Wednesday, May 11, 2011

නිදන් සොරකම් කල පොලිස් කාරයෝ රට පනින්න පිඹුරුපත් සකසයි.



ගල්ගමුව පොලීසියේ, දැනට රිමාන්ඩ් බාරයේ සිටින, පොලිස් ස්ථානාධිපති ජයතිලක සහ අපරාධ අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි - රට පනින්න හදන බව වාර්තාවේ.

මේ දෙන්නාම පොලිස් පරීක්ෂකවරුය.

ප්‍රදේශවාසීන්ගේ දැඩි උත්සහාය නිසාම මොවුන් දෙන්නාව අත්අඩංගුවට ගන්නට පොලිසියටම සිදුවිය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට මේ පොලිස් කාරයින් , බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන හාරා ඇත්තේ ඉපැරණි ආරන්‍යයකට අයත් නටබුන්ය.මේ හෑරීමේදී විශාල , එමෙන්ම ඉතා වටිනා පුරාවස්තු රැසක් විනාශ වී ඇත.සොරකම් කරන ලද පුරාවස්තු ප‍්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. මේ දක්වාම, මෙම පොලිස් කාරයින් දෙන්නා සොරගෙන, විකුණා දමා ඇති පුරාවස්තු ද සොයා ගන්නට පොලීසිය කිසිම උත්සහායක් ගෙන නැත.

කසිප්පු පැකට්ටුවක් සොයන්න අසරණයින් ගේ අත් පා කඩන පොලිසිය - මේ පොලිස් කාරයින් දෙන්නාට නිය පිටින් පහරක් ගසා නැත. ප්‍රශ්ණ කර නැත.

අදටත් විශේෂ පහසුකම් යටතේ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ වැජඹෙති.මෙම පුරාවස්තු කැනීම් කර ඇත්තේ වගා ලිදක් හාරන මුවාවෙනි.මෙම පොලිස් කාරයින් ආරක්ෂා කරන්නට ඉදිරිපත්ව ඇත්තේ පොලිස් කාරයින්ම පමණක් නොවේ.මොවුන් වෙනුවෙන් ඇප කැපව සිටින නීතිඥයින් බොහෝය. නඩු වාර්තාව පවා නිකුත් නොකර සිටීමට, ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා දැඩි උත්සහායක් ගත්තේය.

පුරාවස්තු සොරකම් කිරීමට චෝදනා ලබන පුද්ගලයින්ට, ඇප දිය හැක්කේ ඉහළ අධිකරණයකින්ය.

මොවුන් ඇප මත නිදහස් කරවා ගැනීමට දැඩි උත්සහායක යෙදෙන අතර, කැනීම් කල බැකෝ යන්ත්‍රය පවා මුදා හැරීමටද උත්සහායක් දරා ඇත.

මහා අධිකරණයක් ඉදිරියේ විභාග විය යුතු, මෙම පුරා වස්තු සොරකම් කිරීමේ චෝදනාවට, පහළ අධිකරණයේදීම වදරකරුවන් බවට පිළිගෙන, අත්හිටවූ දඩුවමක් ලබාගෙන හෝ ඉහළ අධිකරණයකින් ඇප ලබාගෙන විදේශ ගතවීම මේ පොලිස් කාරයින්ගේ අභීප්‍රාය වී ඇත.

මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වූවන්, නිදහස ලබාගන්නාවූ රටක , නිදන් හොරුන්ව බේරා ගැනීම වරදක්දැයි අසන බොහෝ දෙනා අප අතර සිටිති. පොලිසිය සම්බන්ධ නැති නිදන් සොරකමක් නැතැයි පවසන පුරා විද්‍යා අංශ, සොකරම් කල පුරාවස්තු මේ වන විටත්, විදේශ ගතකර ඇති බවට විශ්වාසය පල කරයි. 

Tuesday, May 10, 2011

දේශ සීමා රහිතව ආණ්ඩුවට සහය දක්වන නිරෝෂන් පොලිසියෙන් ගුටි කයි.


අයි.ටී.එන්. රූපවාහිනියේ නිවේදක නිරෝෂන් ප්‍රේමරත්නට පානදුර පොලිසිය බැට දී තිබේ.
තුවාල ලැබූ නිරෝෂන් ප්‍රේමරත්නව පළමුව පානදුර රෝහලටත්, එතැනින් කලුබෝවිල රෝහලටත‍් මාරුකර තිබේ.)

මෙම පහරදීම තරයේ හෙළා දකින අතර, පොලිසිය අනුගමනය කරන ත්‍රස්ත පිළිවෙතට මෙතෙක් ගොදුරුවූයේ අසරණ මිනිසුන් බවද පෙන්වා දෙමු.

එවන් අවස්තාවල පොලිස් අපරාධකරුවන් බේරාගැනීමට සියලු බලවේග එක්විය. මාධ්‍ය සිද්ධිය විකෘති කළේය.

අදටත් අසරණයින් පෙලූ පොලිස් කාරයින් පානදුර පොලිසියේ වැජඹෙති. නඩු තියෙන පොලිස් කාරයින්, පොලිස් ස්ථාන අරක්ගෙන සිටිති.

ආණ්ඩුවද දේශ සීමා ඉක්මවා ගොස් සහාය දක්වන නිරෝෂන් ප්‍රේමරත්න වැනි නිවේදකයින් පිළිබදව දක්වන උනන්දුව - අසරණයින් කෙරෙහි නොදක්වන්නේ ඔවුන් රට වැසියන් නොවන නිසාද ?

තමාට වධහිංසා පැමිණවූ පොලිස් කාරයින්ට එරෙහිව නිසි නීතිමය පියවර ගනු ඇතැයි - අපි නිරෝෂන් ප්‍රේමරත්නගෙන් බලාපොරොත්තු වෙමු.

පොලිසියෙන් ගුටිකන ලද මාධ්‍යකරුවන් , දේශපාලකයින්, නීතිඥයින් - ප්‍රචාරයෙන් තෘප්තිමත්ව , අපරාධකරුන්ට සමාව දෙනවා අපි දැක ඇත්තෙමු.මෙයද සමාදානයෙන් කෙළවර වනු ඇද්ද?
එසේ වන්නේ හොද හිත හෝ සමාව දීමේ දේව ගුණය නිසා නොව, ක්‍රමයේ පැවැත්මටය.

Monday, May 9, 2011

ITN News Anchor attacked by Pandura POLICE


Yesterday May 8, 2011, Niroshan Premaratne, a well known News Anchor attached to Govt. Television Net work, ITN was subjected to torture by Panadura Police. He is a news presenter who supports Govt. without borders, is still warded at Kalubowila Teaching Hospital.

According to the latest news, Govt. has taken prompt action against the HQI of Panaduar Police, by transferring him out of Panadura. Many helpless people are harassed, tortured, ill treated and involved in fabricated charges everyday, by Srilankan Police including Panaduara Police. However, these people made complains to relevant authorities, but no action was taken against Police brutalities. Nevertheless, they were safe guarded by the blessings of high authorities and as a fact that these police perpetrates are being protected and encouraged to continue with their usual torture activities.

We condemn vehemently the brutal act of Panadura Police performed against Niroshan, but in one way we are happy to notice that even top Govt. supporters, are spared in lime light by police. The prevalence of present situation is in fact, to double the stranded of media followed when they reporting police torture, inhuman and ill treatment cases.

We hope that Niroshan will take due legal action against the police who tortured him. But we are not sure as earlier Journalists who were battered by police came to amicable settlements and were given pardons. This will assist and encourage increasing police brutality in the country.

We also request the IGP and the relevant authorities to stop police torture immediately and give publicly a statement accepting and condemning police brutalities.

Thursday, May 5, 2011

Inspector General of Police should bear responsible

.....................................................................................................................................
It was reported that “Ten policemen attached to the Elpitiya Police Training College who were under the influence of alcohol, were taken into custody by the Agarapathana Police  for  causing disturbances to  public  This is not the first time the misconduct and criminal behavior of the said Policemen attached to Elpitiya Police Training College, were reported.
Earlier on 27 March 2006, a gang of police officers attached to Elpitiya Police Training College, brutally assaulted one Dharmawardene, who is a trishaw driver. He subsequently filled a Fundamental Rights Case in the Supreme Court against seven police officers attached to the said Elpitiya Police Training College and the Inspector General Of Police who is the Head of Department.
The Supreme Court decided that "the fundamental rights of the Petitioner (O K D Dharmawardene) guaranteed to him under Article 11 and 12 (1) of the Constitution have been violated by causing inhuman and degrading treatment by the 1st to 7th Respondents”. The court upheld that the seven police officers attached to Elpitiya Police Training College had violated the fundamental rights of the Petitioner, O K D Dharmawardene.

Court also very clearly defined the command responsibility of the Inspector General.
“The 8th Respondents who was the officer in charge of the police training college under whom the 1st to 7th Respondents were on duty and the 9th Respondent(Inspector General of Police) who is the head of the police department are liable for the aforesaid actions of the 1st to 7th Respondents."
In this case Supreme Court ordered the Inspector General of Police to pay Rs. 25,000/= as compensation to the Petitioner, O K D Dharmawardene.
At first, this incident again very clearly establishes the fact, that the collapse of the rule of law of the country.  If the Inspector General of Police could have acted as a responsible officer (Head of Department) this incident on 'May Day' at Agarapathana would not have happened.
Secondly, this also shows that the coward slogan “Mathata Thitha” put forward by the President Rajapakse will not apply to law enforcement officers.

Wednesday, May 4, 2011

පොලිස් කාරයින්ගේ අපරාධවලට පොලිස්පති වගකිවයුතුයි.



මැයි පළමුවෙනිදා ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දස දෙනෙකු - ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබූ බව වාර්තා විය.

වාර්තාවලට අනුව මෙම පොලිස් කාරයින් ගේ නීති විරෝධී හැසිරීම, මෙම අත් අඩංගුවට ගැනීමට හේතුවයි.
මෙම සිද්ධියෙන් අවධාරනය වන කරුණු දෙකක් පිලිබඳව සටහනකි.

1. ඇල්පිටිය පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් කාරයින් මේ ආකාරයට හැසිරුණ පළමු වතාව මෙය නොවේ.

2008 මාර්තු මස 27 ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කාරයින් රංචු ගැසී, මහා පාරේදී ත‍්‍රී රෝද රථ රියදුරෙක් වූ ඹ්.කේ.ඞී.ධර්මවර්ධන ට අතින් පයින් එලව එලවා පහර දුන්නේය.

සිද්ධිය මූලික කරගෙන ඹ්.කේ.ඞී.ධර්මවර්ධන, , හඳුනාගත් ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කාරයින් හත් දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

ඇල්පිටිය පොලිසියේ අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කාරයින් හත්දෙනා ධර්මවර්දනට පහරදීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමක් බව නිගමනය කල ශ්‍රේෂ්ඨාධිකරණය, එයට වගකිවයුත්තේ පොලිස්පති බවටද නිගමනය කළේය.

පොලිස්පතිට, ධර්මවර්ධනට රු: 25,000/= ක වන්දියක් ගෙවීමටද සිදුවිය.

පොලිස්කාරයින් ගාස්තු නොගෙවා කුලී රථවල යෑම පුරුද්දක් කරගෙන ඇති බවද ශ්‍රේෂ්ඨාධීකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත.

2. අද පොලිසිය, කතාකලොත් කියන්නේ මතට තිතතියෙන හැටියි.

මතට තිතසලූව පොරවාගෙන තිතට මත් වී සිටින පොලිස් කාරයින් ගැන මෙවන් සිද්ධියකින් හෝ හෙළිදරව් වීම සතුටට කරුණකි.

අපරාධ හා නිති විරෝධී ක‍්‍රීයාවන් හි - පොලිස් කාරයින් නියැලෙන්නේ පොලිස්පතිගෙන්් ලැබෙන ආශීර්වාදය මත බව අධාරණය කරමු.

ඉහත සඳහන් ධර්මවර්ධන එරෙහි පොලිස්පති ප‍්‍රමුඛ පොලිස්කාරයින් පිළිබඳ නඩ තීන්දුව අනුව, ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රංචු ගැසී රටවැසියෙකුට පහරදුන් පොලිස් කාරයින් හත්දෙනාට එරෙහිව නිසි නීතිමය පියවර ගෙන තිබුනානම් අද මේ පුවත ඇසෙන්නට සිදු නොවේ.

Tuesday, May 3, 2011

වැලිකඩ හිරගෙදර ෆේස් බූක් (Facebook) එකට?



බන්ධනාගාර හිරකරුවන්ගේ සියලූ තොරතුරු පරිගණක ගත කිරීම වැලිකඩින් අරඹන බව බන්ධනාගාර නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා කියයි. වරද, දඬුවම කාලය, පෙර වැරැදි, පවුලේ තොරතුරු, බන්ධනාගාරයේ හැසිරීම අදිය මෙසේ එක්රැස් කෙරේ.

මෙය ඉතා හොදය. මිට සැකකරුවන්ගේ තොරතුරු එනම් රස පරීක්ෂක වාර්තා වල තත්වය, නීතිපති උපදෙස්, පොලිසිය චෝදනා ගොනු කිරීම ආදී සියලු තොරතුරු පරිගණක ගත කළහොත් පමණයි මෙය සිරකරු මිත්‍ර ක්‍රියාදාමයක් වන්නේ.

වරදකරුවන්ට දෙන අවදානයට වඩා වැඩි අවදානයක් සැකකරුවන්ට දිය යුතුයි. ඔවුන්ට අයිතිවාසිකම් රැසක් ඇත. තවද අද වනවිට සැකකරුවන් බොහෝදෙනෙක් වරදකරුවන් මෙන් ඇප ලබාගත නොහැකිව ඉතා දීර්ග කාලයක් සිරගෙදර සිටිති. තවද සැකකරුවන්ට නීති උපදෙස් ගැනීමේ හැකියාව පිළිබදවද මිට ඇතුලත් විය යුතුය.

ඒ වගේම වැලිකඩ හිරගෙදරට ද වෙබ් අඩවියක්, බ්ලොග් එකක් සහ ෆේස් බූක් එකක් ඇත්නම් එයද කදිමය.

අපි දන්නා පරිදි ඉන්දියාවේ ටිහාර් බන්දනාගාරය 2011 පෙබරවාරි 15 වැනිදා සමාජීය ජාල වෙබ් අඩවියක් වූ ෆේස් බූක්හි තමන්ටම කියා පිටුවක් විවුර්ත කරන ලදී.

සෑම දෙයකම යහපත උදෙසා තාක්ෂනය යොදා ගැනීම අද අනිවාර්ය දෙයක් බවට පත් විය යුතුව ඇත.


හර්ෂි සි. පෙරේරා

Monday, May 2, 2011

ලෝක කම්කරු දින සැමරුම

නිර්මානය සඳමිනී පීරිස්....

ලෝක ජනමාධ්ය නිදහස් දිනය || World Press Day


එක්සත් ජාතීන්, සෑම වසරකම මැයි 03 ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ලෙසට නම් කිරීමට තීරණය කළේ 1993 දෙසැම්බරයේදීය.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියෙන් තහවුරු කර තිබෙන- මාධ්‍ය නිදහස - සියලුම රජයන්ට, ආණ්ඩුවලට අවධාරණය කිරීම ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ මූලික අරමුණයි. එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන සෑම ආණ්ඩුවක්ම, සාදාචාර නම් ශිෂ්ඨ නම්, මෙම වගන්තිය ප්‍රකාර ආණ්ඩු කල යුතුය.
යම් ආණ්ඩුවක්, රජයක් - අදහස් ප්‍රකාශ කිරීමට, තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය  බලය’ යොදා මර්ධනය කරන්නේනම් - එම ආණ්ඩුව මිලෙච්ජ ආණ්ඩුවක්, රජයක් ලෙසට හැදින්වීම ඉතා සාධාරණය.
 එමෙන්ම, ආණ්ඩුවෙන් බැහැර රාජ්‍යයෙන් බැහැර - ‘බලය’ ලබාගෙන සිටින ‘සංවිධාන’ කුමන නමකින්, කුමන අරුථකින් හෝ පෙනී සිට අදහස් ප්‍රකාශ කිරීමට, තොරතුරු ලබාගැනීමට තිබෙන අයිතිය ‘මර්ධනය’කරන්නේනම් - එම ‘සංවිධානය’ මිලේච්ජ සංවිධානයක් ලෙසට හැදින්වීම ඉතාම නිවැරදිය.
පැවති සෑම ආණ්ඩුවක් යටතේම, ජනමාධ්‍ය නිදහස, එනම් අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය, තොරතුරැ දැනගැනීමට තිබෙන අයිතිය, අන් අය හා තම මතය බෙදා හදා ගැනීමට ඇති අයිතිය බරපතල ලෙස උල්ලංඝණය විය.
තවද, ජනමාධ්‍ය නිදහස යනු හුදෙක්ම, වෘත්තීය මාධ්‍ය කරුවන්ගේ, මාධ්‍ය ආයතනවල නිදහස ලෙසට ලඝු කල නොහැකි කරුණකි.
ජනමාධ්‍ය යන නාම පුවරුවට ආවරණය වී, යම් ආයතනයක් , සංවිධානයක් නිදහස් ප්‍රකාශනයේ නාමයෙන් අසත්‍ය කරැණු හිරිකිතයකින් තොරව.ලාබ ප්‍රයෝජන හා පුද්ගල අරමුණු ඉටු කර ගැනීමට, ප්‍රචාරය කරන්නේනම් එයද දැඩි ලෙසට හෙළා දැකිය යුතු මිලෙච්ජ කාරණයකි.මෙම කරුණු සියල්ල අපට බලපාන ඒවා වේ. එක් පාර්ශවයකින් ආණ්ඩුව, සියලුම රාජ්‍ය මෙවලම් උපයෝගී කරගෙන අදහස් ප්‍රකාශ කිරිම හා තොරතුරු දැනගැනීම මර්ධනය කරනු ලබයි. එයට අමතරව ආණ්ඩුවේ මතය, ඒක පාර්ශවිකව, ජනමතය පාලනයට යොදා ගනී.
ව්‍යාපාරික ප්‍රජාව, තම නිෂ්පාදන අළෙවියට ජනමතය හැඩ ගැස්වීමට , ජනමාධ්‍ය යොදා ගැනීමද, රිසි සේ සිදු කරයි. මෙයට ආණ්ඩුවද හවුල්ය.මේ යථාර්ථය තුල - පාඨකයින් ඉත්තන් වී ඇත. නිදහස අවශ්‍ය පාඨකයින්ටය. ජනතාවටය. නිදහස ගරැ කරන ජනමාධ්‍ය කරුවන් සිටීනම් - ප්‍රථමයෙන් ඔවුන් නිදහස් බව පෙන්නුම් කල යුතය. වචනයෙන් නොව ක්‍රියාවෙන්ය.

තවත් ‘මැයි දිනයක්’ ඊයේ සැමරුවේය.

1955 වනතරු - ශ්‍රී ලංකාවේ මැයි දිනය සැමරුවේ කම්කරුවන්ය. මැදි දිනයට - කම්කරුවන් එක්වූයේ වැඩ වර්ජණය කරය. මැයි දිනයත්,මැයි දිනයෙන් පසුවත් - එය කම්කරු අරගලවලට අත්තිවාරම විය. පොලිස් කාරයින්ගේ ප්‍රහාර එල්ල නොවූ මැයි දිනයක් නොවූ තරම්ය.
සහභාගීවූයේ - කම්කරුවන්ගේ වචනයෙන් ‍බොක්කෙනි. පඩි කපාගෙනය. අතින් වියදම් කරගෙනය.
156 බණ්ඩාරනායක - පිලිප් ගුණවර්දන හවුල් ආණ්ඩුව, මැයි දිනය නිවාඩු දිනයක් කළේය.
එතැන් පටන් - මැයි දිනය කම්කරුවන් ගේ දිනයක් නොවීය.
බලයේ සිටින ආණ්ඩුව - බලය  රැකගන්නත්, විපක්ෂ ආණ්ඩුව පෙරලන්නත් යොදා ගත්තේය. ඉන්පසුව - රාජ්‍ය යන්ත්‍රය යොදාගෙන ඔලුගෙඩි එකතු කළේය.
ඊයේ සිදුවූයේ ද එයයි. සංස්ථාවල සේවකයින් බහුතරයක් සහභාගීවූයේ රැකියාව බේරා ගැනීමටය. දහස් ගණනක් ලංගම බස් - හත් අට දෙනා දාගෙන ආවේ සංවිධායකගේ ෆොටෝ එක බසයේ ඉදිරිපස ගසාගෙනය.
සිරිමා කළේත්, චන්ද්‍රිකා කළේත්, ජේ.ආර්කළේත්, ප්‍රේමදාස කළ්ත් අද රාජපක්ෂ කරන්නේත් එයමය.මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක්ද නොවේ. අනෙක් බොහෝ රටවල් ද සිදුකරන්නේ මෙයයි. විශේෂයෙන් සමාජවාදී හෝ ප්‍රගතිශීලී ලේබලය අටවා ගත් - ඒකාධිපති පාලන ඇති රාජ්‍යයන් මෙහි පෙරමුණේ සිටී. චීනය, කියුබාව උදාහරණ වේ.

Wednesday, April 27, 2011

දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගයේ තවත් අපචාරයක්





මගේ නම විතානගමගේ රන්ජන්. වයස අවුරුදු 40 යයි. කුලී වැඩ කරන්නේ. විවාහකයි. දරුවන් 06 ක් සිටිනවා. 04 ක් ඉස්කෝලේ යනවා. බිරිද රැකියාවක් කරන්නේ නැහැ. මම කුලී වැඩ තියෙන දවස් වල රුපියල් 600 ක් පමණ සොයනවා.

2000 අගෝස්තු මාසේ දිනක වේලපහින් ගෙදර අවා. මගේ බිරිද වයස අවුරුදු 12 ක් වූ මගේ පුතාව කඩේට ඇරියා පොල් ගෙඩියක් ගෙන්න. දරුවා සැහෙන වෙලාවකින් ගෙදර ආවේ නැති නිසා මම බලන්න යන්න හදන කොට මල්ලි කෙනෙක් මොටර්ස්යිකලයකින් ඇවිත් කිව්වා අයියේ පොඩි ප්‍රශ්නයක් වෙලා කලබල වෙන්න එපා කියලා. මම දිගින් දිගටම ඔහුගෙන් ඇහුව මොක්කක්ද වෙලා තියෙන්නේ කියන්න කියලා.

දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගයේ 21500 නිවසක් අසල දොරුව ලගට මගේ දරුවාව පුද්ගලයෙක් අරන් ගිහිල්ලා උඩට උස්සලා ඇදුන් අයින් කරලා හිරිහැර කරලා තියෙනවා. මේ සිද්දිය ඒ අසල නිවසක බෝඩ් වෙලා ඉන්න මල්ලි කෙනෙක් දැකලා එයා ලග තිබු ඉදලක් අරගෙන අපරාදකාරයට හොදටම ගහල තියෙනවා. මේක අහල මමත් දෙකේ දෙකේ පොල්ලක් අරන් ගිහිල්ලා පෝමන් කෙනෙකුට ගහන්න හැදුව. එවිට ඔහු කිවුව මම නෙමෙයි අපරාදය කලේ බැකෝ එකේ වැඩ කරන පෝමන් මහත්තය කියලා. ඔහුව මට හම්බ වුනේ නැහැ.

පස්සේ ගමේ අයත් එක්ක එකතු වෙලා ලමයව සෙවුවා. මට පුතා කැලෑවක හැංගිලා ඉදල හම්බ වුනා. ඊට පස්සේ පොද්දල පොලිසියට ගිහිල්ලා පැමිණිලි කලා. පොලිසිය කීවුවා අපරාදකරයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න බව. දින කිහිපයකට පස්සේ නැවත පොලිසියට ගියා වැඩක් වුනේ නැහැ. අද දක්වාත් පොලිසිය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. දරුවාව රෝහලකට ගෙනිච්චේ නැහැ පොලිසිය එපයි කීවුව නිසා.

ළමයා සිද්දිය වෙලා දවස් දහයකට විතර පස්සේ පාසල් ගියා. නමුත් දැනුත් ළමයා කල්පනා කරමින් බලාගත්තු අතේ බලා ගෙන ඉන්නවා. ඉස්කොලේදීත් ඇතැම් ගුරුවරු සහ අනිත් ළමයි මගේ ලමයව කොන් කරනවා.

නොසැලිකිලිමත් යුක්තියේ දෙවගන





"ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ සංකීර්ණයේ පිටුපස පිහිටි තාප්පය කඩා වැටී නඩු භාණ්ඩ රැසක් හෝටල් පාරට වැටී තිබිණි."

ඉහත පුවත පෙන්නුම් කරන්නේ මෙරට නීතියක් නොමැති බවයි. තවද යුක්තිය පසිදලීමේ යාන්ත්‍රනය තුල පවතින ඇදහිය නොහැකි නොසැලකිල්ල සහ වගකීම් විරහිත බවයි. මිට පෙරදී ද අදිකරණ වල ගිනිගැනීම් වැනි නොයෙකුත් විනාශකාරී දෙය සිදු විය. දැන් එහි උච්චතම අවස්ථාවට එලබ ඇත.

මෙවැනි යුක්තිය හා නිතිය හැල්ළුවන රටක පාලකයා සුබ අනාගතයක් නමැති සංකල්පය ඔස්සේ සාමාන්‍ය ජනයා මුලාවට පත් කරයි. ඇත්තටම මේ තත්වය අප පුදුමයට පත් නොකරන්නේ නිතිය උගන්වන තැන් වලත් සිදුවන දුෂණය සහ නිතිය ඉදිරියේ අසමානතාවය රජ වන නිසාය.

අපිට වුර්තිමය අදිකරණ ක්‍රමයක් ලැබුනේ 19 වන සියවසේ අගබාගයේදීය. එතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුයේ පුද්ගලයින් කිහිප දෙනෙකු මුලික කරගත් නීතියකි. එය අත්තොනෝමතික එකක් විය. එයින් පිඩාවට සහ විඩාවට පත් වුයේ සාමාන්‍ය මහජනතාවයි. නමුත් බ්‍රිතාන්‍යන් අපට වුර්තිමය පොල්සියක් නිතින්ඥ්යින් විනිසුරන් සහිත දියුණු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

අද වනවිට මෙම වුර්තිකයින් වැඩිදෙනෙක් ආණ්ඩුවේ අතකොලු බවටත් අල්ලසට සහ දුෂනයටත් පත් වී ඇත. ඒ තුල නැවත රටට සුබ අනාගතයක් කෙසේ වෙතත් එය අගාදයකට යන බව කිව යුතුය.

Monday, April 25, 2011

අද බොහෝ දෙනාට බැරල් අමතකය

චන්ද්‍රගුප්ත තේනුවර


චන්ද්‍රගුප්ත තේනුවර, 2007 ජූලි 26-27-28 දිනයන්හී - කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේ ඉදිරිපත් කල - නව්‍ය - බැරල්වාදය චිත්‍ර ප්‍රදර්ශණය පිළිබදව ලියන ලද හැදින්වීම, පොත් රාක්කය පිළියෙල කරන අතර - මා අතට පත්ව, යලිත් කියවන ලදි.


අද බොහෝ දෙනාට බැරල් අමතකය. චෙක් පොයින්ට් ඇතත් එතරම් ගානක් නැත.

"ප්‍රභාව "අමතක වන්නට ඉඩ දෙන්නේ නැත. ඔහු ජීවත් කරවීම අත්‍යවශ්‍ය නිසා.
"ප්‍රභූන් " එන්න එන්නම වැඩිවේ.

ප්‍රදර්ශණයෙන් චන්ද්‍රගුප්ත කියන දේ - අද වන විට ‍කෙතරම් භයානක ලෙස වර්ධනය වී ඇද්ද ? බැරල් ඉවත් කරන්නේ, නොපෙනෙන බැරල් ඉදිකරමින්ය. ඒවා ස්ථාවරය. කොපමණ කාලයක් පවතීද - මන්ද දිරන්නේ නැති නිසා.

නීතිය, ව්‍යවස්ථාව - අද බැරල් ලෙසට යොදා හමාරය. සියලුම අයිතීන් වගන්ති යොදා අහුරන්නේය. මෙය මග තොටේ යන අයට පෙනෙන්නේ නැත. දැනෙන විට බොහෝ ප්‍රමාද වෙලාය.මේ ගැන කථා කරන එක වලක්වාලන්න අද යොදාගන්නේ අවි බාරගත්තවුන් නොවේ. විද්වතුන්ය. ඇදුරන්ය. ... වේදීන්ය.

චන්ච්‍රගුප්ත - සිය හැදින්වීම අවසන් කරන්නේ,

"අප උපන්නේ කාගේවත් අණසකට බියපත්ව ජීවිතය පරදුවට තබා ජීවත්වීමට නොවේ.
අප ඉපිද හැදී වැඩී සමාජයට එකතු වන්නේ යහපත් මිනිසුන්ගෙන් යුත් සමාජයක් ගොඩ නගා ගෙන යහතින් සාමයෙන් සිංහිදියාවෙන් අනෙකා සමග ජීවත් වීමටය. "

නමුත් දැන් අප සිටින්නේ කොතැනද ?

යන ප්‍රශ්ණය නගමින්ය.

ඔව් - දැන් අප සිටින්නේ කොතැනද ?

කථා කරමු.
- දසරථ -

Friday, April 22, 2011

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවේ සම්පිණ්ඩනය (නිල නොවන)



ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා පිළිබඳ වගකීම ගැන එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑංකී මූන්ට බාරදෙන ලද විශේෂඥ උපදේශක කමිටු වාර්තාවේ විධායක සම්පිණ්ඩනය.

විධායක සම්පිණ්ඩනය - විශේෂඥ උපදේශක කමිටුව විසින් ශ‍්‍රී ලංකාව වගකිවයුතු චෝදනා පිළිබඳ විශ්වසනීය සොයා ගැනිම්වලට අදාළ කමිටු වාර්තාව.

යුද්ධයේ අවසන් අදියර ගැන ශ‍්‍රී ලංකා ආණ්ඩුව මේ දක්වා කියු දේවල් වලට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් කමිටුවේ නිර්ණයනය වී ඇත. ඒ කමිටුව විශ්වසනීයව සොයාගත් චෝදනා සම්බන්ධයෙනිගසිවිල් ජනතාවට හානි නොවීම පිළිබඳ ශූන්‍ය ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ මානුෂික ගලවා ගැනීමේ මෙහෙයුමක් තමන් කි‍්‍රයාත්මක කළ බව ආණ්ඩුව කියයි. නමුත් කමිටුව මීට මුළුමනින්ම වෙනස් විශ්වසනීය වු චෝදනා සොයා ගෙන ඇත. කමිටුව පෙන්වා දෙන ආකාරයට ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහ එල් ටී ටී ඊ ය ජාත්‍යන්තර මානව දයාවාදී නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතල ලෙස උල්ලංඝණය කර ඇත. ඒවායින් සමහරක් යුධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙස සැළකිය හැකිය. මෙය යුද්ධය සහ සාමය යන දෙකේදීම ආරක්ෂා කළයුතු පුද්ගලික ගරුත්වය සම්බන්ධයෙන් සකසන ලද ජාත්‍යන්තර නීතියට සම්පුර්ණයෙන්ම එල්ල වු ප‍්‍රහාරයක් බව යුද්ධය පවත්වා ගෙන ගිය ආකාරය මගින් පෙන්නුම් කරයි.

විශේෂයෙන්ම කමිටුව යුද්ධයේ අවසන් අදියර වලදිී සිදුවු විශ්වසනීිය චෝදනා රැසක් සොයා ගෙන ඇත. ශ‍්‍රී ලංකා හමුදාව 2008 සැප්තැම්බර් සිට 2009 මැයි දක්වා වු කාලසිමාවේදි වන්නි මෙහෙයුම මහා පරිමාණ සහ පුළුල් ෂෙල් ප‍්‍රහාර යොදා ගනිමින් ආරම්භ කළ අතර ඒ නිසා විශාල සංඛ්‍යාවක් සිවිල් ජනතාව ජිවිතක්ෂයට පත්විය. මෙම මෙහෙයුම වන්නි ජනතාව හිංසනයට පාත‍්‍ර කරන ලදි. සිවිල් වැසියන් 3,33,000ක් පමණ ඉතා කුඩා ප‍්‍රදේශයකට කොටු විය. ඔවුන් ෂෙල් වෙඩි නිසා පලා යන අය වුවත් සිදුවුයේ එල් ටී ටී ඊ යේ ප‍්‍රාණ ඇපකරුවන් බවට පත්වීමය. ආණ්ඩුව සුදු වෑන් රථ මගින් පැහැර ගෙනයාම් සහ පුද්ගලයින් අතුරුදහන් කිරීම මගින් බලාපොරොත්තු වුයේ මාධ්‍යය සහ යුද්ධය විවේචනය කරන අය බියවැද්දිම සහ නිහඩ කිරීමයි.

ආණ්ඩුව පිළිවෙලිින් යුධ මුක්ත කලාප තුනක විශාල ප‍්‍රදේශයකට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කරන ලදි. ඔවුන් විසින් සිවිල් ජනතාව ධෛර්යයමත් කරන ලද්දේ එක තැනක සිටින ලෙසයි. එසේ කළේ තමන් බර අවි භාවිතා නොකරන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමෙනි. ඔවුන් එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයට, කෑම බෙදාහරින නිවාස වලට, වෙරළේ සිටින තුවාලකරුවන් සහ ඔවුන්ගේ ඥාතින් රැගෙන යාමට පැමිණෙන අන්තර් ජාතික රතු කුරුස කමිටුවට අයත් නැව්වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කළහ. යුද්ධයේ අවසන් අවස්ථාවේදී සිවිල් වැසියන් ගෙන් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවේ ආණ්ඩුවේ මෙම ෂෙල් ප‍්‍රහාර හේතුවෙනි.

ආණ්ඩුව ඉදිරිපසින් පිහිටි ආරෝග්‍ය ශාලා වලට ක‍්‍රමානුකූුලව ෂෙල් ප‍්‍රහාර එල්ල කරන ලදි. වන්නි ප‍්‍රදේශයේ සියලුම රෝහල් වලට මෝටාර් සහ කාලතුවක්කු ප‍්‍රහාර එල්ල විය. සමහර අවස්ථා වලදී මෙම ප‍්‍රහාර එකදිගටම සිදුවිය. ආණ්ඩුවට මේවා පිහිටි ස්ථාන ඉතා හොඳින් දැන සිටීම යන්න මෙම ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් වැදගත් වුයේ නැත. ආණ්ඩුව ක‍්‍රමානුකූුලව ගැටුම් පැවති කලාපය තුළ ජනයාට මානුෂිය ආධාර ලැබීම වැළැක් වුහ. මෙම මානුෂිය ආධාර වුයේ ආහාර සහ විශේෂයෙන්ම ඔවුන්ගේ වේදනාවල් සම්බන්ධයෙන් වු ශල්‍යය වෛද්‍ය පහසුකම් ඇතුලු සෙසු වෛද්‍ය පහසුකම්ය. මේ අවස්ථාව දක්වාම ආණ්ඩුව හිතාමතාම ගැටුම් සහිත කලාපයේ සිටින සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව අඩුවෙන් තක්සේරු කරන ලදි. 2009 ජනවාරි සිට මැයි දක්වා දස දහස් ගණනින් සිවිල් ජනයා මරුමුවට පත්විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අප‍්‍රසිද්ධියේ ජිවිතක්ෂයට පත්වුයේ අවසන් දින කිහිපය තුළ සිදුවු මනුෂ්‍යය සංහාරය හේතුවෙනි.

ගැටුම් සහිත කලාපයෙන් ඉවත්වීමෙන් අනතුරුවද ආණ්ඩුව ගැටුමේ වින්දිතයින්ව සහ නොනැසී ජිවිතය පවත්වා ගෙන යන්නවුන් තවදුරටත් දුෂ්කරතාවයට සහ වේදනාවට පත්කරන ලදී. එල් ටී ටී ඊ සැකකරුවන් අනාවරණය කර ගැනීම විනවිදබාවයකින් සහ බාහිර සියුම් පරික්ෂාවකින් තොරව සිදුවිය. ඔවුන්ගෙන් වෙන්කලා වු සමහර දෙනෙක් අධිකරණ කි‍්‍රයාදාමයෙන් බැහැරව මරා දමන ලදී. සමහරක් කාන්තාවන්ව දුෂණය කරන ලදී. සෙසු අයව, උගත් පාඩම් සහ සංහිදියා කොමිෂමේ ඇහුන්කන්දීිමේ වාර වලදිී ඔවුන්ගේ භාර්යාවන් සහ ඥාතීන්ට අනුව නැවත සිදුකළ ගණනය කිරීම් වලින් පෙනි ගියේ ඔවුන්ව අතුරුදහන් කර ඇති බවයි. සියලු සරණාගතයින්ව වැසුණු කඳවුරු වල රඳවා තබන ලදි. ඒවායේ අධික තදබදය බරපතල තත්වයක් ඇති කිරීිමට හේතු විය. රැඳවියන්ගේ මුලික සමාජ සහ ආර්ථික අයිතින් කප්පාදුවට ලක් කෙරිණි. ඉතා අනවශ්‍යය ආකාරයට බොහෝ ජිවිතහානි සිදුවිය. කඳවුරුවල සිටින අය ප‍්‍රශ්න කිරිම් වලට මෙන්ම වධහිංසාවටද ලක්විය. එල් ටී ටී ඊ භටයින්යැයි සැකකළ අය වෙනත් පහසුකම් වලට එනම් බාහිර ලෝකය සමග සබඳතා පැවැත්වීම වළක්වන සහ ඔවුන්ව තවදුරටත් අතවරයන්ට පහසුවෙන් ගොදුරු කරවියහැකි තත්වයන්ට ලක් කරන ලදී. ගැටුම් සහිත කලාපයේ පැවැති මාරාන්තික අනතුරට අමතරව එල් ටී ටී ඊ ය, සිවිල් වැසියන්ට ඉන් ඉවත්වීමට අවසර දුන්නේ නැත. ඔවුන් එම සිවිල් ජනයාව ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගන්නා ලදී. සමහර අවස්ථාවලදී එල්. ටී ටී ඊ ය ඔවුන්ව තමන් හා ඉදිරියට එන ශ‍්‍රී ලංකා හමුදාව අතර උපායමාර්ගිකව මිනිස් පළිහක් ලෙස යොදා ගත්හ. එල් ටී ටී ඊ ය යුද්ධයේ සෑම අවස්ථාවකදිීම බලහත්කාරයෙන් බඳවා ගැනීම් සිදු කරන ලදී. නමුත් යුද්ධයේ අවසන් අදියර වලදි මෙම බඳවා ගැනීම් වයස් භේදයකින් තොරව සීඝ‍්‍රයෙන් වැඩි විය. ප‍්‍රතිඵලය වුයේ යන්තම් වයස අවුරුදු 14ක් වු ළමුන් පවා සොල්දාදුවන් ලෙස බඳවා ගැනිමයි. එල් ටී ටී ඊ ය තමන්ගේ ආරක්ෂාව උදෙසා අගල් කැපිමට සිවිල් වැසියන්ට බල කළහ. එමගින් සටන්කාමීන් සහ සිවිල් වැසියන් අතර වෙනස නොපැහැදිළිවිම නිසා ප‍්‍රතිඵලය වුයේ අමතර අනතුරක් සිවිල් වැසියන් සම්බන්ධයෙන් උද්ගතවීමයි. මේ දේවල් සියල්ල සිදුකළේ දැනටමත් පරාජය වු යුද්ධයක් පසුපස ලුහුබැඳයාමට කළ ගවේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. එල් ටී ටී ඊ යේ පුදසුන අරඹයාත් එහි ජේ්‍යෂ්ඨ නායකත්වය ආරක්ෂා කිරීමේත් ප‍්‍රතිඵලය වුයේ සිවිල් වැසියන් බහුතරයකගේ ජිවිත පුජාවයි.

2009 පෙබරවාරි මස සිට එල් ටී ටී ඊ ය ගැටුම් පැවති කලාපයෙන් පැනයාමට උත්සාහ කරන සිවිල් වැසියන්ට එකඑල්ලේ වෙඩි තැබීම ආරම්භ කළහ. එය යුද්ධයේ අවසන් අදියරේදි මරණ සංඛ්‍යාව ඉහළ යාමට බලපාන ලදීි. ඔවුන් අවතැන් වු ජනයා සමුහ වශයෙන් සිටින ස්ථාන ආසන්නයේ සිට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළහ. ඊට අමතරව අවතැන්වුවන් හෝ සිවිල් ජනයා ගැවසෙන රෝහල් ආසන්නයේ සිට වෙඩි තැබීම හෝ යුධමය උපකරණ තැන්පත් කිරීම සිදුකරන ලදීි. එල් ටී ටී ඊ ය යුද්ධයේ අවසන් අදියරයන් පුරාම ගැටුම් සහිත කලාපයෙන් බාහිරව මරා ගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළහ. කෙසේ නමුත් ගැටුමේ පෙර අදියර වලට වඩා ඔවුන්ගේ එම ප‍්‍රහාර දියත් කිරීම දුර්වල විය. ඔවුන් ගැටුම් සහිත කලාපයෙන් පරිබාහිරව සිවිල් වැසියන් එල්ල කොට ප‍්‍රහාර ගණනාවක් දියත් කළහ.

කමිටුව විසින් අවසන් නිගමනයකට පැමිණි ශ‍්‍රී ලංකා ආණ්ඩව සිදුකළ බරපතල උල්ලංඝණයන් පිළිබඳ චෝදනා විශ්වසනීයව තහවුරු කිරිීමෙන් පසුව ඒවා ප‍්‍රධාන කොටස් පහකට වර්ගීකරණය කර දක්වන ලදීි.

1. පුළුල්ව එල්ල කරන ලද ෂෙල් ප‍්‍රහාර මගින් සිවිල් වැසියන් මරාදැමීම

2. රෝහල් වලට සහ මානුෂිය කටයුතු සිදුකෙරෙන ස්ථාන වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීම

3.මානුෂීය සහන සැලසිම ප‍්‍රතික්ෂේප කිරීම.

4. අවතැන් වුවන් සහ එල් ටී ටී ඊ යැයි සැකකළ පුද්ගලයින් යන දෙපිරිසම ඇතුළුව ගැටුම හේතුවෙන් වින්දිතයින් සහ නොනැසී ජිවිතය පවත්වා ගෙන යන අය පිඩාවට පත් කරමින් සිදුකළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්.

5. ගැටුම සහිත කලාපයෙන් පරිබාහිරව මාධ්‍ය සහ ආණ්ඩුව විවේචනය කරපු සෙසු අයද ඇතුළත්ව සිදු වු මානව හිමිකම් උල්ලංඝණය කිරීම්.

කමිටුව තිීරණය කර විශ්වසනිය ලෙස තෝරාගත් යුද්ධයේ අවසන් අදියරේදි එල් ටී ටී ඊ ය සම්බන්ධ වු බරපතල උල්ලංඝණයන් පිළිබඳ චෝදනා වලින් ප‍්‍රධාන කේන්ද්‍රීය කරුණු සයක් පහත පරිදිය.

1. සිවිල් වැසියන් මනුෂ්‍යය පළිහක් ලෙස යොදා ගැනිම.

2. එල් ටී ටී ඊ පාලනයෙන් මිදී පලායන සිවිල් වැසියන් මරා දැමීම.

3. සිවිල් වැසියන් ගැවසෙන ස්ථාන වලදී හමුදා උපකරණ භාවිතය.

4.බලහත්කාරයෙන් ළමුන් බඳවා ගැනීම.

5. බලහත්කාරයෙන් මිනිස් ශ‍්‍රමය ලබා ගැනීම.

6. මරාගෙන මැරෙන ප‍්‍රහාර මගින් සිවිල් වැසියන් ඝාතනය කිරීම.

වගකීම

ජාත්‍යන්තර මානව දයාවාදි හෝ මානව හිමිකම් නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරිම පිළිබඳ වගකිම, කැමැත්ත හෝ ප‍්‍රතිපත්තිය පිළිබඳ කරුණක් වන්නේ නැත. එය දේශීය සහ ජාත්‍යන්තර නීතිය යටතේ යුතුකමකි. වගකීමකි. මෙම උල්ලංඝණයවීම් පිළිබඳ වු විශ්වසනීය චෝදනා දැඩි විමර්ශනයක් සහ වගකිවයුත්තන්ට නඩු පැවරීමක් ඉල්ලා බල කරයි. එය ඔප්පු වුවහොත් ශ‍්‍රී ලංකා හමුදාවේ අණ දෙන නිළධාරිීන්, ආණ්ඩුවේ ජේ්‍යෂ්ඨ නිළධාරින්, පමණක් නොව එල් ටී ටී ඊ යේ හමුදා සහ සිවිල් නායකයින් ඇතුලු සියල්ලන්ට ජාත්‍යන්තර අපරාධ සිදුකිරීම පිළිබඳ අපරාධ වගකීමක් දැරීමට සිදුවෙනු ඇත.
ඒ එක්කම බරපතල අපරාධයන් සිදුකිරීම පිළිබඳ වගකීිම විමර්ශනයෙන් සහ නඩු පැවරීමෙන් ඔබ්බට යයි. මෙය පුළුල් ක‍්‍රියාදාමයකි. අතිතයේ සිදුකළ මානව හිමිකම් සහ ගරුත්වයට අදාළ උල්ලංඝණය කිරිම් වලට වගකිවයුතු පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් දේශපාලනිකව, නෛතිකව සහ සදාචාරත්මකව කටයුතු කිරීිමක් වේ. ඉහතින් සඳහන් කළ ජාත්‍යන්තර ප‍්‍රමිතීින් සමඟ ගැළපිමට නම් වගකීම යනු සත්‍යය, යුක්තිය සහ වින්දිිතයින්ට වන්දි ලබාදිම ඉටුකිරිම වේ. වගකීමට තවත් අවශ්‍යය දෙයක් නම් තම පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝණයවීමක් සිදුවුයේ නම් ඒ පිළිබඳව රජය සිය භුමිකාව සහ වගකීම ගැන කරනු ලබන නිල පිළිගැනීමකි. එක්සත් ජාතීන්ගේ ප‍්‍රතිපත්තියට අනුව, කමිටුව සැමට සමාන වු සුත්තරයක් හෝ වගකිම පිළිබඳ විදේශ ආකෘතින් ආනයනය කිරීමක් සිදුනොකරයි. ඒ වෙනුවට වඩා පුළුල් පුරවැසි සහභාගීත්වයක් ඇති අවශ්‍යතා සහ අභිලාෂයන් ඇතුළත් වන ජාතික ඇගයිම මත පදනම් වු වගකීමේ ක‍්‍රියාදාමයක අවශ්‍යයතාවය එය පිළිගනී.

එසේවුවද කිසිදු ජාතික ක‍්‍රියාදාමයක් ජාත්‍යන්තර ප‍්‍රමිතිීන්ට ළඟා වී නැත. එම ප‍්‍රමිතීන්ට සහ තුලනාත්මක අත්දැකීම් වලට විරුද්ධව ශ‍්‍රී ලංකාව තම වගකිම තක්සේරු කිරිම සිදුකළහොත් එමගින් යුද්ධයේ අවසන් අදියරේදි තමන්ට සත්‍යය, යුක්තිය සහ වන්දි හිමිවීමට ඇති අයිතිය පිළිබඳව වින්දිතයින්ට වඩා හොඳිින් තේරුම් ගැනිමට හැකිවනු ඇත.

ආණ්ඩුව කියා සිටින්නේ තමන් තුලනාත්මක සංහිදියාවක් සහ වගකීමක් අපේක්ෂා කරන බවයි. එමගින් ශක්තිමත් යුක්තියක් ආණ්ඩුවේ අපේක්ෂාව වේ. ශක්තිජනක සහ විපාකදෙන යුක්තින් දෙක අතර අතරමැදි අවස්ථාවක් තෝරා ගැනිමට කරන මෙම ප‍්‍රකාශය මගින් පිළිඹිබු වන්නේ වැරදි දෙබෙදුමකි. මේ දෙකම අවශ්‍යයයි. තවදුරටත් කමිටුවේ මතය අනුව ආණ්ඩුවේ ශක්තිජනක යුක්තිය යන්න පිළිබඳ සංකල්පය දෝෂසහිතයි. මක්නිසාද එය අතීතයේ ආණ්ඩුවල දේශපාලන වගකිම පිළිබඳ ප‍්‍රතිපත්ති සහ පුරවැසියන්ව ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කළ නොහැක, සත්‍යය යුක්තිය සහ වන්දි ලබාදීම ඉලක්කය වු වින්දිතයා කේන්ද්‍ර කරගත් තත්වයක් ඇති කිරිමේ අසමත් තත්වයක් පිළිබඳ නොපැහැදිළි ආදේශ කිරීමක් එමගින් ලබා දෙන බැවිනි. තවද වැඩිදුරටත් අවධාරණය කරන දෙයක් නම් සමහරක් එල් ටී ටී ඊ භටයින්ට දඩුවම් ලබාදීම පිළිබඳ පැහැදිළි කිරිමයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සැලැස්ම වන්නේ නොනැසී ජිවිත පවත්වා ගත් එල් ටී ටී ඊ භටයින් බහුතරයක් පුනරුත්තාපනය කිරීම සහ ඔවුන් ගෙන් දැඩි මතදාරී සාමාජිකයින්ට ලිහිල් දඬුවම් නියම කිරීිමත් වෙි. කමිටුවට පැහැදිලි කළ ආකාරයට ආණ්ඩුවේ වගකීම පිළිබඳ ද්විත්ව සංකල්පයට ඉලක්ක වීි ඇත්තේ අතිීතයේ බලයේ සිටි ආණ්ඩු සහ එල් ටී ටී ඊ ය වේ. එහිදී ආණ්ඩුවේ තීරණ සහ යුද්ධයේ අවසන් අදියර වලදිී සහ යුද්ධයෙන් පසුව ආණ්ඩුවේ හැසිරීම නැතිනම් එහි ප‍්‍රතිඵලයක් ලෙස නීතිය උල්ලංඝණය වු ආකාරය පිළිබඳව ගැඔුරින් විභාග කිරිමක් ගැන ආණ්ඩුව සුදානම් බවක් පෙනෙන්නට නැත.

ආණ්ඩුවේ වගකීම පිළිබඳ සංකල්පය ජාත්‍යන්තර ප‍්‍රමිතින් සමඟ නොගැළපෙන බවට කමිටුව නිගමනය කර ඇත. ආණ්ඩුව අවංකව දෙපාර්ශවය විසින්ම සිදුකළ උල්ලංඝණයන් පිළිබඳ චෝදනා සළකා බැලිය යුතුයි. තවද වගකීම ගැන කටයුතු කිරීමේදී ගැටුමේ වින්දිතයින්ගේ ගරුත්වය ගැන සළකා කටයුතු කළ යුතුය. එසේ නැතිවුවහොත් ආණ්ඩුවේ මිනුම් දඬු ජාත්‍යන්තර අපේක්ෂාවන් හමුවේ ඉතා පහත් තත්වයකට ඇද වැටෙනු ඇත.

උගත් පාඩම් සහ සංහිදියා කොමිෂම

ආණ්ඩුව විසින් උගත් පාඩම් සංහිදියා කොමිෂම පිහිටුවන ලදී. එය, අතිතය එනම් 2002 දි ඇති කරගත් සටන් විිරාම ගිවිසුමේ සිට 2009 මැයි මාසයේ ගැටුම අවසානය දක්වා කාලයේ සිදුවීම් සළකා බලන ආණ්ඩු ප‍්‍රතිපත්තියේ මුල්ගල විය. ශ‍්‍රී ලංකාවේ ගැටුම පිළිබඳ ජාතික මට්ටමේ සංවාදයක් අරම්භ කිරීිමට මෙම උගත් පාඩම් සහ සංහිදියා කොමිෂම හොඳ අවස්ථාවකට අවශ්‍යය නියෝජනය ලබා දෙන ලදී. ජනතාව ගෙන් විශාල පිරිසක් විසින් එවැනි සංවාදයක අවශ්‍යයතාවය පැහැදිළි කරන ලදී. ඔවුන් ගෙන් වැඩිදෙනෙක් වින්දිතයින් විය. ඔවුන් සිය උවමනාවෙන්ම පැමිණ කොමිෂම හමුවේ කතා කළහ.

එසේවුවද මෙම කොමිෂම ප‍්‍රධාන ජාත්‍යන්තර ප‍්‍රමිතින් එනම් ස්වාධීනත්වය සහ අපක්ෂපාතීිත්වය තෘප්ත කිරීිමට සමත් වුයේ නැත. මක්නිසාදයත් එහි සංයුතිය සැදි තිබුණේ එකිනෙකා අමාරුවේ දමන්නාවුත් සමහර සාමාජිිකයින් අතර මුල්බැසගත් ආකල්ප අතර වු ඝට්ටනය හේතුවෙනි. කොමිෂම සතු වු වරම එමෙන්ම එහි වැඩකටයුතු සහ අද දක්වා වු ක‍්‍රමවේදය ජාත්‍යන්තර මානවදයාවාදිී සහ මානව හිමිකම් නීතිය උල්ලංඝණය කළ බරපතල අවස්ථා විමර්ශනයට ගැළපෙන ලෙස සකස් වුයේ නැත. එමෙන්ම දශක ගණනක වාර්ගික අර්බුදයට හේතුවු මුල් බැසගත් හේතු විිභාග කිරීමක්ද සිදුනොවිිණි. ඒ වෙනුවට එය දැඩිව අවධානය යොමු කළේ ඉහතින් සඳහන් කළ දේශපාලන වගකිම පිළිබඳ පුළුල් සංකල්පයටයි. එය ආණ්ඩුවේ වගකීම පිළිබඳව වු දෝෂ සහිත ඒකපාර්ශවික සංකල්පයක්ම විය. අද දක්වා මෙම කොමිෂම සිදුකරන ලද වැඩකොටස සන්නද්ධ ගැටුමේ අවසන් අදියර වලදි සත්‍යය ලෙස සිදුවුයේ කුමක්දැයි සෙවීමට සැබෑ උවමනාවක් පෙන්වා නැත. යුද්ධයට සම්බන්ධ වු පාර්ශව දෙක අතින්ම සිදුවු බරපතල උල්ලංඝණයන් පිළිබඳ චෝදනා ක‍්‍රමානුකූුලව සහ අපක්ෂපාතිව විමර්ශනයටද කොමිෂම අපේක්ෂා කළ බවක් නොපෙනේ. ඒවගේම විින්දිතයින්ගේ ගරුත්වයට සහ ඔවුන්ගේ වේදනාවල් වලට ගරු කරන්නා වු සැළකීමක්ද කර නැත. තවද පුද්ගලිකව තම ආරක්ෂාව අනතුරට පත්වු වාතාවරණය තුළත් සාක්ෂිකරුවන්ට අවශ්‍යය මුලික ආරක්ෂාව සපයා නැත.

සියල්ල එකතුව ගත්කළ මෙම උගත් පාඩම් සහ සංහිදියා කොමිෂම බරපතල දෝෂ සහිතයි. එයට ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට ගැළපෙන ඵලදායි ලෙස වගකිම පිළිබඳ වු යාන්ත‍්‍රනයක් නොමැත. මේ නිසා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මහ ලේකම්වරයා එකට එකතුවී වගකීම පිළිබඳ යාන්ත‍්‍රනයට කළ කැපවීම එක්කෝ තෘප්ත වන්නේ නැත. නැතිනම් එවැන්නකට පුලුවන් කමක් නැත.

අනෙකුත් දේශීය යාන්ත‍්‍රනයන්

වගකීිම සෙවීිම පිළිබඳ කරුණේදි අධිකරණ ක‍්‍රියාදාමය ප‍්‍රමුඛ කාර්යබාරයක් සිදුකරයි. මෙය උගත් පාඩම් සහ සංහිදියා කොමිෂමේ ක‍්‍රියාකාරීිත්වය හෝ ප‍්‍රතිඵල නොසළකා හරිමින් සිදුවේ. කෙසේ නමුත් මෙම ක‍්‍රියාදාමයේ අතීිත වැඩකටයුතු සහ වර්තමාන ව්‍යුහය පිළිබඳව කමිටුවට ඇත්තේ අල්පමාත‍්‍ර විශ්වාසයකි. මක්නිසාද වර්තමාන දේශපාලන වාතාවරණය තුළ මෙම අධිකරණ කි‍්‍රයාදාමය කෙසේ යුක්තිය පසිඳලයිද යන්නයි. මෙසේ වන්නේ දේශපාලන නොහැකියාවකට වඩා පවතින්නා වු ලඝු දේශපාලන උවමනාව හේතුවෙනි. ඉතාම මෑත අතීතයේදි නීතිපතිවරයාගේ ස්වාධීනත්වය දුර්වල විය. ඔහුගේ බලය වඩාත් කේන්ද්‍රගත වුයේ ජනාධිපතිවරයා වෙතයි. හදිසි නීති රෙගුලාසි සමග වර්තමානයේ පවතිින තත්වයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව සංස්ථාපනය වෙයි. මෙවැනි තත්වයක් යටතේ මානව හිමිකම් සුරැුකෙන ආකාරයට නිල වශයෙන් සිදුවන වරදකාරිත්වය සම්බන්ධයෙන් අධිකරණ පද්ධතිය කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව වැදගත් ගැටලුවක් ඇති වේ. මේ හා සමානව කමිටුවට එය හඳුනාගත් විශ්වසනීිය චෝදනා සමිබන්ධයෙන් හෝ යුද්ධයේ අවසන් අදියර වලදී සිදුකළ අනෙකුත් අපරාධ සමිබන්ධයෙන් හමුදා අධිකරණ ඵලදායී ලෙස වගකීම පිළිබඳ යාන්ත‍්‍රනය ඉටුකරයිද යන්න පිළිබඳව සාක්ෂියක් නැත.

වගකීිම ළඟා කරදෙන සෙසු දේශීය ආයතනද බරපතල දුර්වලතාවයන් පෙන්නුම් කරයි. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් විභාග කිරීමට පරික්ෂණ කොමිෂන් සභා පිහිටුවන ලදීි. ඉන් සමහරක් වඩා හොඳින් තොරතුරු සොයා ගැනීිමේ ඉලක්කයන් සමිපුර්ණ කරන ලදී. නමුත් මෙම කොමිෂන් සභා වැඩිහරියක් හඳුනාගත් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පුළුල්ව වගකීිම පිළිබඳ ප‍්‍රතිඵලය අත්කර ගැනීිමට අපොහොසත් විය. කොමිෂන් සභා බොහොමයක් ප‍්‍රසිද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරිමට සමත්වුයේ නැත. ඒවාගේම කොමිෂන් සභාවල නිර්දේශයන් ක‍්‍රියාත්මක වුයේ අල්පමාත‍්‍ර වශයෙනි. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂම සමහරක් අංශයන්ගෙන් මෙම වගකිම ඉහළ දැමීමට යම් දායකත්වයක් සපයන ලදී. නමුත් කමිටුවට මේ ගැන බරපතල කොන්දේසි ඇත. තවද කමිටුව විශ්වාස කරන ආකාරයට මානව හිමිකම් කොමිෂම අතුරුදහන් වු පුද්ගලයින් සමිබන්ධ සිද්ධි වලදි සහ රඳවාගෙන සිටින පුද්ගලයින්ගේ සුභසාධනය අධීක්ෂණය කිරීමේදි මීට වඩා දේශපාලනමය උවමනාවකින් සහ උපායකෞෂල්‍යයකින් කටයුතු කළ යුතුය.

වගකිමට ඇති සෙසු බාධක

කමිටුව සිය වැඩකටයුතු අතරතුර නීරික්ෂණය කළ ආකාරයට ශ‍්‍රී ලංකාවේ තවත් සැළකිල්ලට නොගත් සමකාලින කරුණු ගණනාවක් ඇත. සැබෑ වගකීමක් ඇති කිරීමට දරන වෑයමේදී ඒවා බාධාවන් වේ. ඒ වගේම එහි ප‍්‍රතිඵලය අනාගතයේ කල්පවතින සාමයක් ඇති කිරීම අධෛර්යයට පත් කිරිමයි. වැඩිවශයෙන් සළකා බැලු කරුණු පහත පරිදිය-

1. ආණ්ඩුව පැත්තෙන් ලැබු ජයග‍්‍රහනය ඔවුන් ප‍්‍රකාශ කළ ආකාරයට ත‍්‍රස්තවාදය පරාජය කිරීිමට අවශ්‍යය වත්කමි සහ අධිෂ්ඨානය වැඩි දියුණු කරගැනිම මෙන්ම දෙමළ ජනයාගේ දේශපාලන, ස්වයං පාලනය සහ පිළිගැනීම පිළිබඳව වු අභිලාෂයන් අවසන් කරදැමීම සහ සිය හමුදා සැලැස්මේදීි සිදුවු ජිවිත හානිය නොසළකා හැරීමයි.

2. තහනම් කළයුතු නමුත් දැනටත් කි‍්‍රයාත්මක ප‍්‍රතිපත්ති එනමි විශේෂයෙන් වාර්ගිකත්වය මත පදනම්ව තේරුම් ගිය ආකාරයට හෝ සත්‍යය ලෙස දේශපාලනිකව සාමාජියව සහ ආර්ථික වශයෙන් හානිදායක බැවින් බැහැර කළයුතු දේ වන අතර ඒ සියල්ල ගැටුමේ හදවතද විය.

3. ඉහත සඳහන් කළ පරිදි හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතද ඇතුළුව යුද්ධ කාලයකදිී අනුගමනය කරන මිනුම් දඬු අඛණ්ඩව භාවිතා කිරීම. ඒ වගේම කලින් ගැටුම් පැවති කලාපයේ මිිලිටරිකරණය කිරීම සහ පැරාමිලිටරි හමුදාවන් බලපත‍්‍ර මත යොදා ගැනීම. මේ සියල්ල බියවැද්දිම සහ ප‍්‍රචණ්ඩත්වය සහිත වටාපිටාවක් වඩා චිරස්ථායි ලෙස ඇති කරයි.

4. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට විරුද්ධ ආකාරයට මාධ්‍යයට සීිමා පැමිණවීම සහ පුරවැසියන්ගේ මුලික අයිතීන් සිමා කිරීම.

5. දශක ගණනාවක සිට එල් ටී ටී ඊ යට අධ්‍යාත්මිිකව සහ දාව්‍යමය වශයෙන් ඉතා වැදගත් සහයක් ලබා දුන් ද්‍රවිිඩ ඩයස්පොරාවේ භූමිකාව සහ වන්නියේ සිදුවු මානුෂිය විනාශය පිළිගැනීමට ප‍්‍රතික්ෂේප කරන අය නිසා තවදුරටත් වගකීමට සහ තිරසාර සාමයකට බාධාවන තත්වයක් නිර්මාණය කෙරිණි.

වගකීිමට සහය වන පරිසරයක් එනම් වාර්ගික ජාතික අර්බුදයේ මුල් බැසගත් හේතුන්ද ඇතුළුව අතිතයේ පුළුල් හැඩතල අවංකව තක්සේරු කිරිමට සහය වන තත්වයක් වර්තමානයේ නැත. මානව හිමිකම් වලට ගරු කරන විවෘත සමාජයක් ගොඩනැගිමට ස්ථිර පියවරයන් ගැනීම අවශ්‍යය වේ. ඒ හා සමානව ප‍්‍රීති ප‍්‍රකාශ කිරිීමෙන්ද ඉවත්විිය යුතුය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ වාර්ගික විවිධත්වය පිළිගනු ලබන සැබෑ දේශපාලන විිසඳුුමකට අවශ්‍යය කරන කැපකරීමෙන් ඉවත්වීමද සිදුනොකළ යුතුයි. දෙමළ ජනයා රටේ අනාගතයේ පදනම ලෙස සළකා ශ‍්‍රී ලංකාවේ සියලුම ජනතාවට පුර්ණ පුරවැසිබාවය ලබාදිමට කටයුතු කළ යුතුය.

සිවිිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර භූමිකාව

යුද්ධයේ අවසන් අදියර අතරතුර කාලයේදී එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශ සහ ආයතන සිවිල් ජනයා ආරක්ෂා කිරීමට ගතයුතු පියවර ගැනීිමට අපොහොසත් විය. වැඩිවශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ජේ්‍යෂ්ඨ නිළධාරීින් ප‍්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව ආණ්ඩුවට උපදෙස් දෙන ලදීි. ඔවුන් සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසත් රෝහල් වලට සහ එක්සත් ජාතීන් හෝ ජාත්‍යන්තර රතු කුරුස සංවිිධානයේ ගොඩනැගිලි පිහිටි ස්ථාන වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරිමෙන් වළකින ලෙසත් පැවසුහ. කමිටුව දරණ මතය වන්නේ තුවාලකරුවන්ගේ සංඛ්‍යා ප‍්‍රසිද්ධවීිම නිසා සිවිල් ජනයා ආරක්ෂා කරන ලෙස කළ ඉල්ලීමි දැඩි වු බවත් ඒ අතරවාරයේ වන්නියේ ඇති වු එවැනි සිද්ධීන් හෙලිදරව් වු බවත්ය. ඊට අමතරව යුද්ධය අවසන්වීමත් සමග මානව හිමිිකම් කවුන්සිලය 2009 මැයි මාසයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වු සිය යෝජනාව සම්මත කරන ලදිී. එය අසම්පුර්ණ තොරතුරු මත පදනම්ව සිදුකරන ලද්දකි.

නිර්දේශ

මෙවැනි සන්දර්භයක් තුළ කමිටුව පහත මිනුම් දඬු ඉදිරිපත් කරයි. එය සමිපුර්ණයෙන්ම බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතීන්ගේ මහ ලේකමි සහ ආණ්ඩුව අතර වගකීම සම්බන්ධයෙන් වැඩ සැලැස්මක් සහ වැඩදායි සමිබන්ධයක් ඇතිවේ යන්නය. ඔවුන් කමිටුව අවශ්‍යයයි සළකන විවිධ මාන තුළින් වගකීම පිළිබඳව සළකා බලමින් සිටී. එයට ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙි, එක්සත් ජාතිිීන්ගේ සහ විවිධ පාර්ශවයන්ගේ ප‍්‍රශංසාත්මක ක‍්‍රියාවන් අවශ්‍යය වේ.

නිර්දේශ 01 විිමර්ශන

අ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රමාදයකින් තොරව තම ජාත්‍යන්තර වගකීම් වලට අනුකූලව ඵලදායි වගකීම පිළිබඳ කි‍්‍රයාදාමයක් පිළිබඳ අදහසින් යුතුව කමිටුව විශ්වසනීය ලෙස සොයාගත් චෝදනා පිළිබඳව සහ යුද්ධයට සම්බන්ධ වු දෙපාර්ශවයම ජාත්‍යන්තර මානව දයාවාදි සහ මානව හිමිකම් නීතිය උල්ලංඝණය කිරිම පිළිබඳ චෝදනා පිළිබඳව සැබෑ ලෙස දේශීයව විමර්ශන කිරීම වහා ආරමිභ කළ යුතුය.

ආ. මහ ලේකම්වරයා වහාම ස්වාධීන ජාත්‍යන්තර යාන්ත‍්‍රනයක් පිහිටුවිය යුතුය. ඔවුන්ට පහත සමකාලීන ක‍්‍රියාවන් සිදුකිරිමෙහිලා වරමක් හිමිවිය යුතුය.

1. ශ‍්‍රී ලංකා ආණ්ඩුව දේශීයව එලදායි වගකීම පිළිබඳ ක‍්‍රියාදාමයක් ගෙනයන බවටත් උල්ලංඝණය කිරිීම් පිළිබඳ චෝදනා සත්‍යය ලෙස විමර්ශනය කරන බව සහ එහි සොයාගැනීිම් පිළිබඳව කලින් කල මහ ලේකමිවරයාට උපදෙස් දෙන බවත් එයට ඇතුළත් විිය යුතුය.

2. සැබෑ සහ ඵලදායීි දේශිිීය විිමර්ශන වලට අනුකූුලව උල්ලංඝණයන් පිළිබඳ චෝදනා ස්වාධීනව විිමර්ශනය කළ යුතුය.

3. වගකීිමට අදාළ යුද්ධයේ අවසන් අදියරේදි සිදුවු දේ පිළිබඳ තොරතුරුද කමිටුව සහ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාදාමයට අදාළ සෙසු ආයතන සොයා ගත් තොරතුරුද ඇතුළුව සියල්ල අනාගතයේ සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා එකතුකර ආරක්ෂා කරගත යුතුය.

නිර්දේශ 02 - වගකිම වැඩි කිරීම සඳහා ගතයුතු සෙසු මිනුම් දඬු .

තම අයිතින් උල්ලංඝණය වු සහ අඛණ්ඩව උල්ලංඝණය වන අයගේ ඛේදවාචකය සළකා බලන ගමන් වගකිම පිළිබඳ ආණ්ඩුවේ කැපවීම ප‍්‍රදර්ශනය කිරීම සඳහා පහත මිනුම් දඬු කඩිනමින් භාවිතයට ගත යුතුය.

අ. වන්නියේ සියලු වින්දිතයින්ගේ සහ නොනැසී ජිවිතය පවත්වාගෙන යන අයගේ අයිතිවාසිකම් සහ ගරුත්වය පිළිගත්තා වු සහ එයට අවධානය යොමුකළ කෙටි කාලීන මිනුම් දඬු ශ‍්‍රී ලංකා ආණ්ඩුව කි‍්‍රයාත්මක කළ යුතුය.

1. රජය විසින් සිදුකරන සියලු උල්ලංඝණය කිරීම් අවසන් කළ යුතුය. මෙයට් රජය ඉවසා දරා සිටි රජය නියෝජනය කළාවු සියලු ආයතන, පැරා මිලිටරි කණ්ඩායම් සහ සෙසු කණ්ඩායම් සිදුකරන උල්ලංඝණය කිරීමි ඇතළත් වේ.

2. මෘතශරීර සොයා ඒවා පවුල්වල උදවියට බාරදිීමට කටයුතු කළයුතු අතර මියගිය අයවෙනුවෙන් සංස්කෘතික වතාවත් කිරීමට අවශ්‍යය පහසුකම් සලසාදීමට සහය වියයුතුය.

3. පවුල්වල සාමාජිකයින් ඉල්ලා සිටිවිට මියගිය අය සහ අතුරුදහන් වු අය සමිබන්ධයෙන් ඉතා ඉක්මනින් ගෞරවයෙන් සහ අය කිරීමකින් තොරව මරණ සහතික ලබාදියයුතු අතර එහිදි ඉදිරි විමර්ශන සහ සිවිල් හිමිකම් පෑම් පිළිබඳ ඔවුන්ගේ අයිතින් සාමයෙන් බේරා ගතයුතුයි බලපෑම් නොකළ යුතුය.

4. ජිවිතය නොනැසී පවත්වාගෙන යන සියලු දෙනාට සිය සංස්කෘතික වටිනාකම් සහ සම්ප‍්‍රදායන් වලට අනුකූුලව මනෝ සමාජියව අවශ්‍යය සහයෝගය ලබාදීමට සහය විය යුතුය.

5. සියලු අවතැන් වු පුද්ගලයින්ව නිදහස් කළ යුතුය. ඔවුන්ගේ කැමැත්තට අනුව නැවත ඔවුන්ගේ නිවෙස් කරා යාමටත් නැවත පදිංචියටත් අවශ්‍යය පහසුකම් සලසාදීමට සහය විය යුතුය.

6. සියලූ නොනැසි ජිවිතය පවත්වා ගෙන යන අය සාමාන්‍යය ජන ජිවිතයට හැඩගැසෙන තෙක් ඔවුන්ට අවශ්‍යය පහසුකම් අඛන්ඩව ලබාදීමට කටයුතු කළ යුතුය.

ආ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව බලය යොදා අතුරුදහන් කළ පුද්ගලයින්ගේ ඉරණම සහ ස්ථාන පිළිබඳව විමර්ශනය කළ යුතුය. අනාවරණය කළ යුතුය.

ඇ. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව බලය යොදා සහ අකමැත්තෙන් අතුරුදහන් කිරිම් ගැන කටයුතු කරන ක‍්‍රියාකාරී කණ්ඩායමට ලංකාවට පැමිණීමට ආරාධනා කළ යුතුය.

රටේ දේශපාලන වාතාවරණය තුළ ශ‍්‍රී ලංකා ආණ්ඩුව හදිසි නීති රෙගුලාසි අවලංගු කිරිීමටත් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරය සම්බන්ධයෙන් වු වගකිමි වලට නොගැළපෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සියලු ප‍්‍රතිපාදන වෙනස් කළ යුතුය. මෙ පනත යටතේ හෝ වෙනත් ප‍්‍රතිපාදන යටතේ රඳවා තබාගෙන සිටිින සැක කටයුතු එල් ටී ටී ඊ සාමාජිකයින් සහ සෙසු අය සම්බන්ධයෙන් පහත මිනුම් දඬු අනුගමනය කළ යුතුය.

1. දැනට රඳවා තබා ගෙන සිටින සියලුම දෙනාගේ නම් සහ රැඳවුම් ස්ථාන ප‍්‍රසිද්ධියට පත් කළ යුතුය. ඔවුන්ව රඳවා තබා සිටීමේ නෛතික පදනම ඔවුන්ට පැහැදිළි කර දිය යුතුය.

2. සියලුම රැඳවියන්ට සිය ඥාතීන් හමුවීමට සහ නිති උපදෙස් ගැනීමට අවශ්‍යය ප‍්‍රවේශය සලසාදිය යුතුය.

3. සියලුම රැඳවියන්ට අධිකරණ වලදි ස්වාධීනව තමන් රඳවා තබා ගැනීමේ යුක්ති සහගත බව පිළිබඳව කේවෙල් කිරිමට ඉඩ පහසුකම් ලබාදිය යුතුය.

4. බරපතල අපරාධ පිළිබඳව සාක්ෂි ඇති අයට චෝදනා ගොනු කර සෙසු සියලු දෙනා නිදහස් කළයුතු අතර ඔවුන්ට බාධාවකින් තොරව නැවත සමාජානුගතවීමට අවශ්‍යය පහසුකම් ලබාදිය යුතුය.

ඈ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව රාජ්‍යය ප‍්‍රචණ්ඩත්වයට තිත තැබිය යුතුයි. අනෙකුත් භාවිතයන් එනම් නිදහසේ ගමනාගමනය රැස්වීම සහ භාෂණය පිළිබඳ සීිමා පැමිණවීිම හෝ බිය ගෙන දෙන වාතාවරණයක් ඇති කිරීිම යන සියල්ල නතර කළ යුතුයි.

නිර්දේශ 03 දිගුකාලීන වගකීම පිළිබඳ මිනුම් දඬු.

දැන් පවතින්නා වු ජයග‍්‍රාහීි සහ නොසළකා හැරිීම පිළිබඳ වාතාවරණය අතිතය අවංකව විභාග කිරිමට උපකාරි වන්නේ නැත. මේවා දිගුකාලිනව දේශපාලන පරතරයන් ඇති කිරිීමෙහිලාද හේතු වේ. යුද්ධයේදි සිදුවු සියලු කි‍‍රයාවන් පිළිබඳ සම්පුර්ණ වගකීම සඳහා පහත මිිනුම් දඬු අනුගමනය කළ යුතුය.

අ. ශ‍්‍රී ලංකාව උගත් පාඩම් සහ සංහිදියා කොමිෂමේ වැඩ කටයුතු වලින් එහා ගිය ක‍්‍රියාදාමයක් අනුගමනය කළයුතු බව සියල්ල සළකා බැලීමේදී පෙනී යයි. එහිදී ශක්තිමත් සිවිල් සමාජයක සහභාගීත්වය අවශ්‍යය වේ. ගැටුමට හේතුවු මුල් බැසගත් කරුණු දෙපාර්ශවයෙන්ම පිළිඹිබු වන වාර්ගික ජාතිවාදී අන්තවාදිීත්වයද ඇතුලුව යුද්ධය සිදු වු ආකාරය සහ ප‍්‍රචණ්ඩත්වයේ ස්වරූපයන් හුරුවී ඇති ආයතනික වගකිීම් ඉතා දැඩි ස්වරූපයකින් විභාග කළ යුතුව ඇත.

ආ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව යුද්ධයේ අවසන් අදියරවල් වලදි සිවිල් වැසියන්ට හානිවීම පිළිබඳ සිය වගකීම ගැන පොදු එමෙන්ම නිල දැන්වීමක් නිකුත් කළ යුතුය.

ඇ. වන්දි පිරිනැමීිමේ වැඩපිළිවෙලක්ද ශ‍්‍රී ලංකා ආණ්ඩුව විිසින් සකස් කළ යුතුව ඇත. එය ජාත්‍යන්තර ප‍්‍රමිතිීන්ට අනුකූුල විිය යුතුය. එමගින් විශේෂයෙන් කාන්තාවන් ළමයින් සහ පහසුවෙන් පිඩාවට පත්විය හැකි කණ්ඩායම් වලට අවධානය යොමු කරමින් යුද්ධයේ අවසන් අදියර වලදී බරපතල උල්ලංඝණයන් වලට ලක් වු සියලුම වින්දිතයින්ට සහන වන්දි ලබාදිිය යුතුව ඇත.

නිර්දේශය 04 - එක්සත් ජාතින්

ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියර වලදි සහ ඉන්පසුව වන්නියේ සිවිිල් වැසියන්ගේ ඛේදජනක තත්වය ගැන එක්සත් ජාතීන්ගේ ප‍්‍රතිචාරය සලකා බලමින්,

අ. මෙම වාර්තාව නිකුත් වු ගමන්ම මානව හිමිිකම් කවුන්සිලයට ඔවුන්ගේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වු 2009 මැයි මස විශේෂ සැසිවාර යෝජනාව (A/HRC/S-11/l.1/Rev.2)  නැවත සළකා බලන ලෙස ආරාධනා කරමු.

ආ. ශ‍්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේදී සහ ඉන්පසුව එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාදාමය මානුෂික සහ ආරක්ෂාව පිළිබඳ තම වරණය ක‍්‍රියාත්මක කළ ආකාරය ගැන මහ ලේකමිවරයා පුළුල් සමාලෝචනයක් කළ යුතුව ඇත.


එක්සත් ජාතින්ගේ කමිටු වාර්තාවෙි නිලනොවන ප‍්‍රකාශයේ පරිවර්තනය - හර්ෂි සි. පෙරේරා