Monday, June 9, 2014

ස්ත්‍රී දූෂකයින්ට මෝඩිගේ අනුකම්පාව



ඉන්දියාව පුරා පැතිර යන ස්ත්‍රී දූෂණ, රංචු ගැසී කරනු ලබන ස්ත්‍රී දූෂණ හා දූෂණය කර මරා දැමීම් පිළිබදව - වත්මන් මෝඩිගේ ඉන්දීය ආණ්ඩුව අනුගමනය කරන්නට සූදානම් ලිහිල් ප්‍රතිපත්තියට එරට ජනතා විරෝධය එල්ලවෙමින් පවතී.

චටිස්ගුහාර් ප්‍රාන්ත ආණ්ඩුවේ මෝඩි පාක්ෂික ස්වදේශී කටයුතු ඇමති - රාම් සේවක් පයිකරා ප්‍රකාශ කරන්නේ - ස්ත්‍රී දූෂණ අහම්බෙන් සිදුවන දෙයක් බවයි.

පාලක භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන මොහු ප්‍රාන්ත ආණ්ඩුවේ නීතිය හා පිළිවෙල පිළිබදව ඇමතිවරයාද වේ.

මෙයට පෙර අවස්ථාවක, මෝඩිගේ පක්ෂයේ එනම්, භාරතීය ජනතා පක්ෂයේ, උත්තර ප්‍රදේශයේ මහ ඇමති - අකිදේෂ යාදෙව් ස්ත්‍රී දුෂකයින්ට මරණ දඩුවම පැමිණවීම ඇතුලු තද බල දඩුවම් පැමිණවීමේ නීති වලට එරෙහිවූයේ - කොල්ලන් වැරදි කරනවා තමයි පවසමින්ය.

මේ දක්වා - ඉන්දියාව පුරා පැතිර යන ස්ත්‍රී දූෂණ රැල්ලට විදේශකයින්ද ගොදුරු වී තිබේ.


එහෙත්, වත්මන් අගමැති මෝඩි මේ පිළිබදව තවමත් නිහඩව සිටීම ගැන, විශේෂයෙන් එරට කාන්තා සංවිධානවල විරෝධය හේතු වී තිබේ.

තෙලිකඩ පොලිසිය යලිත් ග්‍රීස් යකාට අඳියි.



තෙලිකඩ පොලිසිය ගංජා ලග තබා ගත් බවට බොරු නඩු දාන්නේ - පොලිසියට විරුද්ධව මා පවරා තිබෙන නඩුවට බලපෑම් කරන්න.

ගිනිමැල්ලගහ, 20 හැවිරිදි - සජිත් සුරංග පැමිණිලි කරමින් කියා සිටින්නේ - 2011 වසරේ ආණ්ඩුව රට පුරා ග්‍රීස් යක්කු නටවපු කාලයේ - තමාව අල්ලාගෙන ගොස් දස වධ දී, බොරු නඩු දමා, රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූ බවයි.

2011.08.23 දින, ඔහුට පවරන ලද බොරු නඩුවෙන්, නිදොස් කොට නිදහස් වුනේ 2013.06.20 දින. වසර දෙකක් ඔහු නඩු කිව්වා.

මෙම බොරු නඩු දැමීම හා වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඔහු තෙලිකඩ පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොණු කලා.
එම නඩුව විභාගයට ගෙන තිබේ.

මෙම පසුබිම යටතේ, සජිත් සුරංගට කෙනෙහිලිකම් කරන තෙලිකඩ පොලිසිය, පසුගියදා අත්අඩංගුවට ගෙන, ගංජා ලග තබාගත් බවට බොරු නඩුවක් දැම්මේ - මූ තමයි අපිට විරුද්ධව නඩු දාලා තියෙන්නේ - පුලුවන්නම් නඩු කියලා දිනපන් කියමින්ය.

මේ ආකාරයට - සජිත් සුරංගට පොලිසිය බලපෑම් කරන්නේ, ආණ්ඩුවේ උවමනාවට බව - ඔහුට දැන් වැටහී තිබේ.


Sunday, June 8, 2014

කාගේවත් නඩුවකට මාව ගෙයින් එලියට ඇද දැම්මා.




බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ, මහේස්ත්‍රාත් අධිකරණයේ වැරැද්ද වහගන්න නීතිඥයෝ ඇපෑල අයින් කර ගත්තා.

මේ බව ප්‍රකාශ කරන්නේ, වතුකම්කරුවෙකු වූ  නුවරඑළියේ විජේරත්න ලියනගේ මහතාය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් විශ්‍රාම ගිය වතු කම්කරුවන්ට, ඉන්න හිටින්නට තැනක් නොදී, ඔවුන් පදිංචිව සිටි නිවාස වලින් දොට්ට නොදැමිය යුතු බවට තීරණයක් පවතී.

එම තීරණයට පටහැනිව යමින්, අධිකරණ නියෝග ලබා ගෙන විශ්‍රාම ගිය වතු කම්කරුවන්, වත්මන් වතු පාලනය කර සමාගම් වල අවශ්‍යතාවයට, ඔවුන් පදිංචිව සිටි නිවාස වලින් එළියට දැමීමට  වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිසි බලධාරිණී ප්‍රිරදර්ශණී යාපා නැමැත්තිය ක්‍රියා කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

විජේරත්න ලියනගේ හා ඔහුගේ පවුල වත්තේ නිවසින් එලියට දැමීමට පළමුව නඩු පවරන්නේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේය.

රීති ප්‍රශ්නයක් මත නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මෙම නඩුව ඇසීමට බලයක් නැති බව තීරණය කරයි.

ඒ අනුව එම නඩුව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරයි. ඒ අවස්ථාවේ විජේරත්න ලියනගේ මහතාට අධිකරණය උපදෙස් දෙන්නේ, වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසි ලැබුණ විට එම අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසටය.

නමුත් විජේරත්න ලියනගේ මහතාට සිතාසි ලැබෙන්නේ නැත. නමුත් නඩුවක් අසා ඔහුව නිවසින් දොට්ට දැමීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කර ඇති බව ඔහුට ආරංචි වේ.

ඔහු වහා වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් විමසූ විට, කාරණය ඇත්ත බව වැටහිණ.

මේ අතර, විජේරත්න ලියනගේ නිවසේ නොසිටි අවස්ථාවක උසාවි නියෝගය රැගෙන පැමිණි පිස්කල්, වතු අධිකාරී හා ග්‍රාම නිලධාරී එක්ව විජේරත්න ලියනගේ මහතාගේ නිවස කඩා, අලුත් ඉබි යතුරු දමා දැන්වීමක් ගසා ගොස් තිබිණ.

නඩු වාර්තා රැගෙන, වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව වෙනස් කරන ලෙසට, ඉල්ලා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අභියායචනයක් ඉදිරිපත් කරන ලෙසට නීතිඥ උපදෙස් ලැබිණ. ඒ අනුව ඔහු කටයුතු කළේය.

නඩු වාර්තාවේ ඔහුට පවරා තිබුණ නඩුව වෙනුවට, වෙනත් අයෙකුගේ නඩු වාර්තාවක් අමුණා ඒ මත තීරණය ගෙන තමාව ගෙයින් දොට්ට දමා ඇති බව ඉතා පැහැදිළිය.

එහෙත් තමන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා කළේ නඩුව ඉල්ලා අස්කරගන්නා බව මහාධිකරණය ඉදිරියේ කියා සිටීමය.

මෙය ඉල්ලා අස්කර ගැනීමට එකම හේතුව විජේරත්න ලියනගේට එරෙහි නඩුව, ඔහුට සිතාසි නොයවා, විගාක කර ඔහුව නිවසින් දොට්ට දැමීමේ තීරණය හෙළිදරව් වීම වැලික්වීම සහ එම තීරණය ගැනීමට කූඨ ලෙස වෙනත් අයෙකුගේ නඩු වාර්තාවක්,  විජේරත්න ලියනගේ මහතාගේ නඩු වාරත්වට අමුණා එම තීරණය ගැනීම මගින් කළ අපරාධය වසන් කිරීමට බව ඔහු පැහැදිලිව කියා සිටී.

අප රටේ අධිකරණ පද්ධති තුළ විවිධාකාරයේ සිදුවන දූෂණ පිළිබඳව කතා කිරීම වලක්වා ඇත්තේ මේ දූෂණ වලින් අයුතු ප්‍රෙයා්ජන ලබන වාසි ලබන මේ රටේ උගත් යයි කියා සිටින පිරිස රැකීමටය.

අධිකරණය මගින් මෙවන් අපරාධ සිදුකරාවිය යන්න විජේරත්න ලියනගේ කිසි දිනක සිතුවේ නැත.
මෙය අහඹු සිද්ධියක් නොවන බවත් ප්‍රකාශ කරමු.




දුම්රිය මගියාට පහර දුන් මැරයින් අත්අඩංගුවට ගන්නේ නෑ.......



රාජපක්ෂ ආණ්ඩුවේ ගුන්ඩන් පිරිසක් මැයි 20 වන දින, වරකාපොලදී මහව - කොටුව කාර්යාල දුම්රියේ රියදුරාට පහර දෙන ලදි.

එයට හිලව්වට, දුම්රිය රියදුරන්, ආරක්ෂකයින් හා මරදාන පොලීසිය එක්ව, එම දුම්රියෙන් පැමිණි කාර්යාල සේවකයින්ට පහර දෙන ලදි.

මේ පහර දීම් දෙකම රාජපක්ෂ ආණ්ඩුවේ ගුන්ඩන් විසින් කරන ලද්දකි.

අද දක්වාම, වරකාපොල දුම්රිය රියදුරාට පහර දුන් පිරිසේ එකෙකුවත් අල්ලාගෙන නැත. අඩුම වශයෙන් ඒ ගැන පරීක්ෂණ ද නැත.

එම සිද්ධිය හිලව් කරවන්නට රාජපක්ෂ ආණ්ඩුව සිය ගුන්ඩන් ලවා මගීන්ට ගැස්සවීය.

අධිකරණ නියෝගයක් දී තිබිය දී එම නියෝග ගණන් නොගන්නා පොලීසිය, මරදානේදී මගීන්ට පහර දුන් දුම්රිය මැරයින් අත්අඩංගුවට ගන්නේ නැත.

ඒ වෙනුවට බරපතල ලෙස පහර කෑමට ලක් වූ මගීන් දෙදෙනෙකුට විරුද්ධව නඩු පවරයි.

මෙය පොලීසිය සිදුකරන සාමාන්‍ය ක්‍රියාවකි.

මෙම මගීන් දෙදෙනා තවමත් රෝගාතුරව සිටින අතර, පොලීසිය මැරයින් ආරක්ෂා කරමින් සිටී.















උසාවි රෙජිස්ට්‍රා කූඨ ලේඛන සකස් කරලා.



පොලීසියේ හා නීතිඥවරුන්ගේ අවශ්‍යතාවයට මාරවිල මහේස්ත්‍රාත් උසාවියේ රෙජසිට්‍රාර් වරයා නඩු වාර්ථා කූඨ ලෙස සකස් කර තිබෙන බවට චෝදනා කරමින් මාරවිල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම පැමිණිල්ල කර තිබෙන්නේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින අංක 75241/සී දරන නඩුවේ පැමිණිලිකරුය. හේ නමින් ඇන්ටනී ජාන්ස්  ය.

ඔහු ප්‍රකාශ කරන්නේ, මාරවිල පොලීසිය 2012.12.24 වන දින, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද බී 1461/12 දරන නඩුවේ වාර්තාව තමා, 2013.07.17 වන දින, නිසි පරිදි ලබා ගත් බවයි.

එම වාර්තාව පරීක්ෂා කිරීමේදී, දැනට පවත්වාගෙන යන 75241/සී දරන නඩුවට ගොනු වී තිබෙන නඩු වාර්තාවේ සත්‍ය පිටපත් බවට සටහනක් යොදා තිබෙන බව ට හෙළිවු බවයි.

මෙය වංචනිකව කරන ලද්දක් බව ඔහු අවධාරණය කරයි.

මාරවිල  මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු වන ඉන්ද්‍රරසිරි සේනාරත්නට එරෙහිව, ඇන්ටනී ජාන්ස් මහතාගේ පැමිණිල්ල මුල් කරගෙන බී 1461/12 දරන නඩුව පවරණ ලදි.

මෙම නඩුවේදී සැකකරුවූ නීතිඥ ඉන්ද්‍රරසිරි සේනාරත්න, අධිකරණය නියම කළ ඇප කොන්දේසි සම්පූර්ණ නොකර, අයුතු ලෙස මග හැරියේය.

එම තත්ත්වය තුළ මාරවිල පොලීසිය මගින් එකී නඩුව ඉල්ලා අස්කරවා ඒ වෙනුවට 75241/සී නඩුව ආදේශ කළේය.

මේ පිලිබඳව ඇන්ටනී ජාන්ස් මහතා තමාම, තමා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින්, කරුණු දක්වමින් ඉහත කරුණු හෙළි කර තිබේ.

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජසිට්‍රාර් වරයා, එකි තත්ත්වය තුළ මේ ආකාරයට අධිකරණය නොමග යැවීමට නඩු වාර්තාව කූට ලෙස වෙනස් කර තිබෙන බව ඇන්ටනී ජාන්ස් මහතා චෝදනා කර සිටී.


Saturday, June 7, 2014

අධිකරණ ලේඛනාගාරයේ ලිපකාරිණිය නඩු වාර්තාව ඉරා දැම්මේ පොලිස් කාරයින් සනසන්නටද?




අංගොඩ පොලීසියේ පොලිස්කාරයින් විසින් පවරන ලද බොරු නඩුවකට වරද පිළි නොගැනීම ගැන උරන වූ කොළඹ අංක 04 මහේස්ත්‍රාත් උසාවියේ, ලේඛනාගාරයේ ලිපිකාරිනියක්, එම නඩු වාර්තාව ඉරා දමා, සැකකරුව පීඩාවට පත් කිරීම පිළිබ ආශ්චර්යමත් පුවතකි මේ.

මේ පිළිබ සැකකරු වන 18 හැවිරිදි පාසල් සිසුවෙකු ගේ පියා අධිකරණ සේවා කොමිෂන් සභාවට කර තිබෙන පැමිණිල්ලට අනුව තම පුතාව නීති විරෝධි ව අත්අඩංගුවට ගෙන පාරේ බියර් බිව්වා කියා චෝදනාවක් දමා කොළඹ අංක 04 මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළේය.

එම චෝදනාවම නගා ඉදිරිපත් කළ ඔහුගේ මිතුරා දුප්පත්කම් නිසා අමූලික  බොරු චෝදනාවට වරදකර බව පිළිගෙන රුපියල් 5000/= ක දඩය ගෙවීය.

එහෙත් මොහු වරද පිළි ගත්තේ නැත. නිවැරදිකරු බව කියා ඇප මත නිදහස්ව, නඩු විභාගයට මුහුණ දීමට අදිටන් කර ගත්තේය.

නඩු කියන්න නඩු වාර්තාව ලබා ගත යුතුයි. ඒ අනුව නඩු වාර්තාවේ සහතික පිටපතක් ඉල්ලා ඇයදුමක් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් උසාවියේ රෙජිස්ට්රාරවරිය වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාල මුදල් ගෙවා, නියම කරන ලද දිනයේ රෙජිස්ට්රාර් කාර්යාලයට ගියේ නඩු වාර්තාව ලබා ගැනීමටය.

නඩු වාර්තාව ඉල්ලූ විට, රෙජිස්ට්රාරවරිය එම ඉල්ලීම ලිපිකාරිණියකට බාර දෙයි. ඒ සහා අය කරන මුදලින් ගානක් එකී ලිපකාරිනියට හිමි වේ.

නියමිත දිනයේ අදාල ලිපිකාරිණිය නැති නිසා වෙනත් දිනයක එන ලෙසට රෙජිස්ට්රාර් කාර්යාලයේ සේවිකාවක් ඔහුට දැන්වීය.

මේ ආකාරයට දින 03 ක්ම ඔහු කාර්යාලයට ගියද, එකම දිනකවත් ඇය නැති බව පවසමින් වෙනත් දිනක එන ලෙස දැනුම් දුන්නා.

පසුදින පුතා වෙනුවට පියා යන ලදි. පියා ඇයි මෙහෙම කරන්නේ කියා ප්‍රශ්න කළේය. පියාගෙන් ගැලවීමක් නැති බව දැනගත් රෙජිස්ට්රාරවරිය නඩු වාර්තාව ලබා දීමේ වගකිම බාර ලිපිකාරිණිය කවුදැයි පොත පෙරලා බැලීය.

ඇය නමින් ශෂිකලා විය.

වැඩේ දුරදිග යන බව තේරුම්ගත් එක් කාරුණික ලිපිකාරිණියක් මැදිහත්ව වාර්තාව සෙවීය.

ඉරා විසිකර තිබෙන වාර්තාව හමු විය.

වහාම සෙලෝ ටේප් ගසා වාර්තාව යාවත්කාලීන කොට, එහි පිටපත් කර බාර දීමට පියවර ගත්තේය.

මේ අපේ අධිකරණය. මේ අහඹු සිදුවීමක්  ‍ෙනවේ. අධිකරණවෙල නඩු වාර්තා ගැනීමට අදාල පාර්ශවය ගිය විට මුහුණ දෙන සාමාන්‍ය දෙයකි.

නමුත් ඒ ගැන කතා කරන්නේද අයිතිය සහා ඉදිරිපත්  වන්නේ ද ඉතා ටික දෙනෙකි.

අංක 2499/04 දරණ එම නඩුවේ සැකකාර සුදේශ් රුවන්ත ගේ පියා වන ඩබ්.ඒ. සුනිල්  මහතා, අදාල බලධාරින්ට මේ පිළිබ පැමිණිල්ල කර තිබේ.






මානව හිමිකම් කොමිෂමේ පොලිස් ගැත්තෙක්


පොලිස් නීති විරෝධී ක්‍රියාවන් පිළිබ පැමිණිලි කිරීමට එන වින්දිතයින් අධෛර්යට පත් කරන මානව හිමිකම් කොමිෂමේ පොලිස් ගැත්තෙකු පිළිබ කතාවයි මේ.
මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින තරුණ ශිෂ්‍යෙයකු අත්අඩංගුවට ගෙන බොරු නඩු පැවරීම පිළිබ පැමිණිල්ලක් කිරීමට, මානව හිමිකම්  කොමිෂමට ගිය අංගොඩ සුනිල් මහතාට සිදුවූයේ විමර්ශන නිලධාරියෙකුගේ පයිතියන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නටය.
සුනිල් මහතා පවසන අන්දමට 2014.02.17 වන දින, මානව හිමිකම්  කොමිෂමට ගිය විට ඔහු පිළිගැනීමේ කවුන්ටරය අසල කාමරයකට යොමු කරන ලදි. එහි සිටි මහතා, දුටුවොත් අුනා ගන්නට හැකි, සිද්ධිය හා අදාල පසුබිමද විස්තර වශයෙන් අසා සිටියේය.
ඒ අනුව, සිද්ධිය හා සිද්ධිය ට අදාල පසුබිමද සුනිල් මහතා විමර්ශන නිලධාරියාට ප්‍රකාශ කර සිටියේය.
විමර්ශන නිලධාරියා, සුනිල් මහතාගෙන් ප්‍රශ්න 02 ක් අසා සිටින ලදි.
1       වන ප්‍රශ්නය  - ඇයි පරණ ත්‍රීවිල් එකක් ගත්තෙ අලුත් එකක් ගන්න තිබුණනෙ.
2       වන ප්‍රශ්නය - ඔය වැඩේට ඇයි පුතාව යැව්වේ, වෙනත් අයෙකු යවන්න තිබුණනෙ.
එම ප්‍රශ්න 02 ට සුනිල් මහතා දුන්න පිළිතුරු මෙසේය.
1.     මහත්තයා, අලුත් ත්‍රීවිල් එකක් ගන්න ඉතුරු සල්ලි ටික දෙනවාද?
2.     පුතා යැව්වෙ යවන්න වෙන කවුරුත් හිටියේ නැති හින්දා, ඒ වැඩේට මහත්තයා එනවාද?
රු ජුවල් ගිය විමර්ශන නිලධාරියා වහා පෝරමය දී එය පුරවා දෙන්න යැයි සුනිල් මහතාට කියා සිටියේය.
සුනිල් මහතා තමාට හැකි අයුරින් පෝරමය පුරවා දෙන ලදි. එය බාර ගත් විමර්ශන නිලධාරියා අංකයක්ද ලබා දෙන ලදි.
මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇතත් තවමත් විමර්ශනය ආරම්භ කර නැති බව පෙන්වා දෙන සුනිල් මහතා නොපමාව තම පැමිණිල්ල පිළිබ විමර්ශන ආරම්භ කරන ලෙසට මානව හිමිකම් කොමිෂන් සභාෙෙන් ඉල්ලා සිටී.



Friday, June 6, 2014

බොරු නඩු දාන්න දොස්තරවත් හවුල් කරගෙන


බොරු නඩු දැමීමට හා අපරාධය වසන් කිරීමට පොලීසිය සමග වෛද්‍යවරුත් ඉදිරිපත් වෙලා.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, රජයේ වෛද්‍යවරයෙකු හමුවට පත් කිරීම නීතිමය අවශ්‍යතාවයක්.
මෙම නීතිමය අවශ්‍යතාවය, පොලීසිය හා සමහර වෛද්‍යවරු එකතු වී අපරාධ වසන් කිරීමට හා බොරු නඩු දැමීමට උපයෝගී කරගනු ලබනවා.
හික්කඩුව පොලීසියේ, නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව නොසැලී ක්‍රියා කරන හැරිසන් මහතා ට විරුද්ධව හික්කඩුව පොලීසිය 2008.04.02 වන දින, බීමත්ව, අශෝභන ලෙසට හැසිරීම යන චෝදනාව යටතේ බොරු නඩුවක් පවරනවා.
සම්ප්‍රදායට අනුව මේ වගේ චෝදනාවක් අභියෝග කරන්නේ නෑ. නීතඥයෙකු මගින් ඉදිරිපත් වෙලා වරද පිළි ගන්නවා. නීතඥවරයාට ගාස්තුවත් ගෙවලා දඩයකුත් ගෙවලා හැමෝගෙම අම්මලාට බැන බැන ගෙදර යනවා.
මේ නඩු වලින් ආණ්ඩුව දිනනවා. නඩුකාරයාත් දිනනවා. පොලිස්කාරයොත් දිනනවා.
හෙණ ඉල්ලුවාට වදින්නේ නැති වුණත් කරන්න පුළුවන් එකම දෙය එය කියලා හිත සනසා ගන්නවා.
නමුත් හැරිසන් මහතා, එසේ කරන්නේ නෑ. ඔහු නිවැරදිකරු බව කියනවා. පොලීසිය සාක්ෂි සඳහා පොලිස්කාරයෝ දෙන්නෙක්ව හා හැරිසන් මයාව පරීක්ෂා කළ, හික්කඩුව රජයේ රෝහලේ ප්‍රදාන වෛද්‍ය නිලධාරී කේ.කේ.එස්.පී.සී. කොඩිතුවක්කු ව ඉදිරිපත් කරනවා.
මේ නඩුව අහන්න පටන් ගන්නවා. ඉවර වෙන්නේ 2014.04.28 වන දින. එනම් වසර 06 කට පසුව. නඩුවෙන් හැරිසන් ව නිදොස් කොට නිදහස් කරනවා.

තවදුරටත් නිහඬව සිටිනවාද? සමහර වධහිංසාව ගැන කතාකරන රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් මිලියන ගනන් අරගෙන කරන්නේ, ඉංග්‍රීසියෙන් කතා කරමින්, ඉංග්‍රීසියෙන් ප්‍රකාශ ගසමින් සංචාර කරමින් මුදල් ගරා ගැනීම බව වගකීමෙන් ප්‍රකාශ කරනවා.

කෙසෙල් වත්තේ හිටපු ඕ.අයි.සී. ගේ කකුල් දෙකම කපලාලු.


අරක්කු නඩුවට නීතිපති මැදිහත් වෙයි. පොලීසිය නඩුව ඉවත් කර ගනී. පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම තම දුෂිත පිළිවෙත් හා බෙලහීනත්වය ලොවටම ප්‍රදර්ශණය කළා.

ශාන්ත ප්‍රසාද් ප්‍රනාන්දු මැදපෙරදිග සිට පැමිණ, තම බිරිඳ හා එක්ව නිවස ඉදිරිපිට සිල්ලර කඩයක් දමාගෙන අහල පහල අයට කෑම පාර්සල් හදලා විකුණලා දිවි ගෙවන්නෙක්.

සුපුරුදු පරිදි 2008.11.26 වන දින ඔහු දවසේ වැඩ නිම කර, පසුදින කෑම හදන්නට හා සිල්ලර කඩයට අවශ්‍ය අඩුපාඩු අරගෙන ගෙදර එන ගමන් පානදුර උතුර පොලීසිය ඉදිරිපිට රට බීම සාප්පුවට ‍ගොඩ වී ගල් අරක්කු බෝතලයක් මිළයට ගතතේය. ඒ මීට පෙර දින හතරකට පෙර ගෙනා බෝතලය හිස් බව සිහිපත් වීම නිසාය.

අදටත් බුද්ධාගම් කාරයෙකු වන ඔහු, පන්සිල් පද පහෙන් එකක් කඩන්නේ දැනුවත්වය. ඇ‍‍ෙඟ පතේ රුදාවට තිබෙන ප්‍රත්යක්ෂම ඔෟෂධය බවට ඔහු ප්‍රාෙයා්ගිකව හඳුනාගෙන තිබෙන නිසාය.
අල්ලපු ගෙදර උදවිය කසිප්පු විකුණන අතර නිතර දෙවේලේ පොලීසියේ මහත්වරු ආවා ගියෝය. අසල්වැසියාට ප්‍රේම කරමින් ශාන්ත ප්‍රසාද් තමාගේ වැඩේ බලාගෙන කරබාගෙන හිටියේය.

පසුගිය යුද්ධ  සමයේ රට දැය සමය බේරා ගන්නට රට පුරාම සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවන කාලය එළඹියේය. ශාන්ත ප්‍රසාද් මැතිවරණයේදී පෙරමුණ දිනවන්න ගමේ පෙරමුණ ගත් කිහිප දෙනාගෙන් කෙනෙකු විය. ඔහුද සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙක් විය.
ගමේ කසිප්පු පෙරන, විකුණන අය ගැන, ගංජා, කුඩු බොන අය ගැන පොලීසියට ඔත්තු  දීමේ කොන්ත්‍රාත්තුව ඔවුන්ට පැවරින.

අල්ලපු ගෙදර කසිප්පු තිප්පොල ගැන පෙත්සම් එන්නට විය. පොලීසිය හා  අල්ලපු ගෙදර අය කතිකා කර ගන්නේ මේ පෙත්සම් ගහන්නේ, ශාන්ත ප්‍රසාද් සිවිල් ආරක්ෂකයා බවට.
ඔහුට පාඩමක් උගන්වන්නට පොලීසිය යුහුසුළු විය.

2008.11.26 වන දින, ශාන්ත ප්‍රසාද් පොලීසිය ඉදිරිපිට, ප්‍රකට දේශපාලඥයෙකුගේ බවට හැමෝම කියන වයින් සටෝර්ස් එකෙන් අරක්කු බෝතලයක් ගත් බව නොදන්නා කෙනෙකු නොවීය.

රාත්‍රියේ පන්දම් පත්තු කරගෙන පිටුපස දොරෙන් ඇතුළු වූ පොලිස් කාරයෝ, කඩපුවත් නැති අරක්කු බෝතලය, සාලයේ කැබිනට්ටුවෙන් අරගෙන, ශාන්ත ප්‍රසාද් ව කුදලාගෙන පොලීසියට ගෙන ආවේය.
පොලිස් කූඩුවට දැමූ ශාන්ත ප්‍රසාද් ට පෙනි පෙනී අරක්කු බෝතලය කඩාගෙන ඉන් බාගයකටත් වඩා බිව්ව පොලිස් කාරයෝ, ඉතිරි අරක්කු, වීදුරුවකුත් සමග පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයේදී බොහෝ දෙනා අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ ඔහු චෝදනා වලට නිවැරදිකරු බව ප්‍රකාශ කළේය.

මහේස්ත්‍රාත්වරයා කළේ ශාන්ත ප්‍රසාද් ව රිමාන්ඩ්බාරයට පත් කිරීමය.
පොලීසිය කියන දේ අසා ශාන්ත ප්‍රසාද් ව රිමාන්ඩ් කරන්නේ ඇයි?

පොලිස්කාරයින්ගේ කාලකණ්නි තෘප්තිය සඳහාය. මහේස්ත්‍රාත්වරයාගේ කාරණය එය නොවන බව පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

රිමාන්ඩ්බාරයට පත්වන ශාන්ත ප්‍රසාද්ගේ බිරිඳ කරන්නේ දෙවියන්ගේ පිහිට පැතීමය.

ඈ බෙල්ලන්විල පන්සලට ගොස් ශාන්ත ප්‍රසාද් නිදහස් කරවන්නයි දෙවියන්ට කන්නලව් කරන්නේ, අල්ලාගෙන කූඩුවල දමගෙන සිටි කුරුල්ලන් නිදහස් කිරීමෙන්ය.

ශාන්ත ප්‍රසාද් දවස් 14 ක්, රිමාන්ඩ් හි සුර සැප විඳ උසාවියට එන්නේ තවත්, දැඩි කරගත් සිතින්ය. ඔහු වරද පිළිගන්න සූදානම් වන්නේ නැත.

අරක්කු ඩ්‍රෑම්ස් එකක් විකුණුවායි පොලිස් කාරයින් කියන පදයට, නඩුකරයා ශාන්ත ප්‍රසාද්ගේ මුදාහරින්නට නියම කරන ඇප මෙසේය.

රුපියල් 75,000/= ක මුදල් ඇපයක්,
රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප 02 ක්,
පදිංචිය, ආදායම් හා පොලිස් වාර්තා සමග, විවෘත අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

මේ අහස පොළොව නොඋසුලන ඇප කොන්දේසි සපුරා ගන්නට ශාන්ත ප්‍රසාද්ට තවත් දවස් කිහිපයක් රිමාන්ඩ් හිර ගෙදර ලගින්නට සිදු වේ.

එලියට එන ශාන්ත ප්‍රසාද් නිකම් ඉන්නේ නැත. ඔහු පොලීසිය, අධිකරණය, කරන ලද අයුක්තිය අසාධාරණය ගැන - සිංහලෙන් අගවිනිසුරුවරයාට, නීතිපතිට ලියන්නේය.

උසාවියේදී ඔහුගේ නඩුව අහන්නේ නැත. හැමදාම කරන්නේ කල් දාන එක. දෙවන වාරයේ සිටම තමාගේ නඩුවට තමාම පෙනී සිටීමේ අයිතිය, ප්‍රාෙයාගිකව ඔප්පු කරමින් ඉදිරියට ගියේය.

දින, මාස, අවුරුදු පසුවිය.

නඩුව අස්නනේ නැත. ඇප මුදල වශයෙන් බිරිඳගේ මාල වළලු මහජන බැංකුවට උකස් කර ලබා ගත් රුපියල් 75,000/= ක මුදල උසාවියේ තැන්පත් කරලාය.
2014.11.08 වන දින, ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ ඇප මුදල නිදහස් කරන ලෙසටය.

මේ අතර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පුද්ගලයෙක් ඔහුට ඔවදන් දෙන්නට ඉදිරිපත් විය.

ඔහු එය අසා සිට ඔවදන ගැන අධිකරණ සේවා කොමිෂමට ලිව්වේ, මහජනතාවගෙන් පඩි ලබන, රෙජිස්ට්‍රා ලා ගේ හැටි මෙහෙමයි කියන්නටය.

2014.05.15 දින, ඔහුට පානදුර උතුර පොලීසියෙන් ගෙදරට ඇවිත් තුණ්ඩු කෑල්ලක් දීලා කියනවා පසුවදාට උසාවියට ඉදිරිපත් වන්න කියා, දැනුම් දීලා තියන බවට.
ඔහු 2014.05.16 දින උසාවියට යනවා. නඩුව කැඳවනවා. වත්මන් මහේස්ත්‍රාත්වරයා දැනුම් දෙනවා, නීතිපති උපදෙස් අනුව, පොලීසිය ඔහුට විරුද්ධව දාලා තියෙන නඩුව ඉල්ලා අස් කර ගත් බව.
ඇප මුදල ලබා ගන්නා ලෙසද දැනුම් දෙනවා.

පොලීසිය බොරු නඩු දාන්නේ සුදු රෙදි ඇඳගෙන, පිරිත් නූල් පේන නොපෙනෙන තැන්වල ගැටගසාගෙන මහ එවුන්ගෙ ඕනෑකමට. ඒ බව තේරුම් ගන්නේ බොරු නඩු වැටුණාම. ශාන්ත ප්‍රසාද්ට තමන් වලේ වැටුණේ තමන් විශ්වාස කරපු, තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වූවන්ගේ චින්තනය නිසා බව තේරුම් ගන්න විට නීතිය වල් වැදී හමාරය.

දන්නවාද, මට බොරු නඩුව දාපු කෙසෙල්වත්ත (පානදුර උතුර) පොලීසියේ හිටපු ඕ.අයි.සී. ගේ කකුල් දෙකම කපලා, යයි ශාන්ත ප්‍රසාද් කියන්නේ කාලකණ්නි ප්‍රීතියෙනි.

අසරණයින්ට බොරු නඩු දමා කාලකණ්නි තෘප්තිය ලබන පොලිස්කාරයින් මෙන්ම, පොලිස්කාරයින්ගේ කකුල් කපා දමන විට තෘප්තිමත් වන අතර එවුන් ගේ පදයට තීන්දු ලියන වුන්ගේ අත් කැපෙන්න යයි ඉල්ලා පොල් ගසනවා ඇර වෙන මොනවා කරන්නද යයි අසන්නේ කළ යුතු කළ හැකි දේ බොහෝ තිබියදීය.

මෙම අකටයුත්ත නීති විරෝධි ක්‍රියාව පිළිබඳව ශාන්ත ප්‍රනාන්දු එදා පොලිස් කොමිසමට හා මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර සිටියේය. මේ ආයතන දෙක තම දුෂිත පිළිවෙත් හා බෙලහීනත්වය ලොවටම ප්‍රදර්ශණය කළේය.