Thursday, October 27, 2016

Lessons to be learnt from Jeju.

Lessons to be learnt from Jeju.


Two weeks ago our director told us three interns that we had to be prepared for flying jeju on 20th , 21st  and 22nd. The day 20th arrived. We went to the Guwangu airport by a taxi. The flight was delayed. But finally, we group of 33 including me safely arrived in Jeju airport.

About Jeju

‘’According to Seong Kyoung ryung (Hallim University) Jeju island gifted by God. Every Jeju visitor may feel that the island is beautiful and marvellous like the gift from the God in heaven. Recently a lot of Asians including Koreans and Chinese come to Jeju the beauty regardless of seasons and days and this causes Jeju International Airport to be one of the busiest airports in the world with more than 70,000 passengers a day on average. ‘’

  




Before going to our accommodation, we have visited Jeju 4, 3 peace memorial hall. It was a good opportunity for me to see this. It tells a lesson how Jeju people be very developed. Both physically and mentally. They not forget the history. They not forget it to get revenge from the foe but for the forgiveness and not repeat the massacre in future.

What happened in Jeju?

It had been happened on Date April 3, 1948 – May 1949
Target was United States Army Military Government in Korea and later Government of South Korea
The Attack type was Rebellion. Deaths          14,000–30,000, or one fifth of population killed from all fighting
The Perpetrators         Pak Hon-Yong.
The Motive Protest against oppression by national police employed by the US military government and the election that was held only in South Korea.
We had attended the 6th Jeju 4,3 Peace Forum. We listened to many lectures and discussions. Its theme was overcoming the Past Truth Healing and Reconciliation – Jeju and the World in Comparison. The lectures attended from the USA , Germany, Palestine and Cambodia. It was a bundle of knowledge that we can take it to our home countries.

Comparing Jeju to Sri Lanka.

During the tour in Jeju I always remember my country and what was happened and what we can learnt from Jeju. In the southern part of Sri Lanka two uprisings had been taken place and the thirty year of war which was won by Rajapaksha regime in 2009 May.










 Now in Sri Lanka a discussion on reconciliation going on. In this discussion history is not included or neglect to sometimes willingness not to included it. We cannot achieve peace by destroying the history. That is the most precious thing that we can learnt from Jeju. In Sri Lanka now peace is restrained but human rights violations are occurred in the almost all part of the island. Torture happens all most all the police stations in this very moment also. The new government who called the government of good governance yet to address to these violations seriously. Sri Lanka has very good laws written beautifully on law books. In practice, all become a farce. Judiciary is a corrupt institution. The police behave as making the court a rubber stamp. Every occasion the police use the court and make a fabrication of charge. In Sri Lanka Justice denied not only because of delayed but too because of corrupt practices of who always engage in the justice system.



 These injustices must be explored to the world. In Jeju experience all atrocities should be disclosed to the world. Like Sri Lanka Jeju is an island. Unfortunately, in Sri Lanka situation most of the people don’t like to make their bad explore to the world. They want to hide the tear some history. This thing is being done by the peace makers too.






Truth
This is a very important factor in Jeju – ‘’The National Committee for Investigation of the Truth about the Jeju 4.3 Events (4.3 Committee) was a truth commission in South Korea established in 2000. The commission aimed to investigate the Jeju 4.3 events, which refers to a "series of armed uprisings and counterinsurgency that occurred between 1948 and 1954 on Jeju island, the largest island in the southernmost part of South Korea."[1] Announcing 14,028 victims, the first report of the commission was published in 2003, following an official apology by President Roh Moo-hyun, and his participation in a memorial service held in commemoration of the events, in 2006. However the commission continued to be in operation through 2009, carrying out various reparation projects as well as the screening of victims, thus making it the lengthiest truth commission in history.’’ – Wikipedia.

Religion and Jeju

In Sri Lanka the main religion is Buddhism. ‘’Now I would like to close the lecture with the saying of Buddha. He said the greed ignorance and hatred are 3 poisons which make human heart ill and most of all the hatred is the strongest poison which destroys the interpersonal relation and community. Focusing on the point Buddha stressed that the hatred would be relived only by love that can restore the interpersonal relation and community destroyed by the hatred and would bring the peace in the world where all the things are connected by the principal of relationship. Surprisingly the lesson is exactly the same with the Psalm 85, verse 10. Love and faithfulness meet together righteousness and peace kiss each other.
A




Based on the lessons from Buddha and God I would Jeju people would keep the sorrow of the Jeju 4-3 Incident but overcome the sorrow and move toward the precious values and tasks. Then I would like Jeju people to use the sorrow and pain as the driving force to save Korea and world. Finally I hope Jeju people take victory and realize era where the sorrow becomes joy’’- Seong Kyoung – Ryung (Hallim University)

Jeju is an example to the whole world specially to third world countries.



Harshi C. Perera

Monday, October 24, 2016

ඇසක වටින්නේ රු: 1250/- යි, ෆාමසිකරුගෙන් 1250/- ක් ඉල්ලගෙන නිකම් ඉන්න - දොස්තර සිරිසේන (රම්‍යලතාගේ කථාව 2වන කොටස)



ෆාමසි මාපියාව සමග එක්වු දොස්තරෙක් පිළිබ`ද හෙළිදරව්වකි. රම්‍යලතා හ‍්‍රි ලංකා වෛද්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 

‘‘ පැමිණිලිකාරිය වන මා, අවු: 42 හැවිරිදි,  විවාහක, දරුවන් 03 දෙනෙකුගේ මවකි. පවුලේ නඩත්තුව කරන තැනැත්තියයි. මාගේ වැඩිමහල් පිරිමි දරුවා ට දැනට අවුරුදු 17 යි, උපන් අවස්ථාවේදීම, බෙන්තර රජයේ රෝහලින් ලබාදෙන ලද බී.සී.ජී. එන්නත වැඩිපුර මාත‍්‍රාව ලබාදීම නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව දැනට ශෛල්‍ය කර්ම 09 කට භාජනය කර ඇති අතර අදටත් ප‍්‍රතිකාර ලබාගන්නා අතර සුවකළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. මාගේ ස්වාමියා හෘද රෝගියෙකි. බයිපාස් සැත්කමකට භාජනය කළ යුතුව ඇත.
මෙම පසුබිම යටතේ ගොවිතැන් කටයුතුවල නිරත වීම නිසා මාගේ දකුණු ඇසේ ඇති වූ වේදනාව පිළිබඳව  ඕමත්ත බු`ඵගහ හංදියේ ඩිස්පැන්සරියේ වෛද්‍ය පී.ඩබ්.යූ. ජයලාල් මහතාට පෙන්වන ලදි.
එ් මහතා අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන තෙක් භාවිතා කිරීම සඳහා ඇසට දැමීමට බෙහෙතක් හා බීමට පෙති වගයක් ලියාදෙන ලදි.
එම බෙහෙත් තුණ්ඩුව ඌරගස්මංහංදිය ”ගුණවර්ධන ෆාම් හවුස්” නැමති නාම පුවරුව යටතේ පවත්වාගෙන යන ෆාමසියට බාර දී, 2016.02.20 වන දින, බෙහෙත් ලබාගන්නා ලදි. ෆාමසියෙන් ලබාගන්නා ලද බෙහෙත් මා පාවිච්චි කරන ලදි. 
එම බෙහෙත් අතුරින් ඇසට දමන ලද බෙහෙත භාවිතා කිරීමේදී වේදනාව දිනෙන් දින වැඩි වීම නිසා 2016.02.22 වන දින රාත‍්‍රියේ මා ඌරගස්මංහංදියේ,Dispensary & Surgery නමින්, ඌරගස්මංහංදිය ප‍්‍රාදේශීය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ඞී.ආර්.කේ. සිරිසේන මහතාගේ ඩිස්පැන්සරියට ගියෙමි. ඔහුගේ ලියාපදිංචි අංකය :SLMC  Reg: No 24430 වේ. 
එ් මහතා මාගේ ඇස් පරීක්ෂා කර වෛද්‍ය පී.ඩබ්.යූ. ජයලාල් මහතා ලබාදුන් බෙහෙත් තුණ්ඩුව හා ගුණවර්ධන ෆාම් හවුස් වෙතින් ලබාගත් බෙහෙත පරීක්ෂා කරන ලදි. 
එම පරීක්ෂා කිරීමෙන් අනතුරුව මට කලබල වෙන්න එපා යැයි කියා වෛද්‍ය ජයලාල් මහතා ලබාදුන් බෙහෙත් නිවැරදි බවත්, ගුණවර්ධන ෆාම් හවුස් වෙතින් ඇසට දැමීමට ලබාදී තිබෙන බෙහෙත වැරදි බවත්, එය කණට දැමීම ස`දහා වූ බෙහෙතක් බවත් පවසා, ඔහුගේ ඩිස්පැන්සරියෙන් ඇසට දැමීමට, ඇසට/කණට දැමීම සඳහා වූ බෙහෙත් ලබා දී ඇත. එම බෙහෙත ක්‍ෂඡුඛධඞ නම් වේ.
මා හට ගුණවර්ධණ ෆාමසියෙන් ලබාදී ඇති ඖෂධය වන්නේ, ”ක්ලෝරෝවින්” නැමති ඖෂධයයි. මෙම ඖෂධ කුප්පිය හා වෛද්‍ය ජයලාල් මහතා විසින් නිකුත් කරන ලද වට්ටෝරුව වෛද්‍ය සිරිසේන මහතා පරීක්ෂා කර එය ෆාමසිකරුට අවවාද කිරීමට අවශ්‍ය බව පවසා ඔහු විසින් තබාගන්නා ලදි.
රාත‍්‍රියේ මා වෛද්‍ය සිරිසේන මහතා විසින් ලබාදුන් ඇසට/කණට දැමීමට දුන් බෙහෙත ඇසට දැමූව ද වේදනාවේ අඩුවක් නොවූ නිසා මා පසුදින, 2016.02.23 දින කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත ගියෙමි.
එහිදී මාව රෝහල්ගත කොට ප‍්‍රතිකාර ලබාදෙන ලදි. මා දින 17 ක් නේවාසිකව ප‍්‍රතිකාර ගන්නා ලදි.
මා ජාතික අක්ෂි රෝහලට ඇතුළත් වූ දිනයේදී 2016.02.23 දින දී, වරද්දා දමන ලද බෙහෙත තමන්ට අවශ්‍ය බව එම රෝහලේ වෛද්‍යවරු කියා සිටි නිසා ඉතා අපහසුවෙන් මාගේ සැමියාව වෛද්‍ය සිරිසේන මහතා වෙතට යවා වෛද්‍ය ජයලාල් මහතා නිකුත් කරන ලද වෛද්‍ය වට්ටෝරුව ලබා ගන්නා ලදි.
මා වෙත ෆාමසියෙන් ලබාදෙන ලද බෙහෙත් කුප්පිය එ් වන විට, ගුණවර්ධන ෆාමසියේ අයිතිකරුට වෛද්‍ය සිරිසේන විසින් බාරදී තිබූ හෙයින් එම ෆාමසියට ගොස් ඉතා අපහසුවෙන් එම බෙහෙත් කුප්පිය ලබාගෙන අක්ෂි රෝහල වෙත ලබාදීමට පියවර ගනු ලැබීය. 
මේ වන විට, මෙම වැරදි බෙහෙත් කුප්පිය දැනට ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අංක 93512 දරන නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට බාරදී ඇත.
2016.03.11 රෝහලින් පිට වූ පසුව, පසුදින එනම් 2016.03.12 දින, ඌරගස්මංහංදිය පොලීසියට ගොස් පැමිණලි කළෙමි. එදින පොලීසියෙන් මා හට ඇල්පිටිය රෝහලට යන ලෙසට පවසා අධිකරණ වෛද්‍ය පෝරමය ද නිකුත් කළා. එ් අනුව මා රෝහල්ගත විය. අධිකරණ වෛද්‍ය පෝරමයේ පිටපත අමුණා ඇත.
මා අක්ෂි රෝහලින් පිට වූ පසු නීතිමය පියවර ගැනීමට අවශ්‍ය බව වෛද්‍ය සිරිසේන මහතාට පවසා සිටි අවස්ථාවේ ඔහු ඉහත සඳහන් කළ පරිදි ඔහු ළඟ වෛද්‍ය ජයලත් මහතා නිකුත් කරන ලද වට්ටෝරුව ආපසු මා වත ලබාදීමේදී ”නඩු දාලා වැඩක් නෑ, ඇහැක වටිනාකම රුපියල් 1250/- යි, එ් නිසා ෆාමසිකරුගෙන් රුපියල් 1250/- ක් ඉල්ලගෙන නිකම් ඉන්න” යැයි පැවසුවා. තවද ඔහු නඩු දැම්මට වැඩක් නෑ, කවදාවත් ඔප්පු කරගන්න බැහැ යැයි ද අමාරුවේ වැටෙන්නේ ෆාමසිකරු නොව මා යැයි ප‍්‍රකාශ කර සිටියා.’’ 

ෆාමසි කාරයා නිකුත් කළ වැරදි ‘‘බෙහෙත’’ ීමටසැඟව කිරීමට පියවර ගැනීම, බරපතල ලෙස ඇසට තුවාල වී තිබියදීත් අක්ෂි රෝහලට හෝ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු වෙතට යොමු නොකිරීම, ඇසට සිදුව තිබෙන බරපතල  හානිය විනශ්චය කරගැනීමට නොහැකිව හා ෆාමසිකරු ආරක්ෂා කර ගැනීමට ඇසට/කණට දැමීමට බෙහෙතක් නියම කිරීම, යන කරුණු මගින් මෙම ෙවෛද්‍ය වරයා  වෘත්තීය අචාර ධර්ම කෙලෙසා ඇති බවට ඇය වැඩිදුරටත් චෝදනා කරයි.




Friday, October 21, 2016

ෆාමසි මාපියාවට එක්වූ පොලිස් මාපියාව (රම්‍යලතාගේ කථාව 1 වන කොටස)


වැරදි බෙහෙතක් දී ඇස් අන්ධවීමට සැලැස්වූ ෆාමසි කාරයාව බේරාගන්න ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප‍්‍රියන්ත ගේ නීච ප‍්‍රයත්නය ගැන හෙළිදරව්වකි.

රම්‍යලතා ඌරගස්මංහංදිය පොලිස් වසමට අයත් නවදගල පදිංචි තිදරු මවක්. පවුලම රකින්න  ගොවිලියකි. වෛද්‍යවරයා විසින් ඇසට දැමීම සඳහා ලියාදෙන බෙහෙත් තුණ්ඩුවට ඌරගස්මංහංදිය ”ගුණවර්ධන ෆාමසිය” ලබාදුන්නේ කණට දාන බෙහෙතකි.

එය පාවිච්චා කළ ඇයගේ ඇස සම්පූර්ණයෙන් අන්ධවීම වැළකුණේ, කොළඹ ජාතික අක්ෂි රෝහලේ ක්ෂණික හා කාර්යක්ෂම මැදිහත් වීමෙන්ය.

මෙය දිග කථාවක්. ඉදිරියට එ් පිළිබඳව විස්තරාත්මකව හෙළි කිරීමට පියවර ගන්නෙමු.

මේ වැරදි බෙහෙතක් දීම පිළිබඳව ෆාමසි කෙරුවාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉදිරිපත් වූ රම්‍යලතාට පොලීසිය සැලකූ ආකාරය පිළිබඳ සටහනකි.

කොළඹ ජාතික රෝහලේ දින 17 ක් පුරා නේවාසික ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, අර්ධ වශයෙන් පෙනීම ලබාගත් ඇය, ඌරගස්මංහංදිය පොලිසියට ගොස් එ් හා අදාලව පැමිණිල්ලක් කරන ලදි. එ් 2016 මාර්තු 12 දින දීය.

දින නවයකට පසුව 2016 මාර්තු 21 දින ඌරගස්මංහංදිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප‍්‍රියන්ත ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ, ෆාමසියේ අයිතිකරුවාට නොව එහි සේවකයෙකුට විරුද්ධව නඩුවක් ගොනු කරණු ලැබීය.

නඩුවාර දෙකකට පසුව, 2016. 07.19 වන දින, මෙම පොලිස් නිලධාරියා දුරකතන පණිවුඩයක් මගින් රම්‍යලතාව පොලීසියට ගෙන්වා ‘‘එ්කාන්තයෙන් ම” නඩුව පරදින බවත්, එ් නිසා ෆාමසි අයිතිකරු ශාන්ත නැමැත්තාගෙන් ලක්ෂයක්, දෙකක් හෝ තුනක් ලබාගෙන සමථ වන ලෙසට බලකර ඇත.

එයට ඇය විරුද්ධ වූ විට ඇය ව එම පොලීසියේම අපරාධ අංශයේ සොයිසා නැමති නිලධාරියා ළඟට යවා ඇත. පොලිස් නිලධාරී සොයිසා ඇයට කියා ඇත්තේ, නඩුවට අදාල කිසිදු ලේඛණයක් පොලීසියේ නොමැති බවයි.

එමෙන්ම නීතිඥවරයකු ද ඇයට කියා ඇත්තේ නඩුව අනිවාර්්‍යයෙන්ම විසි කරන බවයි.

මේ පිළිබඳව ඇය පොලිස්පතිට ලිඛිතව දන්වා ඇත. TelIGP-e ලිපිනයට ද යොමුකර ඇත.

IGP පූජිත ජයසුන්දර එ් ගැන අසා, කරන්නේ කුමක්ද ? බලාගෙන සිටිමු.

ඉදිරියේදී තවත් විස්තර ........

පොලිස් මාපියාවට හා ෆාමසි මාපියාවට එක්වූ ෙදාස්තර මාපියාව ගැන තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න

Tuesday, October 18, 2016

පානදුර දකුණ පොලීසියේ IGP "සුදු අයියා" හා OIC පු(කු)ජිත ජයසුන්දරට කොකා පෙන්වයි.



පානදුර දකුණ පොලීසිය, ‘‘රෑට දුවන’’ සුදු අයියා නැමති ත‍්‍රීවිල් රියදුරාගේ කීමට, පැය 06 ක් පුරා, මව් කිරි දෙන මවක් කූඩුවේ තබාගෙන වධදුන්න සිද්ධිය මගින් සනාථ කළේ, සාක්ෂි ඉදිරිපත් කළොත් තරාතිරම නොබලා  ඕනෑම පොලිස් නිලධාරියකුට එරෙහිව ක‍්‍රියා කරන බවට, කුරුණෑගල රැස්වීමකදී පොලිස්පති පූජිත ජයසුන්දර කළ ප‍්‍රකාශය අධෝමුඛයෙන් කරන ලද්දක් බව සනාථ කරමින්ය.

ආරවුලකට මැදිව පහර කෑමට ලක්වූ, සුගත් පානදුර දකුණ පොලීසියට පැමිණ, පැමිණිල්ලක් කර රෝහල්ගත විය. පැමිණිල්ල විභාගයට නියම කළ 2016.10.09 වන දිනදීත් සුගත් සිටියේ රෝහලේ ය. එම නිසා පැමිණිල්ලට, බිරිඳ ඉසුරි ඉදිරිපත් විය.

ඉසුරි ප‍්‍රකාශ කරන පරිදි පහර දුන්න බවට පැමිණිල්ලේ සඳහන් තිදෙනාගෙන් එක් අයෙක් පමණක්  පැමිණ සිටි අතර එම පුද්ගලයා සමග පැමිණිල්ලට අදාල නැති ප‍්‍රදේශයේ ‘රෑට ත‍්‍රීෙරෝද රථයක් හයර් කරන සුදු අයියා’ සමග තවත් කිහිප දෙනෙක් පැමිණ සිටි බවය.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඉදිරියේ ඉසුරිට, වචනයක් හෝ කථා කරන්නට ඉඩ නොදී පහරදුන්න පුද්ගලයන් වෙනුවෙන් කරුණු දැක්වූ් ත‍්‍රීරෝද රථ රියදුරු ‘‘සුදු අයියා” නැමැත්තා, සමග ස්ථානාධිපති ඉතා කු`ඵපගව සතුටු සාමීචියේ යෙදෙමින් හැසුරුණු අතර, මුදලක් ලබාගෙන සමාදාන වෙන ලෙසට බලපෑම් කිරිමට ඉඩ දි ඇත.

සමථයට එකඟ නොවූ විට ස්ථානාධිපති ඇයව උඩ තට්ටුවේ සිට පහළට ගෙනවිත් කූඩුවට දම්මවා ඇත. එ් අවස්ථාවේ ඇය අතවූ කිරි බොන අවුරුදු 02 ක් වයසැති දරුවාව, ඇය සමග පැමිණ සිටි 16 හැවරි දියණියට බාරදෙන ලෙසටත්, දරුවාද රැගෙන එළියට වී සිටින ලෙසට වැඩිමහල් දියණියට අණ කොට ඇත. 

දරුවා අඬමින් එලියේ රැඳි සිටින්නට ඉඩ හැර, දහවල් 11.30 සිට සවස 5.00 දක්වා ඇයව කූඩුවේ තබාගෙන ඇත. එ් අතර කුඩුව අසලට පැමිණි ස්ථානාධිපති ”දැන් සනීපද?” යයි ඇයගෙන් අසා ගොස් තිබේ.

විටින් විට කූඩුව අසලට පැමිණි, ”සුදු අයියා” නැමති ‘‘රෑට දුවන’’ රියදුරා, සමාදානයට කැමැති වුනොත් එළියට එන්න පු`ඵවන් බව කියා ඇත. මේ ආකාරයට සවස 5.00 පමණ වන තුරු ඇයව කූඩුවේ තබාගෙන ඇත. ඇයට වතුරවත් ලබාදී නැත. කූඩුව ඇතුළේ තවදුරටත් වධ වේදනා ඉවසා ගන්නට බැරිව සිටින විට, ”සුදු අයියා” නැමති ‘‘රෑට දුවන’’ රියදුරා සවස 5.00 ට කූඩුව ළඟට ඇවිත් සමාදාන වෙන්න කැමැතිදැයි ඇසූ විට ඇය සමාදානයට කැමැත්ත පළ කර ඇත. එවිට ඇයව උඩ තට්ටුවට ගෙන ගොස් ස්ථානාධිපති ලියූ ප‍්‍රකාශයකට අත්සන්ගෙන මුදාහැර තිබේ.

මේ පිළිබඳව ඇය ගේ සැමියා පොලිස්පතිට පැමිණිලි කර ඇත. එහෙත් පොලිස්පති පූ-ජිත ජයසුන්දර කියන පරිදි සාක්ෂි ලබා ගන්න, පෙන්න අසන්නට යායුත්තේ .......... කවරකුගේ මෑනියන් වෙතද යන්න, කිවයුතුව ඇත්තේ ද ඔහුමය. 



Sunday, October 16, 2016

එස්. මහින්ද හිමි හඬා වැළපෙයි. සිසුවකුට කොස්ස කැඩෙනකන් පහර දුන්න චීවරධාරියාව රකින්නේ පොලීසිය..

Add caption


සුපුරුදු පරිදි අධ්‍යාපන බාරව සිටින නීච නිලධාරින්, විදුහල්පති හා අපරාධ වලට හවුල් ගුරුවරු හා දෙමාපියන්ද මෙම බුදු සසුන කෙලෙසන චීවරධාරියා රැුකීමේ ප‍්‍රබල උත්සහයක යෙදි සිටී.

පානදුර දකුණ පොලිස් බල ප‍්‍රදේශයට අයත් අ`ඵබෝමුල්ල එස්. මහින්ද විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලැබූ අවු: 15 යි මාස 08 ක් වූ,  සිසුවකුට, 2016.10.06 දින එම විදුහලේ උගන්වනු ලබන කහවත්තේ ඥනසීල නැමති චීවරධාරි ගුරුවරයා විසින් අමානුෂික ලෙසට පහර දී කෘරත්වයට පත් කරන ලදි.

මෙම පහරකෑමේ ප‍්‍රතිඵලයෙන් ඔහු පානදුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබාගත් අතර රෝහල් පොලීසිය ප‍්‍රකාශයක් සටහන්කරගෙන තිබිණ. ඔහුගේ පියා, මේ පිළිබඳව පානදුර දකුණ පොලීසියේ පැමිණිල්ලක් කර ඇත.

මෙම අපරාධය පිළිබඳ පානදුර දකුණ පොලීසියේ නිලධාරියෙක් 2016.10.10 වන දින, එම විද්‍යාලයට ගොස් අපරාධ සැකකාර චීවරධාරි ගුරුවරයා හා විදුහල්පති සමග බොහෝ වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිට පසුදින (2016.10.11 දින* පොලිස් පැමිණෙන ලෙසට තුණ්ඩුවක් ලබා දී තිබින. 

මෙදින මෙම අපරාධය සිදුකරණු බලා සිටි සිසුන් කිසිවෙකුගෙන් ප‍්‍රකාශයක්, සාක්ෂි සටහනක් ලබා  නොගැනීමට මෙම පොලිස් නිලධාරියා වගබලාගෙන ඇත.

පසුදින එනම්, 2016.10.12 වන දින මෙම සිසුවා, සිය මව හා පියා සමග පොලීසියට ගිය අවස්ථාවේ, ‘‘මම මේක විභාග කරනවා කියමින්’’ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පහරකෑමට ලක්වූ සිසුවා, මව හා පියාද, පහර දුන් භික්ෂුවද, විදුහල්පතිද, තවත් ගුරුවරයකු ද නිල කාමරයට කැඳවා ‘‘බණ’’ කියා සමථ වන ලෙසට සිසුවාගේ මව හා පියාගෙන් ඉල්ලා ඇත.

එයට අකමැති වූ විට, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරියකු කැඳවා ‘මම’ (මූලස්ථාන පොලිස් පරීක්ෂක* කිව්වා කියා, ලියා සමථ මණ්ඩලයට දාන්න යැයි නියම කර ඇත. මෙය අපරාධකරුවා බේරා ගැනීමට, කරණ ලද ක‍්‍රියාවකි. මෙය සමථ මණ්ඩලයට දාන්න බැරි අපරාධයකි.

මෙයින් පැහැදිළිවම පෙන්නුම් කරන්නේ අපරාධ සැකකරු ‘චීවරධාරී ගුරුවරයකු’ වීම හා විශේෂයෙන් මෙම අපරාධය වසන් කිරීමට පෙරමුණ ගෙන සිටින විදුහල්පති ප‍්‍රමුඛ පිරිසකගෙන් අල්ලස් ලබාගෙන ‘‘අපරාධකරුවන්ට’’ නිදැල්ලේ සිටීමට ඉඩ හැරීම මගින් ‘‘අපරාධකරුවන්’’ බිහි කිරීමද,  ඕනෑම අපරාධයක් කර බේරීමට හැකිය යන ‘‘මහඟු ආදර්ශය’’ අනාගත පරපුරට ලබා දීමට ද, පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ක‍්‍රියා කර ඇත.

පෙර සඳහන් කළ පරිදි මෙම අපරාධය වසන් කිරීමට මේ වන විට විදුහල්පතිවරයා පෙරමුණ ගෙන ඇත. ගුරු මණ්ඩලය කැඳවා චීවරධාරී අපරාධ සැකකරුවා බේරා ගැනීම වෙනුවෙන් එකා මෙන් පෙනී සිටින ලෙසටද අණ කර ඇත. එ් සාක්ෂි වසන් කිරීම සඳහාය.

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නැත. 

තවද මෙම අපරාධය මේ දක්වාම අධිකරණයට වාර්තා කිරීමට පානදුර දකුණ පොලීසිය පියවර ගෙන නොමැත. චීවරධාරියෙක් වුවත් නීතියට යටත්ය. නීතියට ඉහළින් කිසිවෙකු සිටිය නොහැක. 

මෙවන් සිදුවිම් වලදි, සිවිල් සමාජයේ වගකීම, මුනිවත රැුකීම නොවේ.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් අද සිටියා නම්, එදා ලිව්ව කවි සංශෝධනය කරනු නිසැකය.

නීති විරෝධි වැඩ වලට එරෙහි වන්න. නිදහස හිමි වන්නේ නීතිය මත පාලනයක් ඇති රටක් බිහිවු දිනයකය. අනාගත පරපුර එහි වගකිම බාර ගන්න. නිවට වැඩි හිටියන්ට හිස නොනමන්න.

මොන කරුමය ද තව ඇහැරුණු බවක්       නැහැ
පැන පැන බියව මුළු වැදුමෙන් පලක්         නැහැ
දිනුමත් පැරදුමත් කෝකත් කමක්             නැහැ
එනු ඉදිරියට පැන ගොස් නිදහසක්             නැහැ --- 
                                                                එස්. මහින්ද හිමි





Saturday, October 15, 2016

දවස් 4 තිස්සේ කොච්චි ඉස්ස කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් වධ දෙනවා.

මෙසේ පහර දෙමින් වධ දි ඇත්තේ, බේරුවල පොලිසියේ උ.පො.ප. ෆොන්සේකා හා සැරයන් කාරියවසම් යන දෙන්නා.

20 හැවිරිදි බේරුවල.ෆාතිමා ෆස්ලා, තම සැමියාට වධ දීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම් සභාව ට, පොලිස්පති ට පැමිණිලි කරමින් මෙසේ කියා සිටි.

‘‘ රහ්මාන්, අවු: 24යි. කම්කරු. මා ගේ සැමියා වේ.
2016.10.12 වන දින බේරුවල, එගොඩවත්ත පාරේදි, පිරිසක් මා ගේ සැමියාව අල්ලා, බේරුවල පොලීසියට කථා කර ගෙන්වා බාර දි තිබේ.

එදින ප.ව. 4.00ට පමණ මා, මාගේ අයියා ෆස්ලාන් සමග පොලීසියට ගියා. ඔහුව හොරකමකට සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසියෙන් කිව්වා. සැමියා කුඩුවේ සිටියා. කථා කරන්න දුන්නේ නැ. අපිට ඉන්න එපා කියා කිවිවා. මා ගෙදර ගොස් රාත‍්‍රි 8.00ට පමණ කෑම අරන් ආවා. එ් අවස්ථාවේ වරෙන්තුවක් තියෙනවා කිව්වා. හෙට උසාවි දානවා කිව්වා. නමුත් උසාවි දැම්මේ නැ, ? සැමියාට පහර දි තිබුනා. එ් ආකාරයටම, 13 හා 14 වෙනිදා උසාවි දාන බව කිව්වා. නමුත් දැම්මේ නැ. එ් දවස් දෙකේ දිත් ? ගහලා තිබුනා. අද 15දා උදේ බලන්න ගියා. සැමියාට ? හොඳටම ගහලා තිබුනා. ඔහු කිව්වා කොච්චි මිරිස් කොටලා කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරමින් ගැහැව්වා කියලා. කකුල් වලට ගහලා. ඇවිද ගන්න බෑ.
එ් අතර ඊයේ (14දා* දවල් 2.00ට පමණ මා අයියා ෆසිල් ව හා සැමියා ගේ අයියා මිල්හාන් ව  අත් අඩංගුවට ගෙන රඳවා ගෙන පහර දෙනවා. ඔවුන් හොඳමට ගහලා. කොච්චි මිරිස් කොටලා කණට, ඇස් වලට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කරලා. 

මෙසේ පහර දෙමින් වධ දි ඇත්තේ, බේරුවල පොලිසායේ උ.පො.ප. ෆොන්සේකා හා සැරයන් කාරියවසම් යන දෙන්නා.’’

ඇය ඉල්ලා සිටින්නේ, නීති විරෝධව වධ දෙමින් රඳවා ගෙන සිටින මා ගේ සැමියා  වන බි.ආර්.එම්. රහ්මාන්, අයියා වන ෆසිල් ව හා මස්සිනා වන මිල්හාන්ව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

Friday, October 14, 2016

පොලිස් වධකයෝ රු:- ලක්ෂ 1 1/2, දෙන බවට පොරොන්දුවී, රු:-75000ක් දි සමථයකට අත්සන් ගෙන.



උ.පො.ප. වික‍්‍රමාරච්චි, පො.සැ. 53070 සේනාධීර, පො.කො.1090 රූපසිංහ, පො.කො. 94903 ඉසුරු හා පො.කො. 80660 මධුරංග, මානව හමිකම් කොමිසම් සභාවේ විමර්ශණය වන අංක :- HRC/ 1600/16/ i -25 වු පැමිණිල්ලේ වගඋත්තර කරුවන්ය. පැමිණිලිකාරිය වස්කඩුවේ අනෝෂා ප‍්‍රියංගි ද සිල්වාට හා වධහිංසාවට පත්වු ඇගේ සොහොයුරා විදුරංදගය. මෙම දෙදෙනාට, ඉහත නිලධාරින් අයුතු බලපෑම් කිරිමට පටන්ගන්නා ලද්දේ, විමර්ශණය ආරම්භයේ සිටමය. එ් මුදලක් අරගෙන පැමිණිල්ල සමථ කර ගත් බවට දිව්රුම් ප‍්‍රකාශයක් ලබදෙන ලෙසට ඉල්ලමින්ය.                  

රු:5000/- සිට රු:- ලක්ෂ 1 1/2, දක්වා සමථ මදල වැඩි කිරිමට වගඋත්තර කරුවන් පියවර ගත්තහ. එම මුදලට වධහිංසාවට පත්වු, විදුරංග එකඟ විය. එ් අනුව, පොරොන්දුවෙන් 1/2 ක්, රු:- 75000/- ක් ලබා ගෙන සමථවිමට එකඟත්වය පළකරන ලියවිල්ලකට නිතිඥයකු ඉදිරිපිට අත්සන් ගත් බව ට සොහොයුරිය චෝදනා කර සිටි.

මෙම කරුණ සම්බන්ධයෙන් ජනසංදය මානව හිමිකම් කොමිසම් සභාවට දන්වා සිටියේ වධහිංසාව සමාදාන කළ නොහැකි අපරාධයක් බවයි. වින්දිතයා, වගඋත්තරකරුවන්ගේ බලපෑම්වලට යටත්ව විමර්ශනයෙන් ඉවත් වුවද, වධහිංසා පැමිණවීමේ, චොදනා වට අදාල විමර්ශන නතර නොකළ යුතුය.  සමථ නොකළ යුතුය. එ් අදාල නීතිමය තත්ත්වය පැහැදිළි කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ අංක ීක්‍රැු්චචකසජ්එසදබ 270රැු93 නඩුවේ තීන්දුව කොමිසම් සභාවට ඉදිරිපත් කිරිමටද පියවර ගෙන තිබේ. එමෙන්ම, පෙත්සම්කාරිය හා වින්දිතයා විශාල මුදලක්ට, අල්ලසකට, යටපත් කිරීමට පොලීසිය දරන උත්සාහයට ඉඩ නොතබන ලෙසට ජනසංසදය වැඩි දුරටත් ඉල්ලා සිටි.   

මෙම පොලිස් අපරාධකරුවන් ගේ උත්සහය, වින්දිතයින්ට අල්ලස් දි හෝ පැමිණිලි ඉල්ලා අස්කරවාගෙන, එ් මගින් තමන් අපරාධකරුවන් නොවන බවට හුවා දකවා උසස්විම් ලබා ගැනීමටය. මෙම දුෂිත තත්වය තුරන් කිරිම, පොලිස් කොමිසමේද වගකීමකි.





Saturday, October 8, 2016

චිවරධාරි ගුරෙක් ගේ කොසු පහරින් සිසුවා රෝහලේ.


මේ ජනාධිපති සිරිසේන ලෝක ගුරු දිනයේ දුන්න පණිවුඩයේ ප‍්‍රතිඵලයක් ද ?
මෙම අමානුෂික පහර කෑමට ලක්ව ඇත්තේ මෙවර අ.පො.ස.පෙළ විභාගයට පෙනීසිටිමට නියමිත සිසුවෙකි. අලූබෝමුල්ල, බප/ක/ එස්. මහින්ද විද්‍යාලයේ බුද්ධාගම උගන්වන එ් වාගේම විනය බාර ගුරා ලෙසට අංතට්ටුවකක් තට්ටය උඩ තියාගෙන සිටින, කහවත්තේ ඥනශිල නැමැති චිවරධාරියාය.
කොස්සක් කැඩෙනතුරු පහර දීමෙන් පසුව, ශිෂ්‍යයින් කිහිප දෙනෙක් කොස්සේ කැලි ඇහිඳනවා දුටු මෙම චිවරධාරියා, තොපි මොවා එකතු කරන්නෙ මාව අමාරුවේ දාන්න ද කියමින්, එවා ඇහිඳගෙන ගොස් හංගා ඇත.

මෙම චිවරධාරියා, පාණදුර, කුරස හංදියේ පොඩි පන්සල නමින් හඳුන්වන ස්ථානයේ ජිවත්වෙති.

ඔක්: 05, ජාතික ගුරු දින සමරුව ට එක්වෙමින් ජනාධිපති සිරිසේන ගුරුවරු ළමුන්ට ගැහැව්වාම දෙමාපියන් මානව හිමිකම් යන බව කියමින්,  අධ්‍යාපනය කඩා වැටීම වසා ගැනිමේ අසාර්ථක උත්සහයක නිරත වෙයි.

තවද තමාට විදුහල්පති වරද නොකළ ද වේවැල් මිටියක් ගෙන, වේවැලක් කැඩෙනකන් පහර දුන්න බවත් එහෙත් තමා ඉවසාගෙන සිටිය බවත් එ් බව ගෙදරට නොකිව්වේ ගෙදරින්ද ගුටි කන්නට වෙන නිසා බවත් කියන්නට තරම් නිවට තත්වයට පත්ව තිබින.

සිසුන්ට පහර දීම නීති විරෝධි බව එදා මොහුවත් මොහුගේ දෙමාපියන්වත් නොදැන සිටි බවයි මෙයින් ප‍්‍රකාශ වන්නේ. එසේම තම දරුවාට වේවැල් මිටියකින් පහර දුන්න විට එයට සංවේදිවන්නට නොහැකියාවක් දෙමාපියන්ට තියෙන්නට ඇත.

පසුගිය ජුනි 26 වධහිංසාවට එරෙහිව මානව හිමිකම් කොමිසන් සභාව සිසුන් පෙර දැරි කරගෙන කොළඹ පැවැත්වු පා ගමනට සිරිසෙන් ජනාධිපති එක්වුයේ, වංචිනික චේතනාවෙන් දේශිය මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂකයින් නොමග යැවීමට නොවේ නම්, මෙවන් ප‍්‍රකාශයක් ජාතික ගුරු දිනයේ නොකළ යුතුව තිබින.

ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන් අමතා, එහි උණුසුම වත් මැකි යන්නට ප‍්‍රථම, ලෝක ගුරු දිනය සැමරිමේ ජාතික උළෙල අමතා මානව හිමිකම් අවතක්සේරුවට ලක්කරමින් කරන ලද කථාවෙන් පෙර ආණුඩුමෙන්ම මානව හමිකම් උල්ලිඝණයන් ට ආණ්ඩුවේ මුද්‍රාව තැබිමේ උත්සහයක් ඇති බව පැහැදිලියි. මේ පිළිබඳව මානව හිමිකම් ආරක්ෂකයින් ගේ, සිවිල් සමාජයේ මෙන්ම මානව හිමිකම් කොමිසම් සභවේ දැඩි අවධානයට ලක්විය යුතුය.

කෙසේවෙත් ජාතික ලෝක ගුරු දිනය ට පසුදින, කහවත්තේ ඥනශිල නැමැති චිවරධාරියා තම පාසලේ සිසුවකුට කොස්සක් කැඩෙනකම් පහර දිමට ඉදිරිපත් වීම, ජනාධිපති සිරිසේනගේ කථාවට දැක්වු හොඳම ප‍්‍රතිචාරය වේ.

මෙම මස 06 පහර කෑමට ලක්වු සිසුවාව විද්‍යාගාරය තුල තබා, ගාගන්නට බාමි දි, පොලිසි යන්න එපායි ඔවදන් දී, පාසැල ඇරුනු විගස විදුහල්පති ඇතුලූ ගුරුවරු පාසලින් පිටව ගොස් ඇත.

මවට දැනගන්නට ලැබි සිසුවාව රොහල් ගතකරන විට දහවල් 3.00 පමණවි ඇත.

පසු දින 07, දෙමාපියන් විදුහලට ගෙන්වා ගත් විදුහල්පති අයි. ඩි. ලක්ෂ්මන් චිවරධාරියාගේ ක‍්‍රියාව කිසිසෙත් අනුමත නොකරන බවත්, බෙහෙත් හෙත් ගැනීමට උදව් කිරිමට සුදානම් බවත් පවසා ඇත. තවද මෙම චිවරධාරියාගෙන් තමාට බොහෝ උපකාර තිබෙන බවද කියන්නට ද අමතක කර නැත.

මොහු චිවරයක් දමාගෙන සිටියත් බෞද්ධයෙකු නොවන නිසා මොහුට බුදුදහම ඉගැන්වීමට ඉඩ නොදිමට වග බලා ගැනීම මෙම විද්‍යාලයේ සිසුන්, දෙගුරුන් ගේ වගකීමකි.  

එස්. මහින්ද හිමියන්ගේ ශ‍්‍රි නාමයට ගෞරවයක් වශයේන් උන්වහන්සේ ගේ නමින් පවත්වාගෙන මෙම පාසැලේ චිවරධාරියෙකුගේ මෙම නිච ක‍්‍රියාව මහිනිද හිමියන්ට ද නිගාවකි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ රෙජිමය කලා මෙන් මානව හිමිකම් පිළිබඳව ලොකෙට එකක් කියමින්, රට තුල ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කරන්නට සුදාම් බවට වන ඉඟියකි, ජනාධිපති සිරිසේනගේ ලෝක ගුරු දින කථාව.
සමාජය වෙනස් කිරිමේ වැඩි බලය ගුරුවරයටයි යන හිසින් 2016 ඔක්: 07 දිණමිණ පළ කළ  ඔහුගේ කථාවට යොමුව:-



Thursday, October 6, 2016

වැඩියෙන්ම වධ දුන්නේ ගුරුවරියන්, මහානාම ගුරු මහත්මිය කියයි.



විදුහල්පති පේ‍්‍රමලාල් කුමාරසිරි හා මලගොඩ ගුරුවරයාගේ ලිංගික අතවරවලට විරුද්ධ වන විට තමාට එරෙහිව, වනචරයින්, රැුකීමට ඉදිරිපත් වුණේ මහනාම විදුහලේ ගුරුවරියන් බව ඇය කියා සිටී.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්, තොරතුරු හෙළි කරන්න බයද? යන තේමාව යටතේ පවත්වන ලද සංවාදයට එක්වෙමින් ඇය ඉහත කරුණු හෙළි කරන ලදි.




මෙම සංවාදය පවත්වන ලද්දේ ලෝක ගුරු දිනය නිමිති කරගෙනය. මෙම සංවාදයට පාදක කරගන්නා ලද්දේ මනෝහාරි පෙලකැටිය ගුරු මහත්මිය විසින්, අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා කොමිෂම, කොළඹ මහානාම විදුහලේ හිටපු විදහල්පති පේ‍්‍රමලාල් කුමාරසිරි හා මලගොඩ ගුරුවරයා වගඋත්තරකරුවන් කරමින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවයි.

තමාව, එවක මහානාම වදුහලේ විදුහල්පති, පේ‍්‍රමලාල් කුමාරසිරි හා මලගොඩ ගුුරුවරයා ලිංගික හිංසනයට පාත‍්‍ර කිරීමට එරෙහිව නැගී සිටීමේදී, තමාට ආපන ශාලාව පවා තහනම් කළ බවත්, තමාව වැඩියෙන් පීඩාවට පත්කළේ විද්‍යාලයේ ගැහැණු ගුරුවරුන් බවත් ප‍්‍රකාශ කළේය.

මෙම සංවාදයට එක්වෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සභාපතිනිය සීතා රංජනී කියා සිටියේ, ලිංගික හිංසාවන්ට පත්වන කාන්තාවන් නිහඬව සිටින රටක, මනොහාරී පෙලකැටියගේ ඉදිරිපත් වීම ඉහළින් අගය කළ යුතු බවයි.

තීන්දුවෙන් රාජ්‍ය සේවකයන්ට, ලැබී තිබෙන ප‍්‍රකාශන අයිතිය පිළිබඳව ද ඇය සටහනක් තැබුවේය.

තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වීමෙන් පසුව එම පනත ක‍්‍රියාත්මක කිරීම සඳහා පත්කරන ලද කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතා අදහස් දක්වමින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව විස්තරයක් කරමින්, ගුරුවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සැකසීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. 

මෙම සංවාදයට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා ද එක්විය.

සංවාදයට එක්වූ ජනසංසයේ ලේකම්, චිත‍්‍රාල් පෙරේරා කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, වගඋත්තරකරුවන් දෙන්නා වන්දි නොගෙවා සිටියොත් පුදුම නොවන ලෙසටයි.

අදවන විට පොලිස්පති පවා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ක‍්‍රියාත්මක නොකරන තත්ත්වයට පත්ව තිබෙන සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීම බව ද, එ් අනුව රජයේ සේවකයෙක්, යමෙකුගේ මුලික අයින් උල්ලංඝණය කළ විට, අදාල අමාත්‍යාංශයේ  හා දෙපාර්තමේන්තුවේ එයට ප‍්‍රධානීන් වගකිව යුතු බවද පෙන්වාදෙන ලදි.

  

Monday, October 3, 2016

ප‍්‍රධාන සාක්ෂිකරුට බොරු නඩු දමා, මිනී මරුවා බේරීමට පොලීසිය වළිකන හැටි.


පානදුර මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින මිනිස් ඝාතන නඩුවක ප‍්‍රධාන සාක්ෂිකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත්කර, දෙවෙනි සාක්ෂිකැ ලවා බොරු සාක්ෂි ලබාදී, මිනීමරු සැකකරුවා බේරීමට කරන ලද කුමන්ත‍්‍රනයක් පිළිබඳව කථා පුවතකි මේ.

මේ වන විට අපරාධ රැුසකටම සම්බන්ධ ‘සැකකරුවන්’ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව හා ඇප මත මුදාහැර තිබෙන පොලිස් කාරයින් ගාන සු`ඵ පටු නොවේ. මෙම පොලිස් කාරයින් අතර නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු, පොලිස් පරීක්ෂකවරු, සරයන්වරු හා පී.සී. ලා වෙති.

අපරාධවලට සම්බන්ධ තවත් බොහෝ පිරිසක් පොලීසිවල තවමත් නිරුපද්‍රිතව සේවය කරමින් සිටී. එ් අතර අධිකරණ මගින් වරදකරුවන් බවට පත්කර තිබෙන අයද වෙති.

අමිල දුමින්ද සිල්වා, ඉහත ස`දහන්, පානදුර මහාධිකරණයේ දැනට විභාග වෙමින් පවතින මිනිස් ඝාතන නඩුවේ පළමු සාක්ෂිකරු වේ. ඔහු ගේ සාක්ෂිය නිම කර ඇත. දෙවෙනි සාක්ෂිකරු ගේ සාක්ෂි විමසීමට නියමිත වූයේ සැපිතැම්බර් 07 වන දිනටය.

සැප්තැම්බර් 05 වන දින ක`ඵතර පොලීසියේ ස්ථානාධිපති පො.ප. ආනන්ද විසින් පළමු සාක්ෂිකරු දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන ‘‘කේරළ ගංජා’’ තොගයක් සමග අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත්කරවයි.

ඇප මත නිදහස්වන අමිල දුමින්ද සිල්වා විසින්, නීතිපති, පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව ප‍්‍රමුඛ බලධාරීන්ට ලියන ලද ලිපිය/පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත දක්වන්නේ අප රටේ අපරාධකරුවන්, පොලිස්කාරයින් හා නීතිඥයින් අතර පවතින සම්බන්ධය මනා ලෙසට පැහැදිළි කරන බැවින්ය.

‘‘ අපරාධ සැකකරුවෙකු මුදා ගැනීම සඳහා ව්‍යාජ නඩු දමා රිමාන්ඞ්භාරයට පත්කර, 
මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම.

01. දැනට පානදුර මහාධිකරණයේ පවතින අංක: 2580/09 දරන නඩුවේ පළමු සාක්ෂිකරු මම වෙමි.

02. මෙම නඩුවේ දෙවෙනි සාක්ෂිකරු පානදුර, හිරණ, 1 වන පටුමග අංක 21 හි පදිංචි සුරගේ චමින්ද පීරිස් වේ.

03. මෙම නඩුවට අදාලව මාගේ සාක්ෂිය 2016.06.08 වන දින අවසන් විය.

04. දෙවෙනි සාක්ෂිකරු සුරගේ චමින්ද පීරිස්ට සාක්ෂි දීමට නියමිතව තිබුණේ 2016.09.07 වන දිනය.

05. 2016.09.05 වන දින මා, රාත‍්‍රී 07.10 ට පමණ, හිරණ පොලිස් මුරපොළ අසල ත‍්‍රී රෝද රථ ගාලේ සිටින විට, සුරගේ චමින්ද පීරිස් ගේ පියාවන මා හොඳින් දන්නා හඳුනන සුරගේ චන්ද්‍රසිරි පීරිස්, තවත් අයෙකු සමග මා අසලට පැමිණියා. 

එම පුද්ගලයාට අවු: 30 ක් 35 ක් පමණ ඇත. සුදු ෂර්ට් එකක් හා ක`ඵ කලිසමක් හැඳ සපත්තු දමා සිටියා. ඔහු අත රු: 10/- ක`ඵ ටියුලිප් බෑග් එකක් තිබුණා.

06. සුරගේ චන්ද්‍රසිරි පීරිස් මාගෙන් විමසා සිටියා මෙයා මම හොඳට දන්න හඳුනන කෙනෙක් මෙයත් එක්ක වාද්¥වේ පන්සලට හයර් එකක් යන්න පු`ඵවන් ද කියා. මා කැමැත්ත පළ කළා.

07. මා ඔහු නංවාගෙන වාද්¥ව පසු කළ විට, මම ඇහැව්වා මොන පන්සලටද කියා. 
ඔහු ප‍්‍රකාශ කළා මට සුරයක් දාගන්න තියෙනවා, වස්කඩුවේ තාලරුක්ඛාරාමයට තමයි යන්න  ඕන කිව්වා.

08. ඉන්පසු ඔහු ළඟ තිබූ දුරකථන දෙකකින් කාටද කථා කළා. එකකින් කථා කළේ අම්මා කියලා. අනෙකෙන් කථා කළේ ලොකු හාමුදුරුවො කියලා.

09. ක`ඵතර ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල පසුකරනවාත් සමගම මම ඔහුට කිව්වා, දැන් අපි ක`ඵතරටම ඇවිල්ලා වාද්¥ව පහුකරලා කියා.

10. මම ඔහුට මල්ලී රුපියල් 500/- ට නම් බෑ කිව්වා, මා එසේ කිව්වේ ඔහු වාද්¥වට යන්න ගාන කීයද කියා හිරණ දී ඇසූ විට රු: 500/- ක් දෙන්න යය කියූ නිසා.

11. එ් අවස්ථාවේ, තාලරුක්ඛාරාමය කොහේද කියා, නොදන්න බව පැවසූ නිසා මා අසල කඩයකින් තාලරුක්ඛාරාමයට යන්නේ කොහොමද කියා අසා, පාර අසාගෙන එම පන්සලට ඔහු රැුගෙන ගියා.

12. එ් පන්සල පිහිටියේ වස්කඩුවේ කොස්ගස් හංදියේ සිට ගොඩ පැත්තට තාල රුක්ඛාරාමය පාරේ.

13. පන්සල ඉදිරිපිට පඩිපෙළ ඉදිරියේ මා ත‍්‍රී රෝද රථය නැවැත්වූවා. ඔහු ‘මම ඉක්මනට එනවා කියා’ බැස පන්සලේ පඩිපෙළ නගිමින් පන්සලට ගියා.

14. ටික වේලාවකට පසු මමද පඩිපෙළ නැග පන්සලට ගියා. හාමුදුරුවෝ බෝ ම`ඵවේ සිටි අතර, එහි සිට අයට පන්සිල් දෙමින් සිටියා.

15. මා විපරම් කළද මා සමග ආ පුද්ගලයා පේන්නට සිටියේ නැහැ. මා තවදුරටත් විපරම් කරන විට අසල සිටි, රතු පාට ටී ෂර්ට් එකක් ඇඳගත් පුද්ගලයකු මාගෙන් විමසා සිටියා කාවද බලන්නේ කියා.

16. මා ඔහුට ප‍්‍රකාශ කළා මා එක්ක හයර් එක ආපු සුදු පාට ෂර්ට් එකක් හා ක`ඵ කලිසම ඇඳගත් අය සුරයක් දාගන්න ආ බව.

17. එ් සමගම එතනට ආපු දෙන්නෙක් අපි පොලීසියෙන් කියා මාගේ කලිසමෙන් අල්ලා ගත්තා.

18. මම කාරණය ඇහැව්වා. කිව්වේ නැහැ. යමං ත‍්‍රීවිල් එකට කියමින් පන්සල අසල සිට මාව ත‍්‍රීවිල් එකට ගෙන ආවා.

19. ත‍්‍රීවිල් එක ළ`ගට ගෙන එනවාත් සමගම තවත් අයෙක් එතැනට පැමිණියා.

20. ත‍්‍රීවිල් එක අසලදී එක් අයෙක් ටෝර්ච් එක ගසා පසුපස අසුනේ තිබූ ක`ඵපාට ටියුලිප් බෑගය අතට ගනිමින් මේ තියෙන්නේ යයි අනෙක් අයට එය පෙන්නුවා.

21. ඊට පසු මට, එතැන සිටි එක් අයෙක් පයින් පහරවල් කීපයක් ගසා, මගේ ත‍්‍රීවිල් එකටම දමාගෙන ක`ඵතර උතුර පොලීසියට ගෙන ආවා.

22. එවිට රාතී‍්‍ර 9.30 පමණ ඇත. මාව කූඩුවට දැම්මා.

23. රාත‍්‍රී 10.00 ට පමණ ස්ථානාධිපති ආනන්ද පොලීසියට ආවා. ඔහු ආවේ ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක් ඇඳගෙන.

24. ඔහු පැමිණි පසුව, මාව කූඩුවෙන් එළියට අරගෙන ස්ථානාධිපතිගේ කාර්යාලයට ගෙන ගියා.

25. ස්ථානාධිපති රිසව් එකේ නිලධාරියාට කථා කොට, වැටලීම් කළ අයට බෑග් එක අරන් එන්න කියන්න යයි කිව්වා.

26. මා අත්අඩංගුවට ගත් නිලධාරීන් තුන්දෙනා පැමිණියා. සියලූ දෙනා ඉදිරියේ, ක`ඵ පාට ටියුලිප් බෑගය තුළ වූ දේ මේසය මතට දැම්මා.

එහි කුඩා සුදු පාට පොලිතීන් බෑග් හතරක් පහක් තිබුණා. එම බෑග්වල ග‍්‍රෑම් 110, ග‍්‍රෑම් 160 ආදී වශයෙන් ලකුණු කර තිබුණා. එකක ‘කලූවා’ කියා ලියා තිබුණා. බෑග්වල තිබෙන්නේ ‘කේරළ ගංජා’ බව ස්ථානාධිපති කියා සිටියා.

27. නැවත මාව කූඩුවට ගිහින් දැම්මා. 

28. රාත‍්‍රී 12.00 ට පමණ මා අත්අඩංගුවට ගත් එක් පොලිස් නිලධාරියෙක් මාගේ දුරකථනය ලබා දී ගෙදරට කථා කරන්න යැයි කියා සිටියා. මා අත්අඩංගුවට ගෙන සිටින බව ගෙදරට දැණුම් දුන්නා.

29. පසුදින 2016.09.06  වන දින උදේ 7.00 ට පමණ මා අත්අඩංගුවට ගත්, මට රාත‍්‍රී දුරකතනය දුන් නිලධාරියා, මා ළඟට ඇවිත් බිරිඳට කියන්න මේ නීතිඥ මහත්මියට කථා කරන්න කියා නීතිඥ කසුනි මදාරා නැමති නීතිඥවරියගේ නම හා ඇයගේ දුරකතන අංකය වන 077 3320108 මට දුන්නා.

මා එම විස්තරය මාගේ බිරිඳට ලබාදුන්නා.

30. මාගේ බිරිඳ නීතිඥ කසුනි මදාරා ට කථා කර ඇයව හමු වී මා බලන්නට පැමිණියා. 

31. මට ඇප ලබා දෙන්නම් කියා ඇය මගේ බිරිඳගෙන් රු: 5000/- ක් ලබාගෙන තිබුණා.

32. උදේ 9.00 ට පමණ මාව කූඩුවෙන් එළියට ගෙන මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මාගෙන් විස්තර අසමින් ලියා එයට මාගෙන් අත්සන් ගත්තා. කියවා තේරුම්කර දුන්නේ නැහැ.

33. ඉට පසුව මාව ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා.

34. ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, නඩුව කථා කිරීමට පෙර නීතිඥ කසුනි මදාරා කියා තිබුණා පොලීසිය එක්ක කථා කළා අදම නිදහස් වෙන්න පු`ඵවන්, රු: 10,000/- ක දඩයක් ගහවි වැරදිකාරයා කියා පිළිගන්න කියා, මාගේ බිරිඳ එයට විරුද්ධ වී තිබුණා. 

35. නඩුව කැඳවූ විට,  නීතිඥ කසුනි මදාරා නැගිට ඇප ඉල්ලූවා, නමුත් ඇප දුන්නේ නෑ, මාව 2016.09.20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

36. 2016.09.08 වන දින මගේ බිරිඳ නීතිඥ කසුනි මදාරා මගින් මෝෂමක් ඉදිරිපත් කර මා සමග අත්අඩංගුවට ගත් ත‍්‍රී රෝද රථය මුදා ගැනීම සඳහා ඉල්ලීමක් කර තිබුණා.

මෝෂම ඉදිරිපත් කර තිබුනේ නීතිඥ සුමිත් රූපසිංහ මගින්ය. 

37. මෙදින, (2016.09.08* නඩුව අවසානයේ එළියට පැමිණි නීතිඥ කසුනි මදාරා මාගේ බිරිඳට කියා තිබුණා වරද පිළිගන්න කියන්න නැතිනම් අවුරුද්දක්වත් හිරේ ඉන්න වෙයි කියා. 

38. මාගේ බිරිඳ වැරදි නොකර, වැරැුද්ද පිළිගැනීමට සූදානම් නැති බව තරයේ ප‍්‍රකාශ කර ඇත. 

39. ඉන්පසු මාගේ බිරිඳ 2016.09.13 වන දින නීතිඥ ඉමල්කා විජේවීර මගින් ඇප ලබාගැනීම ස`දහා මෝෂමක් මගින් නඩුව කැඳවා කරුණු දක්වා තිබිණ.

40. 2016.09.20 වන දින නඩු වාරයේදී නීතිඥ ඉමල්කා විජේවීර ඉදිරිපත් වූ අතර මා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරිණු ලැබුවා.

41. මීළඟ නඩු දිනය 2016.10.25 දින වේ.

42. මේ අතර, පානදුර මහාධිකරණයේ පවතින 2580/09 මිනීමැරම් නඩුවේ දෙවන සාක්ෂිකරු වූ සුරගේ චමින්ද පීරිස් (සුරගේ චන්ද්‍රසිරි පීරිස්ගේ පුතා* ගෙන් සාක්ෂි විමසා ඇත.

එ් 2016.09.07 වන දිනය. එදින ඔහු සාක්ෂියේදී, පෙරදුන් සාක්ෂි බොරු බවත් එසේ බොරු සාක්ෂි දුන්නේ මාගේ බලපෑම් මත බවත් ප‍්‍රකාශ කර, දැනට මා ගංජා නඩුවකට සැකකරු වශයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව ප‍්‍රකාශ කර තිබේ.

මේ සාක්ෂිය බොරු සාක්ෂියක් බව පිළිගත් මහාධිකරණය ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කොට, බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීය.

එම නඩුවේදී සුරගේ චමින්ද පීරිස්, තමන් බොරු සාක්ෂි දුන් බවට පිළිගෙන ඇත. එ් අනුව ඔහුට මාස 03 ක සිර දඬුවමක් පමුණුවා ඇත.

මේ සියලූ කරුණු ඔබ ඉදිරියේ ප‍්‍රකාශ කර සිටින්නේ,

අපරාධකරුවන් බේරා ගැනීම ස`දහා එම නඩුවේ දෙවන සාක්ෂිකරුව මිලයට ගෙන, මට විරුද්ධව බොරු නඩුවක් ගොනු කරවා, මා රක්ෂිත බන්ධනාගාරගත කරවා, එමගින් අපරාධකරුවන් නිදහස් වීමටය. 

මේ සඳහා අපරාධකරුවන් හා එක්ව ක‍්‍රියා කළේ ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්දය.

ඔහු මීට පෙර පානදුර වලාන ¥ෂණ මර්ධන එ්කකයේ සේවය කර ඇත. 

මේ ආකාරයට, ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද මූලිකව, මා නොකළ වරදකට, අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීම මූලික කරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරවීම, මා නොමග යවා, නීතිඥවරියක හවුල් කරගෙන මා වැරදිකරුවකු බවට පත්කිරීමට උත්සාහ දැරීම මගින් මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි.’’

ඔහු ඉල්ලා සිටින්නේ,

ක`ඵතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද, ක`ඵතර උතුර පොලීසියේ පො.සැ. 53070 සේනාධීර, හා අත්අඩංගුවට ගත් අනිත් පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්.

අපරාධකරුවකු බේරා ගැනීම සඳහා සිදු කළ අපරාධය පිළිබඳව විශේෂ විමර්ෂණයක් ආරම්භ කර, ගංජා කරුවන් හා එක්ව, කේරල ගංජා ජාවාරමට හවුල් පො.ප. ආනන්ද ප‍්‍රමුඛ නිලධාරින් නීතිය ඉදිරියට ගෙනෙන ලෙසටත්,

ක`ඵතර ම.උ. හි ඔහුට විරුද්ධව පවරා ඇති නඩුව ඉවත් කිරිමට පියවර ගන්නා ලෙසටත් ය. 

පොලීසිය අපරාධකරුවන් හා නීති විරෝධිව රිමාන්ඞ් භාරයට පත්කළ මොහුගේ නිදහස උදෙසා ක‍්‍රියා කළ  බිරිඳ ව රැකියාවෙන් ඉවත් කර ඇති අතර, එයට හේතුවු ‘‘වරද’’ වුයේ සැමියාගෙි ‘‘නිදහස’’ සඳහා ක‍්‍රියා කිරීමට ’’නිවාඩු’’  ලබා ගැනිමය.  



















මේ විදියට නඩු දාන්න ගියොත් තමුන්ටත් මටත් විතරක් නෙවෙයි මු`ඵ පොලිස් දෙපාර්තමේන්තුවටම හෙන ගහනවා.


මෙම ප‍්‍රකාශය කළේ මතුගම සහකාර පොලිස් අධකාරීවරයා විසින් බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට ය.

මුන් දාන බොරු නඩුවල ප‍්‍රමාණයට හෙන ගහනවනම් මේ රටේ එකම පොලීසියක් ඉතුරුවන්නේ නැත. මිනිසුන් ගොනාට අන්දවන්නට කරන මේ ප‍්‍රකාශවලින් තවමත් මුලාවේ වැටෙන පිරිසක් සිටින බව නොරහසකි. 

ඉඩම් නඩුවකින් පැරදුනු කසිප්පු ජාවාරම් කරුවෙකු බදුරලිය පොලීසිය හා එක්ව, ෙදාන් ජයතිලක (අවු: 62 ට* බොරු නඩුවක් පැවරූවේ බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිය.

මාධ්‍ය මගින් කරන ප‍්‍රචාරවලට අනුව ඔහු ඒ ගැන පැමිණිලි කරන්න මතුගම සහකා රපොලිස් අධිකාරී හමුවන්නනට ගියේ ක`ඵතර සහකාර පොලිස් අධිකාරී ෂ ගේ ලිපියක් රැුගෙනය. ඉන්පසු මතුගම සහකාර පොලිස් අධිකාරී ජයතිලකව බුරලිය පොලිස් ස්ථානාධිපති ළඟට යැවීය. දැන් පොලිස්පති ආවත් මුකුත් කරන්න බෑ යැයි, බදුලිය පොලිස් ස්ථානාධිපති ඔහුට කියා සිටියේය.

සහකාර පොලිස් අධිකාරීවරයාගේ ගනන් නොගත් බදුරලිය පොලීසියේ ස්ථානාධිපති ජයතිලකට එරෙහිව විරුද්ධව බොරු නඩුව පැවරීය. අධිකරණයේදි ඔහු නිවැරදිකරු බව ප‍්‍රකාශ කළ විට, ඇප මත මුදාහැරියේය.

මීට පෙරද, බදුරලිය පොලීසිය මොහුට විරුද්ධව නඩු පවරා ඇත. එ් අවස්ථාවේ නීතිඥවරියගේ බලපෑමට යටත්වු ඔහු වරද පිළිගෙන තිබිණ.

මේ සියලූ විස්තර ඇතුළත් කොට, මොහු මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතට හා ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත කරන ලද පැමිණිලි පහත දක්වන්නේ සාමාන්‍ය මිනුසුන්ට වධදෙන්න, පළිගන්න අපරාධ කරුවන් පොලීසිය යොදා ගන්නා අයුරු පැහැදිලි කිරිමටය.

ජයතිලක පොලීසියට හෙණ ගහන කං බලා ඉන්නේ නැතිව, පොලිසියේ දුෂණ අභියෝග කිරිමට පියවර ගැනීම අගය කළ යුතුය. මෙවන් 


 01. සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, අංක 165, කිංසි පාර, කොළඹ 08      

02. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01     
    
03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය,  ක`ඵතර
     
ලිඛිත පැමිණිල්ල.

පතිරගේ ෙදාන් ජයතිලක, වයස අවු: 62 යි, අවිවාහක, රැුකියාව: ගොවිතැන, 
ලිපිනය: හින්දකාරමුල්ල, මෝල්කාව.

2016.09.29 වන දින දීය.

2016.09.16 වන දින උදේ මා මාගේ වත්තේ රබර් කපා නිවසට පැමිණියා. එවිට වේලාව උදේ 11.00 ට 11.30 පමණ ඇති. බදුරලිය පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් සැරසි මාගේ නිවසට පැමිණියා. එයින් එක් අයෙක් බදුරලිය පොලීසියේ සුමිත් නැමති නිලධාරියා බව හඳුනා ගත්තා.

අනිත් දෙන්නා දැක්කොත් මට හ`දුනා ගත හැකියි. මා ඔවුන්ගෙන් පැමිණිමට හේතුව විමසා සිටියා. 

එවිට ඔවුන් මා කසිප්පු වඩියක් පෙරන බවට ආරංචි වූ බව ප‍්‍රකාශ කළා. මම කිව්වා තියන තැනකින් හොයලා ගන්න කියා. එක් නිලධාරියෙක් මාගේ ගේ සෝදිසි කළා. අනිත් දෙන්නා වත්ත පරීක්ෂා කළා. පැය භාගයක් පමණ පරීක්ෂා කර පැමිණ වැඩක් නෑ යමුයි කියා, ටික දුරක් ගොස් නැවත පැමිණියා. මම ඇයිදැයි විමසා සිටියා. 

මෙන්න මේ කැලෑවක මුට්ටියක් තියෙනවා කියලා ආරංචියි. යමු බලන්න කියා මාවත් එකක ගියා. 

ලයනල් ගුණතිලක යන අයට අයිති මාගේ ඉඩමට යාබද ඉඩමේ වෙල අයිනේ තිබුණ කැලෑවේ මුට්ටියක් තිබිලා හොයා ගත්තා. මට කිව්වා මේක අරගන්න කියලා. මම කිව්වා මුට්ටියත් මගේ නෙවෙයි ඉඩමත් මගේ නෙවෙයි, මම මාස තුනක ඉඳලා අංශභාගය හැදී ප‍්‍රතිකාර ලබමින් ඉන්නේ, මට ගන්න බෑ කියලා.

එවිට සුමිත් නැමති නිලධාරියා, ආ මම ගන්නම් කියා මුට්ටිය ඔහු ඔලූව උඩ තියාගෙන ගියා. මට යමු කිව්වා පොලීසියට. මම කිව්වා මේක පුදුම කරදරයක්නේ, මේ සුනිල් කියන මිනිහා අවුරුදු ගාණක ඉඳලා ඉඩම් නඩුවක් කියනවා. හැමදාම මොනවා හරි කරලා මට කරදර කරනවා. 

එවිට නිලධාරියෙක් අපිට  ඕවා වැඩක් නෑ, මහේස්ත‍්‍රාත්ට කියලා බේර ගන්න කිව්වා. 

මෙයා අසනීපෙන් ඉන්න නිසා ගෙදර කව්රු හරි පොලීසියට එන්න, ඉක්මණින් ඇපයක් දෙන්නම් කිව්වා. 

මාව පොලීසියට අරගෙන යනකොට මම කිව්වා රසිකයි සුනිලූයි එකතු වෙලා මේවා කරන්නේ, නිකම් ඉන්න මට කරදර කරන්නේ, මහත්තයලා හොයලා බලන්නෙ නෑනේ, එවිට එම නිලධාරීන් රසික කොහෙද ඉන්නේ, ඌට වරෙන්තුවක් තියෙනවා, මම කිව්වා ඔතන ඉඩමේ වැඩ ඇති කියලා. 

එසේ යන විට සුනිල්ගේ අයියා සෝමදාසත් රසිකත් සිටියා. මා ඔවුන්ට රසිකව පෙන්නුවා. උඹට වරෙන්තුවක් තියෙනවා පොලීසියට එන්න කිව්වා. එවිට රසික දැන් එන්න බෑ සවස 4.00 ට එන්නම් කිව්වා. සුනිල්ගේ අයියා හවසට එක්ක එන්නම් කිව්වා. එවිට සුනිල් ඇවිල්ලා රසිකට කිව්වා ගෙදර බීම බෝතලයක් ඇති මහත්තයලට දෙන්න අරන් එන්න කිව්වා. රසික එය ගෙන ආවා. ඔවුන් එ්ක බීලා මටත් බොන්න කිව්වා. මම ප‍්‍රතික්ෂේප කළා.

මාව පොලීසියට ගෙන ගියා. එ් වෙලාවේම මගේ අක්කගේ දුවයි බෑනයි ආවා. මගෙන් නම ගම ලිපිනය ලියාගෙන අත්සනක් ගත්තා. මගෙන් ඇහුවා, මේ භාජනත් එක්ක දැම්මොත් දඩය වැඩියි, මේවා දාන්නද කසිප්පු බෝතලයක් දාන්නද? මම කිව්වා  ඕවා මගේ නෙවෙයි, ඇයි මට නඩු දාන්නේ කියා. එවිට එම නිලධාරියා කිව්වා එ්ක උසාවියෙන් බලාගන්න 2016 සැප්තැම්බර් 23 උසාවි එන්න කසිප්පු බෝතලයක් දැම්මා කියලා.

මම 2016.09.17 වන දිනම ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගියා. එම අවස්ථාවේ එම නිලධාරියා නොසිටි බැවින් මාව සහකාර පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස මහතා වෙත යොමු කළා. එ් මහතා මගේ විස්තරය අසා මතුගම එ්.එස්.පී. මහත්තයට දෙන්න කියලා ලියුමක් දුන්නා. පසුව මම එ් ලිපිය මතුගම එ්.එස්.පී. මහත්තයට දුන්නා. 

මතුගම එ්.එස්.පී. මහත්තයා සිද්ධිය විමසා බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ගෙන, මේ මනුස්සයට අසාධාරණයක් වෙලා තියෙන්නේ, මේ කියන කතා අනුව මෙයාගේ නොවෙයි මේවා, මේ විදියට නඩු දැම්මොත් තමුන්ටත් මටත් විතරක් නෙවෙයි මුලූ පොලිස් දෙපාර්තමේන්තුවටම හෙන ගහනවා, යනුවෙන ප‍්‍රකාශ කළා.

මට ගිහින් ස්ථානාධිපති බදුරලිය හමුවන ලෙසට දැණමු දුන්නා. මම බදුරලිය පොලිස් ස්ථානයට ගියා. ස්ථානාධිපතිවරයා හිටියේ නැහැ. 

පසුදින එනම් 2016.09.18 දින ස්ථානාධිපතිවරයා හමුවුණා. දැන් මුකුත් කරන්න බැහැ. නඩුව ලියලා තියෙන්නේ, මට තියා පොලිස්පතිතුමා ආවත් දැන් නඩුව අයින් කරන්න බැහැ.  ඕන නම් වෙනත් දිනයක් දෙන්නම්. 2016.09.22 වන දින ඇවිත් බලනවා. මම හිටියේ නැත්නම් යුරේනිකා මිස්ව හමුවන්න කිව්වා.

එ් අනුව මා 2016.09.22 සවස බදුරලිය පොලීසියට ඇවිත් යුරේනිකා මිස්ව හමුවුණා. ඇය කිව්වා නඩුව දාලා තියෙන්නේ, පෙර වැරැුද්දකුත් තියෙනවා. මම කිව්වා එ්කත් මේ විදියටම දාපු බොරු නඩුවක්. මම එ්කට නිවැරදිකාරයා කියන්න කිව්වම නීතිඥ ගීතානි මිස්නෙ කිව්වේ මට වාර 4 කට ගෙවන සල්ලි වලින් දඩය ගෙවලා නිදහස් වෙන්න කියලා.

එ් අනුව මා පසුදින එනම් 2016.09.23 වන දින අධිකරණයට ගියා. එහිදී මට විරුද්ධව නඩු අංක 33149/16 යටතේ නීති විරෝධී මත්පැන් බෝතලයක් තබාගත් බවට ව්‍යාජ චෝදන නගා තිබුණා. මම නිවැරදිකරු කිව්වා. මට රු: 7000/- මුදල් ඇපයක්ද රු: 50,000/- ක ශරීර ඇයක්ද නියම කළා. නැවත නඩුව 2016.10.14 වන දිනය.

මා තවදුරටත් ප‍්‍රකාශ කර සිටින්නේ, මේ ආකාරයට පොලීසිය මට විරුද්ධව ව්‍යාජ නඩු පවරණු ලබන්නේ මාගේ නිවස අසල ඉඩමේ පදිංචි සුනිල් යන අය ඉඩම් නඩුවක් දැනට අවුරුදු 10 කට වැඩි කාලයක සිට කියන බවත් එම නඩුවට තීන්දුව මට වාසිවන ආකාරයට ලැබුණ බවත්, මේ වන විට එම නඩුව නැවත ඔහු විසින් ඇපිල් කර ඇති බවත් සුනිල් යන අය පොලීසිය සමග කිට්ටු සම්බ්නධයක් පවත්වන බවත් මට පීඩාවන ආකාරයට වරින් වර පොලීසිය ලවා ව්‍යාජ නඩු පවරා පීඩාවට පත්කරන බවය.

මා ඉල්ලා සිටින්නේ,

නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීමට කටයුතු කළ බදුරලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුලූ අනිකුත් නලිධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, මා හට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙසත්ය.

පතිරගේ ෙදාන් ජයතිලක