්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චෝදනා පත‍්‍රය ශුන්‍ය කර බල රහිත නියම කරණු ලැබීය.

කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති කුමාරසිරි හා මලගොඩ ගුරුවරයා තමන්ව දැඩි ලෙස ලිංගික අපයෝජනයට ලක්කරන බවට, අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කළද, ලේකම් ඇතුලූ අධ්‍යාපන ලොක්කන්, මෙම පරපීඩක කාමාතුරයන් දෙදෙනාව ආරක්ෂා කරමින් මෙම ගුරුවරියව පීඩාවට පත්කිරීමට ඉඩහැර බලා සිටියේය.

එ් මොවුන් දෙන්නා රාජපක්ෂ රෙජිමයේ බත්බැලයන් වීම නිසාය. මලගොඩ ගුරුවරයා, ප‍්‍රාදේශීය දේශපාලූවෙකුගේ සොහොයුරෙකි.

මෙම ගුරු මහත්මිය මෙම නරුමයන්ට එරෙහිව නිතිමය හා විනය පියවර ගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය.

ඇය ලංකා ගුරු සංගමය, සිරස මාධ්‍ය හා එක්ව මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වූයේ බැරිම තැනය.

පරපීඩක කාමාතුරයන්ට එරෙහිව නීතිමය හා විනය පියවර ගැනීමට තරම් ශක්තියක් නැති බෙලහීන අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂක, රාජ්‍ය සේවා කොමිෂම, පුවත්පත් සාකච්ඡුාවක් පැවැත්වීම මගින් ආයතන නීති රීති උල්ලංඝණය කළා යැයි ප‍්‍රකාශ කරමින් ඇයව වැඩ තහනමට ලක් කළේය.

ඇය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ එ් මතය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ වැඩ තහනම අත්හිටුවා පෙත්සම විභාගයට තබන ලදි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගුරුවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා ඇයට දඩයක් නියම කළේය.

පසුව විදුහල්පතිවරයාට එරෙහිව හා මලගොඩ ගුරුවරයාට එරෙහිව ද විනය පරීක්ෂණ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවිය.

විදුහල්පති කුමාරසිරි විශ‍්‍රාම ගන්වන ලදි. විනය පරීක්ෂණ අවසන්ව නොමැති නිසා ඔහුට මේ දක්වාම විශ‍්‍රාම වැටුප නොලැබේ.

මලගොඩ ගුරුවරයාට ලූම්බිනි මහා විද්‍යාලයේ සේවය කිරීමට ඉඩ දී තිබේ.

2016.09.28 වන දින ප‍්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවෙන්, පෙර ස`දහන් කරන ලද පරිදි ඇයට විරුද්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චෝදනා පත‍්‍රය ශුන්‍ය කර බල රහිත කර ඇත. එ් අනුව ඇයට එරෙහිව පවත්වන ලද පරීක්ෂණය ශුන්‍ය වේ. දඬුවමද ද ඉවත් වේ. දඩය ආපසු ගෙවිය යුතුව තිබේ.

මැයට ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් පොලීසිය පවරන ලද නඩුව අසා ඇත්තේ අලි හොරා ලෙසට ප‍්‍රකට වූ තිළිණ ගමගේ නැමති හිටපු විනි සොරායාය. එම නඩු තීන්දුවට එරෙහිව ගුරු මහත්මිය මහාධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනු කර ඇත. එම නඩුව ඉවර නැත.

මෙම නඩු තීන්දුවෙන්, ආයතන සංග‍්‍රහයේ රාජ්‍ය සේවකයන්ට මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීම තහනම් කර තිබෙන වගන්නි අභියෝගයට ලක් කර තිබේ. 

ඇය නඩුවෙන් දිනුවේය. එහෙත් පරපීඩක කාමාතුරයන් වූ විදුහල්පති කුමාරසිරි හා මලගොඩ ගුරුවරයාට දඬුවමක් නැත. මෙම දෙදෙනාව ආරක්ෂා කරන ලද එවක අධ්‍යාපන ලේකම්වරුන් දෙන්නාට දඬුවමක් නැත. ජාතික පාසල් අධ්‍යක්ෂකට දඬුවමක් නැත. 

අධ්‍යාපන අමාත්‍යාංශය පරපීඩක විදුහල්පතිවරු හා ගුරුවරු ආරක්ෂා කිරීම එදත් අදත් සිදු කරයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට සිවිල් සමාජය හා ග-රු වෘත්තිය සමිති පෙරමුණ ගත යුතුයි.

සම්පුර්ණ නඩු තීන්දුව සඳහා පිවිසෙන්න.
http://www.janasansadaya.org/page.php?id=620&lang=en


මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් කරුණක් ඇත. මෙම නඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් හා නිතිපති වෙනුවෙන් සිටි රජයේ නීතිඥවරයා පෙනිසිට ඇත්තේ යුක්තිය වෙනුවෙන් නොව, දුෂිත රාජ්‍ය නිලධාරීන් රැුකීමටය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම වැළැක්වීම රාජය වගකීමකි. එවන් තත්ත්වයක් තුළ මූලික අයිතීන් උල්ලංඝණය කරන්නවුන් රැුකීමට රජය නියෝජනය කරමින් නීතිපති හා ඔහුගේ නියෝගයෙන් රජයේ නීතිඥවරයා ගේ ඉදිරිපත්වීම අභියෝගයට ලක්කළ යුතුය. හෙළා දැකිය යුුතුය. 





Thursday, September 29, 2016

නීතිඥවරයා පොලීසිය හා එක්ව කරන ලද පාහර වැඩක්


මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැඩකරන කපිල වෛද්‍යරත්න නැමති නීතිඥවරයා, රු: 2000/- ක් අරගෙන පොලීසිය හා එක්ව කරන ලද පාහර ක‍්‍රියාවක් පිළිබඳ කථාවක්.

පේ‍්‍රමරත්න බුලත්සිංහල පදිංචිකරුවෙක්. දැනට වයස අවුරුදු 69 යි. සිද්ධිය ආරම්භ වන්නේ 2011 දෙසැම්බර් 12 වනදා.

තමාගේම කිතුල් ගසක මලක් කපාගෙන රා බෝතලයක් රැගෙන යන අතර බුලත්සිංහල ොපලීසියේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන, 2011 දෙසැම්බර් 14 වන දින, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදරිපත් කළා. එ් "සීනි කරිඤ්ඤං ඩ‍්‍රෑම්ස් 48 ක් ” ළඟ තබා ගැනීම යන අමුලික බොරු චෝදනාව යටතේ.

මේ නඩුව පැවරුවේ එවක ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එ්. ගුණරත්නය. නඩුවේ සාක්ෂියට දමා තිබුනේ උ.පො.ප. ගුණරත්න හා පො.සැ. 37705 සිරිකුමාර යන අයයි. නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගත් බවට කියන සීනි කරිඤ්ඤං ඩ‍්‍රෑම්ස් 48 න්, ඩ‍්‍රෑම්ස් 08 ක්, සාම්පල ලෙසට ඉදිරිපත් කරණු ලැබුවා.

පහත දැක්වෙන්නේ  2011 දෙසැම්බර් 14 වන දින, පේ‍්‍රමරත්නට එරෙහිව මතුගම මහේස්ත‍්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරනු ලඅබු චෝදනාවයි. 

"ඉහත නම් සඳහන් චූදිත වන නුබ විසින් මෙම අධිකරණ බල ප‍්‍රදේශය ඇතුළත වූ කම්කානම් බොක්කාව දී 2011.12.12 දින හෝ ඊට ආසන්න දිනයකදී නීති විරෝධී ලෙස සකස් කරන ලද මත්පැන් හෙවත් සීනි කරිඤ්ඤං ඩ‍්‍රෑම්ස් 48 ක් තම ස්වාමිත්වයේ තබා ගිනිමින් 1957 අංක 36 1964 අංක 49 1985 අංක 08 1990 අංක 37 1994 අංක 07 දරන පනත් වලින් සංශෝධනය වූ 2005 අංක 12 දඩ මුදල් වැඩි කිරීමේ පනතේ අංක 02 වගන්තිය සමග කියවෙන සුරාබදු ආඥ පනතේ 47 464 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට මෙයින් චෝදනා කරණු ලැබේ"

පේ‍්‍රමරත්න මෙම චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් ‘‘නිවැරදිකරු’’ බව ප‍්‍රකාශ කරණ ලදි.

නඩුව විභාගයට නියම කළ මහේස්ත‍්‍රාත්වරයා පෙර වැරදි නැත යන සටහන යොදා පේ‍්‍රමරත්නට රු: 20,000/- ක මුදල් ඇපයක් හා රු: 100,000/- ක ශරීර ඇපයක් නියම කර, මූලික සාක්ෂි විමසීම සඳහා නඩුව 2012 මැයි 02 වන දිනට කල් තබනු ලැබීය.

ඉන් අනතුරුව නඩු වාර කිහිපයකට පසුව 2013.06.05 දින නඩු වාරයේදී, රස පරීක්ෂක වාර්තාව ලද පසු කැඳවීමට නියම කර, නඩුව බහා තබන ලදි.

වසර දෙකක් ඉකුත් වුවද රස පරීක්ෂක වාර්තාව නොමැතිවීම යන පදනම මත, 2016.03.28 දින, මෙම ව්‍යාජ චෝදනා නගා ඇති නඩුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට පේ‍්‍රමරත්න නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරණු ලැබීය.

2016.08.31 වන දින, උක්ත නඩුවට අධිකරණයේ පෙනී සිටින ලෙසට වන සිතාසියක් පේ‍්‍රමරත්නට, බුලත්සිංහල පොලීසිය බාරදෙනු ලැබීය.

එ් අනුව ඔහු නීතිඥ කපිල වෛද්‍යතිලක මගින් අධිකරණයට ඉදිරිපත් විය. ඔහු, තමාගේ නිර්දෝශීභාවය ප‍්‍රකාශ කරන ලෙසට නීතිඥවරයාට උපදෙස් දෙන ලදි.

එසේ තිබියදී, මෙම නීතිඥවරයා පොලීසිය හා එක්ව වැරදිකරු බව පිළිගන්නා බව අධිකරණයට පවසා තිබේ. මේ පිළිබඳව ඔහු නීතිඥවරයාගෙන් විමසූ විට, ඔහු කියා ඇත්තේ, අවු: 67 ක් වන නිසා වැරදිකරු බව කියා අවවාදයක් කරවා, නිදහස් කරවා ගත් බවය. මේ පිළිබඳව නඩු වාර්තාවේ ස`දහන් වන්නේ මෙසේය.

"පෙර උත්තර ඉවත් කර වරද පිළිගනී. ඉහත චෝදනා පත‍්‍රය අනුව චෝදනාව කියවා දෙමි. චෝදනා පත‍්‍රය බලන්න. මම වැරදිකරු වෙමි. ප‍්‍රකාශ කර සිටී. එ් අනුව චූදිත ඔහුට එරෙහිව ඇති චෝදනා සඳහා වරදකරු කරමි.

පසුව චූදිතට ................ දඩයක් නියම කරමි. දඩ නොගෙව්වොත්/සති ......... ලිහිල් සිර දඬුවම් නියම කරමි. දඩයෙන් 1/2 ක් පොලිස් තෑගි අරමුදලට/වන සංරක්ෂණ අරමුදලට බැර කරන්න.

පැ ......... විනාශ කරන්න.

පැ ........ ට භාර දෙන්න.

වයස අවුරුදු 67 කි.

පෙර වැරදි නැත.

............... අ.ක.වි.306 යටතේ අවවාද කර මුදාහරිමි.

අත්/කළේ 
මහේස්ත‍්‍රාත්"

සටහන:- නඩු වාර්ථාවේ ................. වලින් ප‍්‍රකාශවන්නේ කුමක්ද යන්න අපහැදිලිය.

මෙසේ පොලීසිය හා එක්ව, වරදකරු බවට පත්කිරීම තරයේ හෙළා දකින පේ‍්‍රමරත්න බොරු නඩු දැමීම හා අධිකරණ කි‍්‍රයා පිළිවෙත පිළිබඳ ප‍්‍රශ්න රැුසක් මතු කරයි.  

01. කිතුල් රා බෝතලයක් සමග අල්ලා ‘‘සීනි කරිඤ්ඥං’’ කියා උසාවියට දැමූ බොරු නඩුවට ”නිවැරදිකරු” කී විට රුපියල් 20,000/- ක මුදල් ඇපයක් හා රුපියල් 100,000/- ක ශරීර ඇපයක් නියම කළේ ”වරද” පිළිනොගැනීමේ ”වරදට” දඬුවමක් වශයෙන්ද?

02. මා විසින් දෙන ලද නීතිඥ උපදෙස්වලට පටහැනිව, වයස නිසා ”වරද” පිළිගත්තා 
යැයි නඩුකාර තැනට කී විට, අවවාද කර මුදහැරීමට තරම්, සත්ත්ව කරුණාවක් 
අධිකරණයට පහළ වූයේ කෙසේද?

03. තවද, ‘‘නඩු වාර්තාවේ සඳහන්ව තිබෙන, ‘‘ විසින් පෙර උත්තර ඉවත් කර වරද 
     පිළිගැනීම ........ යන්න මාගේ නීතඥවරයා කියන්නට ඇතත් එය මගේ ප‍්‍රකාශයක් 
     නොවන බව හා තමාට නම් චෝදනාව කියා දුන්නේ නැතිව, ‘‘චෝදනාව කියා දුන්න
    බවට වන සටහන් කළේ කෙසේ ද ? 

පේ‍්‍රමරත්න, යුක්තිය අහිමි කිරිම ගැන, අගවිනිසුරු වරයාට, නීතිපතිට හා පොලිස්පතිට ලිඛිතව දැනුම් දි ඇත. එමගින් ඔහු යුක්තිය අපේක්ෂා කරයි. 

ඉහළ අධිකරණ වලට ගොස් යුක්තිය ඉටු කර ගන්න දුප්පතුන්ට නොහැකිය. 

බලය ඇති හා පොහෝසතුන්ට යුක්තිය අවශ්‍යය නැත. දුප්පතුන්ට යුක්තිය යෝග්‍යය දෙයක් නොවේ. 





A significant victory for public servants


The Supreme Court, on 28th Sep 2016,  ruled that the suspension of Ms. Manohari Pelaketiya: a teacher of Mahanama College, Colombo for having spoken to the media was against the law- acting contrary to the Establishment Code. ,
The SC delivered its verdict of the petition, in which she said she had been suspended in an act of revenge after she had revealed to the media many acts of corruption/sexual abuses committed by the principal and a teacher of the school.
Ruling the suspension breached the petitioner’s right to freedom of opinion, the SC ordered the respondents, principal Premalal Kumarasiri and a teacher Thusitha Malagoda, to pay Rs. 100,000 each as compensation.

Full Judgment
LINK:- 
http://www.janasansadaya.org/page.php?id=620&lang=en




















Sunday, September 25, 2016

අත්හිටවූ සිර දඬුවම්, රජයේ ගාස්තු හා රාජ්‍යය අපරාධකරුවෝ..........

රජයේ නිලධාරීන් අපරාධවලට වරදකරුවන් වූ විට ඔවුන්ව අති විශේෂ ඝණයක් ලෙසට සලකා ක‍්‍රියා කිරීම මගින් සියල්ලෝම නීතිය ඉදිරියේ සාමාන්‍යය යන්න විහි`ඵවක් නැතිනම් විගඩමක් බවට පත්කර තිබේ.

රජයේ නිලධාරීන්ට එරෙහි අපරාධ චෝදනා එල්ලවී, අධිකරණය හමුවේ වරදකරුවන් බවට සහතික වූ විට වරද පිළිගැනීමට ඉඩ ලබාදී දඬුවම්වලින් මිදීමට ඉඩ ලබාදීම මේ වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

ගතවූ කාල පරිච්ෙඡ්දයේ අපරාධවලට චෝදනා ලැබූ බොහෝ දෙනෙකෙු අධි චෝදනා ලැබූවන් ද ඇතු`ඵව, අධිකරණය ඉදිරියේදී චෝදනාවලට වරදකරු බවට ප‍්‍රකාශ කරති. එසේ ප‍්‍රකාශ කරන්නේ අපරාධ සැකකරු/චුදිත, පොලීසිය, නීතිපති හා අධිකරණය අතර ඇති කරගන්නා පූර්ව එකඟතාවයන්ට අනුවය.

මෙහිදී චූදිත චෝදනාවලට වරදකරු බව පිළිගනු ලබයි.

ඔහුව වැරදිකරු කරණු ලබන අධිකරණය, සිරදඬුවම් වෙනුවට අත්හිටවූ සිරදඬුවමක් නියම කරණු ලබයි. නියම කරන දඩ මුදල, රජයේ ගාස්තුවක් ලෙසට ගෙවීමට නියම කරණු ලබයි.

මේ මගින් අපරාධකරුවා, නිදහස් වෙති. හිරේ යන්නේ නැත. දඩ මුදල රජයේ ගාස්තුවක් වීම නිසා දඩ ගෙවන්නේ ද නැත.

වරදකරු කිරීම නඩු වාර්තාවට පමණක් සීමාවන වදන් පෙළකි.

මෙම ක‍්‍රියාවට පෙර ස`දහන් කරන ලද පරිදි අපරාධ යුක්ති පසි`දලීම සම්බන්ධ වගකියන තුන් කට්ටුවම සම්බන්ධය.

මෙම ක‍්‍රියාව ආයතන නීති රීතිවලින් බේරීමට යොදාගන්නා ‘‘තාක්ෂණික’’ උපක‍්‍රමයකි.

අපරාධවලට වරදකරුවන් වන අයට රජයේ නිලතල දැරිය නොහැක. මෙම ‘‘තාක්ෂණික’’ උපක‍්‍රමය මගින් වරදකරුවා, වරදකරුවන් වන්නේ හිරේ ගියොත් ‘‘දඩය’’ දඩයක් වශයෙන් ගෙව්වොත් පමණක් වේ.

එයට අමතරව සමහර රජයේ නිලධාරීන් ‘‘සුපිරි’’ ගණයට පත් කර ඇත. එ් අපරාධයට සැකකරන රජයේ නිලධාරීන්ව අත්අඩංගුවට ගන්නට පොලීසියට තිබෙන සෘජු බලය අහෝසි කිරීම ය. එවන් ඊනියා සුපිරි රජයේ සේවකයෝ අත්අඩංගුවට ගන්නට පෙර නීතිපති අවසරය ලබාගත යුතුයි.

මෙම පසුබිම යටතේ අදටත් අපරාධකරුවන් බවට අධිකරණය තීරණය කළද දඬුවම් නොලබා සිටිනවා පමණක් නොව සියලූ වරප‍්‍රසාද විදින රජයේ නිලධාරීන් සැළකිය යුතු ප‍්‍රමාණයක් රටපුරා විසිරී සිටිති. මෙම තත්ත්වය වහාම වෙනස්විය යුතුය.




Saturday, September 17, 2016

පොලීසියට මුක්කු ගැසූ වෛද්‍යවරියව, චෝදනා 04 ක් යටතේ වෛද්‍ය මණ්ඩලය ඉදිරියට කැඳවයි.

Wickremesinghe 

ගුරුවරයෙකු වූ වික‍්‍රමසිංහ මහතාට ඇහැළියගොඩ පොලීසිය 2008 අපේ‍්‍රල් මස 20 වන දින පහරදෙන ලදි. 

පහරදීමෙන් පසුව සුපුරුදු පරිදි පොලීසිය ඔහුව ඇහැළියගොඩ රෝහල මගහැර අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණියක් ලෙසට වැඩකළ, වෛද්‍යවරියක් වූ මේනකා කුමාරිගේ නිවසට, රාත‍්‍රියේ ගෙන යන ලදි.

මේනකා කුමාරි වෛද්‍යවරිය, මොහුට පහර දුන් පොලිස් නිලධාරියා හා කථා බහ කොට වික‍්‍රමසිංහ මහතාව, නිවස තුළට ගෙන්වා, පොලිස් නිලධාරීන් ඉදිරියේ පරීක්ෂා කිරීමට උත්සාහ ගන්නා ලදි.

තමාට පොලීසිය පහරදුන්න බවත්, තමාට අමාරු බවත්, තමාව රෝහල්ගත කරන ලෙසත්, ඔහු වෛද්‍යවරියගෙන් ඉල්ලා සිටියා.

නමුත් ඇය පොලීසියේ පදයට නටමින් ඔහුව රෝහල්ගත නොකර, පරීක්ෂා කිරීමට ගත් උත්සාහය ට මොහු තරයේ විරුද්ධ වූ නිසා ඇයට එම කාර්යය කිරීමට නොහැකි විය. අධිකරණ වෛද්‍ය පෝරමයේ එය සටහන් කර පොලීසියට බාර දෙන ලදි.

නැවත ඇහැළියගොඩ පොලීසියට ගෙන ගිය වික‍්‍රමසිංහ මහතාව දැඩිව රෝගාතුර වීම නිසා මධ්‍යම රාත‍්‍රියේ ඔහුව පොලිස් ඇපයක් මත මුදාහැරීමට පොලීසියට සිදුවිය.

ඔහු පොලීසියෙන් නික්ම රත්නපුර මහ රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ගන්නා ලදි.

වෛද්‍ය මේනකා කුමාරිගේ ක‍්‍රියාකළාපය පිළිබඳව වික‍්‍රමසිංහ මහතා වෛද්‍ය මණ්ඩලයට පැමිණිලි කරන ලදි.

එම පැමිණිල්ල මත වෛද්‍යවරියට එරෙහි චෝදනා 04 ක් යටතේ නඩු විභාගයක් ආරම්භ කිරීමට වෛද්‍ය මණ්ඩලය පියවර ගෙන ඇත. වෛද්‍ය මණ්ඩලය ඇයට එරෙහිව නිකුත් කළ චෝදනා පත‍්‍රය හා සිද්ධිය අදාල විඩියෝවට සවන් දෙන්න.  






Saturday, September 3, 2016

පොලීසියේ අත්සන්කර යන අතර පැහැරගත් ගැමුණව, කොළඹ පොලිස් මත්ද්‍රව්‍යය කාර්ය්‍යංශයට ගෙන ගොස් වධදිලා.

Nandalal Brother of Gemunu

දැනට කොළඹ ජාතික රෝහලේ 27 වාටිටුවේ ප‍්‍රතිකාර ලබන මොහු ගේ සෙහොයුරා සිද්ධිය පිළිබඳව මෙසේ ප‍්‍රකාශ කරයි.
උසාවි නියෝගයට අනුව පසුගිය 28 දින ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියට අත්සන්කර, නිවස බලා එන අතර පැහැර ගැනීම සිදුකර ඇත.
මෙම පැහැර ගැනීම සිදු කර ඇත්තේ කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින්ය. දරුණු ලෙසට වමට කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ,ඇවිදමටවත් නොහැකිව සිටි සොහොයුරාව, බන්ධනාගාරය මගින් රොහල් ගතකරන ලෙසට නියම කර ඇත.
බන්ධනාගාරය සොහෙයුරාව බන්ධනාගාර රෝහලට ඇතුල් කොට, ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට පත්කර, කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
ගැමුණු ගේ මෙම සිද්ධිය මානව හිමිකම් කොමිසමට දැනුම් දි තිබේ. එමෙන්ම විමර්ශණ නිලධාරින් මගින් වමිර්ශණ ආර්ම්භ කරන ලෙසටද ඉල්ලා ඇත.
ගැමුණට හා බිරිඳට සොරකම් හා මත් ද්‍රව්‍ය චොදනා තිබෙන බව සොහොයුරා පිළිගනි.
කෙසේවෙතත්, කුමන අපරාධයකට සැකකරුවෙකු වුවත්, පොලිසියට පුද්ලයින් පැහැර ගන්නට, වධදීමට අයිතියක් නැත. 
යහපාලනය යනු නීතියට සියල්ලම යටත් බවයි. නීතියට යටත් පොලිසියක් ඇති කිරිමට පියවර නොගන්නේ නම් යහපාලනය, සංහිඳියාව හුදෙක් අර්ථවිරහිත සටන් පාඨ බවට පත්වනු ඇත.  

සංහි`දියා පාගමන ට රැවෙටෙන්න එපා. මානව හිමිකම් කොමිසමේ නිවේදනය



ඊනියා මානව හිමිකම් සංවිධානයක් රාජ්‍ය ලාංඡනයයොදා ගමින්,  මානව හිමිකම් කොමිසම් සභව ලෙසට පෙනිසිටිමින්, සංහිඳියා පාගමක් පවත්වන බවට ගෙනයන ප‍්‍රචාරය හා මුදල් එකතු කිරිම පිළිබඳව මානව හමිකම් කොමිසම් සභාව විසින් නිකුත් කර තිබෙන නිවේදනය කෙරෙහි අවධානය යොමු කරමු.


මෙම ඊනියා සංවිධානය මොටර් රථ වල මානව හිමිකම් සංවිධානය ක් ලෙසට ස්ටික්ර් ගසාගෙන, පොලිසි වලට යන බව දැන ගන්නට ඇත.
මෙම ප‍්‍රකාශය නිකුත් කිරිම පිළිබඳව මානව හමිකම් කොමිසමට ස්තුතිය පිරිනමමු. ජනසංසදය