Sunday, November 24, 2013

71 වසන්තය ලියු කිවිවර ජෙයපාලන් අත් අඩංගුවට

වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ දෙමළ කිවිවර වීඅයිඑස් ජෙයපාලන් අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
සංචාරක වීසා බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ රැස්වීම් පැවැත්වීම සහ ව්‍යාපාර කටයුතුවල නිරත වීම ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේ.
 දැනට නොර්වේ රාජ්‍යයේ වෙසෙන වීඅයිඑස් ජෙයපාලන් කලක් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල විවේචකයෙක් වූ නමුත්, කොටි සංවිධානයට එරෙහිව ආරක්ෂක හමුදා දියත් කළ යුද්ධයද දැඩි විවේචනයට ලක් කළේය. ඔහු පසුව දෙමළ චිත්‍රපටවල රඟපෑමටද එක් විය.
ජයපාලන් විසින් 71 අරගලය අල්ල ලියැවුනු ඉතා ජනප්‍රිය කවියක පරිවර්තනයකි මේ.

පරිවර්තනය - නිලාර් එම් කාසිම්

71, වසන්තය
මලින් බර විය මහා වන හිස
කොවුල් ගී නද ඇසිණ මිහිරිව
පුරුදු පරිදිම
ඇවිත් ගිය හැම වසන්තය සේ
ප්‍රමෝදය හා යලිදු පිවිසිණි
71, වසන්තය
රාවණාගේ පාලනයේ වුව
රාමගේ පාලනයේ වුව කිම?
උදාවුණ ඒ වසන්තයේදිත්
ගමින් ගම නම් පුරුදු පරිදිම
පවුල් බලයේ බල පරාක්‍රම පැවතුණේමය.
මඩෙහි වධ විඳි මී ගොනුන්
රුදුරු ඉරණම දිනනු නොහැකියි
සිතනවා මෙනි
“සියලු දේ වෙයි උපන් හැටියට”
කියා එලෙසින පැරණි ගැමියෝ
යටත් වූවෝ එගැමි සිරිතට
උදා වූ ඒ වසත් දිනවල
තරුණ සමහරු
අනෙක් සොයුරන්
අවදි කෙරුවේ එක එකා මෙනි
දවල් නිදනා දනන් වෙනුවෙන්
රුදුරු දිග රෑ ගණන් නොනිදා
නැවුම් හිරු කැන් වසං කර සිටි
මහ ගිරිකුලු ඉවත් කරලන
පරම රහසද කෙඳිරුවෝමය
හිටිගමන් ඒ වසන්තය තුල
වීදී අවුරා ප්‍රලය වූ
අවි හඬින් ගැමියෝ සසැලුණාහුය
දෙපස මං පෙත රුහිරු මල් විය
අඳුරු පැහැගත් හැම ගමින් ගම
තරුණ හිරු දරුවෝ
වැළලුණාහුය, අපේ මිහි මවු ගැබෙහි පතුලෙම
කොවුල් ගී මැද මඟුල් පෙරහැරක් සේ ඇවිත්
අවමඟුල් පෙරහැරක් සේ එය ගෙවී නිම විය
71, වසන්තය
අපේ ගම් බිම් හරිම
සරුසාරයි- හැබෑමයි
කුමක් වළලා දමන ලද මුත්
පඳුරු ගසමින් යලිත් සුපිපෙයි
සත්තකින්, දලු ලා වැඩෙයි
- ව. අයි. ස . ජයපාලන්

පොලිස්පති යලිත් වරක් සොරාගෙන්ම පේන අසයි. පොලිස්පති සහන මැදිරිය - "යන්නේ කොහෙද? මල්ලේ පොල්" උත්තර දෙමින් මහජනයා අසහනයට පත් කරයි. ඒ පිළිබද තවත් කදිම උදාහරණයකි මේ.

මාරවිල - ඇන්ටනි ජාන්ස් මහතා, මාරවිල පොලිසිය විසින් අපරාධයක් කල නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න බේරා ගැනීමට, එකම සිද්ධියට, අංක දෙකකින් නඩු පැවරුවේය.

පළමු නඩුව බොහෝ දුරට කරුණු අනාවරණය කර තිබින. මහේස්ත්‍රාත් ඇප නියම කලද, මෙම නීතිඥවරයා ඇප නොතියාම ගෙදර ගියේය. එම නඩුව බැලූ බැල්මට නීතිඥයාට අවාසිසහගත එකක් බව පෙනෙන්නට තිබින.

මේ තත්වය තුල මාරිවල පොලිසිය හා එක්ව, කරුණු වසන් කර, එම සිද්ධියටම තවත් අංකයකින් නඩු පැවරුවේය. අපරාධ සැකකාර නීතිඥයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රීති ප්‍රශ්ණයක් මතු කළේය.
ඒ එකම සිද්ධියට නඩු දෙකක් පැවරිය නොහැකි බව - වහා නැගිට සිටි මාරවිල පොලිසිය, පළමු නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැන්වීය.

මහේස්ත්‍රාත්වරයා එයට අවසර දුන්නේ - මුල් පැමිණිලිකරුගෙන්, පැමිණිල්ල ඉල්ලා අස්කරගත් බවට - අත්සන් ගන්නා ලෙසට නියෝග කරමින්ය. වහා ක්‍රියාත්මක වූ මාරවිල පොලිසිය සුනිල් ඇන්ටනි ජාන්ස් මහතා, අධිකරනය තුල දීම, කොණකට ගෙන,  බිය ගන්වා එයට අත්සන් ගත්තේය.

මේ පිලිබදව ඔහු පොලිස්පතිට පැමිණිලි කළේය. පොලිස්පති කළේ එකී පැමිණිල්ල මාරවිල පොලිසියට යවා, වාර්තාවක් ගෙන්වා ගැනීමයි.

තමාට විරුද්ධව නගා ඇති චෝදනාව ගැන, සැකකරුටම පරීක්ෂණ පවත්වන්නට නියම කිරීමට තරම් අප රට ආශ්චර්ය වී ඇත.

පොලිස්පතිගේ පිළිතුරෙන් පැහැදිලි වන්නේ අඩුම වශයෙන් ..........මහජන පැමිණිල්ල කියවා නැති බවයි. මේ පුන්‍ය භූමියේ, අපරාධ කරන පොලිස් කාරයින්ට පූර්ණ අනුග්‍රහය දක්වයි.

ඒ අතර, බැරිම තැන එකක් දෙන්නෙක් අල්ලා කූඩු කරයි. එයට මහත් ප්‍රසිද්ධියක් ලබා දෙයි. එයින් හුදී ජනයා පහන් සංවේගයට පත්වෙයි.


අධිකරණයට ඉදිරිපත් කරන්න යයි කියා අරගත්තු මදින පිහිය - පයාගල පොලිසියේ පද්ම කුමාර ගෙදර ගෙන ගිහින්.

උසාවියට ඉදිරිපත් කළේ කුඩු ග්‍රෑම් දෙකක් තිබුනා කියලා. දාලා තියෙන්නේ මිලි ග්‍රෑම් 0.02ක්.
අත්අඩංගුවට ගත්තු අවස්ථාවේ තිබූ රුපියල් 6000/= පොලිසිය පිල්ලි ගසයි.

ප්‍රදේශයේ සිදුවූ බවට කියන මංකොල්ලා කෑම් දෙකක් සම්බන්ධයෙන් තිස් අට හැවිරිදි මංජුල ෆොන්සේකාව, පයාගල පොලිසිය අත්අඩංගුවට ගත්තේ - ජනවාරි 26 වන දිනය.

ඒ අවස්ථාවේ මංජුල ලග තිබූ රු: 6000/= ක මුදල, අත්අඩංගුවට ගත් පොලිස්කාරයා සාක්කුවේ දමා ගත්තේය. එම මුදල පොලිසියට බාර දෙන ලෙසට ඉල්ලූවිට, මොන සල්ලිද කියමින් එම පොලිස්කාරයා මාරු වී ඇත.

පොලිසියේදී, අපරාධ අංශයේ පද්ම කුමාර නැමැති නිලධාරියා, මංජුල ෆොන්සේකාට කොච්චි මිරිස් කරල් 20ක් පමණ බලයෙන් කවා, පොල්ලක් ගෙන පහරදී තිබේ.

මේ ආකාරයට දින තුනක් නීති විරෝධීව රදවාගෙන වධදීමෙන් පසුව, 29 වන දින කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ මංකාල්ලා නඩු දෙකක් හා කුඩු නඩුවක් ගොණු කරමින්ය.

කුඩු ග්‍රෑම් 2ක් ලග තබා ගැනීමට පවරන ලද නඩුවට ඔහු රක්ෂිත බන්ධණාගාරගත කරනු ලැබීය. මාස අටකට පසුව, රස පරීක්ෂක වාර්තාව ලැබුන විට, එහි සදහන්ව තිබුනේ කුඩු මිළි ග්‍රෑම් 0.02ක් ඇති ඉදිරි පත් කර තිබු බවයි.

මේ ආකාරයට පයාගල පොලිසියේ අපරාධ අංශයේ පද්ම කුමාර ප්‍රමුඛ නිලධාරීන් අධිකරණය රවටා, මංජුල ෆොන්සේකාව මාස 08කුත් දින විස්සක් බන්ධණාගාර ගත කරවන ලැබීය.

තවද, ඔහුට පහරදුන් බව, අධිකරණයට වාර්තා කල විට, මහේස්ත්‍රාත්වරයා කළේ බන්ධනාගාරයෙන් බෙහෙත් ලබා ගන්නා ලෙසට සටහන් කිරීමයි.

පොලිසියේ දූෂණ, අක්‍රමිකතා, අපරාධ අවම කිරීමට නොහැක්කේ මෙම ආකාරයට කටයුතු කරන යුක්තිය පසදලීමේ යාන්ත්‍රණයක් මේ පුන්‍ය භූමියට උරුමව තිබෙන නිසාය.


Thursday, November 21, 2013

රුපියල් 10,000/=රත්තරන් වෙනුවට කරන්දෙණිය පොලිසිය රු: 45,000/=ක රත්තරන් අරන්. SI මෙන්ඩිස්, ඌරවත්තේ එකෙක්ලු.

කරන්ෙදණිය ෙපාලීසිෙය් කප්පන් ගන්නා, මංෙකාල්ලාකන, ෙබාරු නඩු දාන හා වධ ෙදන ෙපාලිස් කාරයින්ට රාජපක්ෂ හා ෙගාලයින්ෙග් පුර්ණ අශිර්වාදය.

රාමචන්ද්‍ර පෙරේරා මහතා, තම ඥාති සොහොයුරෙකු වූ සෝමරත්න විජේවීර සමග, කරන්දෙණිය පොලිසියට ගියේ ප්‍රකාශයක් ලබාදීමටය. ඒ 2013.04.08 දිනය.

ස්වර්ණාභරන වෙළද සැල් හිමියෙක් වූ සෝමරත්න විජේවීර, රුපියල් 45,000/=ක් සොරකම් කරපු රත්තරන් බඩු මිළයට ගෙන ඇති බවට චෝදනා කල කරන්දෙණණිය පොලිසිය, ඔහුගෙන්
රු: 45,000/=ක් වටිනා ස්වර්ණාභරන ලබා ගත්තේය. ඒ් භිය ගන්නාය.

ඒ සම්බන්ධෙය්න ප්‍රකාශයක් දීමට පොලිසියට ගිය විට ඔවුන්ට දැන ගන්නට ලැබුනේ ස්වර්ණාභරන සොරකම් කිරිම සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලේ - නැතිවූ ස්වර්ණාභරණවල වටිනාකම
රු: 10,000/= ක් බවයි.

මේ පිළිබදව විමසීමේදී, මුං (පො.කො.සිල්වා හා උ.පො.ප.මෙන්ඩිස්) වටිනාකම අඩුවෙන් දාලා තියෙන්නේ යයි පවසා, සෝමරත්නව,  උ.පො.ප.මෙන්ඩිස් ටම බාරදී තිබේ.

ව්‍යාපාරිකයෙකු මෙන්ම ප්‍රදේශයේ සමාජ සේවකයකු වූ රාමචන්ද්‍ර පෙරේරා ද, ඔහු සමග උ.පො.ප.මෙන්ඩිස් ළගට ගියේ ය. ඒ අවස්ථාවේ උ.පො.ප.මෙන්ඩිස් උඹ කවුදැයි අසා, රාමචන්ද්‍ර පෙරේරා මහතාගේ අම්මා මතක් කොට බැන පලවා හැර තිබේ.

මේ පිලිබදව ඔහු, රාමචන්ද්‍ර පෙරේරා, ස්ථානාධිපතිට දැනුම් දුන් විට - ඕවා ගණන් ගන්න එපා ඌ (උ.පො.මෙන්ඩිස්) ඌරවත්තේ එකෙක් යයි පවසා, මගහැර ගොස් තිබේ.

මේ පිළිබදව රාමචන්ද්‍ර පෙරේරා, පොලිස්පති ට හා මානව හිමිකම් කොමිෂන් සභාව - මාතර ශාඛාවට පැමිණිලි කලද, මාස 08ක් ගතවී ඇතත්, කිසිදු පියවරක් ගෙන නැත.

රුපියල් දසදහසේ ස්වර්ණාභරණ වලට, රුපියල් හතලිස් පන්දහසක වටිනා ස්වර්ණාභරන ගන්න ලද, කරන්දෙණිය පොලිසියේ ස්ථානාධිපති, උ.පො.ප.මෙන්ඩිස්, පො.කො.සිල්වා ට එරෙහිව නීතිමය බා විනයානුකූල පියවර ගෙන නැත. ඔවුන් යහතින් සිටිති.


මේ වන විට සෑම පොලිසියක්ම, මංකොල්ලාකෑමේ යෙදී සිටිති. එයට ආණ්ඩුවේ පූර්ණ රැකවරණය හා ආශීර්වාදය ලැබී තිබේ.

'' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා.

'' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවාමට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා..........  

රාත‍්‍රීය 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා,විනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා................

බුදු පිළීමය ලදි අවට ලයිට් නිව්වා. ඔලූවට ගෝනියක් දමාමුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා, බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා..............

වාට්ටුව බාර කොල්ලාට කියවා මාව එළීවෙනකන් නැව්වා................ "

ජනාධිපති රාජපක්ෂ පාලනෙය් රැකවරණය හා අශිර්වාදය හිමි කරෙගන මෙම අපරාධය ෙමහයවුෙය් ගාල්ල බන්ධනාගාරෙය් නියාමක නුවන් මෙන්ඩිස්, මංෙකාල්ලා කෑම්, පිහි අැනුම් අැතුලු අපරාධ කිහිපයක සැකකරුවකු වන අතර, ගාල්ල බන්ධණාගාරයේම රිමාන්ඞ් ගතව සිටි කිහිප වතාවක් වැඩතහනම් වූ අයෙකි.

ගාල්ල බන්ධණාගාරය තුල මෙෙස් අමානුෂික ලෙසට වධයටනින්දිත සැලකිලි වලට, ලිංගික හිරිහැරයට භාජනය වුෙය් උසස් ෙපළ විභාගයට ඉෙගනුම ලබන, අම්බලන්ෙගාඩ පදිංචි කරුවකුවන සජිත් මධුෂාන් තරුණයාය.

ඔහු, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට කරන ලද පැමිණිල්ෙල් ෙමෙස්ය.

''2013.10.24 වන දිනරාත‍්‍රියේ අම්බලන්ගොඩපටබැඳිමුල්ලපිහිටි ජොනා ප්ලේස්” නැමැති අවන්හලේසේවය කරන ගැමුණූ නැමැති අරක්කැමියාට දෙදෙනෙකු පහරදී තුවාල සිදු කර තිබේ.
මෙම සිද්ධියට මා සම්බන්ධ බවට සැකකර තිබේ....
සිද්ධියට පසු දිනඅම්බලන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් ත‍්‍රී රෝද රථයකින් දහවල් 1.00 ට පමණ පැමිණින පැටී” පුතා නේද කියා මවගෙන් අසා ඇත. මවමා සිටින්නේ කොළඹ බාප්පලාගේ ගෙදර බව ඔවුන්ට කියා තිබේ. එදින රාත‍්‍රියේදී ද  පොලිසියෙන් පැමිණ ඇත.

මා, 2013.10.23 දින සිට 2013.11.03 දක්වාම හිටියේ බොරලැස්ගමුවේ බාප්පලාගේ ගෙදරය. මටගෙදරින් පණිවුඩයක් ලැබුනා,ඉහත සිද්ධිය අදාලව මාව පොලිසියට අවශ්‍ය බව හා මාව පොලිසියට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටින බව.

එ් අනුව, 2013.09.03 දින මා ගෙදර පැමිණ, 2013.09.04 වන දින නීතිඥ මහතකු මගින් අම්බලන්ගොඩ පොලිසියට ඉදිරිපත් වුණෙමි. පොලිසියේදී මා ගෙන් ප‍්‍රකාශයක් ගෙන සවස 3.00 ට විතරබලපිටිය අධිකරණයට ඉදිරිපත් කලා.

එ් අවස්ථාවේසිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් සිටින බව පොලීසිය ප‍්‍රකාශ කිරිම නිසාමාව 2013.09.11 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. එදිනසවස 6.45 ට පමණබන්ධානාගරයේ බස් රථයෙන් තවත් අයෙකු සමග එකක්ර මාංචු දමා ගාල්ල බන්ධණාගාරයට ගෙන ගියා.

ගාල්ල බන්ධණාගාරයට ගෙන යන විට රාත‍්‍රී 7.30 ට පමණ වුනා...........

එ් අවස්ථාවේමා නිවස අසල පදිංචිගාල්ල බන්ධණාගාරයේ නියාමකවරයෙකු වන නුවන් මෙන්ඩිස් එතැන හිටගෙන හිටියා.ඔහු ඉදිරියට පැමිණමාගේ කමිස කොළරයෙන් කරකවා අල්ලා ඇද, ?ට උඹව හමගහනවා කියා කිව්වා. ඔහු ඇඳ සිටියේ සුදු පාට ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක්.

මාවබන්ධණාගාරයේ ඇතුලේ කාමරයකට ගෙන ගියා. එහිදී සියලූම දෙනාව පේලියකට තබාලියාපදිංචි කලා. එම නිලධාරියා ලියාපදිංචි කල පොතද රැුගෙන ඉන් පිට වුනා.ඊට පසුව අනෙක් අයවපරීක්ෂා කරබන්ධනාගාරයේ වාට්ටු වලට පිටත් කර හැරියා.

අන්තිමට මාව ඉතුරු වුනා. මාව කාමරයකට ගත්තා. .... මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා,මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා. හතර පාරක් විතර ගැහුව්වා....... එයින් පසුවමාව කාමරයෙන් එළීයට දැම්මා. එලියේ සිටිය නියාමකවරු තුන්දෙනෙක් මට ගැහුව්වා. එසේ ගහන කොටබන්ධණාගාරය තුලට යන ගේට්ටුවට අනෙක් පැත්තෙන් (බන්දණාගාර ගොඩනැගිලි පැත්තේ) සිටි නියාමකවරු ” ඕකාව විනාඩි පහකට මට දෙන්න” කියමින් මාව ඉල්ලා සිටියා.......
මා බන්ධණාගාර ඇතු`ඵ ගේට්ටුවෙන්බන්ධණාගාර ගොඩනැගිලි තිබෙන තැනට තල්ලූ කලා. එතැන බුදු පිළීමය තිබුනා. අවට ලයිට් නිව්වා. මට අතින් පයින් පහර දුන්නා. එතැනදී බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා.
ඉන්පසු නැගිට්ටවාවරෙන් උඹව වාට්ටුවට දාන්න කියා දිග පොල්ලක් අතේ තිබුන නියාමකවරයා මාව ඇදගෙන ඇතුලට ගෙන ගියා. කණූවල තිබුන ලයිට් නිව්වා. මගේ ඔලූවට දුගඳ හමන ගෝනියක් දමාමුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා........
පසුව පහරදීම නැවැත්වුවා. මූණ වසා තිබුන ගොනිය ඉවත් කලා. ලයිට් දාලා තිබුනා. පොල්ල අතේ තිබුන නියාමක පමණයි සිටියේ. අනෙක් අය පේන්න හිටියේ නැහැ.............
එතැන වොලිබොල් කෝට් එක ළඟට ගෙන ගියා. එතැන ලයිට් එකද නිව්වා. ඔහු මාව පිටුපස හරවාඅත් දෙක බිත්තියට තියන්න කියා. මගේ දණහිස් වලට පොල්ලෙන් පහර දුන්නා. මාව වැටෙනකන් ගැහුව්වා. මාව නැගිට්ටවා ඇදගෙන ගොස් වාට්ටුවක් ඇතුලට දැම්මා. වාට්ටුවට දැම්මේ කණට පාරවල් හතරක් ගසා.
වාට්ටුවේ විනාඩි පහක් පමණ ඉන්නකොටනියාමක වරයෙක් පැමිණමගේ කණට ගසමින් එළීයට ඇදගෙන ආවා. එලියට ගත්තු ගමන්යලිත් ඔහු අත තිබුන පොල්ලෙන් මගේ දණහිස් වලට ගැහුව්වා.

එතැනින් අරන් ගිහිල්ලා වෙනත් වාට්ටුවකට දැමමා. එය G” වාට්ටුව. එ් වාට්ටුව ඇතුලට දාන්න ඉස්සෙල්ලා පොලූ පාරවල් තුනක් දණහිස්වලට ගසා ඇතුලට තල්ලූ කලා. වාට්ටුවේ හිටපුබාර කොල්ලාට කතාකොට කිව්වාමූට ?ට නිදාගන්න දෙන්න එපා කියා කිව්වා. මාව තල්ලූ කලා වැසිකිලිය ලඟට. මා එ් අසල වාඩි වුනා. ඔලූව දණහිස් උඩ තියා ගත්තා. එවිට නැවත මට නියාමකවරු දෙන්නා කතාකොටබොට ඔහොම ඉන්න දෙන්න බෑ කිව්වා. කොන්ද කෙළින් තියාගෙන වාට්ටුවේ කෙළවරට ගොස් නැවත ගේට්ටුව ළඟට දණගාගෙන එන්න කිව්වා.

එසේ දණගාන කොටමා වැටෙනවා. වැටුන හැම වේලාවේම නැවත මුල ඉඳලාම දණගාන්න කිව්වා. එ් ආකාරයට මම හතර පස් වතාවක්ම ගියා. ඉන් පසුවනියාමකවරු  වාට්ටුව බාර කොල්ලාට කිව්වා මූව එළීවෙනකන් නාවන්න කියා. ඔහු මාව වතුර බැරල් එක ගාවට ගෙන ගිහින්කලිසමයිෂර්ට් එකයි ගලවා වාඩි කරවා මාව නෑව්වා. එසේ මාව හත් අට වතාවක් නෑව්වා. ඊට පස්සේ නියාමක මටවතුර බැරලයට බැහැලා ඉන්න කිව්වා. උදේ පාන්දර නියාමකවරයෙක් කිව්වා මට බැරලයෙන් බහින්න කියා.

මම එදින (05දා) වාට්ටුවට වී ඉන්නකොටදවල් 11.30 පමණනියාමක නුවන් මෙන්ඩස් පැමිණ මාව එළීයට ගත්තා. එ් වෙලාවේඅනෙක් සිරකරුවන් කෑමට ගිහිල්ලා. මාව ඔහු කාටවත් නොපෙනෙන තැනකට (කුස්සිය පැත්තට) ගෙනිච්චා. බොට දුන්නේ ටිකයිඅද ?ටත් තියෙනවා බොට පෝරියල්” එක කියා ඔහු අත තිබූ පොල්ලෙන් මගේ දණහිස්වලට තුන් හතර පාරක් ගැහුව්වා. මට ඔහු කිව්වා පලයන් වාට්ටුවට කියා. මම වැටි වැටී වාට්ටුවට ගියා.

වාට්ටුවේ ඉන්න කොටදවල් එකට විතරමගේ නම කියනවා ඇහුණා. මම නැගිට්ටා. විසිට් එකක් ඇවිල්ලා කිව්වා. මට කෙළීන් හිටගන්න බැරිව හිටියේ. එවිටඅච්චු විඳින සිරකරුවන් දෙන්නෙක් පැමිණ මාව වත්තම් කරගෙනඉස්සරහාට ගෙනවිත්විසිට් කූඩුවට දැම්මා. මගේ අම්මයිනංගියි මා බලන්න ඇවිත් හිටියා. මම ඔවුන්ට කිව්වානියාමක නුවන් මෙන්ඩිස් මට ගැහුව්වා. ඔහු කියවලා,  එළීවෙනකම් මට ගැස්සුවාඅදත්  ගහනවා කිව්වා කියා. මාව මැරෙයි කියා මා පැවසුවා.
මගේ මවඑ් අවස්ථාවේදීම අධීකාරී ළඟට ගොස්මට පලහරදීම ගැන පැමිණීලි කලා. ටික වේලාවකින්මාව අධීකාරීවරයා ළඟට ගෙන ගියා. ඔහු මගෙන් ඇහුව්වා ගැහුව්වාද කියා. ඔහුුට මම පාරවල් පෙන්නුවා. විස්තර කිව්වා. ඔහු සියලූ විස්තර අසා පහරදීමක් වෙලා තියෙනවා කියාතවත් නිලධාරී මහතෙකුට මගෙන් කටඋත්තරයක් ගන්න කිව්වා. එ් මහතා මගෙන් විස්තර අසා ලියා ගත්තා. එ් අවස්ථාවේ මට පහරදුන්න හා මට ගැස්සවූ නියාමක නුවන් මෙන්ඩිස් ද එතැන හිටියා.

කටඋත්තර ලියා ගත්තු නිලධාරී මගෙන් ඇහුව්වා - ගැහුව්වේ හිරකාරයෝදගාඞ් මහතුන්ද කියා. මම කිව්වා සිරකාරයෝ සපත්තු දාන්නේ නැහැනේ කියා. එවිට අසල සිටි නුවන් මෙන්ඩිස් ඉදිරියට පැමිණ මගේ බෙල්ලට අතින් ගසාආ පරයෝ තෝ දන්නවාද කාටද කතා කරන්නේ කියා අසාමූව ගෙනියන්න කියා මකවරයෙකුට මාව බාර දුන්නා. එ් වෙලාවේ මගෙන් ප‍්‍රකාශයක් ගතත්තු නිලධාරියා මට අත්සන් කරන්න කිව්වා. මම කිව්වා කියවන්න කියා. තියවන්න දුන්නේ නෑ. නුවන් මෙන්ඩිස් මට බැන අත්සන් කරන්න බලකලා. මම අත්සන් කලා. මාව ඊට පස්සේ වාට්ටුවට ගෙනහින් දැම්මා.

එදින (05 දා)රාත‍්‍රීයේ 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසාවිනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා. මම එ් අනුව පෙන්වා සිටියා.

පසුදින (06දා) උදේ කෑම වේලාවේ සිරකරුවෙක් (රිමාන්ඞ්) වාට්ටුව ළඟට ඇවිත් මාදම්පේ ඉඳලා ආපු කොල්ලා කෝ කියා ඇසුවා. මම එළියට ආවා. එ් වෙලාවේ උදේ කෑම ගන්න යන්න වාට්ටුව ඇරලා තිබුනේ. ඔහු - උඹ නුවන් මෙන්ඩිස් මහත්තයාගේ මස්සිනාට කරදර කළේ ඇයි කියා අසා"ඔහු මට කිව්වා නුවන් මෙන්ඩිස් මට කිව්වා උඹට කණේ පාරවල් හතක් ගහන්න කියලානමුත් මම .උඹට එහෙම කරන්නේ නැහැකෑම වේලවෙදි ගහපු විදිහට ඉන්න” කිව්වා.  

සිකුරාදා (08දා) උසාවි ගෙන එන්න වොලිබෝල් කෝඞ් එක ළඟ පෝලිම් කරලා ඉන්න කොට නුවන් මෙන්ඩිස් හා තවත් නියාමකයෙක් මගේ ළඟට ආවා. එම නියාමක මට ‘‘නුවන් මෙන්ඩිස් ව පෙන්වා’’  කිව්වා එළීයට ගිහිල්ලා කරදර කරන්න එපා,උඹ ආයෙත් ආවොත් පෝරියල් එක දෙන්නේ බාල්කවල එල්ලලා කියා.

මාව උසාවියට ගේන කොටමගේ සෙරප්පු දෙක පවා දුන්නේ නැහැ. උසාවයේදීමගේ මව නීතිඥ මහතෙකු මාර්ගයෙන් මට පහරදීම පිළිබඳව දිවුරුම් ප‍්‍රකාශ්‍යක් ඉදිරිපත් කරලා තිබුනා. එතැනදී දැනගත්තාමගේ මව 07දා මෝසමක් මගින් මට පහරදීම ගැන උසාවියට දැනුම් දීලා තියෙන බව. එ් නිසා 8දා මාව උසාවි ගෙන ආ බව.

නඩුව කථා කළ විටමහේස්ත‍්‍රාත්තුමා මාව ඉදිරියට ගෙන්නුවා. මගෙන් විමසුවා. පහරදුන්නාද කියා. මම ඔව් කිව්වා. තුවාල පෙන්නුවා. මහේස්ත‍්‍රාත්තුමාබන්ධනාගාරයට නියම කලා එ් වෙලාවේම බලපිටිය මූලික රෝහලේ අධීකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව ගෙන එන්න කියා.
බන්ධානගාර නිලධාරීන් මට මාංචු දමා පයින්මීටර් 100 පමණ ගෙන ගිහින්බන්ධණාගාර බස් එකට නැග්ගුවා. මට ගෙදරින් ගෙනත් දීපු සෙරප්පු දෙක දාන්න දුන්නේ නැහැ.
බලපිටිිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තුමා මාව පරීක්ෂා කරවාර්තාව බන්ධණාගාර නිලධාරීන්ට බාර දුන්නා. නැවත මාව අධිකරණයට ගෙන ආවා.

නැවත නඩුව කැඳවූ විටවෛද්‍ය වාර්තාව මහේස්ත‍්‍රාත්තුමාට ඉදිරිපත් කලා. මගෙන් මට පහරදුන්න නිලධාරියාව විමසුවා. මම අධීකරණයට ප‍්‍රකාශ කලා නියාමක නුවන් මෙන්ඩිස් සහ ඔහුගේ අවශ්‍යතාවයට තවත් නිලධාරීන් පහරදුන් බව. අධීකරණය බන්ධණාගාරයට නියම කලා මට පහරදීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට. මට ඇප ලබාදුන්නා.

දැනට මාගේ දකූණු කණ වෙදනා ගෙන දෙයි. ඇසිම දුර්වලයි. එමෙන්ම මට නින්දයන්නේ නැත. සිනෙන් භයවි ඇහරේ..............

මා 2013. 11. 11 දින මේ සම්බ්ධයේන් ගාල්ල පොලීසියේ පැමිණිලි කළෙමි.....  නමුත් මේ දක්වාම පියවරක් ගෙන නැති බව ප‍්‍රකාශ කරමි."

Sunday, November 17, 2013

පොලිසියට ගිය පුතාව නිරුවත් කරලා, එල්ලලා පිටට, තට්ටම් වලට, කකුල්ලට, යටි පතුල්වලට ගැහැව්වා. රුපියල් ලක්ෂ 2 1/2 කප්පමක් ඉල්ලුවා. දවස් පහක් තියා ගත්තා.


කරන්දෙණීය පොලිස් ස්ථානයේස්ථානාධිපති කීර්ති සුරංජිත් වැල්ලගේඋ.පො.ප. ප‍්‍රසන්න මෙන්ඩිස්පො.සැ.24643 ඩග්ලස් සිල්වාපො.කො.53241 සිල්වා  පොලිසියට ගිය පුතාව  නිරුවත් කරලා, එල්ලලා පිටට, තට්ටම් වලට, කකුල්ලට, යටි පතුල්වලට ගැහැව්වා.  රුපියල් ලක්ෂ 2 1/2 කප්පමක් ඉල්ලුවා. දවස් පහක් තියා ගත්තා. ගිනි අවි පනත යටතේ බොරු නඩු දාලා රිමාන්ඩ් කලා.

ඌරගහ.  74යි හැවරිදි ඉඩම්හිමි වැවිලිකරු වකු වන සැමියෙල් වීරවර්ධන, 27යි හැවරිදි තම පුතා වන ලසන්ත කමල් වීරවර්ධනවකරන්දෙණිය පොලිසියේ   ස්ථානාධිපති කීර්ති සුරංජිත් වැල්ලගේ  දුරකථනයෙන් කථා කොට පොලිසියට ගෙන්වා ඉහත ආකාරයට වධ දෙමින්, රුපියල් ලක්ෂ 2 1/2 කප්පමක් නිවැසියන්ගෙන් ඉල්ලමින් සිට නොදුන් නිසා, දවස් පහක් පුරා අත් අඩංගුවේ තියා ගෙන, ගිනි අවි පනත යටතේ බොරු නඩු දාලා රිමාන්ඩ් කිරිම පිළිබව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිල්ලකරමින්,  කරන්දෙණීය පොලිස් ස්ථානයේස්ථානාධිපති කීර්ති සුරංජිත් වැල්ලගේඋ.පො.ප. ප‍්‍රසන්න මෙන්ඩිස්පො.සැ.24643 ඩග්ලස් සිල්වාපො.කො.53241 සිල්වා  යන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා මේ පිලිබඳ පරීක්ෂණ පොලිස් මූලස්ථානය මගින් සිදුකල යුතු බවට ඉල්ලා සිටි.

මෙයට අමතරව තම පුතාට අයත් රු. 60,000ක් පමණ වටිනා “චේන් බොලොක්කයක්  ස්ථානාධිපති වැල්ලගේ ලබාගෙන ඇත. එය ආපසු ඉල්ලුවෝ “හොර බඩු ල තබා ගැනීමේ චොදනාව යටතේ ඔහු ගේ බැනාව අත්අඩංගුවට නඩු පවරන බවට තර්ජනය කරන බවද ඔහු කියා සිටි.

Saturday, November 16, 2013

පොලීසිය සමග එක්ව බරපතල තවාල ලැබූ රෝගියකු පරීක්ෂා නොකොට, බොරු වෛද්‍ය වාර්තාවක් ලබාදුන් මාතර මහා රෝහලේ වෛද්‍ය නානායක්කාර ව රැගැනීමට - එම රෝහලේ අධ්‍යක්ෂවරියද ඉදිරිපත් වෙයි.


මේකද වෛද්‍ය අචාර ධර්ම මේකද සදාචාරය මේකද දහම මේකද ශීලාචාර කම ?

2013.09.10 වන දින මහා දවල් මහ පාරේ දමාගෙන අජිත් මහතාට පහර දුන්නේවැලිගම පොලිසියේ ස්ථානාධිපති කාලිංගය.

මෙම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ අජිත් මහතාවස්ථානාධිපති කාලිංග හා අකුරැස්ස කොට්ඨාශය බාර සහකාර පොලිස් අධිකාරී රංජිත් සිල්වා - මාතර මහා රෝහලේ වෛද්‍ය නානායක්කාර වෙත සැලසුම් කර ගෙනගියේ - ප්‍රතිකාර ගැනීම වළක්වා, බොරු වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටය.

පොලිස් කාරයින්ගේ උවමනාවටමාතර මහා රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලයට අනුයුක්ත වෛද්‍ය නානායක්කාර,බරපතල තුවාල ලැබ සිටි අජිත් ව පරීක්ෂා නොකොට බොරු වෛද්‍ය සහතිකයක් නිකුත් කළේය.

එපමණක් නොවපොලිසිය විසින් මුදාහැරීමෙන් පසුවප‍්‍රතිකාර ගැනීමට පැමිණරෝහල් ගතවශෛල්‍ය කර්මයකට භාජනය කර සිටින විටදී - වෛද්‍ය නානායක්කාර පැමිණ ඔහුට තර්ජණය ක‍ළේය.

මේ සියලූ කාරණා පිළිබඳවඅජිත් මහතා සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කර සිටියේ යුක්තිය අපේක්ෂාවෙනි.
ඒම  පැමිණිලිවලට අදාලව - අජිත් මහතාව කැඳවූ මාතර මහා රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය දිල්කා ස්වර්ණසිංහ - වෛද්‍ය නානායක්කාර ගේ සම්පූර්ණ නම ලබාදීම ප‍්‍රතික්ෂේප කළේය.

තමාට ප‍්‍රතිකාර කල වෛද්‍යවරයාගේ නම දැනගැනීමට තිබෙන අයිතිය වෛද්‍ය අධ්‍යක්ෂවරිය වෛද්‍ය දිල්කා  ස්වර්ණසිංහ කෙලෙසා දැම්මේ දුෂිත වෛද්‍යවරයෙකු ආරක්ෂා කිරීමටය.

සිද්ධිය අදාලව - අජිත් මහතා වෛද්‍ය සේවා අධ්‍යක්ෂකට ලියන ලද ලිපිය පහත දක්වමු.

සම්පූර්ණ සිද්ධිය සඳහා පිවිසෙන්න  


ඔබගේ අංකය : MA/MS/J/04/2012 B

වෛද්‍ය ලාල් පනාපිටිය මහතාල අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා)
සෞඛ්‍ය අමාත්‍යංශය, සව්සිරිපාය,කොළඹ 10.

මහත්මයාණෙනි,

මාතර මහා රෝහලේ වෛද්‍ය නානායක්කාර මහතාගේ නීති විරෝධී ක‍්‍රියා හා
වෘත්තීය අචාර ධර්ම කෙළසීම

උක්ත කාරණ්‍ය අදාළව ඔබගේ MA/MS/J/04/2012 B දිනැති ලිපිය හා බැඳේ.

01. අධ්‍යක්ෂමහා රෝහලමාතර වෙත යොමු කරන ලද එම ලිපිය හා අදාළව අධ්‍යක්ෂ මහා රෝහලමාතර වෙතින්D$2013 හා 24.102013 දින දරන ලිපිය මා වෙත එවා තිබින. (පිටපත අමුණා ඇත.)

02. එකී ලිපියට අදාලව මා දුරකථනයෙන් කතාකොටදිනයක් ලබා ගතිමි. එම දිනය 2013.11.06 දිනප:ව:3.00 ට මාතර මහා රෝහලේ අධ්‍යක්ෂිකාව හමුවුනා.

03. එම හමුවීමේදීමාගෙන් සිද්ධිය අදාල විස්තර අසා, ප‍්‍රකාශයක් ලබා ගත යුතු බව දැනුම් දුන්නා.

ඒ අනුව, මාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා.

එහිදී සටහන් කරගනු ලැබූයේ 2013.09.09 සිට 2013.09.10 දින පොලිසියේ ගත කල කාලය හා අදාල සිදුවීම්ය.

2013.09.10 දින රාත‍්‍රියේ මාව පොලිසියෙන් මාතර මහා රෝහල වෙත ගෙන ඒමේ සිට ඉදිරියට, රෝහල සම්බන්ධ විස්තර කිසිවක් මාගෙන් ඇසුවේ නැත. මා ඒ පිළිබඳව ප‍්‍රකාශ කරන්නට උත්සාහ ගත්විටඑ, මා විසින් කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ එකී සිදුවීම් සටහන්ව තිබෙන හෙයින් - එම සටහන් කිරීම අවශ්‍ය නැති බව රෝහල් අධ්‍යක්ෂ තුමිය ප‍්‍රකාශ කලා.

ඒ බවට සටහනක් යොදා මගෙන් අත්සන් ලබා ගත්තා.

04එ. එයින් අනතුරුව මා, සිද්ධියට අදාල වෛද්‍ය නානායක්කාර මහතාගේ සම්පූර්ණ නම අධ්‍යක්ෂ තුමියගෙන් ඉල්ලා සිටියා. එවිට ඇය මගෙන් විමසා සිටියා, වෛද්‍ය නානායක්කාර, නම දැනගත්තේ කොහෙන්ද කියා.

මා ඇයට කිව්වා, පොලිසියෙන් කියා. ඇය මට ප‍්‍රකාශ කලා - වෛද්‍ය නානායක්කාර මහතාගේ නම ඇයට ලබාදිය නොහැකි බව.

මා, ඇයට ප‍්‍රකාශ කලා, වෛද්‍ය සභාව සම්පූර්ණ නම මගෙන් ඉල්ලා තිබෙන බව.

නමුත් -වෛද්‍ය නානායක්කාර මහතාගේ සමපූර්ණ නම් ලබාදීම ඇය තරයේම ප‍්‍රතික්ෂේප කලා.

ඉහත කරුණු සියල්ලම නිවැරදි හා සත්‍ය බව ප‍්‍රකාශ කරමි.

මහත්මයාණෙනි,

මා ඉල්ලා සිටින්නේවිශේෂයෙන් මා පරීක්ෂා කල වෛද්‍ය නානායක්කාර මයාගගේ, සම්පූර්ණ නම දැන ගැනීමට රෝගියකු වශයෙන් මට තිබෙන අයිතිය තහවුරු කරන ලෙසටයි.

කරුණාකර, වෛද්‍ය නානායක්කාර මයාගේ සම්පූර්ණ නම මාහට ලබාදීමට පියවර ගන්නා ලෙසට කාරුණිකව ඉල්ලමි.

ස්තූතියි,
මෙයට,
එච්.එම්.අජිත් .

2013.11.13