Tuesday, July 22, 2014

අවිවාහක මව්වරුන් ඉපදී ගිය දරුවන් 800ක් හදුනාගන්න බැරිවෙන්න වළලා දමා.

අයර්ලන්ත කතෝලික සභාව, අවිවාහක මව්වරුන් සදහා පවත්වාගෙන ගිය, ළදරු නිවාසවල අපයෝජනය හා එහි මිය ගිය දරුවන් පිළිබඳ පරීක්ෂණ වලට රාජ්‍ය සහයෝගය නොලැබෙන බව ප්‍රකාශ වේ.

අයර්ලන්තයේ කතෝලික සභොවේ කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන ගිය, අවිවාහක මව්වරුන් සදහා වන නිවාස වලදී, දරුවා උපන් පසුව, දරුවා ඔවුන් හදාවඩා ගන්නා බවට පවසා, මවගෙන් වෙන්කර ඇත.

එයින් පසුව, එම දරුවන් හා මව්වරුන් අතර සම්බන්ධය සම්පූර්ණයෙන් නතර කර දැමීමට ක්‍රියා කළ මෙම කන්‍යා සොයුරියන් දරුවන්ව අපයෝජගනයට ලක් කර ඇත.

සමහර දරුවන්, වෛද්‍ය පරීක්ෂණ වලට පවා යොදවා තිබෙන බවට කරුණු හෙළි දරව් වෙමින් පවතී.

මන්දපෝෂණය හා ලෙඩ රෝග නිසා මිය යන දරුවන් වළලා දමා ඇත්තේ සළකුණු නොකරන ලද මිනීවල්වලය.

අයර්ලන්ත කතෝලික සභාවට එරෙහිව මෙවන් චෝදනා රැසක් මේ වන විට එල්ල වී ඇත. ඒ ගැන පරීක්ෂණ පවත්වන, විස්තර සොයන පර්යේෂකයින්ට, අදාල තොරතුරු දීමට - රජය බාධා පමුණූවන බවද කියවේ.

පර්යේෂකයින් පවසන්නේ, එරට තවමත් ප්‍රබල තත්වයක සිටින කතෝලික සභාවෙන් යැපෙන දේශපාලකයන් මගින් මෙම බාධා පමුණුවන බවයි.


ශ්‍රී ලංකාවේද, කතෝලික සභාව විසින් පවත්වාගෙන යන අවිවාහක මව්වරුන් සදහා වන නිවෙස්වල මෙවන් තත්වයක් පවතින බව, කඵතර, ග්‍රේස් කුමරි අනාථ නිවාසයේ නේවාසිකයින්ව, එම නිවසින් පන්නා දැමීමට පොලිසිය සමග එක්ව ගත් ක්‍රියාමාර්ගයෙන් පසුව හෙළි දරව් විය. මෙම නිවසේද පැවත ඇත්තේ මෙවන් තත්වයකි. 











https://www.youtube.com/watch?v=lGMvBmHiwns

Kool සිගරට් බීලා, මිය ගිය අයගේ බිරිදට ඩොලර් බිලියන 23ක වන්දියක්.


වසර විස්සක් සිගරට් බීපු මයිකල් ජොන්සන් - වයස 36 දී මිය ගියා. ඒ පෙනහඵ පිළිකාවකින්ය. දවසකට සිගරට් 60ක් පානය කිරීමට තරම් මොහු සිගරට් වලට ඇබ්බැහි වී තිබින.

ඔහු පානය කළේ ලොව දෙවන විශාලතම සිගරට් සමාගම වන, ලෝ ප්‍රකට කැමල් - සිගරට් අළෙවි කරන, ඇමෙරිකාවේ රොනෝල්ඩ් සමාගම නිපදවන කූල් නම් වූ - මෙන්තෝල් අඩංගු සිගරට්ය. ඔහු මිය ගියේ 1996 දී. 2008 වසරේදී ඔහුගේ බිරිද සින්තියා රොබින්සන් - රෙනෝල්ඩ් සමාගමට එරෙහිව නඩු පැවරුවා.

නඩුව පැවරුමේ සමාගම තම සැමියා පානල කල Kool සිගරට් වල අන්තර්ගත නිකටින් ඇතුලු පිළිකා ඇතිකරන කාරක පිළිබදව නිසි දැනුම්දීමක් හා දැනුවත් කිරීමක් කර නොමැතිවීම මතය. ඒ නිසා තම සැමියා ගේ මරණයට රෙනෝල්ඩ් සමාගම වගකිවයුතු බව කියා සිටියා. ඒ වෙනුවෙන් වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

මොහු සිගරට් පානය ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 16 දීය. ඇමෙරිකානු නීතිය අනුව, මෙවන් නඩුවකදී ඔප්පු කළ යුත්තේ ඇබ්බැහිවීම හා රෝගයට හේතුව සිගරට් පානය බව ඔප්පු කිරීම පමණකි.

ඇමෙරිකාවේ, ප්ලොරීඩා නුවර අධිකරණය ජූරි සභාවක් ඉදිරියේ මෙම නඩුව විභාග කරන ලදි.
අධිකරණය, බිරිදට හා දරුවන්ට ඩොලර් බිලියන 23ක වන්දියක් ගෙවන ලෙසට රෙනෝල්ඩ් සමාගමට නියම කළේය.

පසුගියදා මෙම අති විශාල වන්දි මුදල ගෙවීමට ජූරිය නියම කළේ, බාල පරම්පරාව දුම්පානයෙන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බැවින්ය.


කෙසේවෙතත් වන්දි මුදල් ප්‍රමාණය අඩුකර ගැනීම සදහා - සමාගම, තින්දුවට එරෙහිව අභීයාචනා කිරීමට තීරණය කර තිබේ.

Monday, July 21, 2014

එස්.ටි.එෆ් නිලධාරින් මරන්න ගත්තු කොන්ත‍්‍රාත්තුව අවලංගු කරන්න ලක්ෂ තුනක් ඉල්ලයි.

මේ ගැන පැමිණිලි කිරිමෙන් පසුව පොලීසිය හිරිහැර කරන්න පටන් අරන්. ව්‍යාපාරික යෙකුවු දර්ශණ සිද්ධිය අදාලව පොලිස්පති හා මානව හිමිකම් කොමිසමට කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

 ර්‍ණවිශේෂ කාර්ය බලකායේ අජිත් හා මහේෂ් යන දෙන්නා, මා මුණ ගැසීමට අවශ්‍ය බව පවසා, එ් අනුව මා මුණගැසුනු විට, ඔවුන් මට කියා සිටියා අපේ ලොකු මහත්තයාට සුමේධ රුපියල් ලක්ෂ තුනක් දීලා තියෙනවා මාව මරා දමන්න නැතිනම් මත්ද්‍රව්‍ය හෝ බෝම්බයක් දමා රිමාන්ඞ් කරන්න කියා.

මා ඔවුන් දෙන්නාට කිව්වා මට එ් තරම් මුදලක් නැති බව. එවිට ඔවුන් රුපියල් පනස්දාහක් ඉල්ලූවා. මා එය දුන්නා. එ් 2014.03.06 වන දින. ඊට දින දෙකකට පස්සෙ රුපියල් එක් ලක්ෂ විසිදාහක් ඉල්ලූවා.

එයින් පසුව මා, රාජගිරිය විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ගොස් එහි පොලිස් පරීක්ෂක නදීක සිල්වාට පැමිණිලි කළා.

මුදල් ඉල්ලූ අජිත් හා මහේෂ් යන අය මට කතා කළ දුරකතන අංකය ලබා ගත්තා. එම දුරකතන අංකයට අනුව ඔවුන් මහේෂ් යන අයගේ තොරතුරු ලබා ගත්තා. ඔහුගේ ඡුායාරූපයක් ද ගෙන මට පෙන්වා තහවුරු කර ගත්තා.

පොලිස් පරීක්ෂක නදීක සිල්වා මට කියා සිටියා මේ ගැන පරීක්ෂණ කරනවා. මට භිය නොවී සිටින ලෙසට.”


මාසයකට පමණ පසුව පාදුක්ක පොලීසියේ නිලධාරින් දෙදෙනෙක් පැමිණ මොහුගේ නිවස සෝදිසි කර ඇත. එයින් අන්තුරුව, 2014.05.20 වන දින පාදුක්ක පොලීසියෙන් ද හා 2014.07.06 වන දින, වලාන ¥ෂණ මර්ධන එ්කකයේන් ද  නිලධාරීන් විශාල පිරිසක් පැමිණ, !මොහුගේ නිවස සම්පූර්ණයෙන්ම සෝදිසි කර ගොස් ඇත.

නිවස සොදිසි කරන්නේ පොලිස්පති නියෝගයකට අනුව බව බවසා ඇති අතර, සොයන්නේ ගිනි අවි, කුඩු බව පවසා තිබේ.

පදනම් විරහිතව තමා පසු පස පොලීසිය යොදවා අභූත චෝදනා නගා යම් අපරාධ චෝදනාවක්  නැගීමට පොලීසිය යෙදවීමේ උත්සාහය පිටු පසු, කලකට පෙර තමා සමග ව්‍යාපාරික කටයුතු වල නියැලූනු සුමේධ නැමැත්තා සිටින බවට සැක කරන ඔහු මේ තැනැත්තා පොලීසිය සමග සමීප සම්බන්ධතාවයන් පවත්වන අයෙකු බව ප‍්‍රකාශ කරයි.

එමෙන්ම එස්.ටි.එෆ් නිලධාරින්ට එරෙහිව කරන ලද පැමිණිල්ල ද ප‍්‍රබල හේතුවක් ලෙසට ඔහු දකියි.

ඔහු සිය ලිඛිත පැමිණිල්ලෙන් පොලිස්පති හා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ පරික්ෂණ කර තම ආරක්ෂාව ෂලසන ලෙසට හා ව්‍යාජ පැමිණිලි කරන්නන්ට එහෙිව නීකතිමය පියවර ගන්නා ලෙසටය.





Sunday, July 20, 2014

පොලිස්පති නියෝග බල්ලාට. අපරාධකරු රාජපක්ෂ ගැත්තෙක්. අපට බෑ අල්ලන්න. හික්කඩුව පොලිසිය කියයි.

අට මස් හැවරිද් ගැබිනියකට  ර්‍ණමොකද හු..ති යේ කියන්නේ නගරාධිපති එක්ක අපි ඔයිට වැඩි දේවල් කරලා තියෙන්නේ, ඔනි වුනොත් ගේ වුනත් අපි කඩනවා” යයි කුණුහරප කියමින් පහරදි බෙල්ලෙන් අල්ලා තල්ලූ කර බිම දැමු පිංකන්ද හංදියේ සිටින රොනිල් නැමැති කොන්ත‍්‍රාත් කරුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ නොහැක්කකේ ඔහු සංවර්ධනයට දායක වන රාජපක්ෂ ගැත්තෙක් නිසාය.

ඵීසි එක් හැවරිදි ලක්මාලි මධුෂානී එක් දරු මවක්. ඇය අට මස් ගැබනියක්. තම ඉඩමේ වැට කැඩිමට පාර සංවර්ධනයට කොන්ත‍්‍රාත් අරන් තියෙන රොනිල් නැමැත්තා සුදානම් වන බව දැන ගත් විට එ් පිළිබඳ පැමිණිලි කිරිමට මව හික්කඩුව පොලිසියට යවන ලදි.

එ් අතර රොනිල් ලොරියක් රැුගෙන විත් වැට කඩා දමනු ලැබීය. වැට කැඩිමට විරුද්ධත්වය ප‍්‍රකාශ කිරිම පහර දීමට හේතුව විය.  2014 ජුලි 07 වන දින සවස 6.00ට පමණ මෙම අමානුෂික පහර දීම සිදුවිය. ඇය රෝහල් ගත කිරිමෙන් පසුව මහමෝදර මහා රොහලේ රොහල් පොලීසිය
ඇය පිළිබඳව හික්කඩුව පොලීසියට වාර්තා කලද පලක් නොවීය.

මෙම තත්වය තුල ඇගේ මව, ඇය රෝහලේ සිටයදීම මව, දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති හමුවී කාරණය කියා සිටි විට, ගාල්ල ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව හමුවන ලෙසට දැනුම් දි තිබින. එ් අනුව ඇගේ මව ගාල්ල ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හමුවට ගොස් තිබේ. එම අධිකාරිවරයා මව ඉදිරිපිටදීම, හික්කඩුව පොලීසයට දුරකථනයෙන් කථා කොට රොනිල් යන අයව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරනු ලැබ තිබේ. නමුත් එම වාචික නියෝගය හික්කඩුව පොලීසය ක‍්‍රියත්මක කළේ නැත.

එ් වෙනුවට කළේ රෝහලට ගොස් ඇගෙන් ප‍්‍රකාශයකට අත්සන් ගැනීමය. සති දෙකක් ගතවු වද
හික්කඩුව පොලීසය කිසුදු ක‍්‍රියා මාර්ගයක් නොගත් නිසාත්, එ් අතර රොනිල් නැමැත්තා
පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට කරන තර්ජනයන් නිසාත්,  2014. 07. 18 දින පොලිස්පති
හමුවීමට ගොස් පැමිණිල්ලක් දැමීමට පියවර ගත්තේය. එ් අවස්ථාවේ දි නියොජ්‍ය පොලිස්පති
එන්. ජි. කුලරතන දුරකථනයෙන් දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිට හා හික්කඩුව
පොලීසියට කථා කර නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට දැනුම් දෙනු ලැබීය. එයින් පසුව දකුණු
දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිට බාර දෙන්න කියා ලිපියක් ද ඇයට දි තිබේ.

එම ලිපිය බාරදීමට ඇය පසු දින, 2014. 07. 19, දකුණු දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති හමුවට
ගියද  අඩුම වශයෙන් පොලිස් මුලස්ථානය දුන් ලිපියවත් බාර ගෙන නෙගෙන නොතිබන.

ඇය පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට ලිඛිතව දැනුම් දෙන්නේ අපරාධකරුවන්ව
ආරක්ෂා කිරිම ට දේශපාලාන  අවශ්‍යතාව මත පොලීසිය සංවිධානාත්මක ලෙසට කටයුතු කිරිම
නිසා අසරණ තමන්ට හා පවුලට කිසුදු ආරක්ෂාවක් නැති බවය. එමෙන්ම නීති විරෝධිව  වැට
කැඩිම ගැන හෝ ඇයට කුණු රප කියා පහරදි අඩන්තේටම් කිරිම ගැන කිසිදු නීතිමය පියවරක්
ගෙන නැති බවයි.


Saturday, July 19, 2014

පොලීසියයි පන්සලයි එකතුවෙලා පහරදි බොරු නඩු දායි. ස්ථානාධිපති පහරදීමට මැරයින් යොදවයි.

බදුරලිය පොලිසියේ ස්ථානාධිපති උයද කුමාර  හා කහපොල විජිත නැමැති චිවරධාරියා එකතුවි, 51 හැවරිදි ව්‍යාපාරිකයෙකු වු සෝමචන්ද්‍ර නැමැත්තාට පහරදි බොරු නඩු දැමිම ගැන සහ ස්ථානාධිපති තමාට පහරදීමට මැරයින් යොදවිම ගැන නොපමාව නීතිමය පියවර ගන්නා ලෙසට ඔහු බලධාරින් ගෙන් ඉල්ලා සිටි.

රට පුරා දියත්වෙන පෙලිස් ත‍්‍රස්තවාදයට මේ වන විට නිති විරෝධි ක‍්‍රියාවන් හි නියැලෙන චිවර ධාරින්ද එක්ව සිටි. එ් පිළිබඳ තවත් උදාහරණයකි, පොලීසියයි පන්සලයි එක්ව සංවිධානාත්මකව, සෝමචන්ද්‍ර නැමැත්තාට පහරදිම හා බොරු නඩු දැමිමේ සිද්ධිය.

2014.07.07 වන දින පාන්දර බදුරලිය පොලීසියේ ස්ථානාධිපති උදය කුමාර, කොස්තාපල් චින්තක  හා තවත් නිලධාරියෙක් ගේ ඇතුළට පැමිණ, නිදා සිටි සෝමචන්ද්‍රව ඇඳෙන් ඇදලා අරගෙන බඩු දීපන් බඩු දීපන් යනුවෙන් කෑගසා, පහර දි  කහපොල විජිත චිවරධාරියා සිටින පන්සලට ගෙන ගොස් තිබේ. ස්ථානාධිපති හා කහපොල විජිත චිවරධාරියා පැය බාගයක් පමණ කථා කරමින් සිට, පොලීසයට රැගෙන ගොස් කිබේ. එසේ ගෙනයන අතර ඔහුට නැවත පහර දි ඇත.

තුවාල ලැබ සිටි සෝමචන්ද්‍රව පොලීසය විසින් බදුරලිය රජයේ රොහලට ගෙන ගියද එහි වෛද්‍යවරයා ඔහුව පරික්ෂා නොකර පොලීසයට රැගෙන යැමට ඉඩ දි ඇත. පසුදින උදේ 2014.07.08 වන දින  මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන ගොස් පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල කිරීම සහ රාජකාරියට බාධා කිරීම යටතේ බොරු නඩු පවරනු ලැබීය. එදින අධිකරණය ඔහුව ඇප මත මුදාහරිනු ලැබීය.

එදින කහපොල විජිත සමග ආරවුලක් ඇතිකරගෙන තිබූ ක`ඵවා හෙවත් මනෝජ් වසන්තව ඇල්ලීමට පොලිස් නිලධාරීන් විශාල කණ්ඩායමක් ගමට ඇවිත් තිබුන අතර, එයට ගමේ මිනිසුන් වද එකතු කරගෙන මෙහෙයුමක් දියත් කරන බවට ආරංචි පැතිරන. මෙම ආරංචියට සවස 3.00 ට පමණ සිය නිවසයට පැමිණි චන්ද්‍රසෝම නැමති අය සමග සෝදචන්ද්‍ර පන්සලට යන ලදි.

පන්සල දෙසට යන විට ඉදිරියට ආ  කහපොල විජිත  ”උඹ කොහෙද යන්නෙ” කියා ප‍්‍රශණ කර ඇත. කාරණය කී විට ”උඹ කසිප්පු කාරයෙක් උඹ පන්සලට එන්න එපා, දැන්මම පන්සල් භූමියෙන් පිටවෙලා පලයන්” කියා කහපොල විජිත අණ කර ඇත. එ් අනුව පිටව යැමට සුදානම් වන විට ”මූව මෙහෙම යවලා හරියන්නේ නෑ, මූට ගහපල්ලා” කියා එතන සිටි කාන්තාවන්ට කහපොල විජිත  අණ කර තිබේ.

එ් අවස්ථාවේ පන්සලේ ගල්වැටිය ළඟ සිටි ගැහැණුන් අතුරින් 20 ක් විතර සෝමචන්ද්‍රට පොලූ වලින්, ගල් වලින්, අතින් පයින් පහර දෙන්නට විය. එතන හිටපු බුලත්සිංහල පොලීසියේ නිලධාරීන් ”තව ගහපල්ලා, තව ගහපල්ලා” යනුවෙන් ඔවුන් ව දිරිමත් කර තිබේ.

මෙම පහර දිම අතර එතන්ට ආපු බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයා, ”ගහන්න එපා, ගහන්න එපා” කියා ඔහුව බේරා ගෙන ජීප් එකට දාගෙන පොලීසයට ගෙනවිත් කූඩුවට දමා තිබේ. සිද්ධිය ආරංචිවි බදුරලිය පොලීයට පැමිණි මොහුගේ බිරිඳ තම සැමියාට පහර දිම ගැන පැමිණිල්ලක් දාන්න  ඕනෑ යැයි ප‍්‍රකාශ කර ඇත. නමුත් එයට ඉඩ ලබාදි නැත.

නමුත් මොහුට පහරදීම සැලසුම් කල පන්සලේ සිටි යසපාල නැමැත්තාගෙන් හා කහපොල විජිත ගෙන් ගහන්න ආවා, පන්සල ගිනි තියන්න ආවා කියා පැමිණිලි ලියා ගත් බදුරලිය පොලීසිය එදින රාත‍්‍රියේ  පොලීසියේ රඳවාගෙන කිසිදු ප‍්‍රතිකාරයක් ලබා නොදි පසුදින එනම්, 2014.07.09 වන දින සවස 3.30 ට පමණ,  හාමුදුරුවන්ට ගහන්න ගිය බවට හා පන්සල ගිනි තියන්න ගිය බවට”  චෝදනා කොට මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලැබීය. සියලූ කරුණු සලකා බැලූ අධිකරණය ඔහුව ඇප මත මුදා හරිණු ලැබීන.

දින දෙකකට පසුව එනම් 2014.07.11 වන දින මොහු ගේ නිවසට යතුරුපැදි දෙකකින් පැමිණ පුද්ගලයන් හතර දෙනෙක් පවුලම මරා දමන බවට හා දේපළ විනාශ කර දමන බවට තර්ජනය කර ගොස් ඇත.

මෙම සිද්ධිය හා අදාල පැමිණිල්ල විභාගයට 2014.07.16 වන දින අදාල පුද්ගලයන් සමග මොවුන්ව  කැඳවූ බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයා  මෙම පුද්ගලයන් ගියේ මගේ කීමට්, මම තමයි උන්ව යැව්වේ” යැයි ප‍්‍රකාශ කර ඔවුන් හා එක්ව ඔහුවත්, බිරිවත් මරණ බවට තර්ජනය කොට  ස්ථානාධිපතිවරයා බිරිඳගෙන් බලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගෙන තිබේ.

පොලීසියෙන් පිටවු අවස්ථාවේ දීම ඔහුගේ බිරිඳ බදුරලිය පොලිස් ස්ථානාධිපතිගේ ක‍්‍රියාකලාපය ගැන සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කිරීමට යන ලදි. නිවස බලා යමින් සිටි මොහුට මග රැක සිටි ඉහත පිරිස අමානුෂික ලෙස පහර දෙන ලදි.

මෙයින් පැහැදිලි වන්නේ මේ වනවිට චිවරධාරින් සහ පොලීසිය එක්ව සිදුකරන අපරාධ පැතිර යන බවයි.


















Friday, July 18, 2014

බුදු දහමට නිගාකරන විශාඛා විදුහල්පතිනියගේ අලුගුත්තේරු වැඩක්

මිනිසුන් 99 දෙනෙකු මරා ඇිලි කපා ගෙල පැළගෙන සිටි අංගුලිමාලට සමාව දුන්නා පමණක් නොව, ඔහු මහණ කර රහත්භාවයට පත්වීමට ඉඩ සලසා දුන්නේය. ඒ බුදුන් වහන්සේය.

අංුලිමාල පිරිත දේශනාකොට සෙත් ශාන්තිය ළා නොකරගත් මවක්, අප රටේ නොමැති තරම්ය.

විශාඛා විද්‍යාලය රටේ ප්‍රමුඛතම බෙද්ධ බාලිකා පාසලයි.

මේ විද්‍යාලයේ විදුහල්පතිනිය බුදු දහමට නිගා දෙමින්, 14 හැවිරිදි ශිෂ්‍යාවක් සෙරකම් කළ බවට චෝදනා නගමින් නීති රීති උල්ලංඝණය කරමින් නොහොබිනා ලෙසට එකී ශීෂ්‍යාවට බැන තර්ජනය කර, ඇගේ දෙමාපියන් ද ගෙන්වා බැන තර්ජනය කර, නිගාද කර ඇගේ පාසල් ජීවිතය අවසන් කර දැමීමට උත්සාහ ගනිමින් සිටී.

පහේ ශිෂ්‍යත්වය සමත්ව විශාඛා විද්‍යාලයට ඇතුළු වූ මෙම ශිෂ්‍යාවගේ පියා 1995 වසරේ, යාපනයේ දියත් කළ ඉදිරි පිම්ම මෙහෙයුමේ වෙඩි වැදී ආබාධිත වූවෙකි. රණවිරු ගමක ජීවත් වෙති.

සිසුවෙකු වරදක් කළ විට එම සිසුවාව යහමගට ගැනීම, පාසලේ වගකීමයි.
නමුත් බුදුන් හුවා දක්වමින් සදාචාරය, සංස්කෘතිය ගැන කතා කරන මේ විදුහල්පතිනිය මේ ආකාරයට මේ ශිෂ්‍යාවට සලකණුයේ ඇය ශිෂ්‍යත්වය සමත්ව පැමිණි සාමාන්‍ය පවුලක දියණියක් නිසාය.

මෙම චෝදනාවට ඔය විදුහලේ ඉහළයකු දුවක් ලක්වුවා නම්, ඔය විදුහල්පතිනිය කෙළ පිඩක් නොහලන බව නම් නිසැකය.

කුමන වරදක් කළත් පාසලකින් ශිෂ්‍යෙයකු අස් කරන්නට විදුහල්පතිවරුන්ට බැරිය. එසේ අස් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.  ඒ නිසා මේ විදුහල්පතිනිය උත්සාහ ගන්නේ ශිෂ්‍යාවට පාසලට ඒමට නොදී ශිෂ්‍යාව ගේ දෙමාපියන්ව මානසිකව වට්ටවා පාසලෙන් අස්කරවා ගන්නා තැනට ගෙන ඒමය. 

විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය එස්.කේ. අවිරුප්පොල ගේ මේ කූඨ උත්සාහය ට මේ දෙමාපියන් එක වුයේ නැත.

මෙම අපයෝජනය, නීති විරෝධී පහත් ක්‍රියාව ගැන ශිෂ්‍යාවෙග් මව ජාතික පාසල් අධ්‍යක්ෂකට, මානව හිමිකම් කොමිෂමට හා ජාතික ළමාරක්ෂක අධිකාරියට ලිඛිතව පැමිණිලි කර ඇත.

යුක්තිය ඉටු වන තුරු ඇය බලා සිටී.






පොලීසියට ගැති කම් කරන මා.හි.කො මාතර සම්බන්ධිකරන නිලධාරින් ගැන විශ්වාසයක් නෑ.

 




කරන්දෙනිය පොලිසියේදි දැඩි වධහිංසාවට ලක්වු චන්දිල පද්මකුමාර තමා මානව හිම්කම් කොමිසමේ මුලස්ථානයට කරන ලද පැමිණිල්ල, එම කාර්යාලයෙන්ම විමර්ශණය කළ යුතු බවට අවධාරණයෙන් කියා සිටි.

මේ සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිසමේ සභාපති වරයා අමතා තිබියදිත් නැවත වරක්  විමර්ශන කටයුතු සඳහා 2014. 07. 17 වන දින මාතර සම්බන්ධිකරණ කාර්යාලයට පැමිණෙන ලෙසට ඔහු ට දන්වා,  නොපැමිණියහොත් - උනන්දුවක් නොදැක්වීම යටතේ ගොනුවේ කටයුතු අවසන් කරන බව දන්වා ඇත.

මෙම ලිපියට, ප‍්‍රාදේශය සම්බන්ධිකරණ නිලධාරී ඞී.එම්.ආර්. දිසානායක ට ලිපියක් යවන චන්දිල පද්මකුමාර, තමාට අමානුෂික ලෙස පහරදබොරු නඩු පැවරම අදාලව යුක්තිය ඉටු කර ගැනීම  අපේක්ෂාව බවත් ඒ සඳහා සිය පැමිණිල්ල - ශ‍්‍රී ලංක මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රධාන කාර්යාලයෙන් ම පරක්ෂණ කටයුතු සිදු විය යුතු බවත් තචරයේ කියා සිටි.

මාතර සම්බන්ධි කාර්යාලයේ දි තමාව අපහසුතාවයට පත්කරමින් පොලීසියට පක්ෂපාතිව ක්‍රියා කිරිම අදාලව ඔහු  2014. 07. 02 දාතමින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මයා - අමතන ලදි ලිපියේ පිටපතක් - මාතර ප‍්‍රාදේශය සම්බන්ධිකරණ නිලධාරී ඞී.එම්.ආර්. දිසානායක වෙත යවා තිබේ.



දෙවියන්ට බැරි දේ කරවා ගන්නේ පොලීසිය ලවා



වරදක් කළොත් හත් වතාවක් සමාව දිය යුතු බව ට වන දේවියන්ගේ නියමයට පිටු පාමින් එක් වතාවක් වත් සමාව දීමට මේතෝදිස්ත සභාවේ ඉදිබැද්ද පල්ලියේ ගබඩාකරුවන් විරුද්ධ බව පවසන පල්ලියේ රැකවල්කරු ලූක් මහතා දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටු පාමින් තමාව පන්නා දැමිමට පොලීසිය පාවිච් කිරමට උත්සහයක් ඇති බව පොලිස්පතිට ලිඛිත පැමිණිල්ලක් මගින් කියා සිටී.

නීති විරෝධී ක‍්‍රියාවන්ට පොලිසිය යෙදවීම වලක්වන ලෙසට හා තමන්ට ආරක්ෂාව සලසන ලෙසට එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි.

හතලිස් පස් හැවරිදි මෙතෝදිස්ත කිතු බැතිමතෙකු වන ලූක් හෙන්රි විවාහක දෙදරු පියෙකි.  ඔහු සිය පැමිණිල්ලේ මෙසේ සහන් කරයි.

2014. 07. 13 වන දින රාත‍්‍රී 7. 30 ට පමණ මා නිවසේ නිදාගෙන සිටියදී මොරටුමුල්ල පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකු පැමිණ මා අත්අඩංගුවට ගත්තා.

මා කාරණය ඇසුවාම කියා සිටියා මා දේවස්ථානයේ පූජකට බැන්නා කියා පැමිණිල්ලකට බව.

මාව මොරටුමුල්ල පොලිසියට ගෙන ගොස් එහි කූඩුවට දැම්මා.

රාත‍්‍රී 8. 00 ට පමණ දේවස්ථානය බාර පූජක අර්ල් පෙරේරා දේවගැතිවරයා හා දේවස්ථානයේ ගබඩාකාරු ඉසුරු යන අය පොලිසියට පැමිණියා. ඔවුන් දෙන්නා රිසව් එකේ සිටි පොලිස් නිලධාරී සමග කතා කරමින් සිට යන්න ගියා.

පසුදින එනම් 2014. 07. 14 දින මු`ඵ දවසේම මාව කූඩුවේ තියාගෙන හිටියා. එදින රාත‍්‍රියේ මාව කූඩුවේ තියාගෙන හිටියා.

පසුදින 2014. 07. 15 උදේ 8. 00ට විතර පොලිසියේ හිටිය සිවිල් ඇඳුමින් සිටි සැරයන්වරයෙක් මාව  කූඩුවෙන් එළීයට අරගෙන මට කියා මිදුල අස්කෙරෙව්වා. අතුගෑවේවා. මල්පෝච්චි එක තැනට ගෙනිහින් තිබ්බ ගත්තා.

මා එසේ වැඩ කරමින් සිටින විට, මගේ බිරිඳ හා ලොකු පුතා මාව බැලීමට පොලිසියට ආවා. ඉන් පසු දහවල් 11ට පමණ, මට කියා, පෝරමයකට අත්සන් ගෙන යන්න කිව්වා.

මා පසුව දැනගත්තා දේවස්ථානයේ ගබඩාකරුවන් වන ඉසිරු බාබු, ලක්රාජ්, හේමාල් යන අය 119 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු සපයා එනම් මා දේවස්ථානය භාර පූජකට බණිනවා කියා, මාව පොලිස් අත්අඩංගුවට පත් කරන ලද බව.

මෙම නීති විරෝධී ක‍්‍රියාව ඉහත නම් ස`දහන් ගබඩාකරුවන් විසින් සිදු කරන ලද්දේ මාව දේවස්ථානයේ රැකවල් ධූරයෙන් ඉවත් කර, මා පදිංචි රැකවල් නිවසින් පන්නා දැමීමට දරන උත්සාහයේ පියවරක් ලෙසටය.

මා උපන්නේ මෙතෝදිස්ත දෙමාපියන්ටය. මා කුඩාකල නේවාසිකව හිටියේ, කුමාර කාර්මික ළමා නිවාසයේය. එය මොතෝදිස්ත සභාවෙන් පාලනය වන නිවසකි.

2014 පෙබරවාරි 15 වන දින, මාහට - මොරටුව, ඉඳිබැද්ද, රැුකවල් තනතුරට පත්කර, එහි නිල නිවස පදිංචියට ලබාදෙන ලදි.

එදින සිට රැුකවල්කරු වශයෙන් මා, දේවස්ථානයේ ආරක්ෂාව සැපයීමද, දේවස්ථානයේ හා දේවස්ථාන භූමිය සුද්ධ පවිත‍්‍ර කිරීමද මාහට නියම විය. දේවස්ථානයේ යතුරුද මා බාරයේ තිබිණ.

සතියේ සෑම සඳුදාවක්ම මාගේ නිවාඩු දිනය විය. 2014 ජූනි 23 දින සඳුදා රාත‍්‍රී 8.30 ට පමණ මා බිරිඳට කිව්වා තුන්මාසයක් ඇතුලත පත්වීම් ලිපිය දෙන බව කිව්වත් මාස පහක් ගිහිල්ලත් දෙන්නේ නෑ කියා.

එම කථා බහ යන අතර එදින දේවස්ථාන කාර්යාලයේ පංති මූලික රැස්වීමට සහභාගී වෙමින් ලක්රාජ් හා ඉසුරු යන ගබඩා භාරකරුව යන දෙන්නා පැමිණියා.

මා ඔවුන් දෙන්නාගෙන් ඇසුවා මට පත්වීම් ලිපිය දීම ප‍්‍රමාද කරන්නේ ඇයි කියා. එයට කෝපවී ඔවුන් දෙන්නා මා බීමත්ව  සිටින බවට චෝදනාකර යන්න ගියා.

එයින් පසු මා නිදා ගත්තා. මා නිදා සිටි අතරතුර රාත‍්‍රී 9.30 ට පමණ නිවසට පැමිණි ලක්රාජ් හා ඉසුරු යන දෙදෙනා මා බාරයේ තිබූ දේවස්ථනයේ යතුරු රැගෙන ගොස් තිබුනා.

පසුව මා දැනගත්තා එම දෙන්නා දේවස්ථානයේ යතුරු දේවස්ථානය බාර අර්ල් පෙරේරා දේවගැතිවරයාට බාරදී ඇති බව.

ඊට පසුව ගබඩාකාරයින් වන සුරංග හා බාසු හා ඉසුරු -මට චෝදනා කරන්න පටන් ගත්තා 2014. 06. 23`දුදා රාත‍්‍රියේ මා බීමත්ව ලක්රාජ්ට හා ඉසුරුට බැණ තර්ජණය කල බව.

මම සිදුවූදේ දේවස්ථාන බාර අර්ල් පෙරේරා දේවගැතිවරයාට ප‍්‍රකාශ කලා. දේවස්ථානයට පැමිණි බැතිමතුන්ට කිව්වා. සිය`ඵ දෙනා මාගෙන් ඉල්ලා සිටියා වරදක් කරලා නැතිවුනත් දේවස්ථානය නිසා සමාව ඉල්ලා ලිපියක් ඉදිරිපත් කරලා දිගටම වැඩ කරගෙන යන්න කියා.

ඒ අනුව මාඑ 2014. 06. 29 දින හා 2014. 07. 05 දින සමාව අයැදීමේ ලිපිය ගබඩාකරුවන්ට දේවගැතිවරයාට ඉදිරිපත් කලා.

මෙම වාතාවරණය තුල විටින් විට මා හමුවට පැමිණෙන ගබඩා භාරකරුවන් මාහට රැකවල් ධූරයෙන් ඉවත්ව මාහට ලබාදී තිබෙන නිල නිවසින් ඉවත්ව යන ලෙසට තර්ජණය කරනු ලබනවා.

ඔවුන්- මා නොගියොත් පොලිසිය මගින් නිවසින් එළියට ඇද දමන බවටද තර්ජණය කරනු ලබනවා.

එහි මුල් පියවර වශයෙන් ව්‍යාජ තොරතුරු සපයා 2014.07.13 අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූ බව අවධාරණය කරමි.

මාස පහක කාලය තුල, මාහට දීමට පොරොන්දුව වූ රු: 12, 000/ ක් මාසික වැටුපෙන් මා ගෙන ඇත්තේ මාස දෙකක පමණ වැටුපකි.

මාගේ බාල පුතා ලූම්බිණි මහා විදුහලේ අ.පො.ස.උසස් පෙළ කරනු ලබනවා.

මා කිසිදු පදනමකින් තොරව රැකියාවෙන් ඉවත් කිරීම නීතියට මෙන්ම දෙවියන්වහන්සේගේ දේශණ හා ඉගැන්වීම්වලටද පටහැනි බව ප‍්‍රකාශ කරමි.

එමෙන්ම මෙම රැකියා හා අදාලව ප‍්‍රශ්ණයකට මාව පොලිසිය යොදවා නිවසින් දෙට්ට දැමීමට දරන උත්සාහයද නීති විරෝධී බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

මා රැකියාවෙන් හා මාහට ලබාදී තිබෙන නිල නිවසින් මා ඉවත් කළ හැක්කේ, පිළිගත් නීති රීති වලටය.

මොරටුව දිබ්බැද්ද මොතෝදිස්ත දේවස්ථානයේ භාරකරුවන් මූලිකව නීති විරෝධීව මෙන්ම දේවියන් වහන්සේගේ ඉගැන්වීම්වලට පටහැනිව කරන ක‍්‍රියාවන්ගෙන් මා ආරක්ෂා කරන ලෙසට ඉල්ලා සිටිමි. මෙම නීති විරෝධී ක‍්‍රියාවන්ට පොලිසිය යෙදවීම වලක්වන ලෙසටද ඉල්ලා සිටිමි.

මෙම පැමිණිල්ලේ පිටපත ඔහු මෙතෝදිස්ත සභාවේ මහානායක තුමා වන ජෙබනේෂන් දේවගැති
වරයාට ද යවා තිබේ.

අප රටේ සෑම ආගමික ආයතනයක් ම තමන් ගේ දුෂිත වැඩ වලට යොදවා ගන්නේ පොලීසි යයි. සර්ව බලධාරි දෙවියන්ට කළ නොහැකි බොහේ දේ පොලිසිය ලවා කරවා ගත හැකි බව මෙම ආගමිකයින් දන්නේ නැති වුනාට පුජකයෝ ඒ බව දනිති දෙවියන් ගේ නාමයෙන්.