Friday, November 3, 2017

නිතිඥ සංගමය හොරාගේ වහේගෙන් පේන අසා තීන්දු දෙයි.



දරුවන් 9 දෙනෙකුගේ මවක්. වැන්දඹුවක් වන සිරියාවතී මහත්මිය රජයේ තක්සේරුව රු: ලක්ෂ හැටපන්දහසක්  වන, වෙළඳපොල වටිනාකම ලක්ෂ සියයකට වඩා වැඩි ගෙයක් සහිත ඉඩම, ලක්ෂ 7කට වංචා සහගතව ලියන ලද නීතිඥවරියක් ගැන නීතිඥ සංගමයට කරන ලද පැමිණිල්ලට ලැබුණ පිළිතුර :- 

‘‘ ඔබ විසින් ඉහත නම් සඳහන් (නීතිඥ ඉමල්කා විජේවීර) නීතිඥ මහත්මියට විරුද්ධව අප වෙත එවන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් එකී නීතිඥ මහත්මියගේ නිරීක්ෂණ, අප සංගමයේ වෘත්තීය විනය කමිටු සභාපතිතුමා විසින් තරයේ සලකා බැලීමෙන් අනතුරුව, ඔබගේ පැමිණිල්ලට අදාළ කාරණය සම්බන්ධයෙන් දැනටමත් ක`ඵතර ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයේ තීන්දුවක් ලබාදී ඇති බැවින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අප සංගමයට කටයුතු කළ නොහැකි බව ඔබ වෙත දන්වා සිටින ලෙස මා වෙත දන්වා ඇත.”  අ/ක. සුරානි සමරසේකර ප.ලේ ....’’

මෙම ලිපියට පිළිතුරු ලිපියක් ඇය 2017.02. 13 දාතමින්  යවන ලදි. නමුත් පිළිතුරක් නැත. 

සියලූ තොරතුරු සොයා ගැනිමේන් අනතුරුව ඇය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වාට ලියන ලද ලිපිය පහත දක්වමු. මෙහි පිටපත නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ද යවා ඇත. සියලූ විස්තර අප සතුව ඇත. 


‘‘ඔබගේ අංකය : MISC/SEC/322/16 -  දිනය : 2017.01.04

එම්. සිරියාවති 
ක`ඵතර දකුණ

2017.11.01

නී. යූ.ආර්.ද. සිල්වා මයා
සභාපති
නිතිඥ සංගමය
153, මිහිදු මාවත
කොළඹ 02

මහත්මයාණනි

නීතිඥ ඉමල්කා විජේවීර ට විරුද්ධව කරන ලද පැමිණිල්ල.

උක්ත කාරණය අදාලව මා විසින් 2017.01.04 දාතමින් ඔබ අමතන ලද ලිපියට මේ දක්වාම පිළිතුරක් නැත. 

එයට පිලිතුරු නොඑවන ලද්දේ බරපතල වංචාවක් සිදුකළ නීතිඥ ඉමල්කා විජේවීර ආරක්ෂා කරගැනීමටය.

අවශ්‍ය තොරතුරු ඔබ විසින් මා වෙත නොඑවුවත්, නීතිඥ ඉමල්කා විජේවීර විසින් ඔබට දන්වා සිටි ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ අදාල නඩු වාර්තාව ලබාගැනීමට මට හැකිවූ බව දන්වමි.

එම වාර්තාවට අනුව මා විසින්, කරන ලද පැමිණිල්ල විමර්ශනය කළ, ක`ඵතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. විජේකෝන් විසින්, අංක 63226 යටතේ, 2016.08.12 දින, නීතිඥ ඉමල්කා විජේවීරට, ද.නි.ස. 459, 454 යටතේ නඩු පවරා ඇත.

එම නඩුවට, එම පොලිස් නිලධාරියා විසින්ම, 2016.09.09 දාතමින් වැඩිදුර වාර්තාවක් මගින් නඩුව, ඉදිරියට පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව අධිකරණයට සැලකර, බී1 වශයෙන් අංක ගතකරන ලෙසට ඉල්ලා ඇත.

මහේස්ත‍්‍රාත් අධිකරණය, එම අධිකරණයේම වෘත්තීය කටයුතුවල නියැලෙන නීතිඥ ඉමල්කා විජේවීරට එරෙහිව ඇති නඩුව, පොලීසියේ ඉල්ලීමට ඉඩදී, බී1 ලෙස අංක ගතකර ඇත.

රජයේ තක්සේරුව අනුව රුපියල් ලක්ෂ හැටපන්දහසක් වන, වෙළඳපල වටිනාකම රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමින් යුත් නිවස හා ඉඩම රුපියල් ලක්ෂ 7 කට විකිණීම වංචාවක්, ¥ෂණයක් නොවන්නේ නම්, එ් බව තීරණය කළ යුතුව ඇත.

ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලද 63226 නඩුව වංචාවකි. මෙය නීතිඥ ඉමල්කා විජේවීර බේරා ගැනීම සඳහා සැලසුම්සහගතව කරන ලද කූඨ ක‍්‍රියාවකි.

නීතිඥ ඉමල්කා විජේවීරගේ පියා ආන්නද විජේවීර, හිටපු පොලිස් නිලධාරියෙකි. ඇයගේ සොහොයුරා අදටත් ක`ඵතර උතුර පොලීසියේ නිලධාරියෙකි.

ඔබ කර ඇත්තේ, දුෂිත, වංචාකාරී නීතිඥවරියක් වන ඉමල්කා විජේවීර ආරක්ෂා කිරීමය.

මෙයට,

එම්. සිරියාවතී

පිටපත :
01. රන්ජන් රාමනායක මහතා, ගරු නියෝජ්‍ය අමාත්‍ය
     සමාජ සවිබල ගැන්වීම, සුභසාධක හා උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය
     1 වන මහළ, සෙත්සිරිපාය (දෙවන අදියර), බත්තරමුල්ල

ඉල්ලීම : මෙම බරපතල වංචාව මගින්, මට හා මාගේ දරුවන්ට හිමි රුපියල් ලක්ෂ හැටපන්දහසක්, (රජයේ ඇස්තමේන්තුව) වටිනා ඉඩම හා ගෙය අහිමි කර ඇතිවා පමණක් නොව රජයට අය විය යුතු විශාල මුදලක් අහිමි කර ඇත.

තවද මෙම ඉඩමේ අයිතිය පිළිබඳව ප‍්‍රශ්න ඇත. එ් සියල්ල වසන් කර මෙම නීතිඥවරිය  වංචාසහගතව, කූඨ ලෙස ඔප්පු ලියා තිබේ. එය නීතිඥ සංගමය විසින් සාධාරණය කර  ඇත. පොලීසිය වංචාව යට ගසා ඇත. මේ සම්බන්ධ අනෙකුත් රාජ්‍ය ආයතන අද  දක්වාම නිසි පියවර ගෙන නැත.

මෙම කරුණු පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස හා අදාල ආයතනවලට ඉදිරිපත් කර  යුක්තිය ඉෂ්ඨකර දෙන මෙන්  ඉල්ලමි. සියලූ කරුණු සත්‍ය බවත්, අවශ්‍ය  ඕනෑම විටක එම කරුණු ඉදිරිපත් කිරීමට ඉදිරිපත්වන බවත් ප‍්‍රකාශ කරමි.   


සටහන:-
  අධිකරණ පද්ධතියේ දුෂණ ගැන කථා කිරිම ‘‘උසාවියට අපහස කිරමක් ලෙසට’’ හංවාඩු ගසා පිඩාවට පත්වන ජනතාව භිය වැද්දීමට දරන උත්සහය පරාජය කළ යුතුව තිබේ. ‘‘යහපාලනය’’ යනු නීතිය මත පාලනයයි. 

ඉල් පෝය දින පොලිස් මෙසේජ් එක - බුදු සරණයි .....


ඉල් පෝය දිනයේ ”මාගේ කාර්යාල” එන ලෙසට ලැබුණ පොලිස් පණිවුඩය රැගෙන, බෞද්ධ කොඩිවලින් සරසා තිබූ පානදුර දකුණ පොලීසියට ගිය විට, කිරිබත් වළඳමින් සිටි නිලධාරියෙක් එය බලා වැල්ලේ පොලීසියට යන්න යැයි ඔහුට කීය.

අන්දමන්ද වූ ඔහු පොලිස්පති පූජිත ජයසුන්දරට  ඒ ගැන ලියන ලදි. 


 ශ‍්‍රී ලංකාවේ බෞද්ධ පොලීසිය ”යහපාලනය” ගොඩනගන්නට දායක වන අයුරු තේරුම් ගැනීම සඳහා ඔහු  පොලිස්පති ට යවන ලද ලිපිය පහත දක්වමු.


‘  2017.11.03

පූජිත ජයසුන්දර මහතා
පොලිස්පති                 
පොලිස් මූලස්ථානය       
කොළඹ 01

කැ`දවීමක් පිළිබඳව.

මේ සමග, ක`ඵතර උතුර පොලීසිය විසින් බාරදී ගොස් තිබූ, පනිවුඩ පෝරමයේ පිටපත ඉදිරිපත් කරමි.

එහි, ‘‘2017.11.03 දින පැය 10.00 ට’’ මාගේ කාර්යාලයට පැමිණ මා හමුවන ලෙසට දන්වා ඇත.

නමුත්, මා හමුවිය යුත්තේ කවුරුන්ද, කුමන කාර්යාලයක් ද කියා, සඳහන්ව නැත. මේ පිළිබඳව ඔබගේ අවධානය කැඳවමි.

මෙයට,

අ.ක/ ............ප‍්‍රියන්ත

පිටපත : ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය,
බෟද්ධාලෝක මාවත, කොළඹ 07
සැ.යු. මෙම කැඳවීම මා විසින්, ඔබට කරන ලද පැමිණිල්ලකට අදාලව බව සඳහන් වේ. එහෙයින් නිසි පියවර ගන්නා මෙන් ඉල්ලමි.





,                         







Friday, October 27, 2017

හෙලූවෙන් එල්ලා පහර දුන්නාට, හත් අවුරුද්දකට පස්සේ - වන්දිය ලක්ෂ තුනයි



මීට වසර හතකට පෙර, දහ අට හැවිරිදි තරුණයෙකුට එල්ලා පහර දුන් වැලිපැන්න පොලිසියේ පොලිස් කාරයින්ට ගෙවන්නට නියම වූ වන්දිය රුපියල් ලක්ෂ තුනකි.

2010 මැයි 26 වන දින, දහ අට හැවිරිදි රුවන්ව, වැලිපැන්න පොලිසිය අත්අඩංගුවට ගෙන වධ දී, බොරු චෝදනා නගා උසාවියට ඉදිරිපත් කරන ලදි.

මේ අපරාධයට අදාල ව එම වසරේ දීම පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, 2017.10.27 දින විභාගයට ගත් අවස්ථාවේ, දෙපැත්තේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් පසුව, රුපියල් ලක්ෂ තුනක වන්දියක් නුවන්ට ගෙවන ලෙසට නියම කර, නඩුව අවසන් කරන ලදි. මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තර කරුවන් වූයේ වැලිපැන්න පොලිසියේ,  පොලිස් සහායක ගාමිණී , කොස්තාපල් බංඩාර, කොස්තාපල් 82100, ස්ථානාධීපති, පොලිස්පති හා නීතිපතිය.

මෙම නඩුවේ තීන්දුව පිළිබඳව කථිකාවතක් ආරම්භ කළ යුතුය. එම නඩුවේ ඉතාම වැදගත්, කථිකාවකට භාජනය කල යුතු කරුණු වන්නේ, මතුගම හා නාගොඩ මහා රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ ක‍්‍රියා පටිපාටියයි.

අපේ රටේ වෘතිකයින් අතර අන්ත ¥ෂිතයින් මෙන්ම ආත්ම ගරුත්වයක් අති වෘත්තීය ආචාර ධර්ම අකුරටම පිළිපදින්නන් ද සිටිති.

නුවන් ව පරීක්ෂා කල, වෑත්තාව හා නාගොඩ මහා රොහලේ වෛද්‍යවරුන් දෙන්නා පොලිසියේ වධ හංසාවට පත් වූ, අසරණයෙකු සම්බන්ධයෙන්, ක‍්‍රියාකර ඇති ආකාරයත්, ජනසංසදයේ මැදිහත්වීමෙන් අනතුරුව ඔහුව පරික්ෂාකළ කොළඹ අධිකරණ වෙද්‍යෙ හා විෂවේදී ආයතනයේ විශේෂඥ වෛද්‍යවරයකු ගේ ක‍්‍රියාකලාපයත් සංවාදයට ලක් කල යුතුය.

පොලිසියට බැල මෙහෙවර කරමින්, කිසිම තුවාලයක්, ආබාධයක් නොමැති බවට ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලබාදුන් වෛද්‍යවරු හා ඔවුන් ඉගෙනගත් වෛද්‍ය විද්‍යාල පිළිබඳව ද, දින කිහිපයකට පසුව මොහුව පරීක්ෂා කල විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්තාවන්ද සැසඳීම මගින්, සයිටම් නාඩගම නටන ඊනියා වෛද්‍ය නඩයේ තර්ක වලට නිසි පිළිතුරු ලබාගත හැකි වන්නේය.

ඉදිරියේදී එවන් කථිකාවකට අවශ්‍ය සියලූ තොරතුරු ඔබ හමුවේ තබන්නෙමු.
ඡයාරූප    

විඩියෝව:-https://www.youtube.com/watch?v=bd0vDEQqMQM&t=2s



ගුරෙක් කණ පැලුව හින්දා පුතා ඉංජිනේරුවා වුනා - SP රත්නපුර


රත්නපුර ඇලොෂියස් විදුහලේ සිසුවකුව කෘරත්වයට පත්කළ ගුරුවරුන්ට එරෙහිව මේ දක්වාම නීතිය රියාත්මක් කරන්න පොලිසිය පියවර නොගන්නේ සමන් දෙවියන් ගේ පිහිට මේ අපරාධ කරුවන්ට ලැබෙන නිසාද එහෙම නැත්තම් නීතියට ඉහළින් දුෂණය රජ කරන නිසාද?
ඊනියා ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි මේ රශ්ණයේදිත් නිදි වැදි ඇත.
ත්මම අපරාධය රත්නපුර පොලිසියේ පොලිස් අධිකාරී ජයරත්න මනම්පේරි ගේ කුජිත රියාකලාපය පැහැදිලි කරන දරුවා ගේ පියා පො. පති පුජිත ජයසුන්දරට ලියන ලද ලිපියෙන් පැහැදිලි වේ. අපරාධකරුවන් ෙබිරාගැනිමට ඉදිරිපත්ව සිටින ආදි ශිෂයින් අතර හෙළ උරුමය රකින පරණවිතාන ඉන්නා බවට සැකයක් ගුරුන් අතර පවති.

ලිපිය පහත දැක්වේ.

පූජිත ජයසුන්දර මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

අවුරුදු 15 සිසුවකු බරපතල ලෙස වධ හිංසාවට හා අපයෝජනයට ලක් කිරීම.

උක්ත කාරණය අදාලව, 2017.09.25 දාතමින් ලියා පදිංචි තැපෑලෙන් එවන ලද පැමිණිල්ල හා බැඳේ.

මෙම සිද්ධියට අදාලව, 2017.09.26 වන දින, සවස 3.30 රත්නපුර පොලිසියට එන ලෙසට දැනුම් දීමක් ලැබුනා.

නමුත් එදින, පහර කෑමට ලක්වූ මාගේ පුතා රෝහල් ගතව සිටි නිසා, පැමිණීමට නොහැකි බව දැනුම් දුන්නා.

පසුදින (2017.09.27), උදේ 9.00 එන ලෙසට දනුම් දුන්නා. එදින මා පොලිසියට ගියා. නමුත්, අපරාධය සිදුකල පුද්ගලයින් පැමිණ සිටියේ නැහැ. වෙනත් දිනයක් දැනුම් දෙන බව පොලිසිය කිව්වා. එසේ රකාශ කලේ කාන්තා හා ළමා අංශයේ කාන්තා පොලිස් පරීක්ෂක වරිය වන චන්ද්රාවතී හා පො..මිණීපුර යන නිලධාරීන්ය.

මෙම පසුබිම යටතේ, 2017.09.20 වන දින මා ජේ්යෂ්ඨ පොලිස් අධිකාරී හමුවී මාගේ පුතාව ශාරීරික හා මානසික වධ හිංසාවට පත්කිරීම, අපයෝජනයට ලක්කිරිම ගැන, රත්නපුර පොලිසිය සිදුකරන පරීක්ෂණ පිළිබඳව කරුණු කියා සිටියා.

ඔහු, රත්නපුර පොලිස් අධිකාරී ජයරත්න මනම්පේරි මහතාව ගෙන්වා, පොලිස් අධිකාරී කාර්යාලයේ මෙම පරීක්ෂණය කරන ලෙසට දැනුම් දුන්නා.

2017.10.05 වන දින, රත්නපුර පොලිස් අධිකාරී කාර්යාලයේ පැවැති පරීක්ෂණයට මා හා බිරිඳ සහභාගී වුනා.

විශේෂඥ වෛද් උපෙදස් මත වධහිංසාවට පත් පුතාව, පරීක්ෂණයට ගෙන ගියේ නැහැ.

මෙදින, පුතාව වධදි අපයෝජනයට පත් කල, බී.ජී.ආර්.කේ.ජයන්ත, එච්.එම්.එස්.එ්.බණ්ඩාර සමග විදුහල්පති සුනිල් රජපක්ෂ පැමිණ සිටියා.

නමුත් මෙම වධහිංසා පැමිණවීම, මෙහෙයවූ නියොජ් විදුහල්පති පුෂ්පා ඩග්ලස් පැමිණ සිටියේ නැත.

රත්නපුර මූ.පො..උදය කුමාර, කාන්තා හා ළමා කාර්යාංශයේ කාන්තා පොලිස් පරීක්ෂක චන්ද්රවතී එම අවස්ථාවට එකතු වුනා.

සිද්ධියට කිසිම සම්බන්ධයක් නැති, ආදි ශිෂ් සංගමයේ ටී ෂර්ට් එකක ඇඳගත් පුද්ගලයෙකු එතැනට පැමිණ වාඩි වී සිටියා.

මෙහිදී, පොලිස් අධිකාරි ජයරත්න මනම්පේරි මයා මගෙන් සිද්ධිය පිළිබඳව විමසා සිටියා. මා රකාශ කලා, සියලූම දේ, අපරාධය සිදුකල ගරුවරු දෙදෙනාද, විදුහල්පති , සත් බව පිළිගත්තා.

මූ.පො.පරීක්ෂක උයද කුමාර, කා.පො.පරීක්ෂක චන්ද්රවතී  මා රකාශ කළ සියලූ කරුණු සත් බවට පිළිගත්තා.

සියල්ලටම සවන් දුන්න, පොලිස් අධිකාරී ජයරත්න මනම්පේරි, තමාගේ බිරිඳ විදුහල්පතිනියක් බවත්, පාසැල්වල ඔවැනි පහරදීම් සිදුවන බව තමා දන්නා බවත් රකාශ කලා. තම පුතාට, පාසැලේදී ගුරුවරයෙකු කණ පැලෙන්න පහර දුන් බවත්, එ් පහර දීමේ රථිලයෙන් තම පුතා ඉංජිනේරුවකු වූ බවත් රකාශ කලා.

මාගේ රකාශයවත්, අපරාධය සිදුකරන ලද ගුරුවරු දෙදෙනාගේ, විදුහල්පතිගේ හා පොලිස් නිලධාරිනී චන්ද්රවතී ගේ රකාශ සටහන් කරගත්තේ නොමැති බවත් රකාශ කර සිටිමි.

අවසානයේ, පොලිස් අධිකාරී ජයරත්න මනම්පේරි, .පො.පරීක්ෂක උයද කුමාර අමතා, නීතිපති දැනුවත් කර, සිද්ධිය සමථ මණ්ඪලයට දමන ලෙසට නියම කරනු ලැබුවා.

මෙමගින්, පෙන්නුම් කරන ලද්දේ පොලිස් අධිකාරී ජයරත්න මනම්පේරි අපරාධකරුවන් ආරක්ෂා කිරීමට රියාකල බව හා නීතිය විකෘති කරන ලද බවයි.

මෙම ඊනියා පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේ, පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට ආදි ශිෂ් සංගමයේ ටී ෂර්ට් ඇඳගත් පහලොස් දෙනෙකු පමණ, රැුඳී සිටින ලදි. මෙය අපට කරන ලද තර්ජණයක් බව කියා සිටිමි.

මාගේ දරුවා මේ වන විට දැඩි මානසික ආතතියකට පත්ව ඇත. වෛද් උපදෙස් මත මේ දක්වාම පාසැල් නොයවනු ලබන බවද රකාශ කරමි.

මා නැවත ඉල්ලා සිටින්නේ,
1. මෙම අපරාධය , එනම් දරුවා කෲරත්වයට පත් කිරීම, වධහිංසා පැමිණවීම, නොපමාව ගරු අධිකරණයට වාර්තා කරන ලෙසටය.

2. මෙම සිද්ධිය නීතිපති වරයාට යොමුකර ඇත්නම් එහි යොමු අංකය හා දිනය මාහට දැනුම් දෙන ලෙසටය.

මෙයට,

../ බංඩාර හේරත්.

පිටපත්:
1. ජේ්යෂ්ඨ පොලිස් අධිකාරී - රත්නපුර
   ජේ්යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය,
   රත්නපුර.

2. ජයරත්න මනම්පේරි මයා,
   පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී කාර්යාලය,
   රත්නපුර.
                                                              අවශ්යය පියවර ගැනිම සඳහා.
3. උදය කුමාර මයා,
   මූ.පො.පරීක්ෂක, පොලිස් ස්ථානය,
   රත්නපුර.                                 

4. චන්ද්රවතී මිය
   කා.පො.. ළමා හා කාන්තා කාර්යාංශය,
   පොලිස් ස්ථානය, රත්නපුර.

5. ස්ථානාධිපති, ළමා හා කාන්තා කාර්යාංශය,
   පොලිස් ස්ථානය,
   රත්නපුර.



Wednesday, October 25, 2017

උසාවියේ හරක් බලාගත්තු ”ගාන්ධි” ට හය මසක් සිර බත් කවයි

.

”ගාන්ධි, ට දවස් 12 ක් නාහයෙන් කෑම ගන්නට සිද්ධ කළේ,  තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් වරයාගේ නියෝගයේ ප‍්‍රථිඵලයෙනි.

හැත්තෑ දෙහැවිරිදි, හත් දරු පියෙක් වන හෙට්ටිපොල, ගල්කූරුතැන්නේ  රංජිත් දිසානායක මහත්මා, වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, අවිහිංසාවාදියෙකි. නිර්මාංශිකයෙකි.

තම පුද්ගලික ධනයෙන්, ආර්ථීක වශයෙන් ප‍්‍රයෝජනයට ගත නොහැකි මී හා එළ ගවයන් බාරගෙන රැුක බලා ගැනීම කරන මොහු, සුවිශේෂී පුද්ගලයෙකි.

ගැසට් කර තිබෙන - ඔහුගේ සත්ව සුරැුකුම් මධ්‍යස්ථානයට, නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන ගවයින්, රැුක බලාගැනීමටද බාරදෙනු ලැබේ. එම ගවයින් උසාවියෙන් ගෙනවිත් බාර දෙන්නෙත්, ආපසු උසාවියට ගෙනයන්නෙත් පොලිසි යයි.

මෙම පසුබිම යටතේ, 2015 නොවැම්බර් මස තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය ඔහුට ගවයින් 07කු රැුක බලාගැනීමට බාර දෙන ලදි. ඔහු එම ගවයින් වසරකට වැඩි කාලයක් රැුකබලා ගන්නා ලදි. එ් අතර, ගවයින් හතර දෙනෙකු රෝගීව මිය යන ලදි.

2017 ජනවාරි මස, ඔහුව තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට කැඳවා, ගවයින් ගෙන ආවාදැයි ප‍්‍රශ්ණ කරන ලදි. එවිට ඔහු තමාට ගවයින් ගෙනත් දුන්නේ පොලිසියෙන් බවත්, එ් නිසා පොලිසියට එම ගවයින් ආපසු ගෙන එන ලෙසට නියෝග කරන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

සම්ප‍්‍රදායිකව මෙම හරක් නඩුවට අදාල චූදිතයින් වූ හිමාස් සහ නවුෂාඞ්, ඔවුන්ට විරුද්ධව නගා තිබු චෝදනාවලට වරදකරුවන් බව පිළිගෙන, නියම කළ දඩ ගෙවා සතුටින් ගෙදර යන ලදි.

හරක් ප‍්‍රවාහනය කරන ලද, අත් අඩංගුවට ගත් ලොරියද පරම අයිතිකරුට මුදාහරින ලදි. 

එයින් අනතුරුව, මොහිදින් සියාස් මොහොමඞ් අධිකරණයට ඉදිරිපත්ව, තමා සිංහල නොදත් බව ප‍්‍රකාශ කර, ගවයින් තමාගේ බව ප‍්‍රකාශ කරන ලදි. එහෙත් නඩු වාර්තාවට අනුව මොහු සිංහල බෞද්ධයෙකි. 

අධිකරණය, ගවයින් හත් දෙනාව මොහිදින් සියාස් ට බාර දෙන ලෙසට, රංජිත් දිසානායකට නියම කරන ලදි. රංජිත් දිසානායකට, කරුණු දැක්වීමට අධිකරණයෙන් ඉඩක් නොවීය.

තේලදෙණිය දිසා/මහේස්ත‍්‍රාත් ෆෙරින් ඞීන් මහතා, මිය ගිය හරක් වෙනුවෙන් වන්දි අයිතිකරු බවට ඉදිරිපත් වූ මොහිදින් සියාස් ට ගෙවන්නට නියම කර, එතෙක් රංජිත් දිසානායකව  රඳවා තබන්නට නියම කරන ලදි. 

තමන්ට තෙල්දෙණිය විනිසුරුවරයා කළ අපරාධය සම්බන්ධයෙන්, අගවිනිසුරු වරයාට ඉදිරිපත් කරන්ලද දිවුරුම් ප‍්‍රකාශයයේ යේ මෙසේ සඳහන් වේ.


 ‘‘ .............. මාගේ වයසද අවුරුදු 72යි, ජා.හැ.අ.451834649ඪ, විවාහක, දරුවන් 07 යි, රැුකියාව : විදුලි  
       කාර්මික සහා සත්ව සුරැුකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යෑම. මා ශ‍්‍රී ලාංකික 
       පුඅරවැසියෙක්මි.

........... ”සත්ව සුරැුකුම් මධ්‍යස්ථානය” සත්ව නිෂ්පාදන සහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2010 
     ඔක්තොම්බර් සිට ලියා පදිංචි ආයතනයක් බවත්, කිසිදු දේශීය හා විදේශීය ආධාරයක් ලබා 
     නොගන්නා අතර, මා හා බිරිඳ විසින් පවත්වාගෙන යනු ලබන බව,  

....... මෙහි අරමුණ, ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනයට ගත නොහැකි මී හා එළ ගවයන් බාරගෙන
     රැුකබලා ගැනීම බව, එයට අමතරව, අධිකරණය මගින් ද මී හා එළ ගවයන් 
     අපට රැුක බලා ගැනීමට බාර දෙනු ලබන බව්, මේ වන විට මී හා එළ ගවයන් හතලිස් 
     දෙදෙනකු පමණ මා බාරයේ සිටින බව්, එම ගවයන් ගෙන් ලබා ගන්නා කිරි අතිරික්තය 
     පෙර පාසැල් වලට දහම් පාසැල් වලට ලබාදෙන අතර, කිසි විටෙකත් විකිණීම සිදු නොකරනු 
     ලබන බව, එම සතුන් මා පාලනය කරන ඉඩමේ ගැවසෙමින් මිය ඇදෙන තෙක් සිටින 
     බව .

....... මෙම පසුබිම යටතේ, 2015 නොවැම්බර් මස 25 දින, තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණය,
    අංක ”බී” 939/15 යටතේ මී හරක් 04 කු  හා එල හරක් 03 කු මට බාර දෙන ලද බව  

........ මෙම හරකුන් 07  ගෙන්, මී හරක් හතර දෙනෙක්, 2016.02.10, 2016.03.14, 2016.04.06  හා 
    2016.101.11 වන දිනයන් හිදි, රෝගි ව මියයන ලද බව, එම මරණ සියල්ල අදාල පශු 
    වෛද්‍යවරයොගේ හා ග‍්‍රාම නිලධාරීවරයාගේ සහතික තිබෙනා බව, 

........... මෙම වාර්තාවන් මා විසින් 2016.12.20 වන දින ලියා පදිංචි තැපෑලෙන් තෙල්දෙණිය 
    මහේස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර් වෙත යවනු ලැබූ බව

...........තෙල්දෙණිය පොලිසිය විසින්, මෙම සතුන් බාරදීම සඳහා, 2016.11.21 වන දින, තෙල්දෙණිය 
     මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙනු ලැබූ බව්, එහෙත් එදින 
     අසනීපයෙන් සිටි නිසා, අධිකරණයට පෙනී සිටීමට නොහැකි බව මා, මාගේ දියණිය මගින් 
     ගරු අධීකරණයට දැනුම් දෙන ලද බව 

......... ඊළඟ නඩු දිනය වූ, 2017.01.09 වන දින, මා, ගරු අධිකරණයේ පෙනී සිටින ලද බව,
    මාගේ නම අඩ ගැසූ අවස්ථාවේ, මා අධිකරණය ඉදිරියට ගිය විට, ගවයින් ගෙන ආවාදැයි,
    ගරු අධිකරණය මාගෙන් විමසා සිටි බව, ගවයන් මට ගෙනත් දුන්නේ පොලිසියෙන් බව්, 
    පොලිසියෙන්ම ගවයින් ආපසු ගෙනයන ලෙසට නියම කරන ලෙසටත් මා ගරු අධිකරණයෙන් 
    ඉල්ලා සිටි බව 

............ එමෙන්ම ගවයින් හතර දෙනෙක් දැනට මියගොස් ඇති බවට ප‍්‍රකාශ කර, එ් හා අදාල පශු 
    වෛද්‍ය වාර්තාවන් ඉදිරිපත් කලද එය බාර ගැනිම ප‍්‍රතික්ෂේප කළ බව, මියගිය ගවයන්ට 
    වන්දි ගෙවන ලෙසටත්, ඉතිරි ගවයන්ව  බාරදීමට නියම කර, බැ`දුකරයට අනුව මුදල් 
    තැන්පත් කරන ලෙසට නියම කල බව

......... මාව බන්ධණාගාර නිලධාරී, රැුගෙන ගොස් අධිකරණයේ කූඩුවට දැමූ බව, එම කූඩුව තුල 
    මාගේ රුධිර පීඩනය වැඩි වී, සිහි නැතිව වැටෙන ලද බව, බන්ධණාගර නිලධාරීන් මාව, 
    තෙල්දෙණිය රජයේ රෝහලට ඇතුලත් කරන ලද බව, එදිනම රාත‍්‍රියේ මාව, මහනුවර 
    ශීීක්ෂණ මහා රෝහලට මාරු කරනු ලැබූ බව

......... මහනුවර ශීක්ෂණ මහා රෝහලේ 33 වාට්ටුවට ඇතුලත් කර, එම වාට්ටුවේ දින 04ක් පමණ
    තබාගෙන 40 වාට්ටුවට ඇතුලත් කරනු ලැබූ බව, මෙම කාලය තුල මට ඔක්සිජන් හා 
    සේලයින් ලබාදෙන ලද බවත්, දියර ආහාර නාසයෙන් බට දමා දිමට උත්සහා ගත් බව

......... දවස් 12 කට පමණ පසුව, මාව නැවත බන්ධනාගාරයට මුදා හරිනු ලැබූ බවත්, දුම්බර 
    බන්ධණාගාරයේදී මාව ”ඞී” හා ”සී” වාට්ටුවල තබන ලද බව 

......... බන්ධණාගාරයේදී මට විරුද්ධව චෝදනාව සතුන් ප‍්‍රවාහනය කිරීමේ වරද බව, මාස 06 ක 
    සිර දඩුවමක් නියම කර ඇති බවත් දැනගනු ලැබ බව 

.......... මා, 2017.05.12 වන දින මාව මහුදාහැරීමෙන් පසුව, මට විරුද්දව චෝදනාව බන්ධණාගාර
    යෙන් විමසා සිටි බව්, එම විමසීම් වලට, බන්ධණාගාරයෙන් මට 2017.05.17 හා බෝ/බන්‍ධ 
    /ලිලි/රි.ස/2017 දරන හා 2017.06.09 හා බෝ/බන්‍ධ/ලිලි/සිර/7513/2017 දරන පිළිතුරු ලිපි 
    ලැබුන බව ප‍්‍රකාශ කර සිටිමි.

.......... පළමු ලිපියේ චෝදනාව සඳහන්ව නැති බව,  නමුත් දෙවන ලිපියේ චෝදනාව සඳහන් වන 
    බව,  ඒ අනුව චෝදනාව බලපත‍්‍ර නොමැතිව ගවයන් ප‍්‍රවාහනය කිරීම බව, අමුණා ඇති 
    බව ප‍්‍රකාශ කර සිටිමි.

......... මේ සියලූම කරුණූ වලින් තහවුරු වුනේ ,
     සොරකම් කරන ලද බවට හා අධිකරණය බලපත‍්‍ර රහිතව ප‍්‍රවාහනය කල බවට 
      චූදිතයින් වරද පිළිගෙන ඇති මෙම නඩුවේ - 

  0.1 වරදකරුවන් වූ චූදිතයින්, එක් අයෙකු රු: 5100/= බැගින් දඩ මුදලක් ගෙවා, නිදහස් 
            වීමට සැලැස්වීම,

        0.2 ගවයන් ප‍්‍රවාහනය කල ලොරියද මුදාහැරීම  ට ගරු අධිකරණය, පියවර ගෙන ඇති 
            බව,
      
............... එයින් අනතුරුව ගවයන් අයිතිකරු බවට අධිකරණයට ඉදිරිපත්ව, නීති විරෝධීව ප‍්‍රවාහනය 
    කරන ලද ගවයන් හත් දෙනාව තමාට මුදා හරින ලෙසට, තෙල්දෙණිය, කුඹූක්කපුර, අංක
    14/1, ලිපිනයේ පදිංචි මෙහෙදින් සියාස් මොහොමඞ් නැමැත්තා ගරු අධිකරණයෙන් ඉල්ලා 
    සිටි බව 

........... ගරු අධිකරණය මොහුගේ ඉල්ලීම පිළිගෙන, එම හරකුන්, ඔහුට අයත් බව නිගමනය කර, 
    රැුකවරණය සඳහා මට බාරදුන් හරකුන් ඔහුට බාරදීමට නියම කරන ලද බව 

............ එම හරකුන් ගරු අධිකරණය මට බාර දීමේදී අත්සන් කරන ලද බැදුම්කරය ට අනුව, ගණන් 
    බලන ලද මුදල ගෙවන තෙක් මා බන්ධණාගාරගත කරන ලෙසටද නියම කරන ලද බව 
     
...............................21. එම හරකුන් මියගියේ කෙසේද යන්න විමසීමට - ගරු අධිකරණයට අවශ්‍ය නොවූ බවත්, එ් සඳහා කරන ලද ඉල්ලීමට ද මාහට අවස්ථාව ලබා නොදුන් බව 

......... එම හරකුන් ගේ වටිනාකම කොපමණද යයි ගණන් බලන ලෙසට සඳහන් කලද, එය කරන්නේ කවුද, කරන්නේ කෙසේද යන්න පිළිබඳ නිගමනයක් නැති බව 

.......... මේ අනුව, මා ජීවිතාන්තය දක්වාම රඳවා ගෙන සිටීමට කල නියෝගයක් බව  

........... පෙර සඳහන් කළ පරිදි බන්ධානාගාරය පවසන්නේ, කර ඇති වරද බලපත‍්‍ර රහිතව හරකුන් 
    ප‍්‍රවාහනය කිරීම වන බව, මෙය මහා පුදුම තීන්දුවක් බව, මෙම තීන්දුව දුන්න විනිසුරුවරයා තෙල්දෙණිය දිසා/මහේස්ත‍්‍රාත් එම්.එච්.ෆෙරික්ඞීන් මහතා බව
    
........... නඩුවේ විත්තිකරුවන් වුයේ එ්. ඒ. එම්. හිමාස්  හා එච්.එ්.නවුුෂාඞ් වන බවත්, හරක් හිමියා 
    ලෙසට ඉදිරිපත් වූයේ මොහිදින් සියාස් මොහොමඞ් බව

.......... මෙම, හරක් හිමිකරු වශයෙන් ඉදිරිපත් වූ මොහිදින් සියාස් මොහොමඞ් සිංහල නොදත්
     කම්කරුවකු බව ප‍්‍රකාශ කර ඇති නමුත් කම්කරුවකු නොවන බව, සිංහල බස නොදන්නා
     අයෙක්ද නොවන බව, නඩු වාර්තාවේ කුමක් සඳහන් වුවද මොහු සිංහලයකු ද නොවන 
     බව, බෞද්ධයෙකු ද නොවන බව, මොහු ප‍්‍රදේශයේ ප‍්‍රකට හොර හරක් ජාවාරම් කරුවකු 
     වන බව ප‍්‍රකාශ කර සිටිමි.

....... මේ පිළිබඳව - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පැවැත්වුවහොත් මා 
    කියන්නේ සත්‍ය බව ඔප්පු වන බව 

.......... මාව විනිසුරු එච්.එම්.ෆෙරික්ඞීන් මයා ගේ නියෝගය මත,,  දින 122 බන්ධණාගාරයේ තබන
    ලද බව, එ් අධිකරණය මා බාරයට පත්කල හරකුන් හත්දෙනෙකු  මාගේ වියදමින් රැුක බලා 
    ගැනීම නිසා, ආදේශ කරන ලද බලපත‍්‍ර රහිතව ප‍්‍රවාහනය කිරිම වරදට බව,   

............ එසේම අධිකරණයෙන් රැුකබලා ගැනීමට දෙන ලද හරක් රැුක බලාගැනීම, බලපත‍්‍ර නැතිව 
    ප‍්‍රවාහනය කිරීමක්ද යන්න ගැට`ඵවක් බව 

.............නීති විරෝධි ව ගවයින් ප‍්‍රවාහනය කිරිම යන අභුත චෝදනාව මත සිරගත කිරිම නිසා මාගේ 
    ජිවනොපාය මාර්ග අඩාලව ජිවත්වීම අසිරු තත්වයකට පත්වු බව  

සටහන:-
ගව ඝාතකාගාර වල සිටින ගවයින්ට ජිවිතදානය මිනිසුනේ, කථා කරමු හරක් හොරු ගැන.