Tuesday, January 12, 2021

ඇඳි වත ඉරලා, ජීප් එකට දාගෙන පහර දුන්නා. සැමියාට කොච්චි දැම්මේ මට පේන්න.

 

තිස් හැවිරිදි සුමුදු දෙදරු මවක්. ඇයගේ සැමියාව පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශය අත්අඩංගුවට ගත්තේ, මත් ද්‍රව්‍ය චෝදනා වලට.

 ඇය ප‍්‍රකාශ කරන්නේ, නිකරුනේ තම සැමියාට පහර දීමට විරුද්ධ වූ නිසා, ඇයට පහරදී අත්අඩංගුවට ගෙන, ඇප ගන්නට බැරිවෙන්න හෙරොයින් මි.ග‍්‍රෑම් 1020 ක් තිබුනා කියලා, උසාවියට බොරු කියලා, රිමාන්ඞ් කරපු බව.

ඇගේ සැමියා තවමත් හිරගෙදර. සන්තකයේ තිබූ බවට, පොලිසිය චෝදනා කරන හෙරොයින් ප‍්‍රමාණය මි.ග‍්‍රෑම් 1000 ට අඩු නම්, ඔවුන්ට ඇප ලබා දීමට මහේස්ත‍්‍රාත්වරයාට තිබූ හිමිකම, මි.ග‍්‍රෑම් 2000 දක්වා වැඩි කිරිමට ආණ්ඩුව ගත් තීරණය නිසා, මාස 2ක් තුල, පුද්ගල ශරීර ඇපයක් මත, නිදොස් වීමට ඇයට හැකි විය.

 ඇය තමාව අත්අඩංගුවට ගැනීම හා සැමියාට වධ දීම පිළිබ, අදාළ පොලිස් නිළධාරින්ට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමින්, මහජන ආරක්ෂක අමාත්‍යංශයට හා පොලිස්පතිට යවන ලද ලිපිය පහත දක්වමු.

 ඳහන් කළයුතු විශේෂ කරුණ වන්නේ, මහෙස්ත්‍රාත් වරයාට ඇප දිමට නොහැකි වන පරිදි මි.ග්‍රැම් 1020ක් තිබු බවට සඳහන මත, ඇයට මහාධිකරණයෙන් ඇප ගැනිමට රුපියල් තිස්පන්දාහක නිකරුනේ වැය කිරිමට සිදු විමය.

 ‘‘ නීති විරෝධී ලෙෂ අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා, රක්ෂිත බන්ධනාගාරගත කිරීම.

 

*******සුමුදු *******අවු: 30 යි, ජා.හැ.අ ******* , විවාහක, දරුවන් 02 යි.

දු.අ *******

2021.01.04 දිනදීය.

******* යංකර, අවු: 31 යි, ජා.හැ.අ ******* -  මාගේ සැමියා වේ. 

දැනට කලූතර රක්ෂිත බන්ධණාගාරයේ පසු වේ.

 මා සුලූ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර, සැමියා සිංගර් සමාගමේ රැකියාවේ නිරත විය. මෙයට අමතරව තැඹිලි එකතු කිරීමද කරන ලදි.

 2020.09.01 දින අලූයම 1.00 පමණ, අපගෙන් තැඹිලි ගන්නා, රමේෂ් නැමැත්තා නිවස ඉදිරිපිටට පැමිණ කතා කලා. සැමියා දොර ඇරයා. ඒ සමගම, ඔහු සමග පැමිණ සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සැමියාව එළියට ඇද පහර දුන්නා. මා ඉදිරිපත් වූ විට, මටද පහර දුන්නා. නිවසේ සිටි මාගේ ගැබිණි අක්කාට හා ඇගේ සැමියාටද පහර දුන්නා.

 සැමියාව හා මාව - ජිප් රථයකට ඇද දමා ගත්තා. කිසිදු කාන්තා නිලධාරිණියක් සිටියේ නැහැ. එම නිලධාරීන් අසභ්‍ය වචනයෙන් බැණ, පිස්තෝලයක් එල්ල කර, වෙඩි තබන බවට තර්ජණය කලා. සැමියාව ජීප් එකට දැම්මේ ඔහුගේ යට ඇඳුම පිටින්. මා ඇ සිටි ටී ෂර්ට් එක ඇද ඉරා දැම්මා.

 පසුව දැනගත්තා, පැමිණි නිලධාරීන්, පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයට අයත් නිලධාරීන් බව. ජීප් රථය තුලදී මටත් සැමියාටත් කුණුහරප කියමින් අතින් කම්මුලට පහර දුන්නා. අපට අතින් පයින්, මේස කකුලකින් හා විකට් කූරකින් පහර දුන්නා.

 ඔවුන් අප දෙන්නාව ගෙන ගියේ පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පැරණි ගොඩනැගිල්ලටය. එහිදී කාමරයක් තුලට ගෙන ගොස් අප දෙන්නාව බිම වාඩි කෙරෙව්වා. සැමියාට මංචු දැම්මා.

 ඔහුගේ යටිපතුල් වලට පොලූ වලින් ගැහුව්වා. ටික වේලාවක් එසේ පහර දී, කාමරයෙන් එළියට අරන්, අත් පිටුපසට කොට මාංචු දමා, පහර දෙමින්, ඇස් වලට කොච්චි හා මිරිස් කුඩු කලවම්කර වැක්කෙරුවා.

 කොච්චි කෙටීම, මිරිස් කුඩු කලවම් කිරීම කළේ කපිල නැමැති අය, අපිට පේන්න. ඇස් වලට වක්කලේ, නිශාන්ත කුමාර යන අය. පහර දුන්නේ, කුඩු ගෙන එන තැන, විකුණන තැන් කොහෙද කියා හා පහන්ගම ගෙදර කොහෙද කියා අසමින්.

 පැය 02ක් පමණ වධදී, ඔවුන් ලියන ලද ප‍්‍රකාශ වලට අප දෙන්නාගේ අත්සන් ගත්තා.

 එසේ පහරදී, ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව, නැවත කාමරයේ තැන් දෙකක වාඩි කරලා - මරා දමන බවට විටින් විට තර්ජණය කලා. පිස්තෝලය වරක් මගේ අතට දී, සැමියාට වෙඩි තියන්න කිව්වා. සැමියා අතට ඔහුගේම දුරකථනය ලබාදී, උදේ 6 ට පෙර කාවහරි ගෙනත් දුන්නොත් අපව නිදහස් කරන බව කිව්වා.

 උදේ 10 ට පමණ පානදුර දකුණ පොලිසියට ගෙන ආවා.

සැමියාව කූඩුවට දමා, මාව පොලිසියේ උඩ තට්ටුවට ගෙනගොස්, ගෙදර විස්තර අසමින්, නිශාන්ත කුමාර විසින් විස්තර සටහන් කර ගත්තා.

 දහවල් 1.00 ට පමණ, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. අප වෙනුවෙන් නීතිඥ උදේශිකා මිය ඉදිරිපත්ව අපට පහරදී ඇති බව ගරු අධිකරණයට ප‍්‍රකාශ කලා.

 ගරු මහේස්ත‍්‍රාත්තුමා, අපගේ තුවාල පරීක්ෂා කර, පානදුර මූලික රෝහලට ඉදිරිපත් කිරිමට නියම කලා. පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කලා. මාව බන්ධනාගාරයට බාර දුන්නා. සැමියාව රැවුම් නියෝග මත නැවත පොලිසියට ගෙන ගියා.

 මට විරුද්ධව හෙරොයින් මි.ග‍්‍රෑම් 1020 ක් තිබූ බවට, බොරු චෝදනාවක් නගා තිබුනා. නඩු අංකය 77728/20 වේ.

 රජය විසින් ගන්නා ලද තීරණය මත මට 2020.11.27 දින ඇප ලබා දුන්නා. ඒ අනුව දින 87 ක් බන්ධනාගාරගතව සිට, දින 07ක් නිරෝධායනයෙන් පසුව නිදහස් වුනා.

 මීළ නඩු දිනය, 2021.07.16 වේ.

 මා ඉල්ලා සිටින්නේ,

පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ,    

1. පො.ප.නිශාන්ත කුමාර    

2. පො.කො.86288 සම්පත්

3. පො.කො.94074 පැතුම්

4. පො.කො.96615 ජයසිංහ

5. පො.කො.රි.16888 හා  කපිල නම් වූ පුද්ගලයා විසින්

 කාන්තාවක් නැතිව, අත්අඩංගුවට ගැනීම, වධහිංසාවට හා අවමන් සහගත සැළකිලිවලට පාත‍්‍ර කිරිම, ව්‍යාජ චෝදනා නැගීම, මූලික අයිතීන් උල්ලංඝනය කිරීම පිළිබදව විධිමත් විමර්ශණයක් කර, අදාළ නිලධාරීන්ට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසට හා අපට විරුද්ධව පවරා ඇති බොරු නඩුවලින් නිදහස් කරන ලෙසටද ඉල්ලා සිිටිමි.

මේ සමග බී වාර්තාව හා 2020.09.02 කාර්ය සටහන් ඉදිරිපත් කරමි.

මෙයට,

සුමුදු

covid-19 ශ්‍රී ලංකාව තුල සමාජ ගතවී නොමැතිද?

ලංකාවේ ලක්ෂ 10කට 11කු මිය යන අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ 1,154කුද, ඉන්දියාවේ 109ක්, රුසියාවේ 424ක්, එංගලන්තයේ 1196ක් මිය යති.

අසාදිතියින්ගේ සංඛ්‍යාව අතින් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. ඉන්දියාව දෙවන තැන ගෙන ඇති අතර හතර හා පසවන තැනට පත්ව ඇත්තේ රුසියාව හා එංගලන්තයයි. අපේ රට 95 වන ස්ථානය ගෙන තිබේ. සියවන ස්ථානයේ සිටින, දැඩි සංචරන සිමා පමුණුවන ඔස්ටේ‍්‍රලියාවේ මරණ අනුපාතය 35කි.

දිනෙන් දින ආසාදිත සංඛ්‍යාව හා මරණ වැඩිවන අප රටේ - සමාජ සම්පේ‍්‍රෂනය ගැන විශේෂඥ මතයක් පහත දක්වමු.  

 සමාජ සම්ප්‍රේෂණය 

(රජරට වෛද්‍ය පීඨයෙන් බිහිවූ විශිෂ්ට විශේෂඥ වෛද්‍යවරයෙක් වූ වෛද්‍ය අලි උතුමාන් මහතාගේ විශිෂ්ට පැහැදිලි කිරීම මම මෙලෙස සිංහලට පරිවර්තනය කරන්නෙමි)

වසංගත රෝගයක සමාජ සම්ප්‍රේෂණය යන්නෙහි සරලතම අර්ථ දැක්වීම වන්නේ "සමාජය තුලින් අළුතින් හඳුනා ගන්නා රෝගියෙකුගේ,රෝගය සම්ප්‍රේෂණය වූ විභවය  නැතිනම් රෝග සම්භවය හඳුනා ගැනීමට අපොහොසත් වීම" යන්නයි..

වසංගත විද්‍යා ඒකකය covid-19 ශ්‍රීලංකාව තුල සමාජ ගතවී නොමැති බව පැවසීමට සරලතම හේතුව වන්නේ අළුතින් හඳුනා ගන්නා සියලු රෝගීන්ගේ ආශ්‍රිතයින් නැතිනම් සම්භවය තවමත් ඔවුන්ට සාර්ථකව සොයා ගැනීමට හැකිවීම නිසයි..

මෙය මේ ආකාරයෙන්ම සිදු වුවහොත් න්‍යායාත්මකව ගත්කල සමාජ සම්ප්‍රේෂණය යන අර්ථ දැක්වීමට යටත් නොවී ශ්‍රීලංකාවේ සමස්ථ ජනගහනයම වුවද ආසාදනය විය හැක..

එසේත් නැතිනම් වියහැකි අනිත් සිදුවීම වන්නේ නව රෝගීන් සීග්‍රයෙන් වැඩි වී නව රෝගීන්ගේ ආශ්‍රිතයින් නැතිනම් සම්භවය හඳුනා ගැනීමේ හැකියාව වසංගත විද්‍යා ඒකකයෙන් ගිලිහුණු මොහොතක සමාජ සම්ප්‍රේෂණය සිදුවී ඇති බවට ඔවුන් ප්‍රකාශ කිරීමයි (තාක්ෂණිකව ගත් කල මෙය නිවැරදියි)

නමුත් ඔබ අප වටහා ගතයුත්තේ සමාජ සම්ප්‍රේෂණය යන වචනය තාක්ෂණික අර්ථ දැක්වීමක් පමණක් යන්න බවයි.

ඔබ සමාජ සම්ප්‍රේෂණය යන වචනයට කුලල් කා ගනිමින් සිටින මේ මොහොතේදීත් වෛරසය පැතිරෙමින් පවතී..ඔබ තවත් පමා වුවහොත් මෙය ඔබේ ගේ දොරකඩට එනතුරු ඔබ නොදකිනු ඇත..

එබැවින් කරුණාකර වචනයකට කුලල් කා ගැනීම නවතන්න.තමන් ආරක්ෂා වන්න..එමගින් තමන්ගෙන් සමාජයට සිදු විය යුතු වගකීම ඉටු කරන්න.සෞඛ්‍ය අංශ වලට සහය වන්න.සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.එවිට සමාජ සම්ප්‍රේෂණය යන වචනය තිබුනත් නැතත් අපට මේ සටනින් ජාතියක් වශයෙන්  ජයගත හැකි වනු ඇත..

ස්තූතියි 
වෛද්‍ය දසිත රත්නායකගේන් උපුටා ගැනීමකි










Monday, January 11, 2021

202 කට මරු කැඳවූ අන්තවාදී මුස්ලිම් පණ්ඩිතයෙකු වන අබු බකර් බෂීර් ව මුදා හැරේ

2002 ඔක්තොම්බර් 12, ඉන්දුනීසියානු බාලි දූපතේ, විදේශිකයන් 202 කට මරු කැදවූ. සිර භාරව සිටි, මුස්ලිම් අන්තවාදී පණ්ඩිතයෙකු  හා අධ්‍යාත්මික නායක අබු බකර් බෂීර් වසර 10කට පසුව ඉන්දුනීසියානු රජය විසින් මුදා හැර තිබේ.

ඉන්දුනීසියානු දූපත් සමූහය අතරින් හින්දු හා බෞද්ධ  බහුතරය වසය කරන, සංචාරක පාරාදීසයක් ලෙසට, බාලි දූපතේ, සිදු කරන ලද ප්‍රහාරයෙන් - මියගිය 202 අතර ඕස්ට්‍රේලියානුවන් 88ක්,ඉන්දූනීසියානුවන් 28ක්,බ්‍රිතාන්‍යන් 28ක් ඇතුලු රටවල් 21ක සංචාරකයින් විය.

මෙම ප්‍රහාරය සැලසුම් කර එල්ල කරන ලද්දේ, පොලිසියට  හමුදාවට පහර දීම වෙනුවට සිවිල් ජනයා කරා එල්ල කිරීමට ඔසාමා බින් ලාඩන් ගේ අල්කයිඩා ජාලය ගෙන ඇති තීරණයටයි. 

මෙම ප්‍රහාරයට මූලික වූ බොහෝ දෙනා ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්තඩංගුවට ගන්නා ලද අතර, ඉන් පිරිසක් අධිකරණය හමුවට පත් කිරීමට පෙර පොලිස් වෙඩි ප්‍රහාර තුලි මිය ගොස් තිබින.

නඩු විභාගයෙන් පසුව තිදෙනෙකුට මරන දඩුවම නියම කර, ජීවිතක්ෂයට පත් කරන ලදි.නමුත් පිරිසක් සිර කරන ලදි.වසර 15ක සිර දඩුවමකට යටත් කල අබු බකර් බෂීර් ව මුදා හැරීමට ඉන්දුනීසියානු රජය තීරණය කලේ ඔහු තවමත් එරට අන්තවාදීන් අතර පිළිගැනීමට ලක්ව බලපෑම් කරන වාතාවරනයක් තුලය.අප්‍රේ 21 පාස්කු ප්‍රහාරකයින්ගේ අරමුණ මොවුන්ගේ අරමුණට සමානය.

Tuesday, December 29, 2020

ලක්ෂ දෙකක පගාව ඉල්ලූ සුරාබද්දෝ උසාවියටත් බොරු කරලා

තම පුතා මත්ද්‍රව්‍යය භාවිතා නොකරන්නෙකු බවට සහතික වන බව විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර එහි ඇත්ත නැත්ත සොයා ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සුරාබදු නිලධාරීන් තම පුතාව අත්අඩංගුවට ගැනීම නිත්‍යානුකූලව නිවැසියන්ට දැනුම් දිය යුතුව තිබුණත්  එය සිදු නොකර වධහිංසා පමුණුවා අධිකරණය පාවිච්චි කර රිමාන්ඩ් කරවූයේ රුපියල් ලක්ෂ දෙකක වගාව නොදුන් නිසා බව ප්‍රකාශ කරන ඇයල එය පලිගැනීම සඳහාත් ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීම සඳහා කරන ලද්දක් ලෙස ද හඳුන්වයි.

ජාතික ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත අමතන ලද ලිපියේ මෙසේද සඳහන් කර තිබේග මෙම සුරාබදු නිලධාරීන් උසාවියට වංචා කර ඇතග ඒ පිළිබඳව අධිකරණයේ හෙළිදරව් වී තිබේග එයට අමතරව මොවුන් ව්‍යාජ දිවුරුම් ප්‍රකාශයක් ද උසාවියට ඉදිරිපත් කර ඇත.

සුරාබදු නිලධාරීන්ගේ මෙම දූෂිත ක්‍රියාවන්ට එහි උසස්ම නිලධාරියා සිට පහළම නිලධාරියා ද හවුල්යග එසේ නොවන්නේ නම් තම පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව තිබූ ලේඛන හා මුදල් පිළිබඳව කරන ලද පැමිණිල්ලට අඩුම වශයෙන් පිළිතුරු ලබා දීමක් වත් කිරීමට සදාචාරයක් තිබිය යුතුය.

මේ වන විට සුරාබදු නිලධාරීන් විශාල වශයෙන් වංචා දූෂණ සිදුකරන බව හෙළිව තිබේග සුරාබදු නිලධාරීන් සිදුකරන ලද මෙම අපරාධය නිසා මේ වන විට අපටත් පුතාටත් රටටත් ගෙවන්නට සිදුව තිබෙන වන්දිය මිනිය නොහැකග බන්ධනාගාරයේදී පුතාට කොරෝනා වැළඳි ඇත. ඔහු දැන් රෝගියෙක්.

ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද ලිපිය පහත දක්වමු එහි බොහෝ කරුණු හෙළිදරව් කර ඇත.

   .............................................................................................................................................................        

සුරාබදු නිලධාරීන් විසින්ල අත්අඩංගුවට ගෙනල වධ හිංසා පමුණුවාල

ව්‍යාජ චෝදනා නගාල උසාවිය උපයෝගී කරගෙනල රක්ෂිත බන්ධනාගාරගත කිරීමග


රංගල අවු ; 29 යි, මාගේ පුතා වේ

නඩු අංකය - ............................

අධිකරණය - ම/උ ගල්කිස්ස

බන්ධනාගාරය - මැගසින් බන්ධනාගාරය

සිර අංකය - .............................

දැනට - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයල කොරෝනා රෝගය වැලඳීම හේතුවෙන්,

1) 2020.11.18 වන දිනල ප.ව. 2.00 ට පමණල නැදිමාලේල කඩවත පාරේල සිරිසේන දහනායක ක‍්‍රීඩා පිට්ටනියේදීල කැස්බෑව සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

2) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවල පුතාට වධ හිංසා පමුණුවන ලදි.

3) 2020.11.19 වන දිනල අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේල හෙරොයින් මි.ග‍්‍රෑ 2000 කට වැඩි ප‍්‍රමාණයක් සන්තකයේ තිබූ බවට ගරු අධිකරණයට ව්‍යාජ වාර්තාවක් ඉදරිපත් කරමින්ය.

4) මෙම චෝදනාවටල ගරු මහේස්ත‍්‍රාත්තුමාට ඇප දීමට නොහැකි නිසාල ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.

5) මේ වන විටල පහත සදහන් කරුණුල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී හෙළිව තිබේ.

         (අ) නඩු භාණ්ඩ වශයෙන්ල සන්තකයේ තිබූ බවට ප‍්‍රකාශ කරන ලද ”හෙරොයින්” ඉදිරිපත් 

             කර නොමැති බවල

(ආ) පසුව ඒ ගැන විමසීමේදී අධිකරණයේ යම් නිලධාරීන් ද හවුල් කරගෙන ව්‍යාජ වාර්තා

              ඉදිරිපත් කර තිබෙන බවල

(ඇ) මේ වන විටල සිද්ධිය අදාළව ගරු අධිකරණයටල ව්‍යාජ දිව්රුම් ප‍්‍රකාශයක්ල සුරාබදු

              නිලධාරීන් ඉදිරිපත් කර තිබෙන බවල

(ඈ) වධ හිංසා පැමිණවීම අදාළ කරුණු සම්බන්ධයෙන්ල පුතාව අධිකරණ වෛද්‍ය

              නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමට නියෝග කළදල එය ඉටුකර නොමැති බවල

(ඉ) මැගසින් බන්ධනාගාරයේදීල පුතාට කොවිඞ් 19 වැළඳී තිබෙන බවත්ල ඒ නිසා ඔහු

             කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති බවල

මා ප‍්‍රකාශ කර සිටින්නේ,

මේ ආකාරයට මාගේ පුතාටල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ගැනීමටද නොහැකි වන පරිදිල පළි ගැනීමට ව්‍යාජ චෝදනා නගාල අනියම් ආකාරයට දඬුවම් කිරීමටල කැස්බෑව සුරාබදු නිලධාරීන් කි‍්‍රයා කරන ලද්දේ,

මීට පෙරල මත්ද්‍රව්‍යය අදාළව ව්‍යාජ චෝදනාවකට ”ගොඩින් බේරීමට” වැරදි උපදෙස් මතල  ”වැරදිකරු” බවටල ගරු අධිකරණයට බොරු කියාල දඩයක් ගෙවාල නඩුව අවසන් කර ගැනීම පදනම් කරගෙනල ඔවුන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිල රුපියල් ලක්ෂ දෙකක කප්පම දීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා බවයි.

මේ නිසාම, දැනට මාසයකට අධික කාලයක් රිමාන්ඞ් භාරයට පත්වල කොරෝනා රෝගියෙකු බවට පත්ව ඇත.

මාගේ පුතාල මත්ද්‍රව්‍යය භාවිතා කරන්නෙක් නොවන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි,

ඒ බව වෛද්‍ය පරීක්ෂණයෙන් ඔප්පු කිරීමට පුඵවන.

මෙම පසුබිම යටතේ මා ඉල්ලා සිටින්නේල

1) මාගේ පුතාවල මත්ද්‍රව්‍යය භාවිතය ගැන හා වධ හිංසා පැමිණවීම ගැන විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වාර්තා ලබා ගන්නා ලෙසත්ල

2) මාගේ පුතා ළඟ තිබූ බවට සුරාබදු නිලධාරීන් ප‍්‍රකාශ කරනල ”හෙරොයින්” පිළිබඳව කඩිනමින් රස පරීක්ෂක වාර්තාව ලබා ගැනීමට පියවර ගන්නා ලෙසටත්ල

3) ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයටල ව්‍යාජ වාර්තාල ව්‍යාජ දිව්රුම් ප‍්‍රකාශ ඉදිරිපත් කිරීම අදාළව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසටත්ල

4) මාගේ පුතාටල තවදුරටත් ප‍්‍රමාද නොකර ඇප ලබා ගැනීමට අවශ්‍යය නීතිමය පියවර ගන්නා ලෙසටත්ල

5) මෙම නීති විරෝධීල අපරාධය සිදුකළ සුරාබදු නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනය පියවර ගන්නා ලෙසටත්යග


මෙයට,

ශීලා

 





Sunday, December 27, 2020

රස පරික්ෂක වාර්තාව තවම නැහැලු! මාස 06 ක් තිස්සේ රිමාන්ඩ් එකේ. මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමට මුවා වී කරන අපරාධ.අරක්කු බොකවා! මත්ද්‍රව්‍යය භාවිතා කරන්නේ නැහැ. මත්ද්‍රව්‍යය හෝ නීති විරෝධී මත්පැන් ජාවාරමට කිසිදු සම්බන්ධයක් නැහැ.

 


අශෝකා පෙරේරා, 48 හැවරිදි තිදරු ඇඟලූම් සේවිකාවක්. පොල් කැඞීම, වතු සුද්ද කිරීම, අත් වැඩ දී දවසේ වියදම සොයන තම 49 හැවරිදි සැමියා  මාස 06 ක් තිස්සේ ඉන්නේ ක`ඵතර රක්ෂිත බන්ධනාගාරයේ. මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමට මුවා වී, නිර්දෝශී සැමියාව, උසාවිය උපයෝගී කරගෙන, බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ඇය,  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති  අමතන ලද ලිපියේ මෙසේ සහන්වේ.    

    ‘‘2020.06.28 වන දින, මම සුපුරුදු පරිදි, උදේ 7.00 ට රැකියාවට ගියා. මා, රාත‍්‍රී 7.00 ට වැඩ ඉවර වී, ගෙදර ආ විට, දැන ගත්තා, සැමියාව උදේ 10.00 ට විතර පොලීසියෙන් අල්ලන් ගිහින් බව.

රාත‍්‍රී 8.30 ට විතර, පානදුර දකුණ පොලීසියට ආවා. සැමියා කූඩුවේ හිටියා. ගෙනාපු කෑම එක විතරක් දීලා යන්න යයි කිව්වා. ඒ නිසා විස්තර දැනගන්න බැරි වුනා.

මාගේ ඥති දියණියක් වන, රෝහිනී කුමාරි, මාගේ සැමියා, මහවිල ඔවුන්ගේ ගෙදර ඉදිරිපිට සිටින විට, පානදුර වැල්ලේ පොලීසිය (පොලිස් අධිකාරී කාර්යලයේ පිහිටි කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කළා.

ඔහු ළඟ හෙරොයින් ම.ග‍්‍රෑ. 5675 ක් තිබූ බවට, බොරු චෝදනාවක් දමා, බන්ධනාගාරගත කර තිබෙනවා. නඩු අංකය : 75563/2020. උසාවිය: පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය.

 ඔහු මත්පැන් පානය කරනවා. නමුත් මත්ද්‍රව්‍යය භාවිතා කරන්නේ නැත. මත්ද්‍රව්‍යය ජාවාරමට හෝ නීති විරෝධී මත්පැන් ජාවාරමට කිසිදු සම්බන්ධයක් නැහැ.

මා හා මාගේ සැමියා, දහඩිය මහන්සියෙන් උපයා ගන්නා දෙයින්, 11 හැවිරිදි දරුවා හා මාගේ මව ජීවත් වනවා. අපට, අපගේ කියා ඉන්න තැනක් නැහැ. මහ ගෙදර සහෝදරයා හා පවුල ජීවත් වනවා.

පොලීසිය සිදු කළේ අපරාධයක්. බන්ධනාගාරයේ කැන්ටිමට ගෙවන්න  ඕන මුදල ගෙවන්න වෙන්නෙත් නැහැ.

බන්ධනාගාරගත කරලා දැනට මාස 06 ක් වෙනවා. තවම රස පරීක්ෂක වාර්තාව ඇවිල්ලා නෑ. මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගන්න විදියක් නෑ.

මහාධිකරණයෙන් ඇප ලබා ගන්න විශාල මුදලක් නීතිඥවරුන් ඉල්ලනවා.

දුප්පත්, නිර්දෝෂී පුද්ගලයින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍යය ආදේශ කර, උසාවිය යොදාගෙන රිමාන්ඞ් කරවීම අපරාධයක්.

මෙම අපරාධය කළේ ජනාධිපති තුමාගේ මත්ද්‍රව්‍යය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලට මුවා වෙලා. අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ රාජකාරි කරනු ලබන, පො.ප. නිශාන්ත, පො.කො. 86282 සම්පත්, පො.කො. 95643 ජයසිංහ, පො.කො. 16888 කනිශ්ක ඇතුලූ නිලධාරීන් ය.

මාගේ සැමියා, මත්ද්‍රව්‍යය ජාවාරම් කරන හෝ භාවිතා කරන අයෙකු ද යන්න, බුද්ධි අංශ යොදවා සොයන ලෙසටද, කඩිනමින් රස පරීක්ෂක වාර්තාව ගෙන්වා දෙන ලෙසටද,

බන්ධනාගාර කොවිඞ් 19 රැල්ල යටතේ, තවදුරටත් ප‍්‍රමාද නොකර, මාගේ සැමියාගේ ජීවිතාරක්ෂාව සැලසීමට, ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට ද ඉල්ලා සිටිමි.

මෙයට, අශෝකා පෙරේරා (බිරි)

 

 

Friday, December 25, 2020

”ට‍්‍රම්ප්” යන්නේ කොරෝනාත් බිඳගෙන යුද්ධ අපරාධවලට වරදකරුවන් වූවන්ටත් සමාව දෙයි.

 


”ට‍්‍රම්ප්” තවමත් පරාජය පිළිගෙන නැත. එහෙත් එළඹෙන ජනවාරි 20, යන්නට සූදානම් වන්නේ, තමන්ට හිමි විධායක බලතල යටතේ, කරන්නට පු`ඵවන් හැම දෙයක්ම කරය.

ඒ අනුව, අපරාධවලට හා වෙනත් වැරදි වලට වරදකරුවන් බවට පත්ව සිටින, හිතවත් සියල්ලන්ටම ”රාජ ක්ෂමාව” ලබාදීමට පියවර ගෙන තිබේ.

අපරාධ වලට හා වැරදි වලට වරදකරුවන් වූ 15 කට පසුගියදා, සිය විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපති ක්ෂමාව ලබාදී නිදහස් කරනු ලැබීය.

2007 ඉරාකයේදී, ”බැලැක්වෝටර්” නම් වූ ඇමෙරිකානු පුද්ගලික ආරක්ෂක සමාගම සෙබලූන් හතර දෙනෙක් නව හැවිරිදි දරුවෙකු ඇතු`ඵ සිවිල් වැසියන්14 ක් ඝාතනය කරනු ලැබීය.

එම අපරාධයට වරදකරුවන් වූ සිව් දෙනාටම ට‍්‍රම්ප් ක්ෂමාව දී නිදහස් කර ඇත.

මේ වන විට, ක්ෂමාව දිය යුතු පාක්ෂිකයින්ගේ ලේඛන, ධවල මන්දිරයේ පිළියෙල කරමින් සිටින බව එරට මාධ්‍යය වාර්තා කර ඇත.

රූපයේ දැක්වෙන්නේ ට‍්‍රම්ප් ගේ රාජ ක්ෂමාව යටතේ නිදහස ලැබූ ඝාතකයින් 4 දෙනා හා ඝාතනයට ලක් වූ අලි නම්, නව හැවිරිදි දරුවාය.

Thursday, December 24, 2020

තොග මුදලාලිට නිරෝධායන නීති නැතිලූ ! නෑනලා කියයි !!


 
රංචු ගැසී පහර දීමක් සිදුකළ බවට වන පැමිණිල්ලක් පසුගියදා, පානදුර දකුණ පොලීසියේ විභාග කරන ලදි.

ඒ අවස්ථාවේ, ගහපු, ගුටි කාපු යන පාර්ශව දෙකම අත්අඩංගුවට ගත් පොලීසිය, පැමිණිලි සමථ මණ්ඩලයට යොමු කිරීමට තීරණය කර, සියල්ලන්වම, පොලිස් ඇප මත මුදාහරින ලදි.

අතෘප්තියට පත්වූ, ගුටි කාපු පාර්ශවය, පොලීසිය පහර දුන්න අයට පක්ෂපාතීව, ක‍්‍රියා කළා පමණක් නොව, ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ "තොග වෙළෙන්දෙකු", පොලීසිය තුළ හැසිරුණ ආකාරය ද ප‍්‍රශ්න කරයි.

ගුටි කන ලද්දේ නෑනලා දෙදෙනෙකි. ඔවුන් පොලිස්පති කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.

පොලිස්පති                 
පොලිස් මූලස්ථානය        
කොළඹ

රංචු ගැසී පහර දී, තුවාල සිදු කිරීම හා අපරාධකරුවන් බේරීමට ක‍්‍රියා කිරීම.




මාලී සේනාරත්න වර්ණකුල, අවු: 50 යි, ජා.හැ.අ. 698622385 ඪල විවාහක, දරුවන් 02 යි. දු.අ. 071 97338668, ලිපිනය: 55/්ල පිරිවෙන පාර, හික්ගහ වත්ත, පිංවත්ත, පානදුර.

සහ,





රේණුකා 47 යි, ජා.හැ.අ. 197266702504, විවාහක, දරුවන් 03 යි. දු.අ. 076 --------, ලිපිනය: ------ පානදුර.

2020.12.19 වන දින දීය.

මෙසේ ප‍්‍රකාශ කර සිටිමු.

2020.12.14 වන දින, පොලීසිය කරන ලද දැනුම් දීම මත, අප දෙදෙනා, පානදුර දකුණ පොලීසියට ගියා.

එවිට වේලාව, පෙ.ව. 10.00 පමණ වේ.

අප දෙදෙනාව පොලීසියට කැඳවන ලද්දේ, 2020.11.24 වන දින, අප දෙදෙනාට, පානදුර පිංවත්තේ,

(1) උපුල් (2) අනුර (3) කුමාරි (සඳා) යන අය විසින්, එදින රාත‍්‍රී 7.30 ට පමණ, පානදුර ප‍්‍රසිද්ධ වෙළඳපොල අසලදී, සිදුකරන ලද පහරදීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලටය.

අප දෙදෙනා, පහරදීම නිසා පානදුර මූලික රෝහලේ සිටින විට, අපට පහර දුන්න අනුර අශෝක නැමති අයද, රෝහලට ඇතුල් වුනා. ඔහු, අප පහර දුන්න බවට, බොරු පැමිණිල්ලක් කර තිබුනා.

අපට පහරදීම අදාළව, සිය`ඵ විස්තර, පානදුර මූලික රෝහලේ රෝහල් පොලීසියට 2020.12.24 වන දින රාත‍්‍රියේ ලබා දුන්නද, ඒ හා අදාළව කිසිදු විමර්ශනයක්, පානදුර දකුණ පොලීසිය සිදුකළේ නැත.

විශේෂයෙන් මෙම පහරදීමට, පොලූ මුගුරු සහ ආධාර අනුබල දුන්න ශ‍්‍රී ලාල් පීරිස් හා ශෂික යන අය පොලීසියට කැඳවා තිබුනේ නෑ.

2020.12.14 වන දින, අපගෙන් කරුණු විමසා, විමර්ශනය කළ නිලධාරියා, අප දෙදෙනාව සහ අපට පහරදීම අදාළව,  අවස්ථාවේ පොලීසියට ගොස් මුල් පැමිණිල්ල කළ සමන් කුමාර සිල්වා, පොලීසිය අත්අඩංගුවට ගෙන සිර මැදිරියට දමනු ලැබුවා.

ඊට පසුව, උපුල් , අනුර,  සඳා යන අයවද අත්අඩංගුවට ගෙන, සිර මැදිරියට දමනු ලැබුවා.

ප.ව. 2.30 ට පමණ, උපුල් , අනුර  හා සඳා පොලිස් ඇප මත මුදා හැරියා.

අප දෙදෙනාව හා සිල්වාව, පොලිස් ඇප මත මුදා හැරියේ ප.ව. 3.00 පමණය.

අප තිදෙනා, පොලිස් සිර මැදිරියේ සිටින කාලය තුළ, අපට කිරි පැකට් එකක් වත් ලබා ගැනීමට ඉඩ දුන්නේ නෑ. අප වතුරවත් නැතිව සිටියේ.

නමුත්, උපුල් , අනුර , සඳා යන අය වෙනුවෙන් ඉදිරිපත්වූ, පානදුර තොග වෙළඳපොලේ, තොග වෙළෙන්ඳෙකු වූ දුමින්ද නැමැත්තා පොලීසිය තුළ මුඛ ආවරණයක් ද නැතිව සැරිසරමින්, එම තිදෙනාට පමණක් නොව, පොලිස් නිලධාරීන්ට බුලත් විට, සිගරැුට්, බීම බෝතල් ගෙනවිත් දෙමින් සංග‍්‍රහ කරනු ලැබුවා.

මේ ආකාරයට, සැලසුම් සහගතව, ප‍්‍රසිද්ධියේ අපට පහරදීම අදාළව, පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කර අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ ලබා දීම පිළිබඳව, පානදුර දකුණ පොලීසියේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්,

අපට පහරදීම අදාළ, වෛද්‍යය වාර්තා ලබාගෙන, ගරු අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට පියවර ගන්නා ලෙසටත් ඉල්ලා සිටිමු.

මෙයට,

අ/ක:-


01. මාලී 

 02. රේණුකා  

 

Wednesday, December 23, 2020

අඹු කමට ගන්න හදන - පිනට දහමට ලැදි පියාට විරුද්ධව නීතියේ පිහිට නැද්ද.



තම පියාට විරුද්ධව, එක් දරු මවක් උසාවි ගියේ, තමාව අඹු කමට ගන්න හදනවා යයි චෝදනා කරමින්.

ඒ අතර, පියාගේ මිතුරන්, තම එකම පිරිමි දරුවාව අපයෝජනයට ලක් කිරීමට උත්සාහ ගන්නා බවටද ඇය චෝදනා කරයි.

ඇය පවසන අන්දමට, තම පියා, රාජ්‍යය අනුබද්ධ සමාගමක රැඑකියාවක් කර, විශ‍්‍රාම ගත් අයෙකි.

දනට පිනට බොහෝ ලැදි බව ලෝකයාට ප‍්‍රදර්ශනය කරන මොහු, ප‍්‍රදේශවාසීන්ගේ මෙන්ම පොලීසියේද හොඳ නම දිනාගත් අයෙකි.

මේ නිසාම, ඇයගේ කථාවට සවන් නොදෙනවා පමණක් නොව, නීතියද නමන බවට චෝදනා කරයි.

ඇය තමා විසින්, පානදුර දකුණ පොලීසියට කරන ලද පැමිණිලි සම්බන්ධයෙන්, නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසට ඔක්තෝබර් මස, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතන ලද ලිපියට මේ දක්වාම ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද කියා සිටී.




Saturday, December 19, 2020

මානව හිමිකම් කොමිෂමේ මුහුණ වෙනස් වෙයි.

පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ඇතිව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට, නව සාමාජිකයින් පත් කර ඇත. වත්මන් සභාපති ජගත් බාලසූරිය වේ.

හිටපු සභාපතිනිය, ආචාර්ය දීපිකා උඩගම මිය, ප‍්‍රබල ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලෙක්ම්වරයෙකු වූ ආචාර්ය පේ‍්‍රමදාස උඩගම මහතාගේ දියණියයි.

වත්මන් සභාපති ජගත් බාලසූරිය, ප‍්‍රබල ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු මෙන්ම, වත්මන් රාජ්‍යය අමාත්‍යවරයෙකු වන තාරක බාලසූරියගේ පියාය.

 

Saturday, December 12, 2020

ආදාහනය පාපයක් වුනත් කුඩු බීම, බෙදා හැරීම පාපයක් නොවෙයි.


කුඩු ජාවාරම් මැඩලන බවට, වත්මන් රජය ප‍්‍රතිඥා දී ඇත. මේ ප‍්‍රතිඥාව දීලා දැනට අවුරුද්දක් ගත වෙලා. තවත් අවුරුදු 04 යි තියෙන්නනේ. කුඩු චෝදනාවට  දවස් 133 ක් රිමාන්ඞ් බාරයේ සිටි සෆ්රාස් ගේ කතාව.

සෆ්රාස් විවාහ වුනේ, නිෂාමා එක්ක. නිෂාමාගේ පියා කුඩු ජාවාරම් කාරයෙක්. මව ඊට අනුබල දුන්න කෙනෙක්. සෆ්රාස් ද කුඩු බීමට පුරුදු වුනා. දෙවෙනි දරුවා ලැබෙන්න ඉන්න කොට ඔහු බෙහෙත් බීලා, කුඩු බීම නතරකර ගෙන ඩුබායි ගියා.

ඩුබායි වල සුපිරි වෙළ`ද සැලක වසර එකහමාරක් වැඩ කරලා ආවේ ඔහු නැති අතර මොලොව එළිය දුටු දියණිය බලන්න.

සෆ්රාස් ටික දවසකින් පරණ මිත‍්‍රයෝ එක්ක එකතු වෙලා කුඩු බොන්න පටන් ගත්තා. දවසේ කුළියට වැඩ කරන්න පටන් ගත්තා.

2020.07.19 දින, ඔහුට කුඩු දෙන මොහොමඞ් ෆස්මින් පැමිණ එක්ක ගෙන ගියා, ගමනක් යන්න.

මගදී පොලිසිය නැවැත්වූවා. මොහොමඞ් ෆස්මින් ව පොලිසිය දන්නවා. ඔහු කුඩු බොනවා. කුඩු බෙදා හරිනවා. පොලිසියට ඔත්තු දෙනවා.

දහවල් සෆ්රාස් ගෙදර ඇවිත් කෑම කනකොට පොලිසියෙන් ගෙට පැනලා සෝදිසි කරලා යන්න ගියා. කෑම අරගෙන වැඩට ගිහිල්ලා, නැවත ගෙදර එනවිට, තොටවත්ත මුස්ලිම් පල්ලිය අසලදී, පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නවා.

පානදුර උතුර පොලිසියේ - බැරැක්කයට ගෙනහිල්ලා ‘වෝටර් බෝඩිං‘. ක‍්‍රමය පාවිච්චි කරලා වධ දුන්නා.බෙල්ට් වලින් පහර දුන්නා.

ඊට පස්සේ, සුපුරුදු පරිදි, කුඩු හෙවත් හෙරොයින් මි.ග‍්‍රෑම් 1100 ක් දාලා, උසාවියට ඉදිරිපත් කරලා, රිමාන්ඞ් බාරයට පත් කෙරෙව්කවා. 

රස පරීක්ෂක කියනවා, පොලිිසිය දාන හෙරොයින් ග‍්‍රෑම් 02 ක් තියෙන්නේ, මි.ග‍්‍රෑම් 5 කට වඩා අඩු ප‍්‍රමාණයක් කියලා. 

කොවිඞ් 19 වසන්ගතය හමුවේ, ඔහුට රජයේ නව නියමයන්ට අනුව  ඇප ලබා ගැනීමට හැකි වෙනවා. 

රස පරික්ෂක වාර්තාව අනුව - සෆ්රාස් ළ`ග තිබූ බවට පොලිසිය කියන හෙරොයින් ප‍්‍රමාණය මි.ග‍්‍රෑම් 1100 මි.ග‍්‍රෑම් 5 -1 පමණ දක්වා අඩු වෙනවා. ඔහුට වරද පිළිගන්න යයි බලකරනවා. ඒ නඩුව ඉක්මනින් ඉවර කරගන්න. ඒකට සෆ්රාස් සූදානම්ද ? තීරණය සෆ්රාස් අතේ. 

අද දක්වාම රස පරික්ෂක වාර්තාව නැ. අධිකරණ අමාත්‍යංශය රස පරික්ෂක ගේ අවධානය යොමු කරලා මාස 02යි.

ආදාහනය පාපයක් වුනාට කුඩු බෙදීම පාපයක් නොවන නිසා - සෆ්රාස් ගේ තීරණය දෙවියන්ට බාර කරනු ඇත.